IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


නියඟය තවත් උග‍්‍රවෙයි

5

09-Nim-P1-04

අම්පාර
වසර 06 කින් පසුව අම්පාර දිස්ති‍්‍රක්කයට දැඩි නියං තත්ත්වයක් උදාවී ඇත. මේ හේතුව නිසා අම්පාර දිස්ති‍්‍රක්කයේ ප‍්‍රධාන වැව් 06 ක ජල මට්ටම සීග‍්‍රයෙන් පහළ බැස තිබේ. අධික රස්නය නිසා ප‍්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත. සමහර  ප‍්‍රදේශවල පානීය ජලය ලබා ගැනීමද බලවත් ගැටලූවක් වී තිබේ. කුඹුරු අක්කර දහස් ගණනක් අත් ඇරීමට සිදුව ඇත. ඈත ගම් නියං ගම්වල ජනයා ජලය ලබා ගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී. දමන, මහඔය, පදියතලාව, පොතුවිල්, තිරුක්කෝවිල්, නාවදන්වැලි යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මේ තත්ත්වය ඉතා උග‍්‍රව පවතී.

මේ වන විට ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අක්කර අඩි 61,625 දක්වා පහළ බැස තිබේ. මෙහි සම්පූර්ණ ජල ධාරිතාවය අක්කර අඩි 7,77,000 කි. නාමල්ඔය ජලාශයේ මුලූ ජල ධාරිතාවය අක්කර අඩි 42,750 ක් වුවත් දැනට ඇත්තේ අක්කර අඩි 7730 කි. පන්නල්ගම ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි 27,600 ක් වුවත් දැනට එහි ජල ධාරිතාවය ඇත්තේ අක්කර අඩි 5847 කි. අම්බලන්ඔයේ ජල ධාරිතාවය අක්කර අඩි 35,950 ක් උවත් දැනට ජලය ඉතිරිව ඇත්තේ අක්කර අඩි 8526 කි. එක්ගල්ඔය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 22,500 කි. දැනට එහි ඉතිරිව ඇත්තේ අක්කර අඩි 5396 කි. පල්ලන්ඔය ජලාශයේ ජල මට්ටම අක්කර අඩි 93,000 ක් වෙන අතර දැනට එහි ඉතිරිව ඇත්තේ අක්කර අඩි 5910 ක් බවද අම්පාර වාරිමාර්ග ඉංජිනේරු අසංග තුඩුගල මහතා පැවැසීය.

09-Nim-P1-02


මෙම වැව් යටතේ කුඹුරු වගා කරන ප‍්‍රමාණයද අඩුකර තිබේ. ඉඟිණියාගල සේනානායක සමුද්‍රය යටතේ කුඹුරු අක්කර 1,20,000 වගා කරත්, මෙවර වගාකර ඇත්තේ කුඹුරු අක්කර 77,700 කි. අම්බලන්ඔය වැව යටතේ කුඹුරු අක්කර 5250 වගා කරන අතර මෙවර වගා කර ඇත්තේ කුඹුරු අක්කර 4750 කි. නාමල්ඔය වැව යටතේ කුඹුරු අක්කර 3700 වගා කරන අතර මෙවර වගා කර ඇත්තේ කුඹුරු අක්කර 2175 කි. පල්ලන්ඔය ජයන්ති වැව යටතේ කුඹුරු අක්කර 3500 වගා කරන අතර මෙවර වගා කර ඇත්තේ කුඹුරු අක්කර 1750 ක් පමණකි. මේ හේතුව නිසා මෙවර යල් කන්නයේ වී අස්වැන්න පසුගිය වසරට වඩා හරි අඩකින් අඩුවෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. වී වගාවට මෙන්ම ගොඩ භෝග වගාවටද උක් වගාවටද මෙම තත්ත්වය දැඩි ලෙස බලපා තිබේ.

