IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඖෂධීය ගුණයෙන් ඉහළ කංසා රට සල්ලි ඉල්ලමක්

2021 අප්‍රේල් 02 දා Daily Financial Times පුවත් පතේ පළවු  ˝Sri Lanka Could Overcome  the recession by legalizing and exporting Medical cannabis” යන ලිපියෙහි පරිවර්තනය සිංහලට පරිවර්තනය කලේ ආචාර්ය වසන්තසේන වැලිඅංග විසිනි. එංගලන්තයේ මුලින් ප්‍රසිද්ධ කල මෙම ලිපිය මේ වන විට ඇමරිකාව හා යුරෝපයේ  ඹෟෂධීය කංසා පිළිබඳ ජනප්‍රිය සඟරා ගනනාවක පළ වි ඇත.


කැලිෆෝනියාවේ කන්‍යාරාමයකට අයත් කංසා ගොවිපොලක කංසා නෙළන කතෝලික කන්‍යා සොයුරියන්. නොයෙකුත් රෝගාබාධයන් සුවපත් කිරිමටත් දෛනික හා වානිජ අවශ්‍යතාවයන් සදහාත් ඈත අතිතයේ සිටම ආසියාතිකයින් කංසා භාවිතා කොට ඇත. බටහිර විද්‍යාත්මක පර්යේෂණ තුලින් හෙලිකොට ඇති කරුණු අනුවත්, අායුර්වේද විශේෂඥයින් මත සැලකිල්ලට ගත්විටත් කිසිඳු පැකිලීමකින් තොරව කංසා නීතිගත කිරීමට අවශ්‍ය සාක්ෂි සාධක නොඅඩුව රජය සතුව පවතී.

ඖෂධීය කංසා සඳහා ඇති ගෝලීය ඉල්ලුම පිළිබඳ අන්තර්ජාතික මෙන්ම දේශීය විශේෂඥයින් විසින් ද වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට එ්ත්තුගන්වා ඇත. එම නිසා කංසා අපනයනයෙන් රටේ ආර්ථික අවපාතය 2025 වන විට මඟහරවා සියලු විදේශ ණය ද ගෙවිය හැකි බව ඔහු මාධ්‍යයට ප්‍රකාශ කළේය. එවැනි ආරම්භයක් ලැබී ඇති මොහොතක තවදුරටත් මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන නොගෙන දිගු කාලයක් තිස්සේ අප රට වැටි ඇති ආර්ථික අවපාතයෙන් ගොඩඑන්නට උත්සාහ නොකරන්නේ ඇයි දැයි දැඩි කතා බහට ලක් වී ඇත.

වසර 2020 අගෝස්තු වන විට රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 35.3කි. 2021 දී ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6865ක් ආපසු ගෙවීමට කටයුතු කරමින් සිටින බව සම-කැබිනට් ප්‍රකාශකයෙකු වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත.

ආසියාවේ දී ගංජා ලෙසත් බටහිර රටවල දී මරිජුවානා ලෙසත් හඳුන්වන කංසා මෑතක් වන තුරුම විෂ මත්ද්‍රව්‍යයක් ලෙස වර්ගීකරණය කර තිබුණේ යටත් විජිත පාලකයින් විසින් ඔවුන්ගේ වාසි සඳහා සම්මත කරගත් නීති සහ පනත් මගිනි. ප්‍රාථමික යුගයේ පටන් ආසියාවේ බොහෝ රෝගාබාධ සුව කිරීම සඳහා ගංජා හෙවත් කංසා භාවිත කර ඇත. ශ්‍රී ලංකාව ඇතුළු පුරාණ ආසියාවේ  ඖෂධ, ආහාර, රෙදිපිළි, විනෝදාස්වාදය වැනි නොයෙකුත් අවශ්‍යතා සඳහා මෙන්ම ලිංගික උත්තේජනය සඳහාද කංසා භාවිත කර ඇත. එහෙත් මත්පැන් හා අබිං වෙළඳාමෙන් අධිරාජ්‍යයට විශාල ආදායමක් උපයා ගත හැකි වූ නිසා බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් විසින් කංසා හෙවත් ගංජා තහනම් කරන ලදී.

