IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ

(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)

පෙණ කැටි ගුලි වෙවී විසිරී ගියාවේ........
නිල්දිය කඩිති මත දණ්ඩින් සිනාවේ....
සිතකට මියුරු හැඟුමන් පාවුනාවේ....
නැවතී බලමු මොහොතක් විල් තලාවේ......

 

‍නෙත් මානයට නොගැටෙනතාක්බොහෝ සොඳුරු ඉසව්වන් අනාගතයට සුරක්ෂාවේ. එවන් සොඳුරු වූ මානයන් මිනිසාගෙන් වහන් වන තාක් තවත්බොහෝ කල්පවතිනු ඇත. එවන් සොඳුරු වූ ප්‍රිය දසුන් ගහණ වූඉසව්වක් පිළිබඳව අනාවරණය කරනවාද නැද්ද  දෙගිඩියාව සිත තුළ හොල්මන් කළත්බොහෝ චිත්ත තර්ක විතර්කයන් තුළින්එවන් පරිසරයක් දෙස් විදෙස්  සංචාරක ආකර්ෂණය තීව්‍ර වීම තුළ රටේ ආර්ථිකයට සිදුකරනු ලබන්නාවූ ධනාත්මක බලපෑම තුළනාත්මකව බැලූ කල්හි තවදුරටත් වසන් කර තැබීම නොවටී.

රුවන් පුරය යැයි කී සැණින් අති දුලබ වූ මැණික් මතුවන පුරවරයක් ලෙස නම් දැරූමේ පුරවර රුවන් හාඅසමසම වූසංචාරකයන් ලොබ බැඳිසොඳුරු දිය ඇලි සපිරිවනගිරි තුරුලතා මඩුල්ලෙන්සුසැදිනෙත් සිත් පැහැර ගන්නාවූත් පරාදීසයක් බව කීම අතිශයෝක්තියක් නොවූ සත්‍යයකි.එවන් සොඳුරු වූ ඇතැම් සිත්තම් තවමත් අප්‍රකටය.ලිඛිත ඉතිහාසයක් නොවූ තවමත් ලොවට සංවෘතව පවතින එවන් රමණීය ඉසව්වක් පිළිබඳව අනාවරණයකි මේ.

බොහෝ දිය ඇලි පිළිබඳව ඔබ අසා තිබුණමුත් පොකුණු විශේෂ පිළිබඳව අසා ඇත්තේඅතේ ඇඟිලි ගණනටත් වඩා අඩුවෙන් විය හැකිය.දකුණේ පවතින මදුනාගල උණු දිය උල්පත් මෙන්මඋතුරේ යාපනය අර්ධද්වීපයේ පවතින පතුල නො පෙනෙනළිඳ මෙන්ම ත්‍රිකුණාමලයේ කින්නියා උණුවතුර ළිං පිළිබඳවසංචාරකයන්ට බොහෝසමීප  මාතෘකාය. මීට වෙනස් ස්වරූපයක් ගන්නා වූහුණු ගල් පොකුණු පිළිබඳව නම් ඔබ ඇස නොගැටුණු බව නම් සැබෑය. ඒ තවමත් නොඉඳුල්වනොකිලිටි වූ නැවුම් බවින්  පවතින බැවිනි.

බලන්ගොඩ සිට කල්තොට මාර්ගයේ කිලෝමීටර් 25  ක් දුරගමන්ගත් පසු තන්ජන්තැන්න ප්‍රදේශයේදී මෙම ඉසව්වට ළඟාවිය හැකිය.බළන්ගොඩ දෙසින් පැමිණෙන්නේ නම් ඉහත සඳහන් පරිදි ද, තණමල්විල දෙසින් පිවිසීමේදීතණමල් විල, හම්බෙගමුව, වේලිඔය හරහා කල්තොට මාර්ගයේද පැමිණිය හැකිය.  බදුල්ල බණ්ඩාරවෙල දෙසින් පැමිණෙන්නේ නම්පහසු මාර්ගය ලෙසකොළඹ බදුල්ල මාර්ගයේ පඹහින්න මංසන්ධියෙන්වමට හැරීසබරගමුව විශ්වවිද්‍යාලය හරහා කුඹල්ගම මාර්ගයෙන්සමනලවැව වේල්ල හරහා වටවල මාර්ගයේ රජවකින්බළන්ගොඩ කල්තොට මාර්ගයට පිවිසිය හැකිය.

