07_page_6-TH

 

නීතිය නිසි පරිදි ක‍්‍රියාත්මක නොවීම මත අධිකරණ පද්ධතිය පිළිබඳ මහජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇතැයි රටේ බොහෝ දෙනාගේ අදහසයි. මේ පිළිබඳව සහ ඒ ආශ‍්‍රිත කරුණු රැසක් ගැන සංවාදයකට මෙවර ඉරිදා ලංකාදීපය සමග ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මෙසේ එකතු වේ.

 

     

buttonශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුරේ ස්්වභාවය සහ එහි වැදගත් ක‍්‍රම පිළිබඳ ඔබේ අදහස කොයි වගේද?


ශ්‍රී ලංකාවේ නීතිඥ ප‍්‍රජාව නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය. අපේ ව්‍යවසථාවෙම තියෙනවා සමාජික ගාස්තු ගෙව්වත් නැතත් සෑම නීතිඥවරයෙක්ම එහි සාමාජිකයෙක් කියලා. සාමාජික ගාස්තු ගෙවීමෙන් ලැබෙන විශේෂ වරප‍්‍රසාදය තමයි නිලවරණවලදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය.
ඊට අමතරව අධිකරණ පනත යටතේ  ලංකා නීතිඥ සංගමයට විශේෂ තැනක් තියෙනවා අනෙකුත් වෘත්තීය සංවිධානවලට වඩා වෙනස්. ඒ තමයි නීතිඥවරුන්ගේ විනයානුකූල කටයුතු පිළිබඳව තීරණ ගැනීමේ අයිතිය. ඒ අනුව අපි ක‍්‍රියාත්මක වෙනවා. ඇතැම් අවස්ථාවල නීතිඥවරුන්ගේ විෂමාචාර හේතු කොටගෙන ඔවුන් නීතිඥ වෘත්තියෙන් ඉවත් කළ යුතුයි කියලත් අපි ශ්‍රේෂ්ඨාධිකරණයට නිර්දේශ කරලා තියෙනවා.

 

dh

 


button මේ තනතුරට කෙනෙක් පත්වෙන පටිපාටිය මොකක්ද?


ඒ සඳහා පවත්වන නිලවරණයක දී සාමාජිකයන්ගේ ඡුන්දයෙන් තමයි පත්වෙන්නේ. ඒ ඡුන්දයේ ප‍්‍රධාන තේරීම් භාර නිලධාරියා හැටියට කටයුතු කරන්නේ රජයේ සොලිසිටර් ජනරාල්වරයා. මේ ඡුන්දය පිළිබඳ භාරව කටයුතු කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙ උදවිය සහ පිට පළාත්වල සෑම මහේස්ත‍්‍රාත් උසාවියකම දිස්ත‍්‍රික් විනිශ්චයකාරවරුන්.

 


button දීර්ඝ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා නීතිඥ සංගමය කොයිම අවස්ථාවක හෝ පක්‍ෂග‍්‍රාහීව හැසිරිලා තියෙනවාද?


ඇතැම් අවස්ථාවල මට සාමාජික මහත්වරු කියලා තියෙනවා එක්තරා අවධියක හිටපු සභාපතිවරයෙක් ඒ කාලේ තිබුණු ජනාධිපතිවරණයක දී තරග කළ එක් අපේක්‍ෂකයෙකුට සහාය පළ කරමින් පිටකොටුවෙ පත‍්‍රිකා බෙදුව කියල. නමුත් මම අදහස් කරන විදියට නීතිඥ සංගමය හැම විටම නිර්පාක්‍ෂිකයි. නීතිය ක‍්‍රියාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් තමයි අපි නිතරම පෙනී ඉන්නෙ. නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවෙ අරමුණු අනුව යම් මොහොතක රටේ නීතිය කඩා වැටිලා නීති උල්ලංඝණය වීම් සිදුවෙනවා නම් ඊට අපි සෘජුවම මැදිහත් වෙනවා. එතන දී අපි ක‍්‍රියාත්මක වෙන්නේ පක්‍ෂ භේදයකින් තොරව.  ඕනෑම පක්‍ෂයක අගතියකට පත් පාර්ශ්ව වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. එළඹෙන ජනාධිපතිවරණයේදීත් එසේ ක‍්‍රියාකිරීමට අපි තීරණය කරලා තියෙන්නේ. මෙතන දී නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අපි බැඳී සිටිනවා. ඒක මැතිවරණ කොමසාරිස්වරයාගේ මට්ටමින් වෙන්න පුළුවන්. පොලිසිය මට්ටමෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකරණය මට්ටමෙන් වෙන්න පුළුවන්.

