IMG-LOGO

2024 මැයි මස 29 වන බදාදා


​එදා වැටුණු ආර්ථිකයේ අද දවස

1949 අංක 58 දරන මුදල් නීති පනතේ 35 වැනි වගන්තිය අනුව, සෑම මුදල් වර්ෂයක්ම අවසාන වී මාස හතරක් ඇතුළත, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තත්වය ද, අදාළ මුදල් වර්ෂය තුළ මුදල් මණ්ඩලය විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග පිළිබඳ විවරණයක් ද, එම ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට හේතු වූ ආර්ථික හා මූල්‍ය තත්වය පිළිබඳ විශ්ලේෂණයක් ද අඩංගු වාර්ෂික වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ඇමැතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.

මුදල් නීති පනත ලෙස හඳුන්වන ලද එම පනත 2023 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකු පනත නමින් යාවත්කාලීන කර, නව පනතක් ලෙස සම්මත කරගන්නා ලදී. මෙම නව පනත අනුව ද ඉහත කී කාර්යය සුළු වෙනස්කම් සහිතව වාර්ෂිකව ඉටුකිරීමේ වගකීම මහ බැංකුව වෙත පවරා තිබේ.

ඒ අනුව, 2023 වර්ෂයට අදාළව රටේ ආර්ථිකය පිළිබඳ වාර්තාවක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය කටයුතු පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් පසුගිය අප්‍රේල් 25 වැනිදා මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාර දෙන ලදී. මීට පෙර මුදල් අමාත්‍යවරයාට මෙම වාර්තා භාර දෙන අවස්ථාවේදීම එහි පිටපත් මාධ්‍යවලට ද නිකුත් කරන බව ද, මේ වසරේ එම වාර්තා මුදල් ඇමැතිවරයාට භාර දුන් නමුත්, මාධ්‍ය වෙත නිකුත් කර නොතිබුණු බව ද ඇතැම් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙම වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඊයේ (7) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබුණි. එම තොරතුරු මෙම ලිපියට එකතු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොතිබීම පිළිබඳව කනගාටු වෙමි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මෙන්ම මෙවර ප්‍රකාශයට පත්කර ඇති ආර්ථික විවරණය ඉතා වැදගත් වන්නේ, අදාළ වර්ෂයේ රටේ ආර්ථිකයේ ක්‍රියාකාරීත්වයේ සත්‍ය තත්වය පිළිබඳ කරුණු වටහා ගැනීම සඳහා එය ආධාර වන බැවිනි. මහ බැංකුව විසින් රටේ නිෂ්පාදන හා සේවා සැපැයීමට අදාළ සෑම තොරතුරක්ම එක්රැස් කර, ඒ අනුව රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳ ගම්‍ය වන දර්ශක සහ මිනුම් ආධාරයෙන් එම තොරතුරු විවරණය කරනු ලබයි. රටේ ආර්ථික වර්ධන වේගය, ඒ ඒ අංශවල නිෂ්පාදන සහ සේවා වටිනාකම, උද්ධමනය සහ මිල මට්ටම්, විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය, විදේශ විනිමය අනුපාත හැසිරීම් රටාව, සේවා නියුක්තිය, රජයේ අයවැය ආදිය පිළිබඳ විග්‍රහ කොට, ඒ ආශ්‍රිතව එළැඹ ඇති නිගමන මෙම වාර්තාව විසින් එළිදක්වනු ලැබේ.

