ජාතිවාදී දේශපාලනය හා එහි අතුරු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති වූ ගැටුම්වලට වසර 100කට වැඩි ඉතිහාසයක් ඇත. බ්‍රිතාන්‍යයේ අප කවුරුත් දන්නා ඔවුන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා අප බෙදා වෙන් කළහ. එහෙත් බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලැබ වසර 70ක් ගත වී ඇතත් අපගේ බෙදීම් අතිශෝක්තියෙන් යුතුව  ප්‍රදර්ශනය කිරීමට අපි පුරුදුව සිටිමු. අප එක්සත් ජාතියක් හැටියට ඉදිරියට යාමට අපොහොසත්වී සිටිමු. නිතර නිතර සිදුවන ගැටුම් රටක් ලෙස අප ක්‍රමයෙන් ආසියාවේ පිළිකන්නට තල්ලු  කිරීමට හේතු වී තිබේ.

 අප අතර ඇති විවිධත්වය හඳුනා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වනවා මෙන්ම, එයින් ඔබ්බට යමින්, ජාතික සමගිය උදාකරගත යුතුව ඇත. දශක දෙකකට පමණ පෙර සෙසු ලෝකයා සිටියේ අපට ඈතීන්ය. එකල අපට කිසි දෙයකට වෙන කෙනකුගේ උදව් අවශ්‍ය නොවිණී. එහෙත් අද අපට නොමිලයේ ලැබෙන හිරු එළිය හා ජලය හැරුණු කොට අප ආශ්වාස කරන අදුෂිත වාතයේ සිට මැද පෙරදිග රැකියා දක්වා සියලු දේ ලබාගැනීමට සෙසු ලෝකයා මත  යැපීමට සිදුව තිබේ.

අපට එක්සත් ජාතියක් හැටියට ඉදිරියට යාමට නොහැකි නම් අපට එහි විකල්පය වන බෙදුණු ජාතියක් ලෙස සිටීමට සිදුවන ඇත. බෙදුණු ජාතියක් ලෙස ආගම් හෝ වාර්ගික බහුතරවාදය  අපේ දේශපාලනයේ අනාගත පදනම ලෙස සෙසු ලෝකයාට අලෙවි කළ නොහැක. මෙවැන්නක් වුවහොත් සිදුවන්නේ අප ආගම්වාදි හෝ ජාතිවාදී රජයක් සහිත රටක් ලෙස හංවඩු ගැසීමයි. මෙම විකල්ප සිදුවන්නේ තවත් ගැටුම් රට තුළ ජනිත වීමයි. එවැන්නක් වුවහොත් අපගේ රටේ  අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට මාන බලන ජාත්‍යන්තර ප්‍රජාවට එය මහත් පිටිවහලක් වනු ඇත. මෙම රෙජිමයන් වර්ග දෙකටම අප සහජීවනයෙන් කටයුතු කළ යුතු රටවල්වල සහාය නොලැබෙනු ඇත. 

සමහර මැද පෙරදිග රටවල් සිදුකරමින් සිටින වැරැද්ද මෙය වන අතර එයින් එම රටවල ජනයාට මහත් අනිසි පල විපාක ගෙන දී ඇත. මෙවැනි සමහර රටවල් නායකයෝ තමන්ගේ ජනතාවගෙන් මෙන්ම අද ලෝකයේ පවතින යථාර්ථයන්ගෙන් ද ඉතා දුරස්ව සිටිති. තමන් අදහන ආගමට වැරැදි අර්ථකථන ලබා දෙමින් ආගමින් ජනතාවට දී ඇති නිදහස පාලනය කිරීමට ඔවුහු උත්සාහ දරමින් සිටිති. ඔවුහු ඉතා පීඩාකාරී ලෙස සිය රටවල් පාලනය කරන අතර ඉතා දරුණු නීති පනවමින් ජනයා බිය වද්දා ඔවුන් පාලකයන්ට එරෙහිව නැඟී සිටීම වළක්වාලීමට උත්සාහ කරමින් සිටිති.