 

seg.

 


button ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ වෙනකොට විපක්‍ෂයට පක්‍ෂයි කියලා ඇතැම් අය නඟන චෝදනාවෙ ඇත්ත නැත්ත මොකක්ද?


කිසිසේත්ම ඒකෙ ඇත්තත් නෑ. අපි මේ මැතිවරණය සලකලා බැලූවොත් එක පැත්තකින් රජය ඉන්නවා. අනිත් පැත්තෙ විපක්‍ෂය ඉන්නවා. රජය කියන්නෙ වෙනම එකක්. දේශපාලන මට්ටමෙන් පවතින්න පුළුවන් පක්‍ෂ දෙකක් පමණයි. රජයයි රජය ගෙනියන පක්‍ෂයයි කියන්නෙ දෙකක්. ඒක හොඳට පැහැදිලි කරගත යුතුයි. රජය කරවන පක්‍ෂයට මැතිවරණයේ දී රජය සතු දේපොළ පාවිච්චි කරන්න වුවමනාව ඇති. ඒත් රජය ඒකට ඉඩදිය යුතු නෑ. ඒක සාධාරණ නෑ. මොකද රජය කියන්නෙ ජනතාව. ඉතින් රජයේ දේපොළ කියන්නේ ජනතාවට අයිති දේවල්. ජනතාවගේ දේවල් එක පක්‍ෂයක වුවමනාව වෙනුවෙන් පාවිච්චි කරන්න බෑ. රජයේ දේපොළ රජය කරවන පක්‍ෂයට අයිතියි කියලා හිතාගෙන වැඩ කරන එකටයි අපි විරුද්ධ. අපි රජයේ දේපොළ ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා මිසක් රජය කරවන පක්‍ෂයට විරුද්ධව කි‍්‍රයා කරන්නෙ නෑ. ඒක විපක්‍ෂයට පක්‍ෂග‍්‍රාහීව කටයුතු කිරීමක් කියලා අර්ථකතනය කරන්න බෑ. රජයේ දේපොළ කිසියම් දේශපාලන පක්‍ෂයක් අයුතුු ලෙස තමන්ගෙ දේශපාලන වුවමනාකම්වලට පාවිච්චි කරනව නම් ඊට එරෙහිව ඉදිරිපත් වීම නීතිඥවරුන් හැටියට අපේ යුතුකම සහ වගකීම. අපිට බලාපොරොත්තු වෙන්න බෑ  ඕක වෛද්‍යවරුන් ඇවිත් කරයි කියලා. එහෙම නැත්නම් ඉංජිනේරුවරුන් ඇවිත් කරයි කියලා. ඒකයි අපි මේකට මැදිහත් වෙන්නේ. සෑම වෘත්තිකයෙකුටම මේ පිළිබඳ සමාජමය වගකීමක් තියෙනවා. ඒත් අපි අධිකරණ ක්‍ෂේත‍්‍රයේ නියැලෙන අය විදිහට අපි මේ සඳහා ඍජු මැදිහත් වීමක් කළ යුතුයි. ඒ පිළිබඳවයි අපි පෙනී ඉන්නේ. ඒක විපක්‍ෂයට පක්‍ෂ වීමක් කියන තැනට ලඝු කරන්න බෑ.