කිසියම් රටක යම් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළ ආර්ථික තත්වය පිළිබඳ සමාලෝචනයක යෙදීමේදී ඉතා වැදගත්ම දර්ශකයක් ලෙස සැලකෙන්නේ, රටක ආර්ථික වර්ධන අනුපාතයයි. පසුගිය වර්ෂයට සාපේක්ෂකව මෙම වසරේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කවර ආකාරයෙන් වෙනස් වී ඇත්ද යන්න, එනම්, රටක ආර්ථිකයේ වර්ධනයක් හෝ හැකිළීමක් සිදුව තිබේ ද යන්න නිශ්චය කරගැනීමට ඉන් අවස්ථාව සැලසේ. කොවිඩ් ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් අත්විඳිමින් සිටියේ ඉතා අවාසනාවන්ත තත්වයකි. 2019 වසරේ සිට 2023 වසර දක්වා වසර 5ක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් සිදු වූයේ 2021 වර්ෂයේදී පමණි. අනෙක් වසර හතරේදීම ආර්ථිකය සංකෝචනය වූයේය.

ශ්‍රී ලංකා ආර්ථික ඉතිහාසය තුළ ආර්ථිකයේ විශාලතම පසුබැස්ම සිදු වූයේ 2022 වසරේදීය. එම වසරේදී රටේ ආර්ථිකය සියයට 7.3කින් සංකෝචනය විය. වසරක් තුළ අපේ ආර්ථිකය මුහුණ දුන් විශාලතම පසුබැස්ම එය විය. බොහෝ දෙනකු 2023 වසරේ රටේ ආර්ථික වර්ධන වේගය දැනගැනීමට උනන්දු වූයේ රටේ ආර්ථික පරිහානිය තවදුරටත් උග්‍ර වනවා ද, එසේත් නැති නම් සාධනීය තත්වයකට හැරෙමින් පවතිනවා ද යන්න නිශ්චය කරගැනීමට එය ආධාර වන බැවිනි. 2023 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබූ නමුත්, එය සියයට 2.3ක මට්ටමට සීමා වී තිබුණි. 2020 සහ 2022 වර්ෂවල අත්වූ ආර්ථික පසුබැස්ම හා සන්සන්දනය කරන විට 2023 වසරේදී ආර්ථිකය යථා තත්වයට පත්වීම ආරම්භ වී ඇති බව ඒ තුළින් පැහැදිලි වේ.

කොවිඩ් අර්බුදය හේතුවෙන් ඇති වූ භාණ්ඩ හිඟය, රජයට ණය ගෙවා ගැනීමට නොහැකි තත්වයකට පත්වීම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීමට පවා විදේශ විනිමය නොමැති වීම වැනි හේතු නිසා රටේ ජන ජීවිතය මෙන්ම දේශපාලන තත්වයේ ද විශාල කැළඹීමක් උද්ගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස බලයේ සිටි ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම, නව ජනාධිපතිවරයකු පත්වීම, නව කැබිනට් මණ්ඩලයක් පත්වීම වැනි දේශපාලනමය වෙනස්කම්වලට ද මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදු විය. ඒ සියල්ල තුළ දරුණු ආර්ථික අර්බුදය මහා සමාජ ව්‍යසනයක් දක්වා වර්ධනය වීමේ ප්‍රවණතාවක් ද නිර්මාණය විය. ඒ අතරම 2022 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව විසින් ඒ දක්වා ලබාගෙන තිබූ විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවන බව ප්‍රකාශයට පත් කරන ලදී. එය ණය ගෙවා ගැනීමට නොහැකිව රටේ බංකොළොත්භාවය ප්‍රකාශ කිරීමක් ලෙස හැඳින්විය හැකිය.

