කොළඹ විශ්වවිද්‍යාලයේ, දේශපාලන විද්‍යාව සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්ම දිසානායක
මේ දිනවල විවිධ රේඩියෝ සහ රූපවාහිනී නාලිකාවලිනුත් පුවත් පත්වලිනුත් එන දුරකථන ඇමතුම්වලින් ඉල්ලා සිටින්නේ රට මුහුණපා ඇති මහා ව්‍යසනය පිළිබඳ සමාජ දේශපාලන ‘පොඩි’ විග‍්‍රහයක්, අදහසක් නැතහොත් ‘වොයිස්කට්’ එකක් දෙන ලෙසය. එහෙමත් නැත්නම් ඔවුන් අසන්නේ එහෙම එකක් දිය හැකිද යන්න ය. එහෙත් ඒ සියල්ල ඉතාම කාරුණිකව ප‍්‍රතික්ෂේප කළේ ඒ නාලිකා සහ පුවත්පත් සමඟ ඇති විරසකයක් නිසා නොව ඇති වී තිබෙන ඛේදවාචකයේ දරාගත නොහැකි සිදුවීම්, විලාපයන්, ශෝකාලාපයන්, කඳුළු ගංගා සහ වා තලය පිරී ඉතිරී ගිගුම් දෙන අසරණයන්ගේ සුසුම් විසින් තරමකට හෝ මා සතුව තිබූ සියලූ විග‍්‍රහශීලී හැකියා ගල්ගැසී ඇති නිසාය.
තාර්කික සිතීමට වඩා හැඟීම්බර හැඬීම බලවත් වූ නිසා ය. සිදුවූ සිදුවීම් තවමත් අවසන් වී නැත. මතු කී හැඟීම්බර මනෝභාව ජාතියක් පෝෂණය කිරීමට නොව අසරණ කිරීමට, ඇදවැට්ට වීමට සහ නන්නත්තාර කිරීමට හේතුවක් බව ද දන්නා මුත් ඒ හැඟීම් සුළුකොට තැකිය නොහැකිය. ඒ සියලූ_ මනෝභාව මැද ලියන මේ ලිපියේ අරමුණ වනාහි එක පෙළට ආ මෙවැනි ව්‍යසන නිසා පාලකයන් එනම් දේශපාලනඥයන්, නිලධාරීන්, වෙළෙන්දන් සහ ජාවාරම්කාරයන් නොව අපේ රට වැටී ඇති නිවට නියාළු තත්ත්වය ගැන ඊට අදාළ හේතු ගැන කෙටි සොයා බැලීමක් කිරීම ය.
රටක් ලෙස ජාතික රාජ්‍යයක් ලෙස අපේ නැතහොත් ස්වදේශික දේශපාලන ආර්ථික පරිපාලන සහ අධ්‍යාපන ආකෘතියකට, මොඩලයකට අනුව ඉදිරියට යාමට ඉඩ ලැබුණු මුල් අවස්ථාවත් ඉන් පසු ආ සියලූ_ අවස්ථාත් මඟහැරිය අප දැන් සිටින්නේ රාජ්‍යකරණයම ආපදාවක් වූ විකාරයක් වූ ආපදා රාජ්‍යයකය. 1948 ඩොමීනියන් නිදහස, 1956 මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව, 1970 සමගි පෙරමුණු ආණ්ඩුව, 1994 පොදුජන පෙරමුණු ආණ්ඩුව සහ 2009 කොටි සංවිධානයේ පරාජය යනු රට ඒ ආකාරයෙන් හදනවානම් එහෙම ගොඩනඟන්නට වුවමනාවක් තිබුණා නම් ඊට සරිලන කදිම අවස්ථාය. එහෙත් පාලකයෝ ඒ වැඬේට අත ගැසුවේත් නැත. ජනතාව ඒ සඳහා පෙළඹවීම් කළෙත් නැත. 1956 සහ 1970 ඒ සඳහා පාලකයන් ගත් උත්සාහය පැසසිය හැකි එකක් වුවත් ඒවා තිරසාර කිරීමට පරිභෝජනවාදී ජනයාත් බටහිරවාදී පාලකයනුත් කටයුතු කළේ නැත.