 

seryh

 


button නීතිඥ සංගමයේ සභාපති නතතුරේ ඉන්න පුද්ගලයගේ දේශපාලන මතය අනුව නීතිඥ සංගමය හැසිරෙනව ද?


ඔය වගේ චෝදනාවක් පහුගිය දවසක කරලා තිබුණා තරුණ ජනාධිපති නීතිඥ මහත්මයෙක්. ශ්‍රී ලංකා නීතිඥ සංගමය දේශපාලන අන්තයක් කරා ගමන් කරලා තියෙනවා කියලා ඒ කරන චෝදනාවට මම පිළිතුරු දිය යුතුයි. මම වගකීමෙන් කියන්නේ නීතිඥ සංගමය කිසිම දේශපාලන පක්‍ෂයක වුවමනාව ඉෂ්ට කරන්නේ නෑ. මම අභියෝග කරනවා අපි එහෙම කටයුතු කරනවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. අපේ මැදිහත් වීම උඩ කොයි පක්‍ෂයට වාසි වෙනව ද කොයි පක්‍ෂයට අවාසි වෙනව ද කියන එක නෙවෙයි අපි කරන්නෙ මොකක් ද කියලා බලන්න කියල මම කියනවා. රට තුළ මිනිස් ඝාතන සිදුවෙද්දී, පහරදීම් සිදුවෙද්දී තවත් බොහෝ අකටයුතුකම් සිදුවෙද්දී පොලිසිය නිහඬව ඉන්නවා නම් ඒ මොහොතේ අපි කියද් දී මේවට නීතිය ක‍්‍රියාත්මක කරන්න කියලා ඒක පක්‍ෂයට සම්බන්ධ කාරණයක් වෙන්නෙ කොහොමද?


ආණ්ඩුව කරවන පක්‍ෂයේ කාට හෝ පහරදීමක් හරි එවැනි දෙයක් වුණත් අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. නමුත් අපිට එහෙම වෙච්ච බවට නම් ආරංචියක් නෑ. රාජ්‍ය දේපොළ විපක්‍ෂය විසින් අයුතු ලෙස පාවිච්චි කළා කියලා ආරංචි වෙලා තියෙනවද? එහෙම වෙන්නෙ නෑ. මෙතන ප‍්‍රශ්නය පක්‍ෂය මොකක්ද කියන එක නෙවෙයි. ඔය චෝදනාව කරන අය නීතිඥ සංගමයට ඇඟිල්ලක් දිගු කරනකොට අනිත් ඇඟිලි හතරම එයාට එල්ල වෙලා තියෙන බවත් එයාලට මතක් කරන්න  ඕනෑ. ඒ අයගෙ පුද්ගලික දේශපාලන මතවාදය එක්ක අපිට  ප‍්‍රශ්නයක් නෑ. ඒක ඒ අයගෙ අයිතියනෙ.  ඕනෑම කෙනෙකට තමන්ගෙ වෘත්තීයේ ඉලක්ක තියෙනවා. ජනාධිපති නීතිඥ කෙනෙක් වීම වගේ ඉලක්කයක් නීතිඥවරයෙකුගේ ප‍්‍රධාන කාරණයක්. ඔය චෝදනා නගන පුද්ගලයින්ටත් තමන්ගෙ ඉලක්ක වෙත ගමන් කිරීමේ දී යම් මතවාද වෙනුවෙන් පෙනී ඉන්න වෙනවා ඇති.


නමුත් අපි කතා කරන්නේ නීතියේ කඩා වැටීම ගැන. අවනීතිය රජ කිරීම ගැන. අපි කතා කරන්නෙ හරි වැරැුද්ද ගැන පමණයි. ඔය චෝදනා නගන අය ගැන කනගාටුවීම පමණයි කරන්න පුළුවන්. අපි    හැම   විටම   බලන්නෙ      කවුද    හරි කියනවට වඩා මොකක්ද හරි කියන එක.


