IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


දින සියය කාගේද

ප්‍රශ්නය : ජනපතිවරයා පසුගියදාත් සැර ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ පසුගිය අවුරුදු තුනේ රට යම් අර්බුදකාරී තත්ත්වයකට පත් වූ බවයි. යහපාලනය ලෙස ගත වූ වසර තුන සම්බන්ධව එජාපයේ විග්‍රහය කුමක්ද?

පිළිතුර : යහපාලන ආණ්ඩුව විදියට පසුගිය අවුරුදු තුනක කාලසීමාව තුළ ඉතා විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකිවුණා. අපි රටක් විදියට ජනවාරි 08 ආණ්ඩුව බාර ගන්න කොට අපට මානව හිමිකම් සංගමයෙන් අපට විරුද්ධව චෝදනා ඉදිරිපත් කරලා අපි අසීරු තත්ත්වයට පත්වෙලා තිබුණේ. ඉන්දියාවේ පටන් ඇමරිකාව දක්වා අපට විරුද්ධව පෙළ ගැසිලා හිටියේ. අපේ පුංචි ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවන්න හිටියේ. ඊට අමතරව ඒ වෙනකොටත් ජී.එස්.පී. ප්ලස් තහනමත් මත්ස්‍ය තහනමත් අපට පවරලා තිබුණා. ඊටත් එහා දරුණු මට්ටමකට රට ඒ වනවිට උදාවෙමින් තිබුණේ. එහෙම රටක් තමයි අපි නැවත ලබාගෙන ජී.එස්.පී හා මත්ස්‍ය තහනම ඉවත් කරගෙන ජාත්‍යන්තර වශයෙන් සියලු රටවල් අපේ මිත්‍ර රටවල් බවට පත්කර ගැනීමට හැකිවුණා.

ඒක රටක් විදියට ගත වූ අවුරුදු තුනේ අපි ලබපු විශාල ජයක් නොවෙයිද. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා කොමිෂන් සභා ගණනාවක් ගෙන ඒමට අපට හැකි වුණා. ඒ කොමිෂන් සභා ජනතා සුබසිද්ධිය දක්වා ක්‍රියාත්මක කළ හැකි මට්ටමට පත් කිරීම අප ලැබූ සුවිශේෂි ජයග්‍රහණයක්. ඒ වගේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මේ රටේ ඒකාධිපතිත්වය නැතිකර ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ වැඩ කටයුතු ගණනාවක් ආරම්භ කිරීමට හැකියාව ලැබුණා. ඒ වගේම තවත් රටේ අර්බුද ගණනාවකට විසදුම් දීමට මේ අවුරුදු තුනක කාලය තුළ අපට හැකියාව ලැබුණා. එයින් ප්‍රධානම කාරණාව තමයි රජයේ සේවකයන්ගෙන් වැටුප් එකවර 10000කින් වැඩි කිරීමට හැකියාව ලැබුණා.

මං හිතන්නේ ඒ වගේ විශාල මුදලකින් කවදාවත් එකවර වැටුප් වැඩි වීම වෙලා නැහැ. මේ අවුරුදු පහ වන විට රජයේ සේවකයන්ගේ වැටුප දෙගුණයක් වන විදියටයි වැටුප් වැඩි කර තිබෙන්නේ. ඊට අමතරව ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගණනාවක මිල ගණන් අඩු කර ලබාදීමට අපට හැකිවුණා. එදා රාජපක්‍ෂ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබාදීලත් ඉන්ධන මිල අඩු කිරීම කළේ නැහැ. අපි එහෙම නෙවෙයි. ඉතා විශාල සහන ගණනාවක් ජනතාව වෙනුවෙන් ලබා දුන්නා. සමෘද්ධි සහනය අපි තුන් හතර ගුණයකින් වැඩි කළා.

රටේ සංවර්ධන ව්‍යාපෘති වගේම ළඟම පාසල හොඳම පාසල වගේ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තොත් සමහර බෙහෙත්වල මිල 60%කින් 40%කින් අඩු කර තිබෙනවා. එහෙම කරලත් පහුගිය මැතිවරණයෙන් අපි පසුබෑමට ලක් වුණේ අපි කරපු දේවල් හරියට මාකට් කර ගන්න බැරි වුණු නිසා. අද මාධ්‍යවලින් පවා වැඩි අවස්ථා ලබා දී තිබෙන්නේ විරුද්ධ පක්‍ෂයට. අපි කරපු දේවල් ජනතාව අතරට ගෙන යා යුතුයි. මං හිතන්නේ අපි තරම් ග්‍රාමීය මට්ටමින් වැඩක් කරපු ආණ්ඩුවක් නැතිම තරම්. ඒක තේරුම් ගැනීම ජනතාවට බාරයි.

