2_MA_P6   

 

වේලාව උදෑසන හතර පමණ වන්නට ඇතැයි සිතිය හැකිය. මහවැලිය හඳුන්ගමුව දෙසට ගලා එයි. ගං ඉවුරේ එක දිගට නවතා ඇති ටිපර් රථ පෙළකි. ඉවුරේ තවත් පසෙක අහසට තරම් උස වැලි කඳුය. කැලැතුනු රොන් මඩ සම`ග මුසු ගං දිය සුළඟක් ඇදී එන්නට විය. තවත් නොබෝ වේලාවකින් සවල් සහ උදලූ ආදිය රැගත් පිරිසක් ගං ඉවුර දෙසට පැමිණියහ. උදේ හත පමණ වෙද්දි ටිපර් රථ සියල්ලටම වැලි පිරවී හමාරය.

 


ටිපර් රථ පෙළ කොළඹ බලා ගමන් ඇරඹීය. ඒ කතාව එසේ ආරම්භ වෙද්දි, තවත් කතාවක් මෙසේ ආරම්භ විය. තමන්ට අයිති නැති ඉඩමක පැලක් අටවාගත් ගලේවෙල, ගල්කිරියාගම ප‍්‍රදේශයේ තාත්තා කෙනෙකු ගලේවෙල ටවුම දෙසට එමින් සිටියේය. වැලි කැට තරමට ගණන් කළ හැකි ආර්ථික දුෂ්කරතා සහ දුක් කරදර, පීඩාවන් සහිත ඒ තාත්තා මෙසේ පැමිණීමේ අරමුණ වූයේ සිය පවුලේ අයගේ දහවල් වේලවත් සරි කිරීමට සෑහෙන මුදලක් සොයාගත හැකි රැුකියාවක් කිරීමටය. තමා යළි ඉක්මනින් නිවසට එතැයි තිදරුවන් සහ බිරිඳ බලා සිටින බව සිතී ඒ තාත්තා ඉක්මන් ගමනින් පාර දෙසට ඇදුණි. වේගයෙන් ආ ටිපර් රථයක් තාත්තාගේ ජීවිතය බිලිගත් අතර රියදුරු මහතා ද සැනෙකින් ගම් වැසියන්ගේ ග‍්‍රහණයට නතුවිය. එයින් ඔහු ද බරපතළ තුවාල ලැබූ අතර පසුව නීතිය ඉදිරියේ දඬුවම්වලට ලක්විය.

 

1

2

 

 


වසරකට මෙරට සිදුවන අනතුරු අතරින් දෙවැනි තැනට වැඩිම අනතුරු ප‍්‍රමාණයක් සිදුවන්නේ ටිපර් රථ හා ලොරි රථ ධාවනයේදීය. (මහමග අනතුරු අතරින් පළමු තැනට පත්ව ඇත්තේ යතුරුපැදි මගින් සිදුවන අනතුරු වලටය.)


ගෙවීගිය වසර අගභාගයේදී වැඩි ප‍්‍රමාණයක් ටිපර් රථ අනතුරු වාර්තා විය. ඉකුත් දිනක කොළඹ - නුවර ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල, නෙළුම්දෙණියේදී සිදුවූ ටිපර් රථ අනතුරින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ඛේදජනක පුවතක් ද අසන්නට ලැබිණ.


මාර්ගවල තත්ත්වයට ඔරොත්තු නොදෙන වාහන ධාවනය, වාහන අනතුරුවලට ප‍්‍රධාන හේතුවක් වශයෙන් බොහෝදෙනා දක්වයි.

 

SLMA_6.qxd

 


ටිපර් රථ මගින් මහමග අනතුරු බහුලව සිදුවීමට හේතු මොනවාද? ඉකුත් වසර දෙකක කාලසීමාව තුළ එබඳු අනතුරු කොපමණ ප‍්‍රමාණයක් සිදුවී තිබෙනවද? ජීවිත හානි කොපමණ සිදුවී තිබෙනවාද? සහ දේපළ හානි මොනවද? යනාදිය පිළිබඳව විමසා බලමු.


