|
සසුන්ගත වූ පුතු සමග |
අග්නිදිග ආසියාවේ දෙවැනි ධන කුවේරයා මලයාසියාවේ ටී. ආනන්ද ක‍්‍රිෂ්ණන් භික්ෂුවක වන සිය එකම පුතු අජාන් සිරි පන්යෝ හිමි බැලීමට පිනෑං හිල් හි භාවනා අසපුවට පැමිණි බව පසුගියදා වාර්තා විය.
හත්තෑපස් වැනි වියේ පසුවන ආනන්ද ක‍්‍රිෂ්ණන් ලෝකයේ 82 වැනි ප‍්‍රකෝටිපතියා බවට පෝබ්ස් සඟරාව වාර්තා කරයි.
කොළපැහැති අත්කොට ටී ෂර්ටයක් හැඳ කැමරාවක් ද රැගෙන සිය ආරක්ෂකයන් පිරිවරාගෙන බී.එම්.ඩබ්ලිව්. රථයෙන් පිනෑං හිල් හි භාවනා අසපුවට ගිය ඔහු එහි සැහැල්ලූවෙන් ගත කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
ඔහු ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ ශ්‍රී ලංකා සම්භවයක් ඇතිව උපත ලැබූ නිසාය.
1938 අපේ‍්‍රල් පළමු වැනිදා මලයාසියාවේ ක්වාලලම්පූර්හි බි‍්‍රක්ෆීල්ඞ්හි දී ‘පුංචි ඉන්දියාව’ නමින් හඳුන්වන පෙදෙසක උපත ලද ඔහුගේ මව්පියෝ ශ්‍රී ලාංකික දෙමළ වැසියෝ වෙති. ක්වාලාලම්පූර් බි‍්‍රක්ෆීල් විවේකානන්ද දෙමළ පාසලෙන්ද, වික්ටෝරියා අධ්‍යාපන ආයතනයෙන්ද අධ්‍යාපන ලැබූ ආනන්ද ක‍්‍රිෂණන් ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත‍්‍රවේදී ගෞරව උපාධිය ලබා ගත්තේ දේශපාලන විද්‍යාව ඇතුළු විෂයන් කිහිපයක් හදාරමිනි. 1964දී හාවඞ් විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධිය හැදෑරූ ඔහු ව්‍යාපාර ක්ෂේත‍්‍රයට පිවිසිණි.
මුලින් ව්‍යාපාර කිහිපයකට සම්බන්ධ වූ ඔහු ඉන් පසු එම්.ඒ.අයි. හෝල්ඩින්ග්ස් ආයතනයට සම්බන්ධවෙමින් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ ඉදිරියට ගියේය. අනතුරුව ඔහු සම්බන්ධ වූයේ එක්ස් ඔයිල් ටේ‍්‍රඩිං සමාගමටය. එය රටවල් රැසක තෙල් කැණීම් කරන සහ මිලදී ගන්නා විශාල වශයෙන් ලාභ ලැබූ ආයතනයකි.
සූදු ව්‍යාපාරයට පිවිසුණු ක‍්‍රිෂ්ණන් අනූව දශකයේ මුල් භාගයේ මාධ්‍ය සම්බන්ධ ව්‍යාපාර ආරම්භ කළ අතර තමන්ගේම ව්‍යාපාර රැසක් අරැඹීය.
මාධ්‍ය, චන්ද්‍රිකා, තෙල්, ගෑස්, විදුලි සංදේශ, බල ශක්ති, සූදු, ක‍්‍රීඩා, සංචාරක හා දේපොළ ආදි ක්ෂේත්‍ර ගණනාවක ව්‍යාපාරවල රැසක හිමිකරුවකු වන ඔහු යටතේ සේවකයෝ දහස් ගණනක් සේවය කරති. ඔහු ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේද කොටස් හිමිකරුවෙකි.
