IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ජනවාර්ගික ප්‍රශ්නයට දැන්වත් විසඳුමක් සොයමු

ජනවාර්ගික ප්‍රශ්නය යළිත් පසුගියදා කරළියට පැමිණියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙනි. බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු‍ දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණීම සඳහා වන සාකච්ඡාවක් දෙසැම්බර් 11 වැනිදායින් පසුව කැඳවන බව එම ප්‍රකාශයේ සඳහන් විය. එම සාකච්ඡාවට සහභාගි වෙන්නැයි ජනාධිපතිවරයා සියලු‍ දේශපාලන පක්ෂවලට ආරාධනාවක්ද කළේය.

දෙසැම්බර් 11 වැනිදායින් පසුව පැවැත්වීමට යෝජිත සාකච්ඡාව මගින් ඉලක්ක කර ඇත්තේ ලබන වසරේ පෙබරවාරි 04 වැනිදා යෙදෙන 75 වැනි නිදහස් සංවත්සරය සමරන අවස්ථාව වනවිට ජනවාර්ගික ප්‍රශ්නයට පිළිගත හැකි විසඳුමක් සොයා ගැනීම බව සඳහන්ය. කුමන සාකච්ඡාවක් වුවද කිසියම් නිශ්චිත රාමුවක් සහ ඉලක්කයක් තබාගෙන ආරම්භයක් ගැනීම සුදුසුම ක්‍රමයයි. එහෙත් ජනවාර්ගික ගැටලු‍වේ දිග, පළල සහ ගැඹුර සලකා බලද්දී ඉදිරි මාස දෙකහමාරක් වැනි කෙටි කාලයක් විසඳුමක් ලබාගැනීම සඳහා ප්‍රමාණවත්ද යන්න සැක සහිතය. එහෙත් ආරම්භයක් ගැනීම සඳහා හෝ ජනාධිපතිවරයා දරන උත්සාහය අගය කළ යුතුය.

මේ රටේ ආර්ථික අර්බුදය විසින් සියලු‍ දේ ගිලගන්නාතුරු වඩාත්ම සාකච්ඡාවට බඳුන් වූ අර්බුදය ජනවාර්ගික ගැටලු‍ව විය. එය ජාතික ගැටලු‍ව වශයෙන් හඳුන්වනු ලැබුවේද එයින් රටේ සෑම ක්ෂේත්‍රයකටම කළ බලපෑම් හේතුවෙනි. එක්තරා කාලයක ශ්‍රී ලංකාවේ ජාතික ගැටලු‍ව ජාත්‍යන්තරයේ වඩාත් සාකච්ඡා වූ මාතෘකාවක්ද වී තිබිණි. මේ නිසා ජාත්‍යන්තර බලපෑම්වලින්ද ශ්‍රී ලංකාව පීඩනයට පත් විය. මේ වන තුරුත් මාර්තු සහ සැප්තැම්බර් මාසවලදී ජිනීවා මානව හිමිකම් සැසියේ ශ්‍රී ලංකාව විශේෂ මාතෘකාවක් වීම වළක්වා ගැනීමට හැකි වී නැත. එයට එක් ප්‍රධාන හේතුවක් වශයෙන් පෙනී යන්නේ උතුරේත් දකුණේත් දේශපාලන නායකයන් අතර පොදු එකඟතාවක් ඇතිකර ගැනීමට නොහැකි වීමය. එවැනි එකඟත්වයක් ඇතිවීමට සියලු‍ දේශපාලන පක්ෂ අතර පුළුල් අවබෝධයක් තිබිය යුතුය. ජනාධිපතිවරයා සියලු‍ දේශපාලන පක්ෂවලට ආරාධනා කර සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කරන්නේ ඉහත සඳහන් එකඟතා සහ අවබෝධය ඇතිකර ගැනීම අරමුණු කර ගනිමින් විය යුතුය.