අපි දැන් නිකමට පාරට බැහැලා බලමුකො. අපි පාරට බැස්සම හතර වටේටම තියෙන්නේ ජනාධිපතිවරයාගේ ප‍්‍රචාරක පුවරු. ඒක නීත්‍යානුකූල ද? ඒක නීත්‍යානුකූල නෑනේ. කොළඹ නගරය ඇතුළෙ ඔය වගේ කටවුට් ගහන්න නගර සභාවෙන් අවසර අරගෙන අදාළ අංකයක් දුන්නම කටවුට් එකෙත් ඒ අංකය ප‍්‍රදර්ශනය කරන්න  ඕනෑ.  ඔය ගහපු කටවුට්වල එහෙම එකක් තියෙනව ද? මේ ගහපු කටවුට්වලට එහෙම කාගෙවත් අවසර අරගෙන නෑ. කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව දකින දකින  ලයිට් කණුවෙම එල්ලලා. නගර සභාවෙන් මේවා ගලවන්නේ නැතුව ඒවා පේන්නෙ නෑ වගේ ඉන්නෙ. ඒවා නීත්‍යානුකූල වැඩ ද? රජයේ වාහන ඉවක් බවක් නැතුව මේ වැඩවලට පාවිච්චි කරන බව පේනවා. රජයේ මුදල් පාවිච්චි කරලා දන්සල් දෙනවා වගේ රාජ්‍ය සේවකයෝ ඇතුළු විවිධ කාණ්ඩායම්වල අය මන්දිරේට ගෙන්නලා කන්න දෙනවා. මේවා රජයේ මුදල් මිසක් අම්මගෙ අප්පගෙ සල්ලි ද? අපි මේවා කරන්න එපා කියන එක පක්‍ෂයකට සේවය කිරීමක් ද? මැතිවරණය ඉලක්ක කරගෙන මේ දෙන අල්ලස නවත්වන්න කීම පක්‍ෂග‍්‍රාහී වීමක්ද? වෙන රටවලනම් මේ වගේ නීති විරෝධී කටයුතු කරන අයට ඡුන්දෙට තරග කරන්නත් බෑ. ජපානයේ ඔය වගේ දෙයක් අපට මතකයි සිදුවුණා. එවකට ජපානයේ අධිකරණ අමාත්‍යතුමිය තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේදී එයාගෙ ඡුායාරූපය ඇතුළත් කුඩයක් බෙ¥ වෙලාවෙ ඡුන්ද පෙත්සමක් ඇවිල්ලා අධිකරණ අමාත්‍යතුමියගේ ආසනයත් අහිමි වුණා. අධිකරණ අමාත්‍යධූරයක් අහිමි වුණා.

 


button අපේ රටේ නම් ඡුන්දෙට සිල් රෙද්දෙත් අංක ගහලා බෙදනවා....


ඔව්. අපේ රට ඒ තරම් පහළට වැටිලා. අපේ රටේ වෙන රටවල්වල වගේ අධිකරණය බලගතු නෑ. ඒකයි ප‍්‍රශ්නෙ. මේ ගැන කතා කරන එක පක්‍ෂයකට කඬේ යෑමක් වෙන්නේ කොහොම ද? මේවා ගැන කතා කරන්න නීතිඥ සංගමය විදිහට අපි කිසි වෙලාවක පැකිලෙන්නෙ නෑ. දැන් කවුරුත් නිහඬ කරවලනෙ තියෙන්නේ. කවුරුවත් මේවා ගැන කතා කරන්නෙ නෑ සුදු වෑන් එකට බයේ. එහෙම නැතිනම් තුවක්කුවට බයේ. අද බලවත් ඒකාධිපති වියරුවක් හිස ඔසවමින් තියෙන බව පේනවා. මොකද මගේ පස්සෙනුත් වාහන ආවා. ඉතිං කවුද කියන්නේ මර්දනයක් නෑ කියලා. අගමැතිතුමා වීඩියෝ දර්ශන බලලා පිළිගත්තා අලූත්කඬේ උසාවියේ ඉඳලා මගෙ පස්සෙන් යතුරු පැදියක් ආවා කියලා. අද වෙනතුරු මේ ගැන සාධාරණයක් වෙලා නෑ. ඉතිං සාමාන්‍ය මිනිස්සුන්ගෙ තත්ත්වය ගැන කවර කතාද?


