3-(7)

ජීවත්වීම සඳහා මිනිස්සු විවිධ රැුකියා කරති. එහෙත් තමන් කරන කියන රැුකියාවෙන් තෘප්තිමත්ව සතුටින් ජීවත්වන්නන් අද ඉතා අල්ප ය. මෙවන් පසුබිමක පරම්පරාවෙන් තමන්ට උරුම වූ වෘත්තිය ගෞරවාන්විතව, සතුටින් කරගෙන යන තෙළිඟු ජාතිකයෝ පිරිසක් ගම්පහ අස්ගිරිය අත්තනගලූ ඔය අසබඩ සුන්දර මිටියාවතක දී අපට හමු විය.


ඉතා සරල ජීවිතයකට හුරුවී ”නයි” හා ”රිළවුන්” නටවමින් ද සාස්තර කියමින් සහ පොත් පත් විකුණමින් ඉතා තෘප්තිමත්ව ඔවුන් සිය ජීවන වෘත්තියේ යෙදෙන අයුරු නම් අපූරු ය. ගම්පහ අස්ගිරිය ගුවන් පාලම උඩ සිට බලන විට පාලම යටින් ගලා යන අත්තනගලූ ඔය සමීපයෙහි පිළිවෙලකට දිස්වන කූඩාරම් සමූහය ප‍්‍රදේශයට යම් සුන්දරත්වයක් එක් කර ඇත. එම සුන්දරත්වය නිසාම එහි සිදුවන දේ  බලා කියා ගැනීමට කාටත් ඇතිවන්නේ කුතුහලයකි. ශ‍්‍රී ලංකාවේ වෙසෙන දස දහසක් පමණ වූ තෙළිඟු ජනතාව බාධාවකින් තොරව සිය සාම්ප‍්‍රදායික ජීවන වෘත්තිය පවත්වාගෙන යනවා ද යන්න සොයා බැලීම අපේ අරමුණ විය.

 

SLD_20140803_F004


බැලූ බැල්මට ම කූඩාරම් සමූහය දුටු විට අපට හැඟී ගියේ එහි පවුල් 20 ක් පමණ ජීවත් වන බවයි. ගස්වල එල්ලන ලද දිගු සාරි පොටවල්වලින් කියා පෑවේ 15-(1)කුඩා දරුවන් ද එහි සිටින බවකි. දරුවන් නැළවීමට හැකි වන අයුරින් ඒවා සකස් කර තිබූ අයුරු අපූරු ය. ප‍්‍රමාණයෙන් කුඩා වුව ද බොහෝ කූඩාරමක් කොටස් තුනකින් යුතු විය. නිදාගැනීම සඳහා වෙන් වූ කොටසට අමතරව අල්ලාප සල්ලාපයේ යෙදී සිටීමට කොටසක් ද, උයා පිහා ගැනීමට කොටසක් ද එහි විය.


අවට ප‍්‍රදේශය ඉතා පිරිසුදු විය. සෑම කූඩාරමක් වටේටම කැපූ කුඩා දිය අගලකි. වැසි සහිත දිනවල වතුර බැසයාම සඳහා එම කුඩා කාණු පද්ධතිය සකස් කොට ඇත. කූඩාරම් කිහිපයකට එබී බැලූ නමුදු බැලූ බැල්මෙන්ම එහි කිසිවෙක් සිටින බවක් දැකගන්නට නොලැබිණි. එහෙත් ටික වෙලාවක් අප ඒ අසල ගැවසෙද්දී ඔවුන්ගේ රැුහේ නායකයා යැයි කිව හැකි පුද්ගලයකු අප ඉදිරියට පැමිණියේය.


ඔහුගේ නම එගටන්නා විය. ඔහුට අප පැමිණි කාරණය කී මුත් ඔහු අප සමග කතා බහක නියැළෙන්නට මුලින්ම අකමැත්තක් දක්වමින් පැවසුවේ තමන් තෙළිඟු ජාතිකයෝ බවත් පුවත්පත්වලට විස්තර සැපයීමට නම් අනුරපුර සිටින තමන්ගේ ආරච්චිලගෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතු බවත් ය.
ඉන්පසු අපි ඔහුගෙන් දුරකතන අංකය ඉල්ලාගෙන ආරච්චිලට කතා කෙරුවෙමු. මුලින්ම ඔහු කීවේ සමහර මාධ්‍ය මගින් තම පරපුර ඉතා පහත් තත්වයට ඇද දමා ලිපි පල කරන බැවින් තම සාමාජිකයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් පුවත්පත්වලට පෙනී සිටීමට අකමැති බවයි.

