නිරවිකරණය යනු ශිෂ්ට සමාජයක නිසලතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයකි. සරලව කිවහොත් මානව වර්ගයාට එරෙහිව භාවිත වන නීතිවිරෝධී අවි භාවිතයට එරෙහිව ක‍්‍රියාකිරීම මෙමගින් අදහස් වේ. රට පුරා පැතිර යන ම්ලෙච්ඡ ප‍්‍රහාර සමඟ මේ තේමාව අද කවදාටත් වඩා වැදගත් වී ඇත. 

සමාජයේ සාමය ඉහළින්ම සුරක්ෂා වී ඇති බවට පළමු පෙළේ ශ්‍රේණිගත වී ඇති රටවල නිරවිකරණ ප‍්‍රතිපත්තියට ලැබී තිබෙන්නේ ප‍්‍රමුඛතාවයකි. ඊට හේතු වී ඇත්තේ ඒ රටවල ආණ්ඩු ඇතැම් අවි භාවිතයෙන් ඉවත්වීමත් බිම් බෝම්බ, පොකුරු බෝම්බ, රසායනික අවි ගැන ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රඥප්තිවලට උනන්දුවෙන් කටයුතු කිරීමත්ය. විශේෂයෙන්ම අනවසර ගිනි අවි භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට එම රටවල් කටයුතු කර තිබේ. එවැනි රටවල ගිනි අවිවලට ආණ්ඩුවෙන් බලපතක් ගැනීම ඉතාම දුෂ්කරය. 

මානුෂීය ආරක්ෂාව දැඩිවීමේ ප‍්‍රතිඵලය වන්නේ ජාතික ආරක්ෂාව තහවුරු වීමය. මෙය ශ්‍රී ලංකාවට අලුත් මාතෘකාවකි. යුද්ධය නිමා වුවද නිරවිකරණය යන යෙදුම ගැන නිසි විවරණයක් සිදුවුණේ නැත. බිම් බෝම්බ තහනම් කිරීමේ ප‍්‍රඥප්තිය (ඔටාවා ප‍්‍රඥප්තිය), පොකුරු අවි පිළිබඳ ප‍්‍රඥප්තිය (ඔස්ලෝ ප‍්‍රඥප්තිය) සමඟ නිරවිකරණය ගැන මාතෘකාව යළි කරලියට පැමිණියේය. 

එහි ඉතා තීව‍්‍ර සාකච්ඡාව වූයේ න්‍යෂ්ටික අවිය. දෙවැනි ලෝක යුද්ධයේදී භාවිත කළ අවිවලින් බිහිසුණුම ප‍්‍රතිඵල කැන්දුවේ න්‍යෂ්ටික අවිය. ඒ ගැන ලෝකයේ ඇස් විවර කළේ ජපානයට එල්ල වූ න්‍යෂ්ටික අවි ප‍්‍රහාරයයි. ශ්‍රී ලංකාව න්‍යෂ්ටික අවි භාවිතයට එරෙහිව දියුණු මැදිහත්වීමක් කළේය. ශ්‍රී ලංකාවේ අවි සංස්කෘතිය ගැන විශාල සාකච්ඡුාවක් ආරම්භ වූයේ තිස් වසරක් තිස්සේ පැවැති යුද්ධය සමඟය. රජයේ නොවන මිලිටරි සංවිධාන භාවිත කළ අවි සමාජයට ගෙනාවේ විශාල භීතියකි. විශේෂයෙන්ම ස්වයංක‍්‍රීය ගිනි අවි භාවිතය ඉහළ යෑම එහිදී හොඳින් පෙනුණි. 1971 හා 1988/89 වශයෙන් දකුණේ කැරැුලි හටගත්ත ද ඒ ආකාරයෙන් ස්වයංක‍්‍රීය ගිනි අවි භාවිතයක් සිදුවුණේ නැත. 

සුළු අවි සහ සැහැල්ලූ ආයුධ නීතිවිරෝධී ලෙස වෙළෙඳාම් කිරීම වැලැක්වීම හා තුරන් කිරීම සඳහා වන එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාත්මක සැලසුම (UNPOA)  සමඟ මෙරට ආණ්ඩු ද කටයුතු කළේය. එයට අප කෙතරම් තද උනන්දුවක් දැක්වීද යත් 2006 වසරේදී ඇමෙරිකාවේ නිව්යෝක්හිදී එහි පළමු සමාලෝචන රැුස්වීම පැවැත් වූ අවස්ථාවේ එහි සභාපතිත්වය පැවරුණේ ශ්‍රී ලංකාවටය. 