ප්‍රශ්නය : පසුගියදා ජනපතිවරයා ප්‍රකාශ කළේ ගත වූ වසර තුනේ රට අහිතකර තීන්දු තීරණවලින් වළක්වා ගත්තේ ශ්‍රීලනිපය ප්‍රමුඛ ජනපතිවරයා ආණ්ඩුවේ සිටි නිසා කියලයි, පසුගිය වසර තුනේ ආණ්ඩුව සියඹලා ගෙනාවෙම නැතිද? 

පිළිතුර : ඇත්තටම ජනපතිවරයා ඒ වගේ සැර ප්‍රකාශයක් කළේ ඇයි කියලා අපිටත් තේරෙන්නේ නැහැ. එහෙත් පහුගිය අවුරුදු තුනේ කාලසීමාව තුළ ආණ්ඩුවක් විදියට යහපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න අපට හැකියාව ලැබුණා කියා මම විශ්වාස කරනවා. අපිට පසුගිය ආණ්ඩුවට ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණු රටට වැදගත් ප්‍රතිපත්ති ගණනක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණා. 

වැඩ කරගෙන එනකොට යම් යම් අඩුපාඩුකම් සිදුවීමට හැකියි. එහෙත් ඒවා සමනය කරගෙන ඉදිරියට යන්න රටක් විදිහට අපට හැකියාව තිබිය යුතුයි. මං හිතන්නේ ජාතික ආණ්ඩුව ගත්තොත් අපි ඒක එජාපය හා ශ්‍රීලනිපය මුල්වෙලා ආරම්භ කළේ මේ රටට වැදගත් සම්මුතිවාදී තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරන්න. යම් යම් කකුල් මාට්ටුකම් ඔස්සේත් අපට එය යම් තරමකින් හෝ ඉටුකර ගැනීමට ලැබීම යම් ජයග්‍රහණයක්. කොහොම නමුත් මේ යන තත්ත්වය අනුව ජාතික ආණ්ඩුවේ අවසාන තත්ත්වය උදා වී ඇති බව තමයි අපට පෙනෙන්නට තිබෙන්නේ. මං හිතන්නේ ආණ්ඩුවේ මොන හොඳ දේවල් සිදුවුණත් ගත වූ වසර තුන තුළ සිදු වූ දේවල් ගැන ජනතාව එතරම් සතුටු නැහැ. 

මං හිතන්නේ මිනිස්සු කියන දේවල්වලත් යම් සත්‍යතාවක් තිබෙනවා. අපි ආණ්ඩු බලය ගත්තනම් මොන දුෂ්කරතා පැමිණියත් ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතුයි. සමහර අය ජනපති අගමැති අතර ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන බව පේනවා. එහෙත් එහෙම කාටවත් ජනපති සහ අගමැති විරසක කරන්න හැකියාව නැතිවේවි. එහෙම වුණොත් ජාතික ආණ්ඩුව අවසන් වුණොත් ඒකේ බලපෑම එන්නේ රටේ ජනතාවට. රටේ ජනතාවගේ අපේක්‍ෂාව තමයි දුක් ගිනි නැති, බඩගිනි නැති රටක් නිර්මාණය වනු දැකීම. ජනතා නියෝජිතයෝ විදියට අපේ අපේක්‍ෂාවන් ජනතාව වෙනුවෙන් දැනෙන වැඩක් කිරීම. පසුගිය අවුරුදු තුන වගේම ඉදිරි කාලය තුළත් රටට දැනෙන වෙනසක් කිරීමයි අපේ බලාපොරොත්තුව. 

ප්‍රශ්නය : ජනාධිපතිවරණ වැඩපිළිවෙළ තුළ ප්‍රකාශයට පත්කළ දින 100 වැඩපිළිවෙළ තමන් නොදැනුවත්ව ඇතුළත් කළ එකක් යැයි පැවසූ ජනාධිපතිවරයා “‍ඔලු‍වක් තිබුණානම් කරන්න තිබුණේ මම දිනපු දා රෑ පාර්ලිමේන්තුව විසිරුවන එක ” යැයි පැවැසුවා. මේ ප්‍රකාශය ගැන ඒකාබද්ධ විපක්ෂය හිතන්නේ මොකද්ද?

