aeydgh   

 

දෙවියෝ අම්මාවරුන්ව මේ ලෝකෙට එවලා තියෙන්නේ මේ ලෝකේ හැම ගෙදරකටම, හැම දරුවෙක්ටම ආදරය උවමනා නිසා මගෙ පුතේ......
”දෙවියො කොහේද ඉන්නෙ ආච්චි අම්මෙ? ඇයි ඒ දෙවියොන්ට බැරි අම්මාව හැමදාම අපි ළඟ තියන්න.’’
”දෙවියො ඉන්නෙ හුඟාක් දුර මගෙ පුතේ.... උඹෙ අම්මා මුහුදු හතක් පහු කරගෙන වැලි කාන්තාර, ගිරි දුර්ග මැද්දෙන් ගිහින් මහා රක්ෂයොන්ව පරද්දලා දුර ගමනක් ගියේ ධනයට අධිපති ලක්ෂ්මි දෙවඟන ගෙදරට වඩම්මන්න.’’

sdg


‘‘පුතේ’’, ”හොඳට ඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙලා නංගිටයි මල්ලිටයිත් හොඳට ඉගැන්නුවාම මගෙ පුතාට පුළුවන් මේ ගෙදර ගණ දෙවියො වඩම්වන්න.’’


විදේශ රටවල සේවය සඳහා යන අපේ රටේ ශ‍්‍රමිකයන්ගෙන් සියයට 48ක් කාන්තාවන්ය. එයින් සියයට 85 ප‍්‍රමාණයක් විදේශගතවන්නේ ගෘහ සේවය සඳහාය. විදේශගතවන කාන්තාවන් බහුතරයක් වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙනි. අඩු ආදායම්ලාභී වීම, අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජීවන රටාවකට හුරුවීමට ඇති නොහැකියාව හා අනෙකුත් සමාජමය ගැටලූ ඊට ප‍්‍රධාන වශයෙන් බලපායි. අනෙක් අතට ආර්ථික සම්පත් බෙදීයෑමේ අසමතුලිත බව මේ සියල්ලට ප‍්‍රධානතම හේතුවයි.


එහෙත් ඉන්දියාවේ කාන්තාවෝ කිසි දිනෙක විදේශ රටවල ගෘහ සේවය සඳහා නොයති. තවත් බොහෝ රටවල ගෘහ සේවය සඳහා කාන්තාවන් පිටත්කර හැරීමට පෙර ඇය ගෘහ සේවයට යවන නිවසේ හාම්පුතාට ගිවිසුමක් අත්සන් තැබීමට සිදුවේ. ගිවිසුම නිසා ගෘහ සේවිකාවන්ට හිරිහැර සිදුවීම යම් පමණකට මගහැරෙනු ඇතැයි කිව හැකිය.


වෙනත් රටවල ගෘහ සේවයේ තත්ත්වය වුවත් ලංකාවේ තත්ත්වය නම් ඊට හාත්පසින්ම වෙනස්ය. එනම් මෙරටට විශාල ලෙස විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා දෙන ගෘහ සේවයේ මේ වන විටත් විශාල ඛේදවාචක ගණනාවක් වාර්තා වී හමාරය. එනම් දහසකුත් පැතුම් හද දරාගෙන විදෙස් ගතවන කාන්තාවන් වැටුප් නොලැබීම, ශාරීරික හිංසාවන්ට ලක්වීම, ලිංගික හිංසාවන්ට ලක්කිරීම හා ජීවිත හානි සිදුකිරීම වැනි අමානුෂික තත්ත්වයන්ට මුහුණදීමට සිදුවී ඇත. සමාජය තුළ එවැනි චරිත බොහොමයක් අපට දැකිය හැකිය. පසුගිය දිනෙක විදෙස් ගතවී ගෘහ සේවයේ නියුතු අයේෂා දිල්රුක්ෂි නම් අවුරුදු විසි පහක තරුණිය එරටෙහිම මිය ගියේ ද ගෘහ සේවයේ ප‍්‍රචණ්ඩකාරී තත්ත්වයට සාක්ෂි සපයමිනි. එම නිසා අපි ඇගේ තොරතුරු සොයා ටී වත්ත, බේස්ලයින් මාවත, බොරැුල්ල යන ලිපිනයෙහි පිහිටි ඇගේ නිවස සොයා ගියෙමු.