බි‍්‍රතාන්‍යයන් ස්වකීය යටත්විජිතවාදී කොල්ලකාරී වැඩවලට ගැළපෙන ආකාරයට අටවා ගත් රාජ්‍යය ආකෘතිය එනම් දේශපාලන ආකෘතිය, පරිපාලන ආකෘතිය මෙන්ම අධිකරණ, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් ආකෘති, මුළුමනින්ම කෙසේවෙතත් ප‍්‍රශස්ත මට්ටමකින් ස්වදේශික සන්දර්භයට සහ අභිලාෂවලට ගළපා ගැනීමේ වැඩපිළිවෙළක් ගැන උනන්දුවක් හෝ ඕනෑකමක් හෝ ඥානයක් මෙරට පාලකයන්ට තිබුණේ නැත. ඇත්තේත් නැත. ඒ වෙනුවට කළේ නොකළයුතු දෙයකි. එනම් යටත්විජිත පාලකයන්ගේ රාජ්‍ය ආකෘතියම ඒ ආර්ථික ක‍්‍රමයම ඒ උපක‍්‍රම ම දීනව නිවටව අනුගමනය කිරීමය. ඉන් පාලකයන්ට කිසිදු අගතියක් සිදුවුණේ නැත. අගතිය සහ විනාශය අත්පත් වුණේ රටට සහ ජනතාවටය. පාලකයන් විසින් රට ආපදා රාජ්‍යයක් වීමේ සහ කිරීමේ පදනම දැමුවේ එලෙසිනි. ඒ අනුව, අතරමැද යම් යම් සාධනීය උත්සාහයන් ගත්තද 1948 සිටම මේ රට ආපදා රාජ්‍යයකි.
අතකින් ස්වාභාවික ආපදාය. තව අතකින් මිනිසුන් හදන ආපදා ය. තවත් අතකින් ස්වාභාවිකයි පෙනෙන එහෙත් මිනිසුන් හදන ආපදා ය. මේ මිනිස්සු වර්ග දෙකකි. තම දෛනික ජීවිතය ගෙනයාමට වෙනත් කිසිදු පිළිසරණක් නැතිකම නිසා ඉන්න හිටින්න තැනක් නැති නිසා පරිසරය සමඟ අවිධිමත්ව ගැටෙන අසරණ පොදුජනයා එක වර්ගයකි. ඔවුන් සිදු කරන ක‍්‍රියාකාරකම් නිසා ඇතිවන ආපදා එකවර සිය ගණනින් දහස් ගණනින් මිනිසුන් මියයන ක්ෂණික ව්‍යසන නොවේ. අනිත් මිනිසුන් වර්ගය වන්නේ ජාවාරම්කාර කොමිස්කාර සංවර්ධනයට වශී වී මේ මහපොළොව අවීචි මහා නරකාදියේ සිට යටි උඩුකුරු කරන සහ පිදුරුතලාගල කඳු මුදුනේ සිට උඩු යටිකුරු කරන මිනිසුන් සහ ස්වාභාවික හැම පහත් බිමක්ම (මැරියානා ආගාධය තරම් ගැඹුරු වුවත්) රැයකින් දෙකකින් පුරවා දමන මිනිස්සුය. මහපොළොව ගිගුම් දෙවමින් සියලූ_ පාෂාණ තට්ටු දෙදරවමින් කඳු කපොලූ ඉරි තලවමින් එකවර ගල්බෝර සිය ගණන් දහස් ගණන් පුපුරවන ජාවාරම්කාර මිනිස්සුය. හැබැයි මේ දෙවැනි මිනිසුන් වර්ගය මේ සියල්ල කරන්නේ පාලකයන්ගේ රාජ්‍ය අනුමැතිය අවසරය සහ ලාභ බෙදා ගැනීමේ සහචර එකඟතාව සහිතවය. ඒ සියල්ලෝ ආපදා කාරකයෝ ය.