බටහිර රටවල මෑතක දී කරන ලද පර්යේෂණ මගින් ගංජාවල ඖෂධීය වැදගත් කම තහවුරු කළ නිසාත් මත්පැන් සහ දුම්කොළවලට සාපේක්ෂව ශරිරයට ඇති අහිත කර භාවය අල්ප නිසා ඖෂධීය කංසා සහ විනෝදය සඳහා කංසා භාවිතය Recreational Marijuana ලෝකයේ බොහෝ දියුණු රටවල නීති ගත කර ඇත.

බොහෝ ආයුර්වේද ඖෂධවල ගංජා අත්‍යවශ්‍ය සංඝටකයක් වන අතර එමගින් සැලකිය යුතු සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා දෙන බැවින් කංසා නීතිගත කරන ලෙස ඉල්ලා ආයුර්වේද විශේෂඥයින් බලකර සිටියි.තව ද කංසා දුම් බීම නිසා ශරීර සෞඛ්‍යයට හානි නොවන බව ඔවුන් ද පවසා ඇත.


CBD රසායනය දරුණු රෝග සුව කරයි

කංසා ශාකයේ ඇතික්‍ඊෘනැමැති රසායනය නිස්සාරණය කර ලබා ගන්නා තෛලය බටහිර ඖෂධවලින් සුවකළ නොහැකි දුර්ලභ රෝග තත්ත්ව රැසක් සුවකිරීම සඳහා සුදුසු බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. වසර 2018 ජූනි මාසයේ දී ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් වයස අවුරුදු දෙක සහ දෙකට වැඩි දරුවන්ගේ මීමැස්මොර හෙවත් අපස්මාර Epilepsy ආබාධ තත්ත්වයේ ආකාර දෙකක් සඳහා එනම් Lennox-Gastaut syndrome සහ Dravet syndrome සඳහා  බීමට ගන්නා බෙහෙතක් ලෙස CBD අඩංගු Epidiolex ඖෂධය අනුමත කරන ලදී. ඇමරිකාවේ ආහාර සහ ඖෂධ අධිකාරිය විසින් කංසා ශාකයෙන් ලබා ගන්නා රසායනවලින් සාදන ලද ඖෂධයක් සඳහා ප්‍රථම වතාවට අවසර දුන්නේ Epidiolex සඳහා ය. තව ද Dravet syndrome නැමැති අසනීප තත්ත්වය සඳහා මොනයම් හෝ ඖෂධයක් අනුමත කළ පලමු අවස්ථාව ද මෙය යි.

CBD යනු කංසා ශාකය විසින් ශ්‍රාවය කරන ප්‍රධාන රසායනික සංඝඨකයකි. එමගින් මත්විම හා ආනන්දය “the high” එසේත් නැතිනම් intoxication හෝ euphoria ඇති නොකරයි. CBD යනු මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නංවන එහෙත් මත්විම නොදෙන රසායනයකි. එම හැකියාව ඇත්තේ කංසා ශාකයෙන් ලබා ගත්  THC හෙවත් ටෙට්රාහයිඩ්‍රොකැනබිනෝල්වලට :Tetrahydrocannabinol ය. පිළිකා රෝගීන් වෙනුවෙන් සිදුකරන කිමෝ තෙරපි chemotherapy ක්‍රමය නිසා ඇතිවන වමනය සහ HIV/AIDS  රෝගයෙන් පෙළෙන රෝගීන්ට ඇතිවන ආහාර අරුචිය සහ බර අඩු වීම නතර කිරීමට CBD ප්‍රත්‍යක්ෂ බව බටහිර පර්යේෂකයින් පෙන්වා දී ඇත. ඊට අමතරව නිදන්ගත වේදනා සඳහා සහ Multiple Sclerosis වැනි අසනීප තත්ත්ව සඳහා සුදුසු බව ද US Department of Health and Human Services ආයතනය විසින් වාර්තාකර ඇත.