”මට දරුවො තුන්දෙනෙක් ඉන්නවා. අයේෂා තමයි බාලම. මගෙ රත්තරං අයේෂා දුව තමයි මාව බලා ගත්තෙ. මීට මාස හය හතකට කලින් වගේ මගෙ ඔපරේෂන් එකක් කළා. ඒ හැමදේටම සල්ලි වියදම් කළෙත් එයා තමයි. මම කුලී ගෙදරක තමයි ජීවත් වෙන්නෙ. ඒ හැමදේම හොයල බලලා මාව බලාගත්තෙ මගෙ අයේෂා දුව.


අම්මට හැමදාම කුලී ගෙවල්වල ඉන්න බෑනෙ.... ම09_SLTK_P8_Backම රට ගිහින් එන්නම්. ඇවිල්ලා අපි ගෙයක් හදමු. එතකොට අපි හැමෝටම ඒ ගෙදර සතුටින් ඉන්න පුළුවන් කියලා තමයි අයේෂා රට ගියේ. රට ගියාට පස්සෙ මට හැමදාම ?ට කතා කළා. දවසක් කතා කළාම කිවුවා වැඩ කරන ගෙදර බාබගෙ (ගෙදර අයිතිකාර මහත්තයගෙ* ඇඳුමක් මදිනකොට පිච්චුණා. ඒකට හොඳටම ගැහුවා කියලා. මම කිවුවා කරදර නම් පුතේ ගෙදර එන්න. අපට ගෙවල්  ඕනෙ නෑ. තියෙන විදිහකට ජීවත් වෙමු කියලා.


අයේෂා මට අන්තිමට කතා කරපු දවසෙ කිවුවා මාස තුනක වැටුප් දුන්නෙ නෑ කියලා. මම තාමත් හිතන්නෙ නෑ අයේෂා දුව නැති වුණා කියලා. අනේ මාව බලාගත්ත රත්තරං දරුවා.’’


පසුගිය දිනකදී ඩුබායිහිදී සියදිවි නසාගත් අයේෂා දිල්රුක්ෂිගේ සීතල සිරුර මේ වන විට මිහිදන් කොට හමාරය. ඇගේ මරණය සියදිවි නසාගැනීමක් බව මරණ පරීක්ෂණයේදී තීන්දු කර ඇත. ඇයට නිවසේ තිබූ කරදරකාරී බව පවසා තිබීමත්, මාස ගණනාවක් වැටුප් නොලැබීමත්, මුදල්, කනකර කිසිවක් නොමැතිව සුදු රෙදි කඩකින් ඔතා එවූ නිරුවත් මළ සිරුරත්, ඇගේ ගෙල ප‍්‍රදේශයේ තිබූ තුවාල කැළල් කිහිපයත් පීඩාකාරී ජීවිතයේ ලකුණු කියාපෑමක් නොවන්නේ ද?


අද වන විට ප‍්‍රමිතියකින් තොරව බාල වයස්කාර දැරියන් සහ වෙනත් කාන්තාවන් ගෘහ සේවය සඳහා යොමු කරන ආයතන බොහෝය. ඇතැම් ආයතන විසින් කිසිදු පුහුණුවකින් තොරව ව්‍යාජ ලේඛන සාදා ගෘහ සේවය සඳහා කාන්තාවෝ පිටරට යවනු ලැබෙති. එම නිසා එවැනි ආයතන පිළිබඳ සමාජයේ ඔබ දැනුම්වත් විය යුතුය. එම නිසාම අපි අයේෂාගේ විදෙස්ගත වීම පිළිබඳ කරුණු සොයා බැලූවෙමු. එහිදී ඇගේ විදෙස් ගමන් බලපත‍්‍රයේ තොරතුරු අනුව ඇය ගෘහ සේවයට යොමු කළ ආයතනයට කතා කළෙමු.


එහිදී අපට දැනගත හැකි වූයේ මෙවැනි කරුණකි.


අයේෂාගේ ලිපිලේඛනවල තිබූ තොරතුරු අනුව වගඋත්තරකරුවන්ගේ ස්ථානයේ තිබූ ලිපිනය සොයා ජයා මාවතේ සැරිසැරුව ද එවැනි ලිපිනයකින් ලියාපදිංචි වූ කාර්යාංශයක් එහි නොතිබුණි. එහි තිබූ දුරකතන අංකය ඔස්සේ අදාළ පුද්ගලයකු සම්බන්ධ වුණි ද ඔහුගේ කතාව වූයේ හාත්පසින්ම වෙනස් වූවකි. ඔහු ප‍්‍රකාශ කොට සිටියේ, අයේෂාගේ විදෙස්ගතවීම සහ ඇයගේ මරණය පිළිබඳව කිසිවක් නොදන්නා බවය. තවද ඔහු සමග කළ

කතාවේදී ඔවුන් නුවර ප‍්‍රදේශයේ කාර්යාලය පවත්වාගෙන යන බවත්, අයේෂාගේ විදෙස් ගමන් තොරතුරු පත‍්‍රයට සපයා තිබූ ලිපිනය ව්‍යාජ ලිපිනයක් බවත් පැහැදිලි විය.


”මම මුලින්ම සේවය කරපු ගෙදර නෝනා ගොඩක් සැරයි. කන්න දෙන්නෙ නෑ. ඒ ගෙදර ළමයි හයක් හිටියා. මම උදේ නැගිටලා ගෙදර ඔක්කොම වැඩ කරලා ළමයි පාසල් යවන්න  ඕන. ඒ ගෙදර කුකුල් කොටු අටක් තිබුණා. ඒ කුකුල් කොටුවල වැඩත් කරන්න  ඕන.


හරියට පඩි ගෙවන්නෙත් නෑ. පොඞ්ඩ බැරිවෙනකොට ගහනවා. ඇඟ පුච්චනවා. ඇඟිලි පුරුක් කඩනවා. මගෙ කොණ්ඩෙ දිගට තිබුණා. ඒ කොණ්ඩෙත් කපල දැම්මා. ජීවිතේ බේරගෙන ආවෙ ගොඩක් අමාරුවෙන්. මට දරුවො හතර දෙනෙක් ඉන්නවා. තුන් දෙනෙක් බැඳලා.


ආබාධිත දරුවකුත් ඉන්නවා. මනුස්සයා රස්සාවක් කරන්නෙ නැහැ. පුංචි ගේ කෑල්ලක් හදාගෙන අසරණ කෙල්ලවත් බලාගන්නයි මට  ඕන වුණේ. මගෙ දරුවන්ටත් ප‍්‍රශ්න. එයාලගෙ ජීවිත පිළිවෙළක් කරන එකත් මගෙ අරමුණ වුණා. ඒත් ඒ හැම දෙයක්ම හීන විතරක් වුණා. මට මේ පාර නම් හොඳ තැනක් හම්බවුණා. දැන් මම නිදහසේ ඉන්නවා. හොඳ තැනක් හම්බවුණොත් හොඳයි. වගකීමක් නැති අමනුෂ්‍යයො ඉන්න තැනකට ගියොත් ඒ ගෑනුන්ට දහදුක් විඳින්න වෙනවා.’’


ලතා තවමත් විදෙස් රටක ගෘහ සේවයේ නිරත වන්නීය.


ව්‍යාජ හැඳුනුම්පතක් සාදා ගෘහ සේවයට යොමු කළ බාල වයස්කාර රිසානාගේ සෝචනීය මරණය පසුගිය වසරේදී සිදුවිය. ඇය මැරෙන දෙස බලා සිටීම විනා අපට ඇය වෙනුවෙන් කිසිවක් කළ නොහැකි විය. එරට වරදට දඬුවම වූ මරණ දඬුවම ක‍්‍රියාත්මක විය. එහෙත් පාසල් යන වයසේ සිටි ළමයකු වූ ඇය ව්‍යාජ හැඳුනුම්පතක් සාදා රැුකියාවට යොමු කළ ආයතන අද රිසානා වැනිම යුවතියන් එවැනි ව්‍යාජ ක‍්‍රම මගින් පිටරට යවන බව සත්‍යයකි. එය එසේ නම් ළමා කාලය ළමයකු ලෙස යෙදවිය යුතු රිසානාලා වැනි දුප්පත් දැරියන්ගේ ජීවිත එසේ අකලට මිලින වීමට ඉඩදී අප බලා සිටිය යුතු ද? මෙවැනි කරුණුවලදී නීතියට මෙන්ම වැඩිහිටි සමාජයටත් විශාල වගකීමක් පැවරී ඇති බව අමතක නොකළ යුතුය.


