IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ප්‍රභාකරන්ගේ ජීප් එක මහරගමින් හමුවෙයි

 

  • 1980 වර්ෂයේදී මෙම රථය සන්නද්ධ කල්ලියකින් පැහැර ගත්තා.   
  • වේලු‍පිල්ලේ ප්‍රභාකරන් හා ඔහුගේ සගයන් මෙම රථය පැදවූ බව කියනවා.   

 

මෙම පුදුම ජීප් රථයේ වර්තමාන හිමිකරු කොළඹ, මහරගම කපිල බුලත්ගේ මහතා (50) මෙසේ ද කීය.   

යාපනයේ, පේදුරුතුඩුවේ ගරාජයක තිබී මෙම ජීප් රථය සොයා ගත්තා. ඇ​ෙමරිකාවේ යුද හමුදාව මේ වර්ගයේ ජීප් රථ මුලින්ම භාවිත කළ බව කියවෙනවා. 1942 වර්ෂයේ දී මෙම ජීප් රථය නිපදවා ඇත. දෙවන ලෝක යුද්ධයේ දී උසස් නිලධාරීන් භාවිතා කළ වාහනයකි. ඉන්දියාවෙන් ලංකාවට ගෙන ආ බව කියැවේ. 1988 දී පේදුරුතුඩුව ප්‍රදේශයේ දී ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මෙම රථය අයිතිකාරයාගෙන් පැහැරගෙන ගොස් තිබේ.   


1942 දී නිපදවූ බව කියන මෙම ජීප් රථය එක්තරා කාලයක ප්‍රභාකරන් සතුව තිබූ බව කියති. ප්‍රභාකරන් සහ ඔහුගේ ආරක්ෂකයන් මෙම ජීප්රථය භාවිතා කළ බව කියැවේ. නූතන හිමිකරුට මේ බව කියා ඇත්තේ පේදුරුතුඩුවේ ජනතාවය. 

   
සවලක්, ගල් කටුවක්, පොරවක් මේ වාහනයේ දැකිය හැකියි. එය වෙනමම පෙට්ටියක අසුරා තිබේ. 1942 වර්ෂයේ මෙම වාහනය සකස් කරන විට මේ උපකරණද සවි කර ඇති බව දැකගත හැකිය. 4500 වර්ගයේ ඇංජිමක් මෙහි සවි කර තිබේ. ටයර් එකක හුළං බැස්සද මෙම වාහනයේ ගමන් කළ හැකි වීම සුවිශේෂ වූවකි. යුද සමයේ දී ප්‍රභාකරන් හෝ ඔහුගේ සේනාව මෙය භාවිතා කළ බවට විස්වාස කෙරේ.   

 


මුලින්ම 1942 කැනඩාවේ මෙම වාහනය සකස් කර තිබේ. ටොන්සිස් නාමය යටතේ නිෂ්පාදනය කර තිබේ. දෙවැනි ලෝක යුද කාලයේ ෆෝ වීල් වාහනවල අවශ්‍යතාවක් තිබිලා තියනවා. ඒ අවශ්‍යතාව අනුව මෙම වාහනය ඩබ්ලිව්.සී. කාණ්ඩය යටතේ සකස් කර තිබේ. 1942 ජූලි මාසයේ මේ ජීප් රිය කැනඩාවේ දී සකස් කර නිෂ්පාදනය කර පසුව, ඇ​ෙමරිකාවට යවා තිබෙනවා.   


මේ අනුව, දෙවන ලෝක යුද්ධ කාලයේ ලංකාවේ ද ඇ​ෙමරිකා හමුදාව සිටිය නිසා මේ වාහනය ලංකාවට ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇතැයි සැලකේ. මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසුව අතහැර දමා ගොස් තිබේ. ඉන් අනතුරුව 1947 දී මෙම වාහනය ලංකාවේ ලියාපදිංචි කර ඇත. සැමියොල් සිංහතම්බි යන අයට මේ ජීප් රථය මුලින්ම හිමිව තිබේ. මෙම වාහනය මුලසිට මේ දක්වාම තිබී ඇත්තේ ලංකාවේ උතුරු කරයේ ය.   
1980 දක්වා මෙම වාහනයේ තොරතුරු දැකිය හැකිය. මෙම වාහනයේ අයිතිකරුවන් තුන්දෙනෙක් සතුව තිබී ඇති බව සාක්ෂි තියනවා. සිංහ තබ්බි මුල් අයිතිකාරයා. දෙවන අයිතිකරුවා පේදුරුතුඩුවේ අයෙක්, එයාගෙන් එයාගේ පුතාට මේ වාහනය හුවමාරු වී තිබේ. 1979 දී මේ වාහනය සන්නද්ධ කල්ලියක් විසින් පැහැරගෙන යනු ලැබ තිබේ.   


1980 සිට 2009 යුද්ධය අවසන් වන තුරු මෙහි තොරතුරු සොයා ගත නොහැකිවයි තිබුණේ. මේ අනුව යුද්ධයේ ජයග්‍රහණයෙන් පසුව අයිතිකාරයෙක් නැති වාහනය වාහනවල සැබෑ අයිතිකාරුවන්ට යුද හමුදාව මගින් ලබාදී තිබේ.   


නමුත්, වාහනයේ තෙවැනි අයිතිකරුවා මේ ජීප් රථය අරගෙන ගොස් නැත. එය සේල් එකකට දමාගොස් ඇත. අවසන් අයිතිකරුවා අත තිබූ සියලු‍ම තොරතුරු හා වාහනයේ ලියකියවිලි ද ඇතිව මේ වාහනය මේ වාහන සෙල් ගරාජයට ලබා දී තිබිණි.   


2009 සිට 2018 වන තෙක් මේ වාහනය එම ගරාජයේ දිරාපත් වෙමින් තිබිණි. මෙම වාහනය තිබූ ගරාජයේ හිමිකරුගේ පුතා කපිල බුලත්ගේ මහතාට මේ වාහනය ගැන පවසා තිබේ. ඒ අනුව හෙතෙම මේ වාහනය මිල දී ගෙන අලු‍ත්වැඩියා කර තිබේ. කොළඹ, මහරගමට ගෙනත් මහරගම නන්ද කුමාර ගරාජයෙන් මේ වාහනය අලු‍ත් වැඩියා කළා. එහිදී නන්ද කුමාර හා ඔහුගේ පුතා මේ වාහනය තිබුණු තත්ත්වයට පත් කරන්නට මහන්සි වුණා. මුලින් මේ වාහනය ලොරියක් බව පැවසුවද පසුව තොරතුරු සොයන විට මෙම වාහනය ලොරියක් නොවෙයි ජීප් රථයක් බව සොයා ගත්තා. ඉන් පසුවයි අලු‍ත් වැඩියාව සිදු කළේ.’ බුලත්ගේ මහතා කියයි.   


ගුවන් යානාවලට නිරීක්ෂණය කර ගත නොහැකි ආකාරයට සකස් කර ඇති මේ වාහනයේ සැලැස්මද වර්ණයද ගුවනට හෝ පොළවේ සිට බලන්නෙකුට දැකගත නොහැකි ආකාරයට හැඩ ගන්වා තිබීම නිසා යම් රහස් ගමනක් යන්නට හැකි ආකාරයට මෙම ජීප් රථය සකස් කර තිබූ බව සැකකරයි.   

 

සටහන හා ඡායාරූප
හබරාදූව නිමල් අල්ගෙවත්ත   

 



අදහස් (0)

ප්‍රභාකරන්ගේ ජීප් එක මහරගමින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31351 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13569 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site