IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මෝඩ චූන් විශ්වාස භංගය

.

 

මධ්‍යතන යුගයේ ආණ්ඩුව හා ආගම අතර පැවැතියේ එකිනෙකට සහසම්බන්ධ වූ සබඳතාවකි. එදා ආණ්ඩුව නැත්නම් රජු පාලනය කරනු ලැබුවේ කතෝලික පල්ලිය විසිනි. ඉන් අදහස් කළේ ආගමික සම්ප‍්‍රදායයන් හා නීතිරීතිවලට අනුව රාජ්‍ය පාලනයේ නියැලීමය. එය දෙවියන් වහන්සේගේ නීතිය ලෙස හැඳින්වුණි. 
මීට ප‍්‍රතිවිරුද්ධ වූ ප‍්‍රකට දාර්ශනික මතය ඉදිරිපත් වන්නේ තෝමස් ඇක්වයිනාස් ගෙනි. පසු කලෙක ජෝන් ක්ලෝක් හා රූසෝ වැනි දාර්ශනිකයන් වෙතින් සමාජ සම්මුති න්‍යාය ඉදිරිපත් වීමත් සමගම 17 වැනි සියවසේ පමණ ආගම හා රජය අතර පැවැති සම්මුතිය බිඳ වැටුණි. දාර්ශනික මතිමතාන්තර රැසක දායකත්‍වයෙන් සිදු වූ මේ සමාජ පෙරළිය මෙතරම් සැකෙවින් ඉදිරිපත් කළ නො හැකිය. එහෙත් අප තේරුම් ගත යුතු පෙරළිකාර සිදුවීම වන්නේ රාජ්‍ය පාලනයට ආගමේ සහසම්බන්ධතාවය 17 වැනි සියවසෙන් පසු ක‍්‍රමයෙන් ගිලිහී යෑමය.

ඉන් අනතුරුව රජුගේ බලය ද ක‍්‍රමයෙන් අවසන් වී පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යුරෝපය පුරා ස්ථාපිත විය. මෙහි දී අප තේරුම් ගත යුතු කරුණ වන්නේ ආගමට අනුව රටවල් පාලනය කිරීමේ සම්ප‍්‍රදාය ක‍්‍රමයෙන් ගිලිහෙමින්, රාජාණ්ඩු ද බිඳ වැටී මහජන මතයට අනුව රටවල් පාලනය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය බිහිවීමය. පසුව පෙරපර දෙදිගම රාජ්‍ය පාලනයට උපයෝගී කර ගනු ලැබුවේ මෙම සම්ප‍්‍රදායයි. ආගමික අදහස් සම්පූර්ණයෙන්ම රාජ්‍ය පාලනයෙන් ඈත් බවක්් මින් අදහස් වන්නේ නැත. එහෙත් එ්වාට ලැබුණු නෛතික බලය අහෝසි විය. 

