IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


සැඟවුණු කොටි සොයා ත‍්‍රිමලේ මෙහෙයුම්

ඊ.පී.ඞී.පී සංවිධානයේ ප‍්‍රබල සාමාජිකයකු වන වේලායුදන් රගුනාදන් හෙවත් මුත්තු නමැත්තා ගෙල කපා ත‍්‍රිකුණාමලයේ දී ඝාතනය කිරීමේ උණුසුම මැකී යාමටත් මත්තෙන් තවත් දෙමළ ජාතිකයෙක් ගෙල කපා ඝාතනය කරනු ලැබීය. ත‍්‍රිකුණාමලය ගිනියම් වී ගියේ ඒ බිහිසුණු ඝාතනයත් සමගයි. වසර හයක පමණ කාලයක් එංගලන්තයේ පදිංචිව සිට පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී මෙම පුද්ගලයා ඝාතනයට ලක්වූයේ පසුගිය 18 වැනිදාය. ඝාතනයට ලක්ව ඇත්තේ ත‍්‍රිකුණාමලය පාලඋත්තු ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඊස්වරදාසන් කේදීස්වරන් නමැති 28 හැවිරිදි දක්ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකි. මොහු 2005 වසරේ දී එංගලන්තයේ පදිංචියට ගොස් ඇති අතර පසුගිය වසරේ අග භාගයේ දී නිවාඩුවක් ගත කිරීම සඳහා මෙරටට පැමිණ ඇත. ඔහුගේ බිරිය එංගලන්තයේ පදිංචිව සිටින අතර ඇය ද මෑතකදී මෙරටට පැමිණ ආපසු ගොස් ඇත. කොළඹ නැවතී සිට කිසියම් පාඨමාලාවක් හදාරමින් සිටි බිරිඳ ත‍්‍රිකුණාමලයේ පිහිටි අයියනගර් පිහිටි නිවසට පැමිණ ඇත්තේ කේදිශ්වරම් ඝාතනය වීමට දින කිහිපයකට කලිනි.බිරිඳගේ මවගේ නිවසේ සිට මොහුගේ මවගේ නිවසට ගොස් පැමිණි අවස්ථාවේ ගෙවත්තේ දීම ගෙල පිහියකින් කපා ඝාතනය කර තිබිය දී පොලිසිය සිරුර සොයා ගැනීමත් සමග ඝාතකයන් සොයා පරීක්ෂණ ආරම්භ කෙරිණි. කොටි සංවිධානය ක‍්‍රියාත්මකව පැවැති සමයේ කොටින්ගෙන් මොහුට තර්ජන එල්ලවී තිබූ නිසා ජීවිත ආරක්ෂාව පතා කේදිශ්වරන් එංගලන්තයට ගොස් සිටි බව ද බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති බව දැන ගැනීමට ඇත. කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම කේදිශ්වරන් ඝාතනය කළේද යන්න ගැන තවම කිසිදු පැහැදිලි හේතුවක් පොලිසියට තවම දැන ගැනීමට ලැබී නොමැත. ඊ.පී.ඞී.පී. සාමාජිකයකුව සිටි රගුනාදන්ගේ ඝාතනයට අල්ලාගත් සිවු දෙනෙකු අතරින් තිදෙනෙක්ම හිටපු කොටි සාමාජිකයෝ වූහ. හිටපු කොටි සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනක් යුද ගැටුම් පැවැති සමයේ හොර රහසේ රටින් පලා ගොස් ඉන්දියාවේ සැඟව සිට ප‍්‍රංශයේ සිටින කොටි නායකයෙකුගේ නියෝග මත රගුනාදන් ඝාතනය කිරීමට පැමිණ ඇති බව පොලිසිය හෙළිකරගෙන තිබිණි. කොටි සංවිධානයට එරෙහිව කටයුතු කළ දෙමළ ජාතිකයන් ද්‍රෝහීන් ලෙස සලකා ඔවුන් ඝාතනය කිරීමට එරට සැඟව සිටින කොටි නායකයින් යොදා ඇති සැලැස්මක් ගැන තොරතුරු හෙළිවූයේ ද රගුනාදන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දියාවේ සිට හොර රහසේ පැමිණ සිිටියදී අල්ලාගත් කොටි සාමාජිකයන් දෙදෙනාගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම්වලදීය. කාන්තාවක් සම්බන්ධයෙන් ඔහුට තිබූ ප‍්‍රශ්නයක් මත කේදිශ්වරන් නමැත්තා ඝාතනය කර තිබූ බවට ද කටකතා පැතිර ගොස් ඇති බව පැවසෙන නමුත් එවැනි සිද්ධියක් මේ ඝාතනයට හේතුවූවා ද යන්න තවම අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි.යුද ගැටුම් පැවැති සමයේ රටින් පලා ගොස් සිටින කොටි නායකයින් ඔවුන්ට එරෙහි වූ දෙමළ ජාතිකයින් ද්‍රෝහීන් ලෙස සලකා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති වාතාවරණයක් තුළ කේදිශ්වරන්ගේ ඝාතනය ගැනත් විශේෂ අවධානයක් යොමුකර පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි. ඊ.පී.ඞී.