මරණ මංචකයේ වැතිර සිටින රෝගියකුගේ වුව අවසන් ප්‍රාර්ථනාව දෙපයින් නැගී සිට ඇවිද යා හැකි තත්ත්වයක් උදාවේවා යන්නය. අද මෙරට ජනයා සිටින්නේද මරණ මංචකයේ ය. ඒ තුන් වසරකට වැඩි කාලයක් මුළුල්ලේ ය. මෙම කාලය පුරාවට ම එම ජනයාගේ ඒකාන්ත ප්‍රාර්ථනය වූයේ මෙම මළපුඩුවෙන් නිදහස්වීම ය. එහෙත් සිදුව ඇත්තේ ඒ මළපුඩුවට ගෙල තව තවත් සිරවීම ය. සිරවීම කොතෙක් ද යත් හුස්ම ගන්නා බවක් නොදැනෙන තරම් ය. මේ මළපුඩුව ආණ්ඩුවේ නව බදු ප්‍රතිපත්තිය විනා අන් යමක් නොවේ.
රජයකට වියදම් පියවා ගැනීමට ආදායම් වුවමනාය. ඒ සම්බන්ධයෙන් තර්කයක් නැත. බදු අය කිරීම ප්‍රධානම ආදායම් මාර්ගයකි. දියුණු රටවල ජනයාගෙන් අය කරන බදු මුදලෙන් එම ජනතාවටම සහන සලසයි. එහෙත් අප රටේ සිදුවන්නේ ජනයාගේ ගෙල මිරිකා ලබාගන්නා බදු මුදලින් ආණ්ඩුවේ දෛනික වියදම් පියවා ගැනීම ය. ආර්ථික ඔස්තාර්ලා පැටව් ගසා සිටින රටේ ආර්ථික අර්බුදයට එකම විසඳුම ලෙස ආදේශ කර තිබෙන්නේ ගෙල මිරිකා බදු අය කිරීම ය.
ඉකුත් ජනවාරි පළමුවැනිදා සිට ආණ්ඩුව අලුත් බද්දක් හඳුන්වා දුන්නේය. එය උපයන විට ගෙවීමේ බද්දකි. රුපියල් ලක්ෂයකට වැඩි වැටුපක් ලබාගන්නා පුද්ගලයාගේ සිට ඉහළට මෙම බද්ද අය කරනු ලබයි. සිදුවිය යුතු වන්නේ දුක් විඳිමින් එසේ ආදායම් උපයන පුද්ගලයන්ට රජයෙන් දිරි දීමනාවක් ලබාදීමය. එහෙත් සිදුවන්නේ දරුවාට ලැබෙන ශිෂ්‍යාධාරය පික් පොකට් ගසා ගෙදර වියදම් පියවා ගැනීමට උත්සාහ කරන බේබදු පියකුගේ භූමිකාව ආණ්ඩුව රඟදැක්වීම ය.
අපේ රටේ මුග්ධ පාලකයෝ භාණ්ඩාගාරය පතුළටම හිස් කළහ. ඩොලර් සංචිත සිඳී ගියේය. ඩොලරයට සාපේක්ෂව රුපියල මස්තබාල්දු විය. භාණ්ඩ මිලදී ගැනීමට පවා මුදල් නොමැති විය. එ්කාන්ත ප්‍රතිඵලය වූයේ භාණ්ඩ හිඟයක් නිර්මාණයවීම ය. එහි අවසන් අස්වැන්න භාණ්ඩ මිල හත් අට ගුණයකින් ඉහළ යාම ය. ඒ ඉහළ යාම කොතෙක් ද යත් ආර්ථික අර්බුදය ඒමට පෙර රුපියල් ලක්ෂයක වටිනාකම අද වනවිට රුපියල් හතළිස් දහස තරමට පල්ලම් බැස ඇත. මෙම උද්ධමනය දුගී පැලට මෙන්ම මහා මන්දිරයට ද දැනෙමින් තිබේ.
අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහි විය යුතු පරිද්දෙන්ම වෘත්තිකයෝ සටන් බිමට පිවිස සිටිති. ඔවුන් නඩත්තු කළ කුටුම්භය මෙම උපයන විට ගෙවීමේ බද්ද නිසා තව දුරටත් පවත්වාගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබේ. එහෙයින්ම වෘත්තිකයෝ කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කළහ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු මුහුණු පොතට එක් කර තිබූ සටහනකින් බදු වගුරේ ගැඹුර පෙන්වා දෙයි. ඔහු ප්‍රකාශ කර තිබුණේ ‘පඩිපත ලැබුණා, බදු සහ ණය එකට කැපිලා 139000ක් ඉතුරුයි. නිවාස ණය රුපියල් 125000කි. දරු පවුලත් සමග මාසේ ජීවත් වෙන්න තියෙන්නේ රුපියල් 14000යි. ගන්න පුළුවන් ඉහළම උපාධියත් අරන්. මේ රටට අපව ඕනැ නැද්ද? මේ රටෙන් ගිහින් මට සහ මගේ අධ්‍යාපනයට වටිනාකමක් දෙන රටකට යනවද? නැත්නම් පවුල් පිටින් මැරිලා යනවද? අපිව මෙහෙම වැට්ටුවම අපි කොහොමද ඔළුව කෙළින් තියාගෙන උගන්වන්නේ?’