පිළිතුර : ඇත්තවශයෙන්ම දින සීයේ වැඩපිළිවෙළ ඉදිරිපත් වුණේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ පොරොන්දුව හැටියටයි. ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරලා ජනාධිපති හැටියට අවුරුදු තුනකට පස්සෙ ඒක හැදුවේ කවුද ඉදිරිපත් කළේ කොහොමද ඒකෙ හරි වැරැදි ගැන කතා කරනවා. ඔහු කියන්නේ තමා ඒක පිළිගන්නේ නෑ කියලයි. ඒක මෝඩ ලියැවිල්ලක් කියලයි. හැබැයි ඒ ලියැවිල්ල ක්‍රියාත්මක කිරීමට මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති හැටියට නායකත්වය දුන්නා. ඒ වෙනුවෙන් පෙනී හිටියා. ප්‍රසිද්ධ රැස්වීම්වල සාකච්ඡාවල පාර්ලිමේන්තුවේ ඔහු ඒ වෙනුවෙන් කතා කළා. එහෙම කතා කළ කෙනා අද ඒක මෝඩ ලියැවිල්ලක් කියලා කියනවා නම් අපි ජනාධිපතිවරයා කරන ප්‍රකාශ පිළිගන්නේ කොහොමද? 

එතුමා කියන හැටියට දේවල් දැනගන්නේ පත්තරේ බලලයි. ඒ නිසා දැන් කරන්න තිබෙන්නේ මැතිවරණ දවස්වල එතුමාගේ ප්‍රකාශ පළ වූ පුවත්පත් යළි ප්‍රසිද්ධ කිරීමයි. තමන් ඡන්දදායකයාට ඉදිරිපත් කළ ප්‍රතිඥා ලියැවිල්ල ජයග්‍රහණයෙන් පසුව පිළිගන්නේ නෑ කියන ප්‍රකාශයම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් මතුකරන්නේ ප්‍රශ්න මාලාවක්. මේක තනිකරම ජනතාව රැවටීමක්. ඇත්තටම ඔහුට ඡන්දය දීම ගැන ජනතාව පසුතැවෙන්න ඕනෑනෙ.

විශේෂයෙන්ම 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණේ මේ කියන දින 100 වැඩසටහන යටතේයි. ජනාධිපතිවරයා ඒක විටින් විට හඳුන්වන්නේ ඉතාම වැදගත් ක්‍රියාවලියක් විදියටයි. 19 ගැන දැන් එතුමා විවේචනය කරන අතරේම ආසන්න ඉතිහාසය පුරාම කළේ වර්ණනායි. එහෙත් අපේ ගම්වල ජනතාව ඔය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් මොකද්ද වුණේ, ඒකෙන් තමන්ට ලැබුණේ මොකද්ද කියලා මුකුත් දන්නේ නෑ. මිනිස්සුන්ගෙන් අපි 19 මොකද්ද ඇහුවාම ඒ අය කියන්නේ දහ අටේ ඊළඟ ඉලක්කම කියලයි. මේකට සහභාගී වෙච්ච පාර්ශ්වත් ඒක වැදගත් ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලියක් හැටියට අගය කළා. ඉතින් ඒ ක්‍රියාවලියට ජනතාවගේ අනුමැතියත් අරගෙන දැන් ඒකට මෝඩ ලියැවිල්ලක් කියනවා නම් එයින් පෙනෙන්නේ මට හිතෙන හැටියට නම් ඔවුන් ජනතාව ගැන හිතාගෙන ඉන්න විදියයි. 

ප්‍රශ්නය:  දින සියයේ වැඩපිළිවෙළ මෝඩ ලියැවිල්ලක් බවත් රටට නොගැළපෙන යෝජනා රැසක් වළක්වාගැනීමට හැකිවුණේ තමා ශ්‍රීලනිපයේ සභාපතිකම බාරගත් නිසා බවත් ජනාධිපතිවරයා පැවැසුවා. දින සීය අවධියේ ජාතික විධායක සභාව නියෝජනය කළ පාර්ශ්වයක් හැටියට ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ගැන දැන් සිතෙන්නේ කුමක් ද?

පිළිතුර: මේ ප්‍රකාශ දෙස බැලූවිට අපට මූලිකවම මතුවන ගැටලුව වන්නේ තමා ජනාධිපති බව පවා එතුමා දන්නවාද යන්නයි. දින සීයේ වැඩපිළිවෙළ කියන්නේ එතුමාගේ මැතිවරණ පොරොන්දු පත්‍රිකාවයි. විචිත්‍ර වර්ණවත් ඡායාරූප සමඟ අස්සන් සමඟ මේ ලියැවිල්ල එදා ජනගත වුණා. උත්සව, සම්මන්ත්‍රණ, සාකච්ඡා සංවිධානය කෙරුණා.