බහු භාෂාමය, බහු සංස්කෘතික හා බහු ආගමික රජයකට ලැබෙන අන්තර් ජාතික පිළිගැනීම හා සහය ශ්‍රී ලංකාවේ වාර්ගික හෝ ආගමික බහුතරවාදී රජයකට කිසිදා නොලැබෙනු ඇත. මෙවැනි නිකායවාදී රජයක් බිහිවුවහොත් එහි ආරක්ෂක හමුදාවලට ජාත්‍යන්තර පරීක්ෂණයට ඉඩ දෙන ලෙසට බලපෑම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හරහා එල්ල විය හැකි. මිශ්‍ර අධිකරණ පිහිටුවිය යුතු යැයි කරන ඉල්ලීමත් තවත් තීව්‍ර විය හැක.

දැනටමත් මහත් විදේශීය ණය බරකින් පීඩා විඳින රට බලගතු රටවල් වලින් පැන විය හැකි සම්බාධක හමුවේ තව තවත් පීඩාවට පත් විය හැක. බලගතු රටවල් සතු විකල්ප විවිධාකාරය. මෙම විකල්ප අතර අප රෝම ප්‍රඥප්තියට අත්සන් නොකළත්, ආරක්ෂක මණ්ඩලය සතු ක්‍රියාදාම තුළින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩු පැවරීමේ වුවද අරමුණක් තිබිය හැක. සුඩානය ද රෝම ප්‍රඥප්තියට අත්සන් තබා නොමැත. එහෙත් සුඩාන ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහි ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. 

දේශපාලන තලයේ නොමඟ ගිය ප්‍රයත්න රට ඉතා අහිතකර බලපෑම් එල්ල කිරීමට තුඩු දිය හැක. හිටපු රෙජිමය සමයේ අලුත්ගම ඇති වූ සංවිධානාත්මක ප්‍රහාර හා දැන් සිටින රජය යටතේ ගිංතොට, අම්පාර, දිගන හා තෙල්දෙණියේ දී දියත් කළ ප්‍රහාර අප සියලු දෙනා පිළිබඳ ඉතා නින්දා සහගත භයානක ප්‍රතිරූපයක් ලොව පුරා ප්‍රචලිතව ඇත. මෙයින් වූ විනාශය අපමණය. මෙම අනර්ථ ප්‍රතිරූපය දරුණු ගෝත්‍රික මානසිකත්ව ව්‍යාධියකින් පෙළෙන ජාතියක් ලෙස පිළිබිඹු කිරීමට සමත්ව තිබේ. 

දශක ගණනාවක් පුරා විහිද යන ප්‍රශ්නයක් එක් රැයකින් අවසන් කළ නොහැකි බව ද අප සිත්හි තබා ගත යුතුව තිබේ. නිදහසින් පසු සෑම දේශපාලන පක්ෂයක් තුළම ජාතිවාදී දේශපාලන මෙහෙයුම් තිබී ඇත. අද වුව ද සෑම දේශපාලන පක්ෂයක් තුළම වාර්ගවාදී අංග දක්නට ඇත. සමහර සුළු ජාතික කොටස් නියෝජනය කරන ඇතැම් දේශපාලන පක්ෂ තමන්ගේ ප්‍රතිපත්ති පදනම් කරගෙන ඇත්තේ හුදු වර්ගවාදය පමණක් මතය. ඔවුන්ගේ මතය වන්නේ බහුතරවාදී වර්ගවාදයේ ප්‍රතිඵලයක් සේ ඔවුන් බිහි වූ බවය. 

සියලු දේශපාලන පක්ෂ ජාතිවාදය හා වර්ගවාදය තමන්ගේ දේශපාලනයෙන් ඉවත් කර ආගමික නැඹුරුවකින් තොරව, විනිවිදභාවයෙන් යුතුව කටයුතු කළ නොහැකි නම් අප රටට ජාතිවාදී දේශපාලනය අවසන් කිරීමට නොහැකි වනු ඇත. මෙයට සමාන ප්‍රශ්න පැවැති මැලේසියාව සිංගප්පූරුව හා තායිලන්තය වැනි රටවල් දශක ගණනාවකට පෙර අප පසු කර ඉදිරියට ගියේය.

අපගේ ජාතිවාදී හා වර්ගවාදී දේශපාලනයට හා ගැටුම්වලට පින්සිදුවන්නට යුද්ධයෙන් බැට කන වියට්නාමය, බංගලාදේශය ලාඕසය වැනි රටවලට ද පිටු පසින් අපට සිටීමට සිදුව තිබේ. 

ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි බෞද්ධාගමට සියලු ආගම් අතර ප්‍රමුඛ ස්ථානය ලබාදීමට මෙම රටේ සිටින කිසිවකු විරුද්ධ වන්නේ නැත. බුදු දහමේ චිරස්තිථිය සඳහා ආර්ථික හෝ වෙනස් ආකාරයකින් රජයෙන් ලැබන සහායට මේ රටේ සිහි බුද්ධිය ඇති කිසිදු පුද්ගලයෙක් විරුද්ධ වන්නේ නැත. බෞද්ධාගමේ දියුණුව හා එහි අඩංගු ජීවිතය පිළිබඳ ලොව පිළිගත් මූලධර්ම මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව හා සුරක්ෂිතභාවය තහවුරු කරන හොඳම සහතිකය බව අපි පිළිගනිමු. 

එහෙත් දේශපාලන හා නිල මට්ටමේ ක්‍රියා නිසාද ප්‍රශ්ණ පැන නැගිය හැක. රජයේ ඉඩම් ලබාදීමේ දී රජයේ රැකියා, ස්ථාන මාරු, නිවාස ලබාදීම හා රේගු හා පොලිස් කටයුතුවල දී සිදුවන වෙනස්කම් ඉතා ඉහළය. මේවා වාර්ෂික ආගමික හෝ කුල පදනමකට ද සීමා නොවේ. 

සමහර බෞද්ධයන් මුස්ලිම් ජනයා පිළිබඳ දරන යම් අදහස් සමහර විට වැරැදි හෝ අතිශෝක්තියකින් යුතු ඒවා විය හැකි වුවද එම කරුණු කාරණා නිරවුල් කිරීමේ වැදගත්කම මුස්ලිම් ජනයා වහා අවබෝධ කරගත යුතුව තිබේ. මුස්ලිම් ජනතාව හා සම්බන්ධ කර පතුරුවන එවැනි ව්‍යාජ ප්‍රචාර හා වැරැදි සංකල්පවලට උදාහරණ ලෙස වඳභාවය ඇති කරන ඖෂධ ආහාරවලට මිශ්‍ර කිරීම, ප්‍රජනනයේ වර්ධනය, අන්තරායකර ඖෂධ වෙළඳාම, මුස්ලිම්වරුන් කරන බවට, මුස්ලිම් කාන්තාවන් සිරුර ආවරණය වන සේ පළඳින කළු පැහැති ඇඳුම මෑතක සිට ඇඳිය යුතුයි යන කරුණු අන්තවාදයට සාක්ෂි ලෙස පෙන්වීම සැලකිය හැක.

මෙවැනි සමාජ වැරැදි මති මතාන්තර දුරු කිරීමට මුස්ලිම් ජනයා කටයුතු කළ යුතුව ඇති අතර, සමහරක් කරුණු ජන හා සංඛ්‍යා ලේඛන අධ්‍යක්ෂක වැනි රජයේ නිලධාරීන්ට ද තව සමහරක් කරුණු බෞද්ධ භික්ෂුන් වහන්සේලාට ද පහදා දී හැකි යැයි මම විශ්වාස කරමි. 

1980 ගණන්වල කොමියුනිස්ට්වාදය බිඳ වැටීමෙන් පසු ලෝකයේ ඇති වු නව ප්‍රවණතා පිළිබඳව ද මුස්ලිම් ජනයා විමසා බැලිය යුතුව තිබේ. මෙම බිඳවැටීමට ප්‍රථම සමහර බටහිර රටවල් කොමියුනිස්ට්වාදය මට්ටු කරන මුවාවෙන් බෞද්ධ රටවල් වන වියට්නාමය, ලාඕසය වැනි රටවල යුදමය ක්‍රියාදාමවලට සම්බන්ධ විය. 

20 වන සියවසේ හතරෙන් තුන් පංගුවක්ම යනතෙක්, බටහිර යුද අවි ව්‍යාපාරය අහිංසක ජීවිත බිල්ලට දි සිය මඩිය තරකර ගත්හ. කොමියුනිස්ට්වාදය බිඳ වැටීමත් සමග බටහිර විසින් නව සතුරෙකු නිර්මාණය කර තිබේ. ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ යම් කොටස්වල මනසේ ව්‍යාකූලතාවක් ඇති කිරීමට සමත්ව තිබෙන මුස්ලිම් ජනයා පිළිබඳ යම් කරුණු කොමියුනිස්ට්වාදය බිඳ වැටීමෙන් පසු මුස්ලිම් ජනයාට එරෙහිව හිතාමතාම ලොව පුරා පතුරුවා හරින කරුණුවලට සමාන වේ.

