ශ්‍රී ලංකා ගාඩියන් කර්තෘ නිලන්ත ඉලංගමුව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී එල් ටී ටී ඊ සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ රටින් පිට පිහිටුවා ගත් ‘ඊලාම් සංක්‍රාන්ති රජයේ අගමැති‘ විෂ්වනාදන් රුද්‍රකුමාරන් හෙවත් රුද්‍රා සමග සමූඛ සාකච්ඡාවක් පැවැත්වීය.

කොටි  සංවිධානයේ නීති උපදේශකයා ලෙස කටයුතු කළ විෂ්වනාදන් රුද්‍රකුමාරන් හෙවත් රුද්‍රා තමන් දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජයේ අගමැති ලෙස  හදුන්වාගනී. ඇමරිකා පුරවැසියෙකු වන ඔහු නිව්යෝර්ක් නුවර වාසය කරයි. ඔහු නීතිඥවරයෙකි. යාපනය හිටපු පුරපති විශ්වනාදන් ගේ පුත්‍රයා වන රුද්‍රකුමාරන් යාපනය මධ්‍ය මහා විද්‍යාලයයේ හා කොළඹ නීති විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූවෙකි.

විෂ්වනාදන් රුද්‍රකුමාරන් නොඑසේනම් රුද්‍රා ඔහු සම්බන්ධවී සිටින වැඩකටයුතු නිසාම නිතර දෙවේලේ දැකිය හැකි චරිතයක් නොවූවත් දශක ගණනාවක සිටම ඔහුගේ නම පොදු ජනතාව හොදින්ම හදුනන්නකි. වරක් දමිළ ඊළාමය සදහා වන විමුක්තිකාමී  කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානයේ නීති උපදේශකයා ලෙස අන්තර්ජාතික තලයේ පෙනී සිටි ඔහු එල්.ටී.ටී.ය සහමුලින්ම විනාශ කර දැමීමේ අරමුණින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ දියත් කළ අවසන් මෙහෙයුමේදී මැරුම් කෑ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාරකරන් කිට්ටුවෙන්ම ආශ්‍රය කළ අයකුද වේ.

රුද්‍රා දැන් එල් ටී ටී ඊ සංවිධානයේ ප්‍රභාකරන්ගේ අඩුව පුරවන්නා ලෙස සැළකේ.   ඔහුගේත් එල් ටී ටී ඊ සංවිධානයේ ඉතිරිව සිටින සෙසු සාමාජිකයන්ගේත් නවතම උත්සාහය වී ඇත්තේ අවිගත් අරගලකට පරිබාහිර ක්‍රියාවලියකින් ඊළම දිනාගැනීමට වෑයම් කිරීමයි. මේ සදහා ඔහු දෙමළ ඩයස්පෝරාව හා එක්ව කටයුතු කරමින් සිටී.

මෙම දීරඝ සම්මුඛ සාකච්ඡාවේදී රුද්‍රා සමග එල්.ටී.ටී.ඊ සංවිධානයේ අලූත්ම මුහුණුවර වන ‘දෙමළ ඊළමේ සංක්‍රාන්ති රජය‘ පිහිටුවීමේ සැබෑ අරමුණ හා ඒ හා බැඳුණු ගැටලූකාරී කරුණු කාරනා සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අපි කටයුතු කළෙමු. කෙසේවුවත් ඇතැම් ප්‍රශ්න හමුවේදී රුද්‍රා උපක්‍රමශීලීව ඒවා මගහැර යන අයුරුත් අපගේ අවධානයට හසුවිය.

ප්‍රශ්නය - ඔබ දැන් නව රජයක එනම් ‘දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ‘ නායකයා. මෙය ‘සෙවණැලි රජයක්‘. ඒ කියන්නේ මොන්ටෙවීඩියෝ සම්මුතියට අනුව සැබෑ රජයක් පිහිටුවීමට අවශ්‍ය වන නීතිමය පදනම නොමැති රජයක්. ඒ කොහොම වුවත් 2009 වසරේදී ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසාන වෙනවාත් එක්කම ඔබ එක සැරේට එහි නායකයා වෙනවා. මේ වගේ රජයක පැවැත්ම ඔබ පැහැදිලි කරන්නේ කොහොමද?

පිළිතුර - මොන්ටෙවීඩියෝ සම්මුතිය බලපැවැත්වෙන්නේ රටවල් වලට  පමණයි. නමුත් දෙමළ ඊළම සදහා වන බහුජාතික රජය රටක් පාලනය කිරීම සදහා  පිහිටුවාගත්තක් නොවන අතරම තහනම් කරනු ලැබූ රජයක්ද නොවේ. ඔව්, ඇත්තටම දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය නව සංකල්පයක්. එය අප පිහිටුවාගත්තේ දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන වැඩකටයුතු වලටත් ඩයස්පෝරා සාමාජිකයින්ගේ දේශපාලනය සදහා වන නිදහස තහවුරු කර දීමටත් පිළිවන් වන මාර්ගයක්  විදියට. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට තමන් කැමති දේශපාලනයක් කිරීමට හෝ  දේශපාලන මතයක් වෙනුවෙන් පෙනීසිටීමට හෝ ඉඩක් නැහැ. දෙමළ සඳහා වන බහුජාතික රජයේ ප්‍රධාන අරමුණ වන්නේ ඩයස්පෝරාව නියෝජනය කිරීම. ඒ  එක්කම කාසියේ අනිත් පැත්තේ සිටින්නේ දෙමළ ජනතාව. ඔවුන් තමා සවෛරී ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම වෙනුවන් හඬනගමින් සිටින්නේ. මෙම රජයේ නියෝජිතයන් පත්වන්නේ සාමාන්‍ය රජයක මෙන් ඡන්ද ක්‍රමයක් හරහා. මම පෙර කී සාමාන්‍ය දෙමළ ජනතාව තමයි ඡන්දදායකයෝ. ඡන්දදායකයින්ගේ සහභාගීත්වය මත තමයි නියෝජිතයන් පත්වන්නේ.මේ නිසා අපගේ රජයට සැබෑවටම පැවැත්මක් තිබෙනවා.

බලයෙන් පහ කැරුණු රජයක් හා අපගේ රජය සැළකූ විට යම් යම් සමානකම් හදුනාගන්න පිළිවන්. නමුත් ඒවා න්‍යායාත්මකව විමසා බැලූවහොත් බලයෙන් පහ කැරුණු රජයක් හා අපගේ රජය අතර කිසිදු සමානකමක් නැහැ.