මොලමුරේ, නවනැලියකූරගල ඔස්සේ තන්ජන්තැන්න දක්වාපිවිසිය හැකිය.මෙම මාර්ගයේ පිවිසෙන ඔබටමහරහතන්වහන්සේවැඩසිටි ඓතිහාසික කූරගල පුදබිමවැඳ පුදා ගනිමින් දූවිලි ඇල්ලෙහි අසිරියදවිඳගැනීමට අවස්ථාව හිමිවේ.ඓතිහාසික බුදුගල රජමහා විහාරය,කල්තොට පුරාවිද්‍යා භූමියවෙත පිවිසීමටත්,ඔබගේ පහසුව හා කල්වේලා ඇති පරිදි දියවිනි ඇල්ල පහස ලබමින් උඩවලව  වනෝද්‍යානයට පිවිසීමට ඔබේ රුචිය අනුව තෝරා ගත හැකිය.

කූරගල පුදබිම පිවිසුම් ස්ථානය පසුකර කිලෝමීටර් තුනක් පමණ කල්තොට දෙසට පිවිසීමේදී කිලෝමීටර් 25  කණුවට මඳක් ඔබ්බෙන් වම් පසට කුඩා ප්‍රවේශ මාර්ගයකි.එවිට ඔබ සොයමින් සිටින හුණුගල් පොකුණු වෙත ලඟා විය හැකිය.මෙතැන් සිට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් ගමනාන්තය තෙක් යා යුතුව ඇති අතර කුඩා වූ පටු මාර්ගයක් බැවින් ප්‍රවේසම් සහිතව ගමන් කළ යුතුව ඇත.ඔබගේ ගමන වාහනයකින් වේ නම් කිලෝමීටරයක් දුරකින් ඔබට නතර වන්නට සිදුවනු ඇත.ඒ ඉතා කුඩා පටු මාර්ගයක් වන බැවිණි. එතරම් ජනාවාස නොවූ මේ ප්‍රදේශයේඇතැමෙක් ඉඳහිට එන වාහනයක නැවතුම්ලබාදී ගාස්තුවක් ගන්නටපෙළඹී සිටිති. රජවක රක්ෂිතයට අයත්මෙම වනභූමියේසතා සීපාවා මෙන්ම මහා වෘක්ෂලතාවෝ, ද මෙම හුණුගල් පොකුණු මණ්ඩලයට ආභරණයෝ වෙති.මේ දක්වාවන භූමියට ඇතුල්වීම වළක්වාලමින්වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවවාරණ නියෝගයක් ලබාදී තිබූ අතරඉකුත් විසි නම වැනිදා සිට මහජනයාට පිවිසී මේ අවසරය ලබා දී ඇත්තේ රුපියල් 75 කර ප්‍රවේශපත්‍ර ගාස්තුවක්ද අය කරමිනි.එවැනි ගාස්තුවක් අය කළද, මාර්ග හෝ ගමන් පහසුව ඇතිවන පරිදි හෝ වාහන නවතා තැබීමට හෝ හුණු ගල් පොකුණු ආරක්ෂා කිරීමටකිසිදු පියවරක් ගෙන නොමැති සේමකිසිදු යටිතල පහසුකමක් සලසා දීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අසමත් වී ඇත.මෙම මගෙහි ඇවිද යන විට කුඩා දිය පහරවල් දෙකක් ඔබට හමුවනු ඇත.එය ඔබටගමනේ විඩාවට මද අස්වැසිල්ලක් වනු ඇත. සිසිලසෙන් පිරී නේක තුරුලතාවන්ගෙන් ගහණවූවනපෙතඔබට දැඩි අව්රශ්මියක්නොදැනෙන අතරතුරු සෙවන සිසිලසක් වුව කුතුහලයඔබ නො ඉවසනු ඇති.එන මගෙහි පෙර ලකුණු සේ හුණුගල් පාෂාණ කොටස් ඇතුරු මාවතක් සේ ඇතැම් ස්ථාන ඔබට හඳුනාගත හැකිය.රජවක රක්ෂිතයට අයත් මේ බිම් කඩෙහි ගිනි තැබීම දැව කොටස් ඉවත් කිරීම, ගස් කැපීම, රැගෙන යාම, ප්‍රවාහනය කණිජ කොටස් කඩා ඉවත් කිරීම රැගෙන යාම ඇතුළු වන සංරක්ෂණ ආඥා පනතේ සඳහන් වන වෙනත් වැරදි සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සඳහන් කළ පුවරුවකි.