අද මර්දනය කොච්චර ප‍්‍රබල ද කියනව නම් ඇතැම් මාධ්‍ය රටේ පාලකයගෙ නම කියනකොට ඒකට ‘‘බීප්’’ සද්දයක් දාන්නෙ’’ ඒ තරම් භීතියක් ව්‍යාප්ත කරලා රට පුරා. වෙන කාලවල මේ වගේ තත්ත්වයන් රටේ තිබුණෙ නෑ. එදා ජේ.ආර්. ජයවර්ධනට ගැටඹේ හාමුදුරුවො ‘‘ද්‍රෝහියා’’ කියලා කිව්වා. ඒත් ජේ.ආර්. ගැටඹෙ හාමුදුරුවන්ට සුදු වෑන් එකක් යැව්වෙ නෑ. අතපය ගැටගහලා පාරේ දැම්මෙ නෑ. ඒ දෙන්නගෙ ගැටුම ප‍්‍රසිද්ධියේ සිද්ධ වුණු දෙයක්. එදා දේශපාලන නායකයෝ අද වගේ බලය උමතු ලෙස පාවිච්චි කළේ නෑ. අද මාදුළුවාවෙ සෝහිත හාමුදුරුවන්ට ජීවිත තර්ජන එල්ල වෙලා. රටේ මේ වගේ දේවල් සිද්ධ වෙද්දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් කොහේ ද තියෙන්නේ.


අලූත්ගම සිද්ධියේ දී මොකද වුණේ? ඒකෙ දී ආරක්ෂක අංශ මේ පහරදීම් නවත්තන්න මැදිහත් වුණේ නෑ. මේ පහරදීම් සිද්ධ වුණේ කොහොමද? මේවා වුණේ බොදු බල සේනා කණ්ඩායම යටතේ. මම නීතිපතිට ලියුම් තුනක් යැව්වා බොදු බල සේනාවට විරුද්ධව පියවර ගන්න කියලා. නීතිපති පොලිසියට ඒවා යොමු කළා. අද වෙන තුරු කිසිම පියවරක් අරගෙන නෑ. හාමුදුරුවන්ට බලපාන්නෙ නැති නීතියක් නෑ මේ රටේ. මේකයි අද රටේ නීතියටවෙලා තියෙන්නේ. ඒ ගැන නීතිඥවරු හැටියට අපි කතා කරන්නෙ නැත්නම් මට අහන්න වෙන්නෙ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියලා තමයි.

 


button නීතියක් නැති රටක අනාගතය ගැන මොකක්ද කියන්න වෙන්නෙ?


‘‘අපිට පුතේ මඟක් නැතේ’’ කියලා තමයි කියන්න වෙන්නේ. මේ යන විදිහට ගියොත් නම් අපිට පුතේ රටක් නැතේ කියලත් කියන්න වේවි ඉස්සරහට
අල්ලස, දූෂණය, වංචාව, අද ඉහවහා ගිහිල්ලා. මේක කවුරු හෝ මැදිහත්ව නවත්වන්න  ඕනෑ. එක්කෝ රජය මේවා නවත්වන්න  ඕනෑ. නැත්නම් රජය කරවන පක්ෂ මේවා නවත්තන්න  ඕනෑ. එහෙම නැත්නම් අල්ලස් කොමිසම හෝ අධිකරණය හරහා හෝ නවත්වන්න  ඕනෑ. එහෙමත් නැත්නම් මහජනතාව එකතුවෙලා හරි මේවා නැවැත්විය යුතු තැනට අද රට ඇවිල්ලා තියෙන්නේ.