බලයෙන් පහ කැරුණු රජයක් ලෙස සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ එක් රටක රජයක්  තාවකාලිකව වෙනත් රටක පිහිටුවීමක්. මෙම පිහිටුවීම සිදුකරන්නේ අදාළ රටෙහි සිටියදී රජය නියෝජනය කළ නමුත් කුමන හෝ හේතුවක් නිසා එම රටෙන් පිටුවහල් කර හෝ එළවා දමා සිටින නියෝජිතයන් පිරිසක්. ඔවුන් මෙසේ වෙනත් රටක රජයක් පිහිටුවීමේ අරමුණ වන්නේ ඔවුන් පිටුවහල් කර දැමීමට තරම් ඔවුන්ගේ මව් රටෙහි ඇතිව තිබෙන වාතාවරණය සමනය වූ දිනයක ක්‍රියාකාරී රජයක් රැගෙන යළිත් සියරට කරා ගොස් බලය තහවුරු කර ගැනීම. මේ ආකාරයේ රජයකට ඔවුන් නවාතැන් ගෙන සිටින නව රටේ අනුමැතිය ලැබීම පමණක්ම ප්‍රමාණවත්. බලයෙන් පහකෙරුණු රජයකට ඩයස්පෝරාවක් අවශ්‍ය වන්නේ නැහැ.

සංක්‍රාන්ති රජයක් කියන සංකල්පය දශක දෙකකට පමණ පෙර සිට අද දක්වාම සමාජ විද්‍යාඥයින්ගේ අවධානයට ලක්වන දෙයක්. එය පුද්ගලයින්ගේ බහුජාතික සබඳතා හා බහුජාතික දේශපාලන බැදීම් එකතුවෙන් ඇතිව තිබෙන දෙයක්.

ඩයස්පෝරාවේ සාමාජිකයන් ඔවුනොවුන් අතර සබදතා පවත්වාගන්නා අතරම ඔවුන්ගේ මව්රටවල් වල පුද්ගලයින් සමග, වෙනත් රටවල් වල වෙසෙන ඩයස්පෝරාවට අයත් ඔවුන්ගේ නෑහිතවතුන් සමග, කොටින්ම කියතොත් ඔවුන් වෙසෙනේනේ කොතැනද එතැන සිටින්නවුන් සමග සබඳතා පවත්වා ගන්නවා. මෙවන් දිවි පෙවෙතක් ගත කරන ඩයස්පෝරා සාමාජිකයින් දේශසීමා වල පිහිටා එක් එක් රටකට අයිතියි කියලා කියන්න බැහැ. මෙනිසා දෙමළ ජාතිකයන් බහුජාතික සමාජයක් පිහිටුවාගෙන සිටිනවා කියලා පෙන්වා දෙන්න පුළුවන්. ඔවුන්ට නවාතැන් සැපයෙන රටේ නීතිරීති වලට ඔවුන් අනුගත වී සිටින්නේ. නමුත් ඔවුන්ගේ දේශපාලනික, සමාජමය, ආර්ථීකමය කරුණු සම්බන්ධයෙන් වන කටයුතු වලදී ඔවුන් කටයුතු කරන්නේ මේ කියන බහුජාතික සමාජය ඇතුලේ ඉදගෙන.

ඊළාම් ඩයස්පෝරාවේ දිවි පෙවෙතත් මේ වගේම තමයි. ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එකිනෙකාගෙන් වෙන්වෙලා ජීවත් වන්නේ ලොව පුරා රටවල. නමුත් ඔවුන් තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඒ එකිනෙකා හා විවිධ මාර්ග භාවිතා කරමින් සබදතා පවත්වාගනිමින් සිටිනවා. මේ ආකාරයේ පවුලේ, සංස්කෘතිකමය, සමාජමය සබදතා භෞතික දේශසීමා ඔබ්බවා යන්නක්.

සංක්‍රාන්ති රජයේ අරමුණක් වන්නේ මේ කියන සබදතා වැඩිදියුණු කිරීම.මේ සබදතා වලට අර්ථයක් දීමට සාමාජිකයින් අතර දේශපාලනමය සංහිදියාවක් ඇතිකිරීමට, ඒ සමගම තමන්ට කැමති දේශපාලන මතිමතාන්තර දැරීමට අවැසි නිදහස ඇතිකිරීමට  යාන්ත්‍රණයක් සකස් කිරීමට අප කටයුතු කරමින් සිටිනවා. මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක වනු ඇත්තේ සාමාජිකයින් දැනට ජීවත් වන කුමන හෝ රටෙහි නීති රීති වලට අනුකූල වන අන්දමින්. දේශසීමාවන් වලට ඔබ්බෙන් විහිදෙන මේ සබදතා උපයෝගී කර ගැනීමෙන් හා ඒවා වර්ධනය කරගැනීමට අවැසි කටයුතු සම්පාදනය කිරීමෙන් තමයි සංක්‍රාන්ති රජයේ දේශපාලන ව්‍යුහය සකස් වන්නේ.

අපගේ මව්බිමේ සිටින සාමාජිකයින්ද ඇතුලත් සකළ දෙමළ ඩයස්පෝරාව මේ කියන  බහුජාතික සබදතා ආරක්ෂා කර ගැනීමටයි කටයුතු කරමින් සිටින්නේ. දෙමළ ඊළමේ  සාමාජිකයින්ට අපගේ වෙනම සැළකීමක් නැහැ. ඔවුනුත් මා පෙර සදහන් කළ සංක්‍රාන්ති සමාජයේ සාමාජිකයින්. ඔවුන්ගේ දේශපාලන මතිමතාන්තර උතුරුකරයට පමණක් සීමාවී නැහැ. ඒවා සංක්‍රාන්ති දේශපාලන ව්‍යුහය දක්වාම විහිදෙනවා. දෙමළ ජාතිය කියන්නේ ඉතාම විහිදුණු, ඒ නිසාම සාමාජීය කරුණු සම්බන්ධයෙන් ඉහළ දියුණුවක් ඇති, ප්‍රජාතාන්ත්‍රික කරුණු මත පදනම් වුණු ජන කොට්ඨාශයක්.

 

දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවෙනු ඇත්තේත් මේ කියන බහුජාතික සමාජය තුළමයි. අපගේ මව්බිමෙහි වෙසෙන දෙමළ සහෝරත්වයේ දේශපාලනික වුවමනා එපාකම් මුළු මහත් ඩයස්පෝරාවටම දැන හදුනාගැනීමට අවස්ථාව විවර කර දීම තමයි එහි අරමුණ.අනෙක් කාරණය තමයි දෙමළ ජනතාවගේ සමාජමය, ආර්ථීකමය හා සංස්කෘතිකමය කටයුතු ප්‍රවර්ධනය කිරීමට මෙය යොදාගත හැකිවීම.

