Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුලි මස 02 වන සෙනසුරාදා
නම්න් පසිඳු දඹදිව තුල පඬි රට රජ කළ | නිරඳුට |
යොදුන් ගණන් අඹ උයන් විය එහි මැද සෑදුන | යසට |
ඇසින් බලා බැරි නිමවන රන්කඳවෙයි ගහේ | පාට |
ගොසින් පතිනි එ අඹ ගසේ අඹයක පිළිසිද | මොනවට |
අරි න සැරෙන් පොලූ ගල්කැට වෙඩි සැර ආමුන | පෙරලා |
කරන සටන් බැරිව සෙනග සිට ආයුධ අත | හැරලා |
විදින වෙහෙස දැක දිවසින් සක් රජ කරුණා | කරලා |
රැගෙන දුන්න සහ ඔලගුව මහළු වෙසක් ගෙන | දරලා |
පුරුක් නවය සන්දිනිසා දුන්න අදියි වර වරක් විදල ඊය | නවන්ට |
මෙසේ කව් නිරිදුට උඩ | බලන්ට |
කලක් පවතිනා අණසක ගුවනේ කැරකී | තිබෙන්ට |
උලක් ඇන්න සේ අඹ කිිරි වැටුණේ පඩි නෙත | මැකෙන්ට |
ඉරුදින ඉරුරැස් සාමි | උපන්නේ |
සඳුදින සඳ රැස් සාමි | උපන්නේ |
කුජ දින තෙදරැස් සාමි | උපන්නේ |
බුද දින බුදු රැස් සාමි | උපන්නේ |
ගුරු දින ගිනි රැස්සාම් | උපන්නේ |
කිවි දින ඒ මහ සාමි | උපන්නේ |
කුඩා සාමි සඳු දිනේ | උපන්නේ |
සත් දෙන කුමරුන් මෙසේ | උපන්නේ |
මෙකප පළමුව පහළ අපෙ මුනි රැකි දහම් සිල් ලොව් | තුරා |
එකළ දඹදිව කුමරුන් සත් දෙන විය සිටු පිළිසිද | වරා |
පිනට තම සිත නැමි මුනිදුට දෙමින් කටිනය එම | වරා |
පතා දෙව් වෙමි සිතා කටිනය දෙවොල් දෙවි පුදකළ | වරා |
සත් පත්තිනි දෙවි | වන්තී |
රන් රිදියෙන් ගෙන | යදිතී |
සත් පත්තිනි වරම් | දෙති |
යැදපු දෙවෙල් අදින් | නැතී |
ඉගුරු මිරිස් අබ | සමගින |
ලූනුද පස් කුලූ බඩු | ගෙන |
පස්ලෝ කටු ගෙන | සමගින |
යැදපු දෙවොල් දොස | මෙසියන |
අද ගොලූ බිහිරන් | අරවා |
ජඩ පෙළ කැසි මුසු | අරවා |
සැමදෙවි ආතුර | ගලවා |
සෙත් සිරි දි | ආවඩවා |
ආයුත් | වඩාලා |
කොතලෙන් පැන් | වඩාලා |
කළසෙත් | මුදලා |
මෙකළ කාරිය | ආවඩාලා |
අදිති පිළි සැට්ටත් සොද | තොප්පිද |
ගනිති අතට සිරියල් හා | මුගුරුද |
බලති යකුන් දුටු තැන බැට දෙති | තද |
තෙදැති දෙවොල් දෙවි සෙතදෙන් ලැබ | පුද |
කපුරු කස්තුරි සදුන් උරලෑ මුවද පිනිදිය කුප්පි | පුරවා |
අකුරු ලිත්කවි සින්දු වණ පොත් නිමිති වෙද පොත්ද | ලියවා |
මතුරු මනිත‍්‍රාද දැප කර නැකත් ගිනි චක‍්‍රමය | කරවා |
යතුරු පන්හිත් මූනද දැල් කටු ලියන පොත් පෙට්ටි | පුරවා |