THC රසායනයෙහි වේදනා නාශක ගුණ මෙන්ම ආනන්දය ලබා දීමට ද හැකිය. මෙම රසායනික සංඝටක දෙකම ඉතා පහසු ක්‍රම හරහා නිස්සාරණය කළ හැකි ක්‍රම ද සොයා ගෙන අවසන් ය.


ආයුර්වේදීය කංසා ඉතිහාසය
විශේෂඥයින් පවසන ආකාරයට කංසා ශාකයෙන් මුලින්ම ප්‍රයෝජන ගත්තේ චීන ජාතිකයින් විසිනි. කංසා පිළිබඳ පැරණිතම ආසියාතික ලේඛනය හමු වන්නේ ද චීනයෙනි. ක්‍රිස්තු පූර්ව 2727 දී චීන අධිරාජ්‍යයා වූ ෂෙන් නුන් විසින් ලියන ලද වාර්තාව ලෝකයේ හමු වූ පැරණිම කංසා පිළිබඳ වාර්තාව ය. ඉන්පසු ග්‍රීසිය, රෝමය, අරාබි අධිරාජ්‍ය සහ උතුරු අප්‍රිකාවෙන් ද කංසා පිළිබඳ තොරතුරු හමු විය.

වසර 1545 දී බටහිර අර්ධගෝලයට කංසා ශාකය ව්‍යාප්ත වු අතර ස්පාඥ්ඥ ජාතිකයින් විසින් කෙඳි ලබා ගැනීම සඳහා චිලී රටේ දී කංසා වගා කර එයින් ලණු, කඹ, රුවල්, ඇඳුම් සහ කඩදාසි නිෂ්පාදනය කරන ලදී. ඇමරිකාවේ මුල්ම ජනපද පිහිට වු බටහිර ජාතිකයින් එකල සිට කංසා වගා කරමින් රෙදිපිළි හා සේද කර්මාන්තය සිදු කර ඇත.

ඉහත පෙන්වා දුන් සියලු කරුණු නොතකා හැර මෙම අපුරූ ප්‍රතිලාභ දෙන කංසා ශාකය යටත් විජිත යුගයේ සිට වගා කිරීම, භාවිතය, ළඟ තබාගැනීම සහ ප්‍රවාහනය තහනම් ය. ඒවා සාපරාධි ක්‍රියාවන් ලෙස සලකා දඬුවම් දෙන්නේ රජයේ දුම්කොල බදු සහ සුරා බදු ඉහළ නංවා ගැනීමට ය. ආරක්ෂක හමුදාවන් සහ විශේෂ කාර්ය සාධක බලකායට කංසා වගාවන් විනාශ කිරීමට අණකර ඇත. අවාසනාවක මහත යටත්විජිත පාලකයින්ට අවශ්‍ය වූ දේ ඒ අයුරින්ම තවමත් ශ්‍රී ලංකාවේ රජය සිදුකරයි.


ඖෂධීය කංසා සඳහා දැවැන්ත ඉල්ලුමක්
කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපය ඇතුඵ බටහිර රටවල කංසා නීතිගත කිරීමට දායක වූ විශේෂඥයින්ට සහ පෙරමුණගත් කණ්ඩායම්වලට අනුව බහුජාතික සමාගම් ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නට බලාපොරොත්තු වන්නේ ඖෂධීය කංසා, CBD තෙල් සහ කංසා කුඩු හෙවත් චූර්ණ ය. ඔවුන්ගේ අවශ්‍යතාව පසුගිය  වසර (2020) වන විට හතර ගුණයකින් වැඩි වී ඇත.

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව සහ යුරෝපීය රටවල කංසා භාවිත කර ඖෂධ නිපදවීම දැවැන්ත කර්මාන්ත ලෙස පවත්වාගෙන යයි. එම රටවලින් කංසාවලට දැවැන්ත ඉල්ලුමක් ඇත. ශීත දේශගුණයක් ඇති බොහෝ බටහිර රටවල හරිතාගාරවල කංසා වගා කරයි. එහෙත් ස්වභාවිකව හිරු එළිය වැටී වැඩෙන කංසාවල තරම් ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය ඉහල ගුණයක් සහිත CBD රසායනය හරීතාගාර තුළ නිර්මාණය නොවෙයි.

