මා ආගම දහමට නැඹුරු කෙනෙක්. සත්‍යය කවර දා හෝ ජයගන්නවා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රකාශයයි. ඔහු නැවත කරළියට පැමිණියේ ඔහුට එරෙහිව නැගුණු විවිධ මූල්‍ය චෝදනා සම්බන්ධ විමර්ෂණ සමගිනි. රහස් පොලිසිය, අල්ලස් හා දූෂණ කොමිසම සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ ප‍්‍රකාශයන් ලබාදීම ස`දහා එම ආයතන ඉදිරියේ පෙනී සිටීමට පසුගිය දිනවල ඔහුට සිදු විය. මෙය එකී සිදුවීම සම්බන්ධයෙන් ඬේලි එෆ්.ටී. පුවත්පතේ ශානිකා ශි‍්‍රයානන්ද, හිටපු ආරක්ෂක ලේකම්වරයා සමග කළ සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනයකි.
නව රජය රජපක්ෂ පවුලේ සාමාජිකයන් හා රාජපක්‍ෂවාදීන් දඩයම් කිරීමේ කි‍්‍රයාවලියක නිරතව සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරනවා, මේ පිළිබ`ද ඔබේ මතය?
එය සත්‍යයක්. රාජපක්ෂ පවුලේ සාමාජිකයන් පමණක් නොව විවිධ අමාත්‍යංශවල හා ආයතනවල සිටි නිලධාරීන්ද දඩයම් කිරීමේ කි‍්‍රයාවලියක් නිර්මාණය වී තිබෙනවා. රහස් පොලිසිය, අල්ලස් කොමිසම හා මූල්‍ය අපරාධ විමර්ෂණ
ප‍්‍රභාකරන්ගේ බුද්ධි අංශ හා මරාගෙන මැරෙන කාඩරයන් කොළඹට පැමිණීමත් සමග කොළඹ නගරයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වුණා. තම යුද්ධය ඇත්තේ උතුරේ හෝ නැගෙනහිර නොව කොළඹ යැයි ප‍්‍රභාකරන් වරක් ප‍්‍රකාශ කොට තිබුණා. එහෙත් අපගේ ශක්තිමත් බුද්ධි ජාලයේ දක්ෂතාව මත එල්.ටී.ටී.ඊ. ජාලය බි`දදැමීමටත් කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමටත් අපට හැකිවුණා. කොළඹ නගරයේ මනා සම්බන්ධීකරණයෙන් යුතු බුද්ධි ජාලයක් කි‍්‍රයාත්මක කිරීමට අපට හැකි වූ අතර එය සම්බන්ධීකරණය කෙරුණේ
|
ඒකකය මගින් සුළු නිලධාරීන්ගෙන් පවා ප‍්‍රශ්න කරනවා. ඉතිහාසයේ පළමු වරටයි රජයේ නිලධාරීන් මේ අයුරින් හිරිහැරයට ලක්කිරීම සිදුවන්නේ. දැන ගැනීමට ඇති ආකාරයට අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් සියයකට අධික පිරිසක් මේ වන විට ප‍්‍රශ්න කිරීම්වලට ලක්වෙලා. මෙම චෝදනා සත්‍යනම් එම පරීක්ෂණවලට සහය දැක්වීමට අප සූදානම්. එහෙත් බොහෝ චෝදනා පදනම් විරහිත, ව්‍යාජ, පසුගිය රජයට මඩප‍්‍රහාර එල්ල කිරීම ස`දහා ගොනු කළ ඒවා බව පැහැදිලියි. බැසිල් රක්ෂිත බන්ධනාගාරයේ. මා මේ සියලූ විමර්ෂණ ආයතනවලට කැ`දවනු ලැබුවා. තහවුරු කළ හැකි චෝදනා නොමැතිව රාජපක්ෂ දරුවන්ද මේ දේශපාලන දඩයමේ වින්දිතයන් බවට පත් වී තිබෙනවා.
සාධාරණත්වයක් නොමැතිව මෙම රජය කටයුතු කරන්නේ හරියට පොලිස් රාජ්‍යයක් ලෙසයි. ගෙවුණු මාස හතර ඇතුළත විවිධ චෝදනා නගමින් අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ලැයිස්තුවක් ගෙන බැලූවොත් මේ සියල්ල සනාථ කළ නොහැකි පදනම් විරහිත දේශපාලන පළිගැනීම ස`දහා ගත් කි‍්‍රයාමාර්ගයක් බව පැහැදිලියි.
රාජපක්‍ෂ පවුල සතු සුවිශාල ධනයක් විදේශ බැංකුවල තැන්පත් කර ඇති බවට මංගල සමරවීර මහතා චෝදනා නගා තිබෙනවා. රාජපක්ෂ පවුලේ සාමාජිකයකු ලෙස ඔබ කොතරම් ධනවත්ද?
ඔබේ ප‍්‍රශ්නයට මා සම්බන්ධයෙන් පමණක් පිළිතුරු දීමට කැමතියි. මෙය අසත්‍ය තොරතුරු මත ඉදිරිපත් කළ පදනම් විරහිත ප‍්‍රකාශයක්. 2005 ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත්වූ අවස්ථාවේ මා සතු සියලූ වත්කම් ප‍්‍රකාශයට පත්කළා. 2015 අමාත්‍යංශයෙන් නික්ම යන විට ප‍්‍රකාශයට පත්කිරීම ස`දහා අලූතින් උපයාගත් කිසිදු වත්කමක් තිබුණේ නැහැ. කලින් තිබූ වත්කම්වලට අමතරව කිසිදු ඉඩමක්, නිවෙසක් හෝ අමතර මුදලක් හෝ මා උපයාගෙන නොමැති බව ඉතා වගකීමෙන් ප‍්‍රකාශ කරනවා. මගේ නීත්‍යානුකූල ගිණුම්වලින් ලද පොලිය, මාසික වැටුප හා විශ‍්‍රාම වැටුප හැරුණු විට වෙනත් කිසිදු රහස්‍ය ගිණුමක් මා සතුව නැහැ. කිසිදු විදේශ සමාගමක මුදල් ආයෝජනය කර නැහැ. මා සේවය උදෙසා කැපවී සිටියා. එය අවංකව ඉටු කළා. මෙම විමර්ෂණ ආයතන මා හිරිහැරයට ලක්කරන්නේ අවංක සේවයක් ඉටු කළ නිසාද? දූෂිත ලෙස මා සතයකුදු උපයාගෙන නැහැ. විමර්ෂණ ඒකකවලට මගේ බැංකු ගිණුම් පරීක්ෂා කොට ඒ බැව් තහවුරු කරගත හැකියි. ඇමෙරිකාවේ අප ජීවත්වූ නිවෙස විකුණා ලබාගත් මුදල් මගේ බිරියගේ නමින් ගිණුමක තැන්පත් කළා. හමුදාවේ සිටි කාලයේ උකස් හා ආයෝජන බැංකුවෙන් ලබාගත් ණය මුදලින් ඉදිකළ මෙහි තිබූ නිවස විකුණා ලද මුදල 2000 වසරේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළා. මෙම රජය අපට සලකන ආකාරය පිළිබ`දව මහත් පීඩාවක් පසුතැවීමක් මා තුළ තිබෙනවා. මා කිසිදු වැරැුද්දක් සිදුකොට නොමැති හෙයින් මේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරමින් දෙපයින් නැගීසිටීමේ හැකියාව මට තිබෙනවා.