මලයාසියාවේ දෙවැනි ධනවතා වන ක‍්‍රිෂ්ණන් දෙවැනි වූයේ රොබට් කුක්ට පමණි. ෆෝර්බ්ස් සඟරාව පසුගියදා වාර්තා කළේ ආනන්ද ක‍්‍රිෂ්ණන්ගේ ශුද්ධ වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 11.7ක් බවයි. ඔහු ස්වෝත්සාහයෙන් නැගී සිටි නිහතමානී ව්‍යාපාරියකු ලෙස ප‍්‍රකටය. එමෙන්ම දානපතියකු ලෙස ප‍්‍රකට ක‍්‍රිෂ්ණන් අධ්‍යාපනයේ නියුතු දරු දැරියන්ට උදව් උපකාර කළ අවස්ථා රැසක් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මාධ්‍ය ආයතන හිමිකරුවකු වන ඔහු නිතරම මාධ්‍ය සංදර්ශන පවත්වන්නේවත් මාධ්‍ය ඉදිරියේ පෙනී සිටින්නේවත් නැත. ඒ නිසා මාධ්‍යක ඔහුගේ රූපරාමුවක් දකිනුයේ කලාතුරකිනි. වරෙක මලයාසියාවේදී ඔහු මෙලෙස පවසා තිබිණි.
”මා වැඩි සද්දබද්දයක් නැති කෙනකු බව සමහරු කියනවා අසා තිබෙනවා. ඇයි කෙනකු මහ ලොකු මිනිහෙක් වගේ ජීවත් වන්නේ. මා කරන්නේ මගේ රස්සාව. මා සද්දබද්ද නැති මිනිහෙකියි ඔබ කියනවා නම් එහි තේරුමම ලොකු වැඩ කරන මිනිහෙකු බවයි. අප හැම වෙලාවෙම බිම පය ගසා සිටිය යුතුයි. අති සාර්ථක පොහොසතුන් වූවත් හැම විටම පොළොවේ පය ගසා සිටිය යුතුයි.”
විවාහ දෙකක දරුවන් තිදෙනක් ක‍්‍රිෂ්ණන්ට සිටිති. ඒ දුවරු දෙදෙනකු සහ එක් පුතකු ලෙසය. පළමු විවාහයේ පුතු භික්ෂුවක් වන අතර පළමු විවාහයේ දියණිය එංගලන්තයේ වෛද්‍යවරියකි. දෙවැනි විවාහයේ දියණිය හා බිරිය සමග ක‍්‍රිෂ්ණන් මේ වන විට ප‍්‍රංශයේ ජීවත් වෙයි.
මහා ධන කුවේරයකුගේ පුතෙකුව ඉපිද අනේක විධ සැප සම්පත් විඳීමට අවස්ථාව ලැබී තිබියදීත් ඔහුගේ එකම පුතු තෝරා ගත්තේ සසර සයුරෙන් එතෙර වීමේ මාවතයි. මීට වසර දහඅටකට පෙර පුතු පැවිදි වූයේ අජාන් සිරි පන්යෝ නමිනි. එතැන් පටන් පිණ්ඩ පාතයේ වඩිමින්, විවිධ පුද්ගලයන් දෙන දනින් යැපෙමින් ඒ හිමියන් ජීවත් වූයේ පිනෑන් හිල් හි භාවනා අසපුවකය.
|
ආනන්ද ක‍්‍රිෂ්ණන් |
ක‍්‍රිෂ්ණන් ඉඳ හිට සිය පුතු බැලීමට එම තැනට ගියේය. එම භික්ෂුව ද පියා මෙන්ම නිහතමානී චරිතයක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූතානයේ ව්‍යාපාර සඟරාවක පළවී තිබුණේ ආනන්ද ක‍්‍රිෂ්ණන් තම එකම පුතු වන ආජාන් හිමියන්ට තම සුපිරි මාලිගයට දානයකට එන ලෙස ආරාධනා කළත් ඒ හිමියන් එය ප‍්‍රතික්ෂේප කළ බවයි.
අජාන් හිමියන් පවසා තිබුණේ ‘‘මම දැන් අනිත් අය වගේම සාමාන්‍ය භික්ෂුවක්. මගේ ආහාර සඳහා මා පිණ්ඩපාතයේ වඩින්න ඕනෑ. මගේ ජීවිතේ දැන් යැපෙන්නේ අනෙක් අය දෙන දේවල්වලින්.” යනුවෙනි.
