IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


GSP සහනයෙන් ඵල නෙළිය හැකිද

(ආර්ථික විශ්ලේෂක - අමිල මුතුකුට්ටි)

ගෝලීය ආර්ථික වටපිටාවක් තුළ, ලොව කිසිදු ආර්ථිකයකට ආනයන අපනයනවලට නොගොස් හුදෙක් ස්වයං පෝෂිත ආර්ථිකයක් තුළ ජීවත් වීම අපහසු කාර්යයකි. සෑම රටකටම තමන්ට අවශ්‍ය සියලූම දේ නිපදවීම කළ නොහැකි දෙයකි. මෙනිසා ලෝකයේ රටවල් තමන්ට වඩාත්ම පහසුවෙන් ලාබදායී ලෙස නිපදවිය හැකි දේ නිපදවා අපනයනය කිරීමටත්, අනෙකුත් දේ ආනයනය කිරීමටත් යොමුවී තිබේ. මේ අනුව අන්තර්ජාතික වෙළෙඳාම තුළ ඌන සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින රටවල් මුහුණ දෙන ගැටලූ මගහරවා ගැනීමේ අරමුණෙන් යුතුවවිවිධ වෙළෙඳ සහන හඳුන්වා දී ඇත. මෙයින් ප‍්‍රධානතම වෙළෙඳ සහනයක් ලෙස GSP චකමි හඳුන්වා දිය හැකිය. ප‍්‍රථම වරට මෙම සහනය ශ‍්‍රී ලංකාවට ප‍්‍රදානය කරන්නේ 2005 වසරේදී ය. මෙමගින් ඇඟලූම් අපනයනයට, මත්ස්‍ය නිෂ්පාදන අපනයනයට විශාල පිටිවහලක් ලැබුණු අතර එමගින් ශ‍්‍රී ලාංකික අපනයන බදු රහිතව සහ සහනදායී බදු ක‍්‍රමයක් මත යුරෝපීය වෙළෙඳපොළට අපනයනය කිරීමට හැකි විය.

කෙසේ වෙතත්, 2010 වසරේ දී එවකට ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය වන බව පවසමින් මෙම සහනය ශ‍්‍රී ලංකාවට ලබා දීම තාවකාලිකව අත්හිටුවීමට යුරෝපා සංගමය තීරණය කළේය. එහෙත් මේ වන විට රට තුළ පවතින යහපත් දේශපාලන පරිසරය සලකා බලමින් නැවත වරක් GSP චකමි ශ‍්‍රී ලංකාවට හිමිවී ඇති අතර එය රටේ අපනයන සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් ලබා දෙන බව පොදු පිළිගැනීමයි.

මෙම සහනය දිනා ගැනීම ආර්ථිකමය වශයෙන් විශාල ජයග‍්‍රහණයක් සේ සැලකීමට හේතු කිහිපයක් පවතී. එය ඉතාමත් කාලෝචිත යැයි හැෙඟන්නේ ශ‍්‍රී ලංකාවේ තේ වලට ලෝක වෙළෙඳපොළේ ඉල්ලූම අඩු වීම, ඇඟලූම් කර්මාන්තයට බංග්ලාදේශය වැනි තරගකාරී රටවල් සමඟ තරග කිරීම අපහසු වීම වැනි හේතු සාධක පදනම් කොට ගෙන අපනයන අංශය ඉතාම පහළ මට්ටමකට ඇදවැටී තිබුණු මොහොතක මෙවැනි සහනයක් ලැබීම ය. තවද අපනයනවලින් ආර්ථිකයට විදේශ මුදල් ගලා ඒම සිදු වන අතර එය සංචිත වැඩි කර ගැනීමට සහ රුපියල ශක්තිමත් කිරීමට ද හේතු වේ. 2009 වසරේදී යුරෝපීය රටවල් මුහුණ දුන් ආර්ථික පරිහානියෙන් මිදී වර්තමානය වන විට තරමක් යහපත් අතට හැරෙමින් පවතී. මෙවැනි වාතාවරණයක යුරෝපීය ජනතාවගේ ක‍්‍රය ශක්තිය යහපත් වීමෙන් ශ‍්‍රී ලාංකික අපනයනවලට ඉහළ ඉල්ලූමක් නිර්මාණය වේ. මෙහි තවත් එක් විශේෂත්වයක් වන්නේ දකුණු ආසියානු කලාපීය රටවල්වලින් ශ‍්‍රී ලංකාව හැරුණුකොට මෙම සහනය හිමි වන්නේ පකිස්ථානයට පමණක් වීමයි.