රැස්වීම්වල ප්‍රසිද්ධ ප්‍රකාශ කෙරුණා. ඒවා ජනමාධ්‍යයෙන් විකාශය වුණා. ජනතාව දැනුම්වත් කෙරුණා. හිටපු ජනාධිපතිවරයා පරාජය කර ඔහුව ජයග්‍රහණය කරන්න මේ රටේ ජනතාව ඡන්ද පොළට ගියේ ඒ දේවල් අහලා දැකලායි. නැතිව නින්දෙන් නෙවෙයි. මේ දේවල් මෙහෙම කතා කරන්න වෙන්න එතුමා කුඩා දරුවෙක් නෙවෙයිනෙ.

 දින සීයෙන් කරනවා කිව්ව සමහර වැඩ කරන්න බැරි වුණු බව අපි දන්නවා. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම එතුමාගේ ප්‍රමුඛ පොරොන්දුව වුණත් අද ඒ ගැන වගක් නෑ. පස්සෙ විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවා කියලා සෝභිත හාමුදුරුවන්ගෙ ආදාහන උත්සවයෙදිත් පොරොන්දු වුණා. අද ඒකත් ඔහුට අමතක වෙලා. එතුමාට බලය දෙද්දී එතුමා මැතිවරණ රැස්වීම්වල, ප්‍රතිපත්ති ප්‍රකාශනවලට කරපු කතා අතුරුදහන් වෙලා නෑනෙ.

ඒවා සමාජයේ තිබෙනවා. අනෙක් අතට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 42ක් පමණක් හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කළේ කොහොමද? ඒවාත් ඔහු කළේ නොදැනද? විශේෂයෙන්ම ඔහු කියන්නේ මෙහෙම කරන්න තිබුණා කියලනෙ. ඉතින් ඔහු තමයි මේ රටේ විධායක ජනාධිපති. ඔහුට තිබුණානෙ දින 100 ක් දන්නේ නෑ කියලා පාර්ලිමේන්තුව විසුරුවන්න. ඔහු ඇයි ඒක නොකළේ? පක්ෂ සභාපතිකම ගත්තේ ඇයි එතකොට? මේවා සුරංගනා කතා. දින සීයෙන් පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැතිව තුනෙන් දෙකක් වෙනකන් බලන් හිටියේ බල ව්‍යාපෘතියට හැර අන් කිසිවක් නිසා නෙවෙයි. අවුරුදු තුනහමාරක් ගියාම තමන් කරපු වැඬේම උපහාසයට ලක්කරනවා නම් එවැනි නායකයකුට ඡන්දය දුන් ජනතාව තමයි අසරණ වෙන්නේ. මේ නායකයා මේ හිනාවෙන්නේ තමන්ටත් වඩා ජනතාවටයි. 

 



අදහස් (5)

දින සියය කාගේද

Bamunuarachchi Thursday, 07 June 2018 11:08 AM

"යහපාලන ආණ්ඩුව විදියට පසුගිය අවුරුදු තුනක කාලසීමාව තුළ ඉතා විශාල වැඩකොටසක් සිදුකිරීමට හැකිවුණා." මෙයා මේ කියන්නේ අර 62 ටද කොහෙද? හලෝ ජීඑස්පී ලැබුණේ සුනාමියෙන් පසුව අපි ඊට ෙ කලින් ජීවත් උනේ නැද්ද? විශාල වශයෙන් රජයේ සේවකයින්ට පඩි වැඩිකරලා, තෙල් මිල අඩුකරලා තමයි රටේ සෙසු ජනතාව අමාරුවේ දැම්මේ. ඔහෙලා කොපමණ වැඩි කර ගත්තාද? "ඉන්දියාවේ පටන් ඇමරිකාව දක්වා අපට විරුද්ධව පෙළ ගැසිලා හිටියේ." කාරනාව මොකක්ද ඉන්දියාවේ පටන් ඇමරිකාව දක්වා අපට විරුද්ධව පෙළ ගැසෙන්න. ඔහේ ලාගේ අවුරුදු 3 ප්‍රගතියට පොඩි චන්දයේදී ජනතාව උත්තර දුන්නානේ.

:       0       209

faizer Saturday, 09 June 2018 10:02 AM

සියලුම දෙනා මතකයේ තබා ගත යුතු කරුණක් නම් ප්‍රාදේශීය සභා ඡන්දෙදි වෙච්ච දේම පාර්ලිමේන්තු ඡන්දියකදී නොවෙන බව...

