IMG-LOGO

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා


කුමන වන මැද සැතපෙන බුදුරුව

අලි ඇතුන්, කුළු මීමුන්, වල් ඌරන්, වලසුන්, දිවියන් වැනි භයානක වන සතුන් රජයන මහා වනාන්තරයයි. බැලූ බැලූ හැම අතකම පෙනෙන්නේ අහසට අත් දිගු කරගත් විසල් ගස් කොළන්ය. පල බරින් යුත් මොර, පලූ වැනි ගස්ද නම් නොදන්නා තවත් විවිධ වනගත ගස් වලින්ද පිරුණු මේ සොඳුරු වනගහනය සැඳෑ හිරුගේ කිරණින් නැහැවෙමින් පවතී. කුමන නම් ගත් මේ සොඳුරු වන ගහණය මැද ඇති ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානය දැක බලා ගැනීමට යෑම අපේ අරමුණය. වන ජීවි නියාමක නිශාන් සුරවීර ඒ ගමනට අප කැටුව යෑමට සූදානම්ව හිඳියි. වියැළි ගුරුපාරේ දුවිලි අවුස්සමින් ඉදිරියට යන අපේ වාහනය කුමන වනමැදට වූ ප‍්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරවුණි. වසර 250කට පෙරාතුව පැවැති නාග පබ්බත සේනාසනය එවකට රෝහණ රාජධානියට අයත් ප‍්‍රමුඛ පෙළේ සිද්ධස්ථානයකි. රටේ නන් දෙසින් එන බැතිමතුන්ගේ වන්දනා මානයට ලක් වූ මේ පුද බිමේ එදා හිමිවරු සිය ගණනක් බවුන් වැඩූහ. අක්කර හතළිහක තරම් වපසරියක පිහිටි ගල්ලෙන් සිය ගණනක් තුළ වාසය කළ මේ හිමිවරු තම බණ භාවනා කටයුතු නිදහසේ කරගෙන ගිය බව කියති. එහෙත් ඒ සශ්‍රීකවත් රෝහණ රාජධානිය කලෙක විනාශ වී ගියේ සියලූ පුදබිම්ද වනගහණයේ ගිල්වාලමිනි. එබඳු පුදබිම් රෝහණය පුරා විසිර පැතිර පවතී. මේ පුදබිම් අතර මුහුදු මහා විහාරය, නීලගිරි සෑය, මඟුල් මහා විහාරය ඇතුළු තවත් විහාරාරාම රැසක නටබුන් මතුකරගෙන පිළිසකර කර තිබේ. එහෙත් නාග පබ්බත සේනාසනය නම් තවමත් වන මැද හැංගුනු නටබුන් ගොඩක් පමණි. එදා රහතුන් වැඩ සිටි ගල්ලෙන් වල අද වාසය කරන්නේ වලසුන් සහ දිවියන්ය. වනගත මාවත කෙමෙන් රූස්ස ගස් වලින් ගහණ විය. ඒ සමඟ අහසට නැගුණු විසල් ගල් කුළු රැසක් දර්ශනය වෙමින් තිබිණි. ඔය පේන්නේ බමරගස්තලාව තමා. අපේ මග පෙන්වන්නා කීවේය. එකකට එකක් නුදුරෙන් පිහිටි මේ උස් ගිරි ශිඛර වලින් වැඩිකොටසක් රූස්ස ගස්වලින් වැසී පවතී. වාහනයකට යා හැකිව තිබූ අන්තිම ඉසව්වට ගිය අපි වාහනයෙන් බැස්සෙමු. අපේ රියැදුරු වාහනය ආපසු හරවා ගත්තේය. ‘‘අලියෙක්වත් ආවොත් ඇරදාලා යන්න එපාය’’ ඔහු කීවේ සිනාසෙමිනි. නිෂාන් වාහනයෙන් බැස්සාට පසුව අපිද ඉන් බැසගත්තෙමු. එහෙත් ඔහු අඩියක්වත් ඉදිරියට තැබුවේ නැත. හිටිවනම සිටිමත් හාත්පස නෙත් යැවූ ඔහු බලන්නට ඇත්තේ වන මෘගයකු කොතැනක හෝ සැඟවී සිටියිද කියා විය යුතුය. අලි, කොටි, වලසුන් වල් ඌරන් හා කුළු හරක් මේ වන ගැබෙහි ජීවත් වෙති. සැරිසරති. උන්ගේ බැල්මෙන් අපේ සිරුරු මඟ හරවාගත යුතුය. පසෙක වැටී තිබූ ගසකින් අත්තක් කඩාගත් නිෂාන්, ළඟම තිබූ ගසක කඳකට තට්ටු කළේය. ඉන් නැඟුණු හඬ අවට පරිසරයේ වැදී දෝංකාර දුන්නේය. මොහොතක් නිහඬව ගෙවී ගියේය. නිෂාන් අතවු දණ්ඩ දෙවැනි වතාවටත් ගසක කඳක පතිත විය. නැවත වතාවක් පරිසරයේ නිහඬ බව බිඳී ගියේය. අපි පසෙක වූ අඩිපාර දිගේ ඉදිරියට ගියේ තවත් මිනිත්තු