කලාපයේ ඇඟලූම් අපනයනය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන බංග්ලාදේශයට මෙම සහනය හිමි නොවීමෙන් අපේ රටෙන් අපනයනය කරන ඇඟලූම් සඳහා යුරෝපීය වෙළෙඳපොළේ තරගකාරී වාසියක් නිර්මාණය වීම ද වාසිසහගත වෙයි. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයට මෙම සහනය ලැබීම ස්ථීර විසඳුමක් නොව තාවකාලික විසඳුමකි. මානව සම්පත් සුරැකීම, පරිසරය ආරක්ෂා කිරීම සහ යහ පාලනය වැනි නිර්ණායවලට ශ‍්‍රී ලංකාව අනුගත වනතාක් ශ‍්‍රී ලංකාවට මෙම සහනය ලැබෙන බවට තර්කයක් නොමැත. එහෙත් එය තාවකාලික එකක් වන්නේ ශ‍්‍රී ලංකාව මැදි ආදායම් ලබන තත්ත්වයෙන් මිදී ඉහළ මැදි ආදායම් ලබන රටක්වීමෙන් පසු ශ‍්‍රී ලංකාවට මෙය තවදුරටත් හිමි නොවීමයි. පවතින ආර්ථික වර්ධනයත් සමඟ 2020 පමණ වන විට මෙම මට්ටමට ශ‍්‍රී ලංකාව ළඟා වනු ඇතැයි විශ්වාස කෙරේ. එසේ නම් නුදුරු අනාගතයේදී සහන නොමැතිව අපනයන වෙළෙඳපොළ ජයගැනීමට අවශ්‍ය කරන සැලසුම් අද සිටම සම්පාදනය වීම අනිවාර්ය වේ. රටක් වශයෙන් සංවර්ධනය වීමට නම් සහනාධාර මානසිකත්වයෙන් මිදීමට අපට සිදු වන බව ද අප අමතක නොකළ යුතුය.

යුරෝපීය වෙළෙඳපොළේ ශ‍්‍රී ලාංකික අපනයන සඳහා නිර්මාණය වන ඉහළ ඉල්ලූම සපුරා ලීමට ලංකාවේ අපනයනකරුවන් සමත් වේ ද යන්න ගැටලූවකි. මන්ද යත් නිෂ්පාදන හැකියාව පුළුල් කිරීම (capacity expansion) එක රැයකින් කළ හැකි ලෙහෙසි පහසු වැඩක් නොවන නිසාය.

GSP සහනය නොමැතිව ලෝක වෙළෙඳපොළ තුළ තරග කිරීම අපහසු වීම හේතු කොට ගෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අපනයන කටයුතුවලින් ඉවත්ව සිටි අතර ඔවුන්ට නැවතත් ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට මූල්‍යමය මෙන්ම ප‍්‍රතිපත්තිමය සහයෝගය අවශ්‍යව තිබේ. මෙම ක‍්‍රියාවලිය සාර්ථක කර ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලයේ කාර්ය භාරය ඉතාමත් තීරණාත්මක වේ. අපනයනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන එක් ප‍්‍රධාන ගැටලූවක් වන්නේ  විශ්වසනීය ගැනුම්කරුවකු සොයා ගැනීමයි. විදේශීය ගැනුම්කරුවන් මුදල් ගෙවීම් පැහැර හැරීම වැනි සිද්ධි නිසා දේශීය කුඩා පරිමාණ ව්‍යවසායකයන්ගේ ව්‍යාපාර බිඳවැටුණු අවස්ථා ද එමටය. මෙයට පිළියමක් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලය දේශීය සැපයුම්කරුවන් සහ විදේශීය ගැනුම්කරුවන් අතර සම්බන්ධීකරණ ආයතනයක් වශයෙන් කටයුතු කිරීම අතිශය වැදගත් වේ.

වසර 2019 වන විට බි‍්‍රතාන්‍ය යුරෝපා හවුලෙන් නිල වශයෙන් වෙන්ව යෑම ශ‍්‍රී ලංකාවට GSP සහනයෙන් ලබා ගැනීමට තිබූ ප‍්‍රතිලාභ අවම කිරීමට හේතු වේ. යුරෝපය  වෙත යැවුණු අපනයන මගින් සියයට 80 පමණ යැවුණේ බි‍්‍රතාන්‍ය වෙතය. මෙනිසා ඉදිරියේදී බි‍්‍රතාන්‍ය සමඟ ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුමක් මගින් පාඩුව පියවා ගැනීමට අවධානය යොමු කළ යුතුය.