ඔබ ඉතා මුරණ්ඩු පුද්ගලයකු බවටත්, රජයේ සේවකයකු වුවද ඔබේ සොහොයුරාගේ රෙජිමය තුළ බලය අයුතු ලෙස පරිහරණය කළ බවටත් ඇතැමුන් පවසනවා. මේ පිළිබ`ද ඔබේ මතය?
මා නිලධාරියකු විනා දේශපාලනඥයකු නොවෙයි. මුරණ්ඩු පුද්ගලයකු ලෙසින් ඔවුන් මා හ`දුන්වන්නේ කුමන අරමුණකින්දැයි මා දන්නේ නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් මා හිතුමතේ කටයුතු කළේ නැහැ. හමුදා කි‍්‍රයාන්විත හා නගර සංවර්ධනය සම්බන්ධ විවිධ සම්මන්ත‍්‍රණ පවත්වා අදහස් හා ගුණදොස් දැනගැනීමට මා කි‍්‍රයා කළා. ඉහළම නිලධාරියාගේ සිට පහළම කම්කරුවා දක්වා සියලූ දෙනා සමඟ මා කටයුතු කළා. ඒ් සියලූ දෙනා දන්නවා මා ඔවුන් හා අදහස් හුවමාරු කරගත් ආකාරය සහ ඔවුනට ලබාදී තිබූ නිදහස පිළිබ`දව. උදාරණයක් ලෙස කොළඹ ආරක්ෂක කටයුතු ගනිමු. පොලිසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් ආරක්ෂක බළකාය යන සියල්ල සම්බන්ධීකරණය කෙරුණේ මා විසිනුයි. ඒ සියල්ලන් සමඟ මා නිරතුරුව සාකච්ඡුා පැවැත්තුවා. නියෝග ලබාදීමට පෙර ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දුන්නා. ඔවුන්ගේ රාජකාරිය නිදහසේ කරගෙන යාමට අවකාශ සැලසුවා. ඔවුන්ගේ අදහස් අනුව මගපෙන්වීමයි මා සිදුකළේ. කිසිදු රජයේ සේවකයෙක් මා කටයුතු කළ ආකාරයට එවැනි කටයුතු හසුරුවන්නට සමත් වූවා යැයි මා සිතන්නේ නැහැ. මා සැමවිටම ප‍්‍රතිපත්තිමය තීරණ ගනු ලබුවේ සියල්ල අධීක්ෂණය කිරීමෙන් පසුවයි. ආරක්ෂක ලේකම්වරයා ලෙස කිසිවකුට බලපෑම් කළේ නැහැ. ඔබ සිතන්නේ කැපවීම, විධානය සහ ස්ථාවරභාවය යනු මුරණ්ඩුකමක් කියාද? මා ඔවුන්ගේ අත්වැරැුදීම් නිවැරැුදි කිරීමට මග පෙන්වා දුන්නා.
ඔබ කිසිවිටෙක පොලිසියේ රාජකාරි ස`දහා අත නොපෙවූ බව පැවසුවා. රාජපක්ෂ රජයේ සිටි ඇතැම් ¥ෂිත දේශපාලනඥයන්ට එරෙහි විමර්ශන කටයුතු ස`දහා බලපෑම් නොකළ බැව් ඔබට විශ්වාසද?
කිසියම් දේශපාලනඥයකුට එරෙහිව ඇති පැමිණිලි පිළිබ`ද විමසූ අවස්ථාවල පොලිස්පතිවරයාගෙන් ඒ පිළිබ`ද විමසා බැලූවා. ඒ හැර කිසිදු බලපෑමක් නොකළ බැව් සහතික වශයෙන්ම කිව හැකියි. මා කිසිදිනෙක දූෂිත දේශපාලනඥයකු ආරක්ෂා කොට නැහැ.
රාජපක්ෂ පවුල අති සුභෝපභෝගී ජීවිතයක් ගත කළ බවටත් විශාල වශයෙන් ඉඩකඩම් මිලදී ගත් බවටත්, අලි පැටවුන්, විශේෂිත කුරුලූ වර්ග හා මෝරුන් වැනි මසුන් ඇතිකළ බවටත් ඇතැමුන් චෝදනා කරනවා.
මා පිළිබ`ද කථා කළොත් මා ගෙවන්නේ සාමාන්‍ය ජීවිතයක්. ගෙවුණු වසර නවයෙන් පහක්ම යුද්ධය පැවතුණා. මා ජීවත්වුණේ කොටින්ගේ මරණ තර්ජන මැදයි. නිදහසේ ගමනක් යාමට හැකියාවක් මට තිබුණේ නැහැ. ඒ කාලයේ කිසිදු විනෝද ගමනක් යාමට මට හැකි වූයේ නැහැ. ඒ නව වසර පුරා මා හිමිදිරි උදයේ සිට රාති‍්‍රය තෙක් අපේක්ෂා කළ අරමුණ කරා ළඟාවීම ස`දහා වෙහෙස වී වැඩ කිරීමට මට සිදුවුණා. මා විදේශගත වූයේ රාජකාරි කටයුතු ස`දහා පමණයි. ඉතින් කොහොමද කියන්නේ මා සුඛෝපභෝගී ජිවිතයක් ගත කළා කියා. බොහෝ නිවෙස්වල සුරතලට මසුන් ඇති කරනවා. සුරතල් මසුන් ටැංකියක හා මෝරුන් සිටින ටැංකියක ඇති වෙනස කුමක්ද? නිවෙස්වල කුරුල්ලන් ඇති කරන්නේ නැත්ද? ඇයි මෙවැනි දේ පිළිබ`දව අපට පමණක් ඇඟිල්ල දිගු කරන්නේ?
සුවිශේෂී කුරුල්ලන් හා මෝරුන් ඇති කිරීමට රජයේ සේවකයකු වශයෙන් ඔබ ලද වැටුප ප‍්‍රමාණවත්ද?
සුවිශේෂී කුරුලූ වර්ග මා සතුව නැහැ. රජයේ සේවකයකුට මාළු ටැංකියක් තබාගත නොහැකිද? (ඔහු සිනාසෙයි) එකී වකවානුවේ මා ලද එකම ශාන්තිය එය පමණයි. මේ සියල්ල සිදු වූ ආකාරය පැවසීමට මට අවස්ථාවක් දෙන්න. දිනක් මා හමුවූ එක්තරා පුද්ගලයකු මට මෙලෙස පැවසුවා. ‘‘සර් ඔබ සැමවිටම ගත කරන්නේ නිවසේ නැතිනම් කාර්යාලයේ විනා බැහැරට යන්නේ නැහැ. නිවසේ මාළු ටැංකියක් තබාගැනීම සිත සන්සුන් කරගැනීමට කදිම මාර්ගයක්. එමගින් ඔබේ ආතතිය අවම කරගත හැකියි.’’ කියා.