ස්වාභාවික ආපදා පිළිබඳ 1948න් පසු ඉතිහාසය නිරීක්ෂණය කරන විට පෙනී යන්නක් නම් කලක් මේ රට ස්වාභාවික ආපදාවලට මුහුණ දුන්නේ යම් කිසි දීර්ඝ කාල පරතරයක් සහිතව බව ය. 50 ගණන්වල ගංවතුර 80 ගණන්වල ගංවතුර 2000 ගණන්වල කොස්ලන්ද නායයෑම 2004 සුනාමිය යනාදී ලෙස පොදු ජන ජාතික මතකයන් තුළ ඒවා අමතක නොවී තිබෙන්නේ එහෙයිනි. එහෙත් මෑතක සිට මේ ස්වාභාවික ආපදා ප‍්‍රධාන ලක්ෂණ දෙකක් විශේෂිතව පෙන්නුම් කරයි. එකක් නම් ස්වාභාවික ආපදාවල කාල පරතරය අඩුවී එක පෙළට සිදුවීම ය. අනෙක නම් ගංගා පිටාර ගැලීම සහ ගංවතුරට වඩා නායයෑම් සහ පස් කඳු කඩා වැටීම් බලවත් සහ සුලබ වී ඒ නිසා සිදුවන ජීවිත සහ දේපළ විනාශය අධික වීම ය. එක අතකට මේ දෙවන කාරණය ඒකාබද්ධ හේතුවක ඵලයකි. ජාවාරම්කාර සහ රටට නොගැළපෙන සංවර්ධනය මෙන්ම ජාවාරම්කාර සහචර ආර්ථික සහ වෙළෙඳපොළ ක‍්‍රියා සඳහා මධ්‍යම සහ පරිවාර කඳු පද්ධති, කුඩා අනුකුඩා දිය ඇලි, ගංගා අවභාවිත කිරීම නැතහොත් උලාකෑම නිසා රටේ ගංගාවල හාරය වැඩිවී වැසිජලය සඳහා ඉඩ මදිවීම නිසා ගංගා පිටාර ගැලීම මීට එක නිදසුනකි.
මේ ලිපිය ලියමින් සිටිය දී දුක සැප බැලීමට කතා කළ මා මිත‍්‍ර පොලිස් නිලධාරියකු පැවසුවේ බදුරලිය ප‍්‍රදේශයේ පමණක් මහා පරිමාණ ගල්කොරි 57ක් තිබෙන බවත් ඒවා මගින් සිය දහස් ගණනින් පුපුරුවන ගල් වෙඩි නිසා ඒ අවට කඳු පද්ධතියේම පාෂාණ තට්ටු බුරුල් වී ඇති බවය. ඒ බදුරලියේය. අද බදුරලිය මළ ගෙයකි. රටේ කොතැනත් තත්ත්වය එයම නොවේද? මහ ජනයාගේ ජන ජීවිතය කෙසේවෙතත් මහවුන්ගේ ජීවිත වෙනුවෙන් ‘මහවැලිය’ නඟා සිටුවීම සඳහා 1970 දශකයේ සිට මධ්‍යම කඳුකරය දෙදරවමින් පුපුරුවා හැරි ලක්ෂ ගණනින් වූ ගල් වෙඩි කන්දරාව සිහියට ගැනීම මෙහිදී අධ්‍යාපනිකය. මෙවැනි තොරතුරු සොයන සහ ඒවා දකින, ඒවාට මුහුණ දෙන මිනිසුන්ගේ අසරණ මුහුණුවලට වඩා පාලකයන්ට පෙනෙන්නේ ජාවාරම්කාරයන්ගේ අහිංසක අත් යට ඇති පසුම්බිවල බර සහ මහතය. රටේ ‘සංවර්ධනය සඳහා වූ ආයෝජන’ සඳහා අනුමැතිය සහ අවසර ලැබෙන්නේ ඒ නිසාය. ඒ ආකාරයෙන් සිදුවන රටට නොගැළපෙන ජාවාරම්කාර සංවර්ධනය නිසා සිදුවූ සහ සිදුවෙන එකම දෙය නම් මේ රට සංවර්ධනය නොව ‘සංවර්ධන ආපදාවට’ හෝ ‘සංවර්ධන ව්‍යසනයට’ තවදුරටත් ගොදුරු වීමය. මේ ගෙවන්නේ ඒවායේ පල විපාකය.
මේ ජාවාරම්කාර සංවර්ධනය සහ ආයෝජන ජාවාරම සිදු කරන්නන් අඩුම තරමින් තම ඉදිරි ජාවාරම් සඳහාවත් මේ රටත්, ඒවා සැඟවීම සඳහා නැතහොත් ඒවාට උපක‍්‍රමික යුක්තිතාවක් ලබාගැනීම සඳහා ජනතාවත්, තවදුරටත් සිටිය යුතුය යන මතයේ පිහිටා හෝ තම ජාවාරම් මේ සා ව්‍යසනයකට හේතු නොවන පරිද්දෙන් සැලසුම් නොකරමිනි. එහෙත් ඔවුන් ඊට සුදුසු හැඟීමකින් හෝ දැනුමකින් යුක්ත නැත. එසේ නම් රාජ්‍යය ඊට මැදිහත් විය යුතුය. එය සිදු නොවන්නේ රාජ්‍යයම අර ජාවාරම්කාර ධනවාදයේ ගොදුරක් සහ පහසුකාරකයෙක් වී ඇති හෙයිනි.
නිරීක්ෂණයට ලක් වූ අනෙක් කාරණය නම් ආපදාවල කාල පරතරය අඩු වීමය. මිනිසුන් සාදන ආපදා, ස්වාභාවික ආපදා සහ ස්වාභාවික යැයි නම් කරන එහෙත් මිනිසුන් ම හේතුවන ආපදා එක දිගට අසන්නට ලැබුණේ පසුගිය කාලයේය. ඉන් මියගිය මිනිසුන්ගේ ගණන දහසකට වැඩිය. නායයෑම්, අවි ගබඩා පුපුරා යෑම්, වසරින් වසර එකම කාලයක ගංගා පිටාර ගැලීම්, ගංවතුර, පස් කඳු කඩා වැටීම් සහ නාය යෑම්, කුණු කඳු පුපුරා යෑම් බහුලව සිදු වූයේ ඒවායේ හේතුවල අතීතය දිගු සහ කෙටි වශයෙන් හෙළිදරව් කරමින් වුවත් ඒවාට බිලි වූ අසරණ වූ මිනිස් ජීවිතවලට නිසි විසඳුම් මේ වනවිටත් ලැබී නැත.
මේ මහා ව්‍යසන නිසා විනාශ වී යන්නේ මිනිස් ජීවිත, දේපළ සහ පරිසරය පමණක් ද? අවුරුදු හැත්තෑවක් තිස්සේ මේ රට පාලනය කරන, මා මුලින්ම විස්තරාත්මකව දැක්වූ පාලකයන්ට මේ ආපදා නිවේදනය කිරීමට එහා ගොස් කළමනාකරණය කිරීමේ හැකියාවක් වැඩපිළිවෙළක් නොතිබුණේ මන්ද? තවමත් නැත්තේ මන්ද? මේ හරහා පෙනී යන්නේ රාජ්‍යයේ සහ පාලකයන්ගේ නොහැකියාවද? අලසකමද? ජනයා සහ රට කෙරෙහි වන ඔවුන්ගේ නොසැලකිල්ලද? රටේ ජනතාවගේ අඥාන බවද? මේවාට අදාළ පිළිතුරු සතුටුදායක නැත.
මේ විනාශ වන මිනිස් ජීවිත සහ දේපළ සියල්ල මැද රටේ ආඩම්බරය සහ අභිමානය ද තද බල අයුරින් විනාශ වන බව දැනගත යුතුය. ආඩම්බරයක් සහ අභිමානයක් නැති රටක් යනු ලැජ්ජාවකි. එය නිවට නියාළු බවට පත්වීමට නියමිත රටකි. මේ ගැන නොහිතීම අදේශපාලනයකි. ඉතින් අසරණ වූ සැම වෙනුවෙන් මමත් දුක් වෙමි.
ලංකාවේ අපට අලි-ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්ධති සමග අලි ඇතුන් තදින් බද්ධව ඇත. එහෙත්
අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය රටේ ජනතාවට ඉතාමත් වැදගත් වන්නේ ජාතික ව්‍යවස්ථාදායකය වන ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනකු ජනතාවගේ ඡන්
කොම්පඤ්ඤ වීදිය ඇල්ටෙයාර් මහල් නිවාස ගොඩනැගිල්ලේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවා සහ සිසුවිය සිද්ධිය අප කාගේත් හදවත් සසල කළ බව අමුතුවෙන් කිව යුතු නැත.
