IMG-LOGO

සාධාරණය පතා සටන් වදින යකඩ ගැහැණිය

(තිලිණි ද සිල්වා)

හිත ඇත්නම් පත කුඩාද යන සිංහල ආප්තෝදේශය මතක් වන්නේ දහසක් ගැටලු තිබුණද ඇය සමාජයට කරන්නාවූ මෙහෙය දකින නිසාවෙනි... අපරාධයට ලක්වූ ළමා හා කාන්තා වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ නොවූ  තැන ඇය තම කාලය සහ ශ්‍රමය  කැප කළේ ඒ නොවිසඳුණු ගැටළු වෙනුවෙන් දුක් විඳිනා සමස්ත මව්වරුන් සහ වින්දිත පාර්ශවයන් වෙනුවෙනි.

ඇය සටන් කළේ ඔවුන් ගේ දෙඇස් අග කෙවෙනි කරා ඇදුණු කඳුළු බිංදුව වෙනුවෙනි. පසුගිය වසර කිහිපය පුරා හඬ නැඟූ ඇය ගැන හොඳින්ම දන්නේ මේ මුළු වාතලය පමණක් යැයි පැවසුවහොත්  වඩාත් නිවැරදිය.

සාධාරණයක් නොමැති තැන සාධාරණය පතා යම් කෙනෙකු තවදුරටත් සටන් වදින්නේ නම් ඇය යකඩ ගැහැණියක් ලෙස හැඳින්වූවාට කම් නැත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ හිටපු සභාපතිනියක හා ප්‍රකට නීතීඥවරියක වන මරිනි ද ලිවේරාත් එක අතකින් බලන කල්හි යකඩ ගැහැණියකි.

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව පිරිනමන 2019 වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මාන ලාභී කතුන් 10 දෙනා අතරේ ලිවේරා මහත්මියද සිටින බව මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කිරීමත් සමඟ යුක්තිය සොයා යන ගමනේදී අගැයුමට පාත්‍රවීම සම්බන්ධයෙන් ඇය සමාජයට ලබා දෙන්නේ කදිම පාඩමකි.

ඇමෙරිකා ජනපති ආර්යාව වන මෙලානියා ට්‍රම්ප් මහත්මිය අතින්  ඊයේ (08) දින වොෂින්ටන් නුවර පැවති උත්සවයකදී මරිනි ද ලිවේරා මහත්මියට හිමි  සම්මානය පිරිනැමූණි. ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික ප්‍රජාවන්ට අයත්  ළමුන් සහ කාන්තාවන් වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් ඇමෙරිකානු රාජ්‍ය දොපාර්තමේන්තුව විසින් ඇයට මෙම සම්මානය පිරිනමන ලදි.

ශ්‍රී ලංකාව පුරා  අපරාධයට ලක්වූ ළමා හා කාන්තා වින්දිතයින් වෙනුවෙන් මරිනි  ලිවේරා මහත්මිය සහයෝගය දක්වමින් සිටින්නේ දශක ගණනාවක පෙර සිටය. මරිනි ද ලිවේරා මහත්මිය ඇතුළු ලෝකය පුරා තෝරාගත් කාන්තාවන් 10 දෙනෙකුට ‘ජාත්‍යන්තර ධෛර්යසම්පන්න කාන්තාව’ යයි සම්මාන පිරිනැමුණේ මානව හිමිකම් ආරක්ෂා කිරීම , යුක්තිය, සාමය හා ලිංගික සමානාත්මතාවය වෙනුවෙන් ඔවුන් කළ මෙහෙය අගයමිනි.  

නීති උපාධිධාරිනියක හා නීතිඥවරියකද වන මරිනි ද ලිවේරා මහත්මිය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර අපරාධ නීතිය, ව්‍යවස්ථාදායක නීතිය ආදී  විෂයන් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය, ශ්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යයන් වෙත සිය වෘත්තීය නිපුණත්වය දායාද කර තිබේ. 2017 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති ධූරයට පත් කළ අතර පසුව ඇය එම ධූරයෙන් විශ්‍රාම ගත්තාය.

ලිවේරා මහත්මියට අමතරව මෙම බංග්ලාදේශයේ රාසියා සුල්තානා, බුරුමයේ නව් නාව් , ජිබුටි රාජ්‍යයේ මව්මිනා හුසේන් දරාර්, ඊජිප්තුවේ මමා මැගී , ජොර්දානයේ කර්නල් ඛලීඩා ඛලාෆ් හනා අල් ට්වාල්, අයර්ලන්තයේ කන්‍යා සෙහොයුරියක වන ඕර්ලා ටේ්‍රසි, මොන්ටිනීග්‍රෝ හි ඔලිවේරා ලාකි, පේරු රාජ්‍යයේ ෆ්ලෝර් ඩි මාරියා වේගා සහ ටැන්සානියාවේ අන්නා අලෝස් හෙන්ගා යන කතුන්ද මෙම වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් දස දෙනා අතරට තේරී පත්ව සිටිති.

ඇමෙරිකානු රාජ්‍ය දොපාර්තමේන්තු විසින් 2007 වසරේදී ආරම්භ කළ ජාත්‍යන්තර දිරිය කාන්තාවට හිමි සම්මානය මේවන විට රටවල් 65 ක විවිධ කාන්තාවන් 120 කට පමණ හිමිවී තිබේ.

අභ්‍යන්තරව අවතැන් වූවන් වෙනුවෙන් ගත් මෙහෙවර වෙනුවෙන් 2010 වසරේදී ශ්‍රී ලාංකික කාන්තාවක් වන පුත්තලමේ ජන්සිලා මජීඞ් මහත්මිය සහ ශ්‍රී ලංකාවේ විවිධ ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන්ට අයත් පවුල්වල අතුරුදන් වූ අය වෙනුවෙන් වෙහෙස නොබලා ගත් උත්සාහයන් වෙනුවෙන් කළ මෙහෙය අගයමින් 2017 වසරේදී සන්ධ්‍යා එක්නැලිගොඩ  මහත්මියට මීට පෙර මෙම සම්මානය හිමිකර ගත්හ.



අදහස් (1)

සාධාරණය පතා සටන් වදින යකඩ ගැහැණිය

රසික Tuesday, 12 March 2019 02:25 AM

සන්ද්‍යා මොනවද අතුරුදන් වූ අයට කළේ ?

:       3       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 383 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 189 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1887 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site