බටහිර විසින් කොමියුනිස්ට්වාදය බිඳ වැටීමෙන් පසු ඉස්ලාම් “මූලධර්ම වාදය” පසුව “අන්තවාදය” හා මෑතක සිට “ඉස්ලාම් ත්‍රස්තවාදය” වැනි නම්වලින් හඳුන්වමින් කොමියුනිස්ට්වාදය වෙනුවට නිර්මාණය කළ සිය නව සතුරා හඳුන්වා දීමත් සමඟ ආයුධ කර්මාන්තකරුවන් හා යුදෙව් මාධ්‍යය ලොව පුරා සිටින මුස්ලිම් ජනයාට එරෙහිව බොරු චෝදනා හා සාවාද්‍ය ප්‍රවෘත්ති පතුරුවා හරිමින් සිටී. මෙම ව්‍යායාමයේ අරමුණ ගැටුම් නිර්මාණය කර ඉතා බලගතු යුද අවි ජාවාරමේ චිරස්ථිතිය තහවුරු කිරීමයි. 

මුස්ලිම් ප්‍රජාව අවධානය යොමු කළ යුතු තවත් කරුණක් වන්නේ උතුර හා නැගෙනහිර වෙසෙන දෙමළ ප්‍රජාව හා තමන්ගේ ඇති සම්බන්ධයයි. මක් නිසාද යත් මුස්ලිම් ප්‍රජාවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් මෙම ප්‍රදේශවල ඉන් පිටත ප්‍රදේශවලට වඩා ආරක්ෂිතව ජීවත්වන බැවිනි. මුස්ලිම් ප්‍රජාවට එරෙහි මෑත දී ඇති වූ ප්‍රහාර ගැන සඳහන් කරමින් ටෙලෝ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් සඳහන් කර ඇත්තේ උතුර නැගෙනහිර ඒකාබද්ධ කළ භූමියක මුස්ලිම් ජනයාට ඉතා සාමකාමී ලෙස ජීවත් විය හැකි බවයි.

මුස්ලිම් ප්‍රජාව කරදරයට පත්ව සිටින අවස්ථාවක උතුර හා නැගෙනහිර “ඒකාබද්ධ” කිරීමට මුස්ලිම් ප්‍රජාවේ සහාය ලබා ගැනීමට ටෙලෝ සංවිධානය මෙවැනි ප්‍රකාශ වලින් මාන බලනවා විය හැක. යුද්ධයේ පළමු දෙවන හා තුන්වන අදියරවලට පෙර සාකච්ඡාවල දී උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට මුස්ලිම් ප්‍රජාව සහාය දැක්වූයේ නැත. ඉන්පසු නැගෙනහිර ප්‍රදේශයේ සිය ගණනක් මුස්ලිම් ජනයා මරා දැමුණු අතර ඔවුන්ගේ දේපළ, පල්ලි ද ඇතුළුව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන්ගේ ප්‍රහාරයට ලක්විය.

උතුරේ ජීවත් වූ මුස්ලිම් ජාතිකයන් යාපනය හා මන්නාරමේ තිබූ සිය නිවෙස් වලින් පලවා හරින ලදි. මෙසේ කළේ ඔවුන් ත්‍රස්තවාදීන්ට සහාය නොදුන් නිසාය. එහෙත් මුස්ලිම් ජනයා රට වෙනුවෙන් කළ මේ කැප කිරීම අඩුම තරමින් මාධ්‍යවේදීන්වත් නිසි අගය කිරීමක් කළේ නැත. 

