IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ගංවතුර මැද ඉන්න ඔබත් ඉඩමක් ගන්න

නිවසේ උඩුමහළේ හාන්සිපුටුව මත  නින්දත් නොනින්දත් අතර සිටි සිල්වා මහත්තයා  තිගැස්සී දෙනෙත් හැර බැලුවේ මෝටර් බෝට්ටුවක හඬක් සමග ගිගිරුම් හඩින් යමක් කඩා වැටෙන ශබ්දයෙනි. ඔහු වහා  පුටුවෙන් නැගිට බැල්කනියට පැමිණ එබී බැලුවේය. එකෙනෙහිම මෝටර් බෝට්ටුවක් නිවෙස අසළින් පිටව යන අයුරු සිල්වා මහත්තයාට පෙනිණ. යාබද නිවසේ උඩු මහලේ වෙසෙන සුරංගද ඔහුගේ නිවසේ බැල්කනියට පැමිණ අවට බලන්නට විය. සිල්වා මහත්තයා පසුපසින් පැමිණි රිචී නොනවත්වාම බුරයි. විදුලියද විසන්ධි කර ඇති හෙයින් නිවස ඇතුළත ඇත්තේ අදුරකි.


“බෝට්ටුව ආපු වේගෙට තාප්පෙ කඩා වැටුණා. කඩා වැටුණෙ බලු කූඩුව උඩට. ඒකයි ඒ තරම් ලොකු සද්දයක් ඇහුණෙ. කූඩුවත් කැඩුන නිසා රිචීට ටික කලක් ගේ ඇතුළෙ තමයි ඉන්න වෙන්නේ. මේක පුදුම වතුරක්නෙ මහ සාගරය ගොඩ ගළල වගේ.”

05_SLTK_P12_Back
සුරංග කීවේය. නිවස fදාරකඩ අඩි අටක් උසට තිබුණු තාප්පය දැන් පෙනෙන්නට නැත. බ්ලොක් ගලින් ඉදිකළ එම තාප්පයට රුපියල් fදාළොස් දාහක් පමණ වැයවු බව ලොකු පුතා කීවා සිල්වා මහත්තයාට මතකය. කපරාරු නොකළේ අතේ මුදල් නොතිබුණු නිසාය. ඔහුට ලොකු පුතා ගැන දුකක් ඇතිවෙයි. ගමේ තිබු ඉඩකඩම් සියල්ල විකුණා දමා බැංකු ණයක්ද ගෙන කොළඹ කිට්ටුවෙන් නිවෙසක් මිලට ගෙන එහි පදිංචියට ආවේ  කෙතරම් බලාපොරොත්තු පොදි බැඳගෙනද?  


“බෝට්ටුව ඇවිත් තාප්පෙ වැදුණද?”


සුළු වේලාවකට පසුව සිල්වා මහත්තයා විමසුවේය.


“නැහැ. බෝට්ටුව ආපු වේගෙට ගහපු රැල්ල වැදිලයි එහෙම වුණේ. මේ දවස් ටිකේ බ්ලොක් ගල් ඇතුළට වතුර ගිහින් පෙඟිල තියෙන්න ඇති. කපරාරු කරල තිබුණෙත් නැහැනෙ.”


“ඒක තමයි?”


සිල්වා මහත්තයා දිග සුසුමක් පිට කළේය. ලොකු පුතා රාජකාරි කටයුත්තක් සඳහා ඉන්දුනිසියාවට ගියේ සතියකට උඩදීය.ඔහු දිවයිනට එන්නේ තවත් සතියකිනි. සති දෙකක පමණ කාලයක් බිරිඳ නිවසේ නතර කළ නොහැකි බැවින් ඇයවද කැඳවාගෙන ගියේය. කැළණි ගඟ දෙගොඩ තලා ගොස් මේ විපත සිදුවුයේ ඔවුන් පිටව ගොස් දින දෙකකට පසුවය.