රජය ගොඩනැගී ඇත්තේත් ක්‍රියාත්මක වන්නේත් ජනතාව මත පිහිටා බැවින් රජයේ පැවැත්මට රටක් තිබිය යුතු වීම අත්‍යාවශ්‍ය නොවන්නක්. ප්‍රජාතන්ත්‍රික රටවල් ප්‍රජාතන්ත්‍රවාදී කරුණු වෙනුවෙන් එක්රැස්වීමේ අයිතිය පිළිගන්නවා හා ආරක්ෂා කරනවා සේම අපිත් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී කරුණු වෙනුවෙන් එක්රැස්වීමක්. එය ආරක්ෂා කරන්නේ අපම පිහිටුවාගෙන තිබෙන රජය. මෙනිසා රටක රජයක් හා අප අතර වැඩි වෙනසක් නැහැ. දෙමළ ජනතාව අතර පවතින සමිති සමාගම් තමයි දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ බලකණු විය යුතුව තිඛෙන්නේ. අප ස්වාධීන, ස්වෛයිරී දෙමළ ඊළාම් රාජ්‍යයක් පිහිටුවා ගැනීම සදහා සැළසුම් හා ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමට සූදානමිනුයි සිටින්නේ.

ප්‍රශ්නය - දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ වැදගත්කම කුමක්ද? ඔබගේ රජයේ මන්ත්‍රීවරුන්ගේ නම් ප්‍රසිද්ධ කරලා නැත්තේ ඇයි? රජයක් නම්  නිර්නාමික නියෝජිතයින් සිටින්නේ කොහොමද?

 

පිළිතුර - දෙමළ ජනතාවගේ දේශපාලන අවශ්‍යතා සම්පූර්ණයෙන්ම සපුරාලීමට ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහයේ ඉඩක් නැහැ. හය වැනි ව්‍යවස්ථා  සංශෝධනයෙන් ස්වාධීන රාජ්‍යයක් ලබාගැනීම සදහා කෙරෙන සාමකාමී මැදහත්වීම්  අපරාධ හැටියට වර්ග කරලා තිබෙනවා. එය භාෂණයේ නිදහස උල්ලංඝණය කර තිබීමක් ලෙසත්, එවන් අවස්ථාවක මිලිටරි බලය යොදාගැනීම සාධාරණීකරණය කිරීමක් ලෙසත් පෙන්වා දෙන්න පිළිවන්.

දෙමළ ජනතාවගේ සාමාජීය පැවැත්ම තීරණය වන්නේ ඔවුන්ට අනන්‍ය දේශපාලනික, ආර්ථීකමය  හා සංස්කෘතිකමය අංග වලින් සමන්විත ඔවුන්ගේ දිවි පෙවෙත ගෙවීමට ඔවුනට කෙතරම් නිදහසක් ඇත්ද යන කාරණය මතයි. දෙමළ ජාතිකයින්ට ලොව අනෙක් ජන සමාජයන් සමග උරෙනුර ගැටෙමින් ජීවත්වීමටත්, සම්බන්ධතා ගොඩනගා ගැනීමටත් අවස්ථාව තිබිය යුතුමයි. මෙම ඉලක්ක කරා යාමට හා එම යන ගමනේදී මතුවිය හැකි බාධා ජයගැනීමට සවිමත් දේශපාලන ව්‍යුහයක් අවශ්‍යයි. මේ සදහා මූලික පියවරක් වූයේ 1976 දී ඉදිරිපත් වුණු වදුක්කොඩ්ඩයි ප්‍රඥප්තියයි. පසුව 1977 පාර්ලිමෙන්තු මැතිවරණයේදී උතුරේ ජනතාව එය පිළිගන්නා බව පෙන්වන ජනමතයක් පළ කළා. 1985 දී ඉදිරිපත්වූ තිම්පු ප්‍රතිපත්තීන් හා 2003 වසරේදී ඉදිරිපත් කෙරුණු අන්තර්වාර පාලනයක් සම්බන්ධයෙන් වන අධිකාරියක් සදහා වන යෝජනා වලින් මේ ඉලක්ක කරා යෑම පහසුවන ලකුණු පෙනුනා.

ශ්‍රී ලංකාවේ දේශපාලන ව්‍යුහය වසර 60 කට අධික කාලයක් තිස්සේ පවතින්නේ දැඩි සේ මිලිටරිකරණය වෙලා. රටේ ව්‍යවස්ථාව සකස් වී තියෙන්නේ බහුතර බොදු ජනතාවට වුවමනා හැටියට. මෙනිසා සුළුතර ජන කොටස් වල මූලික මිනිස් අයිතීන් හා යහපැවැත්ම ගැන අවධානය යොමුවීමක් සිදුවෙලා නැහැ. රටේ වත්මන් දේශපාලන ව්‍යුහය දෙමළ ජනතාවගේ පමණක් නොව රටේ ජීවත්වන සිංහල බෞද්ධ නොවන අනෙක් ජනකොටස් වලත් දේශපාලන අයිතීන්, සමාජ පැවැත්ම හා සංස්කෘතික ප්‍රගමණය වැනි කරුණු කාරණා වලට බාධා එල්ල කරමින් නැගී තිබෙන්නක්.

රට අභ්‍යන්තරයේ පවතින්නේත් දෙමළ ජාතීන්ට යහපත් වාතාවරණයන් නොවේ. ඔවුන්ට තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට, තමන් කැමති දේශපාලන කටයුතු වල යෙදීමට, ඔවුන්ගේ අයිතීන් ආරක්ෂා කර ගැනීමට, දෙමළ ජාතිකයින් ලෙස පෙනී සිටීමට අවස්ථාවක් සපයා දී නැහැ.

ශ්‍රී ලංකාව එහි වෙසෙන දෙමළ ජාතිකයින්ට එළිමහන් සිරකඳවුරක්. මෙවන් තත්ත්වයක් තියෙද්දී රටේ දේශපාලඥයින්, නීති සම්පාදකයින්, හමුදා නිළධාරීන්, ලොව පුරා බොරු ප්‍රචාර ගෙන යන්නේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට කිසිදු ගැටලූවක් නොමැති බවත් ඔවුන්ට දේශපාලනමය විසදුමක් අවශ්‍ය නොමැති බවත් කියමින්.