නොයෙක් රත්නිල් පබලූ මනරන් මුතු මැනික් වයිරෝඩි | ගත් |
රිදී ද රත‍්‍රන් සලූද ඊසල් වරාගන් තඹ කාඩි | පෙට්ටිත් |
තඹත් ලෝකඩ දේද පිත්තල යකඩ වානේ ලොහො | කඩාගත් |
ගෙනත් නැව් ගෝරමුත් ඊයම් තට්ටු ඇද නැව් හතේ | පුරවන් |
තොප්පිකර උරබාහු කාගුල් ඔටුනු දුන හැද දෙවර | බන්දිද |
නෙත්ති රත‍්‍රන් මාලපටියද දවුල්ගස් කරමාල | පටියද |
සැට්ට කම්බිලි සහ මුරි වන්නද සේල බුබුලූ | පටියද |
ගත්තු පා මුදු වළලූ රසුනඳ ගිගිර සිව්සැට බරණ | සමගද |
උඩැක්කිත් බෙර රබන් මද්දිලි දවුල් තම්මැට්ටමද | වීනා |
හඬත් නද තම්බෝරු සක්ගෙඩි පුරන් පේත්තුද කොම්බු | හොරණෑ |
කුඩත් කොඩි කුඹ දෝලි කූනන් චාමරද සේසත්ද | රැගෙනා |
කොඩිත් රෙදි නැව් හතට වෙන්කර පංචතූරිය නාද | දෙමිනා |
කරක්කච්චිද සේල කම්බිලියෙන් තුන් විල්ලෝඩි | ගනිමින් |
කුලච්චිත් සොද කසා කච්චිද කාල්ලන් පට සේල | හරියන් |
තඩුප්පුත් සොඳ සීන් කම්බිලි රත්නවල්ලිද කොකිල | පට්ටන් |
ඉරට්ටුත් පොත් හරිද අබරණ වල්ලිද මුතු දැඩි රැළිද | තොක්කන් |
රත්න කම්බිලි සේල ඔලියල් පාරු සේලද කිවිසි | විලඹුන් |
මුත්තු වරියං සේල ගුජ්ජරියනුත් රතු සේරාඩි | කලඹුන් |
පච්ච වඩමත් කුලූද නිල්වන් සුදු කවද නිල් පිලීලෙන් | යුත් |
කච්චි මුරිවත් කඳන් කම්බා ඉද්දමල් මුතු වඩිග | කායත් |
පට්ට පට්මල් තොප්පි උඩ උරමාල සහ පරමදා | සැට්ටද |
කට්ටු සුරුට්ටුද අමු වඩිගද සැට්ට රතු පගලත්තු | තොප්පිද |
සැට්ට සන්තන් ඔවක් පටිසත නාගපසලන සම් | සෙරෙප්පුද |
කට්ටු බැද නැව් පොට්ටි පුරවා ලක්ෂ ගණනක් පැටෙව් | නිවරද |
සමන්ත කූට පර්වතයක සාසන බාරව | සිටිනෙක |
සවන් පුරා අසන බණත රකින සීලෙ සිල් | මහිමෙක |
අතින් දරණ පත් කඩයක නා ගණවැල නිතර | අතක |
සමන් දෙවිදු යන උතුමෙක දෙවොල් යකුට | බලපෑවෙක |
ජලෙන් උපන් ජල කුමරක නාථ දෙවියො යන | සුරිඳෙක |
ඈත සිටන් එනවා දැක දෙවොල් කුමරු ඒ ගල් | නැවක |
බිත තොටින් ආ උන්දැක යාපා පටුනේ තොට | රැක |
නාථ දෙවියො යන උතුමෙක දෙවොල් යකුට | බලපෑවෙක |
අයිල දෙකේ ආ මුණ රැක නැවතුනු හිමි | අයියනායක |
වෛර බදින හිත තදයක දහිරිය ගැන නොමැති | සෝක |
ලෙයිද ඇගේ මල් වැල් දැක උනුව ගියේ ඇටගත | නෙක |
අයියනායක දෙවි උතුමෙක දෙවොල් යකුට | බලපෑවෙක |
