තිතවන දැඩි සූර්යය රශ්මියෙන් නිපන් දූවිල්ල ලප් තැනම ලොප් කරමින් විටෙක මල් තුහීනය ඇද වැටුණ ද පඩුවස් නුවරට බොහෝ දෙනා ඇදෙන්නේ සුන්දරවූ ඉතිහාසාත්මක පේ‍්‍රම කථාවක පැමිණෙන විවාදයට තුඩු දුන් උන්මාද චිත‍්‍රාවන් විසූ එක්ටැම් මාලිගය නැරඹීමටය. සෙනරත් පරණවිතානයන් පුරාවිදු පර්යේෂණ නම් කෘතියේ පවසා ඇති පරිදි කි‍්‍රපූ හතර වැනි සියවස ලක්දිව රජු වූ පණ්ඩුවාස දේවයන්ගේ දියණිය ලෙස මහා වංශයේ කියැවෙන උන්මාද චිත‍්‍රාවන් පිළිබද කථාව ඉතිහාසයට නොව ජනකථා ගණයට වැටෙන්නකි.

පුරාවිද්‍යාත්මක හැදෑරීමක් මත සිට සෙනරත් පරණවිතානයන් පවසා ඇත්තේ  උන්මාද චිත‍්‍රාවන් විසූ එක්ටැම් මාලිගයයැයි අදටත් බොහෝ දෙනා සිතන පවසන වලයාකාර මැටි පවුර එවන්නක් නොවන බවත් එය පරාක‍්‍රම බාහු රජුගේ චක‍්‍රවාල කෝට්ටය බවත්ය. දොළොස්වන සියවසේ දී ඉංදීය සංස්කෘතියේ බලපෑම් වලට හසුවූ රටවල තමන් විශ්ව පාලකයන් බව කියාපෑමට මහාමේරු පර්වත ආකෘතිය තනා ඒවාට අයිතිය කියා පෑ බව අප දනිමු. මේ කාර්යය සදහා මහා මේරුව ආකෘතියකටත් වඩා මුළු මහත් විශ්වීය ආකෘතියක් තනා ගත්තානම් වඩා ප‍්‍රයෝජන වත් වනු ඇතැයි යමකුට තර්ක කළ හැක. එනමුත් සිරිලකම විජයග‍්‍රහනය කිරීමට අර අදින නරපතියකු ලෙස පරාක‍්‍රම බාහු රජු එවැනි විශ්වීය ආකෘතියකට අයිතිකරු හෙවත් අධිපතියා වීමට මාන බැලීම පුදුමයක් ද නොවන්නේය. කෙසේ නමුත් චක‍්‍රාවාල කෝට්ටයෙන් අදහස් වූයේ එයම නම් මෙය ඉදිකරන්නට ඇත්තේ පරාක‍්‍රම බාහු රජු අණිනි.

එක්ටැම් මාළිගය යැයි වත්මනේ බොහෝ සංචාරකයන් හදුනා ගන්නා  චක‍්‍රාවාල කොට්ටයේ අඩියේ පළල අඩි 66 ක් ද මුදුනේ පළල අඩි 21ක් ද සාමාන්‍යය උස අඩි 12ක් ද පමනවේ. ප‍්‍රාකාරයේ වටවූ භූමියේ විශ්කම්බය අඩි 297 කට ආසන්නය.මෙහි  මැද කළ කැණීමකින් බිත්තර කටු කැබැල්ලක හැඩය දැරූ කුඩා බාන්ඩයක් හමුවූ බව සෙනරත් පරණවිතානයන් පවසා ඇත. ඒ අනුව මෙම චක‍්‍රාවාල කෝට්ටය පිළබද පුරාවිදු පරියේසන කෘතියේ පැමිනෙන්නේ මෙසේය. ”තරුණ කුමරා ශක‍්‍රදේවේන්ද්‍ර විලාසයෙන් මෙම සීමාව මැද වූ ශිලාපීටයේ අසුන්ගෙන සිටින ආකාරයත් ඒ මහේශාක්‍යය විලාසය තවත් ඔප්ගැන්වීමට බා‍්‍රහ්ණ පූජකයකු ලවා ආගමික චාරිත‍්‍ර පවත්වන්නට ඇතිආකාරයත් අපට සිතාගත හැකිය ” ලෙසය. එමෙන්ම ඔහු තවදුරටත් පවසා ඇත්තේ  නූතයේ හදුන්වන පඩුවස් නුවර එදා පරාක‍්‍රමබාහු රජතුමා දක්ඛිණදේශයේ මායා රජව සිටියදී ස්වකීය පාලන මධ්‍යස්ථානය කොටගත්  පරාක‍්‍රම පුරය බවයි.  එකල පැවති සංකත්තලී,බදත්තලී ආදි ලෙස උප නගරයක්ව පඩුවස් නුවර පැවතින්නට ද අවකාශය ඇත.එනමුත් පරක‍්‍රමබාහු රජතුමා දක්ඛිණ දේශයේ මායා රජව සිටි සමයේදී මෙවන් වූ නිර්මාණයක් කිරීමට හැකි වපසරියක එකළ සැබෑවටම තිබුනාද යන්න නැවත විමසා බැලිය යුතුය.