කිහිපයකට පසුවය. වන මෘගයකු සිටියේ නම් ඌට පලායන්නට හොඳටම ඉඩකඩ තිබේ. අඩිපාර යොමු වූයේ කන්දකටය. මිනිත්තු හතර පහකින් පමණ අපි එක්තරා ගල්කුලක් පාමුලට පිවිසුනෙමු. ඒ ගල්කුල පාමුල විසල් ලෙනකි. ඒ ලෙන තුළ සැතපෙන බුදු රුවකි. කුමන වන මැද බඹරගස්තලාව ලෙස අද හැඳින්වෙන එදා ශ්‍රී නාග පබ්බත සේනාසනය වූ මෙතැනදී අපට දැනුනේ සංවේග වේදනාවකි. සැතපෙන බුදුරුවෙහි සිරස මුළුමනින්ම කඩා බිඳ දමා තිබිණි. සිරස සුන් බුදු පිළිමයෙහි  බඳ කොටස හාරා තිබිණි. එසේම එහි පාද යුග්මයද කැඞී ගොසිනි. ‘‘නිදන් හොරු කඩා දාලා...’’ නිෂාන් කීවේය. රෝහණ රාජ්‍යය විනාශ කළ සතුරන් අතින්වත් නොකැඩුණු ශ්‍රී නාග පබ්බත සේනාසනයේ සැතපෙන බුදුරුව, අපේම මිනිසුන් විසින් කඩා බිඳ දමනු ලැබීම මොනතරම් ඛේදජනකද? මේ බුදු පිළිම අභ්‍යන්තරයේ වටිනා වස්තු තැන්පත් කර ඇතැයි නිදන් හොරු සිතුවත් එවැනි වටිනා කිසිවක් මේ බුදු පිළිම තුළ නැත. බුදු පිළිමයක් යනු මෙරට බෞද්ධ ජනතාවට වටිනාකමක් ගිනිය නොහැකි තරමේ පූජනීය වස්තුවකි. එහෙත් අපේ නරුම මිනිසුන් වස්තු තණ්හාව නිසාම ඒ වටිනා බුදු පිළිමද කඩා බිඳ දමති. මේ සැතපෙන බුදුරුව විනාශ කර ඇත්තේද වස්තු තණ්හාවෙන් මැඩුණු නිදන් හොරුය. ගල්ලෙන කටාරම් කෙටුවකි. මහා වැස්සකදී වූවත් එක වතුර පොදක්වත් මේ පිළිමයට නොවැටෙන පරිදි ඒ කටාරම් කොටා තිබේ. පිළිමය වටවන්නට යෙදු ගඩොල් බිත්තිද, අද නටබුන් ව ගොස්ය. අවට තවත් ගල් ශිඛර ගණනාවකි. එදා ඉසුරුබර වූ නාග පබ්බත සේනාසනයට අයත් ආකාස චෛත්‍යය තිබූ ගල් ශිඛරය පසෙකය. එහි මුදුනෙහි චෛත්‍යයක නටබුන් මොනවට පෙනෙයි. අවට තවත් ගල් ශිඛර කිහිපයකි. අපි ඉන් එකකට ගොඩවුණෙමු. කුමන වන උයනේ බොහෝ තැන් මොනවට පෙනෙයි. එදා මෙහි පැමිණි බැතිමතුන් මොනතරම් නම් චිත්ත තෘප්තියක් ලබන්නට ඇත්දැයි මට සිතෙයි. අවටින් පෙනෙන දසුන ඒ තරමටම මනරම්ය. වෙන එකක් තබා කුමන මුහුද පවා මෙතැනට යම්තමින් වුව පෙනෙයි. මේ හුඟාක් ලෙන් වල වැද්දන්ගේ චිත‍්‍ර තියෙනවා. ඒකෙන් තේරෙන්නේ හුඟාක් ඉස්සර කාලෙක මේ ලෙන්වල වැද්දෝ ජීවත් වුණු බව. නිෂාන් කියන්නේය. එකල විසූ වැදි ජනතාව ඔවුන් දුටු බොහෝ දේ ගල් ලෙන් බිත්තිවල ඇඳ තැබුවේ හුදු  විනෝදයට විය යුතුය. අනාගත ලෝකයට ආදි කල්පිත වැදි ජීවිතය ගැන දැනුමක් ලබාදෙන්නට නම් නොවේ. එහෙත් අපි අද එදා වැදි චිත‍්‍ර ඔස්සේ ඔවුන්ගේ සංස්කෘතිය තේරුම් ගැනීමට සමත්ව සිටිමු. තවත් කිවයුත්තකි. සුප‍්‍රකට ලේනම වැදි පරපුර වාසය කළේද මේ බඹරගස්තලාවේ කිට්ටුවය. එමගින් ද මේ ලෙන් වැදි ජනතාවගේ වාසභවනව තිබූ බව ඔප්පු වෙයි. එසේම ඓතිහාසික රෝහණ රාජධානියේ සෞභාග්‍යය පිළිබඳවද අපි යමක් තේරුම් ගත්තෙමු. අන්ධකාරය කෙමෙන් වනපෙතට පාත්වන්නට විය. ඉතින් අපි මේ ඉපැරණි පුණ්‍ය භූමියෙන් නික්මුනෙමු. මේ සේනාසනය අක්කර 42ක් පුරාවට පැතිරීලා තියෙනවා. හැමතැනම ගල්ලෙන්. ඒ කාලේ රෝහණ රාජධානියට අයිති ප‍්‍රධාන පෙළේ පුදබිමක් තමා මේ. වන ජීවියේ නිෂාන් කීවේ ආපසු වාහනය වෙත පිවිසෙමිනි. ඒ අපේ ආපසු ගමන පිණිසය.

