හන්තාන අප රටේ ස්වභාවික සෞන්දර්යයේ දැකුම් කළු නිම්නයකි. හන්තානට  කිවි ලියු අය මෙන්ම පෙම් බැන්ද පුද්ගලයෝ ද සිටියහ. එය උගතුන්ට හොඳ තෝතැන්නකි. උගතුන් බුද්ධිමතුන් වැඩි පිරිසක්  බිහිවුයේ ද මේ හන්තානෙනි. ඒ  පේරාදෙණිය විශ්ව විද්‍යාලය නිසාය. සරසවිය පිහිටියේ හන්තාන මධ්‍යයේය. මේ නිසා  උගතුන්ට  බුද්ධිමතුන්ට  සහ හන්තාන අතර  තිබුණේ ලෙන්ගතු  බැදීමකි. සමහරු හන්තාන ආදරය ජිවිත භුක්තියට ම ලියාගත් අතර  සමහරු එය මහවැලි ගඟේ පා කර  හැරියහ. ඒ මහවැලි  ගඟ ඒ අසලින්  ගලන නිසාය. ඒත් තවමත් හන්තානට  වැළපෙන පිරිස් සිටිති.

එසේ හන්තාන ආදරයට  වැළපෙන ගීතයක්  නිර්මාණය වී තිබේ. විශාරද පණ්ඩිත් අමරදේවයන් එම ගීතය ගායනා කර තිබේ. එම ගීතය මේ වන විට සමාජයේ වැඩි කතා බහක් නිර්මාණය කර  ඇතැයි  කිවහොත් එය නිවැරදිය.

විශාරද අමරදේවයන් සිය ජිවන ගමන නිම කිරිමට  පෙර  ගැය මේ ගීතය තුළ ඔහු සිදු කළ හොඳම ආයෝජන වලින් එකක් බව කිව යුතුය. උමාරියා සිංහවංශ තමන්ගේ සහාය ගායිකාව බවට පත්කර  ගැනීමට  ගත් තිරණය නිවැරදි මෙන්ම කාලෝචිත බව සමාජය විසින් ද මේ වන විට  අනුමත කර  තිබේ.

හන්තාන සිහිනේ බලා  වැළපෙමි  නම් වු  මේ ගීතය යළි ජනගත කිරිම ක්‍රියාත්මක වේ. හන්තාන කඳුවැටි අතර  වු සරසවියේ කෙසඟ සිරුරක්  ඇති  පුංචි  අපුරු මිනිසෙක්  ඉංග්‍රීසි බසින්  සිසුන්ට  උගන්වමින්  සිංහල සාහිත්‍යයට නාට්‍යයට  කලාවට  යම් දෙයක්  කිරිමේ උනන්දුවෙන්  පෙළුණේය. 1956 ඇති වු දේශපාලන විප්ලවය රටේ සෑම අංශයකටම පැතිරි ගිය නිසා  නාට්‍ය  කලාවට ද එය බලපෑවේය. මේ පුංචි මිනිසා මහැදුරු එදීරිවිර  සරච්චන්ද්‍රයන්ය. ඔහු  පේරාදෙණිය සරසවියේ  සිංහල අංශයේ මහාචාර්යවරයා විය.

1956 නොවැම්බර් 5 වැනි දා  ඔහු මනමේ නමින්  ශෛලිගත නාට්‍යයක් වේදිකාගත  කළේය. මනහර නාඩගම් ගීත රැසක් එක්වු එයට  දැන් වසර  60 කි. ඒත් තවමත් ගීතය තරුණය. අදටත් රට වටේම ප්‍රේක්ෂකයින්ය.

මනමේ වේදිකාගත වුණු වකවානුවේ දීම රීදි තිරය ද වෙනස්කම් ඇති වීම ආරම්භ විය. ලෙස්ටර් ජේම්ස් පිරිස් රේඛාව චිත්‍රපටය තීරගත කළේය. රේඛාව චිත්‍රපටයෙන් ද මධුර  මනෝහර ගීත කිහිපයක්ම සිංහල ගීතයට  දායාද කළේය.

රේඛාව චිත්‍ර පටයෙන් ද මධුර  මනෝහර  ගීත කිහිපයක්ම සිංහල ගීතයට දායාද කළේය. ඕලු නෙළුම් නෙරිය රඟාලා , සුදු සඳ එළියේ , වෙසක් කැකුළු අතු අග පිපි වැනි ගීත වලින්  සමහරකි.

