මහ වන මැද පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි සිවුරුමුල්ලේ ධම්මසිරි හිමියන් පරිසරයට දැඩි ඇල්මක් දැක්වු හිමි නමකි. මිනිස් වාසයෙන් තොර වන මෘගයන් අතර ගල්ගුහාවක වෙසෙමින් ආරණ්‍ය සේනාසනයට දානමාන ගෙනෙන පිංවතෙකුගේ පිහිටක් නොමැති හැම අවස්ථාවකම මෙහි වැඩවසමින් මහනදම්පිරූ භික්‍ෂුන්ගේ කුස පිරුණේ වනාන්තරයෙන් ඇති ගහවැලක හටගත් පළතුරකිනි. කතරගම දෙවියන් ලක්දිවට ගොඩබැස්ස බවට විශ්වාස කරන ඔකද දේවාලය පිහිටි බිම මේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ කදුමුදුනට පැහැදිලිව පෙනෙයි. වනඅලි, දිවියන් මෙන්ම වළසුන් වැනි වනසතුන්ට මේ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසන භූමිය හුරු පුරුදුය. එහි වැඩවිසූ ධම්මසිද්ධි හිමියන් ශාන්තසිරි හිමියන් ඔවුන්ගේ මිතුරන් වැනිය. කොටි ත‍්‍රස්තයන්ගෙන් පමණක් නොව දඩයම්කරුවන්ගෙන් සිදුවන හිරිහැරයන්ගෙන් මිදෙන්නට පිහිට පතා කුඩුම්බිගල වන අරණට ආ වනසතුන් අපමණය. ඇතැම් අවස්ථාවල එවැනි සතුන් මේ ආරණ්‍යයේ භික්‍ෂුන් වහන්සේගේ පිහිටෙන් තවදුරටත් මෙලොව ජීවත්වූ සිදුවීම් රැසක් බොහෝ දෙනාගේ මතකයෙන් ඈත් නොවී පවතී. ත‍්‍රස්තවාදය ආරම්භවු මුල් වකවානුවේ පොතුවිල් ප‍්‍රදේ්ශයෙන් දඩයක්කරුවන් පානම හරහා කුඩුම්බිගල ඇතුළු කුමණ ජාතික වනෝද්‍යානයට පිවිස සිත්සේ සතුන් දඩයම් කරන්නට පටන් ගත්තේය. එකළ දඩමස් කන්නට පොතුවිලට යන්නට සමහර දඩමස් කන්නෝ පුරුදුවද සිටියහ. නමුත් තමන්ට සිදුවන මේ අවනඩුව කියන්නට වනසතුන්ට කෙනෙක් හිටියේ නැත. හිටියත් භාෂාව ඊට හරස්විනි. එහෙත් කුඩුම්බිගල ආරණ්‍යයේ වැඩවිසු ඒ භික්‍ෂුන් වහන්සේලා වනසතුන්ට අත්වන මේ කනගාටුදායක ඉරණම ක්‍ෂණිකව අවබෝධකර ගත්හ. වනජීවී නිලධාරීන් සමග එක්වූ උන්වහන්සේලා මේ වනසතුන්ගේ ගැලවුම්කාරයෝ වුහ. මස්වැද්දන් හා සටන් කරන්නට උන්වහන්සේලාට නොහැක. පස්පව් දස අකුසල් කියාදී සත්ත්ව ඝාතනය නවත්වන්නට උන්හවන්සේලාට මේ අපරාධකාරයන් පොළඹවා ගැනිමටද නොහැකි. ඒ නිසා 1984 වර්ෂයේදී නැගෙනහිර පළාතභාරව සිටි යුදහමුදාවේ ජනප‍්‍රිය නිලධාරියෙකුවු බි‍්‍රගේඩියර් ආනන්‍ද වීරසේකර මහතාව නජිවි නිලධාරින් සමග එක්ව මේ බව දන්වා ඔහුගේ සහාය පැතීය. යුදහමුදා නිළධාරියෙක් වුවද උණුවන හදවතක් තිබු වීරසේකර මහතා වහාම යුද හමුදා අනුකණ්ඩයක් පිහිටුවා මේ දඩමස් ජාවාරම