 

ගුණාත්මක භාවය වැඩි නිෂ්පාදන සඳහා
වෙළද පොළට  හඳුන්වා දී ඇති CBD නැමැති නිස්සාරණයෙහි බලය (Strength) මිලි ග්‍රෑම් 250: 2.5% ත්  1000 ත් : 10% * අතර පරාසයක පවතී. යුරෝපයේ හරිතාගාරවල වගා කරන කංසාවල CBD ප්‍රමාණාත්මක සහ ගුණාත්මක බවින් පහළ බැවින් ස්වභාවික හිරු එළිය තුල වැවෙන කංසාවලින් ලැබෙන CBD වලට විශාල වෙළඳපොළක් නිර්මාණය වී ඇත. ඝර්මකලාපීය රටවල වැවෙන කංසාවලින් ලබා ගන්නා CBD ලීටරයක් ඇමරිකන් ඩොලර් 800 සිට 2000 දක්වා මිළකට අලෙවි වෙයි.

මේ වන විට ලෝකයේ සිටින ඖෂධීය කංසා වගා කරන ප්‍රධාන කලාපයක් වන්නේ ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තය යි. එයට හේතුව ඔවුනට කංසා වැවීම සඳහා ඉතා සුදුසු කාලගුණික සාධක ඇති නිසා ය. කැලිෆෝර්නියාවේ ප්‍රාන්ත රජය වසරකට ඩොලර් බිලියන 11කට වැඩි ආදායමක්  කංසා  අපනයනයයෙන් උපයා ගනු ලබයි .ශ්‍රී ලංකාවේ පවතින ඝර්ම කලාපීය කාලගුණ තත්ත්වය කංසා වගාවට අතිශයින්ම හිතකර බැවින් කැලිෆොර්නියාවට සමාන වෙළද පොලක් මෙහි  පහසුවෙන් ප්‍රතිනිර්මාණය  කළ හැකිය.


අගය වැඩිකළ නිෂ්පාදන (Value – added Products)
ඖෂධීය CBD කංසා, කොළ, ඇට විවිධ ප්‍රමාණවලින් මිශ්‍රකොට බිස්කට්, චොකලට්, අයිස්ක්‍රීම් සහ වෙනත් රසකැවිලි නිෂ්පාදනය කිරීම දියුණු රටවල ආරම්භ කර ඇත. සිසිල් බීම වර්ග සහ අනෙකුත් ශක්තිජනක පානයන් සඳහාද කංසා කොළ චූර්ණ, කංසා ඇටවලින් ලබා ගන්නා පිටි සහ CBD මිශ්‍ර කිරීම ද ආරම්භ කර ඇත.

කංසා ඇටවලින් තෙල් ලබා ගත්තාට පසු ඉතිරිවන කොටස අඹරා පිටි නිෂ්පාදනය කරයි. එම ඇට පිටි හෙවත් - (Hemp Powder) ප්‍රෝටීන් ගුණායෙන්  අධික ය. එබැවින් මාංශ පරිභෝජනය නොකරන සමාජයක් සහ ඒ වෙනුවට කංසා පිටි සමග බැදුණු සමාජයක් බිහිවෙමින් පවතී. එම පිටිවලින් සාදන කිරි පෝෂණ ගුණයෙන් අනූන ය. සත්ත්ව ආහාර සඳහා ද කංසා ඇට පිටි භාවිත කරයි. වේලන ලද කංසා කොලවලින් තේ නිෂ්පාදනය සහ තේ බීම ද ජනප්‍රිය වෙමින් පවතී. අතිරේක ආහාරයක් ලෙස කංසා තෙල් සහ කංසා පත්‍ර භාවිත කර පෙති වර්ග සහ කැප්සියුල් ද නිෂ්පාදනය කරයි. මුහුණේ ඇතිවන රැලි සහ කුරුලෑ අඩු කරන රූපලාවන්‍ය නිෂ්පාදනය සඳහා ද CBD තෙල් සහ කංසා යුෂ භාවිත කරයි.


