IMG-LOGO

2024 පෙබරවාරි මස 26 වන සඳුදා


මල් කැකුළක් තලා දැමූ හෝරාව

5  

 

මීට දින කිහිපයකට ඉහතදී මුළු රටක් හඬවා පුංචි සේයා යන්නම ගියේ, විශාල අබිරහසක් සහ හෙට ලොව පිපෙන්නට වැර දරන පුංචි මල් කැකුළුවන් දරුවන්ට භයානක සමාජයක දොරටු විවර කරමිනි. මෙය මෙරට සිදුවූ පළමු අපරාධය නොවේ. නමුත් පුංචි සේයාගේ අබිරහස් මරණය ලොව පුරා දෝංකාර දුන්නේ නොසැලකිලිමත්කමින් පොඩි කර දැමූ පුංචි මලක් විලසිනි.

 

26_page_3-RS
මවගේ ඇකයේ නිදන දරු පැටියා පැහැරගෙන යනතෙක් නිදා සිටින මව්පියන් සිටිනා සමාජයක තවත් පුංචි සේයාවන්ගේ අනාගතය ගැන කථා කිරීමට සිදුවීම මහත් අවාසනාවකි. පුංචි සේයා මේ තිරිසන් සමාජයෙන් නික්ම ගොස් හමාරය. එහෙත් හෙට දවසේ තවත් මෙවැනි මල්කැකුළක් පාපතරයන්ගේ දෑත් වලට පොඩිවී නොයන්නට වග බලා ගත යුතුය. මෙයද තවත් එක් ඛේදනීය සිදුවීමකි. දයාබර ඔබ වෙනුවෙන් සටහන් කරන මේ අනුවේදනීය පුවත හෙට දවසේ අනාගතේ භාරකරුවන් වන මල් වැනි දරුවන්ගේ පරම රැුකවරණය පිළිබඳ වැඩිහිටියන් වන ඔබේ අවදිය, අවධානය පිණිසය.


හිරිපිටිය ප‍්‍රදේශයේ සාමාන්‍ය පවුලක ජීවත් වුණු පුංචි සනුකි ඒ පවුලේ එකම දැරිය. ඈ ජීවත් වුණේ වටපිටාවේ කොයි කාගෙත් සුරතලී වෙමින්. යාන්තම් අවුරුදු දහය පිරුණා විතරයි. පුංචි කෙල්ලගෙ දඟකාරකම් ඉහවහා ගිහින්. මෙවර ශිෂ්‍යත්ව විභාගයට සිරවී සිටි සනුකි විභාගය අවසන් වීමත් සමඟ බටිත්තියක මෙන් එහෙට මෙහෙට දුව පැන්නේ පුදුම නිදහසකින්. ඇය ගමේ පරිසරයට, ජීවිතයට අතිශය ඇළුම් කළත් ගම ඇසුරුකර ගැනීමට තරම් සනුකි ළපටි වැඩිය.


ලස්සන නිසාම මල්කැකුළට අනතුරු මුව අයා බලා සිටිනු වැනිය. ඇරැත් පිටතට පෙනෙන තරම් ගමේ සිරියාව අභ්‍යන්තරයේ නැත. ඒ, මේ විසිතුරු සමාජයේ සැටිය.


‘‘අම්මයි තාත්තයි අද ගොයම් කපන්න යනකොට මාත් එන්නද?’’


පුංචි සනුකිට ඇත්තේ වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදීමත්, ගමේ අයියලා සරුංගල් අරින සැටි බලා සිටීමටත් ඇති වුවමනාව සහ ආශාවය.


‘‘නෑ, නෑ


 ඕනේ නෑ...


පිදුරු ගොඬේ නටලා ඇඟ කසන්න අරන් තුවාල දැම්මම තමයි දැඟලිල්ලේ රෙඟ් තේරෙන්නේ’’


‘‘දුව ඔයා ගෙදර ඉන්න, සීයත් ඉන්නවනේ. සීයාගෙන් කතාවකුත් අහගන්න පුළුවන්නේ...’’


සනුකිගේ මව ඇය අව්වේ සෙල්ලම්කරනවාට කැමති වූයේ නැත. වේගයෙන් කැරකෙන ඔරලෝසුකටුව නොදැනීම දවස් ගෙවන බව සනුකිගේ අම්මා පියාට කියූ වදන මුහුකුරා ගිය ලොකු ගැහැණියක් සේ චරිත නිරූපණය කළ ඇයට අම්මා ‘‘පණ්ඩිත ආච්චි’’ කියා ගුටියක් ලැබුණේද සුරතලේටය. ලැබුණු තෑග්ගක් ලෙසිනි.