මේ ගැටලූ වලට විසදුම් සෙවීමේ වගකීම දැන් පැවරී ඇත්තේ ඩයස්පෝරා සාමාජිකයින්ට. වෙනස්ම ක්‍රමවේදයන් භාවිතා කරලා දෙමළ ජාතිකයින්ට හිමි අයිතීන් දිනා දීමට ඔවුන්ට කටයුතු කිරීමට සිදුවුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ප්‍රජාතන්ත්‍රවාදී කරුණු මත පදනම්ව මනා අධීක්ෂණයක් යටතේ සිදුවුනු දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයේ උපත.

ප්‍රශ්නය - තමන් දෙමළ ඊළම සදහා වන රජයේ කැනඩා මන්ත්‍රීවරයායැයි  හදුන්වාදෙන එක්සත් ජනපද වාසී දෙමළ ජාතිකයකු සිටිනවා. ඔහු  කවරක්ද, නියෝජනය කරන්නේ?

 

පිළිතුර - මෙම ප්‍රශ්නයට පදනමක් නැහැ. එනිසා මට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දිය නොහැකියි.

ප්‍රශ්නය - මම දන්නා හදුනන ඩයස්පෝරා සාමාජිකයින් මා සමග පැවසුවා ඔවුන් කිසිවෙකුටවත් ඡන්දය දීමට හෝ කාට ඡන්දය දිය යුතුදැයි හෝ කිසිදු දැනුම්වත් කිරීමක් සිදුකර නැතැයි කියා. ඔවුන් ඡන්දයක් පැවැත්වෙනවායැයි කියාවත් දැන  සිටියේ නැහැ. ඡන්දයක් පැවැත්වුණා නම් කොහේදීද ඒ සම්බන්ධයෙන් වන තොරතුරු  බෙදා හරිනු ලැබූයේ? තොරුතුරු බෙදා දුන්නේ ඊලාම් කවයන්ට පමණද?  සියලූදෙනා ඡන්දය ප්‍රකාශ කර ඇති බවක් පෙනෙන්නට නැති නිසා ඔබට ඔවුන්ගේ නියෝජිතයින් ලෙස පෙනී සිටීමට හැකිද?

පිළිතුර - ඔබ පවසන්නේ මොනවාදැයි මා දන්නේ නැහැ. ඡන්දයක්  පැවැත්වෙනවායැයි අප සියලූදෙනාම දෙමළ ඩයස්පෝරාවේ රූපවාහිනී නාළිකා, ගුවන්විදුලි නාළිකා, පුවත්පත් ආධාරයෙන් දැනුම්වත් කළා. ඡන්දය  සම්බන්ධයෙන් වන රැස්වීම්ද පැවැත්වුවා.

දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවීමේ පළමු පියවර වුණේ දෙමළ ඩයස්පෝරාව පැතිර තිබෙන ප්‍රදේශ වල ඡන්ද පැවැත්වීමෙන් සභිකයින් තෝරාගෙන රජයේ ව්‍යවස්ථාපිත ව්‍යුහය සැකසීමයි.

ප්‍රජාතන්ත්‍රවාදී රජයක් පිහිටුවීම සදහා පොදුජනතාවගේ එක්රැස්වීම අන්තර්ජාතික නීතිය මගින්ද ස්ථාපිත කර තිබෙන්නක්.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව ව්‍යවස්ථාවක් සකස් කිරීමට එක්රැස්වීම අයිතිවාසිකමක් ලෙස පිළිගන්නක්. මේ සදහා පොදු ජනතාව සහභාගී කරවා ගත හැකි හොඳම මාර්ගය වන්නේ ඔවුන් ලවා තොරාගන්නා නියෝජිතයින් එකතු කරගෙන මූලික ව්‍යවස්ථාව සැකසීමයි. මේ සදහා යොදාගත හැකි ජනප්‍රියතම යාන්ත්‍රණය වන්නේ ඡන්දයක් පැවැත්වීමයි.

සහභාගී කරවා ගැනීම යනු වර්තමානයේ අවශ්‍යතාවක් වගේම අයිතියක්. එය අයිතියක් බවට පත්ව තිබෙන්නේ සහභාගීකම අරබයා ජාත්‍යන්තර තලයේ ඉදිරිපත්ව ඇති ප්‍රඥප්තීන් හා සම්මුතීන් නිසාවෙන්. එය අවශ්‍යතාවයක් වන තැනට තල්ලූ කර තිඛෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.මොකද විශ්වාසනීය අයුරින් රජයක් පිහිටුවන්නට නම් පදනම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයයි.රජයක් පිහිටුවන්නට සහභාගීකරවාගතයුතු වන්නේ ජනතාවයි.මෙනිසා විශ්වසනීය රජයක් පිහිටුවාගැනීමට නම් සහභාගීකරවාගැනීම අවශ්‍යතාවක් වෙලා තිඛෙනවා.සහභාගීකරවාගැනීම මාර්ගයෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගැනීම ඉක්මනින් ප්‍රගමනය වෙමින් පවතින්නක්.ක්‍රියාවට නැංවීමේදී යම් යම් ගැටලූ පැනනැගිය හැකිවුවත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ ක්‍රියාවලියක් යනු අප්‍රිකා විමර්ෂකයෙකු වන ජුලියස් ඉවොන්හ්බරේගේ වචන වලින් කිවතොත් 

‘ශක්තිමත්, පිළිගතහැකි හා විශ්වසනීය නිමැවුමක්‘ ලබාගත  හැකි මාර්ගයක්.

මේ සදහා වන මූලික පියවර ගනු ලැබූවේ 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී. මුලින්ම ඇති කෙරුණේ රට රටවල වෙන්වූ ක්‍රියාකාරී කණ්ඩායම්. පළමු වටයේදී බ්‍රිතාන්‍යය, කැනඩාව, ඇමරිකාව, දකුණු අප්‍රිකාව හා නෝර්වේ යන රටවල කණ්ඩායම් ඇති කෙරුණා.පසුව ඕස්ෙට්‍ර්ලියාව, නවසීලන්තය හා ප්‍රංශය යන රටවල කණ්ඩායම් ඇති කෙරුණා.