 

හුණු ගල් පොකුණු ඇතිවන ආකාරය

මේ ලෙස හුණුගල් නිර්මාණය වීම පිළිබඳව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලාපීඨයේභූගෝල විද්‍යා දෙපාර්තමේන්තුවේ  භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය තිලක් හේවාවසම් මහතාඅදහස් දැක්වූයේ මෙලෙසය.

"පොළොවේ විවිධපාෂාණයන් පවතිනවා. මේ පාෂාණයන් අතර කැල්සයිට් නම් වූ ඛණිජයක් පවතිනවා.මේවා නිධි වශයෙන් පවතින්න පුළුවන්. මෙම කැල්සයිට් නිධි නැත්නම් විපරීත හුණුගල් පාෂාණ පොළොව මතුපිටට පැමිණිලා ජීරණය වෙනවා. ඛණිජ ජීර්ණය වෙනවා කියන්නේ දිය වෙනවාකියන එකයි.

මේකැල්සයිට් දියවෙන්නේකාබොනික් කියන අම්ලයේ.කාබන් ඩයොක්සයිඩ් සහ ජලය එකතුවෙලා කාබොනික් අම්ලය ඇතිවෙනවා. මේ කාබොනික් අම්ලයෙහි කැල්සයිට් දියවෙනවා. එම ජලයේ කැල්සියම් අයන, බයිකාබනේට් අයන බහුලව පවතිනවා. වතුර බොන්න බෑ කියලා සමහර අය  මේ අයනතාවය වැඩිපුර තිබීම නිසා නිසාජලයේහාඩ්නස් එක (දෘඩ බව) වැඩියි කියන්නේ ඒකයි.  ජලයේ පවතින කැල්සියම් අයන සහ බයිකාබනේට් අයන එකතුවීමෙන්අවක්ෂේප වී නැවත කැල්සයිට් කියන ඛනිජය හැදෙනවා. ගලා යන කුඩා දිය පහරවල් අතු අතුගංගා වැනි තැන්වල එම කැල්සයිට් ඛනිජ අවක්ෂේප වෙලා හුණුගල් ඇති වෙනවා. ඇතැම් ගුහාවල එල්ලෙන ස්වරූපයෙන් ඇතිමෙවැනි තැන්පත්වීම්හිරිලඹ වශයෙන් හඳුන්වනවා. පොළොවේ පවතිනඑවැනි  හුණුගල්  තැන්පත් වීම්වලින් නිර්මිතස්වරූපහිරිටැඹ ලෙස හඳුන්වනවා. අවුරුදු දහස් ගණනක්නැතහොත් කාලාන්තරයක් තිස්සේ කැල්සියම්අයන, බයිකාබනේට් අයනඑකතුවීමෙන්කැල්සියම් කාබනේට් නැත්නම් කැල්සයිට් කියන ඛනිජඅවක්ෂේප වීමෙන්මෙම හුණුගල් නිර්මාණය වෙනවා. "

හුණු ගල් පොකුණු ඇතිවන අයුරු අවබෝධ වූ ඔබට මනරම් සුපසමන් අතිශයින් පිවිතුරු ජලයෙන් පිරුණු මඩලාකාර පොකුණු සමූහයක් මෙහිදී දැකිය හැකි වේ.