‘‘තාත්තා මෙලහට වෙලේ ඇති. සුනංගු වෙන්න බැහැ. සනුකි පුතේ වරද්දන්නෙ නැතුව දවල්ට සීයාගෙන් බත් ඉල්ලගෙන කාලා බෙහෙත් ටික බොන්න  ඕන.’’


පුංචි සනුකි ටික කලක සිට බෙල්ලේ වායුගෙඩියක් හටගනිමින් සිටින බවට පවුලේ වෛද්‍යවරයා නිර්දේශ කර තිබූ අතර ඊට ප‍්‍රතිකාර ලබමින් සිටියාය.
සිය මවට කීකරු වූ සනුකි නිවසට වී සීයා සමඟ සිටින්නට හිස වැනුවේ එතරම් කැමැත්තකින් නොවේ. ඒ වග මවට තේරුම් ගියද අසනීපත් සමඟ සනුකි කුඹුරට රැුගෙන යන්නට තරම් සිත් නොදුන්නේය. සනුකිට සීයාගෙන් කථා අසන්නට හැකි වුවද සීයාගේ ඇස් පෙනීමේ දුර්වලතාව නිසා සනුකිට ගේ වටේ දුව පැන ඇවිදීමේ නිදහසක් තිබුණේ නැත.


‘‘එහේ මෙහේ දුවන්න එපා, සීයට බැහැ ඔයාගේ පස්සෙන් එන්න. සීයට පේන මානෙන් ඉන්න.


‘‘තාත්තේ දුව බලාගන්න. මම යනවා’’


සනුකිගේ මව සීයාට කියනු ඇසුණද සනුකිට පරිස්සම් වෙන්න තරම් දෙයක් අහල පහළ ඇතැයි ඇය කිසිවිටෙකත් නොසිතුවාය.


ගොයම් කැපීමට පමණක් නොව මව්පියන් දෙපළ තම වෙනත් අවැසිතාවලට නිවසින් පිටතට යන්නේද පුංචි සනුකිව සිය සීයාට බාර කරමිනි. මේ නිසා සීයා සමඟ නිවසේ තනි වන අවස්ථා සනුකිට කුඩා කල සිටම හුරුපුරුදු දෙයකි.


එදින උදේ කාලය අහවර වෙමින් අව් රශ්මිය ටිකෙන් ටික වැඩි වෙමින් තිබුණි. අම්මා සනුකිට පවරා ගිය ගෙදර වැඩපල කිහිපයක්ද සනුගේ පුංචි දෑතින් ඉටුකරන්නට විය. දිනේෂ් සනුකිගේ නිවසට පැමිණෙන්නේ මේ වේලාවේය.


දිනේෂ් අවුරුදු දහඅටක් තරමේ කොලූ ගැටයෙකි. සනුකිගේ නිවසට යාබදව ජීවත් වූ ඔහු සනුකිගේ සීයා සමඟ බොහෝ මිතුරුකම් පෑ අතර සීයා බැලීමට සවස් යාමයට පැමිණීමට පුරුදු වී සිටියේය. තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු වූ දිනේෂ් පාසල් ගමනද අතරමඟ කඩාකප්පල් කර ගත්තේද, ඒ පාසල තුළ මත්ද්‍රව්‍ය පාවිච්චිකර හසු වී පන්ති තහනමකට ලක් වීමෙනි.


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවකු ලෙස දිනේෂ් ගමේ විවිධ අපවාදයන්ට ලක් වූ නිසා ගෙදර හතර මායිමකට වැද්දගන්න එපා යයි සනුකිගේ පියා කළ හැඟවීම නොතකා හැර ඇත්තේ සීයා තාත්තා තරම් සැර පරුෂ නොමැති නිසාය.


‘‘තාත්තේ දිනේෂ්ව ගෙදරට ගෙන්න ගන්න එපා. ඌ මේ කුඩු ගහ ගහ, ගංජා ගහ ගහ, බෝක්කු උඩ රස්තියාදු ගහන කුඩු කාරයෙක්.’’


‘‘ඔය වගේ එවුන් සතපහකට විශ්වාස කරන්න බැහැ. උගේ මහ එවුනුත් කරන්නෙ ඔය අසමජ්ජාති වැඩනෙ. ගෙදරට පැනලා මොනවහරි අතගාගෙන ගියහම තමයි මතක් වෙන්නේ’’


‘‘මට මනුස්සයෙක් ගෙදරට ආවම පන්නගන්න පුළුවන්ද පුතේ. ඌ ඔය උළුඅස්සෙන් මෙහාට නං කවදාවත් ඇවිල්ලා නැහැ.’’


බොහෝ අවස්ථාවල සනුකිගේ මව්පියන් නොමැති වෙලාවන්වලදී දිනේෂ් සීයා සමඟ කථා බහ කිරීමට නිතර ආවේය. එහෙත් සනුකිද දිනේෂ් අයියා නිවසට පැමිණෙනවාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. ඒ ඇයට තේරුම්කමකට නොව, මව්පියන් පැවසූ කාරණා මතය.