 


button රටක ජනතාවට එරට අධිකරණ පද්ධතිය පිළිබඳ විශ්වාසය බිඳ වැටුණට පස්සේ එවැනි රටකට ඉදිරියට යන්න පුළුවන්ද?


ඒ විදිහෙ තත්ත්වයකට මුහුණ දීපු රටකට ඉදිරියට යන්න බෑ. ඉදිරියට කොහොම වුණත් පස්සට නම් යන්න පුළුවන්. සියල්ලට පළමුව රටක නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත වෙන්න  ඕනෑ. නීතියේ ආධිපත්‍ය නැති කිසි රටකට දියුණු වෙන්න බෑ. චීනයේ පවා නීතියේ ආධිපත්‍යයක් තියෙනවා. යම් ප‍්‍රතිපත්ති අනුව තමයි වැඩ කටයුතු සිද්ධවෙන්නේ. එහේ හිතු හිතු හැටියට හොරකම් කරන්න බෑ. නමුත් චීන කොම්පැණිවලට අවස්ථාව දීලා තියෙනවා චීන රජයේ නම විකුණලා  ඕනෑම රටකට ගිහිල්ලා  ඕනෑම පගාවක් දීලා  ඕනෑ ගනු දෙනුවක් කරගන්න.


රට සංවර්ධනයට නීතියේ ආධිපත්‍ය නැවත වරක් ස්ථාපිත කළ යුතුමයි. ඒ සඳහා 17 වැනි ව්‍යවස්ථා සංශා්ධනය නැවත බලාත්මක කරන්න  ඕනෑ. ඒක ඓතිහාසික සංශෝධනයක්. ඒ යටතේ තමයි ව්‍යවස්ථාපිත මණ්ඩලයක් තුළින් අධිකරණයේ ඉහළ තනතුරුවලට පුද්ගලයින් පත් කළේ. ඒ රෙකමදාරු උඩ තමයි ජනාධිපතිවරයා ඒ පත්වීම සිදු කළේ. අද ඒක සම්පූර්ණයෙන් නැතිවෙලා තියෙනවා. 18 වැනි සංශෝධනය ආවට පස්සේ ඒ විනිසුරන් පත් කිරීමේ බලය සම්පූර්ණයෙන්ම අද විධායකයට හිමි වෙලා තියෙන්නේ. අද පත්වෙලා ඉන්න ඇතැම් විනිසුරුවරුන්ට විවිධ චෝදනා එල්ල වෙලා තියෙනවා.

ජ්‍යෙෂ්ඨත්වය පසෙකලා දේශපාලන සබඳකම් උඩ මේ පත්වීම් දීම සිදුවෙලා තියෙනවා. අපි මේවා ගැන අධිකරණය ඉදිරියේ කියලා තියෙනවා. ඒවා බීරි අලින්ට වීණා ගායනා කළා වගේ වෙලා. සුදුස්සාට සුදුසු තැන නොලැබී ගිහින්. ඒ තනතුරුවලට තමන්ගෙ හිතවතුන් දාලා තියෙනවා. මේවා වහාම වෙනස් වෙලා අධිකරණය ස්වාධීන වෙන්න  ඕනෑ කියලා අපි නැවත නැවතත් මතක් කරනවා.

 


button එළඹෙන ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ මැදිහත්වීම සිදු වෙන්නේ කොයි ආකාරයටද?


අපි එළඹෙන මැතිවරණයේ දී ඊට මැදිහත් වෙන්නේ කිසියම් ආකාරයකට නීතිය උල්ලංඝණය වෙනවනම් එවැනි අවස්ථාවල දී පක්‍ෂ භේදයකින් තොරව මැතිවරණ කොමසාරිස්වරයා හමුවට, නීතිපති දෙපාර්තමේන්තුවට හෝ අධිකරණයට ඉදිරිපත් වෙලා අවශ්‍ය පියවර ගැනීමෙන්.

