නාඳුනන තුවක්කුකරුවන් පැමිණ වෙඩි වරුසා එල්ල කර මිනීමරණ යුග ගණනාවක් මේ රටේ තිබිණි. එක කාලයක එම නාඳුනන තුවක්කුකරුවෝ මේ රටේ ආණ්ඩු පෙරළීමට කැස කැවූ ත්‍රස්තවාදී කල්ලිවල ගිණුමට බැරවූහ. ඒ ගිණුම් කවදාවත් විවෘත නොවූ බැවින් එම ගණයේ නාඳුනන තුවක්කුකරුවෝද වාෂ්ප වූහ. තවත් කාලයකදී ඒ ඝාතන සිදු කළ අපරාධකරුවෝ රට බෙදන යුද්ධයට සම්බන්ධ කල්ලිවල සාමාජිකයෝ වූහ. ඒ ඇතැම් අය වෙනත් කල්ලිවල තුවක්කුකරුවන්ට බිලි වූ අතර තවත් පිරිසක් ආරක්ෂක අංශ අතින් මැරුම් කෑහ. බේරුණු පිරිසක් පුනරුත්ථාපනය වූහ. මේ නාඳුනන කල්ලිවලින් සිදුවන මිනීමැරුම් ඉතිහාසයෙන් කොටසක් පමණි. පාතාල කල්ලි අතර සිදුවන මිනීමරා ගැනීම්ද මේ ඉතිහාසයට එකතු විය යුතුය.
දැන් යළිත් වරක් නාඳුනන කල්ලියක් හෝ කල්ලි ගණනාවක් හිස ඔසවා තිබේ. මේ මිනීමරුවෝ ඇතැම්විට යතුරුපැදිවලින් එති. තවත් සමහරු කාර්වලින් හෝ වෑන්වලින් හෝ එති. එසේ ඇවිත් වෙඩි වරුසා එල්ල කර පුද්ගලයකු හෝ කිහිප දෙනකු මරා පළා යති. මේ මිනීමැරුම් සිදුවන්නේ මුළු රටම නිදිගත් මහා රාත්‍රියේ නොව දෙනෝදාහක් වීදි බැස සිටින මහා දවාලේය. ඔවුන් මිනීමැරුම් සිදුකර පළා යන්නේද පැමිණි යතුරුපැදියෙන් හෝ කාර් එකෙන්මය. එසේ පළා යාමට උදව් වන කැලෑ පාරවල් කොළඹ හා අවට ප්‍රදේශවල නැත. මේ නිසා ඔවුන් යා යුතු වන්නේ මහජනතාව ගැවසෙන මහාමාර්ග ඔස්සේමය. මේ හැමතැනම අවි දරාගත් පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා සාමාජිකයෝ සිටිති. එහෙත් පසුගිය දිනවල වෙඩි වරුසාවලින් මිනීමැරුම් සිදුකර පළා ගිය අපරාධකාරයන් අල්ලා ගැනීමට අවිගත් ආරක්ෂක අංශවලටද හැකි වී නැත.
සති කිහිපයකට පෙර සිට ඇරඹුණු මේ චිකාගෝ ක්‍රමයේ ඝාතන රැල්ලේ අලුත්ම වින්දිතයෝ වූවෝ පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ පලතුරු වෙළෙන්දෙකු සහ කැලණිය පට්ටිය හන්දියේදී යතුරුපැදියකින් යමින් සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු මහ මඟදී ඝාතනය කිරීමයි. මැනිං වෙළෙඳපොළේ තම වාහනය නවතා පලතුරු වෙළෙඳාමේ කටයුත්තක යෙදී සිටියදී සුදු පැහැති කාරයකින් පැමිණි දෙදෙනකු එයින් බැස ටී-56 ගිනිඅවියකින් දිගට හරහට වෙඩි තබා ඔහු ඝාතනය කර පැමිණි කාර් එකෙන්ම ආපසු ගොස් තිබිණි. මේ ස්ථානය අවට සී.සී.ටී.වී. කැමරා පද්ධති තිබුණාදැයි අපි නොදනිමු. එහෙත් තිබුණා නම් සහ ඒවා ක්‍රියා විරහිත වී නොතිබුණා නම් ඝාතනය සිදු කළ නාඳුනන තුවක්කුකරුවන් හඳුනාගත් තුවක්කුකරුවන් බවට පත්කර ගැනීම අපහසු නැත. පොලීසිය ඒ ගැන රාජකාරි නිසි ලෙස ඉටුකරනවා ඇතැයි අපි සිතමු. එහෙත් චිකාගෝ ක්‍රමයට සිදුවන අලුත් ඝාතන රැල්ලේ අපරාධකරුවන් තවම පොලීසිය මගින් හඳුනාගත් බවක් දැනගන්නට නැත.