ඉකුත් 2014 වසරේදී ටිපර් රථ මගින් සිදුවී ඇති මහමග අනතුරු ප‍්‍රමාණය දෙදහස් දෙසිය හතළිහක් (2240) වන අතර එයින් මියගිය සංඛ්‍යාව 2418 කි.
වර්ෂ 2015 වන විට ඒ තත්ත්වය 2530 ලෙස වාර්තා වී ඇති අතර ටිපර් රථ අනතුරු මගින් 2748 දෙනෙක් මියගොස් ඇත.


මෙරට රිය අනතුරු සිදුවීම් සම්බන්ධ පොලිස් නිල වාර්තාවන්ට අනුව ටිපර් රථ අනතුරු මගින් 2014 වසරේදී මියගිය 2418 ක්වූ මුළු පිරිසෙන් පදිකයින් 722 ක් ද යතුරුපැදිකරුවන් 739 ක් ද, පසුපැදිකරුවන් 172, රියදුරන් 392, මගීන් 226, පාපැදිකරුවන් 226 සහ වෙනත් ආකාරවලින් අනතුරුවලට ලක්වූවන් 10 ක් අයත්වේ. ටිපර් රථ ගැටීමෙන් මියයන පිරිස අතර යතුරුපැදිකරුවන් වැඩිම අගයක් ගන්නා බව මෙයින් හෙළිවේ.


වසර 2015 දී සිදුවූ ටිපර් රථ අනතුරු මගින් යතුරුපැදිකරුවන් 812 ක පිරිසක් මියගොස් ඇත. එහිදී මියගිය මුළු පිරිස වූ 2728 ප‍්‍රමාණයෙන් පදිකයින් 782 පිරිසක් ද සිටියි. පසුපැදිකරුවන් 185 ක්, රියදුරන් 197 ක්, මගීන් 486 ක්, පාපැදිකරුවන් 252 ක් හා වෙනත් ආකාරවලින් අනතුරට ලක්ව මියගිය පිරිස 14 වශයෙන් වාර්තාවේ.

 

3 4

 


ටිපර් රථ රියදුරන්ගේ වැරදි හේතුවෙන් 2014 වර්ෂයේදී අනතුරු 326 ක් සිදුවී ඇති අතර එයින් 361 දෙනෙකු මියගොස් ඇත. 2015 වසරේදී 304 ක් වශයෙන් ටිපර් රථ රියදුරන්ගේ වරදින් සිදුවූ අනතුරු වාර්තා වී ඇති අතර එයින් 338 දෙනෙකු මියගොස් ඇත.


ටිපර් රථයේ ගමන් කරමින් සිටියදී 2014 වර්ෂයේ පමණක් ලොරි රියදුරන් 17 දෙනෙකු මියගොස් ඇති අතර 2015 දී එය 16 දෙනා දක්වා අඩුවී ඇත. ගමන අතරවාරයේ ටිපර් රථයේ ගැටෙන මගීන් මියයෑමේ සිදුවීම් ද මේ අතර වාර්තාවේ. ඒ අනුව 2014 එබඳු මගීන් 49 දෙනෙකු මියගොස් ඇති අතර 2015 වසරේදී 69 දෙනෙකු එසේ මියගොස් ඇත.


වැලි කියුබ් (ඝන මීටර්) 3 ක් පිරවූ ටිපර් රථයක සුක්කානම අතට ගන්නා රියැදුරා සිදුකරන්නේ අතුරේ යෑමටත් වඩා අසීරු කාර්යභාරයකි. කන්තලේ, දඹුල්ල, මහියංගණය, පොළොන්නරුව, මනම්පිටිය වැනි ප‍්‍රදේශ වලින් මෙලෙස පැමිණෙන ටිපර් රථවලට දුෂ්කර ගමන් මාර්ග කිහිපයක් පසුකර ඒමට සිදුවේ. ඒ වැනි දුෂ්කරතා විඳිමින් සිය ජීවන වෘත්තියේ නිරතවන ටිපර් රථ රියදුරන් කිහිපදෙනෙකු සමග අපි කතාබහක නියැළුනෙමු.