2003 සිට 2008 වසර දක්වා නීතිවිරෝධී සුළු අවි ව්‍යාප්තියට එරෙහි ජාතික කොමිසම (NCAPISA)  ක‍්‍රියාවට නැගුණේ ද ඒ අනුවය. ඉන්පසුව මෙරට සංසරණය වූ අනවසර ගිනි අවි 30,000 කට අධික සංඛ්‍යාවක් කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී විනාශ කෙරිණි. අවි සංස්කෘතියට එරෙහිව බිම් මට්ටමේදී කටයුතු කිරීමට ග‍්‍රාමීය කමිටු ද පිහිටුවිණි. භික්ෂූන් වහන්සේලා, ග‍්‍රාම නිලධාරිහු, විදුහල්පතිවරු ඇතුළු ප‍්‍රාදේශීය ප‍්‍රභූහු එය නියෝජනය කළහ. 

එය විසල් යාන්ත‍්‍රණයකි. විදේශ කටයුතු අමාත්‍යංශය, රේගුව, අධ්‍යාපන අමාත්‍යංශය හා ජනමාධ්‍යවේදීන් ඇතුලූ පාර්ශ්ව රැසක සම්බන්ධීකරණයක් එයට තිබුණේය. මේ නිසා තමන්ගේ ගම් ප‍්‍රදේශයේ ආරක්ෂාව ගැන ප‍්‍රදේශවාසීන්ටම විශ්වාසයක් මෙන්ම වගකීමක් ද නිර්මාණය වුණේය. ඒ යුද කාලයේය. සැබැවින්ම මෙය දියුණු ලෝකයේ රටවලදී පුරවැසියන් අත්දකින තත්ත්වයකි. එම රටවල සමාජ පර්යාය උදෙසා මෙවැනි සාම කමිටු පිහිටුවීම සාමාන්‍ය දෙයකි. සතියකට මසකට වරක් ඒවා රැුස් වේ. ශ්‍රී ලංකාවේ දී අවාසනාවකට මේ යාන්ත‍්‍රණය දැන් බිඳ වැටී ඇත. දිගන, අම්පාර, ගිංතොට ආදී ප‍්‍රදේශවලදී හටගත් වාර්ගික ගැටුම් උත්සන්නවීමට මේ බිඳවැටීම් මූලික හේතුවක් වූ බව පොලිස් පරීක්ෂණවලදී ද හෙළි විය. 

සමාජවිරෝධී ලෙස අවි ආයුධ සංස්කෘතිය නරක තැනකට යන්නට තවත් ප‍්‍රධාන හේතුවක් නම් නීති පද්ධතිය නිසියාකාරව යාවත්කාලීන නොවීමය. නව ලෝක තත්ත්වයට ගැලපෙන පරිදි නීති යාවත්කාලීන වීම රටක සංවර්ධනයට අත්‍යවශ්‍යය. මෙම කාරණය ගැන කතා කිරීමේදී එසේ යාවත්කාලීන නොවූ ප‍්‍රධානතම අණ පනත් තුනක් ගැන කතා කිරීමට හැකිය. ගිනි අවි සම්බන්ධයෙන් මෙරට ක‍්‍රියාත්මක මූලික නීතියක් වන්නේ 1916 අංක 33 දරණ (සංශෝධිත) ගිනි අවි පනතයි. එය අවසන් වරට සංශෝධනයට ලක්වුණේ 1996 දී මීට වසර 23 කට පෙරය. ගිනි අවි භාවිතය නිසා සමාජයේ හටගෙන ඇති ප‍්‍රශ්න දෙස බැලීමේදී මෙම නීති අදට ප‍්‍රමාණවත් වන්නේ නැත. විශේෂයෙන්ම ගිනි අවි අත දැරිය හැක්කේ කාටද, ඒවායේ සීමා, පනත උල්ලංඝනය කරමින් නීතිවිරෝධී ගිනි අවි භාවිත කරන්නන්ට එරෙහි දඩුවම් ආදිය ඉතා ඉක්මනින් වෙනස් විය යුතුය. 

අනවසර ගිනි අවි භාවිත කරන්නෙකුට අඩුම තරමින් රුපියල් ලක්ෂ පහකවත් දඩයක් නියම කළ යුතුය. එහෙත් අද තිබෙන්නේ සොච්චම් දඩ මුදල්ය. එයින් වැරැුදිකරුට සිදුවන ආර්ථිකමය බලපෑමක් නැත. මේ නීති යාවත්කාලීන නොවීම ගැන අපි වරෙක මේ ආණ්ඩුවේ නීතිය හා සාමය විෂය බාරව සිටි ඇමැතිවරයකු මුණගැසී පෙන්වා දුන්නෙමු. එහෙත් ඔහු කතා කරන්නට ගත්තේ ගොවින්ට ප‍්‍රදානය කරන ආයුධ ගැනය. 