හන්තානෙන් ආරම්භ වු  මේ සිංහල ගීත ප්‍රබෝධය වැඩිකල් යන්නට  මත්තෙන්  මුළු රට පුරා පැතිරෙන්නට  විය. 60 දශකය එළඹෙන විට  සිනමාවේ සහ සිංහල නාට්‍යයෙහි රමණිය ගීත රාශියක් සිංහල ගීතයට  එක් වී තිබිණි. මේ වන විට  සිංහල ගීතය සුභාවිත ගීතයට  ළංවෙමින් තිබුණි. ආනන්ද සමරකෝන්ගෙන්  ඇරඹී එම ගමන සුනිල් ශාන්තයන් හරහා ඉදිරියට  ගියේය.

70 දශකය ආරම්භ වන්නේ බණ්ඩාරනායක මැතිනියත් දේශපාලන ජයග්‍රහණයක්  සමඟයි. ඇය අගමැතිනිය ලෙස දෙවැනි  වරටත් පත්වන අතර  දිවුරුම් දිමේ  උත්සවය පැවැතියේ නිදහස් චතුරශ්‍රයේ දීය. එහි දි  තේමා ගීතයක් නම්කර  තිබුණි. රන් තරුවක් රුවක් රුවක්  රිදි ලොවක් ලොවක්  නමින් වු  එම ගීතය රචනා කළේ සුනිල්  සරත් පෙරේරාය. ගායකයා  වික්ටර් රත්නායකයන්ය.

සුභාවිත ගීතය නිල වශයෙන්ම ප්‍රකාශයට  පත්වුයේ  එදින යයි  මට හිතේ. ඊට  හේතුය වුයේ  ඒ  සමඟම ගුවන් විදුලි  සංස්ථාවේ  සභාපති  ලෙස පත් වු  රිජ්වේ තිලකරත්න මහතා  සුභාවිත ගීතය ඉහළට  ගෙන ඒමට  වැඩ කටයුතු  ඇරඹිය. ඒ වන විට  මුළු ගුවන්  විදුලිය තුළම හින්දි ගීතය බලය අල්ලාගෙන සිටි යුගයක් විය. රසිකයන් සහ ශ්‍රාවකයෝ ද හින්දි  ගීත පසු පස දිවුහ. සිංහල ගීත බොහොමයක් ම හින් දි  තනුවලට නිර්මාණය විය. මේ අර්බුදයට  රිජ්වේ තිලකරත්න සාර්ථකව මුහුණ දුන්නේය. සුභාවිත ගීතය දොරට  වැඩම සඳහා අව‍ශ්‍ය  මඟ එළි පෙහෙළි කරගත්තේය.

ඔහු  සුභාවිත ගීතය නැංවීම සඳහා  ගත් පියවරයන්  අතර මුල් පියවර  නැංවීම සඳහා  ගත් පියවරයන් අතර  මුල් පියවර  වුයේ ගී පද රචකයින්  සොයා රටපුරා  යෑමය.  ඔහු ගී පද රචනා  තරඟයක්  ඇරඹිය. මුල් ස්ථාන තුනට මුදලින් තෑගි දිමටත්  හොඳම පද රචනා  ගායකයන් ලවා ගායනා  කොට  සංයුක්ත තැටි  වලට  බා ගත කරන බවටත්  දැන්වීය. ගී පද රචනා  දහස් ගණනක් ගලා ආරංචිය මුල්ම තරඟයේ හොඳම ගීපද රචකයා  ලෙස තේරුණේ ඒ වන විට  සුභාවිත ගීතයට  පෙම් බඳිමින් සිටි සුනිල් සරත් පෙරේරාය. ඔහුගේ  ගී පද රචනාව වුයේ පෙරදිනයක මා පෙම්කළ යුවතිය නම් වු ගීතයයි.

ගුවන් විදුලියේ  යෞවන සමාජය වැඩ  සටහන නවීකරණය කළ යෞවනයන්ගේ නව නිර්මාණ සඳහා  ගුවන් විදුලිය තුළ වැඩි ඉඩක්  සකස්  කළේය.

70 දශකයේ  මුල ආරම්භ කළ සුභාවිත ගීතය ඉහළ නැංවීමේ  වැඩ පිළිවෙළ 70 දශකයේ අග භාගය වන විට  මල් පල ගැන් වී  තිබුණි. එය සුභාවිත ගීතයේ ස්වර්ණමය යුගය සටහන් කළේය.