 

මෙම ක්‍රියාකාරී කණ්ඩායම් වලට පැවරුණු වගකීම වූයේ දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවීම සදහා ඒ ඒ රටවල සිටින දෙමළ ජාතිකයින්ගේ හා එම  රටවල ක්‍රියාත්මක වන දමිළ සංවිධානයන්ගේ සහය ලබාගැනීමයි. නමුත් මෙම කණ්ඩායම් එයිනුත් නොනැවතී අදාළ රටෙහි සිටින වෙනත් ජනකොට්ඨාශයන්ගේ සහය පවා දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය පිහිටුවීමට ලබාගත්තා.අනතුරුව මෙම  කණ්ඩායම් තමන් සිටින රටේ හොදින් සමාජගතවුනා.ඔවුන් එම රටවල සිටින දේශපාලන පක්ෂ නායකයින් හා ඇතැම් අවස්ථාවන්හි රජයන් සමග හොද සබදතා ගොඩනගාගැනීමට සමත්වුනා.ඒවැනි සබදතාවලින් අපගේ රජය පිහිටුවීමට ලැබුණේ  ලොකු ශක්තියක්.

ස්වාධීන මැතිවරණ කමිටුවක් බැගින් දමිළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජයට නියෝජිකයින් පත්කරගැනීම සදහා ඡන්ද විමසීමට තෝරාගැනුණු රටවල ඇති කෙරුණා.මේ කමිටු ඇතිකිරීමේ වගකීම පැවරුනේත් එම රටවල සිටි ක්‍රියාකාරී  කණ්ඩායම් වෙතටයි.ස්වාධීන හා නිදහස් මැතිවරණයක් පැවැත්වීමේ අරමුණින් එක් එක් ඡන්ද මධ්‍යස්ථානයකට මැතිවරණ නිරීක්ෂකයින් අනුයුක්ත කිරීමද සිදුකෙරුණා.

ඡන්ද ප්‍රකාශය කිරීම සදහා සුදුසුකම් ලෙස සැළකුණේ ඡන්ද විමසීමේ දිනය වන විට වයස අවුරුදු 17 ට වැඩි වීමත්, දෙමළ ඊළාම් සංස්කෘතියට පරම්පරාවෙන්, විවාහයෙන්, දරුකමට රැගෙන හදාවඩා ගැනීමෙන් හෝ හිමිකම් කීමත්ය.ඊළාම් දමිළයන් යැයි තමන් හදුන්වාගත් දමිළ ජාතිකයින්ටද ඡන්දය ප්‍රකාශය කිරීමේ අයිතිය ලබා දෙනු ලැබුණා.එසේ වුවත් ඊට පෙර ඔවුන් සැබෑ ලෙසටම ඊළම  වෙනුවෙන් පෙනී සිටින්නේදැයි සොයාබැලීම සිදුකෙරුණා.

ප්‍රශ්නය - ඔබ ලෝක ඉතිහාසයෙන් උකහාගත් කිසියම් දෙයක් ඊළම සදහා වන බහුජාතික රජය පිහිටුවීමේ කටයුතුවලදී භාවිතා කළාද?

පිළිතුර - මම පෙරදීත් සදහන් කළා වගේ මේක නව සංකල්පයක්.

ඊළම සදහා වන සංක්‍රාන්ති රජය දෙමළ ජනතාවගේ ජාතිකත්වය, භූමිය, ස්වාධීනත්වය හා නිදහස දිනා දීමේ අරමුණින් දේශපාලන ව්‍යුහයක් ඇතිව නිර්මානය වූවක්.එය දෙමළ ජනතාවට මෙන්ම සමස්ත ලෝකයටම අලූත් දෙයක්.

දැනට පවතින තත්ත්වය අනුව දෙමළ ජනතාව තමන්ගේ මාතෘභූමියේදී දේශපාලන මතයන් වෙනුවෙන් පෙනී සිටීමට හා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩගෑමට කිසිසේත් උත්සාහ කරන්නේ නැහැ.මොකද ශී්‍රලංකා රජය නීති මගින්, මිලිටරි බලය  යෙදවීම මගින්, ඇතැම් අවස්ථාවන්හි මිනී මැරීම මගින් ඔවුන්ගේ මග අහුරා දමායි  තිඛෙන්නේ.

මෙම තත්ත්වය සළකා බලා අන්තර්ජාතික දෙමළ ඩයස්පෝරාව කළේ ඔවුන් ස්ථානගතව සිටින රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අනුව යමින් දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය නිර්මානය කිරීමයි. මෙය දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගැනීම අරබයා තිඛෙන දේශපාලනික ව්‍යුහයකින් යුත් උත්තරීතරම සංවිධානයයි.දෙමළ  ඊළම නියෝජනය කරනා දෙමළ දේශපාලඥයින් හා ජනතාව සියලූදෙනා මෙම රජය වෙත ඇතුළත් කර ගැනීම ප්‍රායෝගික නොවූ හෙයින් රජයේ නියෝජිතයින් ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව පැවැත්වූ මැතිවරණයන්ගෙන් තෝරාගත්තේ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින්වයි.දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය දෙමළ ජනතාවගේ හිතසුව සදහා ශී්‍රලංකාවේ සිට ක්‍රියාකාරී වන සියල්ලන් හා සහයෝගයෙන් කටයුතු කරමින් සිටින අතර ඔවුන් අතරට ඊළමේ ජනතාව නියෝජනය කරනා දේශපාලනික  හා සමාජ නායකයින් ඇතුළත්.

ප්‍රශ්නය - තමන්ගේ සිහිනයන් දිනාගත් සංක්‍රාන්ති රජයන් සම්බන්ධයෙන් ඉතිහාසයේ උදාහරණ තිබෙනවාද?

පිළිතුර - දෙමළ ඊළම සදහා වන සංක්‍රාන්ති රජය  පළමුවැන්න වනු ඇති.

ප්‍රශ්නය - මට පෙනීගිය කරුණක් තමයි ඔබ රට හා රජය යන වචන දෙක පරිස්සමින් වෙන් වෙන් කොට භාවිතා කිරීම. ඔබ ශ්‍රී ලංකාව එනම් රටට එරෙහිව නැගී සිටීමක් ගැන පැවසූවත් රජයට එරෙහිවීමක්  සම්බන්ධයෙන් කිසිත් සදහන් කළේ නැහැ. ඔබට ගැටළු ඇත්තේ රට සමගද? නැත්නම් ශ්‍රී ලංකා රජය සමගද?, කරුණාකර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන රට මුල්කරගෙන ඔබගේ ඇති ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් වන කරුණු පැහැදිලි කරන්න.

පිළිතුර - එක්සත් ජාතීන්ගේ විශේෂ පරීක්ෂණ මණ්ඩල වාර්තාව හා අභ්‍යන්තර තොරතුරු විමර්ෂණ වාර්තාවේ සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට යුක්තිය සොයා යා හැකි දේශපාලනික හෝ නීතිමය හෝ වාතාවරණක් නැහැ.නිදහස ලැබූ දා පටන්ම විවිධ රජයන් එකක් පසුපස එකක් පත්වුනත් දෙමළ ජනතාව කොන්  කර සැළකුනේ.එම නිසා වැරැද්ද තිඛෙන්නේ රටේ.