ඉහත සටහනින් මේ රටේ නිර්මාණය වී ඇති මානව ඛේදවාචකයේ තරම පැහැදිලිය. එහෙත් පනවා ඇති බදු ඉවත් කළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සම්මුතිවීමට නොහැකිවනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ රුපියල් 45000කට වැඩි මාසික ආදායමක් ලබන්නාගෙන් බදු අය කරන ලෙස බවත් රුපියල් ලක්ෂය දක්වා ආදායම් ලබන අය බදුවලින් නිදහස් කර ඇත්තේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් පසුව බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතවීමට නොහැකි වුවහොත් රට සති දෙකකට වඩා පවත්වාගෙන යා නොහැකි බවත් අමාත්‍යවරයා පවසා තිබිණි.
රට මේ තත්ත්වයට ඇද දැමුවෝ හිසෙන් බසින රෝගයක් නොමැතිව නිරුපද්‍රිතව සිටිති. මෙරට …පොදු ජනයා මෙන්ම වෘත්තියවේදීහු එම ශාපය වෙනුවෙන් තම ආත්මයෙන් වන්දි ගෙවමින් සිටිති. මෙබඳු රටක ජීවත්වීමේ ඇති අරුත කුමකටදැයි වෘත්තියවේදීහු ප්‍රශ්න කරති. රටට මීටත් වඩා අත්වීමට විනාශයක් නොමැති බව අපි දැඩිව අවධාරණය කරමු.
(***)
මෙරටට නිදහස ලැබීමේ තැන් සිට මේ දක්වා විවිධ ආණ්ඩු මාරුවීම් සමග රටේ ආර්ථික ප්‍රතිපත්තිවලද යම් යම් වෙනස්කම් ඇතිවූ බව නිරීක්ෂණය කළ හැකිය. 1948 නිදහස ලැබූ කා
එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ (වත්මනෙහි ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) උප කුලපතිවරයකුද වූ, ස්වාධීන නිදහස් චින්තනයෙන් මෙරට භික්ෂු පරපුරට නව මංපෙ
ජනාධිපතිවරණය ළඟදී පැවැත්වෙන බැවින් වෘත්තීය සමිති ඇතුළු සමහර සංවිධාන සිතන්නේ වර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමෙන් තමන්ට ඕනෑම දෙයක් රජයෙන් දිනාගත හැකිය යන්
පාර්ලිමේන්තුව වරින් වර රටේ ප්රධාන මාතෘකාවක් බවට පත්වෙයි. හොඳ සහ නරක මාතෘකා දෙවර්ගයම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ජනතාවගේ විමසුමට ලක්වුණත් බොහොමයක් අ
ලෝක සන්දර්භයක් තුළ දී නූතනවාදී කලා සාහිත්‍යය හා සංස්කෘතික සංකලනය සඳහා පදනම වැටෙනුයේ පළමුවන ලෝක යුද්ධය පසුබිම් කොටගෙනය. විශේෂයෙන්ම සාහිත්‍ය නිර්මාණක
නූතන ලාංකික සාහිත්‍යයෙහි ප්‍රතිභාසම්පන්න ලේඛිකාවක වන ශමෙල් ජයකොඩී පාඨක ආකර්ෂණයට හා කතාබහට ලක් වූ අගනා නවකතා රැසක් මෙරට සාහිත්‍ය යට දායාද කළ විදෙස්ගත
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ‍්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ‍්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නව බදු ක්‍රමයෙන් බැටකන මධ්‍යම පන්තිය
Deepal Nirosh Saturday, 28 January 2023 11:06 AM
මේ බදු ප්‍රතිපත්තියේ සදොස් තැන් ඇති. හැබැයි මේ ඉදිරිපත් වූ දත්ත අනුව මේ මහාචාර්යවරයාගේ වැටුප රු 400 000/= කට වැඩියි. උපරිම බද්ද රු 80000/=ක්. එතකොට ශුද්ධ වැටුප රුපියල් 14 000/=ක් වුණේ බදු නිසා ද? ණය නිසා ද? වැටුපට අනුව කපා හැරිය හැකි ණය වාරික සීමාවක් නැද්ද? කොච්චර උගත් වුවත් මූල්‍ය සාක්ෂරතාවය නැතිනම් කොහොමද ජීවත් වෙන්නේ...? අද රටට අත්වී ඇති මේ ඉරණමටත් ප්‍රධානම හේතුව මේක... රටේ දේශපාලඥයින් වගේම මේ රටේ මධ්‍යම පන්තියත් මේ තත්ත්වයට 50% බැගින් වගකිව යුතුයි. මේ ලියන මමත් දෙවන කුලකයට අයිතියි.