IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


ආර්ථිකය අසාධ්‍ය තත්වයක

කාලීන ආර්ථික කරුණු කාරණා සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග කළ සාකච්ඡාවකි මේ.

 

ප්‍රශ්නය:- වසර හැත්තෑ හයක නිදහස සමරන අවස්ථාවක අපි ඉන්නේ ආර්ථික වශයෙන් නිදහස් තැනක ද?

පිළිතුර:- ඉතාම කනගාටුයි. අද අපිට ආර්ථික නිදහසක් නැහැ. ඒ විතරක් නෙමෙයි බොහෝම ඉක්මනින් දේශපාලන සහ සමාජ නිදහසත් නැති වන තත්වයක් පේන්න තිබෙනවා. නිර්බාධක දීමනාව ගෙවන්න කියා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු දෙනාම පාහේ ඉල්ලා තිබෙනවා. ඒත් ආණ්ඩුවට ඒක දෙන්න බැහැ. ඒ, අයි.එම්.එෆ්. එකෙන් අහන්න ඕනෑ නිසා. අයි.එම්.එෆ්. අනුමැතිය තිබෙනවා නම් පමණක් ඒ දීමනාව දෙන්න පුළුවන්. මේ ආකාරයට විවිධ ක්‍රමවේද හරහා අපේ ආර්ථික නිදහස අපිම නැති කරගෙන. සාමාන්‍ය රටක් ගනුදෙනු කරන ආකාරයට අද අපට කිසිම රටක් සමග ගනුදෙනු කරන්න බැහැ. වෙනමම තැනක වෙළී සිටින බව එයින් පැහැදිලියි.

 

ප්‍රශ්නය:- ආර්ථික නිදහස නැති බව ඔබ කියනවා. ආර්ථික නිදහස නැති වුණේ මොන හේතු නිසා ද?

පිළිතුර:- බංකොලොත් බව ප්‍රකාශ කිරීම මූලිකම හේතුවයි. තමන් බංකොලොත් කියා කවුරු හෝ කිව්වොත් එතැනින් එහාට ඔහුට නිදහසක් නැහැ. තමන්ම මෙහෙම ප්‍රකාශ කළාම ගනුදෙනු කිරීමේ ශක්තිය නැති වෙනවා. පසුගිය කාලයේ කරගත්තේ එයයි. 2022 අප්‍රේල් 12 වැනිදා අපි ණය නොගෙවන බවත්, ණය ගෙවීමේ හැකියාවක් නැති බවත්, බංකොලොත් බවත් උජාරුවෙන් ලෝකයටම කිව්වා. මේක ලොකු වීරකමක් හැටියට සමහරු සිතුවා. ඒත් එය කොතරම් විනාශකාරී ද කියා ඒ පිළිබඳ තතු දන්නා අය දැනගෙන සිටියා. එතැනින් පසු රටේ සියලුම අංශ බරපතළ අර්බුදයකට මුහුණ දුන්නා. ආර්ථික නිදහස නැතුව ගියා. ඒක කරගත්තේ අපිමයි. විවිධ අවස්ථාවල විවිධ අභියෝග එනවා. ඒක සාමාන්‍යයි. යුද්ධයක් කළා. ලොකු පීඩනයක් ආවා. ඒත් රට බංකොලොත් කියා අපි කිව්වේ නැහැ. රටට අභියෝග ආවාම ඒවාට මුහුණ දෙන්න නායකයන් දැනගන්න ඕනෑ. ඒවායෙන් පැන යාම වීරකමක් නෙමෙයි. අපි කරගත්ත ලොකුම මෝඩකම, ලොකුම විනාශය බංකොලොත් බව ප්‍රකාශ කිරීමයි. අද මුහුණ දෙන සියලු ප්‍රශ්න මතු වුණේ එතැනින්. මෙයින් මිදුණේ නැති නම් ඉදිරියට මාර්ගයක් නැහැ.