1977 ඇති වු පෙරළියන් සමඟ රටේ ඇති වු  මුලික වෙනස්කම් නිසා සුභාවිත ගීතයේ  අවසන්  හුස්ම පොද වැටෙන යුගය සටහන් කළේය.

විවෘත ආර්ථික ක්‍රමය පැමිණිමත් සමඟම රට තුළට හොඳ සහ  නරක සමාන ලෙස ගලා ආවේය. මිනිසාගේ දෛනික කටයුතු  සමඟ එකට  බද්ධ වු  මෙවලම් 3 ක් විය. රූපවාහිනිය,ජංගම දුරකතනය සහ පරිගණකය එම භාණ්ඩයන්ය.

සහශ්‍රය එළැඹෙන විට  යුරෝපය පුරා  පැතිර  ගිය කාම උන්මාද රැල්ලට  ගොදුරු නොවු  රටක්  නැකි තරම්ය.  පාසල්  ප්‍රේමය ප්‍රකට  වී තිබුණේ  පෙම් හසුන් සංස්කෘතියක් සමඟය. ජනප්‍රිය ගීතවල කොටස්  පෙම් හසුන් වල මාතෘකා  විය. ප්‍රේමය ආදරය විරහව පෙම් හසුන්වල මනා ලෙස දක්නට  ලැබුණි.

ජංගම දුරකතනය පැමිණිමෙන් පසු  පෙම් හසුන්  ජංගම දුරකතනය පැමිණිමෙන් පසු පෙම් හසුන්  සංස්කෘතිය පට්ටම් වී  ගියේය. සුන්දර  වු ආදරය වෙනුවට  රාගය පෙරටු  කරගත්  කෙටි  පණිවුඩ  තමන් ජංගම දුරකතන වල පැල පදියම් විය. ආදරය, ප්‍රේමය වෙනුවට  රාගය මුල් තැනට  පැමිණියේය.

රාගය මුල්තැනට  එන විට  සුභාවිත ගීතය පෑල දුරින්  පලා ගියේය. ඒ හිස්තැන පුරවන්නට  කාම උන්මාද රැල්ල සමඟ පැමිණි  වේග රිද්මය වටා  රොක් වුහ.

වේග රිද්මයන්ට  අනුව වේදිකාවල ගී ගැයිම්  සමහර  විට  අවසන් වන්නේ  ලේ ගලා  ගනිමින් සහ ගහ මරා  ගනිමිනි. තවත්  සමහර  අවස්ථාවල වේදිකාවේ ගී ගයන ගායකයා  දෙසට  තරුණියන් බ්‍රෙසියර් ගලවා විසිකිරිම සහ ගායකයා විසින් ඒවා  අහුලා ගැනීම සිදු කෙරේ.

යුරෝපයේ මෙය බහුලව සිදු වුණත්  මඩු වලිගයෙන්  තැලිය යුතු වරදක්  නොවන අතර  යුරෝපයේ මෙය ප්‍රවෘත්තියක් නොවේ. ඒ යුරෝපා  සංස්කෘතිය අනුවය. නමුත්  අප රටේ  පිරිසිදු  සංස්කෘතියක් තිබෙන නිසා  එවැනි  දේ සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල වේ. එය එසේ සිදු වුවත් සිදුවිය යුතු බොහෝ  දේවල්  සිදු වී හමාරය.

තම ස්ථානයේ  ලා ගිනිය හැකි  ගායකයින්  කිප දෙනාගෙන්  අමරසිරි  පිරිස් එක්  අයෙක් විය. ඔහු සංගීත කේෂ්ත්‍රයේ වසර  30 ක් පමණ ගත කළේ  වයලීන්  වාදකයෙක්  ලෙසය.

ප්‍රේමසිරි කේමදාසයන් ඔහු  ගායකයකු  බවට  පත් කළේය. පසුව තරුණ පරපුර  හා එක්වු අමරසිරි  පිරිස්  තරුණයින්  දෙදෙනකුගේ නිර්මාණ වලට දායකවිය. ජයන්ත චන්ද්‍රසිරිගේ  සමනල සංද්ධවනිය චිත්‍රපටයේ  අමිල තේනුවර  රචනා කළ දර්ශන රුවන්  දිසානායක සංගීත සංයෝජනය කළ ඉකි ගසා  හඬන අතීතයක නමැති  ගීතය එක රැයින්  රට පුරා ජනප්‍රිය විය.