බොහෝ අවස්ථාවල දිනේෂ් අයියා සීයා රවටාගෙන මුදල් ඉල්ලා ගැනීම ගැන සනුකි කිහිප දිනක්ම තාත්තාට හෙළිකළේය.


‘‘තාත්තට මං කොච්චර කියලා තියෙනවද අර කුඞ්ඩව ගෙදරට ගෙන්න ගන්න එපා කියලා, ඇත්තද කුඞ්ඩා ඇවිත් තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන යනවා කියන්නේ’’


තාත්තා සීයාට දොස් නගන්නේ තමා නිසා නොවේදැයි සනුකි පස්චත්තාප වූයේ පුංචි සිත හොඳටෝම රිදෙද්දීය.


දිනක්, දිනේෂ් සුපුරුදු ලෙස සනුකිගේ නිවසට පැමිණියේය. එහෙත් ඇයට එළියේ සීයා සමඟ දිනේෂ් කථා කරන කථා බස් ඇසුණද ඇය නිවසින් පිටතට ආවේ නැත.


ඇය කියවමින් සිටි කතාපොත මේසය මත තබා වතුර ටිකක් බීමට මුළුතැන්ගෙට යාමට තැත් කිරීමේදී කවුරුන් හෝ පුංචි සනුකිගේ කට තදින් වසනු දැනුනේ මරණාසන්න බියක් ඇගේ සිත තුළ පැලපදියම් කරමිනි. පිටුපසින් පැමිණියේ දිනේෂ් අයියා බව ඈ දැනගත්තේ ඊළඟ මොහොතේ සිදු වූ සිදුවීමෙනි.
ඇයට කිසිවක් කර කියා ගත නොහැකි විය. ඇය ඔසවාගෙන ගොස් අතවර කිරීමට උත්සාහ ගත්තද සනුකි මරහඬ දී ඊට ඉස්සර විය. මිදුලේ සිටි සීයා තම මිනිපිරියගේ මර හඬට දිව එන විටම දිනේෂ් නිවසින් එළියට පැනගත්තේය.


‘‘මොකද්ද වුණේ’’ සීයා පුන පුනා ඇසුවද සනුකිට කිසිවක් කියා ගත නොැකි ලෙස බිරාන්ත වී, ගොලූ වී සිටියාය.


පසුව මව්පියන්ට සියල්ල පැවසුවද නීතිය ඉදිරියට රැුගෙන යන්නට දිනේෂ් ගමේ නොසිටියේය. මාස කිහිපයක් ගත විය. දිනේෂ් යළි ගමට පැමිණියේය. දිනේෂ් සනුකිගේ නිවසේ දින චර්යාවන් හොඳින් දන්නා කෙනෙකි. කාමාතුරයාගේ හෝරාව උදාවෙමින් තිබුණේ මූසල ලෙසය. සුපුරුදු ලෙස සීයා සමඟ තනිව සිටි සනුකි රූපවාහිනී වැඩසටහනක් නරඹමින් නිවස තුළ සිටියද සීයා යහනේ වැතිර සිටියේය.


මදුවිතද සප්පායම් වූ දිනේෂ් නිවසට ඇතුළුවිය. සනුකි තම ග‍්‍රහණයට හසුකරගත්තේ බලහත්කාරයෙනි. ඒ මොහොත මල් කැකුලක් තලාදැමූ හෝරාවක් විය. තද කොට අල්ලා ගෙන ඒ නිවස තුළදීම ලිංගිකව දූෂණයට ලක්කිරීමෙන් අනතුරුව ‘‘කාටහරි කියලා තිබුණොත් තෝව මරණවා’’ යැයි මරණ තර්ජනයක්ද කරමින් දිනේෂ් පැන ගියේය.


නින්දේ සිටි සීයා මිණිපිරිය ගැන සොයා බලන විට සියල්ල සිදුවී හමාරය. කෲර ලෙස අපයෝජනයට ලක් වූ ඇය මව්පියන් විසින් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කෙරුණු අතර, දිනේෂ් පොලිස් අත්අඩංගුවට පත් වූයේ මීට දින කිහිපයකට ඉහතදීය.


මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් කවර වයසක සිටියද මතුවන තිරිසන් ගති ඔවුන්ගේ ලක්‍ෂණවල ස්වභාවයයි. දිනේෂ් කාමාතුරයෙකු කළේ මත්ද්‍රව්‍ය පමණක් නොව, ඔහුගේ පවුල් පසුබිමය. හෙළි වූ තොරතුරු අනුව දිනේෂ්ගේ පියාද ස්ත‍්‍රී දූෂණ කිහිපයකම චූදිතයකු වී සිටියේය. කුඩා කල සිටම නිවසේ පරිසරය දරුවකුගේ ජීවිතය ගොඩනැගෙන්නට මහත් සේ ඉවහල්වනවා සේම වළටම අදින මිතුරන්ගෙන්ද දරුවා පරිස්සම් කර ගැනීම මව්පියන් වන ඔබ සැමගේ වගකීමකි.