තිස්පස්වැනි ඉල්මහ විරු සමරුව අදට (13) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. ශ්‍රී ලංකාව 1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්වීමෙන් පසු 1818 දී සහ 1848 දී වශයෙන් කැරලි දෙ
විශ්ව තැපැල් සංගමයේ ප්‍රමිතීන් සහ ශ්‍රී ලංකා රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගත වෙමින් සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන ඒම සඳහා ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ අ
ජනාධිපතිවරණය අවසන් විය. හෙට මහමැතිවරණය අවසන් වේ. එසේ වුවද ඡන්ද පැවැත්වීම එතැනින් නවතින බවක් පෙනෙන්නට නැත. මහ මැතිවරණය අවසන් වූ වහාම පළාත් පාලන මැතිවරණ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සංවර්ධන ජාවාරමේ පව් ගෙවීම
ලක්මල් Friday, 02 June 2017 09:07 AM
ඉතාම පහසුවෙන් තේරුම් ගත හැකි විග්‍රහයකි... අවස්ථාවාදි දේශපාලකයන් හා අනුවණ ඡන්ද දායකයා මේ සියල්ලට එක සේ වගකිව යුතුය...
bandara Friday, 02 June 2017 12:01 PM
අදහස වැරදි නැත. ඒත් මේවා පසුගිය ආණ්ඩු සමයේ මතක් වුණේ නැද්ද?
channa Saturday, 03 June 2017 05:22 AM
එකම විසදුම අලුත් විදිහට හිතන අලුත් විදිහට වැඩකරන් වංචා දුසණ නොකරන ජනතා විමුක්ති පෙරමුණට චන්දය ලබා දී අපේ රට සහ ජනතාවට අලුත් රටක් උරුම කර දීමයි.
pakeer Saturday, 03 June 2017 07:45 AM
මේ වගේ ලිපි නම් හොඳයි. මෙහෙමවත් කරලා බලමු මේ රට ගොඩගන්න පුළුවන්ද කියලා? බොහොම ස්තුතියි මේ ලිපියට....
tissa Saturday, 03 June 2017 11:52 AM
සේනානායකවරු, බණ්ඩාරනයකවරු, රට ගොඩනැගීමට හැදුවද, අනෙක් අය එය බාධා කළේය.
perera Sunday, 04 June 2017 08:42 AM
මේ ලිපියේ අලුත් දෙයක් නම් නැත. බ්‍රිතාන්‍යයට සහ මුළු යුරෝපයටම මේ ක්‍රමය තාම හොඳ නම් අපිට හොඳ නැති වුනේ ඇයි?. ඔක්කොම කුණු බෙංගාල බොක්කට කිව්වා වගේ 1948 දී ලංකාව දීල ගිය සුද්දට නිකන් පුරුද්දට බනිනවා. කාර්යාල සහායකවරු ලියන පිටුවේ සිට ඇමතිවරු නැව් දක්වා ගත්තාට සුද්ද හෝ සුද්දගේ ක්‍රමය වැඩක් නැත. හොඳයි දැන් මොනවාද කරන්න කියන්නේ....? වැඩ පිළිවලක් කියන්නේ නැතුව....
ලුම්බිණි Monday, 05 June 2017 04:15 AM
බි‍්‍රතාන්‍යයන් ස්වකීය යටත් විජිතවාදී කොල්ලකාරී වැඩවලට ගැළපෙන ආකාරයට අටවා ගත් රාජ්‍යය ආකෘතිය එනම් දේශපාලන ආකෘතිය, පරිපාලන ආකෘතිය මෙන්ම අධිකරණ, අධ්‍යාපන, සෞඛ්‍ය සහ අනෙකුත් ආකෘති 'අපට ඕන විදියට' වෙනස් කරන්න ගිහින් තමයි මේ විනාශය ඇති කර ගෙන තිබෙන්නේ. උදාහරණ වශයෙන් එකල පාර්ලිමේන්තුවට දුම්රියෙන් ආ මහජන නියෝජිතයන් අද අති සුඛෝපභෝගී වාහන නැතුව ගෙදරින් එළියට බහින්නේ නැහැ. තමන්ට ගානක් හම්බවෙන්නේ නැත්නම් මොනම ව්‍යාපෘතියක් වත් අනුමත කරන්නේ නැහැ. ඒ තියා රජයේ වාහන, දේපල තමන්ගේ නෑදෑ පරපුර අතරේ බෙදාගෙන ඒක හරියි කියල නඩු කියන්නත් යනවා.