 


ආර්.එම්. චන්ද්‍රසිරි (සිසිර) මහතා වැලි ටිපර් රථ රියදුරු-
‘‘මේ රැුකියාව හුඟක් දුෂ්කර වගේම වගකීම් බහුල රැුකියාවක්. මම අවුරුදු දහයක් තිස්සේ මේ රැුකියාව කරනවා. දුෂ්කරතා ගැන කතා කළොත් වැලි ටිපර් ධාවනය කරන්න පාරේ ඉඩ දෙන්නේ එක කාලසීමාවකට විතරයි. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් ඒ සඳහා බලපත‍්‍රයක් ලබාදෙනවා.

සාමාන්‍යයෙන් උදේ 8.00 සිට හවස 5.00 කාලසීමාව මේ සඳහා ලබාදෙනවා. ඒ කාලසීමාව ඇතුළත අපි කොහොම හරි වැලි ටිපර් එක කොළඹට ගෙනිහිං බාන්න  ඕන. දැන් වැඩිපුර වැලි අදින්නේ කන්තලේ හා මහියංගණයෙන්. වැලි පටවාගෙන එන ටිපර්වල බ්රේක් කරන්නේ නැහැ. ඒ වෙලාවට වාහනය පාලනය කරගන්න බැරි අවස්ථාත් තියෙනවා.’’


‘‘වැලි ටිපර් එකක් යන අනතුර සිදුවන අනතුරුවලට ප‍්‍රධාන හේතුවක් වෙන්නේ පාර ලිස්සනසුළු අවස්ථා බහුලව තිබීමයි. සමහර වෙලාවට ටයර් හොඳටම රත්වෙනවා. ඒ වෙලාවට වාහනේ නතර කරගෙන ඉන්නවා. බැරිම අවස්ථාවක් ආවොත් පසුපසින් එන ටිපර්වලින් උදව් ගන්නවා. තවත් සමහර වෙලාවට හොඳටම නිදිමත හැදෙනවා. ඒ වෙලාවට වාහනේ පැත්තක නතර කරගෙන නිදා ගන්නවා. එහෙමත් නැත්නම් බුලත් විටක් එහෙම කාලා හිතට ධෛර්ය අරගෙන කොහොම හරි ගමන ඉවර කරනවා.’’


‘‘මේ රැුකියාව දුෂ්කරතා බහුල එකක් කියලා මම කලිනුත් කිව්වා. මහියංගණේ ඉදං හයර් එකක් ආවොත් රුපියල් 6000 විතර ලාභයක් තියෙනවා. නමුත් ඒකත් බෙදිලා යනවා. පොලිසියට අහුවුණාම එයාලගේ අතටත් කීයක් හරි දෙන්න  ඕනෑ. කෑම බීම වියදම් කරගන්න  ඕනෑ. සතියකට උපරිම යන්න පුළුවන් හයර් තුනක් විතරයි. අනතුරක් වුනොතින් ඉතින් කම්මුතුයි. පාර දෙපැත්තේ අයගෙන් ගුටි කාලාම මැරෙන්න වෙනවා.”


”නුවර පාරේ  ඕමාරගොල්ලේ හරියේදී දවසක් ටිපර් අනතුරක් සිදුවුණා.