 


buttonප‍්‍රබන්ධයක් වන චිත‍්‍රපටයකින් තමන්ගේ පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තිනාමයට මහා විශාල හානියක් වුණා කියලා පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පහුගිය දවස්වල දිගින් දිගටම කියලා තිබුණා. ඔහු කියන විදිහට එච්චර කීර්තිනාමයක් තියෙන අපේ රටේ පොලිසියේ ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ඔබේ අදහස මොකක්ද?


මම කල්පනා කරන්නේ අද අපේ රටේ පොලිස් සේවයක් තියෙනවද කියලා! හරි වැරැුද්ද පෙනි පෙනී වුණත් ඔවුන්ට ක‍්‍රියාත්මක වෙන්න බෑ. ඔවුන් තුළ පටවලා තියෙන ද්ශපාලන බලපෑම නිසා අද පොලිසියේ නිලධාරියෙකුට උසස්වීමක් ගන්න  ඕන්නං දේශපාලකයන්ගේ පස්සේ යන්න  ඕනෑ. ට‍්‍රාන්සර් එකක් හදා ගන්න  ඕන්නං ඒකටත් දේශපාලකයන් පස්සෙ යන්න  ඕනෑ. ගැටලූවක් නැතුව ඉන්න තැනම රාජකාරි කරගෙන දිගටම ඉන්න අවශ්‍ය නම් ඒකටත් දේශපාලකයා හොඳින් තියාගන්න  ඕනෑ. මේ වෙනකොට පොලිස් කොමිෂන් සභාව සම්පූර්ණයෙන් නිෂ්ක‍්‍රීය කරලා තියෙනවා. තනතුරු පත්කිරීම කෙරෙන්නෙ දේශපාලන අවශ්‍යතා අනුව. මේ තත්ත්වය උඩ හානි වෙන්න කීර්තිනාමයක් තියෙනව ද කියන එකයි හිතන්න වෙලා තියෙන්නේ.


කටුනේරියේ සිද්ධ වුණු අවාසනාවන්ත ඝාතනය සිදුවන වෙලාවෙ පොලිස්පති හැටියට කටයුතු කළේ මහින්ද බාලසූරිය.  ඒ සිද්ධියත් සමග ඔහුගේ රාජකාරිය විවේචනයට ලක්වූ පොලිස්පතිවරයෙක් ලෙස අස්වෙලා යන්න සිද්ධ වුණ ඒ වැරදි නියෝගය දීමේ හේතුව උඩ. එහෙම ඉල්ලා අස්වුණාම මොකක්ද කළේ. එයා කොහේදෝ රටක තානාපති කෙනෙක් කරලා යැව්වා. දැන් මේ පුද්ගලයාම නැවත වරක් කඩිමුඩියේ ගෙන්වාගෙන රටේ ආරක්ෂාවට බලපාන වැදගත් තනතුරකට පත් කිරීමෙන් කරන්න හදන්නෙ මොකක්ද? ඒක බරපතළ ප‍්‍රශ්නයක්. මේක තනිකර දේශපාලන පත්වීමක්. මෙවැනි නිලධාරියෙක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ප‍්‍රධාන තනතුරකට පත් කරනවනම් ඒක එච්චර හොඳ දේකට නෙවෙයි කරලා තියෙන්නේ. ප‍්‍රශ්නය තියෙන්නේ අද ඉන්න පොලිස්පතිවරයටත් හයියක් නෑ මේ සම්බන්ධව ප‍්‍රශ්න කරන්න. පොලිස් ආඥා පනත යටතේ ගනු ලබන තීරණ අරගන්න බලය තියෙන්නේ පොලිස්පතිට මිසක් අමාත්‍යාංශ ලේකම් කෙනෙකුට නෙවෙයි. පොලිස්පතිතුමාට මේ වගේ වෙලාවකටත් නැති පිටකොන් ද මොකට ද කියලා අපිට හිතන්න වෙනවා.


අපේ රටේ අල්ලස් දෙපාර්තමේන්තුව වගේ තැන්වල වැඩ සිද්ධ වෙන්නේ පහත් තැනින් වතුර ගලා යනවා වගේ කියලා බොහෝ දෙනාගේ මැසිවිල්ලක් තියෙනවා.