ඊළමේ දෙමළ ජනතාව ස්වාධීන හා ස්වෛරී අන්තර්ජාතික තලයේ පිළිගත් රටක් වෙනුවෙන් කරනා දීර්ඝ අරගලය වර්තමානයේ බොහෝ දෙනාට ආර්ශයක් බවට පත්වෙලා.අද දිනයේ එම අරගලය ලෝකයේ හැදින්වෙන්නේ තමන් උපන් භූමියෙන්  සමාජමය, සංස්කෘතිකමය ලෙස තමන්ව සහමුලින්ම අතුගා දැමෙනු ඇතැයි බියෙන් විරුද්ධව පැමිණී බලවේග වලට එරෙහිව සටන් කළ ජනතාවකගේ අරගලයක්  ලෙසයි.එමෙන්ම අද එයට ඇත්තේ ඛේදනීය මුහුණුවරක්.

 

මේ සියල්ල ආරම්භ වූයේ මීට දශක 06 කට පමණ ඉහතදී බ්‍රිතාන්‍යයින් යටත්විජිතය  අතහැරයාමේදී ඊළාම් දේශයේ පාලනයත් බහුතර සිංහලයන් අතට ලබාදීමත් සමගයි. බහුතර බලය හිමිව තිබූ, වර්ගවාදී කොළඹ පාලකයින් දෙමළ ජනතාවගේ  අයිතීන් උදුරා ගැනීමට පටන් ගත්තා.මෙයට මුලින් දෙමළ ජාතිකයින් විරෝධය දැක්වූයේ සාමකාමී, ප්‍රචණ්ඩකාරී නොවන අරගල යොදාගෙන.නමුත් පසුව මෙම තත්ත්වය ස්වාධීනත්වය සදහා අවි අතට ගෙන කරන යුද්ධයක් තරමටම වර්ධනය වුනා.

2009 මැයි මාසයේදී යුද්ධය අවසන් වුනේ දහස් ගණනක් සිවිල් වැසියන් මරුදැකලා.ගැටුම් මෙහෙයවූ නායකයින් මරණයට පත්කෙරුණේ දරුණු අන්දමින්. දහස් ගණනක් දමිළ තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම ඇරඹුනා.ඔවුන් බොහෝ දෙනෙක්ට අත්වූයේ මරණයයි.ඇතැමෙක් වධකාගාර වලට ගාල් කෙරුණා.කාන්තාවන් දහස් ගණන් හිංසාවට ලක්කෙරුණා.අහිංසක සිවිල් වැසියන් නිස්කාරනයේ රැදවුම් කදවුරු වල රැදවීමත් සිදුවුනා.

අද මෙතරම් අපරාධ සමූහයක් සිදුවුණු මුල්ලිවයික්කාල් ප්‍රදේශය දැකීමේදී, අපරාධ සිදුවෙද්දී ඊට එරෙහිව හඩ නැගීමට අන්තර්ජාතික ප්‍රජාවට කොදුනාරටියක් නොතිබුණීද යැයි සිතීමේදී ඊළම වෙනුවෙන් පෙනී සිටි ඕනෑම කෙනෙක් අධෛර්යමත් වනවා නිසැකයෙන්ම.

වාතාවරණය තවදුරටත් දෙමළ ජාතිකයින්ට ස්වාධීන ස්වෛරී තමන්ට වෙන්වූ භූමියක් තිබිය යුතුයැයි යන මතය තවදුරටත් සාධාරණීකරණය කරන්නක්.විනාශවී යාමෙන් වැළකීමට, ආරක්ෂාව සහතික කිරීමට එවන් භූමි ප්‍රදේශයක් දෙමළ ජාතිකයින්ට තිබිය යුතුමයි. අන්තර්ජාතිකනීතියෙන්ද මෙවැනි පියවරක් ගතහැකි බවද පැවසෙනවා. ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් කැනඩාවේ ශ්‍රෙෂ්ඨාධිකරණයේදී විභාග වුනු ක්විඛෙක් නඩුවේදී ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය සළකා බැලු අධිකරණය එවන් වාතාවරණයක් පවතී නම් ස්වාධීන භූමි ප්‍රදේශයක් වෙන්කර දීමේ කිසිදු වරදක් නැතැයිද එය එම ජනතාවගේ අයිතියක් යැයිද ප්‍රකාශ කළා.

ප්‍රශ්නය - ඇයි අපට එකම රටක ඉදගෙන විසදුමකට එන්න බැරි?

පිළිතුර - එකම රටක ඉදන් කෙරෙන විසදුමක් ගැන කතා කළ යුත්තේ ඇයි? ඇයි අපට මිත්‍රශීලී රටවල් දෙකක් හැටියට මේ දූපතේ ජීවත් වන්න බැරි? අප උත්සාහ කළා නිදහස ලැබූ දා පටන්ම සහයෝගයෙන් ජීවත් වන්න.නමුත් දේශපාලනමය  වෙනස්කම් එක්ක එය කළ නොහැක්කක් බව පෙනී ගියා. 1974 දී එස්.ජේ.වී.චෙල්වනායගම් තමයි මෙය හදුනාගෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවිය යුතුයැයි මුලින්ම මතයක් ගෙන ආවේ.දමිළයන් පීඩාවට පත්කිරීම ශ්‍රී ලංකා පාලකයින් ඇරඹුවේ ඉන්දියා දෙමළ ජාතිකයින්ට ඡන්දය අයිතිය අහිමි කිරීමෙන්.පසුව ඔවුන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාව වන්නේ සිංහල පමණක් යැයි පණතක්ද සම්මත කර ගත්තා.දෙමළ තරුණයින්ට විශ්වවිද්‍යාල වෙත ඇතුල්වීමේ වරම් අහිමි කිරීම, දෙමළ ජාතිකයින් සංවිධානය කළ විරෝධතාවන් දරුණු ලෙස මැඩපැවැත්වීම, දමිළයින්ට එරෙහිව 1958, 1960, 1977 හා 1983 යන වසරවලදී එවක පැවති රජයන්ගේද සහය ඇතිව ඇතිවුණු කෝළහාල, මේ සියල්ල දෙමළ ජාතිකයින් මඩින්නට කළ දේවල්. 1975 දී කන්කසන්තුරේ මැතිවරණ ජයෙන් පසු ඊළමේ ගාන්ධි ලෙස අප ආදරයෙන් 

හැදින්වූ එස්.ජේ.වී.සෙල්වනායගම් මෙසේ ප්‍රකාශයක් කළා..