ඒ ප‍්‍රදේශය වංගු වගේ පල්ලම් සහිත දුෂ්කර ප‍්‍රදේශයක් නිසා නිතර අනතුරු සිදුවෙනවා. වැඩිපුරම අනතුරු සිදුවෙන්නේ දුර ගමන් සේවා බස් රථ එක්ක. දුර ගමන් බස් එහෙමත් නිතර උත්සහ කරන්නේ වෙලාවට කලින් යන්න. ඊට කලින් දවසක් බකමූණ පොලිසිය ළඟදී ටිපර් එකක් හැප්පුණා. බලද්දි හැප්පිලා තියෙන්නේ පොලිසියේම ජීප් එකකමයි. ඒ විදිහේ අත්දැකීම් බොහෝමයක් තිබෙනවා. මගේ අතින් නම් තවමත් මහ මග අනතුරක් සිදුවෙලා නැහැ.’’


”වැලි පටවාගෙන යද්දි ලොරිය ලිස්සලා යන්න වගේ උත්සහ කරන අවස්ථාවලදී බ්රේක් එක (තිරිංග* තද කරගෙන දෙවියන් සිහිකරනවා. ඒ ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මේ දේවල්වලට පිළියමක් විදිහට මම යෝජනා කරන්නේ ප‍්‍රධාන මාර්ග වෙනුවට වෙනත් අතුරු මාර්ගවලින් ටිපර් ධාවනය කරන්න ඉඩ ලබාදීම පමණයි.”


රංගන බණ්ඩාර ටිපර් රථ රියදුරු:-
‘‘මම දැනට මාස හයකට කලින් ඉඳලා තමයි මේ රැුකියාව පටන්ගත්තේ. මම මාතලේ ඉඳලා කොළඹට පිඟන් ගඩොල් මැටි ගේනවා. දවසක්දා මාවත් අනතුරට ලක්වෙන්න ගියා. තිරිංග තද කරගන්න බැරිව තමයි බොහෝවිට අනතුරු ඇතිවෙන්නේ. මේ රැුකියාව හුඟක් දුෂ්කරයි. නමුත් අතට වාසියකුත් තිබෙනවා. හොඳ ඉවසීමකින් රැුකියාව කළයුතුයි.”


ප‍්‍රසාද් තුෂාර:-
‘‘මම දැනට මාස හයක කාලයක සිට මේ රැුකියාව කරනවා. පොල්පිතිගම ප‍්‍රදේශයේ තිබෙන වැලි හෝදන තැනකින් වැලි අරගෙන එනවා. එන අතරතුර ගැනුම්කරුවෙක් හොයාගන්නත් වෙනවා. ගැනුම්කරුවා හොයාගන්න බැරිවුණොත් අතරමග රැුඳෙන්න වෙනවා. කන්න බොන්න පවා වේලාවක් නැහැ. බලපත‍්‍රය දීපු කාලසීමාව අතරතුර වැලි එක බාගන්න බැරිවුණොත් මම ආ ගමන අසාර්ථකයි. එහෙම වුනොත් මට ඉතුරු වෙන්නෙ වෙහෙස මහන්සිය විතරයි.’’


‘‘දවසක් මගේ යාළුවෙක් ? වැලි ගේන්න යන ගමන් ටිපර් එක මග නතරකරගෙන නිදාගෙන තිබුණා. එයාට දැනුණලූ කවුද එයාව පොළවේ ගහලා බිම දැම්මා වගේ. බලද්දි ඊට ඉස්සරහ සොහොනක් එහෙම තියෙනවාලූ. පුළුටු ගඳක් එහෙමත් ආවාලූ. නිදිමත හැදුණාම පාළු තැනක හරි නිදාගන්නවා. අව්ව වැස්ස බාධාවක් නැතුව කම්මැලිකම අත්හැරලා වැඩ කළොත් මේ රස්සාවත් කරන්න අපහසු නැහැ. සමහර වෙලාවට පොලිසිය බලපත‍්‍රයේ අත්සන් කරනවා. එහෙම වුණොත් බලපත‍්‍රයෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා රුපියල් 100 ක් 200 ක් වගේ මුදලක් දීලා පොලිසිය චාටු කරගන්න අයත් ඉන්නවා.”