එය ඉතා විශාල මාළු ටැංකියක්. එය මගේ නිවෙසට රැගෙන ආ දිනයේ සිට වසර ගණනක් එහි සියලූ නඩත්තු කටයුතු කළේ එම පුද්ගලයා විසිනුයි. දැන් එය මගේ නිවසේ නැහැ. ඔහු බොහෝ අයට මාළු ටැංකි ලබා දී තිබෙනවා. කලක් මගේ කාර්යාලයේත් මාළු ටැංකියක් තබා තිබුණත් ඔහුට එහි නඩත්තු කටයුතු කිරීමට අපහසු බව පවසා එය ඉවත් කර ගත්තා. බලන්න, 30 වසරකට පසු අප විසින් අත්පත්කරගත් සාමය, ස්ථාවරත්වය හා සංවර්ධනය සමග සංසන්ධනය කරන විට මේ චෝදනා නොවැදගත් ඒවා නොවේද? ඔවුන්ගේ අවශ්‍යතාව රාජපක්ෂ රජය විසින් සිදුකළ අසීරු කාර්යය කෙටි කලකදී යටපත් කිරීමයි. විවිධ පුද්ගලන්හට විවිධ දේ ප‍්‍රකාශ කළ හැකියි. එහෙත් 30 වසරක් මුළුල්ලේ පැවැති යුද්ධය නිම කිරීමට මට හැකි වූ බව මා ආඩම්බරයෙන් ස`දහන් කරනවා. යුද්ධය අවසන් කළේ ඔවුන් බවත් මා එයට සම්මාදම් නොවුණ බවත් ඇතැමුන් පවසනවා. මා ආරක්ෂක ලේකම්වරයා බවට පත්වන තෙක් ඔවුන් බලා සිටියේ ඇයිද කියා ඔවුන්ගෙන් විමසීමට මා කැමතියි. මින් බොහෝ කලකට ඉහත යුද්ධය හමාර කිරීමට ඔවුන්ට අවස්ථාව තිබුණා. ඒ සියල්ලන් තම උසස්වීම් සහ ගෞරව ලබාගත්තේ 30 වසරක් මුළුල්ලේ එල්.ටී.ටී.ඊ.ය සමඟ පැවැති යුද්ධය නිසයි.
දශක තුනක් පැවැති එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදය විනාශ කිරීමේ ප‍්‍රධානතම බලකණු තුන වූයේ ජනාධිපතිවරයා, ඔබ හා ජෙනරාල් සරත් ෆොන්සේකා බව ඔබ නොසිතන්නේද?
එය වෙනම කථාවක්. කවුද එම සම්බන්ධතාව ඇති කළේ. පෙර සිටි රජයන් එවැන්නක් නොකළේ මන්ද? හමුදා ප‍්‍රධානියා ලෙස වෙනත් පුද්ගලයකු පහසුවෙන් නම් කිරීමට මට හැකියාව තිබුණා. සියලූ හමුදා මෙහෙයුම් සම්බන්ධීකරණය කරමින් උපදෙස් ලබා දෙනු ලැබුවේ මා විසින්. යුද්ධය නිම කිරීමේ කීර්තිය අත්පත් කර ගැනීමට තැත් කරන ඇතැම් පුද්ගලයන් පළමු දෙවසර තුළ මා නොමැතිව හමුදා කණ්ඩ ඇමතීමටවත් ගියේ නැහැ. මා ඔවුන් අමතමින් ඔවුන්ගේ ධෛර්යය වර්ධනය කරමින් උතුරේ සංචාරය කළා. එහිදී හමුදා ප‍්‍රධානියා ආරක්ෂක මූලස්ථානයේ පැවැති සාකච්ඡුාවලට මා සමඟ සහභාගී වුණා. හමුදා භටයන් ඇමතීම ස`දහා යන සෑම ගමනකටම ඔහු හා යෑමට මට සිදුවුණා. ඇතැම් අවස්ථාවල මගේ උපදෙස් පතා නිලධාරීන් මගේ නිවෙසට එවුවා. දැන් කීර්තිය ලබාගැනීමට උත්සාහ කරන්නේ මෙවැනි පුද්ගලයනුයි. යුද්ධය නිමකිරීම ස`දහා දේශපාලනිකවත්, හමුදාමය වශයෙනුත්, රාජ්‍යතාන්ති‍්‍රක වශයෙනුත්, සාමාජීය වශයෙනුත් විශාල සේවයක් මා ඉටු කළා. යුද්ධය ජයග‍්‍රහණය කිරීම යනු බොහෝ ප‍්‍රදේශ දිනාගැනීමයි. එහෙත් මෙම ප‍්‍රදේශ පැහැදිලිව හ`දුනාගෙන හෝ පුද්ගලයන් දැනුම්වත්කර හෝ සම්බන්ධීකරණය වී හෝ තිබුණේ නැහැ. වසර 30ක් පුරා යුද්ධය ඇදී ගියේ එකී සාධකය මතයි. යුද්ධය නිමා කිරීමට ති‍්‍රවිධ හමුදා අණදෙන නිලධාරීන් ලබාදුන් දායකත්වය මා ඉතා අගයකොට සලකනවා. විශේෂයෙන්ම කලාප අණදෙන නිලධාරීන්, යුද පෙරමුණේ සිටි සොල්දාදුවන්, ගුවන්, නාවුක හා සිවිල් ආරක්ෂක බළකායන්, බුද්ධි අංශ නිලධාරිනුත් දැක්වූ දායකත්වය සුවිශේෂයි.
ප‍්‍රභාකරන්ගේ බුද්ධි අංශ හා මරාගෙන මැරෙන කාඩරයන් කොළඹට පැමිණීමත් සමඟ කොළඹ නගරයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ල වුණා. තම යුද්ධය ඇත්තේ උතුරේ හෝ නැගෙනහිර නොව කොළඹ යැයි ප‍්‍රභාකරන් වරක් ප‍්‍රකාශ කොට තිබුණා. එහෙත් අපගේ ශක්තිමත් බුද්ධි ජාලයේ දක්ෂතාව මත එල්.ටී.ටී.ඊ. ජාලය බි`දදැමීමටත් කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමටත් අපට හැකිවුණා. කොළඹ නගරයේ මනා සම්බන්ධීකරණයෙන් යුතු බුද්ධි ජාලයක් කි‍්‍රයාත්මක කිරීමට අපට හැකි වූ අතර එය සම්බන්ධීකරණය කෙරුණේ මා විසිනුයි. මහ බැංකුව, හෝටල් සහ ගුවන් තොටුපළට කොටි ප‍්‍රහාර එල්ල වූ අවස්ථාවන්හී ඒවා අවම කරගත හැකි වූයේ එම සම්බන්ධීකරණය හේතුවෙනුයි. යුද ජයග‍්‍රහණය ලබාගත හැකිවූයේ එක් පුද්ගලයකුගේ දක්ෂතාව නිසා නොව සමූහයකගේ කැපකිරීම නිසයි. ජනාධිපතිවරයා සමස්ත කාර්යයේදීම සුවිශේෂී නායකත්වයක් ලබාදුන් අතර මා එය සම්බන්ධීකරණය කළා. එවන් විශාල කැපකිරීමක් කළ මට සුනඛයකු හෝ මත්ස්‍යයකු සුරතලයට ඇතිකිරීමට නොහැකිද?
ජනවාරි 8 මැතිවරණ රාති‍්‍රයේ කුමන්ත‍්‍රණයක් පිළිබ`දව ඔබට චෝදනා එල්ල වුණා. මහජන මුදල් රුපියල් මිලියන 130ක් අවභාවිත කළ බවට දැන් චෝදනා නැගෙනවා. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක්ද කර තිබෙනවා. මෙය දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීමක් ලෙස ඔබ සිතනවාද? මෙම චෝදනාවලට එරෙහි අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගැනීමට කටයුතු කරනවාද?
