අහසේ වළාකුලූ අතරින්ද මැවී පෙනුනේ අවිනිශ්චිතබවේ සලකුණුය. නැගෙනහිර පළාතේ දැකුම්කලූ වෙරළතීරය වු ආරුගම්බේ මුහුදුතීරය වම්පසින් චමත්කාර දසුනක් ගෙනෙයි. ඉදිරියෙන් ඇති ආරුගම්බේ පාලම ඒ චමත්කාරය දෙගුණ තෙගුණ කරයි. එහෙත් ත‍්‍රස්තවාදය රටපුරා පැතිර තිබු වකවානුවක් නිසා දකින දකින හැම මිනිස් රුවකම ඇත්තේ අවිශ්වාස බවකි. වනජිවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක්වු එම්.සී.ජී. රූපසිංහ මහතා සිය නිලරථයේ වම්පස මුහුදේ ඈතින් පෙනෙන ක්‍ෂීතිජය දෙස බලාගත්වනමය. රියදුරුද වැඩි කතාබහක් නැතුව රිය පදවන්නේ අනතුරක් කොතැනක හෝ විය හැකියැයි වු අවිශ්වාසයෙනි.වනසතුන් වෙසෙන කුමණ ජාතික වනෝද්‍යානය බලා මේ වාහනය ඇදෙන්නේ නැගෙනහිර පළාත හරහාය. වරින්වර ත‍්‍රස්තවාදින් යනෙන පොතුවිල් නගරය පසුකර වාහනය ආරුගම්මේ, උල්ල හරහා ඉදිරියට ඇදීඑයි. දැන් දෙපස ඇත්තේ වෙල් යාය ය. මුහුදද සිය මානයෙන් ඈත්ව ඇතිබව වාහනයේ සිටි අයට හැගිනි. මාර්ගය තැනින් තැන අබලන්ය. වළගොඩැලි සහිතවු පාර කාලයකින් අලූත්වැඩියා කර නැත. මෙතැන් සිට මිනිස් වාසයක් දැක ගන්නට තවත් කිලෝමීටර් දහයක් යායුතුය. එවිට හමුවන්නේ පානම ගම්මානයයි. මේ මීට වසර එකොළහකට දොළහකට පෙර තත්ත්වයයි. පානමට ළගාවුණ වාහනය පානම විදුහල පෙනිපෙනී ඇති තුංමං හංදියෙන් වමට හැරවුයේ කුමණ බලා යන්නටය. නැගෙනහිර පළාතේ කෙළවර පිහිටි සිංහල ගම්මානය දකුණින් මායිම්වන්නේ කුඩුම්බිගල අභය භූමියටයි. පානම සිට කුමණට කිලෝමීටර් හතළිහක් පමණ දුරය. කුමණ ජාතික වනෝද්‍යානයට පිවිසෙන  ඕකන්දේ වනජීවී කාර්යාලය පිහිටා ඇත. වනජිවී සහකාර අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා මේ යන්නේ එතැනටය. නමුත් මේ කියන වකවානුවේ මේ ගමන අදමෙන් පහසු නැත. කොටි ත‍්‍රස්තයන් කොතැන සැගවී ඇද්ද යන්න කිසිවෙකුටත් කිව නොහැක. මේ අඩවිය කතරගම දෙවියන්ගේ අඩවියයි. එසේ නමුදු කොටි ත‍්‍රස්තයන් වරින්වර විවිධාකාර ත‍්‍රස්ත ක‍්‍රියාවන් මේ අඩවියේ සිදුකර තිබු බව රූපසිංහ මහතාත් රියදුරුත් වරින්වර සිහිපත් කරමින් රිය ඉදිරියටම ඇදෙයි. දෙපස ඇති වෙල් යායත් කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයට හැරෙන පාරත්  පසුකර ඉදිරියට ඇදෙද්දි හමුවන ඈත කළපුව පෙනිපෙනී රිය අභය භූමියට ඇතුළුවිය. ත‍්‍රස්තවාදීන්ගේ ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයක් සිදුවු තැනක සලකුණුද පසුවිය. වනසතුන්ගේ ජිවිත ගැනත් උන්ගේ වාසභූමිය ගැනත් සොයන්නට මේ යන්නේ තමන්ගේ ජිවිත පරදුවට තබා බව රියේ සිටි අයට පසක්වී හමාරය. ‘‘දැන් අපි ඉන්නේ කතරගම දෙවියන්ගේ අඩවියේ. කතරගම දෙවියෝ ගොඩබැස්සේ  ඕකන්‍ද දේවාලය ළගට කියලනේ කියන්නේ.’’ වාහනයේ සිටි කෙනෙක් නියැඩිතාව බිදිමින් කියනු ඇසිනි. ඒ වනවිටත් ඈතින්  ඕකන්‍ද දේවාල බිමේ මහා කළුගල ඈතට දිස්විනි. වාහනය  ඕකන්‍ද දේවාලය අසල පිහිටි වනජිවී කාර්යාල භූමියට ඇතුළුවිණි. මේ කුමණ විල්ලූවට විදෙස් කුරුලූ වර්ග සංක‍්‍රමණය වන වකවානුවයි. වනජිවී සහකාර අධ්‍යක්‍ෂවරයා මේ පැමිණියේ ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් සතුන් රැුකගන්නා තම කාර්ය මණ්ඩලය හමුවීමට සහ කුමණ විල්ලූවට ගොස් නිරික්‍ෂණ චාරිකාවක නියැලීිමටය. අද මෙන් මේ කියන වකවානුවේ කුමණ වනෝද්‍යනයට නිදහසේ, රිසිසේ යා නොහැක. කොටිත‍්‍රස්තයන් කැලෑවේ සැගව සිටිමින් විවිධ ත‍්‍රස්ත ක‍්‍රියා සිදුකිරිමත්, එහි සිට යාල,  කතරගම, බුත්තල, ඔක්කම්පිටිය, ආදි ප‍්‍රදේශවලටද  ඔවුන් සංක‍්‍රමණය වන නිසා  ඕකන්දෙන් එහා කුමණ වනෝද්‍යානයේ පොලිස් විශේෂ කාර්ය බළකායේ ක`දවුරු කිහිපයක්ම පිහිටවනු ලැබිණි. කුමණ වනෝද්‍යානයේ භාරකරුවන් තමන් වුවත් දැන් තමන්ට රිසිසේ මෙහි යාමට වනජිවී නිලධාරින්ට නොහැකිය. ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බළකාය දැනුවත් කළ යුතුය. ඕකන්‍ද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ එවක ප‍්‍රධානියාව සිටියේ පොලිස් පරීක්‍ෂක එච්.ඒ.එස්. ෆොන්සේකා මහතාය. ප‍්‍රතිපත්තිගරුක නිලධාරියෙක් ලෙස ඔහු කා අතරත් විශ්වාසයක් දිනා සිටියෙකි. ගිනිඅවි දරා සිටිය ආරක්‍ෂක නිලධාරින් දැක නිසසලව වනයේ සැරිසරන්නට තරම් ඔහු සිටි කාලයේ කුමණ වනසතුන් හුරු පුරුදුව සිටියේය. ෆොන්සේකා මහතාට වනසතුන්ද ආදරය කළේය. ඔහු සිටි කාලයේ කිසිම ආරක්‍ෂක භටයෙක් සතෙකුට සිය ගිනිඅවිය එල්ල නොකළේය. එසේ සිදුවුයේ ෆොන්සේකා මහතාගේ නායකත්වය නිසාය. කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ධම්මදින්න හිමියන්,  වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා අත්වැල් බැදගෙන සුහදව ඔහු කටයුතු කෙළේය. ත‍්‍රස්තවාදීන්ගෙන් පමණක් නොව දඩයක්කරුවන් වු මස් වැද්දන්ගෙන් ද වනසතුන්ට ෆොන්සේකා මහතාගේ කාලයේ ආරක්‍ෂාව සැපයිනි. ‘‘කැලේ සත්තුටික රැුකගන්න කතරගම දෙවියො එවපු ආරක්‍ෂකයෙක්’’ ෆොන්සේකා පොලිස් පරික්‍ෂකවරයාගේ ක‍්‍රියාකලාපය ගැන ආරංචිවු  පරිසර හිතකාමීහූ පමණක් නොව වනජිවී නිලධාරින්ද කියන්නට වූහ. ‘‘හැන්දෑ කළුවර වැටෙන්න ඉස්සර කුමණ විල්ලූව පැත්තට ගිහිං එන්නයි මගේ අදහස’’ රූපසිංහ සහකාර අධ්‍යක්‍ෂවරයා  ඕකන්‍ද වනජිවී කාර්යාලයේ නිලධාරීන්ට මතක් කළේය. ‘‘මේ දවස්වල කැලේ ඇතුළේ ත‍්‍රස්තවාදීන් ටිකක් වැඩිපුර ගැවසෙනවා. අපි එස්ටීඑෆ් එකේ අයිපී මහත්තයට මතක්කරලා ස්කොඞ්එකක් එක්කම ඇතුළට යමු සර්.’’ වනජිවී නිලධාරීහූ යෝජනා කළහ. ඒ අනුව  ඕකන්‍ද වනජිවී කාර්යාලයට යාබද පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ ප‍්‍රධානී පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතාට වනජිවී සහකාර අධ්‍යක්‍ෂවරයාගේ අවශ්‍යතාව දැන්විණි. ‘‘දැන් ගමන පිටත්වුනොත් ආපහු එනකොට රෑ වෙයි. මේ දවස්වල ටෙරාලා (කොටි ත‍්‍රස්තයන්) ඇතුළේ එහෙමෙහෙ යනවා කියන තොරතුර තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඒ හින්දා මේ හවස් වෙලා යන එක ඒතරම් සුදුසු නෑ. අපි පාර ක්ලිය කරගෙන හෙට උදේම යමු.’’ පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතා යෝජනා කළේය. ‘‘ඔව්. කැලේ ඇතුළේ තත්ත්වය දන්නේ අපි නෙවෙයිනේ. ඔබතුමා කියන විදියට කරමු.’’ වනජීවි සහකාර අධ්‍යක්‍ෂතුමාද පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතාගේ වචනයට ගරු කරමින් එකගවුයේය.කතරගම දෙවිදුන්  ලක්දිවට ගොඩබැස්ස  ඕකන්‍ද දේවාලය ඉදිරියෙන් දිස්වෙයි.  ඕකන්දේ වනජිවී නිලධාරින් දිනකට වරක්වත් එහි ගොස් දේවාලය ඉදිරියේ කපුරු දල්වා කතරගම දෙවියන් සිහිකර තමන්ට ආරක්‍ෂාව සලසන්නැයි හිතින් අයදියි. කුමණ වනෝද්‍යානයේ කුමන විල්ලූවට යන ගමන ගැන පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතා සමග කතාකර දෙපැයකට පමණ පසුව වනෝද්‍යානය ඇතුළේ සිටින පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ගෙන් හදිසි පණිවිඩයක් පොලිස් පරික්‍ෂක ෆොන්සේකා මහතාට ලැබුණි. ඉන් කියවුණේ වනෝද්‍යානය ඇතුළේ බෝම්බ පිපිරිමක් සිදුව ඇතිබවයි. කුමණ විල්ලූවට නුදුරුව බඹරගස්තලාවට හැරෙන හන්දියට නුදුරින් මෙම පිපිරීම සිදුව ඇතිබව පණිවිඩයෙන් කියවිණි. ‘‘අපි ගියානම් හරියටම අපි තමයි ඉලක්ක වෙන්නේ. කතරගම දෙවියන් අපේ ගමන වැළැක්කුවා.’’ වනජිවී නිලධාරියෙක් කීවේය. ‘‘ඒකනම් ඇත්ත. පුදුම දෙයක්වුනේ. අයි.පී. ෆොන්සේකානම් මාර මනුස්සයෙක්. වෙනද ආවාම ඇතුළට යන්න  ඕනැ කිව්වාම විරුද්ධ නොවන කෙනා අද නොගිහිං හෙට යමුයි කිව්වම මටත් පුදුම හිතුනා. පිළිවෙත් රැකගෙන මේ කැලේ හිටියොත් අපිට කතරගම දෙවියන්ගේ ආශිර්වාද තියනවා.’’ වනජිවී සහකාර අධ්‍යක්‍ෂ රූපසිංහ මහතා කීවේය. රූපසිංහ මහතා මේ වන විට විශ‍්‍රාම සුවයෙන් පසුවෙයි. කතරගම දේව අඩවියේ ඇති හාස්කම් ගැන ලිපි පෙළ පළවෙද්දී එවැනි හාස්කම් නැතැයි කියමින් එහි යන එන්නෝ දැන් සුළභය. ‘‘පත්තරේ යන්නේ බොරු. ඔය කියන හාස්කම්ක් එහෙ නෑ. මම ළගදි කට්ටියක් එක්ක ගියා. මොන පේවිල්ලක්වත් වුණේ නෑ. අපි හොද ආතල් එකකුත් අරගෙන ආවේ. අපිට ඔය කියන කිසිම බාධාවක් වුණේ නෑ. අඩුම තරමේ මඩ ඩිංගවත් අපේ ඇඟේ ගෑවුණේ නෑ. පත්තරවලින් කියන්නේ මවලා. මම දෙවියන් ගැන විශ්වාස කරන්නේ නෑ.’’ එක්තරා ව්‍යාපාරිකයෙක් මහකැබිලිත්තට ගිය තම ගමන ගැන කියන්නට විය. එහෙත් ගමනින් දෙමාසයක් ඉකුත් වෙද්දී තමන්ගේ ව්‍යපාර කිහිපයකටම විවිධ බාධාවන් එල්ලවු බවත් කොන්ත‍්‍රාත් කිහිපයකම ගිවිසුම් අවලංගුවීමෙන් නොසිතූ අකරතැබ්බ වූ බවත් මිතුරන් කිහිප දෙනෙකුටම කියා තිබුණේ දකුණු සහ සබරගමු දෙපළාතේම ව්‍යාපාර හිමි තරුණවියේ පසුවන ව්‍යාපාරිකයෙකි. මහකැබිලිත්තේ ගිහිං එන්න මග සැලසුවාට ඔහුගේ ප‍්‍රතිපත්ති ගරුක නැතිබවින් මෙවැන්නක් වූ බවට සැකයක් මතුව ඇති නිසා දැන් කතරගම දෙවියන්ට පින්දී ආශිර්වාද ඉල්ලීමට ඔහු ගේ අදහසක් ඇති බව මිතුරන් කිහිපදෙනෙකුටම කියා තිබිණි. පසුගිය සතියේ විසි දෙවැනි කොටසින් මහකැබිලිත්ත සියඹලා දේවාලයට  යන නඩවලට රාත‍්‍රීයේ වනඅලියෙක් සිදුකළ අකරතැබ්බයක් ලීවෙමි. ඒ අවස්ථාවේ දේවාලය පිහිටි පැත්තේ බෝධිය අසල දකුණු පළාතෙන් එහි ගිය හිමිනමක් පිරිත් කී බවත් උන් වහන්සේට වනඅලියාගෙන් කරදරයක් නොවු බවත් ලීවෙමු. එහෙත් ඒ හිමියන් කවුරුන්දැයි නම නොලියු නිසා බොහෝ දෙනෙකු හිතන්නට ඇත්තේ එය මවා පෑ කතාවක් ලෙසය. මේ අත්දැකීමට මුහුණ දුන්නේ අම්බලන්තොට බැරගම පුරාණ රජමහා විහාරාධිපති ශාස්ත‍්‍රපති බැරගම විමලබුද්ධි හිමියන්ය. එම ගමනේදී උන්වහන්සේ මුහුණ දුන් තවත් අපුරු සිදුවීමක් හෙළි කළහ. ‘‘ඇත්තටම මහත්තයෝ, මහකැබිලිත්තට මට යන්න ආශාවක් හිතුනේ එතන බෝධීන් වහන්සේ ඉස්සරහ වාඩිවෙලා පිරිත් සඡ්ඡුායනය කරලා ඒ ලැබෙන පින කතරගම දෙවියන්ට අනුමෝදන් කරන්න. දෙවියන් කියන්නේ අපෙන් පින් බලාපොරොත්තුව ඉන්න පිරිසක්. දැන් බලන්න, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ වෙලාවේ එතනට ශක‍්‍ර දෙවියන් වැඩිය බව බෞද්ධ ඉතිහාසයේ කියවෙනවා. ‘අනිච්ඡාවත සංඛාරා....’ගාථාව ශක‍්‍ර දෙවියන් ප‍්‍රකාශකළ බවයි ස`දහන් වෙන්නේ. ඒකෙන්ම පේනවා දෙවියන් ඉන්නබව.’’ ‘‘අපේ ගමන ගියේ විශේෂ අවසරයක් ඇතිව යාල ගල්ගේ පැත්තෙන්. මම මේ මහකැබිලිත්තට ගියේ පළමු වතාවට. ඒ යද්දි කැලේ මැදදි බෝධියක් හම්බවෙනවා. එතන ඉදල් එහෙම තියනවා. මගෙත් එක්ක ගිය නඬේ අය එතන බැස්සා. සමහරු කොළඅත්තක් කඩලා එතන එල්ලූවා. බෝමලූව ඇමදුවා.  