නැවැත්තුවේය. කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන මේ ඉසව්වේ කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කිරිම ඒ බිමේ භාවනුනුයෝගිව වැඩ වෙසෙන භික්‍ෂුන් වහන්සේගේ සිරිතකි. ඒ පින් ලබාගන්නා කතරගම දෙවියන් තම අඩවියේ වෙසෙන යහපත් සියලූදෙනා ආරක්‍ෂාකරන බව කාලයක පටන් එන ජන විශ්වාසයකි. මෙවැනි අපුරු සිදුවීමක් 2002 වසරේදි කුමණ ජාතික වනෝද්‍යානයේදි සිදුවිය. කුඩුම්බිගල ආරණ්‍යයට නිතර යනඑන ඒ ඉසව්ව තම වාසභූමිය කරගත් සද්ධන්ත වනඅලියෙක් සිටියේය. හදිසියේම උගේ ඉදිරිපස කකුළකට වෙඩි වැදි ඇතිබව ධම්මසිද්ධි හිමියන්ටත් ශාන්තසිරි හිමියන්ටත් පෙනිනි. තනිව ආහාර සොයාගත නොහැකි මේ වනඅලියාට කුස පිරෙන්න ආහාර සැපයුනේ ආරණ්‍යයේ හිමිවරුන්ගෙනි. මේ කාලයේ කුමණ ජාතික වනෝද්‍යානයේ භාරකරුව සිටියේ එම්.ආර් මොහොමඞ් මහතාය. නිර්මාංෂිකයෙකුවූ ඔහු වනසතුන්ට ආදරයකළ නිලධාරියෙකුවිය. ඔහුගේ දෙවැන්නාවු ඞී.පීි. සියාසිංහ මහතාද එසේමය. කුඩුම්බිගල ආරණ්‍යයට නිතර දන්දෙමින් ධම්මසිද්ධි හිමියන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලා සමග කුලූපගුව සිටි මේ නිලධාරින්ට වෙඩිවැදුනු වන අලියා ගැන තොරතුරු දැනගන්නට ලැබිණ. මෙම නිලධාරීන් මැදිහත්ව වහාම අලියාට ප‍්‍රතිකාර කිරිමට උඩවලව ඇත්අතුරු සෙවනේ එවකට සිටි පශූ වෛද්‍ය සුහද ජයවර්ධන සහ විජිත පෙරේරා යන මහත්වරු ඇතුලූ කණ්ඩායමක් කුඩුම්බිගල ප‍්‍රදේශයට පිටත්ව ආවේය. කිලෝමීටර් දෙසියකට වැඩිදුරක් ගෙවා ඔවුන් එහි එනවිට මේ වනඅලියා තුවාල කකුල ද අද්ද අද්දා කුඩුම්බිගල ආරණ්‍ය සේනාසන භූමියෙන් ඈතට ගොස් තිබුනි. ආරණ්‍යයේ වැඩවසන ශාන්තසිරි හිමියන් වනඅලියාට කෑම දෙන්න සොයා බලද්දී ඌ එහි නොසිටියේය. අලියා ගිය පාර කැලෑවේ සලකුණු වී තිබූ නිසා උන්වහන්සේ ඒ පාර ඔස්සේ ඉදිරියට ගමන් කළේය. ගහකොළට, සතා සිවුපාවාට ආදරය කළද ශාන්තසිරි හිමියන් මේ කැලැවේ යන ගමන අවදානම්ය. කුලූ මීමෙකු, වළසෙකු, තවත් වනඅලියෙකු ඉදිරියට මුණ ගැසුනොත් එය ජීවිතයට පවා හානියක් විය හැකිය. ශාන්තසිරි හිමියෝ දැන් කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයෙන් කිලෝමීටර් දහයකටත් වඩා දුරක් කැලෑව ඔස්සේ ඉදිරියට ගොසිනි. ඉදිරිපස කකුලට වෙඩි වැදීම නිසා වු තුවාලය හේතුවෙන් එම කකුළ අද්ද අද්දා අලියා ඉදිරියට ගිය මං