ආණ්ඩුවේ ජනවරම ණයට ගත් එකකි. එහි අර්ථය ආණ්ඩුවටම ආවේණික උරුම ජන පදනමක් ඔවුන්ට නොතිබීමයි. ජනතා විමුක්ති පෙරමුණට ජන පදනමක් තිබේ. එහෙත් එය මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන්නකි. එය ඔවුන්ගේ කාඩරයයි. එහෙත් මෙවර ජනතා විමුක්ති පෙරමුණ, මාලිමාව වශයෙන් ඉදිරිපත් ව ජනතාව හමුවේ තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නොවේ.
ඔවුන් ගෙනාවේ කාලාන්තරයක් තිස්සේ මෙරට ආණ්ඩු විසින් ඉටු නොකර ඉතිරි කරන ලදැයි ඔවුන් විසින්ම කී කරුණු ගොන්නක එකතුවකි. ඒවා එකින් එක කුමක්දැයි කීම මෙහි ප්‍රායෝගික නැති වුවත්, පොදුවේ ඔවුන්ගේ හඬ නියෝජනය කළේ ඉංග්‍රීසි බසින් සිස්ටම් චේන්ජ් හෙවත් පද්ධතිමය වෙනසකි. ඒ තුළ ආර්ථිකය, දේශපාලනය සහ සංස්කෘතිය යන පුළුල් ක්ෂේත්‍ර හරහා විහි දී ගිය කරුණු කාරණා පරාසයක් ගැබ්ව තිබුණි. ජනතාව මෙවර ඡන්දය ලබා දුන්නේ පැහැදිලිව ම මෙන්න මේ ඉහත ක්ෂේත්‍රවල මාලිමාව පොරොන්දු වූ පද්ධතිමය ප්‍රතිසංස්කරණ පැකේජයටයි.
ඔවුන්ට තිබෙන අභියෝගය නම්, ආණ්ඩුවට එම පොරොන්දු ඉටු කිරීමට නොහැකි වුවහොත් යට කී ණයට ගත් ජනවරම ඉබේම ආණ්ඩුවෙන් ගැලවී යාමයි. මේ වන විට අප ඇස් මානයේ සිදුවෙමින් තිබෙන්නේ එය නොවේ ද? ආණ්ඩුව කලබල වී සිටින්නේ ද ඒ නිසා නොවේ ද?
පසුගිය දා පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ඉල්මහ සැමරුමේ දී ජනාධිපතිවරයා වගේම පක්ෂයේ ලේකම්වරයා ද දැඩි අවධාරණයකින් කතා කළේ අද දින නුගේගොඩ පැවැත්වෙන විපක්ෂයේ රැලිය පිළිබඳව සහ එය සංවිධානය කරන නාමල් රාජපක්ෂ පිළිබඳවයි. තමන් විසින් ම දෙකයි පනහට ඇද දැමූ බවට පුරසාරම් දෙඩූ පක්ෂයක දේශපාලන රැලියක් ගැන තම ඊනියා විරු සමරුවේ දී ජනාධිපතිවරයාට පවා කතා කිරීමට සිදුවන ඉරණම්කාරී බල කිරීම ගැන සිතිය යුතුවෙයි. එම රැලියෙන් ම ඇසුණේ අපටත් පනස් දාහක් කොළඹට ගේන්න පුළුවන් වැනි බොළඳ දේශපාලන ප්‍රකාශයි. ඇත්ත වශයෙන්ම ආණ්ඩුව ද මෙම විපක්ෂයේ රැලියට එරෙහිව කොළඹ දී පිළිතුරු රැලියක් පැවැත්වීමට යන බව මේ ලිපිය යන මොහොත වන විට වාර්තා වෙමින් තිබුණි. මේ අවස්ථාවේ දී ආණ්ඩුව කළ යුත්තේ රාජ්‍ය මුදල් කාබාසිනියා කරමින් මහජන රැලි පැවැත්වීම නොව, රැලිවල පොරොන්දු වූ දේ ඉටු කිරීමයි.
පොරොන්දු ඉටු නොකළ ආණ්ඩුවට දැන් දැන් ජනතා යටිබිම අහිමි වෙමින් පවතින බව දැනී ගොස් ඇත.
මහජන අසහනය ආණ්ඩුවට එරෙහිව වැඩි වන විට ආණ්ඩුව වහා කළ යුත්තේ තමා ප්‍රකාශ කළ පද්ධතිමය වෙනස නොපමාව රටට ලබා දීමයි. එසේ නොමැතිව ව්‍යාජ දේශපාලන සන්දර්ශන පෙන්නුවාට වැඩක් නැත. ආණ්ඩුවේ ක්ලීන් ශ්‍රී ලංකා, රිළා සංගණන ආදි මෙකී නොකී සියලු සංදර්ශන අවසන් වූයේ මහජන මුදල් ම පමණක් කාබාසිනියා කරමිනි. ඒ අනුව, දැන්වත් ආණ්ඩුව තමා රටට පොරොන්දු වූ දේ ඉටු කිරීමට උත්සාහ දැරිය යුතු ය.