පී. සාමාජිකයාගේ ගෙල කපා ඝාතනය කිරීමත් එංගලන්තයේ සිට පැමිණි දෙමළ ජාතිකයා ද එලෙස ගෙල කපා ඝාතනය කිරීමත් යන සිද්ධීන් දෙක කෙරෙහි ආරක්ෂක බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වූ බව රජයට සම්බන්ධ ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. පුනරුත්ථාපනය නොවී නිවෙස්වල සැඟවී සිටින හා යුද්ධය පැවැති සමයේ රට හැර ගොස් නැවත පැමිණ සැඟවී සිටින හිටපු කොටි සාමාජිකයන් සොයා මෙහෙයුම් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය පුරා ආරම්භ කිරීමට පියවර ගත්තේ ආරක්ෂක බලධාරීන් ගත් ඒ තීන්දු තීරණ මතය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි තීන්දු තීරණ ගැනීම අතිශයින්ම කාලෝචිත බව අමුතුවෙන් කිවයුතු නැත. පුනරුත්ථාපනය නොවී නිවෙස්වලට වී රහසිගත ජීවිතයත් ගත කළ හා යුද්ධය පැවැති සමයේ රට හැර ගොස් නැවත පැමිණ රහසිගත ජීවිත ගත කළ හිටපු කොටි සාමාජිකයන් 30 ක් පමණ පසුගිය 22 සහ 23 යන දෙදින තුළ පමණක් අත්අඩංගුවට ගෙන තිබිණි. මොවුන් අත්අඩංගුවට ගනු ලැබූවේ යුද හමුදාව, කොළඹ ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ සහ රහස් පොලිසියේ විශේෂ කණ්ඩායම් පොලිසියේ හා බුද්ධි අංශවලද සහාය ඇතිව කරන ලද වැටලීම්වලදීය. අත්අඩංගුවට ගත් පිරිස අතර හිටපු කොටි සාමාජිකාවන් දෙදෙනෙකු ද යුද සමයේ රටින් පළා ගොස් සාමය උදාවූ පසු යළි පැමිණි හිටපු කොටි සාමාජිකයින් කිහිප දෙනෙකුද සිටින බව දැන ගැනීමට ලැබුණේ ආරක්ෂක අංශ ආරංචිමාර්ගවලිනි. ස්විට්සර්ලන්තය, කැනඩාව, බි‍්‍රතාන්‍ය, මැලේසියාව හා ඉන්දියාව ඇතුළු තවත් රටවල් කිහිපයක වන්නි මානුෂීය මෙහෙයුම පැවැති සමයේ පලා ගිය කොටි නායකයන් ගණනාවක් සිටින බවට තොරතුරු බුද්ධි අංශ මගින් හෙළිදරව් කරගෙන ඇත. විදේශයන්හි සිටින මෙම කොටි නායකයන් සමග තවමත් රහසේ සම්බන්ධතා පවත්වන අය මෙසේ අත්අඩංගුවට ගත් කොටි සාමාජික සාමාජිකාවන් අතරේ සිටින්නේ දැයි යන්න සොයා ගැනීම සඳහා ද ආරක්ෂක අංශ පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි. පුනරුත්ථාපනය නොවී සහ යුද්ධය පැවැති සමයේ රටින් පළා ගොස් සිට රටේ සාමය උදා වූ පසු නැවත හොර රහසේ පැමිණ නිවෙස්වල පදිංචිව සිටින හිටපු කොටි සාමාජික සාමාජිකාවන් සැලකිය යුතු පිරිසක් ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය තුළ සිටින බවට තොරතුරු ආරක්ෂක අංශවලට ලැබී තිබෙන බව කියති. ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කය පුරා මෙවැනි ආකාරයට රහසිගත ජීවිතයක් ගත කරන හිටපු කොටි ත‍්‍රස්තවාදීන් සොයා තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදුකරගෙන යයි. මෙවැනි හිටපු කොටි සාමාජිකයින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වා පුනරුත්ථාපනය කළ යුතු හා නොකළ යුතු අයද යන්න ගැන තීරණය කිරීමට ආරක්ෂක බලධාරීන් පියවර ගෙන ඇත. පටු වාසි තකා මේවාට එරෙහිව හඬ නගන ඇතැම් දෙමළ දේශපාලනඥයින්ගේ ඒ කතා තුට්ටුවකටවත් මායිම් නොකර ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය දැඩි පියවර ගත යුතුව තිබේ. හමුදා කඳවුරු මුර කපොලූ ඉවත් කළ යුතු යැයි ද කියා ඇතැම් දෙමළ දේශපාලනඥයින් හඬනැගීම තුළින් බුද්ධිමත්ව සිතා බැලිය යුතුව ද ඇත. හිටපු කොටි සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කිරීමත් සමගම ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයේ සිටි කොටි සාමාජිකයන් (පුනරුත්ථාපනය කොටි නිවෙස්වල සිටි හා රට ගොස් සිට පැමිණ සිටි) ගණනාවක්ම හොර රහසේ රටින් පලා ගොස් ඇති බව ආරක්‍ෂක අංශවලය තොරතරු දැන ගැනීමට ලැබී ඇති බව කියති. ති‍්‍රකුණාමලයේ සිට මන්නාරමට පලාගොස් එතැනින් බෝට්ටුවල නැගී ධීවරයන් ලෙස වෙස්වලාගෙන ඉන්දියාවට පලාගොස් ඇති බව ලැබී ඇති තොරතුරුවලින් පැවසෙන බව ආරක්‍ෂක අංශ පවසයි. හිටපු කොටි සාමාජිකයින් බෝට්ටු මගින් ඉන්දියාවට රැගෙන යාම සඳහා සඳහා තැරැව්කරුවන් එක් අයෙකුගෙන් රුපියල් 50,000ක පමණ මුදලක් අයකරගෙන ඇති බවද දැන් ආරක්‍ෂක අංශවලට දැන ගැනීමට ලැබී ඇත. හිටපු කොටි සාමාජිකයන්ට ඉන්දියාවට පලායාමට උදව්කළ තැරැුව්කරුවන් අල්ලා ගැනීමටද ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ පවත්වයි. අත්අඩංගුවට ගත් හිටපු කොටි සාමාජිකයින් 30 දෙනා අතරේ ප‍්‍රබල කොටි සාමාජිකයන් කිහිප දෙනකුද සිටින බව ත‍්‍රිකුණාමලයෙන් ලැබෙන පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. කොටි සංවිධානය ක‍්‍රියාත්මකව පැවැති සමයේ ආරක්‍ෂක අංශ වලට ප‍්‍රහාර එල්ල කිරීම හා ගම්මානවලට කඩාවැදී සාමාන්‍ය වැසියන් ඝාතනය කිරීමට හවුල්වූවන් කිහිප දෙනෙකු ද සිටින බව වැඩිදුරටත් දැන ගන්නට ඇත.