සලකුනු තවමත් පෙනේ. තමන් විදින වේදනාව තව කෙනෙකුට පැවසිය නොහැකි මේ සද්ධන්තයා කිලෝ මීටර් පහළොවකට වැඩි දුරක් මහකැලේ ඔස්සේ ඔකද පිහිටි වනජිවී දෙපාර්තමේන්තුවේ කුමණ වනෝද්‍යානයේ කාර්යාලය අසලට පැමිණ ඊට ටිකක් නුදුරින් පිහිටි පළිහදාපු වලේ දිගාවී සිටින අයුරු ශාන්තසිරි හිමියෝ දුටුවහ. කුමණ වනෝද්‍යානය බාර මොහොමඞ් මහතාට සියාසිංහ මහතාට සිද්ධිය උන්වහන්සේ දන්වා සිටියහ. උඩවලවෙන් ආ පශූ වෛද්‍ය පිරිස පළිහදාපු වළට ගොස් අසාධ්‍යව සිටින මේ වනඅලියාගේ කකුලට ප‍්‍රතිකාර කිරිම ආරම්භ කළේය. එහෙත් ඒවනවිටත් මිනිස් වෙස්ගත් තිරිසනෙකුගේ ගිනිබටයකින් නිකුත්වු වෙඩි උණ්ඩය වැදුණු තුවාලය තරමක් බරපතළ එකක් විය. වසර ගණනාවක් තිස්සේ තමන් වහන්සේලා වැඩවෙසෙන ආරණ්‍ය සේනාසනය අසලට පැමිණ ආපසු යන මේ වනගත මිතුරාගේ රෝගීවීම සෙනසුනේ නායක හිමියන්ටත්, ධම්මසිද්ධි හිමියන්ටත් ශාන්තසිරි හිමියන්ටත් ගෙනදුන්නේ තරමක සිත් වේදනාවකි. කුමණ ජාතික වනෝද්‍යානයේ වනජිවී නිලධාරින්ටද එය දැඩි කම්පනයක් ගෙනදුන්නේය. කුමණ ගම්මානයේ ඉපදි වනසතුන්ගේ ලෝකය ගැන හොද අවබෝධයක් තිබු වනජිවී දෙපාර්තමේන්තුවේ අඩවි සහකාර බී. ගුණසිංහ මහතා මේ සද්ධන්තයා ගැන කාලයත් තිස්සේ දැනසිටි නිලධාරියෙක් විය. රාජකාරියට වනයට පිවිස ඇතැම් අවස්ථාවල මුණ ගැසෙන මේ වනඅලියා ඔහුගේ වනගත මිතුරෙකුවිය. කතරගම දෙවියන්ගේ ඇල්ම බැල්ම තිබෙන, අනුහස් තිබෙන මේ අඩවියේ තම වනගත මිතුරාට වු ඇබැද්දිය ගැන ඔහුද සිටියේ අතිශය කම්පනයට පත්වය. පළිහදාපු වලේ වැටී වෛද්‍ය ප‍්‍රතිකාර ගනිමින් සිටි මේ වනගත මිතුරාගේ තත්වය ඉතා අසාධ්‍ය බව වනජිවි නිලධාරින්ට අවබෝධවිය. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන්ට තත්ත්වය දන්වා යැවීමට වනජිවී නිලධාරින්ද පියවර ගත්තේය. පණිවිඩය ලද එදින හොදින් හිරු පායා තිබුනු දවසක් විය. කුඩුම්බිගල නායක හාමුදුරුවන් පෙරටුකරගෙන ධම්මසිද්ධි හිමියන් සහ ශාන්තසිරි හිමියන් එතනට වැඩියේය. පළිහදාපු වලේ ටිකදුරක් ගොස් වතුරේ වැටි සිට සද්ධන්තයා ජිවිතයත් මරණයත් අතර සටනකය. වෛද්‍යවරු උගේ ජිවිතය බේරා ගැනීමට කළ හැකි ප‍්‍රතිකාර යුහුසුලූව කරති. නමුත් මේ තිරිසනාගේ  ජිවිතයේ අන්තිම හෝරා කිහිපය මෙය වියහැකිබව වැඩමකළ බුද්ධ පුත‍්‍රයන්ට අවබෝධවිය. උන්වහන්සේලා දෙවරක් සිතුවේ නැත. දණක් වතුරට බැස වතුරේ වැටී සිටි අලියාට කිට්ටු කළේය. කැලේ සද්ධන්තයා වුවත් ඌ දැන් අසරණය. හිමිවරුන්ගේ සිවුරුවල පාට දැක ඇසිපිල්ලමක් හෙලූ මේ සද්ධන්තයාගේ ඇසින් කදුළු ගලන්නටවිය. ඒ කදුළු බිදු තුල වචන සියදහසක පණිවිඩයක් ඇතිබව එතැන සිටි සැමට අවබෝධවිනි. සද්ධන්තයාගේ හොඩය අතට ගත් මේ බුද්ධපුත‍්‍රයෝ සෙත් පිරිත් සඡ්ඡායනය  පටන්ගත්හ. සෙත්පිරිත් සඡ්ඡායනය මැද්දේම මේ සද්ධන්තයා අවසන් සුසුම් හෙලූවේ මිනිස්වෙස්ගත් තිරිසනුන් වෙසෙන මේ ලෝකයේ මිනිසත්කම ඇති දෙවිවරුන්ගේ වෙස්ගත් මිනිසුන්ද ඇතිබව ලොවටම කියාපාමිනි. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ වැඩවිසූ ධම්මසිද්ධි හිමියන් පසුගිය වසරේදි අපවත්වීමද, වනසතුන්ට ආදරය කල ඇතැම් වනජිවී නිලධාරින් වෙනත් ප‍්‍රදේශවලට ස්ථානමාරු ලැබ පිටත්වයාමද මේ අඩවියේ වනසතුන්ගේ අභාග්‍යයට හේතුවක් විය. බෞද්ධ, හින්දු බැතිමතුන්ගේ විවිධ පුද පූජාවන්ට පත් කතරගම දෙවියන් මෙරටට ගොඩබැස්ස බවට විශ්වාස කරන ඔක`ද දේවාලයට නුදුරින් පිහිටි පළිහදාපු වලේ දී මේ සද්ධන්ත වනගත මිතුරාගේ අවසන්ගමන් යාම ගැන වනජීවී නිලධාරීන් තුළවූ කණගාටුව දින ගණනාවක්ම පැවතුනි. ඔකද දේවාලයටද දිනපතා පැමිණි මේ නිලධාරින් එහි පැවැත්වෙන පුද පුජාවන්ටද එක්වෙමින් වනසතුන්ට දඩයම්කරුවන්ගෙන් සිදුවන හානි වළකා දෙන්නැයි කතරගම දෙවියන්ගෙන්ද අයැද සිටියහ. කතරගම දෙවියන්ගේ අඩවියේදී තවත් අත්දැකීමකට මුහුන දුන්නේ මීට වසර ගනනාවකට පෙර ආරුගම්බේ නාවික හමුදා කදවුරේ අණදෙන නිලධාරියාව සිටි ලූතිනන් කමාන්ඩර් නිලවීර මහතා අතුලූ පිරිසකටය. නිලවීර මහතා වනසතුන්ටත් පරිසරයටත් දැඩි ඇල්මක් දැක්වූ කෙනෙක් විය. ඇතැම් අවස්ථාවල කුමණ වනජිවි නිලධාරින්්ට ඔහුගේ සහාය ලැබීම නිසා වනසතුන් රැසක් චඩයක්කරුවන්ගෙන් බේරා ගැනීමට හැකිවිය. විවේකයක් ලද හැම අවස්ථාවකම ඔහු කුමණට පැමිණ කැලෑවේ ඇවිද්දේ වනජිවී නිලධාරින් සමගය. දිනක් නිලවීර මහතා සිය නිලධාරි කන්ඩායමක් සමග කුමණට පැමිණියේය. වනජිවී නිලධාරින් කණ්ඩායමක්ද සමග කුමණ විල්ලූව, බොවත්තගල්ගේ ආදි ප‍්‍රදේශවල සැරි සැරුවේ කොටි ත‍්‍රස්තයන් එහි සිටින බව දැනගෙනය. ආරක්‍ෂක නිලධාරියෙකු වුවත් ඔහු කැලෑ  ගමනේදී සිදුකරන චාරිත‍්‍රවාරිත‍්‍ර ඒ ආකාරයටම ඉටුකරන පුද්ගලයෙක් විය. වනජිවී අඩවි සහකාරවරයෙකුවු බී. ගුණසිංහ මහතාගෙන් කතරගම දෙවියන්ගේ බලපරාක‍්‍රමය