බංකොළොත්භාවය ප්‍රකාශයට පත්කිරීම රටේ ආර්ථික පැවැත්ම ද, ජන ජීවිතය ද අස්ථාවර මට්ටමකට පත්කළ තත්වයක් විය. ඒ හේතුවෙන් ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වී, රටේ මහජනතාවගෙන් බහුතරයකට තම ජීවිත පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය දේවල් පවා නොලැබෙන තත්වයක් ගොඩනැගී තිබුණි. ඉන්ධන, ගෑස්, ඖෂධ හිඟය ආදියට පමණක් නොව ඉතිහාසයේ මුහුණ දුන් අති දීර්ඝතම විදුලි කප්පාදුවට ද මුහුණ දීමට සිදු විය. ඒ තත්වය යටතේ රටේ සාර්ව ආර්ථික තත්වය දැඩි උච්චාවචනයට බඳුන් වූ අතර, එය කළමනාකරණය කරගැනීමට හැකියාවක් තිබේ ද යන්න විශාල ගැටලු‍වක් බවට පත්විය. 2022 වසරේදී රටේ උද්ධමන අනුපාතය සියයට 70ක මට්ටමට ඉහළ ගියේය. එසේ වුව ද, 2023 වසරේදී එය සියයට 17ක මට්ටමට අඩු කරගැනීමට හැකි විය.

විදේශ විනිමය හිඟය හේතුවෙන් දැඩි ආනයන පාලනයක් වෙත පවා යෑමට ශ්‍රී ලංකාවට සිදු විය. බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇති වීම සඳහා බලපෑවේ එම ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් විදේශ විනිමය රට සතුව නොපැවැතීමයි. රජය එම තත්වය කළමනාකරණය කරගැනීමට කටයුතු කළේය. 2022 දී ගෙවුම් තුලනයේ සමස්ත ශේෂය ඩොලර් මිලියන 2,806ක හිඟයක් විය. එසේ වුව ද, 2023 වසරේදී එය ඩොලර් මිලියන 2,825ක අතිරික්තයක් බවට පත්කරගැනීමට රජයට හැකි විය. 2022 වසර අවසන් වන විට රටේ දළ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 1,897 දක්වා අඩු වී තිබූ අතර, 2023 වසර අවසන් වන විට රටේ මුළු සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,392 දක්වා ඉහළ ගියේය. 2022 වසරේදී රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය ප්‍රමාණවත් වූයේ මාස 3.9ක ආනයන සඳහා ගෙවීමට පමණි. එහෙත්, 2023 දී මාස 6.7ක ආනයන සඳහා ගෙවීමට හැකි විදේශ වත්කම් ප්‍රමාණයක් රට සතුව තිබිණ.

උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ යෑම සඳහාත්, භාණ්ඩ මිල ඉහළ යෑම සඳහාත් බලපෑ ප්‍රබල හේතුවක් වූයේ, රජයේ අයවැය හිඟය විශාල ලෙස ඉහළ යෑමයි. 2001 සිට 2018 දක්වා අවුරුදු 18ක කාලය තුළ කිසිදු අවස්ථාවක අයවැය හිඟය අංක දෙකක ඉලක්කමක මට්ටමට පත්වූයේ නැත. එසේ වුව ද, 2020 වසරේදී එය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 10.7 දක්වා ඉහළ ගියේය. 2020, 2021, 2022 යන වර්ෂ තුනේදීම අයවැය හිඟය සියයට 10 ඉක්මවා ගොස් අංක දෙකක මට්ටමට පත්ව තිබූ නමුත්, 2023 දී එය නැවත වරක් තනි අංකය දක්වා, එනම්, සියයට 8.3 දක්වා පහළට ගෙන ඒමට රජයට හැකි විය.

2020 දී රටේ සේවා වියුක්ති අනුපාතය සියයට 5.5 දක්වා ඉහළ ගියේය. එය 2009න් පසු ශ්‍රී ලංකාව අත්විඳි ඉහළම සේවා වියුක්ති අනුපාතය විය. 2023 වන විට එම අගය සියයට 4.7 දක්වා පහළට ගෙන ඒමට රජයට හැකි වී තිබේ.

