අයවැය යනු රජයේ ඉතාම වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශවලින් එකකි. සියලුම පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය ප්‍රතිපාදන බෙදා වෙන් කරනු ලබන්නේ අයවැයෙනි. රජය විසින් තම ප්‍රතිපත්තිමය අරමුණු සපුරාලීම සඳහා රාජ්‍ය මුල්‍යය සපුරා ගනු ලබන්නේ සහ එය බෙදා වෙන් කරනු ලබන්නේ කෙසේ ද යන්න සැලසුම් කිරීමට අයවැය යොදා ගනී.
යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා යෝජිත වියදම්, ආදායම්, ණයට ගැනීම් සහ අනෙකුත් ගනුදෙනු අයවැය ප්‍රකාශනයේ විස්තර කරයි. රටක රාජ්‍ය අයවැය ලේඛනය යනු වර්ෂයක් සඳහා ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායමත්, රජය වර්ෂයක දී දැරීමට බලාපොරොත්තු වන වියදමත් සහ මේ ද්විත්වය අතර පරතරයක් හෝ හිඟයක් පවතී නම් ඒ හිඟය පියවා ගැනීමට ක්‍රියාත්මක කරනු ලබන යෝජනා සහ අතිරික්තයක් පවතී නම් එම අතිරිකතය වියදම් කරනු ලබන ආකාරයත් අඩංගු ලේඛනයයි.
අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රධාන ප්‍රතිපත්ති රාමු කීපයකි. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන විස්තීරණ ණය ගිවිසුම, විස්තීරණ ණය ගිවිසුමට අදාළව මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කර තිබෙන තාක්ෂණික වාර්තාව, ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන වේ. ඉහත කරුණු තුනට අදාළව ශ්‍රී ලංකාවේ නෛතික පරිසරය නිර්මාණය කිරීමට පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන ප්‍රධාන පනත් 6 කි.
එනම් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත, 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත, 2024 අංක 33 දරණ රාජ්‍ය ණය කළමනාකරණ පනත, 2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, 2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනතයි.
මෙම පනත්, නීති රීති, විධිවිධාන, කොන්දේසි සහ නියමයට පටහැණි නොවන අයුරින් 2026 අයවැය ලේඛනය සැකසිය යුතුය. එම නිසා මෙම සංකීර්ණ ක්‍රියාවලියට අනුගත වෙමින් මෙරට මුදල් අමත්‍යවරයා වන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට සිදු වේ.
ප්‍රධාන වශයෙන් අයවැය ඉලක්ක කීපයකි. රාජ්‍ය අයවැයේ ප්‍රාථමික ගිණුමේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක අතිරික්තයක් ඇති කර ගැනීම, රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5 දක්වා අඩු කර ගැනීම, රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 දක්වා වැඩි කර ගැනීම එම ඉලක්කවේ. මෙම ප්‍රධන ඉලක්ක ත්‍රිත්වය සපුරා ගැනීමට බදු හා බදු නොවන ආදායම් මාර්ග ඉහළ නංවා ගත යුතුය. මේ වන විටත් විශාල බදු බරක් ජනතාව මත පැටවී ඇති බැවින් නව බදු වර්ග පැනවීමකට සාපේක්ෂව පවතින බදු ව්‍යූහය තුළ රජයේ ආදායම වැඩි කරගත හැකි උපාය මාර්ගික ක්‍රමවේද සොයා ගැනීමට රජයේ ප්‍රතිපත්ති සම්පාදක නිලධාරීන් පොහොසත් විය යුතුය.
මෙරට ප්‍රධාන වශයෙන් බදු ආදායම ලැබෙනුයේ වැට් බදු මගිනි. එහෙත් මෙම වැට් බදු ගෙවනු ලබන්නේ සීමිත පිරිසක් පමණි. වැට් බදු ප්‍රතිශතය සියයට 10ට පහත හෙළා වැට් බද්දට යටත් වන සීමාව වැඩි කළ යුතුය. එවිට සීමිත පිරිසක් විසින් දරනු ලබන බදු බර විශාල සංඛ්‍යාවක් පුරා විහිදීම ඔස්සේ බදු බර සැහැල්ලු වේ. එමෙන්ම අඩු බදු අනුපාතයක් විශාල පිරිසකගෙන් අය කිරීමේ දී රජයේ ආදායම ඉහළ නංවා ගත හැකිය. අනෙක් කරුණ වන්නේ ආදායම් බද්දට යටත් වූ නමුත් ආදායම් බදු නොගෙවන බදු දැලින් බේරී සිටින පිරිස අතිවිශාල වීමය. එලෙස බදු නොගෙවන පිරිස හදුනා ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තාක්ෂණික සහ බදු නිලධාරීන්ගේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක වර්ධනයක් ඇති කරලීම ඉතා වැදගත් වේ.