ජනවාර්ගික අර්බුදයට විසඳුමක් සොයා ගැනීමට සියලු‍ දේශපාලන පක්ෂ අවංකවම ඒ සඳහා කැපවී කටයුතු කිරීමද අවශ්‍යය. මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැතැයිද ඒ නිසා විසඳුමක් සෙවීම නිෂ්ඵල යැයිද සිතන දේශපාලන පක්ෂද පාර්ලිමේන්තුව නියෝජනය කරයි. මුලින්ම එම දේශපාලන පක්ෂ හඳුනාගෙන ඔවුන් සමඟ වෙනම සාකච්ඡා කර ගැටලු‍ නිරාකරණය කර නොගතහොත් ඔවුන් සාකච්ඡා මේසයට කැඳවා ගැනීම කාලය කා දැමීමක් පමණක් වනු ඇත.

විසඳුමක් සොයා ගැනීම සඳහා අවංක කැපවීමක් කිරීමට කැමැති දේශපාලන පක්ෂ මුලින්ම කළ යුත්තේ ජනවාර්ගික ගැටලු‍ව දේශපාලන බලය ලබාගැනීමේ සටන් පාඨයක් බවට පත්කර ගැනීමෙන් වැළකීමය. දකුණේත් උතුරේත් සියලු‍ දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මේ ඓතිහාසික වැරැද්ද කරමින් සිටී. සාර්ථක විසඳුමක් සොයා ගැනීමට දකුණේ සිංහල ජනතාවගේ මෙන්ම උතුරේ දෙමළ ජනතාවගේද විශ්වාසය දිනාගැනීම මෙහිදී වැදගත්ම සාධකයයි. දෙමළ ජනතාවගේ අභිලාෂයන් පිළිගත හැකි මට්ටමකට බලය බෙදා දීමට සිංහල ජනතාව එකඟ විය යුතු සේම තමන්ගේ මූලික ගැටලු‍ විසඳා ගැනීමට අවශ්‍ය තරම් බලය ලැබීමකින් තෘප්තිමත් වීමට දෙමළ ජනතාවටද හැකි විය යුතුය. සාකච්ඡා මේසය ඉදිරියට ගෙන යා හැක්කේ එවැනි අවබෝධයක් තුළින් පමණි.

ජනාධිපතිවරයා යෝජනා කර ඇති සාකච්ඡාවට යාමට පෙර ආණ්ඩු බලය හිමි පොහොට්ටුව බලය බෙදීමට කැමැතිදැයි දැනගැනීම වැදගත් වෙයි. පාලක පක්ෂයම බලය බෙදීමට අකැමැති නම් ජනවාර්ගික ගැටලු‍ව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ගඟට ඉනි කැපීමක් වනු ඇත.

ජනවාර්ගික ගැටලු‍ව විසඳීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වී තිබේ. එයින් දශක තුනකට ආසන්න කාලයක් රටේ තිබුණේ යුද්ධයකි. එම සාකච්ඡාවලින් හෝ යුද්ධයෙන් හෝ ජනවාර්ගික ගැටලු‍වට විසඳුමක් නොලැබිණි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ 75 වැනි නිදහස් සංවත්සරයේදී හෝ මේ ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණොත් 2048 දී නිදහසේ සියවැනි සංවත්සරයේදීත් මේ රට මෙසේම පවතිනු ඇතැයි කියාය.

එය එසේ නොවිය යුතු බව තීරණය කළ යුත්තේ රටේ පවතින සිංහල සහ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් විසිනි. දේශපාලන පක්ෂ බලය ලබාගැනීම සඳහා ජනවාර්ගික ගැටලු‍ව තුරුම්පුවක් වශයෙන් භාවිත කරන තුරු බලය බෙදීම සඳහා මොන සාකච්ඡාවක් පැවැත්වුවත් පලක් නොවනු ඇත.