ඔව්, මේ සියලූ චෝදනා දේශපාලන පලිගැනීම්. මැතිවරණ රාති‍්‍රයේ කුමන්ත‍්‍රණයක් පිළිබ`ද චෝදනාව දැන් කෙරෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් හමුදාපතිවරයා කදිම පැහැදිලි කිරීමක් කළා. ශ්‍රී ලංකා යුද හමුදාව යනු වෘත්තීමය හමුදාවක් බවත්, ත‍්‍රස්තවාදය අවසන් කිරීම ස`දහා දිවිදුන් එවන් හමුදාවක් කුමන්ත‍්‍රණයකට සම්බන්ධයැයි චෝදනා නැගීම අසාධාරණ බවත් ඔහු ප‍්‍රකාශ කළා.
ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවත් පදනම් විරහිතයි. වැරැුදි චෝදනාවක් සිදුකිරීම සම්බන්ධයෙන් හා ඒ ස`දහා ප‍්‍රචාරය ලබාදීම සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසමේ සභාපතිවරයා කිසියම් පියවරක් ගතයුතුයි. සාමාන්‍ය ජනතාව මෙය පදනම් විරහිත චෝදනාවක් බැව් නොදැන ඒවා විශ්වාස කිරීමට පෙළඹෙනවා. මෙම චෝදනාවේ වලංගුභාවය පිළිබ`දව අල්ලස් හා දූෂණ කොමසාරිස්වරයාට දිනක් ඇතුළත හ`දුනාගත හැකියි. මගේ පෞද්ගලික බැංකු ගිණුම්වලින් ගනුදෙනු කිරීමට අම්පාර දිස්ති‍්‍රක් ලේකම්වරයාට බලයක් ඇතැයි යන්න කාට විශ්වාස කළ හැකිද?
සත්‍ය වශයෙන්ම එහිදී සිදුවූයේ වෙනත් දෙයක්. අම්පාර දිස්ති‍්‍රක් ලේකම්වරයාට නාගරික සංවර්ධන අධිකාරිය හරහා කිසියම් රාජකාරියක් ඉටුකර ගැනීමට අවශ්‍ය වුණා. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියට සෘජුවම මුදල් එවිය නොහැකි හෙයින් ඔහු එම මුදල ආරක්ෂක අමාත්‍යාංශ ගිණුමට බැර කළ අතර, එමගින් නාගරික සංවර්ධන අධිකාරියේ ගිණුමට බැර කරනු ලැබුවා. එය සාමාන්‍ය කාර්යපටිපාටිය වන අතර කිසි දිනෙක මගේ පෞද්ගලික ගිණුමකට මුදල් බැර කෙරුණේ නැහැ.
මෙම චෝදනාව දේශපාලන වශයෙන් මගෙන් පළිගැනීමට කරන ලද්දක් බැව් මා ප‍්‍රකාශ කළේ එනිසයි. මෙම චෝදනාව සම්බන්ධයෙන් අල්ලස් හා දූෂණ කොමිසම විමර්ෂණයක් සිදුකොට ව්‍යාජ චෝදනා ගොනු කරන මෙවැනි පුද්ලයන්ට එරෙහිව කිසියම් කි‍්‍රයාමාර්ගයක් ගැනීමට කටයුතු කළ හැකියි. මෙම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා නීතීඥයෙක්. පෞද්ගලික ගිණුමක් හා රජයේ ගිණුමක් අතර වෙනස ඔහු නොදන්වායැයි කාට කිව හැකිද? දැනුම්වත්ව හා වුවමනාවෙන්ම ඔහු මෙම චෝදනාව නගා තිබෙනවා. එම ගිණුම දැන් අයිති වර්තමාන ආරක්ෂක ලේකම්වරයාට. පැමිණිලිකරු කර ඇති චෝදනාව අල්ලස් හා දූෂණ පනතට යටතට ගැනෙන වරදක්. එහෙයින් අල්ලස් හා දූෂණ කොමිසම මෙම පුද්ගලයාට එරෙහිව නීති මගින් කටයුතු කළ යුතුයි. එසේ නොවන්නේ නම් එය ඉතා අසාධාරණයි. මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නීති මගින් කටයුතු කිරීම ස`දහා එන්තරවාසියක් යවා තිබෙන අතර අධිකරණයට යෑමට මා සූදානම්.
මතු සම්බන්ධයි





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් නොමිනිසුන් සිටින රටකට සේවය කිරීමේ අනිසංසය! (නි)
සිංහලයෝ කියන්නේ වඳවියයුතුම ජාතියක් බව මෙහි අදහස් දාන අය දිහා බැලුවහම හිතෙනවා.තමන්ගේ මුළු ජාතියම සියවස් ගණනක් ආපස්සට ඇදදාපු ප්‍රභාකරන් වීරයෙක් විදියට සළකලා දෙමළ මිනිස්සු පහන් තියද්දි , සිංහල ජාතියේ දුක්අදෝනා නිවාදමන්න, තමන්ගේ පෞද්ගලික ජීවිතය ලංසුවට තැබූ මිනිහෙකුට, කවුරුවත් දීපු මාළු ටැංකියක් වෙනුවෙන් කරන අපහාස! (නි)
මේ රටේ නායකත්වයට සුදුසු එකම පුද්ගලයා ඔබයි. මගේ එකම පැතුම එයයී.(හේ)
මෙවන් කෙලෙහිගුණ නොදන්නා තිරිසනුන් ඉන්න රටක මතු නො ඉපදේව කියල ප්‍රාර්ථනා කරනවා. ගොටාභය යනු ජාතියේ පිනට පහල වුන මිනිසෙකි.(නදී)
චාමික වගේ අයව යවන්ට ඕනේ මායිම් ගම්වල පදිංචියට ,,,,!! මෙච්චර වටිනා මහා පුරුෂයා රටේ නායකත්වයට සුදුසුයි ,,,? දැන් රජවෙලා ඉන්නේ පිස්සු පුසෝ ,,,,?(බ)
බත් පැකට් එකට නැමෙන එඋන්ට මේ වගේ මිනිහෙකුගේ වටිනාකම තේරෙන්නේ නැහැ. නියම සිංහලයෝ මෙන්න. (නදී)
සත්‍යා සත්තකින්ම සත්‍යක් ප්‍රකාශ කරලා . (හේ)
සිංහලයන්ට තරම් බොහොම ඉක්මනින් අතීතය අමතක වෙන ජාතියක් ලෝකේ කොහෙවත් නැහැ, ශ්‍රීලංකා මාතාවට ආදරේ කරන ජනතාවගේ හදවත් තුල ඔබ තුමා අමරණීයයි.(ම)