 

ප්‍රශ්නය:- රටේ ආර්ථිකය විනාශ කළේ, මේ තැනට රට පත් කළේ ඔබ ඇතුළු කිහිප දෙනෙක් බවට තීන්දු වී තිබියදී වෙනත් අයට එහි වගකීම යන්නේ කොහොම ද?

පිළිතුර:- ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවක් ඔය කතාවට පදනම් වී තිබෙනවා. ඒ තීන්දුවේ තිබෙන දේවල් කියවා බලන්න. රටේ ආර්ථික පසුබෑමට කිහිප දෙනෙක් නිරූපිත ලෙස දායකත්වය ලබා දී ඇති බව එහි සඳහන්. ඒ දේ කර තිබෙන්නේ හොරකම් කරලා ද? නැහැ. නීති කඩලා ද? සම්මුති කඩලා ද? නැහැ. හිතුවක්කාරී ලෙස ද? නැහැ. සමහර තීරණ හරහා මේ පසුබෑම ඇති වී තිබෙන බව කියා තිබෙනවා. ඒ තීරණ මොනවා ද? අයි.එම්.එෆ්. එකට නොයාම එයින් එක තීරණයක්. බදු අඩු කිරීම තව එකක්. රුපියල පාවීමට ඉඩ නොදී ස්ථාවර තබා ගැනීම තවත් තීරණයක්. ණය ගෙවීමත් තව තීරණයක් වුවත් ඒ ගැන අධිකරණය කතා කර නැහැ. කොහොම වුවත් ණය ගෙව්වා කියලත් චෝදනාවත් එල්ල කර තිබුණා. මේවා අපේ අඩුපාඩු නම්, යම් ඇත්තක් එහි තිබෙනවා. අපි අයි.එම්.එෆ්. නොගියේ වෙන දේ දැන සිටි නිසා. අයි.එම්.එෆ්. ගියා කියා අද ජනතාව සතුටින් ද? අද රාජ්‍ය සම්පත් විකුණනවා, බදු වැඩි කරනවා, රාජ්‍ය සේවාව කප්පාදු කරනවා, භාණ්ඩ හා සේවා මිල වැඩි කරනවා. මේවා කරන්නේ අයි.එම්.එෆ්. කොන්දේසි අනුවයි. මේවා නොකිරීම අපේ වරදක් නම් ඒ වැරැද්ද අපි බාර ගන්නවා. බදු වැඩි කරනවා කියන්නේ ජනතාව පිට බර පැටවීමක්. ඒවාට අපි එකඟ වුණේ නැහැ. එහෙම නම් අද බදු වැඩි කිරීම හරි වෙන්න ඕනෑ. හැබැයි බදු අඩු කළා කියා අපට නඩු පවරපු අය අද කෑගසන්නේ බදු වැඩියි කියලයි. කොරෝනාවට රට වැසීමෙන් ජීවිත බේරුණත් ආර්ථිකය කඩා වැටුණා. ඒ අවස්ථාවට ගත යුතු තීන්දු ගන්න වෙනවා. ඒවායේ දෙපැත්තක් තිබෙනවා. එහෙම බැලුවොත් අපි වරදක් කළේ නැහැ. කාලයට ගැළපෙන්න කටයුතු කළා.

 

ප්‍රශ්නය:- අයි.එම්.එෆ්. ණය ගැනීමත් සමග බංකොලොත් බවෙන් රට මුදා ගනිමින් යම් දිශාවකට රට යන බවක් පේන්න නැති ද?

පිළිතුර:- යම් දිශාවකට යන බව නම් පේනවා. ඒ දිශාව අනුව කාර්තුවෙන් කාර්තුවට ආර්ථික වර්ධනය ඍණ වී තිබෙනවා. ආර්ථිකයක ධන වර්ධනයක් තියෙන්න ඕනෑ. ආර්ථිකය ඍණ වන විට රැකියා අහිමි වෙනවා. ජනතාවට කන්න බොන්න නැතුව යනවා. ජනතාව අතේ සල්ලි නැතුව යනවා. ජීවත් වීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වෙනවා. අද මේ රටේ පේන්න තිබෙන්නේ එවැනි තත්වයක්. රටේ පෝලිම් නැහැ කියමින් ඉලක්කම් පෙන්නුවාට වැඩක් නැහැ. පෝලිම් නැති වීම ආර්ථික සංවර්ධනයේ ලක්ෂණයක් ද? ඒවා ඒ ඒ කාලවල පවතින වාතාවරණයක යම් ලක්ෂණයක්. ආර්ථික සංවර්ධනයක් නම් අලුතෙන් ආදායම් එකතු වෙනවා ද? ණය ගෙවාගන්න පුළුවන් ද? රැකියා ජනිත වන ගමන් ව්‍යාපාර දියුණු වෙනවා ද? ණය බොල් ණය වෙනවා ද කියා බලන්න වෙනවා. මේවා දෙස නොබලා මතුපිට කාරණාවලින් සියල්ල මනින්න යනවා නම් ඒක අපි අපිව මුළා කරගැනීමක්. ලයිට් බිල් ගෙවාගන්න බැරි පවුල් ලක්ෂ 10ක් අඳුරේ සිටිනවා. මේක හොඳ ආර්ථික ලක්ෂණයක් ද? මේ රටේ මොනවා වුවත් අයි.එම්.එෆ්. එකට වැඩක් නැහැ. ඔවුන් දෙන ඉලක්ක කොහොම හරි සපුරනවා නම් එච්චරයි. වසර දෙකකට ආසන්න කාලයකදී අයි.එම්.එෆ්. එකෙන් ලැබුණේ ඩොලර් මිලියන 700යි. මම මහ බැංකු අධිපති හැටියට සිටි මාස හයේදී ඩොලර් මිලියන 4,950ක් ගෙනාවා. ඊට අමතරව තවත් ඩොලර් මිලියන 10,700ක ගලා ඒම් සැලසුම් කර තිබුණා. දිවුරුම් ප්‍රකාශයකින්ම මේ කාරණා මම අධිකරණයට ඉදිරිපත් කළා. බංකොලොත් බව ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවක් කිසි විට නොතිබූ බව මම කියන්නේ ඒ නිසයි.

යම් කාරණා තිබුණා. සංචාරක කර්මාන්තය නැගිටින විටම අරගල කර ඒක කඩාකප්පල් කළා. ලංකාවට සල්ලි එවන්න එපා කියා ඇතැම් පක්ෂවල නායකයන් කිව්වා. හරි නම් මේවාට වග කියන්න ඕනෑ ඒ අයයි. ජනතාවත් මේවා තේරුම් ගන්න අවශ්‍යයි.

 

ප්‍රශ්නය:- විදේශ සංචිත ශක්තිමත් තැනකට පැමිණ රුපියලේ අගය ශක්තිමත් වෙමින් පැවැතීම ආර්ථිකයේ සුබදායක පැති නෙමෙයි ද?

පිළිතුර:- සාමාන්‍යයෙන් බැලුවොත් ඒක සුබදායකයි. රුපියල ශක්තිමත්ව තබා ගැනීමට මම බොහොම කැපවීමෙන් කටයුතු කළ කෙනෙක්. අවම අගයකින් රුපියල අවප්‍රමාණය වුණේ මාගේ කාලයේදී. අද රුපියල ශක්තිමත් වෙන්නේ එක මූලික හේතුවක් නිසා. ඒක තමයි ණය නොගෙවීම. ඒත් අපි එදා රුපියල ශක්තිමත් කළේ ණය ගෙවමිනුයි. ඇත්ත තත්වය දර්ශනය වන්නේ එවිටයි. දැන් සංචිතය ඩොලර් මිලියන 4,500ක් බව කියනවා. ඒත් ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 8,000ක් ගෙවා නැහැ. ඒක මේ අය කියන්නේ නැහැ. එහෙම නම් සංචිතයේ ඇති ප්‍රයෝජනය  මොකද්ද? ණය ගෙවීම ආරම්භ කළොත් ඔය සංචිතය ඍණ වෙනවා. ඇස්බැන්දුම් හැටියට ඔය කරුණු පෙන්නුම් කළාට ඇත්ත තත්වය ඕක නෙමෙයි. ඩොලර් මිලියන 8,000 ගෙව්වොත් සංචිතය ඍණ 3,500ක් වෙනවා.

පොලී අනුපාත වැඩි කර ආර්ථිකය සංකෝචනය කළා. විදුලියට, ජලයට, ඉන්ධනවලට මිල වැඩි කර ජනතාවට උහුලන්න බැරි තැනකට ඇවිත්. ඩොලර් මිලියන 500ක ඉන්ධන ඒ කාලයේ ගෙනාවා. අද ඉන්ධන ගේන්නේ ඩොලර් මිලියන 200කයි. ඩොලර් මිලියන 300ක් ඉතිරි වෙනවා. මේ ගණන ඉතිරි වෙන්නේ ජනතාවට ඉන්ධන මිලදී ගන්න බැරි නිසයි. ඉල්ලුම සංකෝචනය කරලා. පරිභෝජනය අඩු වෙලා, ආනයන අඩු වෙලා. මේ නිසා ඩොලර්වලට ඇති ඉල්ලුමත් අඩු වෙලා. ණයත් නොගෙවා ඩොලර්වලට ඇති ඉල්ලුමත් අඩු වී ඇති නිසා රුපියල ශක්තිමත් වෙනවා. රුපියල ශක්තිමත් කළා කියා කවුරු හෝ වීර කතා කියනවා නම් ඒක කර තිබෙන්නේ රටට අහිතකර දේවල් දෙකක් කරමිනුයි. හදවත් රෝගයක් සුව කරන්න ගන්න බෙහෙත්වලින් වකුගඩුයි පෙනහැල්ලයි විනාශ වෙනවා නම් ඇති වැඩේ මොකක් ද? අද ව්‍යාපාර දහස් ගණනක් වැසී ගිහින්.

 

ප්‍රශ්නය – ආණ්ඩුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු කරමින් සිටිනවා. එවැනි පසුබිමක ඔය කියන අවදානම පහව යන්නේ නැතිද?

පිළිතුර – ණය ප්‍රතිව්‍යුහගතකරණ බව කිව්වේ 2022 අප්‍රේල් මාසයේදී. වැඩි කලක් යාමට පෙර මේ කටයුත්ත කරන බව කිව්වා. හෙයාර් කට් එකක් (ණය කපා හැරීමක්) ගන්නා බව කිව්වා. දේශීය ණයවලට අත තබන්නේ නැහැ කියා කිව්වා මතකද? දැන් වසර දෙකකට ආසන්නයි. විදේශ ණය පිළිබඳව එක පියවරක්වත් ඉදිරියට ගිහින් නැහැ. ද්වීපාර්ශික ණය හිමියන් එක ඩොලරයක්වත් කපාහැර නැහැ. ඔවුන් කරන්නේ කුමක්ද කියා තවමත් ප්‍රසිද්ධ කරලත් නැහැ. ආණ්ඩුවේ පළමු තර්කය ඒ අනුව බිඳවැටෙනවා.

ද්වීපාර්ශික ණයකරුවන් සහ පෞද්ගලික ණය හිමියන් සියයට 60 කින් ණය කපා හරීවි යැයි අයි.එම්.එෆ්. බලාපොරොත්තු වන බව 2023 මාර්තු ලබාදී ඇති වාර්තාවක කියනවා. එක ඩොලරයක්වත් කපා හැරීමට ද්වීපාර්ශික ණයකරුවන් මේ දක්වා එකඟ වී නැහැ. ඒ අනුව දෙවැනි කාරණයත් බිඳවැටෙනවා. පෞද්ගලික ණය හිමියනුත් ණය කපාහරින්නේ නැහැ.

දේශීය ණයට අත නොතබන බව කිව්වත් අර්ථසාධක අරමුදලේ සියයට 20 ක් කපා හැරලා. 2022 දෙන්න තිබූ මුදලට වඩා සියයට 20 ක් අඩුවෙන් මුදල් බැර කර තිබෙනවා. අර්ථසාධක අරමුදලේ භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කළා. ලක්ෂ 80ක පමණ සාමාන්‍ය ජනයාට මේ පාඩුව විඳින්න සිදුව තිබෙනවා. ආණ්ඩුවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ වාර්තාව ඕකයි. ඒක වැරැදි නම් හරි එක බලධාරීන් රටට කියන්න ඕන. මේ කතාව වැරැදියි ඇත්ත මෙන්න මේකයි කියා බලධාරීන් කිව්වොත් ඒක පිළිගන්න මම ලෑස්තියි.

 

ප්‍රශ්නය – කවුරු ආවත් අයි.එම්.එෆ්. එක නැතුව ඉදිරියට යන්න බැහැ කියන මතයක් ඉදිරිපත්ව තිබෙනවා. ඒක එහෙමද?

පිළිතුර – මම ඒක පිළිගන්නේ නැහැ. වෙනත් විකල්ප නැහැ කියන මතයට මම එකඟ නැහැ. විකල්ප තිබෙනවා. 2005 මහින්ද මහත්තයා බලයට එනවිට කොටි සමඟ සාකච්ඡා කරනවා හැර වෙන විකල්ප නැති බව සමහරු කිව්වා. ඒත් එතුමා ඒක පිළිගත්තේ නැහැ. අපි පිළිගත්තෙත් නැහැ. ඒ අනුව ගත්ත විකල්පයේ සාර්ථකත්වය ගැන හැමෝම දන්නවා. අයි.එම්.එෆ්. නැතුව විකල්පයක් නැහැ කියන මතය බොහොම ප්‍රබලව සමාජයට කවා තිබෙනවා. මේ නිසා සියලු පක්ෂ ජවිපෙ පවා අයි.එම්.එෆ්. එකෙන් පිට විකල්පයක් නැති බව කියන තැනට ඇවිත්. ඒත් ඒ මතය වැරැදියි. විකල්ප තිබෙනවා. විකල්ප සොයා වෙනත් මාර්ගවල නොගියොත් රටවල් තිහ හතළිහකට අත්වූ ඉරණම අපටත් අත් වෙනවා. දැනටත් ඒ තත්වය අපි දකිනවා. ජනතාවට දරාගන්න බැරි තැනට පීඩනය ඇවිත්. මේක තවත් උග්‍රවේවි. විකල්ප නොසොයා මේ ගමන යන්න පුළුවන් කියා දේශපාලන පක්ෂ සිතනවා නම් අපට දෙයියන්ගේම පිහිටයි.

 

ප්‍රශ්නය – ජනතාව මූණදෙන පීඩනය ලිහිල් කරන්නේ කොහොමද? ගොඩඑන මාර්ගය කුමක්ද?

පිළිතුර – ගොඩයන්න වෙන්නේ එක මාර්ගයකින් නෙමෙයි. ආර්ථිකයක් කියන්නේ අඩුම තරමින් ක්ෂේත්‍ර පහක් එකට බද්ධ වූ පද්ධතියක්. මේ එකිනෙක ගැන හොඳට සොයා බලා කටයුතු කළ යුතුයි. තුලනයකින් ඉදිරියට යා හැක්කේ එසේ කළොත් විතරයි. 2006 සිට 2013 දක්වා සෑම සාර්ව ආර්ථික සාධකයක්ම යහපත් වුණේ තුලනාත්මකව කටයුතු කළ නිසයි. ක්‍රමවේද රාශියක් එකට පාවිච්චි කළ යුතුයි. අමාරු ලෙඩෙකුට බෙහෙත් වර්ග පහ හයක් එකට දිය යුතුයි. හයක් දිය යුතු තැන දෙකක් දුන්නට වැඩක් නැහැ. අපි දැන් ඉන්නේ අසාධ්‍ය තත්වයක. ගතයුතු පියවර ගන්නේ නැත්නම් අපි කිව්වා කියා වැඩක් නැහැ. බෙහෙත් දෙකක් විතර අරගෙන බලමු කියා ඇතැම් පඬිවරු සිතනවා. ඒවා අසාර්ථක වෙනවාමයි. රජයේ ආදායම් වැඩිකරගත යුතු බව කියනවා. ඒක විතරක් කරන්න ගිහින් වෙච්ච දේ දැන් පේනවා නේ. රාජ්‍ය ආදායම් අච්චර මෙච්චර ගණනකින් වැඩිවුණා කිව්වට ජනතාවට ජීවත් වෙන්න බැරි තත්වයක් තිබෙනවා නම් ඇති වැඩේ මොකද්ද? තුලනයක් ඇතුව වැඩ කළ යුතුයි කියන එකට ඊට වඩා උදාහරණ ඕනෑ නැහැ.

 

(***)

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ



අදහස් (9)

ආර්ථිකය අසාධ්‍ය තත්වයක

Asanga Tuesday, 06 February 2024 04:53 PM

මෙයා කොහොමද ආර්ථික ඔස්තාර් වුණේ? සුප්‍රීම් උසාවියෙන් මෙයා ආර්ථික ඝාතකයෙක් කියලා තීන්දුවක් දුන්නා අමතකයිද​?

:       9       76

මැක්ස් Tuesday, 06 February 2024 06:16 PM

තම තමන්ගේ දේශපාලන පක්ෂපාතීකම්, ආලවන්තකම්, ගැතිකම් පැත්තකට දාලා මේ මනුස්සයා කියන දේ මැදහත් සිතින් අහන්න, කියවන්න පුළුවන් කීයෙන් කී දෙනාටද? කබ්රාල් මහතාගේ අදහස්වලටත් ඉඩහසර ලබා දුන් ලංකාදීපයට ස්තුතියි.

:       75       22

පිටිගල මිලානෝ Wednesday, 07 February 2024 12:38 PM

හොරු තවම නිදැල්ලේ…

:       8       41

chandima Friday, 09 February 2024 12:49 AM

අම්මපා පොර ඉන්නවද තව? අන්න ආර්ථිකේ ගොඩගන්න උපදෙස් ගන්න කියපු කෙනා. සජිත් මහත්තයාගේ පක්ෂයට බඳවා ගත්තානම්...?

:       4       9

Rohana Friday, 09 February 2024 06:31 PM

මෙයා ආර්ථික විද්‍යාව ගැන දන්නේ මොකටද? පසුගිය කාලයේ මුදල් අච්චු ගසා රජයට මුදල් පොම්පකළා. රජය බදු අයකිරීම අඩුකරලා අළුතින් මුදල් තොග ආර්ථිකයට එකතුකිරීම තුළින් රටේ බඩුමිල ඉහළ ගියා. මුදල් අච්චු ගැහුවාට උද්ධමනය වැඩිවෙන්නේ නෑ කියලා ආර්ථික සිදධාන්ත අමු අමුවේ උල්ලංඝනය කළා. විනිමය අනුපාත දැඩිලෙස ස්ථාවර කිරීමට ගොස් රටට අවශ්‍ය විනිමය නැතිව ගියා. අන්තිමට තෙල්වලට මුදල් ගෙවන්න ඩොලර් නැතිව ගිහින් රටේ ඛනිජතෙල් හිඟවී තෙල් පෝලිම් ගෑස් පෝලිම් ඇතිවුණා. පිටරට ශ්‍රමිකයින් එවන ඩොලර් රටට නැතිව ගියේ ස්ථාවර විනිමය අනුපාත යටතේ ඩොලරයකට ලබාගතහැති රුපියල් ප්‍රමාණය පහත වැටීම නිසයි. එතෙක්කල් ස්ථාවරව තබාගත් විනිමය ක්‍රමය මොහුගේ පාලන කාලය අවසානයේ යලි පාවීමට ඉඩහැරීමෙන් රු 200 ට තිබූ ඩොලරය රු 380 දක්වා අසාමාන්‍ය ලෙස ඉහළ ගියා. මුල්කාලයේ සිටම රුපියල පාවීමට ඉඩහැරියා නම් මෙතරම් අතිවිශාල ගණනකින් රුපියල අවප්‍රමාණය වන්නේ නැත. මෙයා සියළු වැඩ වරද්දාගෙන තවමත් ඒ ප්‍රතිපත්ති හරියි කියන්නේ ආර්ථික විද්‍යා දැනුම මදිකම මිස වෙන කුමක්ද?

:       3       12

වීර Saturday, 10 February 2024 12:08 PM

කිසිම විභාගයක් සමත් නැති මොවුන්ට මයික් අල්ලන.. අයගේ ලිපි පල කරන ලැජ්ජා නැති අයත් ජීවත් වෙනවනේ.. ඔබලාගේ අධ්‍යාපනය ඊටත් අන්ත ඇති මගේ හිතේ.. ගොට්ට අල්ලා පුටුවලට ආපු සාප.. මේ ගොටු අල්ලලා හම්බෙන වහල් සොච්චමෙන් බොලාගේ ළමයිනුත් බොලා වගේ වහල්ලු විදිහට හදපන්...

:       2       14

Amara Saturday, 10 February 2024 04:18 PM

මෙයා රට කාලා කාබාසිනියා කරලා දාපු එකට වගකියන්න ඕනෑ. දඬුවම් දෙන ආණ්ඩුවක් පත්වේවා!

:       1       7

Praneeth Prasanga Monday, 12 February 2024 12:50 AM

මේ රටට මෙහෙම වුනේ මාධ්‍ය නිසා...!

:       0       7

Dasa P Tuesday, 13 February 2024 06:27 PM

හිරේ ඉන්න ඕනෑ අයගෙන් සම්මුඛ සාකච්ඡා... ලැජ්ජයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

විදුලිබිල් කතාවට බෙල්ල දීම
2024 මාර්තු මස 02 202 0

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කළ නොයෙල් ප්‍රියන්ත මහතා පසුගිය 22 වැනිදා එම මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්විය. පෞද්ගලික රූපව


කුඩා තේ වතු හිමියන්ට සහනයක් දිය නොහැකිද?
2024 මාර්තු මස 02 101 0

රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ මරණ මංචකයේය. කොවිඩ් මාරක වසංගතයත් මෙරට පාලකයන් ගත් අනුවණ උද්ධච්ච තීන්දු තීරණත් හේතුවෙන් බිඳ වැටුණු ආර්ථිකය එසේ එකවර වේගයෙ


එදා - මෙදා තීන්දුවල ඇදකුද
2024 මාර්තු මස 01 270 0

2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත්


බොටුව මිරිකීම නතර කර ජනතාවට සහනයක් දෙන්න
2024 මාර්තු මස 01 253 0

යුද සමයේ දී ‘‘මුදා නොගත් ප්‍රදේශ’’ යනුවෙන් විශේෂයෙන් නාමකරණය කරන ලද ප්‍රදේශ තිබිණි. එම ප්‍රදේශ පාලනය කරනු ලැබුවේ ත්‍රස්තවාදීන් විසින්ය. ත්‍රස්තවාදීන


දිනෙන් දින වැඩි වන ණය බර
2024 පෙබරවාරි මස 29 399 0

මෙරට ණය අර්බුදය සම්බන්ධයෙන් සමාජය තුළ පෙරටත් වඩා සාකච්ඡාවක් මතුවෙමින් ඇති බව පෙනේ. මෑත කාලයේ විවිධ ආණ්ඩු ලබාගත් ණය සැලකිල්ලට ගතහොත් පසුගිය වසර විස්සක


සමාජය බියගන්වන කුරිරු අපරාධකරුවන් දඬුකඳේ ගහමු
2024 පෙබරවාරි මස 29 245 0

මේ වසරේ අද (29) ගෙවී ගියේ දෙවැනි මාසයයි. දින වශයෙන් ගණන් තැබුවොත් 60කි. මේ දින 60ට රටේ විවිධ ප්‍රදේශවල වෙඩි තැබීම්වලින් සිදුව ඇති ඝාතන සංඛ්‍යාව 14ක් වන අතර තවත්


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 518 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 421 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site