IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


කුඩු ව්‍යාපාරයට සම්බන්ධ ආණ්ඩුවේ දේශපාලකයන් පස් දෙනෙක් ඉන්නවා

ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය බට පත්වීගෙන එතියි පසුගිය සතියේ වාර්තා විය. හැම දෙයක්ම වටලන බොදුබල සේනාව මත්කුඩු සම්බන්ධ දේශපාලනඥයන් හමුවේ කිසිදු පියවරක් නොගැනීම ගැන එම සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානිස්සර හිමියන්ගෙන් විමසීමු.

 

 


ප‍්‍රශ්නය: ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රස්ථානය වෙලා කියන්නේ ඇත්තද?
පිළිතුර: දැන් දැන් අපට ඒ කතාව ඇත්ත වගේ පේනවා.

 


ප‍්‍රශ්නය: ඉන්දියාවෙන් ඒක අනාවරණය කරගන්නකම් අපේ පොලීසියට ඒක බැරි වුණා නේද?
පිළිතුර: සමහර වෙලාවට  පොලීසිය ඒක දැනගෙන හිටියද දන්නේ නෑ. ගොඩක් වෙලාවට අපේ පොලීසිය වැටලීම් කරනවා. නමුත් මීට වඩා වැඩි දෙයක් කළ යුතුයි.

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේ මීට පෙර කියා තිබුණා දේශපාලනඥයෝ කුඩු ව්‍යාපාරයට හවුල් කියා. නම් වශයෙන් කියන්නේ නැත්තේ ඇයි?
පිළිතුර: නම් වශයෙන් කියන එක සදාචාරාත්මක නෑ.

 


ප‍්‍රශ්නය: ඒ අතර ආණ්ඩුවේ දේශපාලනඥයෝ ඉන්නවා ද?
පිළිතුර: අනිවාර්යෙන්ම ඔව්.

 


ප‍්‍රශ්නය: කුඩු ව්‍යාපාරයට සම්බන්ධ ආණ්ඩුවේ දේශපාලකයන් කී දෙනෙක් විතර ඉන්නවාද?
පිළිතුර: හතර පස් දෙනෙක් ඉන්නවා.

 


ප‍්‍රශ්නය: ඒ පිරිස කුඩු ප‍්‍රශ්නයට සම්බන්ධයි කියා හරියට හඳුනාගෙන තියෙනවා ද?
පිළිතුර: ඔව්.

 


ප‍්‍රශ්නය: අවස්ථාවක් ආවොත් නම් හෙළි කරනවද?
පිළිතුර: ඔව්. අනිවාර්යෙන්ම නම් හෙළි කරනවා.

 


ප‍්‍රශ්නය: කුඩුකාරයොයි පොලීසියයි අතර සම්බන්ධකම් නැද්ද?
පිළිතුර: අනිවාර්යෙන්ම තියෙනවා.

 


ප‍්‍රශ්නය: ඒ ගැන මොකද කරන්නේ?
පිළිතුර: පොලිස්පති දැනුම්වත් කරන්න බලාපොරොත්තු වෙනවා. වැඩියෙන්ම තියෙන්නේ මේ දේශපාලනඥයන්ගේ ගැටලූව.

 


ප‍්‍රශ්නය: ඔබවහන්සේලා හැම දෙයක්ම වටලන එකේ ඇයි මේ කුඩු සම්බන්ධ දේශපාලනඥයන්ගේ ගෙවල් වටලන්නේ නැත්තේ?
පිළිතුර: ඉතා හොඳ ප‍්‍රශ්නයක්. වැඬේ වෙලා තියෙන්නේ අපට එහෙම වටලන්න ඇත්තටම අයිතියක් නෑ. වටලනවා කියන එක මාධ්‍යවලින් නිර්මාණය කළ දෙයක්. භික්ෂූන් කියා අපට විශේෂ නීතියක් නෑ. අපි රටේ නීතියට යටත්. නමුත් සමාජයේ කඩා වැටීම බලාගෙන ඉන්න බැරි තැන තමයි හැකි මට්ටමින් වගකිවයුත්තන්ගේ ඇස් ඇරගන්න යම් යම් ක‍්‍රියාමාර්ගවලට පෙළඹුනේ. දේශපාලනඥයන්ගේ ගෙවල් වැටලීම කෙසේ වෙතත් ඔවුන් පරාජය කිරීමේ බලමුළු කරමින් ඉන්නවා. දැන් මිනිසුන් දන්නවා ඔවුන් කොහොමද එකපාරට පෝසතුන් වුණේ කියා. දේශපාලනඥයන් හිතන් ඉන්නේ හැමදාම ජනතාව අන්දන්න පුළුවන් කියා. ඒක බොරුවක්.