ආහාර පාර්සල් රැගත් බෝට්ටු කිහිපයක්ම ගංවතුරින් කොටුවී ඇති නිවාස කරා ගමන් කරති.වෙනදා ත්‍රිරෝද රියෙන් පාන් ගෙන ආ චූන් පාන් ළමයා අද බෝට්ටුවක නැගී සීනි සම්බල් පාන් බෙදයි.


“මහත්තයට සීනි සම්බල් පාන් දෙන්නද?”


නිවස අසළට පැමිණ. චුන් පාන් ළමයා ඇසුවේය.


“එපා ළමයෝ. අද නැතුවට කමක් නැහැ. මට ඊයෙත් දුන්නනේ. ඇහුවට බොහොම ස්තුතියි.”


සිල්වා මහත්තයා කීවේය.


කලින් දවසේ චුන් පාන් ළමයා කී කතාවක් සිල්වා මහත්තයාගේ මතකයට නැගෙයි.


“ඉස්සර මේකට කිව්වෙ ලන්සියා වෙල කියල. ගොඩකළාට පස්සෙ ලන්සියා ගාර්ඞ්න්ස් වුණා. අර ඉස්සරහ තියෙන්නෙ මණ්ඩාවෙල. ඒක ගොඩ කරල මණ්ඩාවල උද්‍යානය කියල නම දැම්ම. අර ඈත වහලක් විතරක් පේන ගේ තියෙන හරියට කිව්වෙ අලුවල කුඹුර කියල. ඒක ගොඩ කළාට පස්සෙ අලුවල ටෙරස් වුණා. ඉස්සර ගඟේ වතුර වැඩිවුනාම තදින් වැස්සාම ඔය වෙල් තුන තමයි පිරුණෙ. ඒව ගොඩ කළාට පස්සෙ ආපු පළවෙනි ගංවතුර තමයි මේ.”
“දවල් ආපු බෝට්ටුවෙන් අංකල් කෑම පාර්සලයක් ගත්ත නේද තවම කෑවෙ නැද්ද?”


සුළු වේලාවකට පසුව සුරංග විමසුවේය.


“කුස ගින්නක් දැනෙන්නෙ  නැහැ පුතා. පපුව ලොකු ගින්දරකින් දැවෙනව. ලොකුපුතා ගැන මතක් වෙනකොට මට හරි දුකයි. පෑන්ටි්‍ර කබඞ් ටිික හදන්නම ලක්ෂ දහයකට වැඩිය ගියා. අලුත ගත්ත සෝෆා සෙට් එකත් ඉවරයි.”


එසේ කී ඔහු දිග සුසුමක් හෙඵවේය.


“දැන් ඔය ගැන  පසුතැවිලි වෙලා පලක් නැහැ අංකල්. අපි ඔක්කෝම ලාල් මහත්තයගෙ චාටු කතාවට රැවටුණා.කොහොමද මිනිහ වර්ණනා කරපු මනරම් වෙල් යාය.” සුරංග සිනාසෙමින් කීවේය. මේ තරම් විපතක් සිදුව තිබියදීත් ඔහු සිනාසෙයි.


“කොළඹට විනාඩි දහයයි. අධිවේගි මාර්ග පිවිසුමට විනාඩි පහයි. මනරම් වෙල්යායකට මුහුණ ලා පිහිටි මනරම් නිවාස කොළඹින් නිවසක් මේ මුදලට ලබා ගත හැකි අවසන් අවස්ථාව මෙයයි.” නිවාස ගැන පළ වී තිබුණු පුවත්පත් දැන්වීම සිල්වා මහත්තයාගේ මතකයට නැගෙයි. මහා මාර්ගය ජලයෙන් යටවීම නිසා අධිවේගි මාර්ග පිවිසුම වසා දැමුවේ දින හතරකට කලිනි.


සුරංග ලොකු පුතාගේ මිතුරෙකි. පර්චස් දහය බැගින් වු ඉඩම් කට්ටි දෙකක එකම මෝස්තරයකට එක ලඟින්ම ඉදි කළ නිවාස දෙක  ඔවුන් මිලට ගත්තේත් පදිංචියට ආවේත් එකටය.