තරුණ පරපුර මහත් ආදරයෙන්  එය වැළඳ ගත්තේය. ඉන්පසු  සමන් අතාවුදහෙට්ටි රචනා කළ මලක් වුණේ ඇයි නුඹ මට , ධම්මික බණ්ඩාර රචනා කළ මගේ  පුංචි  රෝස මලේ   වැනි  ගීත ගායනා කළ අතර  තරුණ පරපුර  අතර  එම ගීත ඉමහත්   ජනප්‍රියත්වයට  පත්විය.

විශාරද අමරදේවයන් ද තරුණ පරපුරේ ප්‍රචලිත ගායිකාවක්ව සිටි උමාරියාට  ගීතයක් ගයන්න ආරාධනා  කළේය.ඇය එම ආරාධනාව පිළිගත්තේ දොහොත් මුදුනින්ය. හන්තාන සිහිනේ - බලා  වැළපෙමි ගීතය ප්‍රචලිත වීමෙන්  පසු ප්‍රබුද්ධ ගී පරපුර  දස අතේ  හොල්මන් විය.

තරුණියකගේ  ආදරය ප්‍රබුද්ධ ගීරචකයින්  උපමා  කළේ  සෞන්දර්යාත්මක වස්තුන්  වලට  වුවත්  උමාරියා  කිව්වේ  තරුණියකගේ  ආදරය ඩෙනිම් කලිසමක්  බඳුය කියාය. එවැනි  අදහස්  ඇති  තරුණියක්  සමඟ යුග ගීයක්  ගැයීම නිසා  ප්‍රබුද්ධ ගීපරපුර  නිහඬව බලා  සිටියේය.

අමරදේවයන් ඔහුගේ සංගීත දිවිය තුළ සිදුකළ හොඳම ආයෝජන වලින් එකකි. මෙවැනි සිදුවීමක් මෙයට වසර 25 කට  පමණ පෙර  සංගීතවේ දී ප්‍රේමසිරි කේමදාසයන් අතින් සිදුවිය.

ප්‍රේමසිරි කේමදාසයන් ජෝතිපාලව දුලිකා චිත්‍රපටයේ ගායනා සඳහා යොදාගත්තේය. ‘ආදර මල් පවනේ’ එක් ගීතයකි.  ඔහු ප්‍රබුද්ධ ගීත ගයන්නේ නැති බව පෙන්වා දුන්නේය.

විශාරද අමරදේවයන් සිදු කළේත් එදා කේමදාසයන් කළ කාර්යමය. අමරදේව සමඟ යුග ගීයක් කීමට වාසනාව තිබිය යුතුය. කොපමණ ගායිකාවන් සිටියත් ඔවුන්ට නොලැබුණු වාසනාව උමාරියාට  ලැබීම නිසා ඔවුනට එක්තරා ඊර්ෂියාවක්  තිබෙන්නට පුළුවන.

විශාරද අමරදේවයන් සමග හන්තාන සිහිනේ ගීතය ගැයිමෙන් පසුව ප්‍රබුද්ධ පරපුරට කට උත්තර නැතිවිය.  

හන්තාන කඳුවලට මැදිව රඟහලක මැද වැහි පබළු යට සුභාවිත ගීතය නැමැති දෝනේ තුරුළු වෙන්නට හැකි බව උමාරියා හොඳින් පෙන්නුම් කර දුන්නාය.

අමරසිරි පීරිස් ගායකයකු වූයේ ඔහු සංගීත ජීවිතය අරඹා වසර 30ක් පමණ ගිය පසුවය. ගායකයකු වන තෙක් වාදකයකු ලෙස ඔහු වැඩ කළේය. මේ වනාහි දෙවියන්ට සිදුවූ අත්වැරැද්දකි. පසුව දෙවියන් විසින්ම ඔහු ගායකයෙක් බවට පත් කරන ලදී. සිදුවූ වරද යළි සිදු නොවීමට වගබලා ගනිමින් කලින් සිදුවූ වැරැද්දට වන්දියක් ලෙස උමාරියාට මධුර මනෝහර කට හඩක් දී කල් ඇතිවම රටට තිළිණ කළේය. අමරසිරි පීරිස් හා උමාරියා ප්‍රශස්ත මට්ටමේ ගායක ගායිකාවන්ය. අමරසිරි පීරිස් සහ උමාරියා දෙවියන් විසින් රටට ලබා දුන් තිළිණයන්ය.