එහෙත් මුස්ලිම් රටවල මෙම ආගමික හා සමාජ පෙරළිය යුරෝපයේ තරම් වේගවත්ව සිදු නොවුණි. මේ වන විට කෙළින්ම දැඩි ආගමික නීති රීති මගින් පාලනය වන්නේ සෞදි අරාබිය හා ඉරානය වැනි මුස්ලිම් රාජ්‍ය පමණි. ඉරානයේ ආගමික නායකයා රාජ්‍ය නායකයාට වඩා ප‍්‍රබලය. නැසීගිය වෙනිසියුලානු නායක හියුගෝ චාවේස් හා ඉරානයේ වත්මන් නායක මහමුද් අහමදිනේජාඞ් අතර පැවැතියේ සමීප සබඳතාවකි. පසුගිය දා මියගිය හියුගෝ චාවේස්ගේ අවමඟුලට සහභාගි වූ ඉරාන නායකයා චාවේස්ගේ මහලූ මෑණියන්ට සිය ශෝකය ප‍්‍රකාශ කළේ යුරෝපීය ක‍්‍රමයට අනුව යමින් සිප ගැනීමෙනි. මෙහිදී දක්නට ලැබුණේ පුතෙකු හා මවක් අතර දුක ශෝකය බෙදා ගැනීමකි. ඊට එරෙහිව ද ඉරානයේ ආගමික නායකයෝ නොසතුට පළකළහ. එම කි‍්‍රයාව වුව ද ඔවුන්ගේ ආගමික සම්ප‍්‍රදායන්ට පටහැනි බව පැවසේ. ඇමෙරිකානු හිතවත් රාජ්‍යයක් වුවද සෞදි අරාබියේද කි‍්‍රයාත්මක වන්නේ ”ශරියා” නමැති ආගමික නීතියයි. එය සැකසී තිබෙන්නේ ශුද්ධ වූ කුරානයේ ඉගැන්වීම් ඇසුරිනි. ශුද්ධ වූ කුරානයේ ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම රාජ්‍ය පාලනයට යොදාගත යුතුයැයි මහමද්තුමන් නියෝග කර තිබේ දැයි කියන්න දන්නේ නැත. ඊට හේතුව සමහර මුස්ලිම් රටවල් එතරම් තද නීතිරීති අනුගමනය නොකරන හෙයිනි. උදාහරණයක් ලෙස පාකිස්තානයේ දක්නට ලැබෙන්නේ අපේ රටේ මෙන්  ඕලන්ද ලන්දේසි නීතියයි. 

බෞද්ධ ආගමික පරිසරයක් සහිත ශී‍්‍ර ලංකාවේ ජීවත් වන දැන උගත්  යමක් කමක් තේරෙන බහුතරය අද බෞද්ධයන් වී සිටින්නේ මවුපියන් බෞද්ධ නිසාවත්, කුඩා අවදියේ දහම් පාසල් ගිය නිසාවත් නොවේ. බෞද්ධ දර්ශනය තුළ ගැබ් වී ඇති හරපද්ධතිය හා නිදහස් නිවහල් දාර්ශනික චින්තන සම්ප‍්‍රාදාය නිසාය. කැමැති නම් පිළිපැදිය හැකිය. ඒ සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් නැත. බුදුරජාණන් වහන්සේ කිසි දිනෙක කොසොල් රජුගේ හෝ බිම්බිසාර රජුගේ රාජ්‍ය පාලනයට හවුල් වූයේ නැත. ඔවුනට නියේග නිකුත් කළේ ද නැත. ජේතවනාරාමය ආසන්නයේ පැවැති රාජ්‍ය උත්සව, සැණකෙළි හා කානිවල් නතර කිරීමට ගියේ නැත. අඩුම ගානේ ‘චුන්ද ශූකරයාගේ’ ඌරුමස් මඩුව වසා දැමීමටවත් කොසොල් රජුට බලපෑමක් කළේ නැත. එහෙත් චක‍්‍රවර්තී සීහනාද සූත‍්‍රය මඟින් පාලකයකු රටක් පාලනය කළ යුතු ආකාරය ගැන දාර්ශනික ඉගැන්වීමක් ඉදිරිපත් කිරීමට ද උන්වහන්සේ අමතක නොකළහ. එසේම සප්ත අපරිහානී ධර්ම හා ධර්ම රාජ සූත‍්‍රය මඟින් රාජ්‍ය පාලන, සමාජයීය, සංස්කෘතික හා දේශපාලන කාරණා ධාර්මික ඉගැන්වීම් ලෙස ඉදිරිපත් කිරීමට බුදුන් වහන්සේ පියවර ගෙන තිබේ. එහෙත් මේ කිසිවක් නීති රීති ලෙස පිළිපැදිය යුතු නියෝග නොවේ.

