IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


ප්‍රගති මාවතේ අභියෝග

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාලන රැස්වීම් සඳහා දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව පෙන්නුම් කරමින් තිබේ. මෙවර මැයි පළමු වැනිදා යනු  ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රධාන දේශපාලන ‘ශක්තිය’ පෙන්වීමේ අවස්ථාවක් බැවින් එම රැස්වීම් ‘‘පුළුවන්තරම් ලොකුවට’’ කරන්නට ඒ ඒ පක්ෂ සූදානම්වීම තේරුම් ගත හැකි තත්වයකි.

මෙවර කිවිදා දැක්මෙන් මා ලියන්නේ ඉදිරි සති කීපය තුළ රටේ සාකච්ඡාවට ගත යුතු ප්‍රධාන ප්‍රශ්න කීපයක් පිළිබඳවය. මේ ප්‍රශ්න කීපය එකිනෙකට සම්බන්ධ වූ ඒවා නොවේ. එහෙත් දේශපාලන වශයෙන් සාකච්ඡාවට ගත යුතු වැදගත් ප්‍රශ්න කීපයක්ය.

 

1. ආණ්ඩුවට අභියෝග නොකරන විපක්ෂය

මේ දිනවල දේශපාලන රැස්වීම්වල කතා කෙරෙන එක් මාතෘකාවක් වන්නේ  ප්‍රධාන විපක්ෂ ධාරාව වන සමගි ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ කණ්ඩායම විසින් ජාතික ජන බලවේගයේ ආර්ථික උපදේශකයින්ට ‘‘වාදයකට’’ ආරාධනා කෙරෙන අභියෝගයයි. මේ අභියෝගය ගැන විවිධ ආකාරයේ ‘‘වහසි බස්’’ කියන  ආකාරයක්ද ඒ සමගින්ම මතු වී ඇත.

මේ වාදය පිළිබඳව සාකච්ඡාව හරහා පෙන්නුම් කරන එක් විශේෂ කාරණයක් වන්නේ රටේ දේශපාලන සංවාදයේ මෙතෙක් සිදු නොවූ බරපතළ ‘‘අමුතු දෙයක්’’ සිදු වෙමින් පවතින බවයි. ඒ අමුතු දෙය වන්නේ විපක්ෂයේ ප්‍රධාන බලවේගය ලෙසින් ස.ජ.බ. පක්ෂය තමන්ගේ දේශපාලනයේ ප්‍රධාන ප්‍රතිවාදියා නොව විපක්ෂයේ වෙනත් පක්ෂයක් යැයි පෙන්නුම් කිරීමය. මෙය අපේ රටේ දේශපාලන ඉතිහාසයේ මෙතෙක් පෙන්නුම් කළ කාරණයක් නොවේ. වෙනදාට අපි දැක්කේ ප්‍රධාන විපක්ෂය ආණ්ඩුවට අභියෝග කරන අවස්ථාය. ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ වැරදි යැයි පවසන අවස්ථාය. තමන්ගේ දේශපාලන ප්‍රතිවාදියා වශයෙන් ආණ්ඩුවට අභියෝග කරන අවස්ථාවන් ආණ්ඩුව මතවාදී තලයේ පරාජයට පත් කරමින් ‘‘බිත්තියට හේත්තු’’ කිරීමට උත්සාහ දරන අවස්ථාය.

එහෙත් මෙවර සිදුවෙමින් පවතින්නේ රටේ ප්‍රධාන විපක්ෂය ‘‘ආණ්ඩුවට අභියෝග කරන්නේ නැති’’ තත්වයක සිට අනෙකුත් විපක්ෂ බලවේගයන්ට ‘‘සටනට ආරාධනා කරන’’ තත්වයක්ය.

මගේ අදහස වන්නේ මේ සිද්ධිය හරහා බරපතළ දේශපාලන අවුලක් පෙන්නුම් කරන බවයි. විශේෂයෙන්ම එළැඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පරාජය කිරීමට මිස ඔහුව ‘‘පැත්තකින් තියා’’ අනෙක් අපේක්ෂකයින්ට ඉදිරියට ඒමට ඉඩ නොදීමේ දේශපාලනයක් කිරීමට නොවේ. ස.ජ.බ. පක්ෂයේ නායකත්වය හැමවිටම වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට අභියෝග කරන බව සැබෑවක්ය. එහෙත් එම පක්ෂයේ ආර්ථික කවුන්සිලය පෙන්නුම් කරන්නේ ‘‘තමන්ගේ ප්‍රතිවාදියා ආණ්ඩුව නොවේ’’ යන ස්ථාවර යයි.  මේ තත්වය වෙනස් කරන්නේ නැතිව ඉදිරි ජනාධිපතිවරණය ආණ්ඩුව පැරදවිය යුතු යැයි තර්ක කිරීමේ හැකියාවක් නොමැති බව මාගේ අදහසයි.