ඇද්ද මෙහෙම බල මහ්ිමෙක ගොසින් ඉපිද අඹ සුද්ද ඇතිව | උයනක |
පඬිරජු දැක එරන් අඹය විදපු | හනික |
විද්ද සැනින නැටි කැපුනෙක කිරිවැටිලා නෙත | මැකුනෙක |
සිද්ද පතිනි තෙද උත-මෙක දෙවොල් යකුට | බලපෑවෙක |
දෙවි සත් | දෙනගේ-- |
උපතක් කියමි | ලාගෙ |
දුක් නිවන | යාගේ |
කියමි මේ කවි දෙවොල් | බාගේ |
මුහුදු මනි | මේකලා |
දෙවි වූ දිවැස් | දැකලා |
ගල් පහුර | මවලා |
දුන්නු මෙරට එන්න | නොබලා |
තෙද දෙවොල් | යක්කූ |
බහිරව පිල්ලි | යක්කූ |
ගිනි මදන | යක්කූ |
එන්න මෙකරට දෙවොල් | යක්කූ |
ඈත සිටන් ගොඩබැස එන්ඩ | සපිරියේ |
වැදී කුමක සේ එනවාට | අපිරියේ |
නොදැන එන්ඩ ඇරියොත් වැරදි | කාරියේ |
එදැක සමන් දෙවි ගොඩ එන්ඩ | හැරියේ |
කොතෙක් මෙතර දිය වටකර | වළල්ලේ |
දෙකක් පසුව ගිය තොටමුණ | ඇසිල්ලේ |
තොටක් තවත් දුටුවොත් සිත | ලවුල්ලේ |
තොටක් දැකපු ගොස් දෙවිනුවර | වැල්ලේ |
එතෙර සිට ඇවිත් උන් කරපු | කාරියේ |
මෙතෙර ගොඩ එන්ඩ උන් කරන | වීරියේ |
නොතිර නම් කළායින් වැරැදි | කාරියේ |
කතරගම දෙවිදු ගොඩ එන්ඩ | නෑරියේ |
නොදැක කෙලින ගග දියමෙන් සිසිල් උදාරයෙන් පැන ගිනි | වී |
මැදට සැක නො | වී |
අදහ සිතින් ලත් අණසකය බොහෝ | වී |
එදා පතිනි නම තැබුවට දෙවොල් දෙ | වී |
දොළසක් දෙවි ගොඩ බැස මෙලකට පිරිවර සමග | එදා |
බලයක් පෑ තතිනි දෙවිදුගෙන් වරමුත් ලැබ | එමදා |
කෙළියක් ගිනි කෙලිනා ලෙස ගිනිමැලයේ දුවති | එදා |
හිලියක් වුණි මෙමුළු ලකට දෙවොල් සුරිදු වැඩිය | එදා |
තෙද වර පාමින් වර ලැබ පතිනි දෙවිදුගෙන් ලක සොද ලෙස | වට |
කෙළි පුද ලබවින් වැජඹෙන තම යස | පලකොට |
අද වැඩියොත් දෙවොල බාගයේ බණ්ඩර දෙවි | පේනට |
සිද බිද වෙයි සෑම සතගෙ උවදුරු දොස් මුලූ | පූට |
ලිහිල් නොකර මිනි අබරණ පැළද සුවද | සමගින්නේ |
විදුලි කළඹ මෙන් දිලිසෙන රන් ආවුද | ගෙනතින්නේ |
දෙවොල් බාගයේ බණ්ඩර දෙවි පේනට | වඩිමින්නේ |
සියල් සතගෙ උවදුරු ගිය රිවි දුටු පිනි බිඳු | වැන්නේ |
සිනිගම | දැකලා |
ගමරට මැදට | වැඩලා |
තෙද බලය, | පාලා |
දෙන්ඩ කෝවිල කර | වදාලා |
සීනිගම | මැතිදුට |
දමා ගිනි ජල් ලෙඩ | කොට |
කර කෝවිලක් | වට |
දුනොත් ලෙඩ හොඳ කරමි | හනිකට |
තේජස් | වදාලේ |
තුන්තානි ගෙන | දෙවෙලේ |
සුප් කප් | දැලේ |
කරපු දෙවිදුට ඒ | දේවාලේ |