මෙවන් ආගමික පරිසරයක ජීවත්වන අපේ රටේ ජනතාවට සෞදියේ සේවය කළ ශී‍්‍ර ලාංකික ගෘහ සේවිකා රිසානා නෂීඞ් මරණ දඬුවමින් බේරා ගැනීමට නොහැකි වීම ගැන කම්පනයක් ඇත. එසේ ම නොමේරූ තරුණියකගේ ජීවිතය වරදකට වුවද ලේ වන්දියක් සේ ඉල්ලා සිටින සෞදියේ වෛරී ස්වාමි දුවගේ  හැසිරීම අස්වාභාවිකය. ඊට හේතුව ”නහීවේරේන වේරානි....” සම්ප‍්‍රදාය ගරු කරන ජනතාවක් අපේ රටේ ජීවත්වීමය. මෙම කාන්තාවගේ වෛරී සහගත ඉල්ලීමට එරෙහිව රිසානාට අභය දානය දීමේ හැකියාවක් එදා සෞදි රජුට ද තිබුණේ නැත. ඉන් අදහස් වන්නේ සෞදියේ කි‍්‍රයාත්මක වන ආගමික නීති වෙනස් කිරීමට එරට පූර්ණ විධායක රජුට ද නොහැකි වීමය. මේ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කාරුණික හා සංවේගාත්මක ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වීමට නොහැකි වීම නිසා මෙහිදී සෞදි රජතුමා පවා අසරණ වූ බව පැවසේ. 

මෙවන් පසුබිමක විදේශ රැකියා හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාට කළ හැකි දෙයක් ඉතිරිව තිබුණේ නැත. සෞදි රජු ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉටු කිරීමට නොගත් වෙහෙසක් නැත. ඔහු දිගින් දිගටම මරණ දඬුවම කි‍්‍රයාත්මක කරන දිනය වසර ගණනින් ප‍්‍රමාද කළේය. අවසානයේ රජ පවුලේ සාමාජිකයකු අදාළ ගෘහ සේවිකාව නිසා මරණයට පත් වූ දරුවාගේ මවුපියන් හමුවීමට යවා රෝගාතුරව සිටින එම පවුලේ වෙනත් දරුවකු ජර්මනියට යවා සුවපත් කිරීමට ද පොරොන්දු විය. එසේම මියගිය දරුවා වෙනුවෙන් වන්දි වශයෙන් ඉල්ලා සිටින  ඕනෑම මුදලක් ගෙවීමට සෞදි රජයේ හා ශී‍්‍ර ලංකා රජයේ කැමැත්ත ප‍්‍රකාශ කළේය. මේ කිසිවකට එ් ගෘහයේ ගෘහනිය එකඟ වූයේ නැත. 

මෙවන් පසුබිමක සිදු වූ රිසානාගේ මරණයේ වගකීම අමාත්‍ය ඩිලාන් පෙරේරා මතට පටවා දේශපාලන වශයෙන් ඔහු දඩයම් කිරීමට යෑම හාස්‍යජනක ගොන්කමකි. එසේම එක්සත් ජාතික පක්ෂයේ සමහරු ”යන්නේ කොහේද මල්ලේ පොල්” තාලේ මෙවන් දේශපාලන ගොන් වැඩ කිරීමට පෙළඹීම සැබවින්ම ඛේදජනකය. මේ රටට නිදහස ලබා දී නොමැකෙන යමක් රටට කළ පක්ෂයක් වැටී ඇති බංකොලොත් අගාධයක තරම මේ දෝෂාභියෝග යෝජනාවෙන් පැහැදිලිි විය.  විපක්ෂයක් වශයෙන් යමක් ගැන කරුණු කාරණා දැන ගැනීමට අවශ්‍ය නම් සභාව කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටීමේ සම්ප‍්‍රදායක් තිබේ. එහි වරදක් නැත. 