මෙතන අදහස් ලියන අය හදවතින්ම එන හැඟීමකින් මෙන් ඒ දේ කරනවාද කියන එක සැකයි. අල්ලස් දීල ප්‍රවෘත්ති ලියන කාලය තිබුනේ මහින්දගේ පාලනය කාලයේ. පරාජිතයෝ නැවත ජනතාවගේ කර පිටින් එන්න පරණ ජරා පිළිවෙත දිගට ම කරන බව පේනවා. එක හාදයෙක් ලියනවා "කුහකයන්නේගේ කතාවලට පිළිතුරු හමුවෙන්න අායෙමත් ලංකාවේ වටේම බෝම්බ පිපිරෙන්න ඕන...." කියල. බැලු බැල්මට මේක ඒ ලියපු තැනැත්තාගේ චිත්ත ආවේගය නිසා ලියුවක් වගේ පෙනුනත් හොරා ට කලින් කෙහෙල් කැන පැන ඇති බව පේනවා. මිනිසුන් භය ගන්වා මීළඟ ඡන්දය දිනා ගැනීම සඳහා මේ වගේ ගෝල බාලයින් ලවා තැන තැන බෝම්බ පුපුරුවා හරින්න මොවුන් උත්සාහ නොකර සිටීද? ජනාධිපති තුමනි! මොවුන් ගැන සොයා බලන්න.(නදී)
ඔබ වැනි පුද්ගලයන් ඇවිත් මිනීමරු ප්‍රබාකරන් හා ජාත්‍යන්තරය නොසිතන්න ඇති . ඔවුන් අපේ ජාතියේ එදා ඉදන් තිබෙන එකමුතුකමක් නොමැති දුර්වලකමින් ප්‍රයෝජන ගත්තා .අදත් එහමයි .ඔබ වැනි අය එකතුවෙලා නැතිවෙන්ඩ ගිය රටට නිදහස ලබා දුන්නට ජාති ජාතිත් පින් .ඔබල වගේ දක්ෂයන්ගේ සේවය අපේ වගේ ජාතියකට වටිනාකමක් නැතිවීම ගැන දුක්වෙනවා .අපේ මිනිසුන්ගේ මුලු අැගපුරාම බුද්ධිය ,ඔලුව පැලෙන තර්ක විතර්කා ඉදිරිපත්කර කර ඉන්න පුළුවන් ජාතියක් අපි .එ් නිසා තමයි අපි ජාතියක් හැටිය ආපස්සට යන්නේ ,ඉදිරියට යනවට වඩා. (බ)
කුමාරි, ඔබට අතීතය අමතක නැහැ කියල මෙතන ලියල ඔබ කියන්න හදන්නේ ඔබ සුවිශේෂී සිංහලයෙක් කියාද? 88-89 වකවානුවේදී මාතලේදී ඝාතනය වුයේ ජ.වී.පෙ අය පමණක්ද? ඒ අය ඝාතනය වුයේ එවකට මාතලේ හමුදා සේනාංක භාරව සිටි ගෝඨභය ගේ තුවක්කුවෙන් නොවුනා උනත් ඒ ඝාතන වල වගකීම ඒ කියන්නේ සිංහල බෞද්ධ තරුණ තරුණියන් දහස් ගණනින් මරා දැමීමේ වගකීමෙන් ඔහුට පලා යා හැකිද? සමුහ මිනීවලේ ඇටකටු 88-89 වකවානුවට අයත් බව දේශයේ විශේෂඥයින් පවසද්දී ඒවා ඇමෙරිකාවට යවා දින වකවානු වෙනස් කලේ මහින්දගේ පාලනය විසින් බව නම් ඔබට අමතක වුනේ අහම්බුවකින් ද? ශ්‍රී ලංකාවට ආදරය කරන අය කෙසේවෙතත් රක්නා ලංකා හා අවන්ගාර්ඩ් වලින් ඒ වගේ මිග් ජෙට් වලින් සල්ලි හොයන්න උදව් කරපු අයගේ හදවත් වල නම් ඔබේ "වීරයා" සදා කල්හිම ජීවත් වන බව නම් සහතිකයි. (නදී)
දිලිප්, ඔබ ගෝඨාභය වෙනුවෙන් කඳුළු සළන්න කලින් අප ඔහුව රැකගැනීමට බොහෝ දේ කළා. ඔහු ආරම්භයේදී හොඳින් හෝ නරකින් හෝ රට වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත් වුණා. ඔහුත් එවකට( ජෙනරාල් ) ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමඟ ඉතා සුහදව ඵලදායි අන්දමට යුද්ධය දිනාගැනීමට කටයුතු කළා. ගෝඨා ළඟ සම්මා සති තිබුනේ නැහැ. මේ නිසා දක්ෂ පුද්ගලයෙක් අපට අහිමිවීමේ අවාසනාවන්ත තත්වයට අද රට මුහුණදෙනවා. සරත් ෆොන්සේකා නොකළ වැරදි වලට දඬුවම් වින්දා නම්, කරන ලද වැරදි වලට ඔහු මුදාගන්න දැඟලීමේ තේරුමක් නැහැ. (නි)
කොළඹ හිටපු හිගන්නන් 2 නිදාගෙන ඉන්දැද්දී ඔළුවට ගල් අතහැරලා මරවවුවේ කවුද...?මේගැන පරීක්ෂණයට මොකද වුනේ....? (කේ)
ඒක හොඳ මාළු ටැංකිය? (නි)
මෝරු තණකොළ කන්නේ නැහැනේ.අපිට හිතාගන්න පුළුවන් උන්ට මොනවාද කන්න දුන්නේ කියලා. (නි)
"එවන් විශාල කැපකිරීමක් කළ මට සුනඛයකු හෝ මත්ස්‍යයකු සුරතලයට ඇතිකිරීමට නොහැකිද?....." එවන් විශාල කැපවීමකින් ඒ කියන්නේ තුන් වතාවක් රුධිරය පොළවට හෙළා යුද්ධය දිනාදුන් වීරයාට කරන්න පුළුවන් උපරිමයෙන්ම නින්දා අපහාස කර, සිරගෙයි ලෑම මාළුන් ඇති කිරීමේ නිදහසටත් වඩා ආස්වාදාත්මකද? ජනතා අධිකරණයකට මුහුණ දෙන ආකාරය ගැන දැන්ම හිතාගන්න. නැවත දේශපාලනයට එන්න අයියාට ඇති සුදුසුකම ඒ නඩු තීන්දුව තුළ ගැබ්වී තිබෙනවා. (නි)
හැමෝගෙම හිතේ ඉන්න මේ වීරයා විල්පත්තුවට හෙන ගහනකම් බලාගෙන හිටිය.(කේ)
ලෙස්ලි සහෝදරයා, මමත් ගමේ සිටියදී අලි පැටියෙක් සුරතල් කළා. ඇත් ගොව්වා මගේ අසල්වාසියා නිසා. ඔයා දුප්පත් අපිට සමච්චල් කරන්න එන්න එපා. (නි)