කරපු | දේවාලෙට |
වැඩලා දෙවිඳු | එතනට |
ලොව හැම | දනන්හට |
දමා ගිතන් ගති | තදකොට |
තෙද බලය | පෑවේ |
අණසක දිව්වේ | වූවේ |
හැම දොස් | මිදුවේ |
බලය පෑ දෙවි කෙහෙල් | ගමුවේ |
සෙනගක් | සමෝගේ |
කියන ගින්දර | රාගේ |
එන නැව මේ | කාගේ |
කියන් එන නැව දෙවොල් | බාගේ |
ඉස මුව | සෝදමින් |
පිරිසුදු වතක් | අදිමින් |
ගසා දුම්මල | සුවදින් |
ගොසින් විල ළග ගසක් | සොයමින් |
මිල්ලයක් | දැකලා |
ගස පිස | දමලා |
අගුරු දුම්මල | දීලා |
එත්ලූ මිල්ලය | සොයාලා |
භගිනි කියන දෙමළ | භාෂාවට |
දෙගිනි සාව ඇවිලෙති ගිනි | මැලයට |
මෙගිනි පාගමින් මැල් | නටන්නට |
එගිනි කුරුම්බර වඩිනේ | පේනට |
සිද්ද පත්තිනි දෙවි වරම් | දෙන්නේ |
ලද්ද වරම් තුන් ලොව | විහිදෙන්නේ |
සුද්ද වංස ඇති දෙවොල් | යකුන්නේ |
සද්දවසක් ඇදුරා පේ | වෙන්නේ |
දහ අට බාසයයි කියති | මෙසේයා |
ලූහු බැද ගිනි පිට නටති | මෙසේයා |
ලූහුබැද යක් සෙන් දුවපු | මෙසේයා |
බිය වැද යක් සෙන් දුවපු | රැසේයා |
තිර හතරක් බිදිමින් | නොලසේයා |
සරසා වටතිර බදිති | මෙසේයා |
බිමට එපියවිලි එලූ | පියසේයා |
ගොසින් එගිනි කඳ සුන් | කරනේයා |
පිස්ලි වෙලා පනිමින් ගිනි | මැලයට |
දස්ස වෙලා වඩිනේ අද | පේනට |
මෙගිනි පාගවින් මැලේ | නටන්නට |
විස්තර පේනක් කියන්න | හනිකට |
හත් දවසක් ආයුද ගෙන | සුරතට |
එක් දවසක පිරිවර ගනනින් | වට |
දස දහනක් ගිනි රැස් | විහිදෙන්නට |
සත් දවසක් යැද තිබුනොත් | දෙවිඳුට |
දහස් ගණන් ගිනි පුපුරු | මෙසේයා |
දහස කෙළින තරු රැස් | ලෙසිනේයා |
රෝස් වෙලා යැද තිබුනු | දොසේයා |
දෝස මුදන්නට නටති | මැලේයා |
සත් පත්තිනි මැඩම | වන්නට |
සළඹ හතක් අතට | ගන්ඩ |
හැදපු දෙවොල් | සන්හිඳෙන්ට |
දිව සළුවෙන් | ආවඩන්ඩ |
සිද්ද පතිනි දෙවි නෙතට | පෙනෙන්නේ |
සැදි සීනිගම තොට දැක | එන්නේ |
සිද්ද පතිනි ගිනි වැටක් | මවන්නේ |
වැද්ද නොදී ගිනිකඳු | පාගන්නේ |
රුසිරු නවදෙන විමන | වඩිනවා |
හතර ටෙට් දෙවි දිවැස් | බලනවා |
ගිගිරි සළඹ දෙවොල් දෙවිඳු | දරනවා |
දෙවොල් දෙවඳු ගිනි කෙළියට | එනවා |
අග්නි දිගට වැදලා රඹ | තොරණයි |
රතුපිට පිළියෙන් බැදි උඩු | වියනයි |
රිදියෙන් රත්තරනෙන් රඹ | තොරණයි |
දෙවොල් දෙවිදු ගිනි කෙළියට | වැඩියයි |