 


ප‍්‍රශ්නය: කුඩු තුරන් කරන්න බොදුබල සේනා සංවිධානයෙන් මොනවද කර තියෙන්නේ?
පිළිතුර: මේක එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට වඩා දරුණු ත‍්‍රස්තවාදයක්. අපි හිතුවා මේක කොළඹ ආශ‍්‍රිතව විතරයි තියෙන්නේ කියා. දැන් මේක හැමතැනම ව්‍යාප්ත වෙලා. ඉහළ මධ්‍යම පාන්තිකයාගේ සිට පහළම එකා දක්වා බොහෝ පිරිසක් මීට ඇබ්බැහි වෙමින් තියෙනවා. කුරුණෑගල, පොල්ගහවෙල, මහියංගනය වගේ පැතිවල පාසල් සිසුන් මීට ඇබ්බැහි වෙලා. යුද්දෙ කාලේ සිවිල් ආරක්ෂක කමිටු පිහිටෙව්වා. ඒ වගේ ගමින් ගමට ගෙන් ගෙට ගිහින් අප මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටවනවා.

 


ප‍්‍රශ්නය: කුඩු කන්ටේනරයේ ගැටලූව සම්බන්ධයෙන් අගමැති ඉවත් විය යුතුද?
පිළිතුර: එහෙම පූර්වාදර්ශයක් නැහැනේ මේ රටේ. හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළියේ. වෙන රටකනම් ඉල්ලා අස්වෙනවා. අපේ රටේ එහෙම භාවිතයක් නැහැනේ. එක එක්කෙනා බෝලේ පාස් කරගන්නවා.

 


ප‍්‍රශ්නය: ඉදිරියේ ලංකාවට මොනවා වෙයිද?
පිළිතුර: දැනටම මේක හබ්එකක් කරගෙන ඉවරයි. එක එක රටවලින් විවිධ කණ්ඩායම් එනවා. කිසිම පාලනයක් නෑ.   ඕනෑම එකකුට ඇවිත් ලගින්න පුළුවන් අනාථ කඳවුරක් වෙලා මේ රට. මේකට දැන්මම විධිමත් ක‍්‍රියාමාර්ගයක් නොගතහොත් මේක සූඩානයක් වෙන එක නවත්වන්න බෑ.

 

 

 

 

 

‘‘අපට එහෙම ආරංචිවෙලා නෑ’’

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකට ප‍්‍රශ්නයක්

 

බොදු බල සේනාව කියන පරිදි කුඩු සම්බන්ධ දේශපාලනඥයන් අත්අඩංගුවට නොගන්නේ ඇයිදැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතාගෙන් විමසීමු.

ප‍්‍රශ්නය: ලංකාව ආසියාවේ කුඩු කේන්ද්‍රය වෙලා කියන්නේ ඇත්තද?
පිළිතුර:
නෑ. එහෙම නෑ. නමුත් ලයිබීරියානු සිද්ධියත් එක්ක බලනකොට  යම් ප‍්‍රමාණයකට මේ හරහා අප‍්‍රිකානු රටවලට කුඩු ගෙනිච්චද කියා අපි විමර්ශනය කරගෙන යනවා.

 


ප‍්‍රශ්නය: ලංකාවට කුඩු යන එන විදිය ගැන ඉන්දියාව හොයා ගන්නකම් අපේ පොලීසියට බැරි වුණා නේද?
පිළිතුර:
නෑ අපි හොයාගත්තනේ. අපි හැමවෙලේම කියා තිබුණා ගුවන් මගින්, කන්ටේනරවලින් හා බෝට්ටුවලින්. ඉන්දියාවට කලින් අපි හඳුනගත්තා.

 


ප‍්‍රශ්නය: හෙරොයින් ගෙන්වන මහාපරිමාණ ජාවාරම්කාරයො අල්ලා තියෙන්නේ අඩු ප‍්‍රමාණයක් නේද?
පිළිතුර:
එහෙම කියන්න බෑ. මේ වසරේ අපි ප‍්‍රධාන ජාවාරම්කාරයෝ 12ක් විතර ඇල්ලූවා.

