IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මහ කැලේදී නෙළුම්මල් දුන් තැනැත්තා

කුඹුක්කන් ඔය නිම්නය ඔස්සේ අලකොළආරෙන් එගොඩව ටික දුරක් යනවිට පාරේ දකුණු පැත්තේ වූ ගසක් යට කලූ ගුලියකි. චලනය වන ඒ කලූ ගුලිය බිම වැටී ඇති යම් දෙයක් අහුලන බව හොදින් විපරම් කරනවිට පෙනෙයි. වටපිට ගැන කිසිදු අවධානයන් නොකර තම පාඩුවේ මේ බිම වැටී ඇති දේ අහුලන්නේ වැළහින්නක් බව දැනගැනීමට වැඩිවේලාවක් ගත නොවීය. පලූ කාලයට කුමණ වනාන්තරයේ පලූ ගස් යට වලසුන්, වැලහින්නියන් සහ වලස් පැටව් දැකගත හැකිය. ඇතැම් අවස්ථාවල පලූ ගස් උඩ ද වලස්සු සිටිති. පලූ කෑමට වලස්සු අතිශයින් ප‍්‍රිය කරති. එනිසා පලූ කෑම හුරුකරවීමට පලූ ගස් යටට කුඩා පැටවුන් ද කැන්දාගෙන එති. වලස් අම්මා පලූ ගස් යට වැටී ඇති පලූ අහුලාගෙන කන අයුරු අනුගමනය කරමින් ගෙඩි කිහිපයක් ගිල දමන වලස් පැටව් ඊළගට කරන්නේ සෙල්ලම් කිරීමය. පලූ අහුලන් කන වලස් අම්මාට පැටව් ගැන නිනව්වක් එන්නේ කුස පිරුණු පසුවය. පලූ ගහක් යටට වලස් දරුවන් සමග එන වලස් අම්මා හෝරා දෙක තුනක් පලූගහක් යට ගත කරන්නීය. පලූ වාරයට කැලෑවේ ඇවිදීම ඉතා පරිස්සමින් කළ යුතු බව වනාන්තර ආශ‍්‍රිත ගම්වල පැරැණිනෝ කියති. පැටවුන් සිටින වැලහින්න ඉතා දරුණුය. ඒනිසා පලූ වාරයේ විශේෂයෙන්ම දහවල් කාලයේ පලූ ගස් ඇති ඉසව්වලින් කැලෑවේ එහා මෙහා යා යුත්තේ ඉතා අවධානයෙනි. කුමණ කැලෑවේ එහා මෙහා ගිය අතීත වැසියන් කොළ අත්තක් කඩා තවත් ගසක එල්ලා කැලෑවේ ගමනට සූදානම් වන්නේ කතරගම දෙවියන්ගේ පිහිට අයදිමිනි. එදා අද මෙන් දෙවියන්ට පඬුරු දැමීමක් සිදු නොවිනි. මේ කොළ අතු එල්ලීමේ දී එල්ලන්ට කඩාගත් කොළ අත්ත එල්ලන්නට පෙර බිමට වැටුණොත් ගමනේ අතරමගදී බාධා එල්ලවෙතැයි එකළ ජන විශ්වාසයක් පැවතුණි. නොයා බැරි ගමනක් නම් මිස එවන් අවස්ථාවල ගමන පිටත් නොවන්නට වග බලාගැනීම පැරැණියන්ගේ ක‍්‍රියාකලාපයයි. කතරගම දෙවිඳුන්ගේ හාස්කම් පිළිබඳව විවිධ සිදුවීම් අහන්නට තිබේ. සමහරු ඒවා දෙස අවඥාවෙන් බලති. නමුත් කතරගම දේවාල අඩවියේ පමණක් නොව සෙල්ලකතරගම දී, මහ කැබිලිත්තේ දී, කුඩා කැබිලිත්තේ දී කතරගම දෙවියන්ගේ බැල්ම ඇති ප‍්‍රදේශවල දී සිදු වූ අපූර්ව සිදුවීම් උන්වහන්සේ විසින් සිදුකරන ලද හාස්කම් යැයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. ඒ විශ්වාසයන් අපිට බැහැර කළ නොහැකිය. මීට මාස කිහිපයකට පමණ පෙර මුල්ලේරියාවේ පදිංචි ප‍්‍රභාත් අනුරුද්ධ මහතා ද තමන් අත්විඳි එවන් හාස්කමක් අපට කීවේය. ව්‍යාපාරිකයෙක් වූ අනුරුද්ධ මහතා තම පවුලේ ළගම ඥාතීින් පස් දෙනෙක් සමග මුලින්ම මහියංගනයට ගොස් මහියංගන චෛත්‍යය ද වැඳපුදා ගත්හ. කතරගම දෙවියන් සහ සමන් දෙවියන් කෙරෙහි විශේෂ විශ්වාසයක් ඔවුන් තුළ තිබුණි. මහියංගනයේ පිහිටි සමන් දේවාලයට ද ගිය පිරිස සමන් දෙවියන්ට ද පූජාවක් තැබීය. ඉන්පසු කතරගම බලා පිටත්වූයේ කතරගම දේවාලයට යාමේ අදහසිනි. මේවන විට කතරගම දෙවිඳුන් සම්බන්‍ධව පුවත්පත් සහ රූපවාහිනි ඔස්සේ තොරතුරු රැසක් අවබෝධ කරගෙන තිබූ පිරිස තුළ මහ කැබිලිත්ත දේවාලයට යන්නට ද ආශාවක් විය. දෙවියන් සහ බුදුන් පිළිබඳව විශ්වාසය පිරිස තුළ තිබූ නිසා මේ ගමන පිටත්වූයේ සති කිහිපයක් පේවීමෙන් පසුවය. කතරගමට පැමිණි පිරිස කිරිවෙහෙර වඳින්ට මුලින්ම ගියහ. ඉන්පසු අෂ්ඨඵල බෝධිය ද වැඳ කතරගම දේවාලයට නැවුම් පළතුරු පූජාවක් ද පැවැත්වූහ. ඒ සඳහා අවශ්‍ය පළතුරු කොළඹින් ම ගෙනාවේය. ඉන්පසු පිරිසට මහ කැබිලිත්තට යන්නට උවමනාවක් ඇතිවිය. නිවෙස්වලින් පිටත්වන විට ද එම ආශාව පැවති අතර ඒ සඳහා යන්නේ කෙසේදැයි නිශ්චිත විශ්වාසයක් නොතිබුණි. මහ කැබිලිත්ත දේවාලයට යන්නට හැකි පහසුම මග මොනරාගලට ගොස් කොටියාගල හරහා බව කතරගම දී ඔවුහු දැනගත්හ. කතරගම දී පැමිණි කාරණා සියල්ල ඉටුකර ඉතිරි කරගත් පළතුරු සහ තවත් උවමනා අඩුම කුඩුම රැගෙන පැමිණි වෑන් රථයෙන් කොටියාගලට ගියේය. කොටියාගලින් ට‍්‍රැක්ටරයක් කුලියට රැගෙන කිලෝ මීටර් හතළිහක් පමණ වූ කැලේ පිහිටි මහ කැබිලිත්ත දේවාලයට යන්නට පිටත් වූයේ පූජාවක් තැබීමේ අදහසිනි. මහ කැබිලිත්ත දේවාලයට ද යන අදහසින් නිවෙස්වලින් පිටත්වීම නිසා ගමනට කාන්තාවන් එක්කර නොගැනීමට කවුරුත් වග බලාගත්හ. නියමයක් නැතත් සිරිතක්, චාරිත‍්‍රයක් ලෙස කාන්තාවන් මහ කැබිලිත්තට නොයති. ඒ බව මේ අය ද දැන සිටියේය. ට‍්‍රැක්ටර් ටේලරයට දැමූ මෙට්ටය මත එක් ඉරියව්වකින් වාඩිවී යාම පිරිසට අපහසුවක් ගෙන දුනි. නමුත් ගමන යාමේ උවමනාව නිසා දුෂ්කරතා සියල්ල විඳදරා ගැනීමට ඔවුහු වග බලාගත්හ. පැය හය හතක ගමන නිමාවී කුඹුක්කන්ඔය ඉවුරට එනවිට අඳුරු වැටීමට ආසන්න ව තිබුණි. වෙහෙස මහන්සිය පහව යන්නත් එක්කම කුඹුක්කන් ඔයට බැස හොඳින් ස්නානය කළ පිරිස හඳුන්කූරු, තෙල් ආදිය රැගෙන මෙගොඩ බෝධියට ගොස් බෝධි පූජාවක් පැවැත්වීය. බෝධි පූජාවට මල් නොතිබීම ගැන හිතමින් බෝධි පූජා තැබුවත් මදිපුංචිකමක් වූ බවට සැම දෙනාගේම සිත් තුළ පැලපදියම් විය. ‘‘අපිට මල් ටිකක් ගේන්න බැරිවුණානේ. ඒක ලොකු අඩුවක්.’’ හැමෝම කතා විය. පසුදා පාන්දරම අවදිවී කුඹුක්කන් ඔය ඉවුරට ගොස් වැල්ලේ වළවල් හතක් හාරා ඒවායෙන් ලබාගත් වතුර ප‍්‍රයෝජනයට ගනිමින් මුරුතැන් පූජාව සකසන්නට වූයේ මහ කැබිලිත්ත සියඹලා දේවාලයට මුරුතැන් පූජාවත් එගොඩ මෙගොඩ බෝධීන් දෙනමට කිරිපිඬු පූජාවන් තැබීමේ ඒකායන අරමුණෙනි. දැල්වූ පහන් එළියෙන් සහ විදුලි පන්දම් එළියෙන් පිරිස ඉතා යුහුසුළුව මුරුතැන් බත පිළියෙළ කළේ කුරුල්ලන් අවදි වෙන්නට පෙර එය සකස් කිරීමෙන් වැඩි ආනිසංස ඇතැයි යන විශ්වාසයෙනි. තවත් දිනයක උදාව සනිටුහන් වෙද්දී මුරුතැන් බත පිළියෙළ වී අවසානය. පිරිස දිය නා සුදුවතින් සැරසුනේ දැඩි වූ භක්තියකිනි. ඒවන විටත් බෝධීන් දෙනමට උදේ කිරිපිඬු පූජාවන් ද සියඹලා දේවාලයට මුරුතැන් පූජා සහ පළතුරු පූජා වට්ටි ද සැකසිනි. එහෙත් අඩුපාඩුවක් ඇත. ඒ මල් ය. ‘‘බලන්නකෝ අපිට සේරම ගේන්න මතක් වුණා. මල් විතරක් අමතක වුනා.’’ පූජාවට මොනවා තිබ්බදත් මල් නැතිව එය සම්පූර්ණ නොවන බව පිරිසේ දැඩි විශ්වාසය විය. ‘‘ගග පහළ ගහකවත් මල් පිපිලා තියනවාද කියලා බලමුකෝ.’’ කෙනෙක් කීවේය. දෙදෙනෙක් ගං ඉවුරේ නැවතී තිදෙනෙක් කුඹුක්කන් ඔය දිගේ පහළට ගියේ මල් සොයන්නය. වන සතුන්ගෙන් ගහණ මේ වනයේ පාන්දර ගමන එතරම් සුබදායක නැත. රාත‍්‍රී කාලයේ ආහාර සොයා ගිය වන මෘගයන් දිවා කල එළැඹීමත් සමගම වතුර බොන්නට ඒම සිරිතකි. නමුත් මේ යන්නේ නරක වැඩකට නොවේ. බුදුන් සහ දෙවියන් පුදන්නට මල් සොයන්නටය. දැන්  මල් නෙළන්නට ඔය පහළට ගිය අයට සෙසු පිරිස පෙනෙන්නේ නැත. ඉවුර දෙපස ගස්වල මල් ඇද්දැයි සොයද්දී රත්මල් ගසක මල් සුවඳකින් නහයවල් කිති කැවෙන්නට විය. ඉවුරේ දකුණු පැත්තේ රත්මල් ගහක මල් පිරිලාය. ‘‘කතරගම දෙවියන්ගේ පිහිටෙන් මල් තියනවා’’ ඔවුන්ට ඉබේටම කියවිණි. හොඳහැටි මල් තිබූ අතු කිහිපයක්ම කඩාගත්තේ බෝධීන් දෙනමට සහ සියඹලා දේවාලයට ද පූජා කරන අටියෙනි. කඩාගත් මල් අතුත් රැගෙන සෙසු පිරිස සිටින තැනට එනවිට පූජා වට්ටි අසල ලොකු නෙලූම් මල් වට්ටියකි. ‘‘මේ නෙලූම්මල් කොහෙන්ද? මෙච්චර මල් ගොඩක් ?’’ රත් මල් අතැතිව නෙලූම් මල් දෙස බලමින් විමසුවේ දැන්  ඕනෑවටත් වැඩියෙන් මල් ඇති නිසාය. ‘‘පූජාවට ආව කෙනෙක් මල් ගොඩාක් ගෙනාව කියලා. අපිටත් ටිකක් දීලා දේවාලේ පැත්තට ගියා. හොඳ නෙලූම් මල් ටික. අපි ඔයාලට එන්න කියන්න බැලූවා. පහළ පේන්න නොහිටිය නිසා එනකම් බලාගෙන හිටියේ’’ පිරිස අතර ඔය ඉවුරේ සිටිය කෙනෙක් පිළිතුරු දුන්නේය. අනතුරුව මෙගොඩ බෝධියට කිරිපිඬු පූජාව තැබීමට සිව් දෙනෙක් ගියේ සෙසු පූජාවන් පරිස්සමට අනෙක් තැනැත්තා නැවතුන නිසාය. පිරිස පූජාව තබා ආපසු පැමිණියේ මිනිත්තු පහළොවකට පමණ පසුව ය. මෙගොඩ බෝධියට ගිය සිව් දෙනාගෙන් කෙනෙක් නැවතුන පසු එගොඩ බෝධියට කිරිපිඬු පූජාව තබන්නට සෙසු සිව් දෙනා ගියහ. ඔවුන් පැමිණි පසු පස් දෙනාම එක්ව සියඹලා දේවාලයට මුරුතැන් පූජාවත් පළතුරු පූජාවත් රැගෙන පිටත්ව ගියේ දැඩි සතුටකිනි. කුඩා සියඹලාවට පූජාව තබා දෙවියන්ට පින්දී තම තමන්ගේ ව්‍යාපාර දියුණුවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්නත්, පවුලේ සමගිය සහ නිරෝගී සම්පතුත් අපේක්‍ෂා කළ පිරිස මහ සියඹලාව ද වැඳ පුදාගෙන නැවත කුඩා සියඹලාවට පැමිණ එගොඩ බෝධියට හැරෙන තැන තෙක් ආවේ පිටුපසට පියවර තබමිනි. මහ කැබිලිත්ත දේවාලය අවට දී වනඅලින්ගේ බාධා කිරීම්වලට බොහෝ දෙනෙක් ලක්වන මෙවන් වකවානුවක කරදරයකින් තොරව සිය පූජා කටයුතු කරගත හැකිවූයේ දෙවියන් කෙරෙහිවූ භක්තියත් විශ්වාසයත් නිසා බව ඔවුන්ගේ විශ්වාසයයි. දැන් එළැඹ ඇත්තේ වැසි සමයයි. මේ කාලයේ මහ කැබිලිත්තට යෑම අතිශයින් අවදානම් ය. නමුත් මේ අවදානම ගැන නොදන්නා බොහෝ දෙනෙක් එහි යෑමට පෙළඹෙති. වන්දනාකරුවන්ගේ පෙරැත්තය හේතුවක් කරගෙන එහි යන්නට සූදානම් වන වාහන හිමියෝ ද සිටිති. නමුත් කැලෑවේ තරම නොදන්නා මේ වන්දනාකරුවන් මහ කැබිලිත්තේ යන්නට ගොස් බරපතළ අපහසුතාවලට ලක්වේ. සෑම වසරකම අවසානයේ මේ වැසි සමය ආරම්භ වනවිට කලකට ඉහත මහකැබිත්තේ පිහිටා තිබූ වනජීවී බිට්ටු කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද කාර්යාලය තාවකාලිකව වසා ආපසු එන්නේ පෙබරවාරි මාසය වනතෙක් එහි වාසය කිරීම අපහසු නිසාය. බිට්ටු කාර්යාලය අත්හරින තෙක් වාර්ෂිකව සිදුවූයේ එයයි. කතරගම දෙවියන් මහ කැබිලිත්තේ භාවනානුයෝගිව වැඩ සිටින බව විශ්වාස කළ ද දෙවියන් අදහන කිසිවෙකුත් මේ අසීරු සමයේ වුවද දෙවියන්ගේ රැකවරණ ඇතැයි කියමන් එහි රැදී සිටීමට උත්සාහ නොගනී. එහෙත් එය නොදන්නා සමහරු මේ වැසි සමයේ මහ කැබිලිත්තේ යන්නට ගොස් අමාරුවේ වැටෙති.

අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 25 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 26 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 27 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 28 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 29 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 30 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 31 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 32 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 33 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 34 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 35 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 36 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 37 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 38 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 39 මහ කැබිලිත්ත දේවාලය දේවාලයට යන මාර්ගයේ කොළ අතු එල්ලා ඇති අයුරු වැසි සමයේ ගමන ලේසි නැත මහ කැබිලිත්ත දේවාලය අවට අපවිත‍්‍රකර ඇති අයුරු



අදහස් (0)

මහ කැලේදී නෙළුම්මල් දුන් තැනැත්තා

රොෂි Thursday, 06 December 2012 03:04 PM

පූජා භූමිය පිරිසිදුව තියාගන්න දන්නේ නැති අය තමයි මේ පැත්තේ ඉන්නේ (ස)

:       0       0

රෝෂි Thursday, 06 December 2012 03:04 PM

අනේ මෙහෙමත් මිනිස්සු පූජා භූමිකය්වත් පිරිසිදුව තබා ගන්න දන්නේ නැහැ..!(නු)

:       0       0

වජිර Wednesday, 05 December 2012 11:22 PM

දැක්කා නේද අනුහස (දී)

:       0       0

වජිර Wednesday, 05 December 2012 11:25 PM

කතරගම දෙවි පිහිටයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31357 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13573 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site