අපනයන කේන්ද්‍ර කරගත් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ශ‍්‍රී ලංකාවට වඩාත්ම තදින් දැනෙන්නේ එය තිරසාර ක‍්‍රමවේදයක් බැවිනි. යුරෝපා කලාපය යනු ඉතා හොඳ වෙළෙඳපොළක් සත්‍යක් වුවද අනෙකුත් වෙළෙඳපොළ පිළිබඳව ද අවධානය යොමු කළ යුතුය. ලතින් ඇමෙරිකානු කලාපයේ රටවල් සහ ගිනිකොන දිග ආසියාවේ රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමෙන් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය කර ගත හැකිය. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ චීනයේදී සමුළුවක් අමතමින් ප‍්‍රකාශ කළේ ඉන්දියාව සමඟ පවතින වෙළෙඳ ගිවිසුම තවත් පුළුල් කරන බවත්, චීනය සහ සිංගප්පූරුව සමඟ වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමට සාකච්ඡා කරමින් සිටින බවත් ය. GSP සහනය ලැබීමෙන් පසු ආර්ථිකයේ ඉදිරි ගමන උදෙසා තවත් රටවල් සමඟ මෙලෙස ගිවිසුම් ඇති කර ගැනීම ශ‍්‍රී ලංකාවේ අපනයන  ක්ෂේත‍්‍රය සඳහා යහපත් වේ.

නව අපනයන වෙළෙඳපොළ පිළිබඳව ගවේෂණය කිරීම මෙන්ම අපනයන විවිධාංගීකරණය පිළිබඳව ද සැලකිලිමත් විය යුතුය. කොතරම් වෙළෙඳ ගිවිසුම්වලට අත්සන් තැබුව ද, කොතරම් වෙළෙඳ සහන ලබා ගත්ත ද රටක් වශයෙන් අප අපනයනය කරන්නේ සාම්ප‍්‍රදායික අපනයන භාණ්ඩ නම් අප මෙම වෙළෙඳ සහනවලින් නිසි ප‍්‍රයෝජනය ලබා ගන්නේ යැයි කිව නොහැකිය. දැන් කළ යුත්තේ අගය එකතු කරන ලද අපනයන භාණ්ඩ විදේශීය වෙළෙඳපොළ වෙත යැවීමට අවශ්‍ය පියවර ගැනීමයි.



අදහස් (1)

GSP සහනයෙන් ඵල නෙළිය හැකිද

LAKMAL Tuesday, 13 June 2017 09:35 AM

කතෘතුමනි ගොඩක් කාලෝචිත මාතෘකාවකි . බොහොම ස්තුති අපිටත් කලහැකි දෙයක් තිබේද යන්න හොයා බැලීම සඳහා GSP ලබාදෙන්නේ මොන භාණ්ඩ සඳහාද යන්නත් පලකරනවාද ? ජපානයේ සිට

:       0       5

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?
2024 ජුලි මස 26 255 0

ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්


ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද?
2024 ජුලි මස 26 125 0

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉද


ලංකාවේ මුල්ම වැව් බැම්මේ වටිනාකම නොදන්නා නිලධාරීහු
2024 ජුලි මස 26 287 0

වසර තුන්දහසක පමණ ශ්‍රී ලාංකීය වාරි ඉතිහාසයේ ප්‍රථම වැව වශයෙන් සැලකෙන බසවක්කුලම වැවේ බැම්ම අවසරයකින් තොරව කාපට් කිරීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින


විසිදෙක සුබද? අසුබද?
2024 ජුලි මස 25 136 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ආ ව්‍යවස්ථාවේ “වසර හයක්” යන්න වෙනුවට ‘වසර පහක්’ යන්න ආදේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඉදිර


කොතරම් උපාධි ලැබුවත් සාරධර්ම නැත්නම් වැඩක් නෑ
2024 ජුලි මස 25 638 3

එංගලන්තයේ රෝහලක විශේෂඥ වෛද්‍යවරයකු වන පුතකු සහ ඇමෙරිකාවේ ඉහළ රැකියාවක නිරත පුතකු සිටින 90 හැවිරිදි මවක එම පුතුන් දෙදෙනා නොසලකා හැරීම නිසා මාලබේ ප්‍රදේ


මාසයක්ම කියවූ ලොකුම සෙල්ලිපියේ ඇත්තේ මොනවාද?
2024 ජුලි මස 24 4846 3

සාහිත්‍ය මූලාශ්‍ර මෙන්ම පුරා විද්‍යා මූලාශ්‍ර ද ශ්‍රී ලංකාවේ ඉතිහාසය අධ්‍යයනය කිරීමට වැදගත් වේ. පුරා විද්‍යා මූලාශ්‍ර අතර කාසි, නටබුන් හා සෙල්ලිපි ප්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 168 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site