ආණ්ඩුවේ ආර්ථික න්‍යායපත්‍රය  ඉතාමත් පැහැදිලිය. ඒ අයට අලුත් ආර්ථික උපාය මාර්ගයක් නොමැතිව පමණක් නොව ගමන් කරමින් සිටින මෙන්ම රට ආර්ථික වශයෙන් කඩා වැටුණු මාවතේ මය. මා නිතර සාකච්ඡා කර ඇති පරිදි අපේ  රටේ ආර්ථිකය මේ කඩා වැටීමට ලක් වූයේ ‘‘ආර්ථික ක්‍රියාකාරකම්’’ සම්බන්ධව පසුගිය වසර 45 තුළ ගනු ලැබූ මූලික බරපතළ ප්‍රතිපත්ති වැරදි ගණනාවක්ම නිසාය. රටේ විදේශ මුල්‍ය ශක්‍යතාවය හැම වසරේම ඍණ අගයක් ගත් අතර ඒ හිඟය පියවීමට ඒ ඒ ආණ්ඩු සිදු කළේ ‘‘හැකි හැම තැතින්ම ඩොලර් ණය’’ ගැනීම්ය. ගෙවුම්  ශේෂ අර්බුදය පියවන්නට ණය ගැනීම හැර අලුත් ක්‍රියාමාර්ග ඒ කිසිම ආණ්ඩුවකට තිබුණේ නැත.

අනෙක් පැත්තෙන් ආණ්ඩුවේ වියදම පියවා ගැනීමට තරම් දේශීය මුල්‍ය ශක්‍යතාවක් පසුගිය වසර 45 ආණ්ඩුවලට තිබුණේ නැත. ඒ නිසා ඒ හැම ආණ්ඩුවක්ම ආණ්ඩුවේ අය-වැය හිඟය පියවා ගන්නේ බරපතළ ආකාරයේ දේශීය ණය කන්දක් නිර්මාණය කරමින්ය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරමින් රට තුළ අසමමිතික ලෙස මුදල් මැවීම සිදු කළේ ආණ්ඩුවේ අය-වැය හිඟය පියවන්නට කියාය. 2021 වර්ෂයේ (ගෝඨාභය මහතාගේ අවසාන වර්ෂයේ පමණක්) රුපියල් බිලියන දෙදහසකට අධික මුදල් ප්‍රමාණයක් මේ  ආකාරයෙන් ‘‘අලුතින්’’ එකතු- කර ඇති බව මහ බැංකුව පෙන්වාදී ඇත. වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා සහ ඇමති මණ්ඩලය ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ ඒ පැරණි වැරදුණු පාරේම යළිත් වටයකින් ඉදිරියට යාමට උත්සාහ කිරීම්ය.

දැන් ප්‍රධාන විපක්ෂයේ ආර්ථික කවුන්සිලය රට හමුවේ අභියෝග කළ යුත්තේ මේ වැරදි ආර්ථික ක්‍රියාදාමයට එරෙහිව මිස ආණ්ඩුවේ වැඩපිළිවෙළ ආරක්ෂා වන ආකාරයෙන් නොවේ. එහෙත් මෙහිදී පෙනී යන බරපතළ කාරණය වන්නේ එවැනි අභියෝගයක් මතු නොවීමය. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය කියන්නට උත්සාහ ගන්නේ ‘‘වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සහ ස.ජ.බ අයගේ ආර්ථික ප්‍රතිපත්තිය අතර වෙනසක් නැතැයි’’ යන මතය දැයි මා දන්නේ නැත. එය එසේ නම් මේ ආණ්ඩුව පරාජයට පත් කළ යුතු යැයි ජනතාව ඉදිරියේ කියා පෑමේ ඉඩක් විපක්ෂයට ලැබෙන්නේ නැත.

ඒ  නිසා මතුවී  තිබෙන ‘‘ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව සංවාදය’’ කළ යුත්තේ විපක්ෂය සහ ආණ්ඩුව අතර මිස ‘‘ආණ්ඩුව පැත්තකින්  තියා’’ විපක්ෂයේ පක්ෂ අතර පමණක් නොවේ.