මඩලෙන් මඩලටදිය වැටෙනා සුපහන් හඬ පැතිරුණු මහා වෘක්ෂයන්ගේ සෙවණින් ගෙනෙනා සිසිලසත්දැවෙන ගත සිත පුබුදුවන්නට කවර නම්ඔසුවක් වේද මීට සම වන. මඩල කීපයක් වශයෙන් පැවති මෙම පොකුණු සමූහයේ කාලාන්තරයක් තිස්සේ හුණුගල් කාදනය වීමත් නැවත තැන්පත් වීමත් යන චක්‍රීය ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම අපූර්ව වූත් ස්වභාදායාදය සංචාරක නෙත් සිත් පැහැරගන්නා ක්ෂේම භූමියසොබා දහම තිළිණ කළඅමිල වූත්, සුරැකිය යුතුවූත් සම්පතකි.පොකුණු තලයේ සුනිල්වන් පැහැදිලි බව උදුරා ගනුයේ වනපෙත රූස්ස වෘක්ෂයන්ගෙන් හැලෙනා පත්‍ර සමූහයෙනි.රන්වන් හිරු කිරණ සුනිල් දිය දහර මතනේක රටාවන් මවයි. රෑන් වශයෙන් මතු වෙන සැඟවෙනමාලුන් සෙවීමට ඇස්වෙහෙසෙයි.ඉහළ සිට පහළට තට්ටු කීපයක් සේ මඩලාකාරයෙන් ඇති පොකුණුසමූහයෙන් අඛණ්ඩව ගලන ජලය පහළට වන්නට තරමක් විශාල වූ ස්වභාවික තටාකයකට වැටෙයි.පිරිසිදු හුස්ම පොදක් පුරවා ලයට ගනිමින් සිසිල් දිය පහස ලැබ ගනිමින් කොතෙක් වේලා බලා සිටියද ඇති නොවන්නේ නම්එයමහ පුදුමයක් නොවනු ඇත.

මෙවන් ස්වාභාවික සම්පත් භූමියේ පිනට පහළ වුවත් මෙහි පැමිණෙන්නෝ විනයකින් ශික්ෂණයකින් තොරව හැසිරීම,මෙම අවසාදිත හුණුගල් ස්ථර මත ඇවිදීම, ඒවා කඩා ඉවත් කිරීම, පොකුණු තුළ තුල ස්නානය වැනි කටයුතු කිරීමෙන්මෙවන් සම්පත් අනාගතයට අහිමි වීමේ අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවී ඇත.විදෙස් රටවල මෙවැනි සම්පත් දෙස් විදෙස් සංචාරකයින් වෙත විවෘත කරමින් ආර්ථික සංවර්ධනයෙහිලා සංචාරක ව්‍යාපාරය පුළුල් කරනු දැකිය හැකිය.භූමියේ ඇති ඛණිජසම්පත්වල අයිතිය සංරක්ෂණය, ප්‍රවර්ධනයසඳහා වග විය යුතු වන්නේ භූ විද්‍යා හා පතල් කාර්යාංශය වේ.මේම ස්වාභාවික සම්පත උපයෝජනය කිරීම උදෙසා භූ සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කරමින්හා එම සම්පත් සංරක්ෂණය වන අයුරින් නිසි වැඩපිළිවෙලක්සැකසීමත්, දේශීය හා විදේශීය සංචාරකයින් වෙත විනයක් ශික්‍ෂණයක් සහිතව සම්පත් සුරක්ෂිත වන අයුරින් ඔවුන්ගේ යටිතල පහසුකම්සලසානැරඹීමට අවස්ථාව ඇති කළ යුතු බව පෙන්වා දෙන අතර එය විදෙස් විනිමය රට තුළට කැඳවීමේතිරසාර ප්‍රවාහයක් වන බවට පෙන්වා දෙනු කැමැත්තෙමි.

