ඓතිහාසික මූලික අයවැය අතිරික්තයක ශක්තියත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසසුමට ලක්වූ ජනාධිපතිවරයාගේ තීරණාත්මක මැදිහත්වීමත් සමග ශ්‍රී ලංකාව අද ඛේදවාචකයක් පරාජය කරමින් යළි නැගී සිටී. අසල්වැසි රටවල සිට ලොව දියුණු හා සංවර්ධනය වෙමින් පවතින රටවල් දක්වා සියලු දෙනාගෙන්ම ලැබෙන නොමඳ සහයෝගයත්, IMF ආයතනයේ අනුග්‍රහයත් ඊට යෝධ ශක්තියක් වී ඇත.
නව ‘යළි ගොඩනැගීමේ අරමුදල’ හරහා සියලු පුරවැසියන් එක්ව තබන මෙම සාමූහික ප්‍රයත්නය, රටේ අනාගතය වෙනුවෙන් දේශපාලන භේද පසෙක ලා ‘නිර්මාණාත්මකව එක්වන ලෙස’ සියලු දෙනාටම කරන බලගතු ඇරියුමකි.
ප්‍රකෘතියේ මාවත හරස් කළ විනාශය
වසර ගණනාවක ආර්ථික පීඩනයෙන් මිදී ශ්‍රී ලංකාව යන්තම් හිස ඔසවමින් සිටි මොහොතක ‘දිට්වා’ සුළි කුණාටුව රටට කඩා වැදුණේය. ඓතිහාසික ආර්ථික බිඳවැටීමකින් පසු රට ඉතා අසීරුවෙන් යථා තත්වයට පත්වෙමින් තිබූ තීරණාත්මක මොහොතක පැමිණි මෙම මාරාන්තික කුණාටුව දිස්ත්‍රික්ක ගණනාවක් පුරා විනාශයේ සලකුණු තැබීය.
මූල්‍ය විනය: විපතක දී රටට සවියක් වූ යෝධ බලය
එහෙත්, මේ අඳුරු වලාකුළු අතරින් පවා ශ්‍රී ලංකාව අසාමාන්‍ය දිරියක් ලොවට පෙන්නුම් කළේය. ඒ අන් කිසිවක් නොව, විනය, විශ්වාසවන්ත පාලනය සහ ජාතික සමගිය තුළින් උපන් මහා ශක්තියයි. අපේ මේ ශක්තිමත් නැගී සිටීමේ පදනම වැටුණේ මෑත ඉතිහාසයේ අප ලැබූ සුවිශේෂම ආර්ථික ජයග්‍රහණයක් තුළිනි. බොහෝ දෙනා ‘කළ නොහැක්කක්’ යැයි සිතූ ඉලක්කයක් ජයගනිමින්, IMF ඉලක්කය වූ සියයට 2.3ද ඉක්මවා යමින්, 2025 සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.8ක ඓතිහාසික මූලික අයවැය අතිරික්තයක් වාර්තා වීමට නියමිත අවස්ථාවක අපි මෙම අර්බුදයට මුහුණ දුන්නෙමු. මෙහි සරල තේරුම නම්, වසර ගණනාවකට පසු ප්‍රථම වතාවට, රජයේ ආදායම ණය පොලී හැර අනෙකුත් වියදම්වලට වඩා ඉහළ මට්ටමක පවත්වා ගැනීමට හැකි වීමයි. මෙය වසර ගණනාවක් පැවැති නිදන්ගත මූල්‍ය හිඟයෙන් මිදීමකි.
මෙය ලෙහෙසි පහසු ජයග්‍රහණයක් නොවේ. අසීරු ප්‍රතිසංස්කරණ, වඩා හොඳ බදු පරිපාලනයක්, දැඩි වියදම් පාලනයක් සහ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන ආකාරයෙහි සම්පූර්ණ වෙනසක් ඒ සඳහා අවශ්‍ය විය. එය වසර ගණනාවකට පසු ගොඩනැඟුණු තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. මෙමගින් දශක ගණනාවකට පසු ප්‍රථම වතාවට, ජාතික හදිසි අවස්ථාවක දී තීරණාත්මක ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාවට මූල්‍ය ධාරිතාව සහ විශ්වසනීයත්වය තිබුණි. හදිසි විපතක් වූ විට අන් අය ඉදිරියේ අත පෑමට රජයට සිදු නොවීය. ඒ වෙනුවට, විනිවිදභාවය, වේගය සහ ගැඹුරු වගකීම පෙරදැරිව ක්‍රියාත්මක වූ රටේ ඉතිහාසයේ ‘විශාලතම ආපදා සහන පැකේජය’ වහාම ජනතාව වෙත ලබා දීමට රජයට හැකි විය.