එසේම, කිසි විටෙකත් තම දියණිය ආරක්‍ෂාවට යැයි පිරිමි පුද්ගලයන්ට භාර කිරීම වැරදිය. ඇරැුත්, ආබාධිත පුද්ගලයන්ට, දරු දැරියන් බාර කර මව්පියන් නිවසින් බැහැර යෑම කිසිසේත් නොකළ යුත්තකි. එය ඔබේ මල් කැකුල විනාශ කිරීමේ ප‍්‍රථම පියවර ලෙසද ඔබ මතක තබා ගත යුතුය.


දරුවාගේ ආරක්‍ෂකයා මව්පියන් වනවා සේම, ඒ පුංචි මල් කැකුළ රැුක බලාගැනීම ඔබ සතු වගකීමක් මිස අන් අයෙකුට පැවරීම ඔබ වගකීමෙන් නිදහසක් වූවාක් නොවේ.


මිනිසෙකු තිරිසන් සතෙකු බවට පත්වීමට ගතවන්නේ තප්පර ගණනකි. මේ නිසා ඔබගේ පුංචි මල් කැකුළ කාමාතුරයකුගේ බිල්ලක් වීමට පාර කපනුයේ මව්පියන් වන ඔබ විසින්මය. සමනල තටු පොඩි කරන තිරිසන් මිනිසා ඔබගේ නිවස තුළින්ම නිර්මාණය විය හැකි අතර දරුවන්ගේ රැකවරණය පිළිබඳව මව්පියන් වන ඔබ මීට වඩා සිතිය යුතුය. 

m



අදහස් (0)

මල් කැකුළක් තලා දැමූ හෝරාව

ලියොන් ගුනවර්දන Monday, 05 October 2015 05:57 PM

මිනිසුන් තිරිසනුන් කරනු ලබන රටේ අස්සක් මුල්ලක් ගානේ මහා පරිමාණයෙන් ගෙනයනු ලබන මෙම මත් උවදුර මැඩලීමට මෙම රජයවත් පියවර ගතයුතුය (නි)

:       0       0

නාලනී Saturday, 03 October 2015 10:36 AM

ළමයිව ඇහැක් වගේ බලාගන්න ඕන කාලයක් මේක. (ර)

:       0       0

රංග Sunday, 11 October 2015 01:52 AM

ඔය වගේ තිරිසනුන්ට මහජනතාව ඉදිරියේ ප්‍රසිද්ධියේ දඬුවම් දියයුතුය (නි)

:       0       0

සුරංජන් Monday, 05 October 2015 01:05 PM

මල් වගේ පිපෙන්න ඉන්න දරුවෝ විනාශ කරන යක්ෂයෝ එල්ලලා මරන්නම ඕනෑ.එක්කෙනෙකුට හරි ප්‍රසිද්ධියේ දඬුවම් කළාම ටිකක් හරි අපරාධ අඩුකරගන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 161 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 201 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


පිරමීඩ ජාවාරම්වලට ඉඩක් තියන්න එපා
2024 පෙබරවාරි මස 23 225 0

නීති විරෝධී ආකාරයට මුදල් රැස්කර එම මුදල් කෝටි ගණනින් ගසාකන විවිධ ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව කොතරම් දැනුවත් කළත් ඒවාට හසුවන පුද්ගලයන් අඩු නොවන බවට කදි


නොකළ යුත්තට අත දැමීමෙන් විඳවන රටක්
2024 පෙබරවාරි මස 22 702 0

මෑත කාලය තුළ මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දෙලක්ෂ හැට දහසකට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කොට ඇති වාර්


සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි නිරන්තර විමසුමක් ඕනෑ
2024 පෙබරවාරි මස 22 124 0

පාර්ලිමේන්තුව යනු රටේ උත්තරීතරම ආයතනය වේ. නීති සම්පාදනය කිරීමේ බලය, නීති සම්මත කිරීමේ බලය මෙන්ම රටේ මුල්‍ය පාලනය සම්බන්ධ බලය තිබීම පාර්ලිමේන්තුව එවැන


සත්‍යයට පිටුපෑමේ විපාකය
2024 පෙබරවාරි මස 21 2738 1

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා පැසිෆික් කලාපීය සමුළුව පෙබරවාරි 20 වැනිදා (ඊයේ) කොළඹ හිල්ටන් හෝටලයේදී ආරම්භ වූ අතර එය 22 වැනිදා දක


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 257 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 287 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 296 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site