ලොකු පුතාත් ඔහුගේ බිරිඳත් සමග නිවෙස් ගැන විමසීම පිණස මීට මාස හයකට පමණ පෙර ලාල් මහත්තයාගේ කාර්යාලයට ගිය ගමන සිල්වා මහත්තයාගේ මතකයට එයි.


කලින් කතා කර ගත් පරිදි සුරංග ඔහුගේ බිරිඳත් සමග ලාල් මහත්තයාගේ දේපළ විකුණුම් කාර්යාලය වෙත පැමිණ සිටියේය.


“ඉස්තරම්ම අමුද්‍රව්‍ය යොදලයි ගෙවල් දෙකම හදල තියෙන්නේ. එක ලඟ ගෙවල් දෙක ගන්නෙ යාඵවො දෙන්නෙක් නිසා බොහොම වටිනවා. ඔය එක ගෙයක් නම් මගේ නංගි ඉල්ලල බල කරනව මම කියන්නම් එයාට පිටිපස්සෙ ගෙයක් තෝර ගන්නයි කියල.”


“අනේ එහෙම හොඳ නැහැ නේද?


සිල්වා මහත්තයා කීවේය.


“අනේ ඒකට කමක් නැහැ.මගේම නංගිනේ. වෙබ් එකේ පින්තූරෙ දැක්කට මහත්තෙයල හැබැහින් ගෙවල් දැක්කෙ නැහැනෙ. අපි යමු ඒ පැත්තෙ රවුමක් ගිහින් එන්න.”


ලාල් මහත්තයාගේ මෝන්ටරෝ රථයේ නැගුණු සියලු දෙනා නව නිවාස හැබැහින්ම දැක ගන්නා තුරු නොඉවසිල්ලෙන් පසුවුහ.


“මහත්තයාගේ ගම කොහේද කිව්වේ?”


ගමන් අරඹද්දී ලාල් මහත්තයා ඔහු අසල අසුන්ගෙන සිටි සුරංගගෙන් විමසුවේය.


“මම ඉඳුරුවෙ කයිකාවල. මගේ යාඵවා හසිත ගාල්ලේ හපුගල.”


“වැඩ කරන්නේ කොහේද?”


“දෙන්නම වැඩ කරන්නෙ කස්ටම් එකේ.”


“එහෙනම් ඉතින් හොඳ සල්ලිනේ.


ඔහු සම්ච්චල් සිනාවක් පාමින් කීය. ඒ සිනාව සුරංග තුළ ලජ්ජාවක් ඇති කළේය.


“අනේ අපි අයුක්ති සහගත වැඩ කරන්නෙ නැහැ. මේ ගෙවල් ගන්නෙත් ගමේ තියෙන ගෙවල් fදාරවල් විකුණලා.”


සුරංග පැවසුවේය.


“නැහැ නැහැ මම එහෙම දෙයක් කිව්ව නෙවෙයි. මම කිව්වෙ කස්ටම් එකේ හොඳ පඩිනේ. හොරු ඇල්ලුවාම තෑගි එහෙමත් ලැබෙනවනේ.”


ඔහු සිනාසෙමින්ම කතාව වෙනතකට යොමු කළේය.


“හරිම වාසනාවන්ත පාටයි.”


රියෙන් බසින ගමන්ම ලොකු පුතාගේ බිරිඳ ලෝචනා කීවාය.


“ඇත්තමයි අනේ මමත් මේ කියන්න හැදුව විතරයි.ලස්සන ගෙවල් දෙක නේද අනේ.”


සුරංගගේ  බිරිඳ සකුන්තලා ඉමහත් සතුටින් යුතුව පැවසුවාය.


රියෙන් බැසගත් අමුත්තන් සියලු දෙනාම ලාල් මහත්තයා පසුපස යමින් නිවසේ සියලු තැන් පරීක්ෂා කළෝය.


“බාත් රූම් ෆිටින්ස් නම් සුපර්බ්.”


ලොකු පුතා සිල්වා මහත්තයාගේ කණට ළංවී රහසින් කීවේය.