දැන් පන්දුව ඇත්තේ ගීත රචකයින්ට සහ සංගීතඥයින්ටය. අමරසිරි පීරිස්, කසුන් කල්හාර, අමල් පෙරේරා, භාතිය හා සන්තුෂ් වැනි සන්නද්ධ කණ්ඩායමක් පෙරමුණේ සිටිති.

අනිත් පාර්ශවයෙන් උමාරියා, මීනා ප්‍රසාදීනි සුභානි ප්‍රමුඛ නව පරපුර සමඟ නිරෝෂා,සමිතා ආදි ගායිකාවන් පිරිසක් සිටිති. මේ සියලු දෙනාට එකට එක්වී ගමනක් ගියොත් සුභාවිත ගීතය ගොඩේ ගොඩය.

ජාතික රූපවාහිනිය සුභාවිත ගීතය උන්නතිය උදෙසා අවශ්‍ය පසුතලය සකස් කළේය. සුභාවිත ගීතයේ පැවැත්මට අවශ්‍ය වන්නේ රස වින්දනය තිබීමය. ගමේ රස වින්දනය ඉහළ මට්ටමක තිබිය යුතුය. ‘සුසර දැහැන‘ සහිසිහිනයකි. රැ  වැනි වැඩ සටහන් නිර්මාණය වී තිබුණේ රස වින්දනය ඉහළ තලයකට ගෙනයාම සඳහාය.

සුසර දැහැනට සමවැදුණු රසිකයන්ගෙන් බහුතරය රසාස්වාදය පිළිබඳව හොඳින් සන්නද්ධ වූවාට කිසිදු සැකයක් නැත. ඊට හේතුව එම වැඩසටහන මෙහෙයවූ පාරමී රණසිංහ නිරන්තරයෙන්ම ඉලක්ක කරගන්නේ  ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිය සමග ගනුදෙනු කරන්නටය.

ඇය එම කාර්යය සාර්ථකව ඉටුකළ බවට සැකයක් නැත. ඇයටම ආවේණික වූ නිර්දේශිත වාග් මාලාවකින් ඇය හැම විටම සන්නද්ධව සිටියාය. ඇය වැඩ සටහනේ මුල සිට අග දක්වාම දියත් කළ වචන හරඹය අසා සිටින ඇගේ රසිකයන් අවසානයේදී අනුගාමිකයන් බවට පත්වීම අනිවාර්යය. ඇයට එවැනි සංසාරික ගුණයකුත් නැතුවා නොවේ. නමුත් සරල කතා ශෛලිය නිසා එවැන්නක් පහසුය.

මේ නිසා සුසර දැහැනේ ප්‍රේක්ෂක සංඛ්‍යාව අති විශාල බවට සැකයක් නැත. වරක ඇය වේග රිද්මයක් බඳුය. තවත් වරක ඇය නිසලව ගලා යන දොළ පහරක් මෙන් සිසිල්ය. වැඩ සටහනේ මුල සිට අග දක්වා මේ අන්ත දෙකේ දෝලනය වෙමින් වැඩ සටහන මෙහෙයුවාය. ඇගේ මුවින් ගලා එන වචන   ගණනය කළ නොහැක. අසීමිතය. එම වචන පුදුමාකාර විදියට ඇය කළමනාකරණය කර ගනියි. අවසන් සුසර දැහැන වැඩසටහන නිදසුනකි. ගායක අමරසිරි පීරීස් සිය ගායනය හමාර කිරීමෙන් පසු විනා දුක් නිරෝගී තිර ජීවනය හැරෙන්න ඔබට වෙන කුමක් ප්‍රාර්ථනා කරන්නද? යන්නෙන් ඇය කියු වදන් වල යථාර්ථය ගැන කවර නම් වූ කතාද?

මේ තරම් සියුමැලි හා මට සිලිටි ලෙස භාෂාව  ව්‍යාප්ත ලෙස හසුරුවන නිවේදිකාවක් මගේ මතකයේ නම් නොමැත. ඇය වැඩසටහන මෙහෙයවූ ආකාරය පිළිබඳව තනි වචනයකින් කිවහොත් හරිම අපූරුය.