(***)



අදහස් (6)

ජනවාර්ගික ප්‍රශ්නයට දැන්වත් විසඳුමක් සොයමු

AB Saturday, 03 December 2022 07:09 PM

ශ්‍රී ලාංකිකයන් වශයෙන් නොසිතා වාර්ගික වශයෙන් කටයුතු කරමින් ජනවාර්ගික ගැටළුව දේශපාලන බලය ලබාගැනීමේ සටන් පාඨයක් බවට පත්කර ගැනීම නිසා (පාර්ලිමේන්තුවේදී සහ පිටතදී සහ ජාත්‍යන්තරයට ගොස්) ලංකාවේ කිසිඳු සුළුජාතික දේශපාලන පක්ෂයක නායකයකු හට සිංහල ජනතාවගේ සහයෝගය ලබා රටේ නායකත්වයට පැමිණිය නොහැකිය. එමනිසා ද්‍රවිඩ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් බලයට තිබෙන්නා වූ "තණ්හාව" අතහැර රට සහ සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණකි. ඔවුන්ට බුද්ධිමත්ව සිතා වෙනස් වීමට කාලය පැමිණ තිබේ. ජනවාර්ගික ගැටළුව විසඳීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ආකාරයේ සාකච්ඡා පැවැත්වමින් විසඳුමක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය අගය කරමු...!

:       4       13

ABFriday, 09 December 2022 08:43 AM

ඉදිරි මැතිවරණයෙන් පසු සියලු ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරනාවූ රජයක් පිහිටුවා පළමු වසර 5ක් තුල උතුරු නැගෙනහිර ජනතවගේ මුලික අවශ්‍යතත්වයන් පළමුව ඉටුකරමු. ශ්‍රී ලංකාව මේ අවස්ථවේ විසදිය යුතු මුලික ගැටලුව නම් ආර්ථික සමාජීය අර්බුදයෙන් රට ගොඩනැගීම වේ.

:       0       0

mangala Sunday, 04 December 2022 06:59 PM

කිසිම ජනබලයක් නැති මේ මනුස්සයා කොහොමද නැති ජනවාර්ගික ප්‍රශ්නයකට විසඳුම් හොයන්නේ... මෙන්න මේවාට තමයි රාජපක්ෂලාට ගහන්න ඕන මඩුවලිගෙන්. ලක්ෂ 60ක ගාණක ඡන්ද ටික කුට්ටිය පිටින් මේ ජෝකර්ට දුන්නා...

:       11       7

Lakmal Tuesday, 06 December 2022 07:40 AM

කොහෙද ජනවාර්ගික ප්‍රශ්නයක් තියෙන්නේ. මේකේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක්.

:       0       2

Bamunuaracchi Tuesday, 06 December 2022 09:04 AM

ගින්නක් අවුලවන්න වගේ සූදානම.

:       2       0

Chain Tuesday, 06 December 2022 12:28 PM

හැමෝටම එක ප්‍රශ්නයයි තියෙන්නේ. කන්න නැති ප්‍රශ්නය. බඩු මිල වැඩිවීම. ආදායම අඩු වීම. ඒවා විසඳන්නේ නැතිව, මොවුන් ඔවුන්ගේ පැවැත්මට, ජනවාර්ගික ප්‍රශ්න හදනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 108 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


විදේශ සංචාරකයන්ට රට එපා කරවන අඳබාලයෝ
2024 අප්‍රේල් මස 19 197 1

ආගන්තුක සත්කාරයට ළැදි සිනාවෙන් මුව සරසාගත් මිනිසුන් සිටින රටක් ලෙස අප රටට ජාත්‍යන්තරය තුළ ඉහළ පිළිගැනීමක් විය. අප රට සංචාරක පාරාදීසයක් බවට පත් වූයේ සො


ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 337 1

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඓතිහාසික මිහින්තලය රැකගැනීම ජාතියේ වගකීමක්
2024 අප්‍රේල් මස 18 65 0

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ ඓතිහාසික මිහින්තලාව මෑතක සිට ආන්දෝලනාත්මක පුවත් මවන ස්ථානයක් බවට පත්ව තිබේ. එක් වරක් විදුලිය බිල නොගෙවීම නිසා ම


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 516 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 279 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site