චිකාගෝ ක්‍රමයට සිදුවන අපරාධ වශයෙන් හැඳින්වෙන්නේ කාලයකට පෙර අමෙරිකාවේ පාතාලයන්ගේ රජදහනක් බවට පත්ව තිබූ නගරයක් වශයෙන් හංවඩු ගැසුණු චිකාගෝ හි සිදුවූ පාතාල මිනීමැරුම්ය. අවිගත් පිරිස් රැගෙන වාහනවලින් හෝ යතුරුපැදිවලින් හෝ පැමිණ තම සතුරු කල්ලිවල පිරිස් මහ දවල් වෙඩි තබා ඝාතනය කළ එම සිදුවීම් එවකට ලොවේම ප්‍රසිද්ධියට පත්ව තිබිණි. මේ සිදුවීම් පසු කාලයකදී හොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදකයන්ට මුදල් උල්පතක් හදා දුන් චිත්‍රපට බවට පරිවර්තනය විය. එම චිත්‍රපට ඒ කාලයේ මෙරට සිනමාහල්වලද ප්‍රදර්ශනය කෙරිණි. ජනතාව ඒවා නැරඹුවේ විසිල් පහරවල්ද සමඟිනි.
එහෙත් චිකාගෝ චිත්‍රපටවල නම් කොතරම් වෙඩි තැබුවත් මිනිසුන් මැරෙන්නේ නැත. එහෙත් ලංකාවේ එහෙම නොවේ. වෙඩි තබන්නේ රඟපෑමට නොව හැබෑවටමය. ඒ නිසා එම වෙඩි පහර කන තැනැත්තාට හෝ තැනැත්තන්ට අයත් වන්නේ මරණයයි. මහ දවල් මිනීමරණ විට බිඳවැටෙන්නේ රටේ නීතියේ ආධිපත්‍යයයි. අප සියලු දෙනා තේරුම් ගත යුතු සත්‍යය එයයි.
වෙඩි තබන මිනිසුන් අපරාධකාරයන් බව දන්නා නමුත් වෙඩි පහරට ලක්වන තැනැත්තා අපරාධකරුවකුදැයි අප දන්නේ නැත. වෙඩි තබන්නේත් වෙඩි කන්නේත් පාතාලයේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ වූ පිරිස් බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. එහෙත් පිටකොටුවේ බැස්ටියන් මාවතේදී දැනට සති කිහිපයකට පෙර සිදුවූ මේ ආකාරයේ වෙඩි තැබීමකදී ඝාතනයට ලක්වූයේත් තුවාල ලැබුවේත් කිසිදු අපරාධයකට සම්බන්ධ නොවූ තමන්ගේ නඩු කටයුත්තකට ඈත පළාතක සිටි කොළඹට පැමිණි තරුණයන් දෙදෙනකු බව සඳහන් විය. ඉලක්කය වැරදීමකින් එම ඝාතන සිදුවී ඇති බවටද තොරතුරු හෙළි විය. එය අහස පොළොව නූසුලන අපරාධයකි.
පිටකොටුවට අමතරව පානදුර ප්‍රදේශයේදී, මෝදරදී සහ වත්තල ඇලකන්දේදීද නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙඩි ප්‍රහාර එල්ල වී තිබේ. ඒ හැම අවස්ථාවකදීම මිනිස් ජීවිත අහිමි විය. එසේ මැරුම් කෑ පුද්ගලයන්ගේ තරාතිරම හෙළිවන විට ඔවුන් මේ ඉරණමට ගොදුරු වූයේ ඇයිද යන්න තේරුම් ගත හැකිවනු ඇත. එසේම ඝාතනයට ලක්වූ කිහිප දෙනකු කුඩු ජාවාරම් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තු සැපයූ අය බවටද තොරතුරු හෙළි විය. පොලීසියේ ඔත්තුකරුවන් මරා දමන්නේ කවුද යන්න පොලීසියටම සොයාගැනීම අපහසු නම් එය භයානක තත්ත්වයකි. රටේ සෙසු ජනතාවගේ ජීවිතද සැබෑ අනතුරක පවතින බවට එය සලකුණකි. අනේකවිධ දුක් පීඩාවලින් දැඩි ලෙස පීඩනයට පත්ව සිටින ජනතාව එවැනි අනතුරකට ඇද දැමිය යුතු නැත. ඒ අනතුරින් ජනතාව මුදාගත හැක්කේ නාඳුනන තුවක්කුකරුවන්ගේ වෙස්මුහුණු ගැලවීමෙන් පමණි.
(***)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මේ ඝාතන රැල්ලේ අවසානයක් නැද්ද?