2022 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාවට විදේශ ණය ගෙවීමට නොහැකි බව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් කවර තත්වයකට මුහුණ දීමට සිදු වේ ද යන්න පිළිබඳව කවරකු තුළවත් නිශ්චිත අදහසක් නොතිබුණේ යැයි සිතමි. එවැනි තත්වයකට පත්වූ බොහෝ රටවල් දරුණු ඛේදවාචකවලට මුහුණ දුන් අතර, ඒ රටවල ජනතාවට ද දරුණු පීඩනයට ලක්වීමට සිදු විය. එසේ වුව ද, ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශයට පත්කර යන්තම් වසරක් ගෙවෙන විට අර්බුදයෙන් ගොඩ ඒම සඳහා වූ නිසි මාවතකට පිවිසීමට හැකි වී තිබේ. දැනුම, අත්දැකීම් සහ ආර්ථික කළමනාකරණය පිළිබඳ වැටහීමක් ඇති රනිල් වික්‍රමසිංහ මහතා වැනි නායකයකු වෙත එම අවස්ථාවේදී බලය හුවමාරු වීම එවැනි තත්වයක් ඇති වීම කෙරෙහි බෙහෙවින් බලපෑ සාධකය බව ද පෙන්වා දිය යුතුව ඇත.

 

(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර



අදහස් (3)

​එදා වැටුණු ආර්ථිකයේ අද දවස

SISIL Wednesday, 08 May 2024 05:47 PM

ගෑස් සහ ඉන්ධනවලට අවස්ථාව ලබා දුනහොත් (ඉතාම කෙටි කාලයක්) ලංකාවේ ජනතාවගේ ජනමනස වෙනස් කර නව දේශපාලනයක් සඳහා අවස්ථාව ඇතිකරන්න හැකියාවක් ඇත.

:       0       4

bandara Thursday, 09 May 2024 08:07 AM

මම රනිල්ට පෞද්ගලිකව කැමති නැහැ. නමුත් ඔහු ශ්‍රී ලංකාව නිවැරදි මාවතට ගෙන ආ ආකාරය ඇත්තෙන්ම සිත් ඇදගන්නා සුළුය. මෙහි ප්‍රධානම කරුණ නම් ඔහු තීරණ ගත්තේ හැඟීම් මත පදනම්ව නොවන බවයි

:       1       13

wedage Monday, 13 May 2024 04:42 PM

එදා 12.5 ගෑස් සිලින්ඩරයක් 1500/- අද 12.5 ගෑස් සිලින්ඩරයක් 3090/- කොහොමද වෙනස?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඔව් මචං දැන්නම් පරක්කුයි
2024 මැයි මස 29 157 0

ප්‍රවීණ සංගීතඥයකු, ශක්ති හා සිහශක්ති සංගීත කණ්ඩායම්වල නායකයා වූ අභාවප්‍රාප්ත ආනන්ද පෙරේරා කලාකරුවාගේ අවසන් කටයුතු අද (29) මහයියාව පොදු සුසාන භූමියේදී


ශ්‍රියා මනමත් කළ ආනන්ද අයියා
2024 මැයි මස 28 749 3

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥයකු වූ ආනන්ද පෙරේරා මහතාගේ අවසන් කටයුතු හෙට (29) මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ සටහන ඒ නිමිත්තෙනි.


රට හදන්න ප්‍රාෙයා්ගික සැලැස්මක් ඕනෑ
2024 මැයි මස 28 149 0

අද දේශපාලනයේ දිශානතිය, ආණ්ඩුවේ ගමන් මග, එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙළ, ජුනි 01 වැනිදා කෙරෙන්නේ කුමක්ද? යනාදී කරුණු සම්බන්ධයෙන් කළ විමසුමකි මේ.


බලයෙන් මත්වූ දේශපාලනය සමාජයෙන් පිටමං කරමු
2024 මැයි මස 28 182 0

අප රටේ දේශපාලකයන් සෑහෙන පිරිසක් සුව කළ නොහැකි රෝගවලින් පෙළෙන බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති සත්‍යයකි. එසේ සුව කළ නොහැකි රෝග අතර බලයෙන් ඉදිමීම, අතීතය අමතක


නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 239 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 120 1

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 999 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2564 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2191 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site