සැබැවින්ම වගා ආරක්ෂාව සඳහා ගොවි මහතුන්ට පතුරම් තුවක්කු සඳහා දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් බලපත් ගත හැකිය. අප කතා කළේ වෙනත් දෙයකි. මෙරට අභ්‍යන්තරයෙහි අනවසරයෙන් සංසරණය වන ස්වයංක‍්‍රීය ගිනි අවි යනු අතිශය භයංකාර මාතෘකාවකි. එම සාකච්ඡුාවේදී අපට පෙනී ගිය ප‍්‍රධාන කරුණ වූයේ අනවසර ගිනි අවි සම්බන්ධයෙන් මූලික දැනුමක්වත් අදාළ බලධාරින්ට නොමැති බවය. දිගින් දිගටම වාර්තා වන කොල්ලකෑම්, පැහැරගෙනයාම්, මනුෂ්‍ය ඝාතන ඇතුලූ බරපතල අපරාධ හා පාතාල ලෝකය ගැටගැසෙන එක් හුයක් නම් මේ අනවසර ගිනි අවිය. 

දෙවැනි නීතිය නම් 1956 අංක 21 දරන පුපුරන ද්‍රව්‍ය පනතයි. අවසන් වරට මේ පනත සංශෝධනය කර ඇත්තේ 2005 දීය. ඒ 2005 අංක 18 දරන පුපුරන ද්‍රව්‍ය සංශෝධන පනත හැටියටය. එහෙත් 2005 න් පසු මේ රටේ කොතරම් නම් පුපුරන ද්‍රව්‍ය සමාජයට එරෙහිව යොදාගත්තේ ද? 

යුද්ධය අවසන් වුණේ 2009 දීය. එහෙත් ඉන් දස වසක් යද්දී පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා සිදු වූ පිපිරීම් මාලාව මගින් අපට සන් කරන්නේ කුමක් ද? පාස්කු ඉරිදා ප‍්‍රහාරකයන් විසින් භාවිත කරනු ලැබ තිබුණේ මෙතෙක් කලක් එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිත කළ ටී.එන්.ටී හෝ සී4 පුපුරණ ද්‍රව්‍ය නොවීමෙන්ම කියැවුණේ ඊට අප යොමුකළ යුතු අවධානයේ තරමයි. මෙවැනි අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පාතාල හා ත‍්‍රස්ත කණ්ඩායම් අතට පත්වීම සමාජයක් සසල කරන පුවතකි. පුපුරණ ද්‍රව්‍ය පහසුවෙන් ලබාගත හැකි මූලාශ‍්‍ර තිබීමෙන් පෙනෙන්නේම අපේ රටේ පවත්නා නීති පද්ධතියේ අඩු ලූහුඩුතාය. 

නීතිවිරෝධී පුපුරණ ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන හසු වූ අයකුට අදටත් දඩ මුදල රුපියල් 10,000 කි. විශාල සමාජ අපරාධයකට තැත් දරන පුද්ගල කණ්ඩායමකට ත‍්‍රස්ත කල්ලියකට රුපියල් දස දහසක් යනු කවර අගයක් ද? එහෙත් මෙවැනි අපරාධ ක‍්‍රියාවකදී ඊට එරෙහිව පැවරෙන නඩු කටයුත්තකට රජයකට දරන්නට සිදුවන වියදම අධිකය. එනිසා අපරාධ මර්දනයේදී රටක් හැටියට අපට මුහුණදෙන්නට සිදුව ඇති ප‍්‍රායෝගික ගැටලූ රැුසක් ඇති බව පැහැදිලිය. 

තෙවැනි නීතිය නම් 1948 අංක 20 දරන ආගමන විගමන පනතයි. අවසන් වරට මෙම පනත 2015 දී සංශෝධනය කර ඇතත් එය ප‍්‍රමාණවත් නැත. මෙරටට පැමිණෙන විදෙස් පුරවැසියන්ගේ ගමන් අරමුණු, අනන්‍යතා ආදිය සම්බන්ධයෙන් මූලිකවම මැදිහත් වන ආයතනය නම් ආගමන විගමන දෙපාර්තමේන්තුවයි. 