ඩිලාන් පෙරේරා අදාළ අමාත්‍ය ධුරයේ වැඩ බාරගන්නා විටත් රිසානාගේ නඩු තීන්දුවත්, අභියාචනයේ තීන්දුවත් අවසන් වී ඇයට ස්ථිර වශයෙන්ම මරණ දඬුවම නියම වී තිබුණි. එවන් පසුබිමක සෞදියේ කි‍්‍රයාත්මක වන ”ශරියා” නීතියට අනුව අමාත්‍ය ඩිලාන් පෙරේරා සෞදියේ රජු වුණත් රිෂානා බේරාගැනීමට නොහැක. ඒ බව දැන උගත් විපක්ෂ මන්තී‍්‍රවරයකු වන අජිත් පී. පෙරේරා නොදන්නවා නොවේ. මේ මොහොතේ ඔහු කාගේ හෝ ලණුවක් කෑවාදැයි කියන්න දන්නේ නැත. නීතිඥ අජිත් පී. පෙරේරා වැනි තරුණ නැගී එන යූ.ඇන්.පී. මන්තී‍්‍රවරුන් හිතාමතා සවුත්තුකර ඔවුන්ගේ අනාගත මොට කිරීමට මේ වගේ ලණු දෙනවාදැයි කියන්න දන්නේ නැත. ද්‍රවිඩ සන්ධානය මෙම දෝෂාභියෝගයෙන් ඉවත්විය. සජිත් පේ‍්‍රමදාස, දයාසිරි ජයසේකර වැනි නවක ජ්‍යෙෂ්ඨයෝ කතා නොකළහ. නීතිඥ සුජීව සේනසිංහ වැනි නවක මන්තී‍්‍රවරුන්  වුව ද මෙවන් ලණු ගිලින්නේ නැත.

යුද්ධයෙන් පසු විවිධ තාලේ විරුවන් හා බල සේනා මේ රටේ හතු පිපෙන්නා සේ බිහිවෙමින් තිබේ. එසේම එදා ජාත්‍යන්තරයට සාම පැකේජ් කර තියාගෙන ගිය අය පසුකලෙක කිසිදු හිරිකිතයකින් තොරව යුද්ධය වෙනුවෙන් අන් සෑම දෙනාටමත් වඩා ඉදිරියෙන් සිටි බව රටට රහසක් නොවේ. ඒ කිසිවක් නිසා නොව පදවියක්, තනතුරක්, තානාන්තරයක් වෙනුවෙනි. තනතුරුවලට න්‍යාය වෙනස් කරන අවස්ථාවාදී බක පණ්ඩිතයන්ගෙන් අපේ රටේ අඩුවක් නැත. එවන් රටක ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, චම්පික රණවක වැනි දේශපාලනඥයෝ අතලොස්සක් කුමන අවාසිදායක පදනමක් යටතේ වුවද තමන්ගේ දේශපාලන ස්ථාවරය තවමත් වෙනස් නොකරගෙන සිටිති. ඊට අපේ එකඟවීම හෝ නොවීම වෙනම කාරණයකි. ඔවුන්ගේ ඍජු දේශපාලන පිළිවෙත වැදගත්ය.

ඩිලාන් යුද මානසිකත්ව රැල්ලේ උතුරට දෙන දේශපාලන විසඳුම හා බලය බෙදීම ගැන කතා කළ පටිසෝතගාමී චරිතයකි. එ් සඳහා ඔහු මැති ඇමතිකම් හා ජීවිතය වුවද පරදුවට තැබූ බව අමතක කළ යුතු නැත. ඩිලාන් තමන් නියෝජනය කරන ආණ්ඩුව හා පක්ෂය වෙනුවෙන් කරනු ලබන වෙනත් දේශපාලන කි‍්‍රයා ගැන අපට විවේචනයක් තිබිය හැකිය. එහෙත් ඔහු දිගින් දිගටම නොවෙනස්ව, රටේ ජාතික සමගිය වෙනුවෙන් දරමින් සිටින මතවාදයට ගරු කළ යුතුයි. ඊට අප කැමති වුණත් අකමැති වුණත් එවැන්නෝ විරලය. එසේම ඔහු දේශපාලනයෙන් මුදල් උපයාගත් අයෙක් ද නොවේ. 

