
සැමවිට ඔබ ගැනම විශ්වාස කරන්න.ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි." ඒ මෙවර විශ්ව රූ රැජිණ කිරුළ දිනූ තරුණියගේ සුවිශේෂී පිළිතුරයි. ඇය නමින් හර්නාස් කවුර් සන්දුය. වසර 21කට පසුව විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවට දිනා දුන් 21 හැවිරිදි ඇය ගැන් දැන් ලොවක් කතා වන්නේය.
ඊශ්‍රායලයේ එපියාත් නුවර, 'යුනිවර්ස් එරීනා' රඟහලේ පැවති 70 වැනි 2021 වසර සදහා වන විශ්ව රූ රැජිණ තේරීමේ තරගයට රටවල් 80ක් නියෝජනය කරමින් තරගකාරියන් එක්ව සිටියහ.
ඒ සියලු සුරූපිනියන් අභිබවමින් පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු මේ කිරුළ හිමි කර ගත්තේ සුරූපීත්වය සමානා ලෙසින්ම පැවති පෞරුෂය නිසායැයි කිවහොත් වරදක් නැත.
තරගයේ අවසාන තරගකාරියන් තිදෙනා වූයේ ඉන්දීය , දකුණු අප්‍රිකා සහ පැරගුවේ සුරූපිනියන් තිදෙනාය. අවසාන ප්‍රශ්න වටයේදී එම තිදෙනාගෙන් ඇසු ප්‍රශ්නයට හර්නාස් ලබාදුන් පිළිතුරෙන් ජයග්‍රහණය ඇය වෙත හැරුණු බව විචාරකයෝ පවසති.
එහිදී විනිශ්චය මණ්ඩලය ඇයගෙන් විමසුවේ වර්තමානයේ දී ඇතිවී තිබෙන පීඩනයට මුහුණදීමට තරුණියන්ට ඇය දෙන උපදෙස කුමක්ද යන්නය. ඊට දැඩි ආත්ම අභිමානයෙන් පිළිතුරු දුන් හර්නාස් දුන් පිළිතුර වූයේ "යෞවන පරපුර වර්තමානයේ මුහුණදෙන විශාලම පීඩනය තමයි තමා ගැන විශ්වාස කිරීම. තමා සුවිශේෂයි කියන දේ තේරුම් ගැනීම. එවිට සියලුදෙනා ලස්සනයි. ඔබව අනෙකා සමග සමාන කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට ලොව සිදුවන වඩා වැදගත් දේ ගැන කථා කරමු. එයයි ඔබ වටහාගත යුත්තේ. ඔබ වෙනුවෙන් ඔබම කථා කරන්න. ඒ මන්දයත් ඔබගේ ජීවිතයේ නායකයා ඔබයි. ඔබ වෙනුවෙන් ඔබ හඬ නැගිය යුතුයි. එම නිසා තමයි මම මෙතැන අද ඉන්නේ."
ඇයගේ පිළිතුරට නරඹන්නන්ගෙන් ලැබී ඇත්තේ විශාල ප්රතිචාරයකි.එසේම එම පිළිතුර ඇයගේ ජයග්‍රහණයට දැඩිව බලපෑ බව විශ්ව රූ රැජින තරගයේ අවසන් තරගය නැරඹූ ඔනෑම අයකුට තහවුරු කර ගත හැකිය. ජයග්‍රහණය ලැබීමෙන් අනතුරුව හර්නාස් ට කිරුළ පළඳවන ලද්දේ 2020දී එම තරගය ජයලැබූ මෙක්සිකෝවේ අන්ද්‍රියා මේසා විසිනි.
හර්නාස් විශ්ව රූ රැජින කිරුළ හිමි කර ගනිද්දී මෙවර, විශ්ව රූ රැජින තරගාවලියේ දෙවැනි ස්ථානය පැරගුවේ රාජ්‍යය නියෝජනය කළ සුරූපිනිය නාඩියා ෆෙරෙයිරාටත් තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලිලා ස්වනේටත් හිමිවිය.
විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියකට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙයයි. හර්නාස්ට පෙර විශ්ව රූ රැජින කිරුළ දිනූ ඉන්දීය සුරූපිනියන් වන්නේ, සුෂ්මිතා සෙන් සහ ලාරා දත්තා ය. ලාරා දත්තා විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳියේ 2000 වසරේදීය.
21 හැවිරිදි සික් ජාතික පන්ජාබ් යුවතියක් වන හර්නාස් නිළියක් සහ මෝස්තර නිරූපන ශිල්පිනියක් ලෙස කටයුතු කරන බැව් කියැවේ. ඒසේම ඇයගේ අධ්‍යාපන පසුබිමද ඉතා ඉහළය. හර්යානා ප්‍රාන්තයේ චන්දිගාර් නගරයේ ජීවත්වන හර්නාස්, මේ වනවිට පශ්චාත් උපාධියක් ද හදාරමින් සිටින්නීය.
''ඔබ සුන්දර වෙන්නේ ඔබේ අද්විතීය බව ඔබ දැනගෙන සිටින විටයි. ඔබව අන් අය සමඟ සැසඳීම නවතන්න. මම, මා ගැන විශ්වාස කළා. අද මෙතැන ඉන්නේ ඒ නිසයි'' හර්නාස් සන්ධු ගේ ස්ථිරසාර අදහස ලොවක් වෙනස් කරන්නේ නම් , එහි ගෞරවය ඇයටම හිමි විය යුතුය.එසේම එය සැබෑ වුවහොත් 70 වන විශ්ව රූ රැජින ලෙස හර්නාස් සන්දු ඉතිහාස ගත වන්නීය.
විදෙස් මාධ්‍ය වාර්තා ඇසුරෙනි
-සටහන- තිළිණි ද සිල්වා


2025 නොවැම්බර් මස 17
116
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
961
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2570
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ලස්සනයි පෞරුෂයයි එකට එක්කර විශ්ව රූ රැජින කිරුළ පැළැඳුවාය ඕ...
ab Tuesday, 14 December 2021 05:30 PM
විශ්ව රූ රැජින කිරුළ පැළැඳු හර්නාස් කවුර් සන්දුගේ කිරුළ නැවත ගැනීමට කිසිවකු උත්සහ කරන්නට නම් නැත
එරා Wednesday, 15 December 2021 10:53 AM
ලංකාවෙත් ඉදිරියට උපාධියක් තියෙන මොලයක් තියෙන තරුණියක්,ඉදිරිපත්,කල යුතුය.
sampath Wednesday, 15 December 2021 10:40 PM
ලංකාවෙන් දාන්න එපා. කිරුල පැළදුවම තව කවුරුහරි ගලවලා වෙන කෙනෙකුට දාලා පොලිසි යන්න වෙනවා
ab Wednesday, 15 December 2021 11:22 PM
උපාධි තිබෙන හැමෝටම මොලය නැත. මොලයක් තිබේනම් ටට මෙවන් විපතක් වෙන්නේද නැත