රටක ජාතික ආරක්ෂාවට ඔවුන්ගෙන් තර්ජනයක් එල්ල නොවන තත්ත්වයක පවත්වාගැනීමට නම් ආගමන විගමන නිලධාරින්ට ඉතා දියුණු නිරීක්ෂණ යාන්ත‍්‍රණයක් පවත්වාගෙන යාමට සිදුවේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරයේදීත් ඉන් පසුවත් වාර්තා වන සිදුවීම්වලට විදේශිකයන්ගේ සම්බන්ධතා හා ජාත්‍යන්තර සංවිධානවල මැදිහත්වීමෙන් එය පැහැදිලිය. ලංකාවට සංචාරක වීසාවලින් පැමිණෙන ඇතැම් පුද්ගලයෝ විවිධ රැුකියාවල නිරත වෙති. විවිධ සමාජ කටයුතුවලට මුවා වී වෙනත් යටි අරමුණු සඳහා ක‍්‍රියාකාරී වෙති. මෙවැනි පුද්ගලයන් ගැන සොයාබැලීම ජාතික ආරක්ෂාවේදී ප‍්‍රමුඛ කරුණකි. 

විශේෂයෙන්ම දියුණු ලෝකයේ රටවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව සැලකෙන්නේ එරට ආරක්ෂක අංශ හා සමානවමය. එනිසා එම දෙපාර්තමේන්තුවට අවශ්‍ය භෞතික හා මානව සම්පත් සියල්ල උපරිමයෙන් ලබාදීමට එම රටවල ආණ්ඩු කටයුතු කරයි. එහෙත් අපේ රටේදී අත්දකින්නට තිබෙන්නේ ඊට වෙනස් තත්ත්වයකි. ලංකාවේ ආගමන විගමන නිලධාරින්ට ලැබී ඇති තාක්ෂණික සහාය මෙන්ම පහසුකම් ද තිබෙන්නේ පහළ මට්ටමකය. මේ නිසා සීමා රැුසක් මැද සිය රාජකාරිය කරන්නට ඔවුනට සිදුව ඇත. ආගමන විගමන නිලධාරින්ටම මැදිහත් වී ඇදි ඇදී යන වෘත්තිය සමිති මැදිහත්මක් හැටියට අවශ්‍ය පහසුකම් ඉල්ලා අරගල කරන්නට සිදුවන තැනට එය කනගාටුදායක තත්ත්වයකි. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව මේ වනවිට පොලිසියත් ආරක්ෂක හමුදාත් ඒකාබද්ධව දියත් කරන සෝදිසි කිරීම් අතිශය වැදගත්ය. එහිදී අප දකින්නේ කුමක් ද? සී4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය ආදිය සමඟ ස්වයංක‍්‍රීය ගිනි අවිය. රටක ආරක්ෂක අංශ සතුව පමණක් තිබිය හැකි අවි මෙසේ බාහිර සමාජයට පත්වන්නේ කෙසේද යන්න අප බලධාරින්ගෙන් ඇසිය යුතු මූලික ප‍්‍රශ්නයකි. 2003 සිට 2008 වසර දක්වා කාලයේදී ක‍්‍රියාවට නැගුණු නීතිවිරෝධී සුළු අවි ව්‍යාප්තියට එරෙහි ජාතික කොමිසම (NCAPISA)    ගැන අපට අවධාරණය කරන්නට වෙන්නේ මෙතැනදීය. සුළු අවි හා සැහැල්ලූ ආයුධ ආශ‍්‍රිත ගැටලූ සඳහා සංවිධානාත්මක පිළිතුරක් ලෙස ස්ථාපිත කළ එම කොමිසම ආරක්ෂක අමාත්‍යංශය මගින් ක‍්‍රියාවට නැගුණු අතර ඊට මූලිකත්වය දෙනු ලැබුවේ එවකට එම අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඊට අදාළව පුළුල් සමීක්ෂණයක් කර 2008 මාර්තු 10 වැනිදා ප‍්‍රකාශයට පත්කෙරිණි. 

රජයේ පාලනය යටතේ ඇති ගිනි අවි සහ තොග කළමනාකරණය, නෛතික සිවිල් හිමිකාරිත්වය සහ බලපත් ක‍්‍රමය, නීතිවිරෝධී සුළු අවි ව්‍යාප්තිය, නීතිවිරෝධී සුළු අවි භාවිතය සහ එහි බලපෑම, නීතිය ක‍්‍රියාවට නැගීම සහ මහජන ආරක්ෂාව වශයෙන් පුළුල් පරාසයක කෙරුණු එවැනි සමීක්ෂණයක් දකුණු ආසියානු කලාපයෙන් එතෙක් කිසිදු රටක් කර තිබුණේ නැත. එහෙත් අවාසනාවකට එම ක‍්‍රියාවලිය අතරමග නතර විය. එය ස්ථිරසාරව ඉදිරියට ගියේ නම් අද රටේ තැනින් තැන හමුවන ගිනි අවි සහ ආයුධ බොහෝමයක් මීට පෙරම අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබුණි. 