විවෘතව ඇති ජාත්‍යන්තර වෙළඳපොළ අවස්ථාවන්

ලෝකයේ බොහෝ රටවල් සමග සසඳා බලන විට කංසා වගා කිරීම සඳහා පරිපූර්ණ දේශගුණික තත්ත්වයක් සහ සරු පසක් ශ්‍රී ලංකාව සතු ය. අපට පමණක් නොව ආසියාවේ මෙන්ම අප්‍රිකාවේ සහ ඇමරිකාවේ ද එවැනි පරිසර තත්ත්ව සහිත ප්‍රදේශ ඇත. මේ වන විටත් එම රටවල් කංසා වගාව හා නිෂ්පාදන අතින් බෙහෙවින් ඉදිරියෙන් සිටියි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ රජය ගෝලීය කංසා වෙළදපොළ ආකර්ෂණය කර ගැනීම සඳහා විචක්ෂණ තීන්දුවක්  ගත යුතුය. කංසා ව්‍යාපාරය ඉදිරි දස වසර තුළ දී ඩොලර් ට්‍රිලියනකට වඩා වටිනාකමනට භාජනය වෙයි.

කංසා නීතිගත කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ ව විශේෂඥයින්ගේ අදහස් නොසළකා ශ්‍රි ලංකා රජය එය සිදු කිරීමට මැලිකමක් දකවන්නේ රජයට ආදායම් ලබාගත හැකි හොඳම ප්‍රභවය මත්පැන් සහ දුම්වැටි අළෙවිය නිසා විය යුතුය. නීතිමය මත්පැන් සහ දුම්කොළ භාවිතය නිසා හෘදයාබාධ, අක්මා ආබාධ සහ පිළිකා වැනි අසාධ්‍ය රෝග ඇති කරන බව ඉතා පැහැදිළි කරුණකි.

කංසා පිළිබඳ විශේෂඥයින්ගේ අදහස්, පර්යේෂණ වාර්තා සහ ආයුර්වේදීය දැනුම තුළ කංසා නීතිගත කිරීම සඳහා අවශ්‍ය සාක්ෂි සාධක අවශ්‍ය තරමටත් වඩා  තිබෙන බව කංසා නිතී ගත කිරිම වෙනුවෙන් පෙනී සිටින සමාජ කණ්ඩායම් විසින් ද පෙන්වා දෙයි. එබැවින් අන්තර්ජාතික වෙළඳ අවස්ථා අහිමි වීමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව සහ එහි වසන ජනතාව වෙනුවෙන් ඉතා  බුද්ධිමත් තීරණය ගත යුතුව ඇත.

ඉන්දියාව සහ තායිලන්තය වැනි රටවල් මේ වන විටත් අපට වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

ඖෂධීය කංසාවලට අමතරව විනෝදාත්මක අරමුණු සඳහා භාවිත කරන කංසා වගාකර අපනයන කිරීම කෙරෙහි ද රජය අවධානය යොමු කළ යුතුය. මේ වන විට බොහෝ රටවල ආස්වාදය හෝ විනෝදය පිණිස කංසා භාවිත කිරීමත් නීතිගත කර තව දුරටත් එය අපරාධ ක්‍රියාවක් ලෙෂ නොසැලකීමට තීරණය කර ඇත. කංසා ගොවිතැන සහ නිෂ්පාදන අයථා ලෙස භාවිතය වැළැක්වීමට නවීන තාක්ෂණය සහ නිරීක්ෂණ පද්ධති ඉතා සාර්ථකව  භාවිත කළ හැකිය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 2020 ඔක්තෝබර් 7 වැනි දින පාර්ලිමේන්තුවට අදහස් දක්වමින් කියා සිටියේ “කංසා නීති ගත කිරිම සදහා වන ඉල්ලීම අපගේ රජය විසින් සලකා බලමින් සිටිනවා”. යනුවෙනි. රජය එය සලකා බැලීමට ප්‍රමාණවත් තරම් කාලයක් ගත කර ඇති අතර ආර්ථික අවපාතයෙන් ගොඩ ඒමට නම් ඖෂධිය කාංසා වගාව නීතිගත නිරිම තව දුරටත් කල් දැමිය යුතු නැත.