නම සඳහන් කිරීමට අකමැති අයෙක්:-
‘‘දවසක් දා මම වැලි ටිපර් එක අරගෙන කොළඹට එන අතරමගදී මට නින්ද ගිහින්. නින්ද ගිහින් තිබුණත් ලොරිය ඇවිත්. මට ඒ ගැන පුදුමත් හිතුණා. මේ රැුකියාව හුඟක් දුෂ්කරයි. එදානම් මාව ආරක්ෂා කළේ දෙවියෝ කියලයි මම හිතන්නේ. දැන් හුඟක් වයස අඩු අය කොහොම හරි බර වාහන රියදුරු බලපත‍්‍රය හදාගෙන මේ රැකියාවට එනවා. දවසක් අවුරුදු 24ක පොඩි මල්ලි කෙනෙක් ටිපර් එකක වැඩ භාරගත්තා. එක දවසක් වාහනය ලිස්සන්න ගිහින් අපි එයාට උදව් කරලා කතා කරලා බේරගත්තා. දෙවැනි දවසේ බේරෙන්න බැරිවුණා. ටිපර් එක හෙළකට පෙරළුණා.”


මෙම විශේෂාංග ලිපියේ තවත් ප‍්‍රධාන වශයෙන් දැක්විය යුතු කරුණු කිහිපයක් පැවතිණි. අනතුරට ලක්වන ටිපර් රථවලට ඊළඟට සිදුවන්නේ කුමක්ද? ඒවා යළි භාවිතයට ගැනීමට සුදුසු අන්දමින් සැකසිය හැකිද? යන්න පිළිබඳව අපි සොයා බැලූවෙමු.

 


ටිපර් රථ හදන කනත්ත
කොළඹ නුවර ප‍්‍රධාන පාරේ යන එන ටිපර් රථ අනතුරට ලක්වූ පසු හෝ යම් යම් දෝෂ ඇතිවූ විට ඒවා ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා ස්ථාපිත ආයතනයක් කොළඹ - නුවර පාරේ යන අතරතුර අපට හමුවිය. එම ආයතනය ගම්පහට නුදුරින් පිහිටි බටලීය ප‍්‍රදේශයේ ස්ථාපිතව ඇති ආයතනයකි. එම ආයතනයේ ප‍්‍රධානියා වශයෙන් කටයුතු කරන බී.ඩබ්ලිව්. ශාන්ත මහතා සමගද අපි කතාබහක නිරත වූයෙමු.


‘‘අනතුරට ලක්වූ වාහන මාසයකට අවමය හය හතක්වත් අපේ ආයතනයට ගෙනැත් දානවා. පසුගිය නොවැම්බර් දෙසැම්බර් මාසවල වාහන 15ක් ගෙනැත් දැම්මා. ඒවා මේවනවිට පිළිසකර කරමින් යනවා. ටිපර් එකක් පාරට දාන්න කලින් අවමය ලක්ෂ තිහකවත් රක්ෂණ ආවරණයක් ලබාගන්න  ඕනෑ. අනතුරුවලට ලක්වන වාහන අතරින් රක්ෂණ ආවරණය සහිත ටිපර් අපි මෙහිදී පිළිසකර කරනවා. අනතුරේ හැටියට ඇස්තමේන්තු කරන මුදල ගෙවාගන්න ටිපර් රථ හිමියාට නොහැකි වෙන අවස්ථා තිබෙනවා. එවැනි අවස්ථාවල අපිට පාඩුව දරාගෙන අයිතිකාරයාට ටිපර් එක භාරදෙන්න වෙනවා.


