IMG-LOGO

2025 ඔක්තෝබර් මස 03 වන සිකුරාදා


කළු මිනිසාගේ හිරෙන් නිදහස්වීම

ඉතිහාසයේ මෙවන් සතියක.....

නෙල්සන් මැන්ඩෙලා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු

 

 

අදින් වසර 30කට පෙර මෙවන් සතියක 1990 පෙබරවාරි මස 11 වැනි දින නෙල්සන් මැන්ඩෙලා හිරෙන් නිදහස්වීම ලෝක ඉතිහාසය වෙනස් කිරීමට හේතුවූ සිද්ධියකි. 


1918 ජූලි මස 18 වැනිදා දකුණු අප්‍රිකාවේ ට්‍රාන්ස්කෙයි පළාතේ උම්ටාටා දිස්ත්‍රික්කයේ පිටිසර ගමක තෙම්බු නම් ගෝත්‍ර ප්‍රධානියා වූ ගුඞ්ලා හා නෙසෙක්නි යුවළට උපන් “රෝලීහාලා දිලිබුන්ගා මැන්ඩෙලා” හට ගෝත්‍රයෙන් ‘මඩීබා’ යන නම උරුම වූයේය. පසුව සුවහසක් දකුණු අප්‍රිකානුවෝ ඔහු හැඳින්වූයේ ‘මඩීබා‘ යන ආදරණීය නාමයෙනි. 


කෘෂිකර්මාන්තයත් සමග දුප්පත්කම උරුම කරගෙන සිටි මේ ගෝත්‍රයේ අයට අකුරු ලිවීමේ හා කියවීමේ හැකියාව ද නොතිබිණි. සුදු ජාතික විනිසුරුවරයකුගේ අණ පිළිනොපැදීම හේතුවෙන් මැන්ඩෙලාගේ පියාගේ දේපළ අහිමිවී තිබීම නිසා ඔවුන්ට සදාතනිකව දුකම උරුම විය. 


ක්‍රිස්තියානි පල්ලියක පූජකවරයකුගේ යෝජනාවක් අනුව මැන්ඩෙලා මිෂනාරී පාසලක අධ්‍යාපනය ලැබීමට වරම් ලැබූ අතර ඉංග්‍රීසි භාෂාව හොඳින් ඉගෙන ගත් හෙතෙම කථිකත්වයට ද සමත්කම් දැක්වූයේය. 


මැන්ඩෙලාගේ ගුරුවරියක් මිෂනාරි පාසල් සම්ප්‍රදාය අනුව යමින් ‘නෙල්සන්‘ යන නම ඔහුට ලබාදුන් බැවින් ඔහු පසුව ප්‍රසිද්ධියට පත්වූයේ ‘නෙල්සන් මැන්ඩෙලා’ යන නාමයෙනි. මැන්ඩෙලාට වයස අවුරුදු නමයේ දී සිය පියා අහිමි වුව ද දිගටම පාසල් යන ඔහු විදුහලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙසත් බොක්සිං කණ්ඩායමේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ජ්‍යෙෂ්ඨ විභාගයත් හොඳින් සමත්ව ෆොර්ට් හෙයර් විශ්වවිද්‍යාලයට ඇතුළු වූයේ උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණෙනි. එහි දී ශාස්ත්‍රවේදී උපාධියත්, පසුව නීතිවේදී උපාධියත් ලබාගත් ඔහුගේ සිත යොමුව තිබුණේ දකුණු අප්‍රිකානුවන් පීඩාවට පත්ව සිටින සුදු අධිරාජ්‍යවාදීන්ගේ පාලනයෙන් නිදහස්වීමේ අරමුණ කෙරෙහිය. 


1960 දී අප්‍රිකානු ජාතික කොන්ග්‍රසයේ යොවුන් පෙරමුණ පිහිටුවා එහි සන්නද්ධ අංශයේ නායකයා වූ මැන්ඩෙලා ඇතුළු පිරිස ආයුධ අතට ගැනීම හේතුවෙන් රජය අරගලකරුවන් මර්දනය කිරීමට කටයුතු කළේය. එකල හිරගත වන ඔහු හිරෙන් නිදහස් වුව ද තම අරමුණු අත්හැරියේ නැත. තවදුරටත් අරගලය ඉදිරියට යද්දී 1962 දී රජය ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කළේය. ඔවුන්ගේ දේශපාලන පක්ෂය ද තහනම් කර මැන්ඩෙලා සිරගත කළහ. 


හිරෙන් පැන යන ඔහු යළි 1964 ජුනි 12 වැනි දා අත්අඩංගුවට ගන්නා පාලකයෝ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළහ. 