මමත් ඉදලක් අරගෙන බෝමලූව ඇමදලා බෝධිය වන්දනා කරලා දෙවියන්ට පිං අනුමෝදන් කළා. ඊට පස්සේ ගමන පිටත් වෙන්න කියලා හිතාගෙන වාහනේ තියන තැනට එන්න ආවා. ඒ වෙලාවෙ හුළගක් තිබුණෙත් නෑ. වදුරො හරි රිළව් හරි සත්තුවත් හිටියේ නෑ. ළග තිබුණ වීරගහේ පොඩි අත්තක් මගේ ඇඟේ ගෑවී නොගෑවී වැටුණා. ඇත්ටම ඒ වැටිච්ච අත්ත දිහා බැලූවම එහෙම අත්තක් වැටුණේ කොහොමද කියන එක පුදුමයක්.’’ ‘‘මම ඒ අත්තෙන් පොඩි අතු කෑල්ලක් කඩලා අර කොළඅතු එල්ලන තැන එල්ලූව. ඉතිරි කොටස අපි ගිය වාහනේ එල්ලූව. ඇත්තටම මේක ආශ්චර්යක්ද තියලා මට හිතුනා. මහකැබිලිත්තට ගියාම එතනට එන මිනිස්සු දැන් විකාර කරනවා මහත්තයෝ. සෙනග දැකලා සමහරු කියනවා පත්තරවලින් තමයි මෙතනට මිනිස්සු ගෙන්නවලා අපිරිසුදු කරන්නේ කියලා මට කෙනෙක් එතනදි කිව්වා. මම එයාට කිව්වේ පත්තරවල මෙතනට ඇවිත් අපිරිසිදු කරන්න කියලා නෑ. එන මිනිස්සුන්ට චාරයක් තියෙන්න  ඕනෑ. එතන හොද පුදබිමක්. පුදබිමක හැසිරෙන ආකාරයට හැසිරෙනවානම් එතැන අපිරිසිදු වෙන්නේ නෑ.’’ විමලබුද්ධි හිමියෝ කීහ.
අජිත්ලාල් ශාන්තඋදය
කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 1 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 2 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 3 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 4 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 5 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 6 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 7 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 8 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 9 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 10 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 11 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 12 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 13 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 14 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 15 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 16 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 17 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 18 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 19 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 20 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 21 කතරගම දෙවියන්ගේ අඩවියේ හාස්කම් - 22   කුමන විල්ලූව  ඕකන්‍ද වනජිවි කාර්යාලය  ඕකන්‍ද දේවාලය කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ ගලමුදුනේ චෛත්‍යයක්