නැතත් බලැති දොළසත් දෙවියන් | නමට |
කොතේක් පාලි කෙරුවත් නැත සිත | සතුට |
මෙතෙක් කර දොළස ආතුර | රැකීමට |
ඇතෙක් සොයා බැදලා දෙමි | පඬුරකට |
බලා පුත්තලම් මඩකලපව | හිමයේ |
බලා ඇවිද වැදි හත්කට්ව | හිමයේ |
මුලා නොවී තුන් සිටිනාකල | හිමයේ |
එදා බැඳ දුන්න දෙවිහට | ඇතායේ |
නැතත් හිම වතේ අතු අග දළු | කන්නා |
පුතේක් බඩ යටින් එල්ලා ගෙන | එන්නා |
මදක් රැවුල ඔරවා බිරු සන් | දුන්නා |
ඇතෙක් දුටිමි ගහනින් ගහකට | පැන්නා |
අං දෙක බරු ලෙසට පිට දඅග | විහිදෙච්චී |
කං දෙක බට දළුව විලසට | බේරිච්චී |
තැන් තැන්වල හමේ සුදු ලප | ඉහිරෙච්චී |
ගම්බිර හොද ඇතේක් අද මට | හමුවෙච්චී |
තැනත් හිම වතේ තැන් තැන්වල | හිටියා |
එතෙක් කර කියමි දුටුවේ නැති | සැටියා |
කොතෙක් වත් මහත නැත ලා සක් | කැටියා |
ඇතෙක් දුටුමි ඒ දණ්ඩක් උඩ | සිටියා |
ටිං ටිං ගගා කිතරම රැුව් දී | සිටියා |
රන්වන් ඉරි තුනක් පිට දිග ඇති | සැටියා |
යම් තම් හඬක් නැගුනොත් ගහ උඩ | සිටියා |
මන් අද ඇතෙක් දුටුවා වැට ළග | සිටියා |
කෙසෙල් කඳන් සේමයි දළ | ඇතාගේ |
වට්ටි කුළු වගොයි කන්දෙක | ඇතාගේ |
බැවිල මල් වගෙයි ගෝමර | ඇතාගේ |
බඳන්න බැරි කිම සාමිනි | ඇතාගේ |
අවුලා | විලක්කු |
වැන්දෝ දනෝ | එක්කූ |
දෙව් දොළහ | එක්කූ |
මෙයින් ගන්නේ ඒ | විලක්ක |
පැලේ උඩට ගොස් උරගුන් | වැටුනද |
රැලේ වෙලා කිකිළිය | හැඩලූවද |
කුලේ වැදූ ඇතු සැවොම මැරෙව් | කවුද |
බලේ ඇතිව ඉන්දොස යයි මුල් | සිද |
මූදු රෙළ බෝ පඩිගේ | වැසුවා |
ගම් බම් වාදය වී | දිවිරුවා |
දොළහ දෙවිදු හට දොස්කර | වූවා |
ඉන් ආ වස් දොස් අද දුරු | වූවා |
ඇල්ලේ මාවත බිම ඉරි | ඇන්දා |
මලලේ ලා උරගුන් | බැන්දා |
තෙල්මේ මිහිකත | අනුහසයෙන්දා |
ඇල්මේ ජලමෙන් දොස ගියේ | බින්දා |
පානේ රැල් ගඩපිඹලා | නිව්වා |
යානේ පැදුරට නොකියා | ආවා |
මානේපොළටය දොස්කර | කීවා |
මෙතැනේ උවදුරු අද දුරු | වේවා |
අමිත ජයසිංහ Saturday, 06 April 2013 09:43 PM
මට අවශ්‍යයයි කිරිඅම්මා දානය දෙන නිවැරදි පිළිවෙල හා ගායනා කරන ස්ත්‍රෝත්‍ර හා කවි දැනගන්න. (නි)
Reply : 0 0
නිත්‍යා Saturday, 05 January 2013 01:53 PM
පාරම් පරික දේ අසන්නට දකින්ට අවස්ථාව සලසාදීම ගැන ස්තූතියි (ස)
Reply : 0 0