“ඔව් ඔව් fදාර ජනෙල් එහෙමත් හොඳයි.”


ඔහු සතුටින් පැවසුවේය. 


නිවසේ උඩුමහළට කැළණි විහාරයේ කොත් වහන්සේ දර්ශනය වෙයි.


“බලන්න දවසේ පැය විසිහතර පුරාම කැළණි විහාරයේ කොත් වහන්සේ දකින්න ලැබෙන එකත් කොච්චර ලොකු පිනක්ද?”


ලාල් මහත්තයා කීවේය.


“කැළණි පන්සලට ගොඩක් දුරද?”


සිල්වා මහත්තයා විමසුවේය.


“දැන් පාලම හදල තියෙන නිසා විනාඩි පහේ ගමන. ඒ කාලෙ නම් අපි කැළණි. ගියේ පාරුවෙන්.


ලාල් මහත්තයා පිළිතුරු දුන්නේය. 


අවුරුදු තුනකට කලින් මිය පරළොව ගිය සිය බිරිඳ එක්වරම සිල්වා මහත්තයාගේ මතකයට ආවේය. ඇය කැළණි විහාරය  වැඳ පුදා ගන්නට බොහෝ ආසාවෙන් සිටියාය. එහෙත් මිය යනතුරුම ඇයට ඒ සඳහා අවස්ථාවක් නොලැබිණ.


“ගෙවල් දෙකම කෑෂ්වලට ගන්න නිසා මම හොඳ ඩිස්කවුන්ටි එකක් දෙන්නම්.දෙන්නටම අගල් තිස් හයේ ටෙලිවිෂන් දෙකකුත් දෙනව මගේ ගානේ.”


ලාල් මහත්තයා කතා කරන්නේද උතුරා ගිය සතුටිනි.


නිවෙස් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සියලු දෙනාම මිදුලට රැස්ව මඳ වේලාවක් එහි ගත කළහ. ඔවුහු සතුටින් ඉපිල ගොසිනි. වෙල්යාය දෙසින් හමා එන සුළඟ සිතටත් ගතටත් සුවයක් දනවයි.


“හවසට පුටුවක් තිගෙන මෙතනට වෙලා ඉන්න තියෙනව කොයිතරම් දෙයක්ද?


සිල්වා මහත්තයා සිතුවේය.


“මේ පළාතට වතුර ගලන්නෙ එහෙම නැද්ද . අසුනවේ ගංවතුරට මම කොහිලවත්තේ  මිත්‍රයකුගේ උත්සවයකට ඇවින් ආයෙ යන්න බැරිව කොටුවුනා.”


සිල්වා මහ්තයා කීවේය.


“ආපෝ කොහිලවත්ත මෙතන ඉදන් කොච්චර දුරද කොහිලවත්ත පිහිටල තියෙන්නේ කැළණි ගඟේ කටේනේ. මුද ගැලුවත් මේ ගෙවල් නම් යට වෙන්නෙ නැහැ.”


ලොකු පුතාත් රත්නායකත් සහකාරියන් දෙදෙනාත් පසෙකට වී මද වේලාවක් සාකච්ඡා කොට පසුව ලාල් මහත්තයා අසලට පැමිණ නිවෙස් දෙක මිලට ගැනීමට කැමැත්ත පළ කර සිටියෝය.


“පුතාට කෝල් එකක් දෙන්නවත් විදිහක් නැහැ නේද?”


“හෑන්ඞ් ෆෝන් එකේ බැටරිය හොඳටම බැහැල තිබුණෙ. ඔරුවකින් ආපු කොලුවෙක් ෆෝන් එක චාර්ජ් කරල ගෙනත් දෙන්නම් කියල අරන් ගියා. ගියා ගියාමයි ආපහු ආවෙ නැහැ.”


“සිල්වා මහත්තයායා කණගාටුවෙන් යුතුව පැවසුවේය.


“අනේ අංකල් ඔයා ඔච්චර මෝඩද ?