අනෙක් වැදගත් අංශයක් වන්නේ බදු නොවන ආදායම්ය. ලාබ ලාභාංශ පොලී කුලී යන ආදිය එයට අයත්ය. මේවාගෙන් ලැබෙන ආදායම්, ලැබෙන රාජ්‍ය අය භාරය ඉහළ නංවා ගැනීමේ විශාල ඉඩ ප්‍රස්ථාවක් ඇති කළ යුතුය. එමෙන්ම රජයට හිමිව පවතින ඉඩම්, ගොඩනැගිලි, ගබඩා සහ වෙනත් රාජ්‍ය වත්කම් ඉතාම අඩු පොලී ගිවිසුම් යටතේ විවිධ දේශපාලන හේතු මත ලබා දී තිබේ. රජය සතු ගබඩා හා ගොඩනැගිලි කුලිය සීයයට 500කින් වැඩි කළ ද, එය පෞද්ගලික අංශයෙන් අය කරන කුලියට වඩා අඩු මුදලක් වීම ගැටලුවකි. කළ යුත්තේ රජයේ බදු කුලී ගාස්තු යනාදිය වැඩි කිරීම විද්වත් කමිටුවක් මගින් සොයා බලා සිදු කිරීමය.
බදු පරිපාලනය ඩිජිටල්කරණය කිරීමෙන් බදු පැහැර හැරීම් සහ නීති විරෝධී මූල්‍ය කටයුතු මැඩලීමට පවතින හැකියාව ඉහළය. අවශ්‍යයෙන්ම සියලුම සොරකම් දූෂණ මැඩ පවත්වා ගත හැකි සුදුසුම ක්‍රමය වන්නේ ඩිජිටල්කරණයයි. ලොව තාක්ෂණික වශයෙන් කෙතරම් දියුණු වුව ද ශ්‍රී ලංකාවේ එය ප්‍රායෝගීකරණය එතරම් පහසු කාර්යක් නොවන්නේය. එයට නිදසුන් වන්නේ මා ප්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමෙන්තුව ඊ මෝටරින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට, බස් රථ සහ දුම්රිය සඳහා ඊ ටිකට් ක්‍රමය හඳුන්වා දීම, පොදු ප්‍රවාහන සේවවේ සියලු අංශ ඩිජිටල්කරණය කිරීම වැනි කාරණා රාශියක් සඳහා කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරමින් දැරූ උත්සාහයයි. එහෙත් ඒ සියල්ල ගඟට කැපු ඉනි සේ අසාර්ථක විය.
එහෙත් වත්මන් රජයට තුනෙන් දෙකේ බලයක් ලැබී ඇති බැවින් 2026 වර්ෂයේ දී පසු ගිය ආණ්ඩු හඳුන්වා දුන් ඩිජිටල්කරණ ව්‍යාපෘති කරා ගමන් කිරීමට පවතින හැකියාව ඉහළ ය. එවැනි වූ සාර්ථකත්වයක් ලබා ගැනීමට රජය සමත් වුවහොත් අවශ්‍යයෙන්ම රජයේ ආදායම විශාල වශයෙන් වර්ධනය කර ගැනීමටත් ඵලදායි නොවන රාජ්‍ය වියදම් විශාල ලෙස අඩු කර ගැනීමටත් හැකි වේ. ඒ තුළින් දිගුකාලීන සාර්ව ආර්ථික අසමතුලිතතාවක් වූ ජංගම ගිණුමේ හිඟය අඩු කර ගැනීමෙන් ජනතාවට විශාල සහනයක් ලබා දීමටත් හැකිවනවා සේම, ආර්ථික වෘද්ධියට අවශ්‍ය වන ප්‍රාග්ධන අයෝජනය ඉහළ නැංවීමට ද ඉඩ ප්‍රස්ථාව ලැබෙනු ඇත.