(අ ) සත්‍යා (ඔබට වඩා සුදුසු නම එයයි) ඔබ ඔය කියන අප්‍රිකානු රටවල සහ ඩුබායි හෝටල්වල ඇති වත්කම් දැන දැනත් "යහ පාලන "ආණ්ඩුව නිහඩව ඉන්නේ ඇයි . මාධ්‍ය සංදර්ශන නොපවතවමින් සාක්ෂි සහිතව ජනතාවට ඉදිරිපත් කරන්න. සමාගමක හෝ බැංකු ගිනුමක හිමිකරුවෙකු සොයා ගැනීම ආණ්ඩුවකට ඉතාමත් පහසුවෙන් කල හැක්කක් මීට පෙරත් ලංකික ජනතාව නොමග යවමින් , රටක් වටින නායකයෙකු වූ ප්‍රේමදාස මහ මග මරා දැමුවා . ඔහු දුප්පත් මිනිසුන්ට නිවාස හදන කොට ඒවා "ගිනි පෙට්ටි " කිවා , පවුල් පිටින් කොමිස් ගසා මාලිගා තනපු බව මිනිසුන්ට පුන පුනා මාධ්‍යවල පල කරා . ඔහු මිය ගියවිට රතිඥ දල්වන තරමට මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරා .ඊට පසු අපි "ප්‍රජතන්ත්‍රවාදයේ දේවතාවිය " නායකත්වයට ගෙන ආවා . ඇයගේ කෙරුවාව කොතරම්ද යත් බලය ගිලිහි අවුරුදු දහයකට පසුවත් , ජනතාව ඇය හමුවෙන සැමවිටම හු වෙන්ම සංග්‍රහ කරනවා.(බ) කොමිස් නොගැසූ , පිවිතුරු දේශපාලකයන් දැන් රට පාලනය කරනවා යැයි යන ඔබගේ සිතුවිල්ලම පිදුරු කන්නේ මමද ඔබද යන ප්‍රශ්නයට පිළිතුරු සපයනවා ඇත . පලදායි සංවාද කල යුත්තේ , එතනින් මෙතනින් අහුලාගත් පදනමක් නැති කරුණු වලින් අනිත් මිනිසුන්ගේ ආත්මගරුත්වය කෙලෙසන ඔබ වැනි මිනිසුන් සමග නොවේ
චාමික වගේ දේවදත්තලාටත් මේ රටේ ඉර පායනවනේ? (නි)
තව කොපමණ දුෂණ වංචා තියෙනවද අහන්න? (නි)
ආගමට අනුව නම් මෙයාට යන්න අපායක් අලුතෙන් හදන්න වෙනවා. (ස)
සත්‍යා ඔබ ඉතිහාසය දන්නවනම් අනගාරික ධර්මපාල තුමාට උනෙත් ඕකමයි. අන්තිමට එතුමා කීව ලංකාවේ උපදින්නත් එපා කියල. මම හිතන්නේ එදා සිංහලයොත් ඔය වගේම ජාතික වීරයන්ට මඩ ගැහුව කළු සුද්දෝ වෙලා. අදත් රටට යමක් කරන අයව තමයි ඉලක්ක කරගන්නේ සත්‍යට සත්‍ය දකින්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මොකද ඔයවගේ රටට විනකරන අය ගොඩක් ලංකාවේ ඉන්නවා. මමත් රට හැරදාල යන්න තමයි ඉන්නේ සත්‍ය වගේ මෝඩ මිනිසුන් ගොඩක් ලංකාවේ ඉන්න හින්ද. මම ඉගෙන ගත්ත එ්වගෙන් රට වැඩක් කරන්න දෙන වාතාවරණයක් නෑ ඒකයි (බ)
දිලිප් ඔබගේ විවෘත බව මා අගය කරනවා. අපට අද අවශ්‍යය විසංවාදයක් නොව ජාතික තලයේ සංවාදයක්. පසුගිය වසර 5ක කාලයක් තිස්සේ අප මේ උත්සාහය දැරුවේ රාජපක්ෂලා එළවා දැමීමට නොව ඔවුන් කරන වැරදි වලින් ඔවුන් මුදවා ගෙන ඔවුන් රටට වැඩක් ඇති මිනිසුන් බවට පත් කර ලීමටයි. ඊට ඔවුන්ගේ ප්‍රතිචාරය වුයේ සමාජ ද්‍රෝහී , දේශද්‍රෝහී අපරාධකාරයින්ට තව තවත් ලංවීමයි. අපට ඔවුන්ගෙන් ඈත්වීමට සිදුවුයේ ඔවුන් කරගන්න අකුසල කර්මයට දායක වෙන්න බැරි නිසයි. ගෝඨාභය කිරි දෙව්වේ රටේ අයට පොවන්නම කියා නොවේ. ඔවුන් කිරි දොවන හැටි මාධ්‍යය සංදර්ශන වල (අල්ලස් ලබා දී) ප්‍රදර්ශනය කලත් ඔවුන් පාරිභෝජනය කළ පසු ඉතිරි කිරි ටිකට අයිය මළෝලා ගොම දිය කරන අයුරු බලා සිටියේ වස්සන් හා වැස්සියන් පමණයි. මොවුන් කළ හොඳ ගැන වසර 10ක් පමණ කතා කළා හොඳටම ඇති. දැන් එළඹ ඇති සත්‍යයේ පැය මා සඳහා පමණක් නොව ඔබ වැනි විවෘත හදවතක් ඇති ලක්ෂ සංඛ්‍යයාත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ද විවෘතව ඇත. සත්‍යය නියෝජනය කිරීමට මම සදාචාරත්මකව බැඳී සිටිමි.(නදී)
ශ්රී ලංකා රජයට එරෙහිව සටන් වැදී මියගිය ත්‍රස්තවාදී මිතුරන්ගේ අයිතිවාසිකම් ලබාගැනීමට වෙර දරන එක්තරා පුද්ගලයෙක් වියරුවෙන් මෙන් ඝෝඨාභය මැතිතුමාගේ වැරදි සොයමින් සිටින බව ඇතැම් අදහස් වලින් පෙනේ. (නදී)
ඔබ තුමා කරපු රාජකාරිය අකුරටම කළ බවය මගේ අදහස. අනෙක් චෝදනා ගැන හරියට දන්නේ නැති නිසා ඒ ගැන අදහස් ප්‍රකාශ කිරීම සුදුසු නැත. (බ)
අපි හොදටම දැනුවත්.රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ/බත් කන හරක් කියල හිතන්න එපා.ලක්ෂ 62ක් විරුද්දව ඡන්දය දුන්නේ ඒ නිසයි.(ම)
රන්ජිත්.ඔබ හරි. අසරණ මිනිස්සු කි දෙනෙක් සුදු වැන් වලින් උස්සලා අතුරුදහන් කරලා තියෙනවද? (ම)
අසරණ මින්ස්සු කන පාන් කෑල්ලෙන්,පරිප්පු ටිකෙන්,වාහන බලපත්‍ර වලින්,........ගසා කන මහජන මුදල් තමන්ගේ සුක විහරණයට යෙදෙව්වේ හරියට අම්මගේ අප්පාගේ බුදලයක් වගෙයි. (ම)
"ගෝඨාගේ යුද්දය" කියල පොතක් ලියලත් තිබුණා .ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යුද්ද සැලසුම් කරද්දී ටිකක් ඇතට වෙන්න ඔලුව දාගෙන හිටිය කෙනා අන්තිමට පොතකුත් ලියා ගෙන.මටනම් හිනත් යනවා. (ම)
රටේ ඉන්න බත් කන හරක්ට මෙයා වීරයෙක් වෙන්න පුළුවනි.(ම)