ස්තූතිය, කුමන වනෝද්‍යාන පාලක, සුරංග රත්නායක මහතාට
ආකාස චෛත්‍යය සිරස කඩා දමා ඇති බුදු පිළිමය සිරස කඩා දමා ඇති බුදු පිළිමය කුමන වැව



අදහස් (0)

කුමන වන මැද සැතපෙන බුදුරුව

මාලික Monday, 02 July 2012 01:03 PM

අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? ... ඒ කුරිරු යුද්ධයද හමාර නිසා හැමෝම මේවා බලන්න යන්න.අම්පාර මැදචව්විය ප‍්‍රදේශ වල පැරණි විහාර රාශියක් තියෙනවා.

:       0       0

රංග Wednesday, 11 January 2012 09:03 AM

මේව විනාශ කරන එක නතර කලයුතුයි

:       0       0

කාශ්‍යප හිමි Wednesday, 12 December 2012 07:27 PM

ඔයාලා මේවා සොයාගන්නවා. නිධන් හොරු මේවා විනාශ කරනවා. (නි)

:       0       0

tharindu Monday, 16 January 2012 06:04 PM

ලංකාදිපටය ස්තුතියි

:       0       0

රාජු Wednesday, 25 April 2012 10:56 AM

බලධාරීන් මේවා ගැන අවධානය යොමු කළේ නැත්නම් අනාගතේදී අපිට අපේ උරුමයන් නැතිවෙයි

:       0       0

ෂාන් Thursday, 02 August 2012 01:36 PM

මේ වගෙ සැඟවෙච්ච  අපෙ දෙවල් ගැන අපිට කියල දෙන ඔයලට ගොදක් පින්. (අ)

:       0       0

චාමර Monday, 11 June 2012 11:18 AM

ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං

:       0       0

උපතිස්ස Monday, 11 June 2012 04:12 PM

ගමයි - පන්සලයි - වැවයි දාගැබයි යන අපූර්ව සංස්කෘතියට නෑකම් කියන වෙහෙර විහාර රාශියක් අම්පාර දිස්ත‍්‍රික්කයේ පිහිටා තිබේ. මේවා අපේ ජාතික උරුම.අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා.

