IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පිරිතට උපන් හපන් මීගස්වැවේ සෝමරතන හිමියෝ

බුදුන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මය පිරිත්  ස්වරයෙන් දෙස ලෝ වාසි බෞද්ධ ජනතාව වෙත දහම් ස්වරය නැඟූ පාණදුර ගඟුල සිරිපරම විශුද්ධාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි අපවත් වී වදාළ විචිත්‍ර ඝාණක,සරභක්ඤ විශාරද මීගස්වැවේ සෝමරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දස වස ගුණානුස්මරණය අද (12) ට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

වර්ස 1955 ජුනි මස 30 වැනිදා කුරුණෑගල කොබෙයිගනේ පිහිටි මීගස්වැව ගම්මානයේ විසූ ඒකනායක මුදියන්සේලාගේ ඩිංගිරි බන්ඩා නිලමෙතුමාට සහ දිසානායක මුදියන්සේලා ගේ රන්මැණිකා කුමාරිහාමිට දාව උපන් කනිටු පුත්‍රයා වූ මෙතුවා වර්ෂ 1968 ජනවාරි 08 දා පැවිදි බිමට ඇතුළත් විය.

ඉන් වසර කිහිපයකට පසුව කළුතර දිස්ත්‍රික්කයේ පාණදුර තොටමුණ සුප්‍රකට විහාරාස්ථානයක් වූ ගඟුලේ සිරි පරම විශුද්ධාරාමයට පැමිණි මීගස්වැවේ සෝමරතන හිමියන් කුඩා කල සිටම මිහිරි ලෙස පිරිත් දේශනා කිරීමට සමත් බව ලෝකයාට ප්‍රදර්ශනය කළේ අනතිමානීවය. වර්ෂ 1976 ජුනි 18 දා කෝට්ටේ රාජමහා විහාරස්ථ සිරි මංගල උපොසථාගාරයේ දී සද්ධර්ම කීර්ති ශ්‍රී හිරණ ඉන්ද්‍රසුමනව මහා ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ආචාර්ය හිමිවරුවරුන්ගේ මූලිකත්වයෙන් අධිශිල සංඛ්‍යාත පැවිදි උපසම්පදාව ලද සෝමරතන හිමියන් ශාසලනික කටයුතුවල ජව සම්පන්නව නියුතු වූ හිමි නමක් වූහ.

ගම්පහ විද්‍යාරවින්ද පිරිවෙණ,පාණදුර සිරි සද්ධර්මාකර පිරිවෙණ හා කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර පිරිවෙණ වැනි බෞද්ධ අධ්‍යාපන ආයතනවලින් සිංහල පාලි සංස්කෘත භාෂා ඥානය මෙන්ම ධර්ම විනයද උපාධි අපේක්ෂකයකු වශයෙන් තවදුරටත් උසස් අධයාපනය හැදෑරුව ද උන්වහන්සේ උපාධිය අවසන් නොකොටම ධර්ම දේශනා හා පිරිත් ධර්ම දේශනා කටයුතු කෙරෙහි වැඩි වශයෙන් උනන්දු වී ක්‍රියා කිරීමද විශේෂත්වයකි.

වර්ෂ 1988 මාරත් 18 දා පානදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමයේ විහාරාදිපති පදවියට පත් උන්වහන්සේ විචිත්‍ර ධර්ම දේශකයකු ලෙස තව තවත් පන්නරය ලැබූහ. මෙරට‘‘ පිරිත් රජ්ජුරුවෝ’’ යන ව්‍යවහරයෙන් පුද ලගද කැලණි රජමහා විහාරස්ථානයේ වැඩ විසූ පුජ්‍ය වත්තල සීලගරතන විචිත්‍ර ධර්ම කථිකයන් වහන්සේ මෙන්ම විචිත්‍ර ධර්ම කථික කුරාලේවෙල සංඝරක්ඛිත මාහිමියන්ගේද  පිරිත් දෙසීම් සම්ප්‍රදාය මැනවින් උගත් මෙහිමිමියන් මෙරට සේම විදේශයන්හි ද ප්‍රකට පිරිත් දේශකයාණන් කෙනෙකු බවට පත්වූහ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හා රූපවාහිනී සංස්ථාවේ ප්‍රධාන දේශකයාණ කෙනෙකු වශයෙන්ද මෙරට පෞද්ගලික ගුවන් විදුලි හා රෟපවාහිනි නාලිකා වන්හි අදටත් විකාශය කෙරෙන පිරිත් දේශනා වන්හි උන්වහන්සේගේ ස්වරය ශ්‍රවණය කළ හැකිය.

දුර්ලභ දේශනාවන් වන මෛත්‍රී වර්ණනා, අනුශාසනා අස්න දේශනා, රාහුල වත යශෝදරාවත වැනි දේශනා පැවැත්වීමෙහි දුලබ ප්‍රවීණතාවයක් උන්වහන්සේ පළ කළහ. යුගාසන දේශනා හා සත් පිරිත් දේශනා ආදියෙහි ආවේණික සමාප්‍රදායික රටාව එලෙසම රකිමින් දේශනා කරන මෙවැනි පරිත්ත භාණ්ඩ හිමිවරුන් බෙහෙවින් දුර්ලභ බව වියත් මහ තෙරුන් වහන්සේලාගේ ගෞරවයට පාත්‍ර වූහ.

උන් වහන්සේගේ මෙම විශිෂ්ට ධර්ම  සේවාව උත්තරීතරත්වයට පත් කරමින් වර්ෂ 2008 සැප්තැම්බර් 18 දා එවකට අමරපුර නිකායේ උත්තරීතර මහා නා හිමියන් වූ දවුල්දෙන ඥානිස්සර නාහිමියන්ගේ සුතින් ‘‘ප්‍රවවත කීර්ති  ශ්‍රී සරභඤ්ඤ විහාරද’’ යන ගෞරව නාම සන්නස් පත්‍රය පිරිනමනු ලැබීය.
පිරිතෙන් රටක් ලොවක් සැනසූ උන්වහන්සේ ව වර්ෂ 2011 ඔක්තෝබර් 12 දා රෝගාතූරවීම හේතුවෙන් අපවත් වී වදාළහ. උන්වහන්සේට නිවන් සුවයම අත්වේවායි පතමු.

(***)
නිශාන්ත චමින්ද පීරිස්



අදහස් (0)

පිරිතට උපන් හපන් මීගස්වැවේ සෝමරතන හිමියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site