තමන් උපයපු මුදලින් නම් මෝරු ඇති කරන්නේ නැහැ.අනුන්ගේ සල්ලි නිසා තෝරු,අලි පැටව ඇති කලහම මොකද? (ම)
දිලිප්! නුඹ වීරයෙක් වී ඇත්තේ භිෂණය දැකීමෙන්. මේ ලියන මා අත්දැකීම් ලැබුවේ භීෂණයට මුහුණ දීමෙන්. එහෙත් මා ඔබ වැනි බිය ගුල්ලන් දෙස බලන්නේ වීරයෙක් ලෙස නොව පොළවේ පය ගසා මව්බිමට ආදරය කරන්නෙක් ලෙස. මා දේශපාලනයට පිවිසුනේ පාසල් අවධියේ සිට. එහෙත් කිසිදාක පක්ෂවලට හෝ එහි නායකාරකාදීන්ට කඩේ නොයන්න තරම් ආත්ම ශක්තියකින් යුක්ත උනා, මා දකින හෙට ඔබ ට දැකිය හැක්කේ ඊළඟ භවයෙදී. එතකම් රාජපක්ෂලාට ආවඩමින් ඉන්න. ජය!(නදී)
සත්‍යා නමින් ලියන ඔබගේ අනන්‍යතාවය මම දන්නේ නැහැ එහෙත් ඔහුව බේරා ගැනීමට ඔබ බොහෝ දේ කළ බව කීවා. මට කරුණා කරලා පැහැදිලි කරන්න ඔහු විසින් කරන ලද වැරදි ටික හැබැයි චෝදනා හැටියට නෙවෙයි, සත්‍ය කරුණු මත පදනම්ව .මොකද අපේ රටේ තරම් අනිත් මිනිස්සුන්ට කිසිම හිරිකිතයක් නැතිව තව මිනිහෙකුට මඩ ගහන්න පුළුවන් ජාතියක් මම දැකලා නැති නිසා .යුද්දය දිනපු එක පැත්තකට දාන්න , කොළඹ තියෙන පේමන්ට් එකක් කඩා ගන්න පුළුවන් ආණ්ඩුද හිටියේ . මතකද චන්ද්‍රිකා කාලේ කොම්පඥ්ඥවීදිය කඩ කඩන කොට සමහර සුලු ජාතික දේශපාලකයෝ අවහිර කරපු හැටි. නිදහස ලැබිල අවුරුදු 60 ක් ගිහිල්ලත් අපායක් වෙලා තිබ්බ කොළඹ නගරය , දියුණුම රටක අගනුවර තත්වයට වර්ධනය කරපු එකම මදිද, ඔහු. මේ මිනිසා විසින් කරන ලද සේවයෙන් 10% කරපු දේශපාලකයෙක් මට පෙන්නන්න (බ) සත්‍යා , කිසිම මුදලක් ලැබෙන නිසා තව මිනිහෙක්ගේ අත් ම ගරුත්වයට පහර ගහන එක නවත්වන්න . කර්මය ඔබ පසු පස එනවාමයි .
ගොබෙල්ස් කිවේ බොරුවන් නැවත නැවත කීම ගැන. ඇමෙරිකාවේ ටයිප් සෙටින් කර කර හිටි මේවගේ මැක්කෝ ගැන අපි මොකට බොරු කියනවද ? (බ)
හරි හරි බලමුකෝ. හැංගි හැංගි වෙස් බැන්ඳට නටන්නේ වෙන්නේ කවදාහරි එළිපිට කියලා කිවුවේ කට කහනවට නෙමෙයිනේ! (නි)
සත්‍යා ඔබ ගොබෙල්ස් න්‍යාය හොදින් හදාරා ඇති පාටයි . ඔබ ගෝටාබය ඉතා දුෂිත බව පුන පුනා කීවත් , ඔහු විසින් පොදු ලංකික මහජනතාව වෙත කරන ලද එකම අකටයුත්තක්වත් විශේෂ කොට දක්වල නැහැ. අද ඊයේ ෆේස්බුක් වලින් දේශපාලනයේ අ ආ යනු කියූ ඔබ වැනි අය , මෙය සත්‍යයේ හෝරාව යනුවෙන් නම් කරත් අවුරුදු 40ක් , ශ්‍රී ලාංකික දේශපලනය ඇසින් දැක , නිරත වූ මම වැනිම මේ රටේ අනෙක් පුරවැසියන් මේ තිරගත වන්නේ තවත් පරණ පුරුදු දේශපාලන නාටකයක්ම බව වටහා ගෙන ඉවරයි. ශ්‍රී ලාංකිකයනට තම රට ආසියාවේ දියුණුම රටක් කිරීමට තිබු අන්තිම අවස්ථාවත් ගිලිහුණු බව ඉතා ඉක්මනින්ම තේරුම් ගනීවි.එතකොට අපි හැරවිය නොහැකි තරමට බොහෝ ප්‍රමාද වී තිබේවි (බ)
මට මතක් වෙන්ව අනගාරික ධර්මපාල තුමා කීව කතාව,,, ලංකවෙ අයට මොන තරම් කළත් වැඩක් නෑ. මොකද එයාලට මතක නැහැ. ඔබ තමයි වීරයා. (ස)
සංවාදයක් එපා කිව්වට ඔය එන්නේ පෙරහර කස කාරයෝ පෙරටු කරගෙන. ඔය ලියන්නේ පෑන් වල තීන්ත ඉවර වෙන තුරු, පහනේ තෙල් සිඳෙන තුරු. ගොබෙල් උගතෙක් වුනාට වර්ගවාදී මිත්‍යාවේ උන්මාදයෙන් පෙළුන නිසා මිනීමරු හිට්ලර්ට තව තවත් මිනී මරන්න උපදෙස් දෙන ගමන් ජනතාවද ලක්ෂ සංඛ්‍යාත ගණනින් නොමග යැව්වා. මේ පාපතරයන්ට විරුධව කතා කරන්න යුදෙව්වවන්ට තියා මිනිස් කම අගය කරන ජර්මන් ජාතිකයෙකුට පවා නිදහසක් තිබුනේ නැහැ. ඉතාලියේ බෙනිටෝ මුසලිනිත් තම පැසිස්ට් වාදය හරහා හිට්ලර්ගේ ම්ලේච්චත්වයට ආවැඩූවත් පරාජිත අවසානයේ මහමග ඇදගෙන ගිය ඔහුගේ සිරුරට මුත්‍රා කරන්න තරම් ඉතාලි වැසියෝම සැහැසි වුනා. මහින්දලා ගෝඨා හා බැසිල් ලා ට එවැනි තත්වයක් උදා නොවුනේ ඔවුන් ළඟ තිබු සැදැහැවත් බව හින්ද නොවෙයි ජනතාව ශීලාචාර දැහැමි මනුෂ්‍යයෙක් රටේ නායකත්වය ට පත්කර ගත් හින්ද. ජනවාරි 8 වෙනිදා මහින්ද නැවත බලයට ආවනම් අද ඔබලා ට ලියන්න වෙන්නේ අපේ "දුර්වලකම්" ගැන නොවෙයි රාජපක්ෂලා අපව පන පිටින් හම ගහපු විධියයි. "බලන් කඩ තුරා හැර දෑසේ....."(බ)
රක්නා ලංකා හා ඇවන්ගාර්ඩ් වලින් ඒ වගේම මිග් ජෙට් වලින් රටත් මුහුදත් ආරක්ෂා වුණ බවත් ඒවාට මුල්වුණේ කවුද කියන එකත් සත්‍යට නොතේරුනාට රටේ මිනිස්සු දන්නවා. ජාතික වීරයන්ට ගරහන මේ රටට/ පාලකයන්ට / මේ මිනිසුන්ට හොඳක් වෙයිද? (නි)