ආරක්ෂක මණ්ඩල ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මෑතක දී ඉතා කාලෝචිත ප්‍රකාශයක් කරමින් ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගැනීමට මුස්ලිම් ප්‍රජාවෙන් ලද අද්විතීය දායකත්වය අගය කළේය. 2018 මාර්තු 12 වන දින “අයිලන්ඞ්” පුවත්පතේ පළවු ලිපියක අද්මිරාල්වරයා මෙසේ සඳහන් කර තිබුණි. “අපට අද ජීවත්විය හැකිව තිබෙන්නේ සමහර නිර්භීත මුස්ලිම් හමුදා නිලධාරීන් නිසාය. ඔවුන්ගෙන් සමහරක් එල්.ටී.ටී.ඊ.ය මගින් ඝාතනය කරන ලදී. අද්මිරාල්වරයා විසින් සඳහන් කළ මුස්ලිම් හමුදා නිලධාරීන් දුන් දායකත්වය මුස්ලිම් ප්‍රජාව විසින් රට වෙනුවෙන් කළ කැපකිරීම්වල එක් අංශයක් පමණි.

කනගාටුවට කාරණයක් නම් උතුරේ සිය නිවෙස්වලින් පලවා හරින ලද මුස්ලිම් ජනයා සිය නිජබිම්වල නැවත පදිංචි කිරීමට කිසිදු රජයක් උනන්දු නොවීමයි. මන්නාරමේ තිබූ මෙවැනි සමහර ගම්මාන දැන් කැලයෙන් වැසී ගොස් ඇති අතර සමහරුන් පවසන්නේ මෙම මුල් ගම් බිම් විල්පත්තු රක්ෂිත වනයේ කොටසක් බවයි. පවතින තත්ත්වය හමුවේ මුස්ලිම් ප්‍රජාව ඉතා පරීක්ෂාකාරීව කටයුතු කළ යුතුව තිබේ.

අප සිත්හි තබාගත යුතු තවත් කාරණයක් නම් ඊශ්‍රායලය ඇමරිකාව හා රුසියාවෙන් බලගතු අවි මිල දී ගන්නා ප්‍රමුඛතම රට බවට ඉන්දියාව පත්ව සිටින බවයි.  Defencenews- com වෙබ් අඩවියට අනුව මීළග වසර 10 තුළ ආයුධ හා ඊට අදාළ උපාංග සඳහා යන අය වැය ඇමරිකානු ඩොලර් මිලියන 233 ක් වැනි අති මහත් අගයක් වේ.

Defencenews- India අනුව ඇමරිකාව, රුසියාව හා චීනයට පසු ලොව විශාලතම හමුදාව ඉන්දියාව සතුය. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ 2017 මැයි 12 පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින නිල උත්සවය අමතමින් මෙසේ පැවසීය. 

“අපගේ සාමාජිකයන්ගේ ආරක්ෂාව ගත් කල එය ගොඩබීමේ ද, ඉන්දියානු සාගරයේ දියඹ මත හෝ යයි බෙදීමක් කළ නොහැක.”

ඉතා ශක්තිමත් රටක් ලෙස ඉන්දියානු සාගරයේ හා එයට යා වු ගොඩ බිම්වල ආරක්ෂාව තහවුරු කිරීමට ඇති සිය අයිතිය මෙසේ පැවසීම ශ්‍රී ලංකාව, මාලදිවයින හා අන්දමන් දූපත් ගැන සඳහන් කිරීමක් විය හැකි අතර බටහිර ආයුධ ජාවාරම්කරුවන් මීළඟ දශකයේ ඉන්දියාවේ අගමැති ලෙස පත් කිරීමට සිය අනුග්‍රහය දැක්වීමට බලාපොරොත්තු වන පුද්ගලයා අනුව තත්ත්වය වඩාත් තීව්‍ර විය හැක.

සියලු ලාංකිකයන් විශේෂයෙන් උතුර නැගෙනහිර මුස්ලිම් ප්‍රජාව සිත්හි තබා ගත යුතු කරුණක් නම් ඊශ්‍රායලයේ නව ආයුධ වලින් සන්නද්ධ තවත් ශක්තිමත් වන ඉන්දියාව හමුවේ අසරණ විය හැකි ශ්‍රී ලංකා රජය උතුරු හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට එකඟත්වය පළ කිරීමට ඇති ඉඩකඩයි. ඉන්දියානු බලපෑම හමුවේ 1987, හයෙන් පහක බලයක් සහිත ජේ.ආර්. ජයවර්ධන රජය එදා උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමට අවසර දුන් බව අප අමතක නොකළ යුතුය.