 

‘අපි පසුගිය වසර 25 පුරාවට අපගේ දේශපාලන අයිතීන් තහවුරු කර ගැනීමටත් සිංහලයින් හා සහයෝගයෙන් එක්සත් ශ්‍රී ලංකාවක ජීවත් වීමටත් උත්සාහ  කළා.නමුත් කණගාටුයි කියන්න.නිදහසින් පසු පත්වුනු රජයන් සියල්ල කළේ නිදහසින්  පසු ඔවුන් සතුවුනු බලය යොදාගෙන අපගේ මූලික අයිතිවාසිකම් පවා අපට අහිමි  කිරීමට කටයුතු කිරීම මගින් අපව කොන්කර දැමීම.අද මේ ලැබූ ජයග්‍රහණයෙන් පෙනී යනවා දෙමළ ජනතාව ස්වාධීන හා ස්වෛරී රාජ්‍යයකට හිමිකම් කීමට  කැමැත්තන් බව.මම මේ අවස්ථාව යොදාගන්නවා ඒ බව මුලූ රටේම හා මගේ ජනතාවට ඒ බව හඩගා පවසන්නට‘

චෙල්වනායගම්ගේ ජයග්‍රණයෙන් පසු සියලූම දෙමළ පක්ෂ වඩුක්කෝඩයි පිළිගත් අතර  වඩුක්කෝඩයි යෝජනාවලිය ඔවුනොවුන් අතර ඒකමතිකව සම්මත කර ගත්තා.මෙම  යෝජනාවලිය මුලින්ම කරලියට පැමිණියේ 1976 මැයි 14 වැනිදා පැවැත්වුණු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පළමු ජාතික සමුලූවේදී. 1977 වසරේ පැවැති මැතිවරණයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සහභාගීවූයේ මේ යෝජනාවලයෙහි පිහිටා යෝජනාවලියෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ දෙමළ ඊළාම් රාජ්‍යය වෙනම ස්වෛරී රාජ්‍යයක් විය යුතුයැයි වන තම මතය ඉදිරිපත් කළා.දෙමළ එක්සත්  විමුක්ති පෙරමුණ පැවැත්වූ සමුලූවේ මුලසුන හෙබවූයේ එස්.ජේ.වී.චෙල්වනායගම්.පහත දැක්වෙන්නේ එම යෝජනාවලියේ දමිළ බසින් සදහනව තිබූ කරුණු කිහිපයක සිංහල පරිවර්තනය.

‘මෙම යෝජනාවලියෙන් මෙම රටෙහි දෙමළ ජනතාවගේ පැවැත්ම තහවුරු කරනු වස්  නිදහස්, ස්වෛරී, ස්වායක්ත, සමාජවාදී දෙමළ ඊළාම් රාජ්‍යයක්  පිහිටුවාලිය යුතුවීමේ අවශ්‍යතාවය හොදින්ම පෙන්වා දෙනවා‘

යෝජනාවලිය අවසානයේ සදහන්වූයේ දෙමළ ජාතිකයින්ට විශේෂයෙන් දමිළ තරුණ  පරම්පරාවට ඉදිරියට පැමිණ නිදහස හා ස්වාධීනත්වය දිනාගැනීම සදහා වන ශුද්ධවු  යුද්ධයට ඉදිරිපත් වන ලෙස වුනු ඉල්ලීමක්. නමුත් මේ කියන යුද්ධයට ඉදිරිපත්වීම කළ යුතුව තිබුණේ ස්වෛරී රාජ්‍යයක් ඇතිකළ හැකිවීමේ පෙර ලකුණු පෙනෙන්ට තිබුණේ නම් පමණයි. දමිළ ඊළම සදහා වන විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ) සංවිධානය දශක 03 ක් පුරාවට සටන් වැදුනේ දෙමළ ජනතාවටත් ස්වාධීනත්වයක් ඇති බව පෙන්වා  දීමේ අරමුණ ඇතිව.නමුත් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ හමුවේ සාර්ථකව තම ඉලක්කය කරා යාමට ඔවුන්ට නොහැකිවුනා.

ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වැසි වසින්නාක් මෙන් එල්ල කළ ෂෙල් ප්‍රහාර වලින් යුධ මුක්ත කලාපයේ 2009 වසර මැද භාගය වන විට රැදී සිටි දමිළ සිවිල් වැසියන් දස දහස් ගණනින් ඝාතනය වුනා.යුද්ධය අවසන් වීමෙන් පසු ශී්‍රලංකා රජය ලක්ෂ 03 ක පමණ දෙමළ ජාතිකයින් රැදවුම් කදවුරු වලට ගාල් කළා.රැදවියන්ගේ තත්ත්වය පිළිඹද සොයාබලන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානයටවත්, වෙනත් රාජ්‍ය නොවන සංවිධානවලටවත්, මාධ්‍යවේදීන්ටවත් රජය අවසර ලබා දුන්නේ නැහැ.මෙම පුද්ගලයින් රැදවුම් කදවුරු වල රැදවීමට රජය ට ඉදිරිපත් කළ හැකිවූ එකම හේතුව වූයේ ඔවුන් දෙමළ ජාතිකයින් වීම පමණයි.මෙය ඇත්තටම ඔවුන් දෙමළ ජාතිකයින් වීම නිසාවෙන්ම ඔවුන්ට ලබාදුන් දඩුවමක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව මුල් කාලයේදී මේ රැදවුම් කදවුරු වල රදවා සිටි රැදවියන් රාශියක් හාමතෙන් මියගොස් තිඛෙනවා.ඇම්නෙස්ටි ජාත්‍යන්තරයට අනුව ඇතැම් ගර්භණී කාන්තාවන්ට විළිබිය පසෙකලා ආගන්තුක පුද්ගලයින් ඉදිරියේම දරුවන් බිහිකිරීමට සිදුවූ අවස්ථාවන් වාර්තා වෙලා තිඛෙනවා. බ්‍රිතාන්‍යයේ චැනල් 04නාළිකාව රැදවුම් කදවුරු වල තත්ත්වය වාර්තා කළේ පුද්ගලයින් ජලය හා ආහාර නොමැතිව මිය යමින් සිටින බවත්, මියගොස් සිටියවුන්ගේ මළ සිරුරු ඔවුන් මියගිය ස්ථානවලම තිඛෙන්නට ඉඩ හැර ඇති බවත්, කාන්තාවන් පවුල් වලින් වෙන්කර ඇතැම් අවස්ථාවන්හි ඔවුන්ට ලිංගික අඩත්තේට්ටම් පවා පමුණුවමින් තිඛෙන බවත් සදහන් කරමින්.රදවා සිටි පුද්ගලයින්ගෙන් සැළකිය යුතු තරමේ සංඛ්‍යාවක් 2009 වසර අගභාගය වන විට බාහිරෙන් මෙන්ම අභ්‍යන්තරයෙන් මතුවන්නට ගත් පීඩනය නිසා නිදහස් කර හැරීමට රජය කටයුතු කර ඇතත් එසේ නිදහස් කරනු ලැබූ පුද්ගලයින් ජීවත් වන්නේ බියෙන්.ඔවුනට මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ පහසුකම්වත් සපයා දී නැහැ. ඔවුන්ව නිසි පරිදි වෙනත් ප්‍රදේශයක ජනාවාස කර හෝ ඔවුන්ගේ පැරණි ජනාවාස වෙත යාමට අවසරය ලබාදී හෝ නැහැ.

 

කදවරු වලින් පිටත වෙසෙන දමිළ ජනතාවගේ තත්ත්වයත් මිීට වෙනස් නැහැ.විශේෂයෙන් උතුරේ, දෙමළ ජනතාවගේ නිජබිම වන ප්‍රදේශයේ ඔවුන්ට ජීවත්වීමට 

සිදුවෙලා තිඛෙන්නේ ආරක්ෂක අංශ සාමාජිකයින් එක්ක.ආරක්ෂක අංශ දෙමළ ජාතිකයින්ගේ නිජබිම බලහත්කාරයෙන් අත්පත් කරගෙනයි සිටින්නේ.දකුණ සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ සිංහල ජාතික රජය අතින්.බහුතර සිංහල ජාතිකයින් ඔවුන් සමග දකුණේ වෙසෙන දෙමළ ජාතිකයින් දකින්නේ උවදුරක් හැටියට.මෙනිසා දකුණේ දෙමළ ජාතිකයින්ට ජීවත්වීමට සිදුවෙලා තිඛෙන්නේ කළහකාරී තත්ත්වයක්  ඇතිවේයැයි බියෙන් මුලූගැන්විලා.දෙමළ ජාතිකයින් ඔවුන්ගේ ජාතිය නිසාම නොයෙක්  ආකාරයේ හිංසනයන්ට නොනවත්වාම ලක්වෙමින් සිටිනවා.අතුරුදන් කිරීම් හා  ඝාතනයන්, දමිළ සංස්කෘතිකමය කරුණු බලහත්කාරයෙන් වෙනස් කිරීම සදහා එල්ල කෙරෙන බලපෑම්, කොන් කිරීම් හා කොළණීකරණය මගින් දෙමළ ජාතිය මුලූමනින්ම අතුගා දමන්නටයි ඔවුන් කටයුතු කරමින් සිටින්නේ.

අමතරව දෙමළ ප්‍රදේශයන්ගේ ක්‍රමානුකූලව සිදුකෙරන කොළණිකරණය මගින්, ඡන්ද කොට්ඨාශ වල සීමා මායිම් වෙනස් කිරීම මගින්, රජය තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකරගන්නට කටයුතු කරමින් සිටිනවා.යුධ සමයේදී දෙමළ ජනතාව තමන් වාසය  කරමින් සිටි ප්‍රදේශවල ඇවිලෙන්නට පටන්ගත් ගැටුම් නිසා එම ප්‍රදේශයන් අත්හැර  වෙනත් ප්‍රදේශ වෙත පැමිණීයා.මෙසේ දෙමළ ජනතාව අත්හැර දැමූ ප්‍රදේශවල දැන් රජය කොළණි පිහිටුවමින් සිටිනවා.මෙනිසා භූමියේ පෙර අයිතිය හිමිව තිබූ දෙමළ ජනතාවට දැන් ඒ අයිතිය නැහැ.මේ වගේ වාතාවරණයක් ඇති ප්‍රදේශයක ඡන්දයක්පැවැත්වුවහොත් වාසි රජයට.අනෙක් කාරණය තමයි නව ඡන්දදායකයින් ලියාපදිංචි වීම දෙමළ ජාතිකයින් සැළකීමේදී ඉතා අඩු අගයක් ගැනීම.මේ දෙකේම එකතුවක් හැටියට බැලූවොත් ඇත්තෙන්ම නිදහස ලැබූ දා පටන්ම රටේ නීති රාමුවේ දෙමළ නියෝජනය ඉතා අඩු මට්ටමක පැවතුනේ.තවත් දෙයක් තමයි ශී්‍රලංකාවේ ඡන්ද ක්‍රමය වාර්ගික මුහුණුවරක් ගන්නා එකක් වීම.මෙනිසා තව තවත් දෙමළ ජනතාව කොන්වුනා.මේ දක්වා පැවැත්වුනු කිසිදු මැතිවරණයකදී තම ජාතිය වෙනුවෙන් හඩ  නැගීමට ඔවුනට අවස්ථාව මේ නිසාම අහිමිවී තිඛෙනවා.දමිළ ජාතිකයින්ට රටේ දේශපාලන සැකිල්ලේ කොටසක් වීමට ඉඩක් නැහැ.එකසත් ජාතීන්ගේ විද්වත් මණ්ඩල කමිටු වාර්තාවේ මේ බවත් සදහන් වනවා.එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ ඇතිවුණු වාර්ගික ගැටුමට මූලිකම හේතුව වී ඇත්තේ ජාතිකත්වය මත පදනම් වී දේශපාලනයෙන්, සමාජයෙන්, ආර්ථීක කටයුතු වලින්, දමිළ ජනතාව කොන් කර දැමීම ලෙසටයි.

මේ දැක්වුණු කරුණු වලින් ශ්‍රී ලංකා රජය දෙමළ ජාතිකයින්ට අමානුෂිකව සළකන ආකාරය පැහැදිලි වනවා ඇති.මේ නිසාම දෙමළ ජාතිකයින් තමන්ගේ ස්වාධීන අයිතිය 

වෙනුවෙන්, ජාතියක් ලෙස අතුගෑවීයාමට පෙර ඔවුන්ගේ ආරක්ෂාව සළසා ගැනීමේ අරමුණින් රටේ ඔවුන්ටම කියා ස්වෛරී රාජ්‍යයක් වෙනුවෙන්, කරනා ඉල්ලීම් වල පදනම තවත් ශක්තිමත් වෙනවා.

ප්‍රශ්නය -  ඔබ පසුගිය ජනවාරි ම