 

2. IMF යෝජනා පනතක් කිරීම

මා මතු කරන දෙවැනි ප්‍රශ්නයත් ඉහතින් සඳහන් කළ කාරණයට යම් ආකාරයකින් සම්බන්ධ එකක්ය. ඉදිරි සති කීපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිත පනතක් වන්නේ ‘‘ආර්ථික උපාය මාර්ග පනත’’ වැනි නමකින් යුක්ත අමුතුම ආකාරයේ නීති කෙටුම්පතක්ය. මෙහි නම හරියටම තවමත් ඉදිරිපත් වී නැත. එහෙත් එහි අදහස ආණ්ඩුවේ ප්‍රධානීන් දැනටමත් ප්‍රකාශ කර ඇත.  ආණ්ඩුව උත්සාහ ගන්නේ මේ ආණ්ඩුව ක්‍රියාත්මක  කරගෙන යන සහ මෙතෙක්  ආණ්ඩු ගණනාවක් විසින් ක්‍රියාත්මක කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති මාලාව නීතියක් බවට පත් කරන්නටය. ‘‘යන යකා කොරහත් බිඳගෙන යනවා’’යැයි කියමනක් රටේ ඇත. මේ කරන්නේ එවැනි ක්‍රියාවකි. ආණ්ඩුවේ පැවැත්ම ඉදිරියේදී අභියෝගයට ලක්විය හැකි නිසා මේ වැරදි ආර්ථික ක්‍රියාදාමය එසේම කරගෙන යන්නට අනාගත ආණ්ඩුවලට බලකෙරෙන ආකාරයෙන් නීතියක් හදන්නට IMF එකෙන් උපදෙස් ලැබී ඇත්දැයි මා  දන්නේ නැත.

මෙතැන මතු කළ යුතු තවත් දේශපාලක න්‍යායික ප්‍රශ්නයක් තිබේ. රටක ආර්ථිකයේ මූලික ප්‍රතිපත්ති  ඒ ඒ මැතිවරණවලදී ජනතාව විසින් තීරණය කරන දෙයක් මිස නීතියක් ලෙසින් තිබිය යුතු දෙයක් නොවේ. මැතිවරණයකදී ජනතාව වරමක් ලබා දෙන්නේ නව ආර්ථික ප්‍රතිපත්තියක් සඳහාය. මේ ආණ්ඩුව කරන්නට යන්නේ ඉදිරියට එන කිසිම ආණ්ඩුවකට අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ගෙන ඒමට නොහැකි ආකාරයට මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නීතියක් බවට පත් කරන්නටය. මේ උත්සාහය පරාජය කළ යුතුය.

රටක ආර්ථික උපාය මාර්ග ඒ ඒ කාලවලට  අනුව වෙනස් විය හැකි දෙයක් මිස ‘‘ගලේ කෙටූ අකුරක්’’ මෙන් තිබෙන එකක් නොවේ. පසුගිය මහ බැංකු පනත සම්මත කිරීමේදී ආණ්ඩුවේ ප්‍රධානීන් කීවේ රටේ මුල්‍ය ප්‍රතිපත්තිය හෙවත් monetry pohcy  එක මහ බැංකුව සතු බලයක් විය යුතු බවත් රටේ මූලික ආර්ථික ප්‍රතිපත්තිය හෙවත් Fiscal Poliy එක ඒ ඒ කාලවල ජනතාව සහ ආණ්ඩු තීරණය කළ යුතු දෙයක් බවය. (මේ නිර්වධනයටත් මම එකඟ නැත. එහෙත් ඒ අය කීවේ එසේය.) දැන් මේ අලුත් පනතින් සිදුකරන්නට යන්නේ රටේ මූලික ආර්ථික ප්‍රතිපත්තිය  ඉදිරි ආණ්ඩුවලට තීරණය කිරීමේ නිදහස වහන්නටය. අනාගතයේ රටේ ආර්ථිකය මෙහෙය විය යුතු ආකාරය නීතියක් බවට පත් කිරීමට වත්මන් පාර්ලිමේන්තුවට වරමක් හෝ අයිතියක් නැත. මේ ප්‍රශ්නය බරපතළව සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂවල ආර්ථික ප්‍රධානීන් පෙරට ආ යුතුය.