ඇති කැලෑවන්හි ගමන්වලදි අනුගමනය කරන සිරිත්විරිත් අසා දැනගෙන සිටියේය. කැලෑවේ ඇවිද ගිය පිරිස කුඩා කැබිලිත්ත සහ මහ කැබිලිත්ත දේවාල දෙක අතර පිහිටි ගල්අමුණ නැමැති ක`දවුරු බිමට පැමිණියේ විඩා නිවාගන්නටය. කුමණට පායන කාලය නිසා ඒ දිනවල දිවාකල හිරුද ගෙනදුන්නේ වැඩි රස්නයකි. හිරු මුදුන්වන විට ඔවුන් ගල්මුණට එන විට හිරුට සැ`ගවෙන්නට එක`දු වලාකුළක්වත් අහසේ නොවීය. ඉඩෝරයට කුඹුකන්ඔයේ දියපාරද කේඩැරිවී ගොසිනි. නිලවීර මහතා ඇතුලූ ප‍්‍රධානින් කුඹුකන්ඔයේ විඩා නිවද්දී තවත් නිලධාරින් පිරිසක් දිවා ආහාරය පිළියෙල කරන්නට සූදානම් විය. ගල්අමුණට පැමිණ විඩා නිවමින් අඩහෝරාවක් පමණ ගත කරද්දී පරිසරයේ වෙනසක් ඔවුන්ට දැනෙන්ට විය. කොටි ත‍්‍රස්තයන්ද ගැවසෙන මේ බිමේ අනතුරකට  ඕනෑම මොහොතක මුහුණ දීමේ සුදානම ඇතුව මේ කෙටි විවේකය ගැනීමට නිලවීර මහතා ඇතුලූ පිරිස කටයුතු කර තිබුණි. පැහැදිලිව තිබු අහසේ දැඩි හිරු රැස් ගෙනදුන් හිරු හදිසියේම වැසිගියේ අදුරු වළකුලකිනි. විනාඩි කිහිපයක් ඇතුළත සිදුවු මේ කාලගුණ විපර්යාසය සැම දෙනාම පුදුම කරවන්නක් විය. හිටි හැටියේම හෙණහඩ නංවමින් අකුණක් පුපුරා ගියේය. දිවා ආහාරය පිළියෙල කිරිම වහාම නවතා දැමු පිරිස විනාඩි කිහිපයකින් ගල් අමුනෙන් පිටත්වූහ. කිලෝමීටර් විසිපහකට ආසන්න දුරක් ගෙවා ඔකදට පිරිස පැමිණියහ. නමුත් ඒ වනවිට අහසේ තිබු අ`දුර පහව ගොසිනි. මේ සිදුවීම විශ්මයජනක එකක් බව නිලවීර මහතා ඇතුලූ පිරිස අදටත් සිහිකරති. පසුව ආරංචිවි තිබුණේ ඊට පෙර දින රාත‍්‍රියේ කුමණ වනෝද්‍යානයේ ඉදිරි මායිමක පිහිටි කොටියාගල ගමට ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් එල්ලවී තිබු බවයි. එම ප‍්‍රහාරයට එක්වු කොටි ත‍්‍රස්තයන් සමහරවිට ආපසු පැමිණෙන්නට ඇත්තේ මේ පිරිස විඩා නිවමින් සිටි ගල්අමුන ඔස්සේ විය හැකියැයි නිලවීර මහතා ඇතුලූ පිරිස අනුමාන කළහ. නාවික හමුදා සේවයෙන් විශ‍්‍රාම ලැබ සිටින නිලවීර මහතා අද ඇමරිකා එක්සත් ජනපදයේ වාසය කරයි.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 23 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 24 දිය සිදුනු කුඹුකන්ඔය ඔකද දේවාලය කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ නටබුන්ව ගිය චෛත්‍යයක් අපවත්වීවදාළ සිවුරුමුල්ලේ ධම්මසිද්ධි හිමි