එහෙත් එවැන්නක් පේන තෙක් මානයක නැත. පද්ධතිමය වෙනසේ ප්‍රධාන අංගයක් වූයේ දේශපාලන සංස්කෘතිය රැඩිකල් වෙනසකට ගෙන යාමයි. පසුගිය කාලය පුරාම ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කඩ කළ පොරොන්දු පැත්තකින් තබමු. පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවෙන් ඇසුණු සුළු පක්ෂයක නායකයකුගේ ප්‍රකාශයකින් කියවුණේ, සීතාවක නගර සභාව ජයග්‍රහණය කිරීම සඳහා මාලිමාව තම පක්ෂයේ මන්ත්‍රීවරයා මුදල් දී බිලීබා ගත් බවයි. මෙය ඉතා ප්‍රබල චෝදනාවකි. බැලූ බැල්මට සත්‍යයැයි හැඟී යන චෝදනාවකි. මීට පෙර මාලිමාව වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය ඇල්ලීම සඳහා තම පක්ෂයේම මන්ත්‍රීවරුන් දෙදෙනකු පැහැරගත් බවට චෝදනා එල්ල විය. තමන් පැහැර ගනු ලැබූයේ තම පක්ෂය විසින් ම බව අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාම ප්‍රකාශ කළ ද අද වනතුරු ඒ පිළිබඳ පරීක්ෂණයක් නැත. එම පසුබිම තුළ සීතාවක සිදුවීම ගැන අමුතුවෙන් කිවයුතු නොවේ.
මෙම චෝදනා දෙකෙන්ම පැහැදිලි වන්නේ, ආණ්ඩුව පැවැති ආණ්ඩුවලට ද වඩා නරක ලෙස දේශපාලන සංස්කෘතිය වළපල්ලට යවමින් සිටින බවයි. මුදලට මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම වැනි කරුණු ගැන ඇඟේ හිරුගඩු පිපෙනසුලු කතාවලට ජනාධිපති අනුර දිසානායක විසින් ම කොතරම් නම් වචන නාස්ති කර තිබේ ද? එම වචනම නොවේ ද අද ඔහුට එරෙහිව ද නැගී සිටිමින් තිබෙන්නේ? ඇත්ත වශයෙන් ම ජනාධිපති අනුරගේ ප්‍රබලතම හතුරා විපක්ෂයේ සිටි අනුරයි. ඒ තරමට මේ අනුරලා දෙදෙනා අතර වෙනස ජනතාවට දැනෙමින් ඇත.
මේ සියලු අසමත්කම් මැද ආණ්ඩුව තෝරාගෙන තිබෙන්නේ විපක්ෂයට මඩ ගැසීම තමාගේ එකම ගැලවිජ්ජාව බවයි. මෙය ද සපුරා වැරැදි දේශපාලන තක්සේරුවකි. විපක්ෂය පරාජය කර මාලිමාවට ඡන්දය ලබා දී ඇත්තේ, තවදුරටත් විපක්ෂයේ වැරැදි කියමින් නටන්න බැරි පොළොවේ ඇද සොයමින් සිටින්නට නොවේ. තමා පැමිණි රාජකාරිය කිරීමටය. විපක්ෂයේ තිබූ අඩුපාඩු ගැන මහජනතාවට මතයක් තිබුණි. ඔවුන් මැතිවරණවලින් පරාජය වන්නේ ඒ නිසා ය. එහෙයින් ඒවා තවදුරටත් නැවත නැවතත් පුනරුච්චාරණය කිරීමේ අරමුණ හෝ මහජන යහපත කුමක්ද? ආණ්ඩුව කරන්නේ තමා බව මුලින්ම ජනාධිපති අනුර ඇතුළු කණ්ඩායම තේරුම් ගත යුතු ය. අපට පෙනී යන්නේ, මාලිමාව තාමත් සිතන්නේ තමන් විපක්ෂයේ සිටිනා බවයි. ඔවුන් ආණ්ඩුකරණයේ අසාර්ථක වන්නේ ද මේ ආණ්ඩු මානසිකත්වයට පැමිණීමට තිබෙන නොහැකියාව නිසා විය යුතු ය.