(***)

එංගලන්තයේ එම්.ටී.ජේ. යූ.කේ. ග්ලෝබල් ආයතනයේ
මෙහෙයුම් අධ්‍යක්ෂ
රාජසිංහ බණ්‍ඩාර

 



අදහස් (18)

ඖෂධීය ගුණයෙන් ඉහළ කංසා රට සල්ලි ඉල්ලමක්

ගමරාළ Sunday, 08 August 2021 05:11 PM

සුද්දො ලංකාවේ කංසා තහනම් කළේ දේශීය වෙදකම විනාශ කරන්න 1948 දී වේවා... 1972 දී වේවා... නිදහස ලැබුණා කියන අපි තවමත් සිටින්නේ ඔවුන්ගේ නීති ක්‍රියාත්මක කරමින් නේද? මේ තහනම දැන්වත් අහෝසි කරමුද?

:       161       96

සමන් - ඕමානයMonday, 09 August 2021 12:59 PM

කංසා වගාව තහනම ඉවත් කොට, එය නීතිගත කල යුතුයි. ලංකාවේ වගා කරුවන් නිසි ලියාපදිංචි කිරීමක් කර, එය අව භාවිතය අවම කිරීමක් කල හැකිය. වගා නිෂ්පාදන, අගය වැඩි කිරීමේ ආයතන වලට හෝ පිටරට යැවීමේ ආයතන වලට පමණක් ලබාදිය හැකි ක්‍රම වේදයක් සකස් කල යුතුයි. මේ මගින් රටට විදේශ විනිමය ගලා ඒම හා ගැමි ජනතාවගේ ආර්ථිකය නංවාලීම කල හැකියි. NGO කාරයින් හා ආගමික නායකයින්, මෙම කාර්යය සුභවාදීව බලා අනවශ්‍ය ලෙස විරෝධතා, උසි ගැන්වීම් නොකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. රජයේ බලධාරීන් ගේ අවධානයට, මෙම අදහස් යොමුවේවායි පතමි.

:       130       84

MAHESH Monday, 09 August 2021 01:21 AM

අපේ පාලකයන් සැමවිටම සිටියේ මර නින්දේය.ඔවුන්ගේ නිද්‍රසයට අපද වහකිව යුතුය .මන්ද යත් කිසිම පාලකයෙකුට වැඩක් කිරීමට අපි ඉඩ නොදිමි . ඔවුන් නින්දෙන් අවදි වන විට දුම්රිය ගොස් හමාරය . රටක් ලෙස සැම විටම අපි අපේ අවස්ථාවන් (opportunities) අහිමි කර ගත්තේය. නිදහස් ආර්ථිකය හදුන්වා දුන්නද පල ප්‍රොයෝජන ගත්තේ නැත . කන්සද එසේමය . දුක්වී පලක් නොවේ.අපට වෙනස් වීමට කාලය පැමිණ තිබේ .

:       60       6

RaveendraTuesday, 10 August 2021 07:08 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. පට්ටියේ හරකුන් 225 මෙන්ම අපද ඇතුළුව අප රටේ සියලුම පුරවැසියන් අඩුවැඩි නැතුව රටේ "අපගමනයට" ඍජුවම වග කියන්නොය. අපට අරක්කු, රා නිෂ්පාදනය කිරීමට නීතියෙන් අවසර ලබාදීමට පුළුවන් නමුත් මෙම කංසා වගාකර වෙනත් රටවලට අපනයනය කිරීමට නීති සැකසිමටවත් බැරිය.දැන්වත් කිසිවෙකුට රිංගා යාමට නොහැකි වෙන ආකාරයට නීති සකසා මෙම වගාව කල යුතුයි යන්න අපගේද අදහසයි.මෙම අදහස් අදාළ බලධාරීන්ට කියවීමට හැකි වේවා.....