09-Nim-P1-03

 

පුත්තලම
නියඟය පුත්තලම දිස්ති‍්‍රක්කය වෙලා ගනිමින් තිබේ. ප‍්‍රදේශ රැසක කුඹුරු අක්කර දහස් ගණනක් නියඟයෙන් විනාශ වී ඇත. තිස්දහසකට ආසන්න පවුල් සංඛ්‍යාවක් බීමට ජලය සොයා සැතපුම් ගණන් පා නගන දසුන් එමටය. නමුත් නිලධාරින්ට නම් නියඟය තවමත් ඇත්තේ ගව්ගණනක දුරින් බව ඔවුන්ගේ වාර්තා මගින් හෙළිව තිබේ.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 අතරින් පුත්තලම, ආණමඩුව, වනාතවිල්ලූව, නවගත්තේගම, මහකුඹුක්කඩවල, මුන්දලම හා පල්ලම යන බල ප‍්‍රදේශයන්හි නියඟය වෙලාගනිමින් තිබේ. 2012 වසරේ පුත්තලමටම බලපෑ බරපතලම නියං තත්ත්වය හේතුවෙන් එකල පොල්ගස් ලක්ෂ තුනක් පමණ විනාශ වී ගිය අතර පාලූ වූ වගාවන්වල තොරතුරු නිසි ආකාරයෙන් තවමත් ලැබී නැත. එසේම එම වගා පාළුවීම් සඳහා තවමත් නිසි වන්දි ගෙවීමක් සිදුවී නැත.

09-Nim-P1-01

 

හම්බන්තොට
හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක මේ වන විට දැඩිලෙස වියළි කාලගුණික තතත්වයෙන් බලපෑම් සිදුව ඇත. මේ අතර ලූණුගම්වෙහෙර, වීරෝදාර, උදාගම ආදි ජලාශ සිඳී යමින් පවතී. ඒ ආශි‍්‍රත මඩ සහ ගොඩ ගොවිතැන් විනාශ වෙමින් යද්දී වීරකැටිය මුරුතවෙල ජලාශ යෝජනා ක‍්‍රමයද සිඳීයාම හේතුවෙන් පරිසරය දැඩි අසමතුලිත තත්ත්වයට පත්ව ඇත.

මුරුතවෙල ජලාශය සිදීයාමත් සමඟ 1967 වසරේදී එම ජලාශය ඉදිකිරීමේ දී ඊට යටව සැඟව ගිය මිනිස් ජනාවාසයේ නටඹුන් සහ මීට වසර දෙදහසකට පමණ පෙර වළගම්බා රජ සමයට අයත් බව කියන මිනුවත්ගමුව රජ මහා විහාරයේ නටඹුන්ද ජනතාවට දැකීමට හැකියාව ලැබී ඇත.

09-Nim-P1-05

1



අදහස් (0)

නියඟය තවත් උග‍්‍රවෙයි

කුමාරි Wednesday, 13 August 2014 12:05 PM

අනේ දෙවියනේ! මේ මිනිසුන් දිය බිඳක් දකින්නේ කවදාද? (නි)

:       0       0

දිලුක් Wednesday, 13 August 2014 06:00 AM

මේවා රටේ ඉන්න මිනිසුන්ගේම වැරදි. බලන්න අඩුගානේ වැව වටේවත් ගහක් නැහැ.රටට ආදරය කරන අය දැන් ලංකාවේ නැහැ. (නි)

:       0       0

නුවන් Wednesday, 13 August 2014 12:53 PM

ගොඩබිම්,තෙත් බිම්,කදු පන්ති වනසලා කොන්ක්‍රීට් සංවර්දනය විතරක් කළවිට මේ වගේ විපත් ඇති වීම තවත් දෙගුණ වෙනවා. (නි)

:       0       0

ශීලා Monday, 18 August 2014 03:12 AM

ඇමරිකාවට ටොනාඩෝවක් ආවම එ්ක වෙන්නේ මැද පෙරදිග කරන යුද්දවල ආනුභාවෙන් ලෙස හුවා දක්වන්න හදන ඔස්තාර්ලා මේ නියගේ පොඩි විචාරයක් කරනවා නම් මැනවි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30527 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12535 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site