 

ඔබ එන්න....
ඔබ ඇවිත් යන්න එන්න...
සුනිල් දිය
කිලිටි නොකරන්න....
ඔබ රැගෙන ආදෑ ....
යළි රැගෙන යන්න....
ඔබත් සැනසී....
මිහිලියද සනසන්න...

(ඡායාරූප - බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)



අදහස් (2)

වනමද සැනහෙන සොබා විල්තෙර - බළන්ගොඩ හුණුගල් පොකුණ

සංජීවනී Tuesday, 23 April 2024 11:26 AM

ඔබ එන්න.... ඔබ ඇවිත් යන්න එන්න... සුනිල් දිය කිලිටි නොකරන්න.... ඔබ රැගෙන ආදෑ .... යළි රැගෙන යන්න.... ඔබත් සැනසී.... මිහිලියද සනසන්න... මේවා දකලා කවදද කොහෙද අපේ පරිසරය විනාශ වීම නතර වෙලා තියෙන්නේ කියන්නකෝ ඔව්වා නිකා සාහිත්‍ය වදන් විතරයි අපේ මිනිස්සුන්ට

:       2       24

kasun Thursday, 02 May 2024 08:10 PM

ලංකාවේ කොල්ලන්ට බීම තමයි දන්නේ එකම දේ... මේ තරම් බීලා නාස්ති කරනකල් නින්ද යන එකක් නැ ... අපි වගේ රටක මේවා ප්‍රසිද්ධ කිරිමේ වැළකිය යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථික පනතේ ඉලක්ක සැබෑවේද?
2024 මැයි මස 21 90 0

ඉකුත් මාර්තු 21 වැනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ සංදේශයකට අනුව දැන් “ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” පාර්ලිමේන්තුවට ඉදිරිප


ඉරාන තානාපතිට පහරදීම රටේ ප්‍රතිරූපයට හානියක්
2024 මැයි මස 21 533 0

මෙරට සිටින තානාපති ප්‍රජාව සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අසන්නට නොලැබෙන අමුතු කතාවකට පසුගියදා මාධ්‍ය සිරස්තල වෙන්වී තිබිණි. මෙරට ඉරාන තානාපති, ආචාර්ය අල


ශ්‍රී ලංකාව ලෝක තලයට අවශ්‍ය සාධක
2024 මැයි මස 20 194 0

රටකට එහි ජාතික ආරක්ෂාව තහවුරු කරගැනීමට නම්, එරටට ප්‍රමාණවත් ධන අතිරික්තයක් තිබිය යුතු බව සහස්‍රයක් තිස්සේ ජාතීහු දැන සිටියහ. ඒ, එරට වාර්තමාන නිෂ්පාදනය


රේගුවේ ආදායම් අවභාවිතාව
2024 මැයි මස 20 687 0

ශ්‍රී ලංකා රේගුව රටට ආදායම් ගෙන එන ප්‍රධානම රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා මේ වර්ෂය ආරම්භයේදී ප්‍රකාශ කර තිබුණේ


නීතියේ සදාචාරයේ විකෘතිය
2024 මැයි මස 18 468 1

ලබන සැප්තැම්බර් 17 වැනිදාත් ඔක්තෝබර් 16 වැනිදාත් අතර දිනෙක ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පසුගිය 9 වැනිදා නිවේදනයක් මගින් ප්‍ර


පාසල් දරුවන්ගේ උදේ ආහාරය සුළුවට නොතකමු
2024 මැයි මස 18 239 0

සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගෙන් ලක්ෂ 6ක පිරිසක් උදෑසන ආහාර වේල නොගෙන පාසල් පැමිණෙන බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. පාඨලී චම්පික රණවක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 848 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2394 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2054 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site