 

3.පෞද්ගලිකකරණය ඉබාගාතේ යාම

මා මතු කරන තුන්වන ප්‍රශ්නය වන්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණය සම්බන්ධ ආණ්ඩුවේ ක්‍රියාදාමයයි. වත්මන් ආණ්ඩුව උත්සාහ ගන්නේ ‘‘අහම්බෙන් තමන්ගේ අතට පත්වූ බලයෙන්’’ උපරිම ප්‍රයෝජන ගනිමින් හැකි සෑම රාජ්‍ය ව්‍යවසායක්ම පෞද්ගලීකරණය කිරීමට උත්සාහ දැරීමයි. ආණ්ඩුව මේ සඳහා ලේකම් කාර්යාලයක්ද පිහිටුවා ඇත. එම ලේකම් කාර්යාලයේ ලැයිස්තුවට රාජ්‍ය ව්‍යවසායන් 52ක් තිබේ යැයි කියනු ලැබේ. මේ ආයතන 52 ලැයිස්තුව යනු නියම විගණනයක් හරහා පාඩු ලබන ආයතන ලෙස සොයා ගත් ආයතන 52ක් නොව මුදල් අමාත්‍යාංශයේ Fiscal managmint Repovt එකේ තිබෙන රජයේ ආයතන 52ක්ය. මේ ආයතන 52කට මහජන බැංකුව, ලංකා බැංකුව, වරාය අධිකාරිය, සේවක භාරකාර අරමුදල වැනි කිසිදු පාඩුවක් පසුගිය වසර ගණනාව තුළදීම නොපෙන්නූ, ආයතනත් තිබේ. මේ ආයතන 52න් 28ක්ම 2023 වර්ෂයේත් ලාබ ලැබූ ඒවා බව මුදල් අමාත්‍යංශය තහවුරු කර ඇත. මෙතන සිදුකර තිබෙන්නේ බරපතළ ලෙසින් පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැනි ආයතන කිහිපයක් මේ ලැයිස්තුවට දමා ලාබ-පාඩු එකතු කර ආයතන 52 ලැයිස්තුවේ ඒකාබද්ධ පාඩුවක් පෙන්වා ඒ ආයතන සියල්ලම පෞද්ගලීකරණය කරන්නට උත්සාහ කිරීමය.

මීට අමතරව නව විදුලිබල ප්‍රතිසංස්කරණ පනත සම්මත කරගැනීම හරහා එම ආයතනය සතු සම්ප්‍රේක්ෂණ ක්‍රියාදාමය සඳහා පෞද්ගලික කොම්පැනි පිහිටවීම සැලසුම් කර ඇත.

වත්මන් ආණ්ඩුවේ පෞද්ගලිකරණ ව්‍යාපෘතිය සිදු කරන්නට අවශ්‍ය නම් ආණ්ඩුව කළ යුත්තේ තමන්ගේ මැතිවරණ ප්‍රකාශයට මේ ආයතන ලැයිස්තුව ඇතුළත් කර ජනතාවගේ අනුමැතියක් ලබා ගැනීමය. එසේ නොමැතිව ‘අන්තර් වාර කාලයක’ සිටින ආණ්ඩුවක් සිදු නොකළ යුතු බරපතළ වැඩක් ලෙසින් මේ පෞද්ගලිකකරණ ව්‍යාපෘතිය සැළකිය යුතු බවත් එය පරාජයට පත් කළ යුතු බවත් මගේ යෝජනාවය.

ඉහතින් සඳහන් කළ ප්‍රශ්න 03 ටම අදාළ මහා පොදු සාධකය වන්නේ එළැඹෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩුවේ ආර්ථික  න්‍යාය පත්‍රය පිළිබඳ පළල් සංවාදයක් ඇති කළ යු බවයි. ඒ සඳහා විපක්ෂයේ සියලු බලවේගවලට ශක්තිය හා බුද්ධිය ලැබේවා යන්න මගේ මේ සතියේ කිවිදා දැක්මය.

 

(*** මහාචාර්ය චරිත හේරත්)



අදහස් (0)

ප්‍රගති මාවතේ අභියෝග

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

ජනපතිවරණ පොරපිටියේ සංවාද තේමාව
2024 මැයි මස 17 76 0

රට මැතිවරණ කාලයකට ගමන් කිරීම මේ වනවිටත් ආරම්භ වී ඇත. මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳව ප්‍රකාශයක් කර තිබුණි. ව්‍යවස්ථාව ප්‍රකාරව මේ වර්ෂයේ ජූලි මස 17 වැනි


​මුලින්ම ජනපතිවරණයද? මහ මැතිවරණයද?
2024 මැයි මස 10 711 6

විධායක ජනාධිපති ධුරය හා සසඳා බලන විට රටක ජනතාවගේ ජනමතය වඩාත් නිවැරදිව සමීප ලෙස නියෝජනය වන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද


ජනපතිවරණයේ තේමාව ආර්ථිකයද?
2024 මැයි මස 03 581 0

මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප


සංවර්ධනය පස්සට දාන සටන් පාඨ
2024 අප්‍රේල් මස 26 1183 8

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව


ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 414 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


සීරුවෙන්! නැව මාරයෙක්
2024 අප්‍රේල් මස 05 1496 2

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 772 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2316 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1980 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site