‘සිහිනයකි රැ‘ වැඩ සටහනත් ඊට නොදෙවැනිය. ප්‍රේක්ෂකයන් පුරා පැය දෙකක් එකම තැන රඳවා තැබීමට වැඩසටහන මෙහෙයවූ මහේෂ්ට හැකිය.

මගතොටේ හමුවන විටදී කියැවෙනි ආයිබෝං‘ වැනි සුන්දර වචනයකින් ඔහු ආරම්භයේදී ප්‍රේක්ෂකයන් අමතයි. ඔහු මෙතෙක් දුර ආ ගමන් මග හෙමින් සීරුවය. දැනුත් එහෙමය. වැඩසටහනේ ස්වරූපය අනුව ඔහුට හැමදාම අහන්න වෙන්නේ එකම ප්‍රශ්නය බැලූ බැල්මට ඒකත් කරුමයකි. නිදසුනක් විදියට මුලටම මේ ගීය තේරුවේ ඇයි? පළවෙනි ප්‍රශ්නය පන්සිල් පද පහේ එන ‘පාණාතිපාතා වේරමණී’ වගේය. හැමදාම එකමය. දෙවැනි ප්‍රශ්නය  ගීත තෝරන්න අමාරු වුණේ නැතිද?‘ඕකත් අර ජාතියේම ප්‍රශ්නයකි.

2017දී අලුත් විදියකට ගමන් අරඹන්න. අලුත් දේවල් හිතන්න ඔබ දක්ෂයි. ඒවාගෙන් ප්‍රයෝජන ගන්න.

මුල් ප්‍රශ්න දෙක ඉවර වුණාම එතැන් සිට මහේෂ් නිශ්ශංක සැබෑ මාධ්‍යවේදියකුගේ චරිතයට අවතීර්ණ වෙයි. එතැන් සිට ඔහු උත්සහ ගන්නේ මිනිසා තුළ සැඟවී සිටින දෙවැනි අභිරහස් මිනිසා එළියට ගන්නය. ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව ඔහු ඒ සඳහා වෙහෙසෙයි. ඔහු එයට හපනෙකි. වැඩසටහන මෙහෙයවන  ක්‍රමය අනුව ඔහු ඊට ගැලපෙන භාෂාව යොදාගනියි. ඒ භාෂාව සරලය. විටෙක එය ආලවන්ත ස්වරූපයක් ගනියි. ප්‍රේමනීය බවකුත් හැඟේ.

ශෘංගාරාත්මක කරුණූ ප්‍රේක්ෂකයන්ටත් හොරා ඔවුන්ගේ හදවත්වලට ගෙන යෑමට ඔහු දක්ෂය.නිසංසල එහෙත් රැහැයියන්ගේ හඬ හීනියට ඇසෙන රැයක කණට කොඳුරා රහස් කියන්නා සේ ඔහුගේ වදන් පෙළ සහෘදයන්ගේ දෙසවන් මුදා හැරීමට ඔහු අති දක්ෂය. මා මේ අත්දැකීම මීට පෙර දුටුවේ   ප්‍රේමකීර්ති අල්විස්ගෙනි. ඔහුගෙන් පසුව එහි මහේෂ් චමත්කාරජනක ලෙස ඉටුකරයි. ඔහුගේ මටසිලිටු වාග් මාලාවට ප්‍රේක්ෂකයන්ගේ හදවත ස්පර්ෂ කළ හැකිය. එමගින් ඔහු කතා කරන්නේ හදවතටය. ශිල්පියකුට ප්‍රේක්ෂකයන්ගේ හදවතට කතා කළ හැකිනම් ඔහුට ඉන් ලැබෙන සතුට තරම් තවත් මොන සතුටක්ද?

සුළු සුළු අඩුපාඩු නැතුවා නොවේ. තොරාගෙන ගීත වලින් බහුතරය ප්‍රේමය ආදරය හා විරහවට සම්බන්ධය. ප්‍රේමය ආදරයට විරහවට බොහෝ දෙනකු තුළ ඇති කැමැත්ත ඉන් හෙළිවේ. නමුත් ජීවිතවල ඇති දුක දෝමනස්සයන් දෙස ගැඹුරින් බැලීමට ප්‍රබුද්ධගීත රචකයා කටයුතු කර තිබේ. ඒවාත් සාකච්ඡා කළ යුතුය.