“අසරණ වුණාම මෝඩ වැඩත් කරන්න පෙළඹෙනව දරුවෝ.ගමේ හැදුනු අපි හිතන්නෙ හැම දෙනාම අපි වගෙයි කියලනේ. ”


“මගේ ෆෝන් එකෙත් බැටරි බැහැල. නැතිනම් හසිතට කෝල් එකක් අරන් බලන්න තිබුණ.”


සුරංග කීවේය.


“මට දැනෙනව දැන් මේ ගේ ගිලා බහිනව වගේ. ”


“මටත් වෙලාවකට එහෙම දැනෙනව. මේක පුරවාපු ඉඩමක්නේ. ගිලා බහිනවද දන්නෙත් නැහැ. ලාල් මහත්තයා අපිව රැවට්ටුවා.”


“ගමේ ගේ fදාර විකුණල ආපු නිසා අපිට ආයෙ ගමට යන්න විදිහකුත් නැහැ.”


 ගඟ උතුරා ගෙන එද්දී සුරංග බබෙක් ලැබෙන්නට ආසන්නව සිටි බිරිඳ  ඇගේ දෙමාපියන්ගේ නිවසට ඇරළුවේය. ඔහු ඇය ඇරලවා අනෙක් අතටම ආපසු පැමිණ.යේ නිවසේ බඩු මුට්ටු ආරක්ෂා කළ යුතු බැවිනි. මුහුදු මංකොල්ලකරුවන් ගැන ඔහු  කොතෙකුත් අසා තිබේ. එහෙත් ඔරුවලින් පැමිණ වසා තිබෙන නිවෙස් වල බඩු මුට්ටු පැහැර ගන්නා නීච මිනිසුන් කොට්ටාශයක් දුටුවේ  ජීවිතයේ පළමු වතාවටය.සංවිධානාත්මක කල්ලියක්  වසා තිබෙන නිවෙස්වල වහලයෙන් බැස අතට හසුවන දේ පැහැර ගෙන  යති.


බලා සිටියදීම අඳුර ගලා ආවේය. ඈත තැනින් තැන නිවි නිවී දැල්වෙන විදුලි එළි කිහිපයක් පෙනෙයි.


“මම නිදා ගන්න යනව අංකල්. අංකලුත් ගිහින් නිදා ගන්න.”


සුරංග නිවස තුළට යමින් කීවේය. මද වේලාවක් බැල්කනියේ රැදී සිටි සිල්වා මහත්තයා  හාන්සි පුටුව මත දිගා වුණේය. හාන්සිපුටුව මත නින්දට වැටී සිටි සිල්වා මහත්තයා තැතිගෙන අවදිවුයේ කිහිප දෙනෙකු විසින් තමන් ඔසවන බව දැනීමෙනි. ගෙට හොරු පැන ඇතැයි සිතූ සිල්වා මහත්තයා බියෙන් කෑ ගැසුවේය.


“බය වෙන්න එපා අංකල්. මම සුරංග. මේ නේවි එකේ මහත්තුරු.තව පොඞ්ඩකින් අපේ උඩ තට්ටුවටත් වතුර දමාවි. ඒ හින්ද අපි ඉක්මණටම ගොඩබිමට යමු.”


“අනේ දරුවො මේ තියෙන බඩු මුට්ටුවලට  මොකද කරන්නේ?”


“ඕව ගැන හිත හිතා ඉන්න බැහැ අංකල්. අපි දැන් ගොඩබිමට ගිහින් ජීවිතේ බේරගමු.”

m



අදහස් (0)

ගංවතුර මැද ඉන්න ඔබත් ඉඩමක් ගන්න

ෆෙරෝස් Thursday, 09 June 2016 08:51 AM

කියවන්න අාසා හිතෙන විදිහට ලියපු කතාවක්. එ්ත් අසරණ වුණ මිනිස්සු මතක්වෙලා දුක හිතුනා (නි)

:       0       0

ඉන්දික Friday, 10 June 2016 10:18 AM

පව් අහිසක මිනිස්සුන්ගේ වටිනා දේපල (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 235 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site