රොබෙන් නමැති දූපතේ කුඩා කුටියක ඔහු සිරගත කෙරිණි. අඩි හතක් දිග සහ අඩි හයක් පළල එහි පිදුරු මෙට්ටයක්, වැසිකිළියක් වෙනුවට කුඩා බාල්දියක් තිබිණි. 
මුළු දහවල් කාලයේ ම මැන්ඩෙලා හුණු ගල් කොරියක වැඩට යොදවා තිබූ අතර ඔහුට ලිපියක් ලිවීමට අවසර ලැබුණේ මාස හයකට වරක් පමණි. ඒ නිලධාරියකුගේ අධීක්ෂණය යටතේය. තම මවගේ මරණයට හෝ වැඩිමහල් පුතුගේ මරණයට හෝ සහභාගීවීමට ඔහුට අවසර ලැබුණේ නැත. වසරකට එක් වරක් පවුලේ හිතවතකු හමුවීමට පමණක් අවසර තිබිණි. 


කිසිදු දේශපාලනිකමය කරුණක් වාර්තා නොකරන බවට ලිඛිත ගිවිසුමකට එළැඹෙමින් 1986 වර්ෂයේ දී රැන්ඩි ඬේලි මේල් පුවත්පතේ මාධ්‍යවේදියකු වූ බෙන්ජමින් පෝග්‍රන්ඞ් හට මැන්ඩෙලා හමුවීමේ දුර්ලභ අවස්ථාවක් ලැබිණි. 


බෙන්ජමින්, මැන්ඩෙලා හමුවී පැමිණ මෙසේ වාර්තා කළේය. 


“රොබොන් දූපතට ගිය දා සිට වසර 20කට වැඩි කාලයක් ඔහුට තණකොළ මත ඇවිදින්න අවස්ථාව දීලා නැහැ. මෑතක ඒ අවස්ථාව ලැබිලා. ඔහු කියවිය යුතු පොත් තීරණය කරන්නේ නිලධාරීන්. ඔහු නවීන තාක්ෂණික ලෝකය නොදැකපු හුදකලා මිනිසෙක් වෙලා. මගේ නව ඔරලෝසුව දැකලා කුඩා ළමයෙක් මෙන් ඔහු සතුටු වුණා.”


මැන්ඩෙලා නිදහස් කරන්න යැයි ලොව පුරා විශාල හඬක් නැගෙනමින් තිබිණි. මේ සියලු බලපෑම් හමුවේ 1990 පෙබරවාරි 11 වැනි දින නෙල්සන් මැන්ඩෙලා නිදහස් කෙරිණි. ඔහු නිදහස් වී පැමිණෙන විට ඔහුගේ බිරිඳ වෙනත් පෙම් සම්බන්ධතාවක පැටලී සිටියාය. ඇගේ මූලිකත්වයෙන් පිහිටුවා තිබූ “මැන්ඩෙලා එක්සත් පාපන්දු සංගමය” විවිධ අකටයුතුකම් කර තිබූ බැවින් ඔහු 1996 දී විනී මැන්ඩෙලාගෙන් දික්කසාද වීමට කටයුතු කළේය. 


හිරෙන් නිදහස්ව පැමිණෙන විට නෙල්සන් මැන්ඩෙලා තම ගැලවුම්කරුවා ලෙස පිළිගැනීමට සැදී පැහැදී සිටි දකුණු අප්‍රිකානු වැසියෝ 1994 අප්‍රේල් මාසයේ දී මැතිවරණයෙන් සියයට 62.6 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා දෙමින් නෙල්සන් මැන්ඩෙලා එරට ජනාධිපතිවරයා බවට පත්කළහ. 


කළු ජාතීන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටි මැන්ඩෙලා සුදු ජාතිකයන් සමග ද මිත්‍රශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. ඔහු කියා සිටියේ තමන් එක්සත් දකුණු අප්‍රිකාවක් බිහිකරන බවයි. නොබෙල් සාම ත්‍යාගයෙන් පවා පිදුම් ලැබූ මැන්ඩෙලා 1999 දී සිය දෙවැනි ධුර කාලයට නොගෙස් දේශපාලනයෙන් සමුගත්තේ මුළු ලෝකයටම ආදර්ශ රැසක් සපයමිනි. රටේ බහුතරය වූ කළු ජාතිකයන්ගේ ආදරණීය “මඩීබා” වූ නෙල්සන් මැන්ඩෙලා සුළුතර සුදු ජාතිකයන්ගේ ද ගෞරවය නොඅඩුව ලැබීමට සමත්වූයේය. 


සිරගතව සිටි කාලයේ දීර්ඝ ලෙස හුනු ගල් කොරියක වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පෙණහලු රෝගයකට ගොදුරු වූ නෙල්සන් මැන්ඩෙලා 2013 දෙසැම්බර් මස 05 වැනිදා දිවියෙන් සමුගත්තේ සමස්ත ලෝකයේම ගෞරවයට පාත්‍ර වූ නායකයකු ලෙසිනි. 

 

 

සජීව විජේවීර
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

කළු මිනිසාගේ හිරෙන් නිදහස්වීම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32958 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15590 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10042 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 116 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 194 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 498 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site