මේ වැඩසටහනේ නිතරම විචාරයට ලක්වන්නේ ගී පද රචකයා ගැන පමණය. සංගීතය ගැන කතා කරන   ප්‍රමාණය අඩුය. නමුත් සංගීතය අමතක කර ඉදිරියට යා නොහැකිය. සංගීතය සහ එහි ඇති භාවාත්මක ගුණය පිළිබඳව මසකටවත් වරක් විද්වත් මණ්ඩලයක් මගින් අඩුම වශයෙන් පැය භාගයක විචාරයක් ඉදිරිපත් කිරීමෙන් රසාස්වාදය ඉහළ තැනකට ගත හැකිය.

මා මෙය සඳහන් කළේ අද්විතීය සංගීතඥයකු වන ෂෙල්ටන්  ප්‍රේමරත්න මහතා සහභාගී වූ වැඩ සටහනේදී ඔහුගෙන් උදුරා ගැනීමට බොහෝ දේවල් තිබියදී අප ඒ අවස්ථාව මඟ හැර ගත් බවයි. ඔහු අති දක්ෂම සංගීතඥයකි. ඒ ගැන විවාදයක් නැත. ‘නරියා හා කේජු‘ නම් වූ වේදිකා නාට්‍යයේ සංගීතය වෙනුවෙන් රාජ්‍යභාවය උළෙලේදී හොඳම සංගීත අධ්‍යක්ෂණයට හිමි ත්‍යාගය ලබා ගත්තේය.

ඔහුට එම රාජ්‍ය  සම්මානය අනිවාර්යෙන්ම ලැබිය යුතුය. ඔහු එම නාට්‍යයයේ සිදුකළ නිර්මාණශීලි සංගීතය වෙනුවෙන් ඔහුට එය ලැබිය යුතුමය.

නරියා සහා කේජු වේදිකා නාට්‍යයයේ කේජු කර්මාන්ත ශාලාවේ ඇති යන්ත්‍ර සුත්‍ර නිරුපණය කළේ නළුවන්ගේ අභිරූපණය මගිනි. යන්ත්‍ර සුත්‍ර වල ක්‍රියාකාරිත්වය හඬ ලබාදුන්නේ සංගීතය මගිනි.  

මෙහි සිදුකළ වික්‍රමයත් අදටත් නොදනී. කෙසේ හෝ අඩුපාඩු තිබුණත් හොද සංකල්පයක්. සංකල්පය කාගේ වුවත් ඔහුට ප්‍රණාමය අවසන් කිරීමට කලින් තවත් එක් කරුණක් කිව යුතුමය. සුභාවිත ගීතයේ ස්වර්ණමය යුගය 70 දශකය බව රූපවාහිනිය ඉදිරියට විත් පවසා පෑල දොරින් නික්ම යති. 70 දශකයේ ගුවන් විදුලි සභාපති  ලෙස රාජකාරී කළ රිජ්වේ තිලකරත්නයන් සුභාවිත ගීතයේ උන්නතිය වෙනුවෙන් අපමණ සේවයක් ඉටු කළේය. නමුත් ඔහු ගැන වචනයක්වත් නැත. අප ජීවත් වෙන්නේ කාලකණ්ණි සමාජයක යැයි මට සිතේ. මෙය රටේ මහා ඛේදවාචකයකි. අනාගතයේ දිනක වත්මන් රූපවාහිනී සභාපති විජයවර්ධන මහේෂ් හා පාරමීලාටත් මේ දේ නොවුණොත් හරි පුදුමයි.

ලිපිය අවසන් කිරීම සඳහා අමරසිරි පීරිස් ගයන ගීයක් තෝරා ගත්තෙමි. ගී පද රචකයා සමන් අතාවුදහෙට්ටිය. විනාශ වූ ලෝකයකින් බේරි පලායාමට දඟලන ජෝඩුවක පිළිබඳ ගීතයන් කියැවේ. පලායෑම ලෙහෙසි නොවේ. ඔවුන්ම කොටු කරයි.ඔහුන් නික්ම යන හැටි බලන්න.අමරසිරි පීරිස් ප්‍රමුඛ සුභාවිත පරපුරටත් උමාරියා ප්‍රමුඛ නව පරපුරටත් මේ ගීතය පොදුය. සමකාලීනය.

ඉරි තැළුණු වලා-උඩු වියන් යටින්

මුඳු තාර ඇතිරිල්ලේ

යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