ආර්ථිකය නොසෙල්වා රට ගොඩනැඟීම
පොදු යටිතල පහසුකම් යළි ගොඩනැඟීම ද ආරම්භ වූයේ ඒ හා සමාන හදිසිභාවයකිනි. මාර්ග, පාලම්, විදුලි රැහැන්, වාරි පද්ධති, රෝහල් සහ පාසල් අලුත්වැඩියාව වෙනුවෙන් රුපියල් බිලියන ගණනක මුදල් වහාම වෙන් කෙරිණි. එහෙත් මෙම ක්‍රියාන්විතයේ සැබෑ වෙනස වූයේ එහි යෝධ පරිමාණය පමණක් නොව, එය ක්‍රියාත්මක වූ විධිමත් ආකාරයයි. එනම්, අඛණ්ඩව සිදුවෙමින් පැවැති ආර්ථික ප්‍රකෘතියට කිසිදු බාධාවක් හෝ අස්ථාවරත්වයක් ඇති නොවන පරිදි, මෙතරම් දැවැන්ත ස්වාභාවික විපතකට මුහුණ දීමට ශ්‍රී ලංකාවට හැකි වීමයි. මෙය කළ හැකි වූයේ එකම එක හේතුවක් නිසාය. එනම්, කුණාටුව පැමිණීමට පෙරම රට ‘මූල්‍ය විනය’ නමැති නිවැරැදි මාවත තෝරාගෙන තිබීමයි.
ලෝකයේ විශ්වාසය යළි දිනා ගැනීම
මෙම නව මූල්‍ය ස්ථාවරත්වයේ වඩාත්ම විස්මිත ප්‍රතිඵලය වූයේ ජාත්‍යන්තර ප්‍රජාව දැක්වූ ප්‍රතිචාරයයි. වසර ගණනාවකට පසු පළමු වතාවට, ගෝලීය හවුල්කරුවන් අප දෙස බැලුවේ ‘පැකිලීමකින්’ නොව, ‘විශාල විශ්වාසයකිනි’. එදා අප දෙස සැකයෙන් හා පරිස්සමෙන් බැලූ රටවල් පවා, අද ඉතා ත්‍යාගශීලීව අපට උදව් කිරීමට ඉදිරියට පැමිණ ඇත. රජයේ විනය ගරුක ආර්ථික කළමනාකරණය සහ සහන බෙදාදීමේ විනිවිදභාවය නිසා රටේ විශ්වසනීයත්වය යළි ගොඩ නැඟුණු බව ජාත්‍යන්තර සංවර්ධන ආයතන ප්‍රසිද්ධියේම පිළිගත්තේය. තමා විසින්ම ප්‍රතිසංස්කරණය වීමට වෙහෙසෙන රටක් ලෝකය දුටුවේය. එවැනි රටක් ‘සහාය ලැබීමට අනිවාර්යයෙන්ම සුදුසු’ බව ඔවුහු වටහා ගත්හ.
ලෝකයා අප දෙස බලන ආකාරය වෙනස් වී ඇති බවට හොඳම සාක්ෂිය ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙනි ( IMF). හදිසි ආපදා තත්වය හමුවේ ශ්‍රී ලංකාව කළ අතිරේක ඩොලර් මිලියන 200ක මූල්‍ය ඉල්ලීමට අරමුදල ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් සිටීමෙනි.
යළි ගොඩනැගීමේ ශ්‍රී ලංකා අරමුදල: රාජ්‍ය-පෞද්ගලික එක්වීමේ නව ආදර්ශය
මෙම විශ්වාසය ගොඩනැඟීමේ කේන්ද්‍රීය පදනම වූයේ ‘යළි ගොඩනැගීමේ ශ්‍රී ලංකා අරමුදල’ පිහිටුවීමයි. මෙය හුදෙක් මුදල් එකතු කරන තවත් බැංකු ගිණුමක් නොවේ. එය පරිත්‍යාග සම්බන්ධීකරණයට සහ සම්පත් භාවිතයේ උපරිම විනිවිදභාවය සහතික කිරීමට නිර්මාණය කළ නූතන ‘රාජ්‍ය-පෞද්ගලික වේදිකාවකි’.
ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන මෙම අරමුදල, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් පමණක් නොව, ගෞරවනීය පෞද්ගලික අංශයේ නායකයන් සහ සංවර්ධන හවුල්කරුවන් ද එකම මේසයකට ගෙන ආවේය. අවශ්‍යතා සොයා බැලීමේ සිට ව්‍යාපෘති අනුමත කිරීම සහ නිරන්තර විගණන හරහා මුදල් භාවිතයේ වගවීම සහතික කිරීම දක්වා පුළුල් බලතල ඔවුන් සතුය.
දුරදක්නා, අධිෂ්ඨානශීලී සහ සංවේදී නායකත්වය
‘දිට්වා’ සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ සුවිශේෂම ශක්තිය වූයේ ජනාධිපතිවරයාගේ දුරදක්නා, අධිෂ්ඨානශීලී සහ ජනතාවට සංවේදී නායකත්වයයි. පෙර නොවූ විරූ විනාශයකින් රට කම්පා වී සිටි මොහොතක, ජනාධිපතිවරයා ඉදිරියට ආවේ හුදෙක් රාජ්‍ය නායකයකු ලෙස පමණක් නොවේ. ජනතාවගේ දුක් වේදනා තමන්ගේ කරගත්, ජනතාව අතරට ගිය සැබෑ නායකයකු ලෙසිනි. ඔහුගේ පාලන විලාසය තුළ දැඩි අධිෂ්ඨානයක් මෙන්ම ගැඹුරු සංවේදී බවක් ද ගැබ් වී තිබුණි. ඔහු විනාශ වූ ප්‍රදේශවලටම ගියේය. අවතැන් වූවන්ගේ දුක ඇසුවේය. බිම් මට්ටමේ නිලධාරීන් හමු වී දිවා රාත්‍රී නොබලා සාකච්ඡා කළේය. මුළු රාජ්‍ය යන්ත්‍රයම වේගවත් හා ක්‍රමවත් ක්‍රියාමාර්ගයකට යොමු කළේය.
ජනාධිපතිවරයාගේ මෙම ප්‍රායෝගික ක්‍රියාමාර්ගය ජාත්‍යන්තර ආයතනවල ඉහළම ඇගැයීමට ලක් විය. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ජ්‍යෙෂ්ඨ නිලධාරීහු, ශ්‍රී ලංකා රජය මෙම ව්‍යසනය හමුවේ දැක්වූ කාර්යක්ෂමතාව, මනා සම්බන්ධීකරණය සහ දයානුකම්පාව ප්‍රසිද්ධියේම අගය කළහ.
එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් පෙන්වා දුන් පරිදි, ශ්‍රී ලංකාව පෙන්නුම් කළේ ‘‘අර්බුදයකදී ජාතික නායකත්වයක් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ආදර්ශයකි.” ඔවුන් විශේෂයෙන් අගය කළ කරුණු කිහිපයකි.
සහන සහ මුදා ගැනීමේ මෙහෙයුම් වේගයෙන් ක්‍රියාත්මක කිරීම,
ජාත්‍යන්තර ආයතන සමග ඉතා පැහැදිලි සන්නිවේදනයක් පවත්වා ගැනීම,
විපතට පත් ප්‍රදේශවලට මානුෂීය ආධාර ගෙන යෑමට අවශ්‍ය පහසුකම් වහාම සලසා දීම.
ජනතාව කේන්ද්‍ර කරගත් මෙම කඩිනම් ක්‍රියාමාර්ගය නිසා ‘‘දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට රජයට හැකි වූ බවට සැකයක් නැති බව” ඔවුහු අවධාරණය කළහ.
ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් පරිපාලන නිලධාරීන් සහ ජාත්‍යන්තර හවුල්කරුවන් අතර තිබූ අතිවිශිෂ්ට සහයෝගීතාව ද එක්සත් ජාතීන්ගේ විශේෂ ඇගයීමට ලක් විය. මෙය හුදෙක් මෙහෙයුම් සාර්ථකත්වයක් පමණක් නොව, අපේ රටේ එක්සත්කමේ ප්‍රතිබිම්බයකි. රජය කෙරෙහි ඔවුන් තැබූ ඉහළ විශ්වාසය කොතරම්ද යත්, ලෝක ආහාර වැඩසටහන (WFP), UNICEF සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වහාම රජය සමග එක්ව වැඩ කිරීමට ඉදිරිපත් විය. මෙම ජාත්‍යන්තර පිළිගැනීම ලෝකයට දුන් පණිවිඩය ඉතා බලගතුය. ශ්‍රී ලංකාවට දැන් ජාතික විශ්වාසය පමණක් නොව, ජාත්‍යන්තර ගෞරවය ද දිනාගත් නායකත්වයක් ඇත යන්නය.
සමගියේ මහා බලය: එක්ව නැගී සිටින ශ්‍රී ලාංකිකයෝ
රජය සහ ජාත්‍යන්තර හවුල්කරුවන් සම්පත් එක්කරද්දී, ශ්‍රී ලංකාවේ සුවපත් වීමේ ක්‍රියාවලියේ සැබෑ හදගැස්ම වූවෝ සාමාන්‍ය පුරවැසියෝය. මුළු රට පුරාම ජනතාව පෙන්නුම් කළේ අතිවිශිෂ්ට සහෝදරත්වයකි:
තමන්ගේ නිවෙස්වලට සහ දරු පවුල්වලට පවා අනතුරක් වී ඇති මොහොතක, ඒ ගැන නොසිතා තමන්ගේ ජීවිත පවා පරදුවට තබමින් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය පැය 24 පුරාම නොනිදා සේවය කළේය.
ඉහළ පුටුවේ සිටින නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා සියලු රාජ්‍ය නිලධාරීහු, තමන්ගේ සුපුරුදු ‘පැය 8 රාජකාරිය’ ගැන නොසිතා දැඩි කැපවීමෙන් වැඩ කළහ.
දුප්පත්ම මිනිසාගේ සිට ධනවත්ම පුද්ගලයා දක්වා සියලු දෙනා එකාවන්ව, ගංවතුරට කොටුවී සිටි පවුල් බේරා ගැනීමට විවිධ අයුරින් ඉදිරිපත් වූහ.
තරුණ තරුණියෝ සහ විශ්වවිද්‍යාල සිසුහු මඩෙන් යටවූ නිවාස පිරිසුදු කිරීමට සහ සුන්බුන් ඉවත් කිරීමට ස්වේච්ඡාවෙන් පෙරමුණ ගත්හ.
ව්‍යාපාරිකයෝ යන්ත්‍රෝපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරමින් සහන සේවාවට ශක්තියක් වූහ.
වෛද්‍ය සහ ඉංජිනේරු වැනි වෘත්තිකයෝ ආපදා කලාපවලටම ගොස් තම විශේෂඥ දැනුම සහ සේවය ලබා දුන්හ.
මාධ්‍ය ආයතන ජනතාවගේ මානසික ශක්තිය (Moral) නොවැටී පවත්වා ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය.
බොහෝ කණ්ඩායම් ස්වෙච්ඡාවෙන් ප්‍රජා මුළුතැන්ගෙවල් Community Kitchens) සහ තාවකාලික නවාතැන් පහසුකම් සංවිධානය කළහ.
අනාගත පරපුර වෙනුවෙන් ශක්තිමත් දේශයක්
‘දිට්වා’ සුළි කුණාටුව අපට මහත් ඛේදවාචකයක් ගෙන ආ බව සැබෑය. එහෙත්, ඊට ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයෙන් අපේ රටේ සැඟව තිබූ මහා බලයක් ලොවට අනාවරණය විය. එනම් විනය ගරුක පාලනයක්, දයානුකම්පිත නායකත්වයක් සහ එක්සත් ජන බලයක් සහිත රටක් අප සතුව ඇති බවයි.
(***)
රුහුණු විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය - චන්දික ගුණසිංහ
2025 දෙසැම්බර් මස 04
411
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආපදාවෙන් ගොඩඒමේ මෙහෙයුම