 

ප‍්‍රශ්නය: බොදුබල සේනාව කියනවා  ආණ්ඩුවේ දේශපාලනඥයන් හතර පස් දෙනෙක් කුඩු ජාවාරමට හවුල් කියා. ඇයි ඔවුන් අත්අඩංගුවට ගන්නේ නැත්තේ?   
පිළිතුර:
නෑ නෑ. අපට එහෙම ආරංචි වෙලා නෑ. ඒ ගැන තොරතුරු ලැබී නෑ.

 


ප‍්‍රශ්නය: බොදුබල සේනාවෙන් ඒ ගැන තොරතුරු ලබා දී නැද්ද?
පිළිතුර:
නෑ

 

ප‍්‍රශ්නය: කුඩුකාරයන් සමග සම්බන්ධකම් තියෙන පොලිස් නිලධාරීන් ඉන්නවා නේද?
පිළිතුර:
තාම අපට එහෙම අනාවරණය වෙලා නෑ. අනාවරණය වුණොත් ඒ ගැන ක‍්‍රියා කරන්න පසුබට වෙන්නෙත් නෑ.

 


ප‍්‍රශ්නය: අගමැතිගේ හිටපු ලේකම් කුඩු කන්ටේනරය නිදහස් කරන්න ලිපි දුන් බව කියැවුණා. ඔහුගෙන් කට උත්තර ගත්තේ නැත්තේ ඇයි?
පිළිතුර:
  කට උත්තරයක් අරන් තියෙන්නේ.

 


ප‍්‍රශ්නය: අගමැතිගෙන් කට උත්තර ගත්තද?
පිළිතුර:
නෑ. එතුමා මේකට සම්බන්ධයක් තියෙනවා කියා අනාවරණය වෙලා නෑ.

 


ප‍්‍රශ්නය: කුඩු රජවරුන් සමග එකට ඡායාරූපවලට පෙනී සිටි පොලිස්පතිලත් හිටියා නේද?
පිළිතුර:
එහෙම අවස්ථාවක් තිබුණා ඉතිහාසයේ. ඒක දැනගන හිටපු එකක් නෙමේ.

 


ප‍්‍රශ්නය: ලංකාවේ වැඩියෙන් කුඩුකාරයො සම්බන්ධකම් තියෙන්නේ පොලිස් නිලධාරීන්ගේ ද? දේශපාලනඥයන්ගේ ද?
පිළිතුර:
නෑ. ඒ දෙගොල්ලන්ගෙම නෙමේ. කුඩුකාරයො එක්ක සම්බන්ධකම් තියෙන්නේ කුඩු බිස්නස් කරන ව්‍යාපාරිකයන්ගේ.

 


ප‍්‍රශ්නය: ලොකු ලොකු කුඩු මුදලාලිලා අල්ලන්නේ නැත්තේ ඊට අනිසි බලපෑම් කරන කෙනෙක් ඉන්නවද?
පිළිතුර:
නෑ නෑ එහෙම කෙනෙක් නෑ.

 


ප‍්‍රශ්නය: කුඩු නැති කරන්න පොලීසියට නිසි වැඩපිළිවෙළක් තියෙනවද?
පිළිතුර:
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේකේ මුල් පුරුක විදියට ක‍්‍රියා කරනවා. විශේෂ කාර්ය බළකාය සහ සෙසු පොලීසි මේ සම්බන්ධයෙන් ක‍්‍රියා කරනවා. අපේ බුද්ධි නිලධාරීන් ඉන්නවා තොරතුරු රැස් කරන්න. ජාත්‍යන්තර පොලීසියේ සහාය තියෙනවා. සාක් කලාපය ආදී විවිධ රටවල් අතර තොරතුරු හුවමාරු කරගෙන කුඩු නතර කරන්න ක‍්‍රියාමාර්ග ගන්නවා.

 


ප‍්‍රශ්නය: කුඩු සම්බන්ධයෙන්  ජනතාවට මොනවද කියන්න තියෙන්නේ?
පිළිතුර:
තරුණ පරපුරට කියනවා මේවට ඇබ්බැහි වෙන්න එපා කියා.  අපි කිසිම බලපෑමකට යටත් නොවී දිගටම වැටලීම් කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම ගැන තොරතුරු ඇත්නම් අපිට ලබාදෙන්න කියා ජනතාවගෙන් ඉල්ලනවා. සාර්ථක තොරතුරු වෙනුවෙන් අපි මුදල් ත්‍යාග පවා පිරිනමනවා.

 

 

 



අදහස් (0)

කුඩු ව්‍යාපාරයට සම්බන්ධ ආණ්ඩුවේ දේශපාලකයන් පස් දෙනෙක් ඉන්නවා

ධම්ම Sunday, 29 December 2013 04:23 PM

මේ ප්‍රකාශ දෙකම කියෙව්වාම හිතා ගන්න පුළුවන් දෙගොල්ලොටම නිසි වැඩ පිළිවෙලක් නැති බව. ප්‍රශ්නවලට මොනවා හරි උත්තරයක් දීලා තියෙනවා. එච්චරයි.(නදී)

:       0       0

අසංග Wednesday, 01 January 2014 06:10 PM

බොදු බල සේනාවෙන් විග්‍රහ කළා වගේ දේශපාලනය කරන අය මේවට සම්බන්ධයි. ලංකාවේ සිටින ලොකුම ව්‍යාපාරකයින් මේවට සම්බන්දයි. රජය මේවා අල්ලනවා නම් අපි උදව් දෙනවා. මේ වගකීමෙන් කියන්නේ.(නදී)

:       0       0

ඥානාවාස හිමි Monday, 30 December 2013 03:07 PM

මේවා නතර කරන්න උවමනාවක් කාටවත් නැහැ. මුළු මහත් ජාතියම විනාශ කරමින් සල්ලි හම්බ කරන්න කටයුතු කරන පිරිසක් ලංකාව තුල ඉන්නවා. ඒ පිරිස සුර සැප විදිනවා. කුඩු කාරයන්ට බය වන්න ප්‍රදාන හේතුව ඒ දේවල් වලට රට තුල බලයක් තියෙන නිසා. නිල තල දරන දේශපාලුවෝ, පොලිස් නිලදාරීන් මේවට උදව් කරනවා. කොලොන්නාව කුඩු රාජධානියක් වගේම හැම තැනකම හොරු හැම තැනම කුඩු. කව්ද වැරදි කරුවෝ ?(නදී)

:       0       0

නවීන් Monday, 30 December 2013 03:07 PM

අනේ අහිංසක පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක.(නදී)

:       0       0

කමල් Sunday, 29 December 2013 07:17 PM

කුඩු එන්නේ පාකිස්ථානයෙන්. පාකිස්ථානයෙන් එන හැම කන්ටේනර් එකක්ම දැඩි පරීක්ෂාවට ලක් කල යුතුයි.(නදී)

:       0       0

ලාල් ජකර්තා Sunday, 29 December 2013 07:42 PM

පොළිස් මාධ්‍ය ප්‍රකාශකගේ පිළිතුරු දකිනකොට,පොළීසිය ගැන දුකක් ඇතිවෙනවා. සත්‍ය පිළිතුරු දුන්නොත් මාරුවක් ලැබේවී තූත්තුකුඩියට. මොනවා කරන්නද?පොළීසිය හසුරුවන්නෙත් දේශපාලකයින්නේ. බොදු බල සේනා සංවිධානයට පුලුවන් වේවිද දේශපාලුවන් එක්ක හැප්පිලා සිංහළ තරුණ පරපුර මත් උවදුරෙන් බේරාගන්න.(නදී)

:       0       0

අජිත් Sunday, 29 December 2013 07:54 PM

අද කලේ පොලෝසිය ගැන කිසිම විශ්වාසයක් තියාගන්න බැහැ. ඉතින් කොහොමද ඔත්තු ලබා දෙන්නේ. ලබාදුන්නා එකාගේ පවුල් පිටින් ඉවරයි.(නදී)

:       0       0

නුවන් Sunday, 29 December 2013 10:24 PM

කුඩු කන්ටේනර් ගෙනාපු අය එළියේ මිලිග්‍රෑම් අතේ තිබුණු අය පෝරකේ. (නදී)

:       0       0

කමල් Wednesday, 01 January 2014 11:08 AM

පොලිසිය සහ බොදුබල සේනා ප්‍රකාශකයන් එකම මේසයකට ගෙන්වා සාකච්ඡාවක් තියන්න. (ත)

:       0       0

නිශ්ශංක Sunday, 05 January 2014 10:48 AM

පොලිසිය සමාන නැහැ බොදුබල සේනාව සමග එකම මේසයකට එන්න. නමුත් පොලිසිය උත්තර දෙන විදිහට යමක් තේරෙනවාද? නිකන් බයවෙලා වගේ. දේශපාලනය කරන අයයී පොලිසියයී වග කියන්න ඕනා මේවාට.(නදී)

:       0       0

චතුර ධනුෂ්ක Monday, 30 December 2013 08:20 PM

දෙන්නම ප්‍රශ්න වලින් ලස්සනට ලිස්සලා ගිහින් තියෙනවා නියමෙටම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28569 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18199 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11048 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 204 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site