සම්පූර්ණ වශයෙන්ම අනතුරට ලක්වූ වාහන නැවත පිළිසකර කළ නොහැකි අවස්ථාවලූත් තිබෙනවා. එබඳු අවස්ථාවල එම වාහනයේ අයිතිකරුවන්ට වාහනය පවරා පාඩු දරාගන්න සිදුවෙනවා. වාහනයක් පාරට දාන්න කලින් ප‍්‍රමිතිය ගැන සැලකිලිමත් වෙන්න  ඕනෑ. මනා පුහුණුවක් හා පළපුරුද්දක් සහිත රියදුරන් ඒ සඳහා යොදවන්න  ඕනෑ. වැඩි සැලකිල්ලකින් කටයුතු කරනවා නම් අනතුරු වළක්වා ගන්න පුළුවන්.


නියමිත ප‍්‍රමිතීන්ට අනුගත නොවන ටිපර් රථ වැලි ප‍්‍රවාහනයේ යෙදෙන අවස්ථාද අපට දැකගත හැකිවුණා. එම ටිපර් රථවල හෙඞ් ලයිට්, පාර්කින් ලයිට් ක‍්‍රියාත්මක වෙන්නේ නැහැ. වාහන අංකය සහිත පුවරු ප‍්‍රදර්ශනය වෙන්නේ නැහැ. ඇතැම් රියදුරන් ළඟ රියදුරු බලපත‍්‍ර නැති අවස්ථා පවා හමුවී තිබෙනවා. ව්‍යාජ අන්දමින් සැකසූ වැලි ප‍්‍රවාහන බලපත‍්‍ර සහිතව වැලි රැුගෙන ගිය ටිපර් රථත් හමුවී තිබෙනවා.


කිසිදු ප‍්‍රමිතියකින් තොර ටිපර් රථවලට ප‍්‍රමිති සහතික ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව අපිට ගැටලූවක් මතුවුණා. සමහරුන් හොර පාරෙන් ගිහිං දුම් සහතික අරගෙන අනෙකුත් ප‍්‍රමිති සහතිකත් කොහොම කොහොම හරි සකස් කරගෙන වැලි ප‍්‍රවාහන ට‍්‍රක් සඳහා බලපත‍්‍රය ගන්නවා. මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මෙවැනි කටයුතුවලදී අනියමින් උදව් කරන බව අප සමඟ කතාබහ කළ අයෙක් පැවසුවා.


ටිපර් රථවල රියදුරන් බොහෝවිට ඒවායේ අයිතිකරුවන් නොවේ. මෙවැනි අවස්ථාවල තනි රියදුරෙක් පමණක් අදාළ වාහනය භාරගෙන වැලි ටිපර් එක කොළඹට ඇදලා ආයෙත් එන ගමන් කොළඹිනුත් මොනවහරි පටවාගෙන එන්න උත්සහ දරනවා. මේ අය අතරමගදී අනතුරුවලට ලක්වෙනවා. සහායකයෙකුවත් නැතුව තනිවම ටිපර් එක පදවාගෙන යද්දි අනතුරුවලට මුහුණ දෙන ප‍්‍රමාණය වැඩියි.