:       3       0

BamunuarachchiSunday, 10 June 2018 10:30 PM

හලෝ ඊටත් වැඩි පරාජය ලබනවා මෙයාලගේ හොර වැඩ එලියට එනකොට සහ බදු බර එනකොට

:       0       38

Chanak Los angeles Saturday, 09 June 2018 07:34 PM

සමහරුන් කියන විදියට අපි ඊට කලින් ජීවත් වුණා කියලා ඒ ජීවත් වුණේ සාමාන්‍ය මිනිසුන් නොව පාලකයෝ පමණයි කියන වෙන්න ඇති එහෙනම් කියලා තිබෙන්නේ .. සුදුහුණු ගෑවට වැඩක් නැහැ ඒක තමයි තිත්ත ඇත්ත .

:       22       0

BamunuarachchiSunday, 10 June 2018 10:51 PM

ගිය ආණ්ඩුව කාලේ ජනතාවගේ හා පාලකයින්ගේ ජීවත් වීමයි මේ ආණ්ඩුවකාලේ ජනතාවගේ හා පාලකයින්ගේ ජීවත් වීමේ වෙනස ජනතාව මෑතකදී පෙන්නුවා. ගිය ආණ්ඩුවට සුදුහුණු ගෑම කොහොම වුණත් මේ ආණ්ඩුවට තාර ගාගැනීම පාලකයන්ම කරගන්නවා. පළාත් පාලන ඡන්දෙදි මොකද වෙන්නේකියා බලමු. මේ ආණ්ඩුව පෙරලන්නඡන්ද ලක්ෂ දෙකහමාරයි හැරෙන්න ඕනේ දැනටමත් ලක්ෂ 10 පමණ හැරිලා. 2020 දී දුවන්න වෙන්නේ මහින්ද හදපු පාරවල් වලම තමා.

:       2       26

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෝලා පාරාදීසය සිහිනයක්ද?
2024 ඔක්තෝබර් මස 23 1028 0

1990 ගණන්වල පැවැත්වූ සම්මන්ත්‍රණයකදී (එවකට විශාල තම සූර්ය බලශක්ති සමාගම්වලින් එකක් වූ) සෝලාරෙක්ස් හි සභාපති වූත්, සූර්ය බල ශක්තිය පිළිබඳ ඉදිරි දැක්මක් ස


වෙළෙඳපොළ ගසාකන මාෆියාව
2024 ඔක්තෝබර් මස 23 297 0

මේ දිනවල සමහර පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් වෙනස් වන ආකාරය ‌බොහෝ දෙනකුගේ විමතියට හේතුවී ඇති බව පෙනේ. රජය පත්වූ වහාම බිත්තරවල මිල ගණන් අසාමාන්‍ය ලෙස පහත වැ


වනජීවී තෙවැනි ඇසෙන් අංක එකට ශ්‍රී ලාංකීය වෛද්‍යවරයෙක්
2024 ඔක්තෝබර් මස 23 1832 0

නර්තනය සංගීතය චිත්‍ර කලාව නිර්මාණාත්මක හැකියාවන්ගෙන් සපිරි නිර්මාණකරුවන් මේ පුංචි ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනෙන්නට ඉස්මතු වේ . ලන්ඩනයේ පැවැති ඡායාර


ලංකාවේ ණය අර්බුදයේ හෙට දවස
2024 ඔක්තෝබර් මස 22 650 2

වර්තමානයේදී යළිත් වරක් රජයේ ණය ගැනීම් පිළිබඳ කතාබහක් සමාජය තුළ ගොඩනැගෙමින් පවතී. විශේෂයෙන්ම මෑතකදී බලයට පත්වූ ආණ්ඩුව පසුගිය දෙසතිය තුළ දේශීය වෙළෙඳපො


දූෂණය විකුණා ගසාකෑම
2024 ඔක්තෝබර් මස 21 996 2

නීතිඥවරියක හෝ නීතිඥයකු තමන් කියන්නේ බොරුවක් යැයි දැනගෙනම ජන ජීවිතයට බලපෑ හැකි බොරුවක් ප්‍රසිද්ධියේ කීම, නීතිඥ වෘත්තියෙහි ආචාරධර්ම හා සදාචාරයට පටහැන


ඊශ්‍රායල උණ්ඩයෙන් එලොව ගිය හමාස් නායකයා
2024 ඔක්තෝබර් මස 19 1694 0

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් නායක යාහ්යා සින්වාර් මරා දැමීමට සමත් විය. එය හමාස් සටන්කාමීන්ට එල්ල වුණු ප්‍රබල ප්‍රහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැත.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 154 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 871 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site