IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


නවසීලන්තයේ අංජලී

ඒ, 2015 වසරයි. 2015 පෙබරවාරි සිට මාර්තු දක්වා පැවැත්වුණු ක්‍රිකට් ලෝක කුසලානයේ සත්කාරක රටවල් වූයේ නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාවය. ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නවසීලන්තයට ශ්‍රී ලංකාවෙන් සුවිශේෂී තෑග්ගක් ලැබුණි. ඒ තෑග්ග 'අංජලී' ය. එදා අංජලී පුංචි අලි පැටික්කියකි.
නවසීලන්තයට ගිය අංජලී නිරෝධායන ක්‍රියාවලියකට පවා යොමු කෙරුණි. 'කොවිඩ් 19' නිසා නිරෝධායනය යනු කුමක්දැයි අද අපට හුරු දෙයකි. ඒත් 2015 දී වසංගතයක් තිබුණේ නැත.  විදේශවලින් ගෙනෙන සතුන් සත්වෝද්‍යානවලට යොමු කිරීම කරන්නේ මාස කීපයක නිරෝධායන කාලයකින් පසුවය. එය සාමාන්‍ය ක්‍රියාපටිපාටියයි. ඒ අනුව  නිරෝධායන කාලය සම්පූර්ණ කළ අංජලී ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයට රැගෙන ඒම සිදුවිය.
 
2015 ලෝක කුසලානයට නවසීලන්ත ක්‍රිකට් බලධාරීන් සූදානම් වෙද්දී, ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයේ බලධාරීන් සූදානම් වූයේ අංජලී පිළිගැනීමටය. ඒ, ශ්‍රී ලංකාවට නොදෙවැනි අයුරින් ඇයට ඇගේ අලුත් නිවහන සැප පහසු තැනක් කරදීමටය. අංජලී ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයට පැමිණියේ 2015 ජූනි මාසයේදීය. ඒ ශ්‍රී ලංකා නවසීලන්ත මිතුදම් ද තවත් ශක්තිමත් කරමිණි.
පින්නවල අලි අනාථාගරය සහ ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය අතර සමීප සබඳතා පවතින අතර, නිරන්තරයෙන් ආධාර පරිත්‍යාග පවා ලැබේ. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් සංරක්ෂණය වෙනුවෙන් ද ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය මැදිහත් වී ක්‍රියා කරයි. අංජලී උපත ලැබුවේ 2006 අගෝස්තු 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයේදීය. ඒ, පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් බෝ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන විශේෂ වැඩසටහන යටතේය. 
ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයට ගිය අංජලීට මිතුරියක ලැබුණි. අංජලීට ඇය වැඩිමල් සොහොයුරියකි. ඇය බර්මා ය. බර්මා ඕක්ලන්ඩ් පැමිණ ඇත්තේ 1990 දීය. ඇය මියන්මාරයෙන් (අතීතයේ බුරුමය) ලැබුණු තෑග්ගකි. 
අංජලී පැමිණෙන තෙක් බර්මා ද හුදෙකලාව සත්වෝද්‍යානයේ ජීවත් වූ දැවැන්තයෙකි. අංජලී මෙන්ම බර්මා ද අහිංසක, විනෝදයට බර ඇතින්නියන් දෙදෙනකු බව ඔවුන්ගේ භාරකරුවෝ නිරන්තරයෙන් පවසති. පොකුණේ නාන්න, කෙසෙල් සහ උක් තලුමරමින් ආහාරයට ගන්න දෙදෙනා කැමැතිය.
ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයේ ප්‍රධාන ආකර්ශණයක් වන්නේ ද අංජලී සහ බර්මාය. ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය, ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම ගැන නිරන්තරයෙන් කනස්සල්ල පළ කරන අතර, අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස, අලි ඇතුන්ට ඩිජිටල් කරපටියක් පැලඳවීමේ වැඩසටහනකට සහාය දක්වයි. චන්ද්‍රිකා තාක්ෂණය මගින් අලි ඇතුන් සැරිසරන ප්‍රදේශ කල්තියා වනජීවී නිලධාරීන්ට දැන ගැනීමට ඒ අනුව හැකිවෙයි.
ශ්‍රී ලංකාවේ එක් අලියකුගේ නිවහන, වර්ග කිලෝ මීටර් 50 ත් 100 ත් අතර ප්‍රදේශයක් පුරා පැතිරෙන බවත්, එය නවසීලන්ත රග්බි ක්‍රීඩා පිටි 5,000 ත් 10,000 ත් අතර ප්‍රදේශයක් බවත් ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයේ, සතුන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා ඇති අරමුදල පැහැදිලි කරයි.
ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය සතුන් සංරක්ෂණය කිරීමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත. ඒ ලාභ අපේක්ෂාවෙන් නොවෙයි. 
අද වනවිට අංජලී සහ බර්මා වෙනුවෙන් ඕක්ලන්ඩ් සත්වෝද්‍යානය තීරණයක් ගෙන අවසන්ය.
'ඒක අමාරු තීරණයක්. ඒත් හරි නිවැරදි එකක්' මෙසේ පවසන්නේ ඕක්ලන්ඩ් සත්වෝද්‍යානයේ ප්‍රධානී කෙවින් බූලේය. 
'අංජලී සහ බර්මා තමයි අපේ සත්වෝද්‍යානයේ ඉන්න ආසියානු ඇතින්නියෝ දෙන්නා. ඔවුන් වසර ගණනාවක් අප සමඟ ජීවත් වුණා. ඔවුන් අපට සම්පතක්. අප ඔවුන්ට හරිම ආදරෙයි. අප මොන තරම් පහසුකම් ඔවුන්ට දුන්නත්, ඔවුන්ට නිදහස දෙන්න අපට බැහැ. අප තීරණයක් ගත්තා ඔවුන් ට නිදැල්ලේ හැසිරෙමින් ජීවත් වෙන්න හොඳ නිවහනක් වන රක්ෂිතයක් සොයා දෙන්න. මෙම 2021 වසර අංජලී සහ බර්මා අපේ සත්වෝද්‍යානයේ සිරවී සිටින අවසන් වසර වේවි. අප ඔවුන් සුදුසු තැනක් සොයා වනරක්ෂිතයකට මුදා හරින්න බලාපොරොත්තු වෙනවා. හරි දේ එයයි.' යැයි කෙවින් බූලේ පවසන්නේ හැඟීම්බරවය.
ලුසිත ජයමාන්න



අදහස් (0)

නවසීලන්තයේ අංජලී

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6156 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 318 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 348 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1282 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site