විස්තරය - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය



අදහස් (0)

සැඟවුණු කොටි සොයා ත‍්‍රිමලේ මෙහෙයුම්

දර්ශන Saturday, 05 May 2012 10:46 AM

රණවිරුවනි, ජය වේවා !!

:       0       0

පසිදු Monday, 30 April 2012 01:36 AM

කැළේ මාරු උණාට කොටියන්ගේ පුල්ලි මාරු වෙයිද?

:       0       0

රජිකාන් යිරිතිලක Monday, 30 April 2012 07:09 AM

රට රැකගන්නට වෙ‍හෙසෙන රණ විරුවන්ටත් රජයටත් පින්සිදුවන්නට අපි යුධ බියෙන් තොර වුවද ' මෙම කොටි හොල්මන් පන්නා දැමීමද නොපිරිහෙලා නොකල හොත් මර බිය යලි නැගෙනු ඇත.

:       0       0

මර්සි Sunday, 06 May 2012 08:28 AM

මෙය ඉතා අත්‍යවශ්‍ය ක්‍රියාවකි (ස)

:       0       0

අමිල Monday, 30 April 2012 01:30 PM

ලංකාදීපේ කියන්නේ ඇත්ත කියන පත්තරයක්. මගේ ප්‍රියතම පුවත්පත තමයි මේක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කී දේ වෙනුවට නොකී දේ වරනැගීම
2025 මැයි මස 02 268 0

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම


බණ්ඩා - චෙල්වා ගිවිසුම අත්සන් කළේ ඇයි?
2025 මැයි මස 01 303 1

ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී


ප්‍රේමදාස සංවර්ධන මොඩලය
2025 මැයි මස 01 236 3

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්


නුවර මොකද වුණේ?
2025 මැයි මස 01 1090 1

වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස


කම්කරු පන්තියේ අර්බුදය
2025 මැයි මස 01 60 0

මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී


ඉන්දු - පාකිස්තාන යුද ගැටුම
2025 අප්‍රේල් මස 30 624 0

ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 505 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site