ජනකතා වෙහි සදහන් වන පරිදි පඩුවස් රජතුමා නුවරක් ඉදි කළ බව කියා නැත.මහා වංස පුවතෙහි දැක්වෙන පරිදි ඔහු රට පාලනය කර ඇත්තේ උපතිස්ස ග‍්‍රාමයෙහිය. උපතිස්ස ග‍්‍රාමය වනාහි විජය රජුගේ අභාවයෙන් පසු පඩුවස් කුමරා ලක්දිවට පැමීණෙන තුරු මෙහි පාලන බලය ඉසිලූ බ‍්‍රාහ්මණයා විසින් සිය නමින් ඉදිකරවන ලද්දකි.තවද උපතිස්සගාමය අනුරාධපුරයට උතුරින් පිහිටි බවත් වංස කතාවේ (7 වැනි පරිච්ෙඡ්දයේ 43 හා 44 වැනි  ගාථාවල* පැහැදිලිව සදහන් වේ. නමුත් වත්මනේ අප දන්නා පඩුවස් නුවර ඇත්තේ අනුරපුරයට උතුරින් නොවේ. මේ අනුව බලන කළ පඩුවස්නුවර උන්මාද චිත‍්‍රා කතාව හා පැමිනෙන පඩුවස්නුවර නොවේ.

එනමුත් පුරාවිද්‍යාව හා ඉතිහාසය දන්නා උගතුන් විසදාලිය යුතු ගැටලූවකි. එනම් මෙම උන්මාද චිත‍්‍රා හා බැදෙන කථාවට සම්බන්ද සියලූ සිද්ධි දාමයන්ට අදාල සාධකයන් මෙම පෙදෙසින්ම ලැබෙන බැවිනි. වයඹ පළාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ දේවමැදි හත් පත්තුවේ ගරාතලාන කෝරළයේ කන්දේ මැදගම නිකසලා නුවර රජහා විහාරය පිහිටන්නේ පඩුවස් නුවරට ආසන්න නගරයේය. එහි මැදගම කන්දේ විජ රජුගේ සොහොන වූ බව පැවසෙන අතර මුල් කාලීනව කැණීමක්ද කර අතර එහි වාර්ථාවන් හා පැහැදිළි තොරතුරු නොමැත. එමෙන්ම විජයගේ මුල් බිරිද වූ කුවේනිය හා සම්බන්ද පුවත් ගෙනෙන යක් දෙස්සාගල ඇත්තේද නිකසලාවට නුදුරෙනි.  මේ අනුව බැලීමේදී එකිනෙකට ගැලපෙන සිද්ධි ධාමයක් සහ මේහා සබැදෙන හා සසැදෙන  තොරතුරු මේ පෙදෙස තුළ තවමත් සැගවී ඇත. ”පුරයේ සීමා ඇතුළත ඊටත් වඩා පැරැුණි වකවානුවකට අයත් ගොඩනැගිලි කිසිවක ලකුණු අනාවරණය වි නැතත් එය අවට නම් එවැණි ලකුණු පෙනෙන්නට තිබේ. ඒ තැන් මතු දවසක කැණ බැලූ විට පරාක‍්‍රමබාහු අවදිියට පෙර අවදියක නටබුන් හෙළිවිය හැක”  ලෙස සෙනරත් පරණවිතානයන්ගේ පුරාවිදු පරියේසන නම් කෘතියේම ස`දහන්කර ඇති බව අප අමතක නොකල යුතුය ..මෙබැවන් පඩුවස්නුවර ඇත්තේ සැබවින්ම උන්මාද චිත‍්‍රාවිසූ එක්ටැම් මාලිගය ද නැතිනම් චක‍්‍රාවාලකෝට්ටය ද යන්න පැවසීමට තවමත් අප ඉක්මන් වැඩිය. පුරාවිද්‍යා වපසරය කිනම් කාලයකට අත වැනුව ද උන්මාද චිත‍්‍රා විසූ එක්ටැම් මාලිගය නරඹන රිසියෙන් මෙහි පැමිණෙන සංචාරකයන්ගෙන් නම් අදටත් අඩුවක් නැත.

 

ඩබ්.ආර්.කසුන් රුහිරු මධුසංක, (පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශය)

ශි‍්‍ර ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ.