18_page_4-RS

 

ජීවිතේ කියන්නේ හරිම පුදුමාකාර දෙයක්. සමහර ජීවිතවල අරමුණක් නැහැ. බලාපොරොත්තුවක් නැහැ. ඒ අතර තව සමහරුන් මේ ලෝකෙට බිහි වුණ නිසා ජීවිත් වෙනවා. ආදරේ කියන්නේ හැඟීමක්, අපේ ජීවිත ජීවිත් කරන්නේ ඒ ආදරය කියන හැඟීම. සමහරු ඒ හැඟීම් නිදහසේ භුක්ති විඳින්න ගිහින් විනාශ කරගත්තු ජීවිත මේ සමාජයේ කොයි තරම් නම් තියෙනවද?

 

1
පාසල් වියේදී ආදරේ කියන්නේ කුළුඳුල් අද්දැකීමක්, ආදරේ හැම කෙනෙක්ම විඳින්න  ඕන. ඒත් ආදරය කියන අකුරු හතර ඇතුළේ භයංකාර දේකුත් තියෙනවා කියලා මේ ජීවිතවලට තේරුමක් නැහැ. අද මේ තියන කතාව ඔබ මොන ආකාරයට භාරගනීවිද කියලා මම දන්නේ නැහැ. මේ කථාව එක්තරා විදිහකට ටිකක් වෙනස් කතාවක්. වෙනස වගේම මේක මේ සමාජයේ බහුලව සිදුවන දෙයක්. ඔබ මේ කතාව කියවලා විවිධාකාර දෝස්මුර, අදහස් ප‍්‍රකාශ කරාවි. ඒ කොහොම වුණත් මේ කතාව ළමා නිවාස ඇතුළෙ කොටු වෙලා ඉන්න ජීවිත අතර හැංගිච්ච තවත් එක් කතාවක් විතරයි.


ඈ ආදරේ දැක්කේ සාමාන්‍ය පොදු ව්‍යවහාරයේ අපි දකින ආදරයේ සුන්දරත්වය විදිහට නෙමෙයි. මේ කතාව ටිකක් අමුතු කතාවක් කිව්වේ අන්න ඒ නිසා. ඇයට තියෙන්නේ තරුණයන් සිත ආකර්ෂණය කර ගන්න රූප සොබාවක් වුණාට ආදරේ ඇය දැක්කේ වෙනස් විදිහකට.


සාමාන්‍ය ආදාර කතාවකට වඩා ඇගේ ආදර කතාව වෙනස්. සාමාන්‍ය ගැහැනු ළමයෙකුගේ චරිතයට වඩා ඇගේ චරිතය වෙනස්. මේ දේවල් එක්ක ඇගේ කතාව එකවරම අපැහැදිලි වුණත් ඇගේ අනුවේදනීය කතාව අපට කිව්වේ මේ විදිහට. ඔබට මේ කතාව පිළිකුල් වෙන්න පුළුවන්. මොකක්ද මේ ජරාව කියලා හිතෙන්න පුළුවන්...... ඒත් මොහොතකට ඇගේ කතාව එක වරක් අහන්න. ඇහුවොත් කිසිදාකවත් අම්මලා තාත්තලා දරුවන්ව කොටු කරලා හදන්නේ නැහැ.


අද අපේ කතානායිකාව වෙච්ච ඇය ඉගෙන ගත්තේ කොළඹ සුප‍්‍රසිද්ධ බාලිකා පාසලක. ඇගේ මවුපියො ඉහළ පෙළේ රැුකියා ක්ෂේත‍්‍රයන්හි නිලතල දරූ දෙදෙනෙක්. යාන වාහන, සැප පහසුකම් අතින් සුපිරි ජීවිතයක් ගත කළ පවුලක්. මේ මාපියන්ට හිටපු එකම දරුවත් ඇය විතරමයි. දෙමාපියෝ ඇහැක් වගේ ඇයව රැුකගත්තේ ඒ ජීවිතේ එකම මැණික ඇය නිසා. ඒත් ඒ අසීමිත ආදරේ, ආරක්ෂාව ඇගේ ජීවිතයට මේ තරම් අකාරුණික විදිහට බලපාවි කියලා ඇගේ මාපියො හීනෙන් වත් හිතුවේ නැහැ. දැන් හැමදේම සිදුවෙලා ඉවරයි... මේ කතාව අසන්න. වරද කොතැනදැයි කියා ඔබම සිතන්න.


මම ඉපදුනේ කොළඹ......අම්මගෙයි තාත්තගෙයි එකම දරුවා මම. අම්මයි තාත්තයි රැකියාව කරන තැන නම් පත්තරේට නම් ලියන්න එපා. මගේ අම්මා ඉහළ පෙලේ ආයතනයක විධායක ශ්‍රේණියේ තනතුරක් දරනවා. තාත්තා පෞද්ගලික අංශයේ ප‍්‍රධානියෙක්. පුංචි කාලේ මම ඉගෙන ගත්තේ ජාත්‍යන්තර පාසලක. පස්සේ කොළඹ ඉහළ පෙළේ බාලිකා පාසලකට යන්න අවස්ථාව ලැබුණා. පුංචි කාලේ ඉඳලම මම ජීවිතේ උපරිම සැප වින්දා. කවදාවත් පාරේ බස් එකක ගිහින් නැහැ. ටියුෂන් පන්තියකට ගිහින් නැහැ. හැම ගුරුවරයම ගෙදරට ගෙන්වලා තමයි මට ටියුෂන් දුන්නෙ.


එත් මම ඒ පරිසරයට චුට්ටක්වත් ආසකළේ නැහැ. මමත් අසකළා මගේ යාළුවො වගේ බස්වල යන්න. යාළුවොත් එක්ක ටියුෂන් පන්ති යන්න. මගේ යාළුවෝ ගොඩක් දෙනාට පේ‍්‍රමවන්තයෝ හිිටියා. මමත් ආස කළා පිරිමි ළමයෙකුට ආදරේ කරන්න.... ඒත් මට පිරිමි ළමයෙක් එක්ක තියා ගැහැනු ළමයෙක් එක්කවත් විනෝද වෙන්න කතා කරන්න අම්මා ඉඩ දුන්නේ නැහැ..... ගේ ඇතුළෙමයි. අම්මා නිතරම මගේ පස්සෙන් එන එක මට මහ වදයක් වුණා. අඩුම තරමේ යාළුවෙක් කියලාවත් පිරිමි ළමයෙක් එක්ක හිනා වෙන්න, කතා කරන්න නිදහසක් ලැබුණේ නැහැ.


හැම විෂයකටම වගේ ගෙදරට ගුරුවරු ගෙන්නුවා. ගෙදරට ගුරුවරයෙක් ආවත් අම්මා ළඟ ඉන්නවා. ඉස්කෝලේ බාලිකාවක් නිසා පිරිමි ළමයි අපි එක්ක ගැටෙන අවස්ථා හරි අඩුයි. ඉස්කෝලේ ගෙට්ටුවෙන් එළියට යන්න මට අවස්ථාවක් ලැබුණේම නැහැ. ඉස්කෝලේ ඇරෙන කොටම අම්මා ගේට්ටෙක ළඟ.... යාළුවෙක් කියලා මට ආශ‍්‍රය කරන්න දුන්නේ ගැහැනු ළමයෙක්ව විතරයි. ඇයට පුංචි කාලේ ඉඳලම මේ දේවල් මානසික පීඩනයක් බවට පත් වෙන්න ගත්තා. ඒ හැදුණු පරිසරය ඇගේ ජීවිතේට බලපෑවේ භයානක විදිහට. ඇගේ අම්මා නිරතම ඇගේ පිටිපස්සෙන් ඉඳලාත් පුංචි දුකක්වත් නොදී ආරක්ෂා කළේ ආදරේට. ඒ ආදරේ පෙරළුණ පිට බලන්න.....


පාසලේ හැම බාහිර වැඩකටම වගේ මම ප‍්‍රමුඛස්ථානය ගත්තා. ඒ නිදහස අම්මා මට උපරිමයෙන්ම දුන්නා. ඒත් ගැහැණු විතරක් ඉන්නවානම් තමයි බාහිර වැඩවලට යන්න දුන්නේ... අපේ සහෝදර පාසල්වල යාළුවොත් එනවානේ......


පාසලේ පැවැත්වෙන සාද, උත්සව වලදී, මම උපරිමෙන්ම විනෝද වුණා. මට පුංචි හරි සැනසීමක් ලැබුණේ පාසල ඇතුළෙ විතරයි..... ගෙදර පරිසරය මට ජීවිතේ එපා කෙරෙව්වා. අඩුම තරමේ අම්මා තාත්තාටවත් මගේ කාමරේට එන්න දුන්නේ නැහැ..... මම තාත්තා එක්ක හුරතල් වෙන කොට අම්මා තාත්තාට බණිනවා. ගෑනු ළමයි ඔහොම හුරතල් කරන්නෙ නැහැ කියලා. පිරිමි කියන චරිතය මට එපා කෙරෙව්වේ අම්මගේ ඒ කි‍්‍රයාවන්.... තාත්තා ගෙදර ඉන්නවානම් කොටට ඇඳින්න දෙන්නේවත් නැහැ. මේ දේවල් නිසා මම ජීවත් වුණේ හරිම පීඩනයකින්.....


දවසක් ඉස්කෝලේදී........... එදා අපේ ඉස්කෝලේ කලා උළෙල තිබුණා. කඩිමුඩියේ වැඩ අස්සේ වැඩසටහන් කීපයකටත් මම එදා ඉදිරිපත් වුණා. ඒ අතරතුර අමුතු දේකට මට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ දේ මොකක්ද කියන්න මට තේරුමක් නැහැ. දින ගණනාවක්ම ඒ සිද්ධියට මට මුහුණ දෙන්න වුණා. මුල් දවස්වල මට මහා පිළිකුලක් දැනුණා. හැම දේම අම්මාට කියන මට මේ දේවල් අම්මාගෙන් වසන් කළේ අම්මට කියන්න ලජ්ජ නිසාද කියලත් හිතෙනවා...... ඒ දේවල් එහෙම වෙද්දී මගේ හිත ඒ දේවල්වලට ඉඩ දුන්නෙ ඇයිද කියලා මට හිතාගන්න බැහැ. ටිකෙන් ටික ඒ දේවල්වලට මම අබ්බැහි වුණා. ඒ දේවල් එක්ක මගේ හිතේ පිරිමි ළමයෙක් ගැන කිසිම කැමැත්තක් ඇති වුණෙ නැහැ. ඇගේ නම ඈන්.... ඈන් පස්සෙ පස්සේ අපේ ගෙදර ආවා..... ඇය අපේ ගෙදර එනවට අම්මා අකමැති වුණේ නැහැ. සැක කළෙත් නැහැ. කෙල්ලො දෙන්නෙක් ගෙදර කාමරේකට වෙලා මොකද කරන්නේ කියලා අම්මා බලන්නේ නෑනේ...


මුලදී මට පිළිකුලක් විදිහට දැණුනු දේ මගේ ජීවිතේට නැතුව බැරි වුණා. මට තේරෙන්නේ නැහැ. ඇයි මම ඈන්ට ආදරේ කරන්න ගත්තේ කියලා. මට ගෙදර මොන තරම් සැප තිබුණත්   අම්මයි,   තාත්තයි   මගේ   නිදහස   හිර කළා. මගේ යාළුවෝ නිදැල්ලේ යද්දී ඒවා දිහා බලාගෙන මම මානසිකව විඳෙව්වා.


ඇගේම මිතුරියක් ඇයට අමුතු යොජනාවක් කරද්දී ඇය දැක්කේ එය පිළිකුලක් විදිහට. ඈන්ගේ යම් යම් ක‍්‍රියාවන් ඇයට අලූත් දෙයක් වුණා.... ලිංගිකත්වය කියන දේ සම්ප‍්‍රදායට පටහැනි විදිහට ඇය දැක්කේ ඈන්ගේ ක‍්‍රියාවලින්.......ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙකුගෙන් බලාපොරොත්තුවෙන ආදරය ඇය බලාපොරොත්තු වුණේ ඈන්ගෙන්.


අම්මයි තාත්තයි ඇගේ නිදහස ගෙදරට සීමා කළේ යහළුවන්ගේ ආශ‍්‍රයත් සීමා කළේ, ඇගේ ජීවිතයට නරකක් කරන්න නෙමෙයි. ඒත් ඒ දේවල් ඇගේ ජීවිතයට කරපු විනාශයක මහත බලන්න..... ඇගේ මනස දරුණු විදහට පීඩනයට ලක් කළා.


කවදාත් පිරිමි ළමයෙක් එක්ක හිතවත්කමටවත් කතාබහ කරන්න නොදුන්න ඇයට පිිරිමියෙකුගෙ ආදරයට වඩා දැනෙන්න ගත්තේ අපේ සංස්කෘතිය ඇතුළෙ පිළිකුල් වෙච්ච ආදරයක්.


මගේ ජීවිතේ ඈන් නිසා ටිකෙන් ටික වෙනස් වුණා. මගේ මනස යොමු වුණේ ඒ දේට. ඉගෙන ගන්න ආසාවක් ඇති වුණේම නැහැ. මට නිරතම හිතුණා මේ දේවල් නිසා මට පිස්සු හැදෙයිද දන්නා නැහැ කියලා. අපි අනෙක් ගැහැණු ළමයි වගේ එකට කෑවා, එකට ගමන් ගියා.  කවුරුත් අපි ගැන කිසිම සැකයක් හිතුවේ නැහැ. මේ චර්යාවන් මගේ පාසලේ හුරු පුරුදු දෙයක්නේ..... ඒ දේට අබ්බැහි වුණාට පස්සේ පිරිමි ළමයි මගේ හිතට පිළිකුල් වුණා...


පොඞ්ඩක් ඔයාගේ කථාවට බාධා කරනවා. ඔයාට ආදරේ කරන පිරිමි ළමයි පස්සෙන් ආවෙම නැද්ද?


හරියට ආවා. ඈන්ට වඩා මම ලස්සනයි. ඒත් මට පිරිමි ජාතිය අප‍්‍රසන්න ජාතියක් වුණා. අනේ මන්දා...


මට මොනවා වුණාද කියලා මටවත් හිතා ගන්න බැහැ... ඈන් අසීමිතව මට ආදරේ කළා. මමත් ඈන්ට අසීමිතව ආදරේ කළා. මට පිරිමි ළමයි එපා වුණේ ඈන් නිසා. මටත් හීන තිබුණා. පිරිමි ළමයෙක් එක්ක යාළුවෙන්න, ආදරේ කරන්න....


මුලදී මට ඇති වුණ පිළිකුලත් එක්ක මම ඈන්ව ප‍්‍රතික්ෂේප කළා...... ඇය මට ආදරේ කරද්දී මගේ හිත ගිය පිරිමි ළමයි දෙතුන් දෙනෙක්ම හිටියා....... ඒත් ඈන් මම නිසා අතපය කපා ගත්තා, ඇය කැමති වුණේ නැහැ මම පිරිමි ළමයින් එක්ක කථා කරනවට, හිනා වෙනවට...


මගේ වෙනසක් ඈන්ට දැණුනු ගමන් බ්ලේඞ් වලින් අත කපා ගන්නවා.... මම ලේ බලන්න බයයි.. ඒ දේවල්වලට මම ගොඩක් බය වුණා.


යම් දෙයකදී මම ඇඬුවොත්, දුකෙන් හිටියොත් ඇයත් අඬනවා....... ඒ තරම් ඈන් මට ආදරේ කළා. ඒ ආදරේ හරිම අමුතු එකක්. අපි දෙන්නාගේ හැසිරීම් රටාව වෙසන් වුණේ අපි දෙන්නා අතර විතරයි. පිටට අපි සාමාන්‍ය ගැහැණු ළමයි දෙන්නෙක් විතරයි. අපි දෙන්නගෙ සම්බන්ධය ගොඩාක් දුර ගියා. අපි දෙන්නට දෙන්නා නැතිව බැරි වුණා. මේ දේ සමාජ විරෝධියි කියලා මම දන්නවා. අම්මලා මට දුන්්නු පීඩනය නිසා තමයි මම මේ වගේ දේකට ඇබ්බැහි වුණේ....


ගැහැනු ළමයෙකුට තවත් ගැහැනු ළමයෙක් ආදරය කරනවා. මේක අපේ සමාජයේ හරි දරුණු වගේම පිළිකුල්් විදිහට කිඳා බැහැපු දෙයක්. බන්ධානාගාර, බාලිකා පාසල්, බාලිකා නේවාසිකාගාර තුළ සුලබව සිදුවන මෙවැනි සිදුවීම් සිදුවන වග අකමැත්තෙන් වුණත් අපට පිළිගන්න සිදු වෙලා තියෙනවා....
ඇය පාසල් වියේ දැරියක්. මිල මුදල්, සැප සම්පත්, මේ කිසිම දේකින් ඇයට අඩුවක් නැහැ. ඇය මේ ඛේදවාචකයේ එක් චරිතයක් විතරයි. මේ වගේ චරිත මේ සමාජයේ කොයිතරම් තව තියෙනවද?


මම ඈන් වරදක් කළා කියලා කියන්නේ නැහැ. මමත් ඇයට ආදරේ කළා. මගේ අම්මා වගේම ඈන් මාව ආරක්ෂා කළා. ඒත් අපේ ආදරේ අනාගතයක් ගැන හීන දැක්කේ නැහැ. හැම දේම ලෝකයටම රහසක් විදිහට තියාගන්න ගොඩක් උත්සහ කළා. මට පුංචි දුකක්වත් දැනෙනවට ඈන් කැමති වුණේ නැහැ. ඇය නිතරම මගේ ළඟින් හිටියා....


ඒත් ඒ හැමදේම මමවත් ඇයවත් නොසිතපු විදිහට වෙනස් වුණා. දවස් ගණනාවක් ෆේස් බුක් ඔස්සේ මට මුණ ගැහුණ පිරිමි ළමයෙක් හිටියා... එයා ෂේන්. මම ෂේන් එක්ක කථා කරනවට ඈන් කැමති වුණේ නැහැ. ඒත් ෂේන් මගේ ෆෝන් එකටත් කතා කළා. මට පිරිමියෙක් ගැන ආසාවක්, ආදරයක් නොතිබුණත් මම දින ගණනාවක්ම ෂේන් එක්ක කතා කළා. ඒ කතා කළෙත් ෂේන් එක්ක මම වැඩිපුර කතා කළේ ඈන් ගැන.


ඒත් ෂේ්න්ට අපේ ආදරේ වෙසන දැනුනේ නැහැ. ඈන් දිගින් දිගටම ෂේන් එක්ක කතා කරන එකට අකමැති වුණා.... ඈන් මට ආදරේ වගේම අපි දෙන්නා අතර ප‍්‍රශ්න ඇතිවුණ තවත් හේතුවක් තිබුණා. ඈන්ගෙයි මගෙයි ආකර්ෂණය පිළිබඳ නිතර ප‍්‍රශ්න ඇති වුණා.... ඈන්ට වඩා මට ගොඩක් කැපිලා පේන රූපයක් තිබුණා. මේ නිසා මගේ දිහා බලන අය, වගේම ආදරය කරන අය ගොඩ දෙනෙක් හිටියා.... ඒ දේවල්වලට ඈන් චුට්ටක්වත් කැමති වුණේ නැහැ. ඒක පුංචි ඊර්ෂාවක් වගේ දෙයක්.


මම ෂේන් එක්ක කතා කරනවා කියලා ඈන් කීපවරක්ම අතපය කපා ගත්තා. ෂේන්ගේ කතාවකට ඈන් මට දවසක් කම්මුලට ගැහුවා... එදා මට ගොඩක් දුක හිතුණා.... මම හොඳටම අඬුවා. ඈන්ට ටික වෙලාවක් යද්දී මට ගහපු දුක දරාගන්න බැරුව අඬන්න ගත්තා....ඈන්ට මම නැතුව ජීවත් වෙන්න බැහැ කිව්වා. ඇය මම නිසා ඇගේ ජීවිතේ නැති කරගන්න උත්සාහ කළා.......


හැමදේකටම වැරදිකාරිය වුණේ මම.... මාව පුනරුත්තාපනය කරන්න මෙහාට එව්වා.... ඈන් දැන් ඉන්නේ විදේශ රටක. මගේ ජීවිතේ අරමුණක් බලාපොරාත්තුවක් නැහැ.


වැරදුණු හැමදේම හදාගන්න උත්සාහ කරනවා...... මට ඈන්ව නිතර මතක් වෙනවා..... ඇයව අමතක කරන්න මම උත්සාහ ගන්නවා. හැබැයි මට ජීවිතේ ගැන කිසිම කළකිරීමක් නැහැ. ඇය ඇගේ ජීවිතේ කළකිරීමකින් තොරව සුපුරුදු විදිහට දිවි ගෙවනවා. ඈන් ගැන ඇය තවමත් හිතනවා.


ඇගේ ජීවිතේ මේ අගාධයට ඇද දැම්මේ කවුද? ඇයව මාපියෝ ගෙදරට කොටු කළා. ඒ කොටුු කිරීමත් එක්ක පීඩනයෙන් මිරිකිච්ච මනසින් ලිංගිකත්වය දැක්කේ අමුතු විදිහකට. කෙල්ලෙක් කොල්ලෙක් එක්ක කතා කරන එක, ආදරය කරන එක කොල්ලෙක් කෙල්ලෙකුට ආදරය කරන එක තරුණ ජීවිතවලට අත්‍යවශ්‍ය දෙයක්. ඒ අද්දැකීම  ඕනෑම ජීවිතකයකට පොදු දෙයක්. මේ දේවල්වලට මාපියෝ වැටකඩුලූ බඳින්න එපා.


ගැටවරවියට පත් චෙච්ච දරුවන්ගේ හෝමෝන වර්ධනයත් එක්ක විරුද්ධ ලිංගික ආකර්ෂණය ඇති වෙනවා. පාසල් පේ‍්‍රමය ඒකට උදාහරණයක්. මේ ලෝකෙට ස්ත‍්‍රීයක් සහ පුරුෂයෙක් නිර්මාණය කරලා තියෙන්නේ පරම්පරාව පවත්වාගෙන යන්න.... ප‍්‍රජනනය කියන්නේ පවුලක මූලික අවශ්‍යතාවලින් එකක්.


එහෙත් මෙවැනි අසම්මත සබඳතාවලින් සිදුවන්නේ සොබාදහමට එරෙහි වීමක්. එය සමාජ සමතුලිතතාවයටත් විශාල තර්ජනයක්.


මේ දරුවන්ගේ නිදහස එයාලට දෙන්න.... ජීවිතය කියන්නේ විඳින්න  ඕන දෙයක්........ තරුණ දරුවො මේ සමාජයට ඇතුළට බහින්න ආසයි... ඒ අද්දැකීම් මේ ජීවිතවලට අත්‍යවශ්‍යයි. ගෙවල් ඇතුළේ බොනික්කෝ වගේ හදන දරුවන්ගේ ජීවිත වැඩි හරියක් වැරදෙන්නේ ඔන්න ඔය නිසා. අත්දැකීමක් නැහැ. සමාජයට බයයි. ගෙදර අම්මා තාත්තාගෙ පරිසයට වඩා එහාට ගිය සමාජය දරුවට විඳින්න දෙන්න. ඒක එයාලගෙ අයිතියක්....


දරුවන්ගේ අවශ්‍යතා, හැඟීම් මාපියන් වන ඔබ තේරුම් ගත යුතුයි. එයාලගෙ නිදහස, අයිතීන් ගෙදර කාමරේකට දාලා දොරගුළු දැම්මොත් ඒ දරුවන්ගෙ ජීවිත විනාශ වෙන්නෙ බලා සිටියදීමයි...


ලෝකයේ බොහෝ රටවල සමලිංගික සබඳතා අනුමත කර තිබුණත් ලංකාවේ සංස්කෘතියට අනුව සමලිංගිකත්වය කියන්නේ සදාචාරයට පටහැනි දෙයක්. අපේ සාමජයෙන් බැහැර කරන මෙම සබඳතා සභ්‍යයක් නැති ජාතියක්, ආගමක් නැත්නවුන් විදිහට බටහිරකණයට අත වැනීමක් නොවේද? සමලිංගිකත්වය කියන්නෙ ආදරයක් නොමෙයි. එක්තරා විදිහක පෙමින් බැඳීමක් වුවත් ඒ ආදරය කිසිසේත්ම ජීවිතය වෙන්නෙ  නැහැ.... මේක හරි පාරක් කියලා හිතන්න එපා....... අපේ සමාජයේ පිළිකුල් වෙච්ච වරුදි ආදරයක්.
(නම් ගම් මන:කල්පිතයි)

m