මෙවැනි වූ දහසකුත් හේතු සාධක නිසා ගෘහ සේවයට යන කාන්තාවන් ක‍්‍රමයෙන් අඩු වී යන බව සංඛ්‍යාත්මකව දැක ගත හැකිය. එනම් 2012 වසරේ විදෙස් රැුකියා සඳහා ලියාපදිංචි වී ඇති ප‍්‍රමාණය දෙලක්ෂ අසූදහස් තුන්සිය තිස් එකකි. ඉන් එක්ලක්ෂ දහනවදහස් පනස් එකක් ගෘහ සේවිකාවෝය. එක්ලක්ෂ හතළිස් තුන්දහස් හත්සිය අසූ හතරක් පිරිමි ගෘහ සේවකයෝය.


මෙම සංඛ්‍යාව 2013 වසරේ අනූ හයදාස් නවසිය දක්වා පහළ බැස ඇති අතර, 2014 වර්ෂයේ අසූ අටදාස් හයසිය හැට එක දක්වා පහත වැටී ඇත. මෙය 2012ට  සාපේක්ෂව 2014දී සංඛ්‍යාත්මකව පහත වැටීමකි.


මෙවැනි හේතු සාධක නිසා විදෙස් සේවයේ ඇති ගැටලූ සහගත බව කතා කළ යුතුමය. එනම් 2012 වසරේ එකඟ වූ වැටුප් නොගෙවීම, අසනීප වීම, සේවා ගිවිසුම් කඩ කිරීම්, ශාරීරික හා ලිංගික හිංසාවන්ට ලක්වීම්, මරණයට පත්වීම් සම්බන්ධ පැමිණිලි 10,220ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී ඇත.
2012 වසරේ ස්වභාවික මරණ 219ක් හා අනතුරු මරණ 58ක් වාර්තා වී ඇති අතර 2013 හා 2014 වර්ෂවලද එම ප‍්‍රචාරණයන්හි වැඩි වෙනසක් වී නොමැත. එනම් 2013 වසරේ මරණ 298ක් වාර්තා වී ඇති අතර, 2014 වසරේ මරණ 294ක් වාර්තා වී ඇත. මීට අමතරව මරණ දඬුවමට අසුවී සිටින පිරිස් ද වෙති.
මේ කරුණු සේම ගෘහ සේවයට යන පිරිසට අමානුෂික ලෙස සලකන රටවල් පිළිබඳව ද අප කතා කළ යුතුය. එනම් ඉන් පළමු තැන සරියා නීතිය කි‍්‍රයාත්මක සෞදි අරාබියට හිමි වන අතර දෙවන තැන කුවේට් රටට හිමිවේ. ජෝර්දාන් තුන්වෙනි තැන ගෙන ඇත. අඩුම පැමිණිලි ප‍්‍රමාණය වාර්තා වන රට කොරියාව බව විදේශ සේවා කාර්යාංශයේ අන්තර්ජාලයට ඇතුළත් කර ඇති සංඛ්‍යාලේඛනවලින් පෙනී යයි.


තොරතුරු සැපයීම පිළිබඳ විශේෂ ස්තුතිය. සමාජ සේවා අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු ලේකම් ජගත් මහතාට.

ggggggg

”ශ්‍රී ලාංකික පුරවැසියෙක් විදියට අපේ අම්මලා නංගිලා මැදපෙරදිග ගිහින්. ලිංගික අතවරවලට ලක්වෙමින් මෙහෙම දුක්විඳින එක පිළිබඳ මගේ මනාපයක් නැහැ. එය මම රජයේ ඇමැතිවරයෙක් විදියටත් ප‍්‍රකාශ කරනවා.


සෞදිඅරාබිය, ඩුබායි කියන්නේ සල්ලිවලින් පිරුණු රටවල්. එයාලා වෙන රටවලින් ගෘහ සේවයට සේවක සේවිකාවන් ගෙන්වා ගන්නවා. ඒ වගේම ගෘහ සේවයට යන්නෙ කවුරුත් කැමැත්තකින් නොවෙයි.