පසුගිය වසර දෙකක කාලසීමාව තුළ මෙරට ලියාපදිංචිවී ඇති ටිපර් රථ ප‍්‍රමාණය කොපමණද? ඒවා ලියාපදිංචියේදී සලකා බලනු ලබන සාධක මොනවාද? යෝග්‍යතා පරීක්ෂණ සිදුකෙරෙන්නේ කෙසේද යන්න විමසා බැලීමට අපි මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධවීමට අවස්ථා කිහිපයකදීම උත්සහ දැරූ නමුත් අප දැරූ උත්සහය අසාර්ථක විය. එහි නිලධාරීන් අපගේ ඇමතුම් ප‍්‍රතික්ෂේප කිරීම ඊට හේතුවයි. නමුත් අප සොයාගත් කරුණුවලට අනුව (මෝටර් ප‍්‍රවාහන ආඥා පනත) රෝද හතරේ පසුපස ඇක්සලය සහිත මෝටර් වාහන (ටිපර්) එකක ගෙනයා හැකි බර ප‍්‍රමාණය කිලෝ ග‍්‍රෑම් 15275 කි. රෝද අටේ ඇක්සලය සහිත මෝටර් වාහනයක කිලෝග‍්‍රෑම් 2000ට වඩා රැුගෙන යා නොහැකිය. එම ආඥා පනත යටතේ ටිපර් රථයක් ධාවනය කරන අයෙකු අඛණ්ඩව රිය පැදවිය යුත්තේ පැය හතරක කාලසීමාවක් පමණි. ඉන් පසුව ඔහු විවේකය ලබාගත යුතුය. රියදුරුට විවේකය හා කෑම බීම ලබාගැනීම සඳහා පැය භාගයකට නොඅඩු කාලසීමාවක් වෙන්කෙරේ. මෙම කාලසීමාවට අනුකූලව නිවැරදි අන්දමින් රිය ධාවනයේ යෙදෙනවා නම් රථවාහන අනතුරු අවම කළ හැකිය.


 ඕනෑම වාහනයක බර පැටවිය හැකි ප‍්‍රමාණයක් ඇත. එය ‘‘පේ ලෝඞ්’’ ලෙස හඳුන්වමු. එම ප‍්‍රමාණය ඉක්මවා බර පැටවීම අනතුරුවලට අතවැනීමකි. විශේෂයෙන්ම වැලි, ගල්, කම්බි වැනි බර ද්‍රව්‍ය ප‍්‍රවාහනයේදී මෙන්ම සැහැල්ලූ ද්‍රව්‍ය ප‍්‍රවාහනයේදීද වාහනයේ සමබරතාවය පිළිබඳව සැලකිලිමත්විය යුතුය. එනම් කම්බි වැනි දෑ ප‍්‍රවාහනයේදී ටිපර් රථය මධ්‍යයේ සිට දෙපසට විහිදයන ලෙස අතුරා තිබීමත් වැලි, ගල් ප‍්‍රවාහනයේදී අදාළ ධාරිතාව ඉක්මවා නොපැටවීමත්, මෙට්ට වැනි සැහැල්ලූ ද්‍රව්‍ය ප‍්‍රවාහනයේදී ඉදිරිපසට හා පිටුපසට සමබර වන ආකාරයට අසුරා තැබීමත් මගින් වාහනය සමබරව පාලනය කරගෙන ධාවනයේ නිරතවිය හැකිය.


වාහනයක් පාලනය කරමින් ධාවනය කිරීමේදී වැදගත් වන තවත් කරුණක් වන්නේ වාහනය පාලක උපකරණ භාවිතය පිළිබඳ ඇති දැනුවත්කමය. එහිදී පාකින් බ්‍රේක්, සර්විස් බ්‍රේක්, එක්සෝස්ට් බ්‍රේක් යන බ්‍රේක් වර්ග තුන පිළිබඳව ඇති දැනීම විශේෂවේ. බර ප‍්‍රවාහනය කරන ඇතැම් වාහනවල පාකින් බ්‍රේක් නිසිපරිදි වැඩ නොකරන අතර වාහනයේ රෝදවලට අඩතියා බර පැටවීමේ කටයුතුවල නිරතවීම රියදුරන් අතින් සිදුවෙන බරපතළ වරදකි. මීළඟට රියදුරන් එක්සෝස්ට් බ්‍රේක් භාවිතයට නොගැනීමේ වරදද සිදුකරයි. එය කඳුකර ප‍්‍රදේශවල සිට පල්ලම් බැසීමේදී අනිවාර්යයෙන්ම භාවිතයට ගත යුත්තකි. එහෙත් රියදුරන්ගේ ඇති නොදැනුවත්භාවය නිසා එය භාවිත නොකරන අතර ටිපර් රථ කඳුවලින් පෙරළීම වැනි අනතුරු සිදුවීමට එය හේතුවක් වේ.