ශ්‍රී ලංකාව යනු තිස් වසරක් තිස්සේ ත‍්‍රස්තවාදයෙන් බැට කෑ රටකි. එම කාලයේදී ආරක්ෂක අංශවලට බැඳුණු තරුණයන් හමුදා හැර යන තත්ත්වයක් තිබුණු බව ද අපට අමතක නැත. එසේ හමුදා හැර ආ පිරිස් අපරාධ සහායකයන් හෝ කෙලින්ම පාතාල ක‍්‍රියාවලට සම්බන්ධවීම කැපී පෙනුණු කරුණකි. 

පාතාල ලෝකයට අවශ්‍ය ගිනි අවි, ආයුද ආදිය සැපයෙන එක් මූලාශ‍්‍රයක් හැටියට ද මෙසේ හමුදාවෙන් පලා ආ පිරිස් කටයුතු කළහ. ඊට අමතරව එල්.ටී.ටී.ඊය වැනි ලොව නවීනතම අවි ආයුධ භාවිත කළ ත‍්‍රස්ත සංවිධානයක් මුළුමනින්ම පරාජයට පත් කළ ද ඔවුන්ගේ අවි ආයුධ ගබඩා මුළුමනින්ම රජයේ පාලනයට පත් වී යැයි අපට සිතිය නොහැකිය. එවිට ඒ ආයුධවලට සිදුවුණේ කුමක් ද? මේ සමාජයක් හැටියට අප අමතක කළ ප‍්‍රශ්නය. යුද්ධයක් අවසන් කළ පසු මෙවැනි දේ රටක කතා බහට ලක් විය යුතු තේමා වුව ද ඒවාට කිසිදු තැනක ප‍්‍රමුඛතාව ලැබුණේ නැත. සමාජ ව්‍යසනයකින් පසුව හෝ මෙවැනි කතා බහක් ඇතිවීම වටින්නේ නැවත විපතක් සිදුවීම වැලැක්වීමටය. එසේත් නැත්නම් ඊටත් වඩා දිගුකාලීන ස්ථිරසාර සාමයක් පවත්වාගැනීමටය. මේ සඳහා පළමුකොටම ග‍්‍රාමීය ජනතාව ද දෙවනුව ජනමාධ්‍ය ද තෙවනුව පොදු සමාජය ද අවැසිය. මේ තුන් පාර්ශ්වය නැතිව මේ සමාජ භීතිකාව මැඩලිය නොහැකිය. 

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සමඟ රටවල් රැසක්ම මෙරට සංචාරය සම්බන්ධයෙන් සිය පුරවැසියන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කළේය. මෙය සංචාරක කර්මාන්තයට බර තබා කටයුතු කරන රටකට හොඳ නැත. අනෙක් අතට ආර්ථිකයේ දියුණුවට අප වැඩි බරක් තබා අපේක්ෂා කරන අංශයක් වන්නේ විදේශ ආයෝජනයි. එහිදී විදේශ ආයෝජකයෝ ද ආවාට ගියාට ආයෝජන කරන්නේ නැත. ස්ථාවර දේශපාලන තත්ත්වයක්, නීතිය හා සාමය සුරක්ෂිත සමාජයක් ආයෝජකයන්ගේ නිර්ණායක අතර පෙරමුණේ වේ. එහෙත් දේශපාලන අස්ථාවරත්වයත් ඒ නිසාම හටගන්නා සමාජ පර්යායේ බිඳවැටීමත් අප මුහුණ දෙන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් බවට පත් වී ඇත. මේ නිසා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගෙන අප යෝජනා කරන පරිදි අනවසර ගිනි අවි සහ ආයුධ භාවිතයට එරෙහිව ශක්තිමත් වැඩපිළිවෙලක් දියත් කිරීමට රට කරවන්නන් ක‍්‍රියා කළ යුතුව තිබේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ඛේදවාචකයක් වුවද අපට අත්හැරුණු අතිශය වැදගත් තේමාවක් කරලියට ගෙනඑන්නට එයින් මාර්ගය විවර විය. දැන් අවැසි හුදු දේශපාලන සටන් පාඨ පසෙක තබා ඒ ගැන විවෘත මනසකින් යුතුව කරන පුළුල් සාකච්ඡාවකි.

 



නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක  විද්‍යා අභයගුණවර්ධන මහතා සමග කළ සංවාදයක් ඇසුරිනි

(සාකච්ඡා කළේ  - බිඟුන් මේනක ගමගේ)