ඒක තමයි තිත්ත ඇත්ත. ශ්‍රී ලංකාව, ප‍්‍රංශය, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, ඉන්Nimthera - 04.qxdදියාව වගේ රටවල් තමයි මේ අරාබි රටවල ගෘහ සේවය සඳහා යොමුවෙලා හිටියෙ. ඒත් අද වෙනකොට ඉන්දියාව වගේ රටවල් එය නතර කර තිබෙනවා. සෞදි අරාබියේ ක‍්‍රියාත්මක වන සරියා නීතියට හසුවන්නේ ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, පකිස්තානය වගේ රටවල සිට ගෘහ සේවයට යන පිරිස්. ඔවුන් බෙලි කපන්නේත්, කස පහර දෙන්නේත්, දූෂණය කරන්නේත් විවිධ තාඩන පීඩන කරන්නේත් අමානුෂික විදියට. එක්තරා අවස්ථාවක පිලිපීන කාන්තාවක් තමුන්ව දූෂණය කරන්න එන හාම්පුතාව මැරුවා. ඒකට ලැබුණු දඬුවම තමයි බෙල්ල කැපීම. ඔවුන් ගෘහ සේවයට ගියා නම් හාම්පුතා කියන කරන සියලූ දේ ඉවසාගෙන   සිටීම හැර ඊට විරුද්ධ වෙන අයට මේ වගේ අමානුෂික වධ විඳින්න සිද්ධ වෙනවා.


ඒ නිසා ගෘහසේවය ප‍්‍රමිතිකරණයකට ලක් කළ යුතුයි. මේ අයව හෙදියන් විදියට, ගාමන්ට්වල වැඩ කරන ශ‍්‍රමික කාන්තාවන් විදියට, සාත්තු සේවිකාවන් විදියට, සේල්ස් ගර්ස්ලා විදියට ආදී රැුකියා අවස්ථාවලට යොමු කළ යුතුයි. එයාලා රටට වැඩි ලාභයක් උපයා ගැනීම අරමුණු කරගෙන ගෙදරක වැඩට කොටු කළ යුතු නෑ. පෞද්ගලික රක්ෂණ දැමීම හා වෙනත් වැඩසටහන්වලට කියා මේ අයගේ මුදල් නාස්ති කිරීම අපරාධයක්. ඒ වගේම සරියා නීතිය වැරදි විදියට යොදාගන්න සෞදි අරාබිය වගේ රටවලට ගෘහ සේවිකාවන් යැවීම එතරම් ප‍්‍රගතිශීලී දෙයක් නොවන බවයි මගේ හැඟීම.’’


මේ වන විටත් ඉන්දුනීසියාව, පිලිපීනය, ඉන්දියාව වැනි රටවල් සෞදි අරාබියට ගෘහ සේවිකාවන් යැවීම නතර කර තිබෙනවා.
උදාහරණයකට පිලිපීනය ගතහොත් එහි තානාපති කාර්යාල සහ කම්කරු නීතිය ඉතාම ප‍්‍රායෝගිකයි. පිලිපීන කාන්තාවක් ගෙදරක හිරවෙලා කියලා කෝල් එකක් දුන්නොත් ඒ ගෙදරට තානාපති කාර්යාලයෙන් ඇවිත් හොයා බලන ආකාරයට නීතිය සකස් කර තිබෙනවා. ඒත් අපේ නීතිය ඒ වගේ ශක්තිමත් නැහැ. ලාංකික කාන්තාවක් හිරිහැර ඉවසාගන්න බැරිව ගෙදරින් පැනලා එම්බසියට ආවොත් හාම්පුතා එම්බසියට ඇවිත් ඇයව බලෙන් අරන් යන තත්ත්වයක් තියෙන්නේ සෞදිවල. ඒ තත්ත්වය නැති කරන්න  ඕනෑ. එයට බුද්ධිමත් විදේශ ඇමැතිවරු, විදේශ රැුකියා ප‍්‍රවර්ධන ඇමැතිවරුන් පත්වෙන්න  ඕන. ඒ වගේම රැුඳවුම් කඳවුරුවලත් බොහෝ අක‍්‍රමිකතා සිදුවෙනවා.


ගිනි තියලා මැරුව අය හිටියා. බබාලා හම්බවෙච්ච අය හිටියා. දූෂණය වුණු අය හිටියා. ජෝර්දාන් එම්බසියෙ හම්බවෙන්න ගිය ළමයෙක්ව බලෙන් ඇබෝෂන් කරලා තිබුණා. මේ අපරාධවලට මුල් වුණු අය තාම ඉන්නවා. තලතා අතුකෝරළ ඇමැතිතුමියට ඒ පිළිබඳව කරන්න වැදගත් කාර්ය භාරයන් බොහෝමයක් තියෙනවා.

 

m