අයවැයක් තුළ රාජ්‍ය වියදම් කළමනාකරණය ඉතා වැදගත්ය. රාජ්‍ය වියදම්වල තිබෙන රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් අස්වැසුම ඇතුළු කුටුම්භ සහනාධාර, ණය සඳහා ගෙවන පොලිය යනාදී වියදම් ප්‍රමාණාත්මකව අඩු කර ගැනීමේ හැකියාව බෙහෙවින් සීමා සහිත වේ. වැටුප්, විශ්‍රාම වැටුප්, සහනාධාර සදහා දරන වියදම්, ණය සඳහා ගෙවීම් යනාදියෙන් වියදම් අඩු කර ගත නොහැකි වීම හේතුවෙන් පසුගිය වර්ෂයේ රාජ්‍ය වියදම අඩු කරගෙන ඇත්තේ ප්‍රාග්ධන වියදම් කපා හැරීමෙනි. එය දිගුකාලීන යහපත් තත්වයක් නොවන්නේය. එබැවින් වර්තන වියදම්වල පවතින ප්‍රවාහන ගාස්තු, අතිරේක භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට කරන වියදම් අඩු කරගත හැකි මාර්ග සොයා බැලීම වැදගත් වේ. ඒ සඳහා විසඳුමක් යෝජනා කරන්නේ නම්, ආණ්ඩුව සතුව විශාල වාහන බල ඇණියක් පවත්වාගෙන යාම අතාර්කිකය. ඒ සඳහා වාහන පෞද්ගලික අංශයෙන් කුලී පදනම යටතේ ලබා ගැනීම වඩා වාසිදායක විය හැකිය. රාජ්‍ය වියදම් අඩු කර ගැනීමට පවතින සුදුසුම ක්‍රමය වන්නේ පිරිවැය කළමනාකරණයයි. පිරිවැය අවම කර නිමවුම් සහ ඵලදායිතාව ඉහළ නැංවීමට අදාළ තාක්ෂණික ක්‍රමවේද පිළිබදව පිරිවැය කළමනාකරණ ගණකාධිකාරීවරුන් සමග අයවැය ප්‍රතිපත්ති සැලසුම්කරුවන් සාකච්ඡා කළ යුතුය.
ණය කළමනාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අයවැයේ දර්ශනය පිළිබදව විමසීමේ දී 2026 වර්ෂය සඳහා එදිනෙදා ආණ්ඩුව පවත්වාගෙන යාමට දැරීමට තරම් ප්‍රමාණවත් ආදායමක් අයවැයෙන් සොයාගත නොහැකිය. ප්‍රාග්ධන වියදම් දැරීමට සහ බහු පාර්ශවීය ණය නැවත ගෙවීමට සිදු වන්නේ දේශීය වශයෙන් ණය ලබා ගැනීම හරහාය. මන්ද ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන යටතේ ද්වි පාර්ශවික විදේශ ණය ගැනීමට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් වාණිජ ණය ලබා ගැනීම කළ නොහැකි වී තිබේ. පෙර පැවැති ආණ්ඩු එනම් 2022 දක්වා සෑම ආණ්ඩුවක්ම විදේශීය ණය ගත් අතර, ලබා ගත් ණය ප්‍රමාණවත් නොවන අවස්ථාවල දී මහ බැංකුව මුදල් අච්චු ගැසීම සිදු කළේය. නව මහ බැංකු පනතට අනුව රජයට ණය දීම සහ මුදල් අච්චු ගැසීම තහනම්ය. එබැවින් විදේශ ණය ගැනීමත් බරපතළ ලෙස සීමා වීමත් මුදල් අච්චු ගැසීම ප්‍රායෝගික නොවන තත්වයක් තුළ රාජ්‍ය අයවැය කළමනාකරණය අවශ්‍යයෙන්ම අභියෝගාත්මකය.