:       0       0

සූරිය කුමාර Sunday, 20 May 2012 04:35 AM

දුර්ලබ ගණයේ පින්තූර....

:       0       0

ශාන්-saudi arabia Monday, 30 January 2012 01:11 PM

සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. කුමන වන මැද සැතපෙන බුදුරුව දුටු විට හද සසල වන්නේ වන මැද සිටින වග වලසුන් නොසිඳින ශාන්තිනායකයාණන් වහන්සේගේ සිරස සිඳින හදවතක් නොමැති මිනිස් වෙස්ගත් නොමිනිසුන්. ගොඩක් වැදගත් වෙනව මේ වගේ කිසිවකුගේ අවධානයට ලක් නොවුණු ‍ෛඑතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, අඩුගණනේ මෙබඳු තැන් මෙහෙම පෙන්වා දුන් පසුව වත්, පිළිසකර කරලා ජනතාවට වැඳ පුදාගන්නට පිළිසකර කරන එක. මේව විනාශ කරන එක නතර කලයුතුයි. ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ලංකාදිපටය ස්තුතියි

:       0       0

මිහිරි Friday, 22 June 2012 01:23 PM

අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..

:       0       0

සුධීර ජයකොඩි Friday, 16 December 2011 03:01 PM

ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති

:       0       0

චන්දන Saturday, 02 August 2014 04:23 AM

අපේ උරුමයන්ගෙන් එකක් හෙලිකිරීම ඉතාමත් සන්තෝසයි. ඒ වගේම හිතට මහා සංවේගයක් දැනුන පින්තුර දැක්කම. අපේ මුතුන්මිත්තන් කොච්චර අගේ කළ යුතුද (නදී)

:       0       0

ගෝතමී Monday, 11 June 2012 04:17 PM

ඔබ කරන මේ මහගු ක්‍රියාවට රටේ පුරවැසියන් වශයෙන් ඔබට තුති. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. නමුත් මේවා සංචාරකයන්ට පෙන්නන්න කියා විනාශ කරල දාන්න එපා.දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි

:       0       0

සලික Saturday, 03 December 2011 02:50 AM

මේක හොඳ ලිපියක්......

:       0       0

ගංගා Thursday, 26 January 2012 11:27 AM

ගොඩාක් පින් ලංකාදීප. අපේ උරුමයන් ගැන දැනුම්වත් කළ එක ගැන. ඒත් බොහොම කණගාටුයි. බුදුරුවට කරල තියෙන අපරාද දැක්කම. මෙය කළ මිනිසුන් යහතින් ඉන්නවද?

:       0       0

කුමුදුමලී Monday, 02 July 2012 09:59 AM

ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි.

:       0       0

නිලූෂා Thursday, 24 November 2011 03:00 PM

ඔබ අපගේ ජාතික උරුමයක් රැකදුන්නා

:       0       0

කුසල හිමි Tuesday, 22 November 2011 07:15 PM

ගොඩක් වැදගත් වෙනව මේ වගේ කිසිවකුගේ අවධානයට ලක් නොවුණු ඓතිහාසික පුදබිම් සොයාගෙන යන එක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වගකීමක්, අඩුගණනේ මෙබඳු තැන් මෙහෙම පෙන්වා දුන් පසුව වත්, පිළිසකර කරලා ජනතාවට වැඳ පුදාගන්නට පිළිසකර කරන එක.

:       0       0

කුමුදු Wednesday, 06 June 2012 02:20 PM

සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි.ලංකාදිපටය ස්තුතියි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් වගකීම.අපේ උරුම මතු පරපුරට දැකගන්න, රැකගන්න ආරක්ෂක හමුදාව‍ගේ සහයගන්න ඕනා.

:       0       0

සුරංග Wednesday, 04 January 2012 01:32 PM

මේවා අපේ ජාතික උරුම . මේවා විනාස කරන එක නතර කලයුතුයි..