:       0       3

NM Monday, 09 August 2021 02:58 AM

කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපය ඇතුඵ බටහිර රටවල කංසා නීතිගත කිරීමට දායක වූ විශේෂඥයින්ට සහ පෙරමුණගත් කණ්ඩායම් වලට අනුව බහුජාතික සමාගම් ශ්‍රී ලංකාවෙන් මිල දී ගන්නට බලාපොරොත්තු වන්නේ ඖෂධීය කංසා, CBD තෙල් සහ කංසා කුඩු හෙවත් චූර්ණ ය. ඔවුන්ගේ අවශ්‍යතාව පසුගිය වසර (2020) වන විට හතර ගුණයකින් වැඩි වී ඇත. එසේනම් එම රටවලින් කංසාවලට දැවැන්ත ඉල්ලුමක් තිබේනම් කලයුතු වන්නේ කංසා භාවිත කර ඖෂධ නිපදවීමට දැවැන්ත කර්මාන්තයක් සදහා සහ කංසා වගාව විදේශීය ආයෝජකයකු පැමිණ ලංකාවේ ආයෝජනය කිරීමට අවස්ථාව දියයුතු වේ. CBD තෙල් සහ කංසා කුඩු ඖෂධ නිපදවීමට කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඔස්ට්‍රේලියාව ( චීනයට කෙසේවත් ලබා නොදිය යුතුවේ ) වැනි රටකට හම්බන්තොට ආශ්‍රිතව කංසා වගාවක් සහ කංසා මගින් නිපදවන්නා වූ බෙහෙත් නිපද වීමේ කර්මාන්තයක් පවත්වාගෙන යාමට රජය අවසර දිය යුතුවේ. ත්‍රිකුණාමල වරයා ඇමෙරිකාවට ලබාදීම සහ හම්බන්තොට ආශ්‍රිතව ලෝකයේ බලවත් රටක ( චීනය නම් නොවේ ) ආයෝජනය කල හොත් ලංකාවේ දියුණුවට වැදගත් වේ

:       81       57

siripalaTuesday, 10 August 2021 10:24 PM

කංසා වගාව කරනවා නම් විදේශ සමාගමක් මගින් දැඩි නීති අනුගමනය කරමින් විදෙස් වෙළඳපලට ඖෂදීය වශයෙන් යැවීම සඳහා පමණි

:       0       0

0 Monday, 09 August 2021 05:12 AM

හොඳ අදහසක් නොවේ..!!!

:       6       85

Shamila De Mel Monday, 09 August 2021 11:14 AM

ඔය කට්ටිය කන්‍යා සොහොයුරියන් නෙවෙයි .හොර ගැහැණු ටිකක් .හොඳට හොයලා බලන්න

:       281       35

Alfred de CostaTuesday, 10 August 2021 09:44 AM

ඕක තමයි මහත්තයෝ ඇත්ත තත්වය. මාධ‍්‍ය ආයතනයක් නිකන් දේවල් පල කරන්නේ නෑනේ...

:       0       98

Ranjith ManhattanTuesday, 10 August 2021 09:51 AM

කැලිෆෝනියාවේ මර්සෙඩ් නගරයේ ඇත්තටම වෙනවා. රොයිටර් සේවයත් ඕක වාර්තා කරලා තියෙනවා. කිඹුහුමක් ගියත් හාමුදුරුවන්ටයි, බුදුදහමටයි ඇනුම්, බැනුම්, කවි, ගීතිකා ලියපු අය මේකට මීක් නෑ. පේනවනේ නේ...

:       6       217

RavindraThursday, 12 August 2021 10:54 PM

කොහේද ඉගෙන ගත්තේ? පුත්තලමේද? එහේ ඉන්න කකුල් හතරේ අයට වෙනසක් නැහැ.

:       0       1

rathne Monday, 09 August 2021 12:54 PM

ඔය කියවනවාට වැඩිය හොදයි නේද ගංජා කාරයෙක් දිහා ඇස ඇරලා බැලුවානම් .මගේ රටේ හැටි මෙහෙම තමයි .සල්ලි හම්බකරන්න ඕනෙම දෙයකට සුදානම්

:       225       74

RavindraThursday, 12 August 2021 11:00 PM

පුත්තලම පැත්තේ නේද?