අයවැයෙන් ප්‍රමුඛතා දිය යුතු ප්‍රධාන ක්ෂේත්‍රයක් වන්නේ මෙරට දරිද්‍රතාවයි. ශ්‍රී ලංකාව දරිද්‍රතාව අභිමුඛව සිටී. එයට විසඳුම් වන්නේ ඉහළ ආර්ථික වර්ධනයක් ලබා ගැනීමයි. ඒ සඳහා කෘෂිකාර්මික අංශයේ, කර්මාන්ත අංශයේ සහ සේවා අංශයේ නිෂ්පාදිතය ඉහළ නැංවිය යුතුය. නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ යාමට සම්බන්ධ වීමෙන් ජනතාවගේ ආදායම් ඉහළ යාම සිදු වේ. ආදායම වැඩි වූ විට එම ආදායමෙන් ජීවන වියදම පියවා ගැනීමට හැකි වේ. එමගින් දුප්පත්කම අවම වේ. මෙවැන්නකින් හැර දුප්පත්කම පිටුදැකිය නොහැකිය. සහනාධාර දීමෙන් සිදු වන්නේ තාවකාලීක පැල්ස්තර එළීමක් පමණි. එය එදිනෙදා සිඟාකන පුද්ගලයන්ට පෝය දිනක දී කෑම බීම දීම වැනිය. සහනාධාර සහ කුටුම්භ පැවරුම්වලින් පමණක් තාවකාලික සහනයක් ලැබු පමණින් දිළිඳුකම තුරන් කළ නොහැකිය. දිළිඳුකම පිටු දැකීමට නම් ඉහළ ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ යුතුය. ආර්ථික වර්ධන වේගය සියයට 7 ක පවත්වාගෙන යා හැකිනම් දුප්පත්කම අවම කළ හැකිය.
වේගවත් ආර්ථික වර්ධනයක් ඇති කිරීමට ලංකාවේ පවතින සම්පත් කාර්යක්ෂමව භාවිත කළත් එහි සාර්ථක ප්‍රතිඵල ලබාගත නොහැකිය. එනිසා ආර්ථික පරිවර්තන පනතට අනුව බාහිරින් රට අභ්‍යන්තර ආර්ථිකයට දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 5 ක සෘජු විදේශ අයෝජන එන්නත් කළ යුතුය. එනම් සමාන්‍ය වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 3 ක් 4ක් පමණ අඛණ්ඩව සෘජු ආයෝජන ලෙස එන්නත් නොකරන්නේ නම් ලංකාව වේගයෙන් සංවර්ධනය කළ නොහැකිය. නිෂ්පාදන ධාරිතාව වැඩිකර වෘද්ධියක් ලබා ගත හැකි ඒකායන මාර්ගය වන්නේ සෘජු විදේශ අයෝජන ඉහළ නැංවීමයි. ඉන්දියාව, චීනය මැලේසියාව, ඕමානය වැනි රටවල් ඉහළ වෘද්ධියක් ලබා ගන්නේ දැවැන්ත ලෙස සෘජු විදේශ ආයෝජනවලට ඉඩ ප්‍රස්ථාව සැලසීමෙනි. එහෙත් අවාසනාවකට අප රටේ දේශපාලන නායකයන් ඇතුළුව ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ පවතින මතවාද හේතුවෙන් සෘජු විදේශ ආයෝජන දිරිගැන්වීම සාපේක්ෂව ඉතා පහළ අදියරක පවතී. එබැවින් බාහිර සම්පත් දේශීය ආර්ථිකයට පොම්ප කිරීමෙන් තොරව වෘද්ධියක් හෝ දරිද්‍රතාව පිටු දැකීමක් හෝ කළ නොහැකිය.
2025 වසරේ අයවැයෙන් වෙන් කරනු ලැබූ ප්‍රාග්ධන වියදම් විශාල අනුපාතයක් ඌන උපයෝජනය විය. 2026 වර්ෂයේ ප්‍රාග්ධන වියදම් හෙවත් අයෝජන වියදම් කාර්යක්ෂමව ඵලදායීව අයෝජනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කර ගත යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ වැඩපිළිවෙළටත්, ණය ප්‍රතිව්‍යූගතකරණ වැඩපිළිවෙළටත්, පාර්ලිමේන්තුව සම්මත කර තිබෙන නෛතික පනත්වලටත් අනුකූලවන ලෙස අයවැය ඒකක සැකසීම කෙටිකාලීන මෙන්ම දිගුකාලීන වශයෙන් රටටත් ජනතාවටත් වැදගත් වේ.
(*** සාකච්ඡා සටහන ශෂිකා අබේරත්න)
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1943										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1539										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 539										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රට නංවන අයවැයකට පෙරවදනක්
I D N K JINASENA Tuesday, 04 November 2025 09:51 AM
ඔහු තමයි මුල්‍ය ඇමැති ඇයි ඔහු එය නොකරන්නේ?