ඔහුට අයත් ඕස්ටේ‍්‍රලියාවේ නිවස ගැනද මාධ්‍යයේ වැඩි කතාබහකට ලක්වූයේ 2006 දී එම නිවස වෙනුවෙන් ලැබුණු සම්මානයක් නිසාය. .'Kia Ori' ලෙස ඔයෝරි භාෂාවෙන් එම නිවස හඳුන්වයි. එහි ඉංග‍්‍රීසි තේරුම ''Welcome' යනුවෙනි. උණුවතුර පිහිණුම් තටාකයක්. විවෘත මහලක්, ගිනි උඳුන් හතරක්, භූදර්ශන සහිත උද්‍යාන, ස්වභාවික ගස් කොළන් වලින් ඔහුගේ නිවස සහ වත්ත සමන්විතය. නිවාස කර්මාන්ත සංගමයෙන් පිරිනමනු ලබන වසරේ සම්මානය 2006 වසරේදී හිමිවූයේ එම නිවස වෙනුවෙනි. ඒ තරම්ම එම නිවස සුන්දර මාලිගයකි.හොඳ අධ්‍යාපනයක් ලබා ව්‍යාපාර ලෝකයේ හිනිපෙත්තටම ගොස් තම එකම පුතුද ශාසනයට පූජා කළ ආනන්ද ක‍්‍රිෂ්ණන්ගේ ජීවිතයෙන් උගත හැකි පාඩම් බොහෝය.
සටහන : තරිඳු ජයවර්ධන සහ තුෂාර සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳින් සලකා බලන විට පිය පුතු දෙදෙනාගේ වැඩි වෙනසක් නැත. රූපයෙන්ද, ආත්ම ශක්තියෙන්ද, චින්තන බලයෙන්ද සුපිරි මොල දෙකකි. දෙදෙනාම සුපිරි මාර්ග දෙකක ගමන් කර ඇත. පියා භෞතික ලෝකයේ විවිද අංශ වලට මුදල් සහ තම උපරිම ශක්තිය යොදා එයින් ජය ගෙන හිණි පෙත්තටම පැමිණ ඇත. පුතනුවෝ මනස අධ්‍යායනය කිරීමෙන් භෞතික ලෝකයේ සත්‍යතාවය සොයා හිණි පෙත්තටම යාමට බෞද්ධ දර්ශනයේ මග තෝරා ගෙන ඇත. පිය පුතු දෙදෙනාම ඉතාමත් ආදර්ශමත් පුද්ගලයන්ය. පියා මෙන්ම පුතනුවෝද සොයනා මාර්ගයේ තම සිතුම් පැතුම් සඵල වේවා! (අ)
බෞද්ධ භික්ෂූන් සියල්ලටම හොද පාඩමක් (නි)
ජේ.තිසර...ඔයා හරියටම හරි.(නදී)
සදුනි, ඔයත් හරියටම හරි. බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ... නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ ..... (නි)
අනේ වාසනාවන්. පින තමා.... (ස)
අපිටත් ආඩම්බරයි (නි)
වයස ප්‍රශ්නයක් නැහැ. එතුමා තුන්වෙනි විවාහයක් ගැන අදහසක් තියනවා නම් සළකා බලන්න පුළුවන් (නි)
ජ. තිසර, මගේ ප්‍රාර්ථනාවත් එසේමයි (නි)
ලෝකයේ 82 කෝටිපතියා වන ඔහුද ශ්‍රීලාංන්කිකයෙක්. ඔහුද සිටින්නේ මහ පොලවේ. අපි අගයමු අපගේ ලාංකිකත්වය.(නදී)
ලංකාවේ සම්භවයක් ඇති නිසා අපිටත් ආඩම්බරයි (නි)
ඇත්ත ජීවිත තේරුම් ගත මිනිසුන් මුදල් අවශයි වගේම සැනසීම අවශ්‍යයි
පින් පල දෙන කොට ඔහොම තමා... (ස)