ජාවාරම් කරුවන් හැර සෙසු ජනතාව ඔබලාට ආදරෙයි (බ)
මේ රටේ නායකත්වයට සුදුසු එකම පුද්ගලයා ඔබයි. මගේ එකම පැතුම එයයී .(හේ)
ඔබ කලාතුරකින් පහළවන ප්‍රඥාවන්තයෙක්.කවුරු කොහොම කිව්වත් පොදු ජනතාව ඔබගේ අගය දන්නවා .මේ දේවල් වලින් කලකිරීමට පත් නොවී සිටීමට දැඩි ආත්ම ශක්තියක් ඔබට ඇතැයි අප සිතනවා .(බ)
දිලිප්! පලදායි සංවාදයක් ගොඩ නංවාගත හැකියි කියන දැඩි අධිෂ්ඨානයකිනුයි මා ඔබට කාරුණිකව ඇමතුවේ. මා වැන්නෙකු ගොබෙල්ට සමාන කරන්න යාමෙන් ඔබ කර ගත් මෝඩ කමට වග කිව යුත්තේ ඔබේ නොදන්නා කම නොව ඔබලා වන්නන් ට පිදුරු කවා නැවත බලයට එන්න අර අඳින "පරාජිත සංකේතය" යයි. හිට්ලර් කොතරම් දරුණු පුද්ගලයෙක් උනත් පරාජය බාර ගෙන බංකරය තුලම දිවි නසා ගත්තා. මන්ද මියයන මොහොතේ ඔහු සතුව තිබු එකම වස්තුව වූ ඊවා බ්‍රොන්ස් ගේ ජීවිතයද අවසන් වූ නිසා ඔහු සතු බැංකු ගිණුම් ඇෆ්රිකානු රටවල නොතිබුන නිසා අරාබි රටවල හෝටල් වල හිමිකම් නොතිබුන නිසා. ඔහු සැබවින්ම ජර්මනියට ආදරය කළා. ජර්මනිය දියුණු කිරීමේදී තමන් හෝ ඥාතීන්ට කොමිස් ගහන්න ඉඩ දුන්නේ නැහැ. නමුත් අපේ අයට නැතිවෙන්න තියෙන වස්තුන් ගැන හිතුවහම නැවත බලයට එනවා හැර වෙන විකල්පයක් නැහැ. මනෝ රාජ්‍යය කියල දෙයක් තියෙන්නේ මේ වගේ මානසික ව්‍යාධි වලින් පෙලෙන අයගේ සිහින සැබෑ කරන්න. ඒත් එය සිහිනයක් පමණයි. (බ)
මරණ බියෙන් සිටි අතීතය අමතක කර , ගඳ ගසන කොළඹ සහ අනෙකුත් අවට නගර වල තිබු තත්ත්වය ආමතක කර, මේවා මෙසේ ලස්සන වුනේ කොහොමද කවුද මේවා කළේ යයි අමතක කර සමහර ගුණමකුවෝ ඔබට අවලාද කරමින් ඔබ ගොඩ නැගූ ලස්සන උද්‍යාන පටු මාවත් දිගේ බඩවල් සහ ශරීරවල ලෙඩ අඩු කරගැනීම සඳහා ව්‍යායාම් කරන්නට සුවසේ ඇවිදිති (බ)
මාළු ටැංකි වල මාළු ඇති කරන්න පුළුවන් එත් තෝරු මෝරු නෙමේ .(හේ)
මේ සියලු ගැටළු වලට මේ තුමත් වගකියන්න ඕනේ (බ)
ගෝඨාභය රාජපක්ෂ මැති තුමනි, තමන් උපන් රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් සේවය කළ ඔබතුමාගේ අගය, අපේ රටේ රුපියල් ශත වලට ඕනෑම දෙයක් පුජාකිරීමට සුදානම්ව සිටින ඇතැමුනට අවබෝධ වීමට තව ටික කලක් ගතවනු ඇත. (හේ)
අපිට කා සමගවත් තරහක් නෑ, නමුත් අපි කන්නේ '' බත් '' (බ)
කවුරු කෙසේ කොහොම කීවත් ඔබතුමා අපේ රටට උවමනා මහත්මයෙක්. බලන්න දැන් ඔබතුමාගේ සංකල්ප අායෙමත් ගේනවා, අපේ ත්‍රිවිධ හමුදාව කාණු අතුගාන්න, කුඹුරු කොටන්න දැම්ම කියා බෙරිහන් දුන්න, කවුරුවත් දන්නේ නෑ වසරගානක් කොටි ත්‍රස්තයොත් එක්ක යුද්ධ කරලා එවන් හමුදාවක් නැවත සමාජගත කරන්නේ කොහොමද කියල, මගේ විශ්වාසයේ හැටියට ඔබතුමා එය මනාව සැලසුම් කළා. අපේ සහෝදර සොල්දාදුවන්ගේ මනස යථාතත්වයට ගන්න ඔබ ඔවුන්ව අපේ රටේ සංවර්ධනයට යොදවා ගත්තා, එයයි කළයුතුව තිබුනේ, එය ඔබ මානව කළා. අපේ කලගුණ නොදත් සමහර නොමිනිසුන්ගේ නොමනා ක්‍රියාවන්ට, ඔවුන්ගේ වදන්වලට ඔබතුමා දුක්වෙන්න එපා.ඔබ අපිට වටිනවා, අදටත්, හෙටටත්.ලක්මවුනට ඔබතුමාගේ සේවය උවමනයි. ඔබතුමට තෙරුවන් සරණයි. (බ)
තියා ගන්න පුළුවන් ඒකේ ප්‍රශ්නයක් නැහැ.(හේ)
මැතිතුමනි, ඔබතුමා තෝරු, මෝරු, නොවෙයි ඊටත් වැඩියෙන් ඇතිකරත් කමක් නෑ, ඒ තරමටම අපි ඔබතුමාට ණයගැතියි. කුහකයන්නේගේ කතාවලට පිළිතුරු හමුවෙන්න අායෙමත් ලංකාවේ වටේම බෝම්බ පිපිරෙන්න ඕන, නැතිනම් ඔවුන්ට මේවා තේරෙන්නෑ.මුල අමතක කුහක මිනිසුන් හැමදාමත් වෛරයෙන් හිදීවී. (බ)
සත්‍යය මුනින් නමන ලද භාජනයකට වතුර පිරවීම නිෂ්පල ක්‍රියාවක් බැවින් මගේ කාලය කා දමන මේ සංවාදය නතර කරමි. මහින්ද සහ ගෝටාබය මේ රට තුල බීෂණයක් ඇති කරන ලදැයි කියමින් වීරයෙක් වීමට තතනන ඔබට සිනාවිය යුත්තේ මොන ආකාරයටද යන්න මට නොතේරේ . ඒ අපි මේ රට තුල නියම බීෂණය දැකපු තරුණ පරම්පරාවට අයිති බැවිනි. අවසන් ලෙස ඔබට දිය හැකි එකම උපදෙස නම් , පක්ෂ සහ පාට වෙනුවෙන් තම මව්බිම බිල්ලට නොදෙන ලෙසය (බ)
අලිපැටියෙක් සුරතලේට ඇති කළ දුප්පතා මෙන්න (ම)
අලිපටියෙක් සුරතලේට ඇතිකළ දුප්පතා මෙන්න (ම)
මේ මිනිසාට හිරිහැර නොකොට රටට තව වැඩක් කරන්නට ඉඩදිය යුතු නොවේද? (නි)