අපේ රටේ ජනතාවට මීට වඩා දෙයක් හිමිවිය යුතු ය. කෙසේ වෙතත්, එම අරමුණ ඉටුවීගෙන යන සෑම අවස්ථාවකම වූයේ විවිධ බොරු කියා රටේ ගමන කඩාකප්පල් කර දැමීමයි. අප සියලු දෙනාම දන්නා ඉතිහාසය තුළ රටේ ගමන ආපසු ඇද දැමූ සංධිස්ථානය වූයේ 2015 ජනවාරි 08 වැනිදා ය. විවිධ බොරු මඩ අවලාද සමාජගත කර ජනතාවගේ ඇස්වලට වැලි ගසා සිදු කළ එම ජාතික ව්‍යසනයෙන් පසු අප රට නැගිට්ටේ ම නැත. ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලන වශයෙන් ද රට අගාධයටම ගියේ ය. යහපාලන වසර පහ තුළ සිදු වූ මහබැංකු වංචාව, පාස්කුද දා ප්‍රහාරය වැනි ඛේදවාචක අපට නැවතත් අඳුරු කාලයක් උදා කළේ ය. ඉන්පසු ගෝඨාභයගේ අවුරුදු දෙක සපුරා ගෙවී ගියේ බාහිරින් පැමිණි වසංගතයට මුහුණ දීම සඳහා ය. කෙසේ වෙතත්, ඒ ඔස්සේ පැමිණි ආර්ථික අර්බුදය නිසා නැවතත් බොරුවලට රැවටී අපි සුපුරුදු බොරුවේ දේශපාලනයට හසුවිමු.
මේ ආණ්ඩුවට රට හදන්නට වුවමනාවක් තිබෙන්නට ඇත. එහෙත් ඔවුන්ගේ ප්‍රශ්නය වන්නේ ඒ සඳහා අවශ්‍ය දැනුම සහ නිපුණතාව ඉතා නරක ලෙස ඔවුන්ට අහිමි වීමයි. ඊට ප්‍රධාන හේතුව වන්නේ, ජනතා විමුක්ති පෙරමුණ පසුගිය වසර 60 තිස්සේ ම දේශපාලනිකව ‘ආරණ්‍යගත ව’ සිටීමයි. ඔවුන් ප්‍රසිද්ධ මහජන අවකාශයට ආවේ විරෝධතාවක් හෝ උද්ඝෝෂණයක් කිරීමට ය. ඉන්පසු නැවතත් ඔවුහු පැලවත්ත නම් කටුව තුළට රිංගා ගත්හ. ඒ අනුව, ඔවුන්ගේ සමාජ සහ දේශපාලන බුද්ධිය වර්ධනය වූයේ අදාළ කුඩා කවය තුළ පමණි. ආණ්ඩුව නම් කටු ඔටුන්න හිස මත වැටුණු පසු ඔවුන්ට කර කියාගත හැකි දෙයක් නොමැති වීමට මෙය දැඩි ලෙස බලපෑවේ ය.
වත්මන් ආර්ථික සහ දේශපාලන තත්වය යනු අතිශය සංකීර්ණ එකකි. එම සංකීර්ණත්වය තුළ යාත්‍රාව පරතෙරට පැදවීම ඉතා අපහසු දෙයකි. ආණ්ඩුව අද එක තැන හබල් ගාමින් සිටින්නේ ඉහත නොහැකියාව නිසා ය. උත්ප්‍රාසජනක ලෙස ඔවුන්ගේ දේශපාලන ලකුණ මාලිමාව වී ඇත. මාලිමාව යනු නාවිකයන්ට උතුර දකුණ පෙන්වා තම ගමනාන්තයට යෑමට සහාය වන උපකරණයකි. ඔවුන් මෙය තෝරා ගත්තේම තමා අතරමං වන බව අවිඥානිකව මෙන් දැනුණ නිසා ද?
මේ සියල්ල මගින් අපට කියා පාන්නේ දැන්වත් අප බොරුවට හසු නොවී යථාර්ථවාදී දේශපාලන ගමනක් අලුතින් ඇරඹිය යුතු බවයි. 2015න් පසු අප අත්හදා බැලූ සියලු මොඩල අසාර්ථක වී ඇත. ඇත්ත වශයෙන් ම අප නිතර නිතර ම කියන ලෙස යහපාලන ආණ්ඩුවේ තාර්කික අවසානය වර්තමාන මාලිමා ආණ්ඩුවයි. මින් එපිටට එම මතවාදයට ඉදිරි ගමනක් නැත. එහි අර්ථය නම් නැවතත් අප දේශපාලන ප්‍රායෝගිකත්වය වැළඳගත යුතු බවයි. අප රටේ අනාගතය, මේ මිලියන 22ක ජනතාවගේ ඉරණම මෙන්ම අනාගත පරපුරේ මාවත වැටී ඇත්තේ ඒ ඔස්සේ ය.
(***)

2025 නොවැම්බර් මස 17
123
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
975
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2580
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මාලිමාවේ දේශපාලන පාරා වළල්ල