මේ කරුණු සේම පාරේ ධාවනය වන වාහනවල ප‍්‍රමිතිකරණය ද වැදගත්වේ. විශේෂයෙන්ම බර ප‍්‍රවාහනය කරන වාහනවල ෂොක්ඇබ්සෝබර් පිළිබඳ ප‍්‍රමිතිය පරීක්ෂා කිරීමත්, බ්‍රේක් පද්ධතිය නිසිපරිදි සකස්කර තිබීමත්, ඔයිල් ලීක් වැනි ගැටලූ නිරාකරණය කර ගැනීමත් වැදගත්වේ.


මේ සියලූ කරුණුසේම බරවාහන ධාවනය පිළිබඳ ප‍්‍රමිතිගතව බලපත් ලබාදීමේ ක‍්‍රමවේදයක් ද තිබිය යුතුය.


අත්දැකීම් රහිත, කෙසේ හෝ රියදුරු බලපත් ලබාගන්නා රියදුරන් ඉන්ධන ඉතිරි කරගැනීම හා ලාභ ලැබීම යන පරමාර්ථ මත වේගයෙන් රිය ධාවනයේ යෙදීමත්, අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමත්, මාර්ග සංඥා සහ වාහන සංඥා ලාම්පු භාවිත නොකිරීමත්, අසංවර හා හික්මීමක් නොමැති අයුරින් හැසිරීමත් මහමග අනතුරුවලට පොදු හේතුවේ.


මීට අමතරව දුර සිට භාණ්ඩ ප‍්‍රවාහනයේ නිරත වන රියදුරන් සහයකයෙකුගේ උපකාරය නොමැතිව තනිව සිය වෘත්තිය කටයුතුවල නිරතවීමත්, ඉන් ඇතිවන වෙහෙස සහ තදබල නිදිමත ගතිය රිය අනතුරු ඇතිකිරීමට තවත් එක් ප‍්‍රබල හේතුවක් වීමත් ඇසෙන දකින සිදුවීම් ආශ‍්‍රයෙන් ගම්‍ය වේ.


මේ සියලූ කරුණුසේම වාහනයේ ඇති තාක්ෂණික දෝෂ සහ කාලගුණික විපර්යාසත් අනතුරුවලට හේතුකාරක බව පෙනී යයි.


මෙම කරුණු පිළිබඳව විමර්ශනය කර බැලීමේදී මනා පුහුණුවකින් තොර රියදුරන් මෙම රැුකියාවේ නිරතවීම, පාරේ ධාවනය වීමට නුසුදුසු තත්ත්වයේ ඇති ටිපර් රථ ධාවනයේ යෙදීම, ප‍්‍රමිතිකරණයකින් තොරවූ වාහනවලට දෙනු ලබන ප‍්‍රමිති සහතිකය හා ලියාපදිංචිය, මගීන් මාර්ග සංඥා භාවිතයට නොගැනීම, බර පැටවීමේදී අනුගමනය කළයුතු විද්‍යාත්මක සමබරතාවය පවත්වාගෙන නොයාම මෙන්ම කාලගුණික හා දේශගුණික අයහපත් බව ටිපර් අනතුරු වැඩිවීමට හේතූන් බව පෙන්වාදිය හැකිය.


මේවා වළක්වා ගැනීම සඳහා රියදුරන්ගේ මනා පුහුණුවත්, වාහන අයිතිකරුවන් විසින් වාහනය ප‍්‍රමිතිගතව නඩත්තු කිරීමත්, ඒ සඳහා අවශ්‍ය බලපත් ලබාදීමේදී නීතිය සාධාරණ හා නිවැරදි ලෙස ක‍්‍රියාත්මක වීමත් අත්‍යවශ්‍ය බව පෙන්වාදෙමු.


විශේෂ ස්තූතිය
නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා
පොලිස් කොස්තාපල් සම්පත් කහකන්ද මහතා

m