එක්සත් ජාතික පක්ෂයට විපක්ෂයක කෝණයෙන් කල්පනා කර මේ ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝග ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්  ඕනෑතරම් මාතෘකා තිබේ. ඔවුහු ඒ එකක් ගැනවත් කල්පනා කර නැත. ඒ සියල්ලෙන්ම ම`ගහරිමින් සිටිති. කලක් තිස්සේ කෙකර ගගා ඉඳ ඉදිරිපත් කළේ මෝඩ චූන් විශ්වාසභංගයකි. ඉන් අමාත්‍ය ඩිලාන් පෙරේරාට ලකුණු දමා ගැනීමට හැකි විය. මේ අය 2014 ආණ්ඩු බලය ලබාගැනීමට කල්පනා කරන්නේ මෙවැනි ‘ලාබෙට ටින් ටින්’ වැඩවලින් දැයි කියන්න දන්නේ නැත.

විසිපස් වසරක දේශපාලන දිවිය අබියස දේශපාලන ලෝකයේ ඉදිරි අනාගතයට ගැම්මක් ගැනීම සඳහා අමාත්‍ය ඩිලාන් පෙරේරාම මේ දේශාභියෝගය යූ.ඇන්.පී.යේ පිරිසක් ලවා ඉදිරිපත් කර ගත්තේ ද යන සැකය විහිළුවට මෙන් සමහරුන්ට ඇතිවේ. ඊට හේතුව ඒ තරමටම මේ දෝෂාභියෝගය ඩිලාන්ට වාසිදායක වීම නිසාය.

‘‘මේක ඩිලාන්ගෙම වැඩක්ද දන්නේ නෑ.’’ 

‘‘මිනිහ මාර විදියට ඉස්සුණානෙ.’’ 

‘‘මේ දෝෂාභියෝගයෙන් යූ.ඇන්.පී.ය කළේ ඒ තරම්ම ගොන් වැඩක්නෙ.’’ 

‘වාසිය ඩිලාන්ටනේ’ 

සමහරුන් ඩිලාන්ට එරෙහි දෝෂාභියෝගය ගැන සඳහන් කරන්නේ එහෙමය.

 

 

වසන්තප‍්‍රිය රාමනායක

 



අදහස් (0)

මෝඩ චූන් විශ්වාස භංගය

මොහමඩ්2 Saturday, 01 June 2013 10:55 PM

කමක් නැහැ තව තවත් ලංකාවේ ගෘහනියන් පිටරට යවන්න.ඒක තමයි වැඩිම විදේශ විනිමය අපේ රටේ! (නි)

:       0       0

දිනේෂ් Sunday, 12 May 2013 12:23 PM

වසන්ත ප්‍රිය රාමවික්‍රම මහත්තයෝ, කමක් නැහැ කඩේ ගියාට ඒත් ඇදුමක් ඇදගෙන ආණ්ඩුවට කඩේ ගියානම් වඩාත් හොදයි. නැත්නම් මිනිස්සු කියයි ඔබටත් ''හොරු සමඟ හෙළුවෙන්'' කියලා.(නදී)

:       0       0

සෙනරත් Saturday, 11 May 2013 01:18 AM

මෙතුමලා අපි වගේ පිටරට වල ඉන්න අයට හොඳ සේවයක් කරන බව දැන් දැන් ආරංචි වෙනවා. අනේ වාසනාවන් (නි)

:       0       0

නිසාර් Saturday, 11 May 2013 05:16 PM

මිනී මරුවන්ගේ බෙල්ල කපනේනේ නැතිව පාර්ලිමේන්තුවට යවන්නේ බෞද්ධ දර්ශනය තුළ ගැබ් වී ඇති හර පද්ධතිය හා නිදහස් නිවහල් දාර්ශනික චින්තන සම්ප‍්‍රාදාය නිසා වෙන්ඩ ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 168 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 367 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 377 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site