බොහෝ දෙනාගේ ඒ මැසිවිල්ල බොරුවක් කියලා අපිට කියන්න බෑනේ. ඒක අපට පිළිගන්න සිද්ධ වෙනවා. උදාහරණ ගණනාවකින් මේ මැසිවිලි සත්‍යයක් බව ඔප්පු කරන්න පුළුවන්. එක සිද්ධියක් ගමුකො. මේ ආණ්ඩුවෙ එක ඇමැතිවරයෙකුට මූල්‍ය වංචා චෝදනාවකට පරීක්‍ෂණයක් කැඳෙව්වා. මේ පිළිබඳ කට උත්තරයක් දෙන්න කියලා මේ ඇමැතිවරයට දැනුම් දුන්නම එයාට පෞද්ගලික ප‍්‍රශ්නයක් කියලා එදාට එන්න බෑ කිව්වා. අද වෙනතුරු මේ මනුස්සයා අල්ලස් කොමිසමට ගිහින් කට උත්තරයක් දීලත් නෑ. ඒ පරීක්‍ෂණයට වෙච්ච දෙයකුත් නෑ. දැන්වත් අල්ලස් කොමිසම මේ පිළිබඳ ප‍්‍රසිද්ධියේ උත්තරයක් දිය යුතුයි, මේ පරීක්‍ෂණයට මොකද වුණේ කියලා. අල්ලස් කොමිසමට ඉදිරිපත් කරපු දහස් ගණන් පැමිණිලි තියෙනවා. මොනවා වෙලා ද දන්නේ නෑ ඒවාට. අපි ඒ අදාළ මහත්තුරුන්ගෙන් ඉල්ලනවා මේවට දැන්වත් පියවර ගන්න කියලා.


ආණ්ඩුවෙ ඇමැතිවරයෙක් ලැජ්ජ නැතිව මේ ළඟ දී කියලා තිබුණා එයාලා දැන් හම්බකරගෙන ඉවරයි කියලා. ඉතිං මේ තෝරු මෝරු නිදැල්ලෙ ඉද්දී හාල් මැස්සෙක් දෙන්නෙක් අල්ලන අල්ලස් කොමිසම ගැන මැසිවිලි නගනවා ඇරෙන්න සාමාන්‍ය ජනතාව වෙන මොනව කරන්නද?

 


buttonවිවිධ දේශපාලන පක්‍ෂ පසුගිය දවස්වල ඉදිරිපත් කරපු යෝජනාවල තිබුණු ප‍්‍රධාන කාරණයක් තමයි ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීම කියන කාරණය. විශේෂයෙන් මෙම තීරණාත්මක කොමිෂන් සභා ස්වාධීන නැතුව මෙච්චර කල් රට දිව්වෙ කොහොමද?


මම කලිනුත් කිව්වා වගේ රට ඉස්සරහට දුවනව ද පස්සට දුවනව ද කියන එකයි ප‍්‍රශ්නෙ. අපිට නම් පේන්නෙ ඉස්සරහට දුවනවට වැඩිය දුවල තියෙන්නෙ පස්සට. අපි ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයග‍්‍රහණය කරන කවුරුන් හෝ 17 වැනි සංශෝධනය නැවත වරක් ක‍්‍රියාත්මක කරන්න කියලා. එය බලාත්මක කෙරුණු අවධියෙ තමයි යම්තාක් දුරකට ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ස්ථාපිත වුණේ මේ රටේ.


අද රට සංවර්ධනය වෙනවා කියලා බොහොම දෙනෙක් පුරාජේරු කතා කිව්වට මේ ගනුදෙනු සිද්ධ වෙන්නේ අද ටෙන්ඩර් පටිපාටියකින් තොරව. මේවා කොහොම සිද්ධ වෙනව ද කියලා කවුරුවත් දන්නේ නෑ.


weg