:       0       1

amila Tuesday, 10 August 2021 08:49 AM

මෙයට ප්‍රතිචාර දක්වලා තියනවා මෝඩයින් සහ නැණවතුන් .දියුණු රටවල රෝගීන්ට මෙඩිකල් කැනබි කියලා දොස්තරලා දෙයිද වස විස ?ඉතා නැණවත් ක්‍රියාවක් .පුළුවන් තරම් ඉක්මනින් පටන් ගන්න තියෙන්නේ .රත්තරන් කන්ද උඩ නිදා ඉන්න මෝඩ හිඟන්නෝ කියන කතා

:       0       1

wije Wednesday, 11 August 2021 02:49 PM

ගංජා වල ප්‍රති විපාක අපිට බන්ධනාගාර වලින් සහ මානසික රෝහල්වලින් දැන හඳුනාගන්න පුළුවන් .සේයා සඳෙව් කියන නිදාගෙන හිටිය ළදරුවා පැහැරගෙන ගොස් දුෂණය කරලා මරලා දැම්මෙත් ගංජා කාරයෙක් නේද .ඇයි අපි මේ වගේ දේවල් වලින් යම් දෙයක් ඉගෙනගෙන අනාගතය හොඳ අතට හරවා නොගන්නේ ?

:       1       57

amila Wednesday, 11 August 2021 03:58 PM

දැන්වත් මොලේ පෑදෙයිද? මොලේ පෑදුණොත් ලොකු දෙයක්...

:       0       8

ranjith Thursday, 12 August 2021 07:14 AM

මුදල් හොයන්න සාධාරණ යහපත් දේවල් නැතුවද මන්දා මේ ඔට්ටු වෙන්නේ .මේ අය්ය රටට අවංකව තියෙන ලෙන්ගතුකමෙන්ද මේ කතා කරන්නේ .කොහොම හරි සල්ලි හොයන්න ක්‍රම තව ඇති

:       3       0

RavindraThursday, 12 August 2021 11:18 PM

කීයට යනකම් ඉගෙන ගත්තද ,7, 8 ? ඔය වගේ ය ඉන්නකම් රට හැමදාම එක තැන .බැරිම දේ තමයි මොලේ දෙන එක

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ආර්ථිකය නොතකන අධ්‍යාපනය කුමකටද?
2024 අප්‍රේල් මස 18 258 0

රටේ පවත්නා ආර්ථික අර්බුදය මෙරට අධ්‍යාපනයට ද බලපා ඇතැයි මෑත කාලයේ වඩාත් විමසීමට ලක් වූ කාරණයකි. එහෙත් මෙය පුළුල්ව සහ ගැඹුරින් සාකච්ජාවට ලක් විය යුතු එක


ඇත්ත නැත්තට ගොතන කතා අතේ පත්තුවීම
2024 අප්‍රේල් මස 17 410 0

ජාතියේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැළකෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට හැකි වී ඇති බව පසුගිය දිනවල මහජනතාවගේ විවිධ ක්‍රිය


මුලින් රට ගොඩ ගනිමු ඉන්පසු වරප්‍රසාද ඉල්ලමු
2024 අප්‍රේල් මස 17 235 0

දේශපාලනය “ගරු සේවයක්” බවට පත්ව තිබූ යුගයක් අතීතයේ තිබිණි. උපයා ගෙන තිබූ වත්කම්ද මහජන සේවයට කැප කළ එම ගරු කටයුතු මහජන නියෝජිතයා සරල අල්පේච්ඡ ජීවිතයක් ග


ණය අර්බුදයේ අනවබෝධයේ ප්‍රතිවිපාක
2024 අප්‍රේල් මස 16 637 0

ශ්‍රී ලංකාව මුල්වරට විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය. ඒත් සමගම ශ්‍රී ලංකාව බංකොලොත් රටක් බ


වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය තවත් පුළුල් කළ යුතුයි
2024 අප්‍රේල් මස 16 759 2

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය උපාධිය සඳහා මෙරට ශිෂ්‍යයන්ට මුදල් ගෙවා ඇතුළුවීමට පහසුකම් සැලසීම සඳහා වන යෝජනාව


අලුත් අවුරුද්ද රටට සහ ඔබට කොහොමද?
2024 අප්‍රේල් මස 12 2859 0

ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site