:       0       0

සම්පත් නිලාක Wednesday, 21 December 2011 10:38 PM

සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි. කුමන වන මැද සැතපෙන බුදුරුව දුටු විට හද සසල වන්නේ වන මැද සිටින වග වලසුන් නොසිඳින ශාන්තිනායකයානන් වහන්සේගේ සිරස සිඳින හදවතක් නොමැති මිනිස්වෙස්ගත් නොමිනිසුන් තවමත් මේ ලෝතලයමත විසීම පිළිබඳවයි. කෙසේ වුවද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය මේ කෙරෙහි යොමුවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකාදීපයට හදපිරි ප්‍රණාමය පුද කරමි.

:       0       0

සුජාත Thursday, 14 June 2012 03:49 PM

ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..

:       0       0

සෙනරත් යාපා Saturday, 19 November 2011 07:28 PM

Thank you lankadeepa.mama hithanne godak aya nodanna deyak, janathawata ' ratata,dahamata adaraya karana)danaganeemata salassuwata. ලංකාදීපයට ස්තුතියි. මම හිතන්නේ ගොඩක් අය නොදන්න දයෙක්.

:       0       0

උපුල් Tuesday, 29 May 2012 12:09 PM

මෙම ස්ථාන ආරක්ෂා කරගැනීමට අ‍පගේ ආරක්ක හමුදාව‍ගෙ සහය ලැබුණෝත විනාශ ඉ‍ඩ නොදී රැක ගැනීමට හැකිවෙයි. සැමට ණැන නුවන පහළ වේවා.. බුදු සරණයි.!!

:       0       0

Prabath Tuesday, 10 January 2012 02:42 PM

සැගවුණු අපේ පුද බිම් යලිත් සොයා දීම ගැන ලංකාදීපයට බොහොම පින්. පින්තුර දැක්කම නම් හදවත සසල වෙනවා. එක වචනවලට නගන්න තරම් අමාරුයි

:       0       0

mahinda weragamage Tuesday, 17 January 2012 07:10 PM

මෙය ඉතාමත් අගේ

:       0       0

salinda gunasena Thursday, 17 May 2012 09:28 AM

මේවා අපේ ජාතික උරුම.අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා.

:       0       0

සුනන්ද Monday, 06 February 2012 12:41 PM

අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා. ස්තූතියි ලංකාදීප

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය එකම විසඳුමද?
2024 පෙබරවාරි මස 27 189 4

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසාය ඉතිහාසය නිදහසින් පසු ආණ්ඩු ආර්ථික සංවර්ධනයේ සහ ජාතිය ගොඩනැගීමේ මාවතකට අවතීර්ණ වූ යුගය දක්වා දිව යයි. 1950 සහ 1960 ගණන්වල ජනසතු


මල්වතු මහ නාහිමි ප්‍රකාශය අගයමු
2024 පෙබරවාරි මස 27 127 0

වර්තමාන පාලකයන් ඡන්දය කල් දැමීමට කටයුතු කළහොත් ඊට ඉඩ නොතබන ලෙස තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශ්වයේ මහ නා හිමියන් පසුගියදා සඳහන් කර ත


​ශක්තිමත් විකල්පයක් අවශ්‍ය ඇයි?
2024 පෙබරවාරි මස 26 299 3

ජනපතිවරණය, හැදෙන නව සන්ධාන සහ රට ගොඩනගන ආකාරය පිළිබඳව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සමග කළ සාකච්‍ඡාව මෙවර සඳු


හොර දොස්තරලාගෙන් රෝගීන් බේරාගන්න බැරිද?
2024 පෙබරවාරි මස 26 223 1

අප රටේ ජනයා කවර කලෙක කළ පාපකර්මයක් ගෙවා දමමින් සිටින්නේදැයි සිතා ගත නොහැකි තරම්ය. නයන පිනවන මේ රන් දිවයිනේ ඉපදීම සම්බන්ධයෙන් ප්‍රීති ප්‍රමෝදයට පත් විය


බේකරි කර්මාන්තය වැසීයාමට ඉඩ නොදෙමු
2024 පෙබරවාරි මස 24 299 0

අත්‍යවශ්‍ය සේවා වශයෙන් මේ රටේ ඇතැම් ආයතන සහ සේවා නම් කරනු ලැබ තිබීම සාමාන්‍ය තත්‍්‍වයකි. ඒ සමගම තවත් ආයතන හිටිහැටියේ අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙයි. එම


ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක්
2024 පෙබරවාරි මස 23 299 0

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 332 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 311 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 313 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site