නමුත් දිගින් දිගටම අප විසින් කරන ලද ඉල්ලීම් හමුවේ කොන්දේසි කිහිපයක් මත ඔහු එයට එකඟ විය. ඉන්පසු තෙළිඟු බසින් අප සමග සිටි එගටන්නා හා යම් කතාබහක නිරත වීමෙන් පසු යම් තරමක් දුරට විස්තර දැනගැනීමට අපට අවස්ථාව උදා විය.

SLD_20140803_F003

එම කූඩාරම් සමූහයෙහි පවුල් 20ක පමණ සාමාජිකයෝ ජීවත් වූහ. පිරිමින්, කාන්තාවෝ මෙන්ම කුඩා දරුවෝ ද එහි වූහ. සෙනසුරාදා හා ඉරිදා ඔවුන්ගේ අතමිට සරු කරන දිනයි. එදින සෙනසුරාදා දිනයක් වූ බැවින් බොහෝ පිරිස් ඔවුන්ගේ ජීවන වෘත්තියන් සඳහා පිටත්ව ගොස් තිබුණි.

19-(1)මාසයක් පමණ එක් ස්ථානයක ජීවත් වෙමින් තම වෘත්තියන්හි නිරත වී මුදල් හදල් සොයාගන්නා මොවුහු ඊළඟ මාසයට වෙනත් ස්ථානයකට සංක‍්‍රමණය වෙති. සඳුදා දිනය ඔවුන්ගේ විවේක දිනයයි.  එදිනට සතුන් අල්ලා ගැනීම සඳහා දුර බැහැර පෙදෙස්වලට යාම ද සිදු වේ. සම්ප‍්‍රදායික සිය ජීවන වෘත්තිය කැරගෙන යෑමට රාජ්‍ය නිලධාරින්ගෙන් ඔවුනට දැන් පෙර මෙන් බාධා නැති බව දැනගන්නට ඇත. නයි හා රිළවුන් නටවා ජීවත් වුව ද සත්ව හිංසාව යටතේ ඔවුනට නීතිමය පියවර නොගනී. රටේ පැවැත්ම උදෙසා ඔවුන්ට ඔවුන්ගේ වෘත්තිය නිදහසේ කරගෙන යාමට රජය මේ වන විට අවසර දී ඇතැයි පැවසුවේ තෙළිඟු ජාතිකයෙකි.

තරමක් තරුණ පෙනුමක් ඉසිලූ එගටන්නා තඹුත්තේගම කුඩා ගම විදුහලෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ අයෙකි. ඔහුගේ වෘත්තිය නයින් හා රිළවුන් නැටවීමයි. ඔහු සතුව  විශාල පෙනයක් සහිත පෘෂ්ඨිමත් නයෙක් සිටී. තරමක් දරුණු පෙනුමක්  ඉසිලූව ද නාගයා එගටන්නාට හීලෑ ය. ඔහු අප සමග කතාව ආරම්භ කළේ ද හොඳ සිනහවක් පාමිනි.

”සාමාන්‍යයෙන් නයි නටවලා එහෙම දවසකට මෙච්චරක් හොයනවා කියා කියන්න අමාරුයි. වැඩ තියෙන දවස් වගේම නැති දවසුත් තියෙනවා. රුපියල් 750ක් 800ක් වගේම රුපියල් 1000ක් 1500ක් හොයා ගන්න පුළුවන් දවසුත් තියෙනවා. වැඩියෙන් මහන්සි වුණොත් හොඳ ගාණක් හොයන්න පුළුවන්. ඒ සඳහා කිලෝමීටර් 20ක් 25ක් ඇවිදින්න  ඕනෑ. දවසක් මට සල්ලි  ඕනෑ වෙලා මම ගොඩක් මහන්සිවෙලා රුපියල් 6000ක් හෙව්වා නයින් නටවලා එක දවසක්. ඒක තමයි මා දවසකට උපයපු වැඩිම ආදායම.

දවසක් මම පාරේ යනකොට එක ගෙදරකින් කතා කළා නයි නටවන්න. එතන කාන්තාවන් සහ ළමයින් කිහිප දෙනෙක් හිටියා. මම ඉතින් නයාව නටවන්න හිතාගෙන නයාව එළියට ගත්තා. එදා හිටියේ ගොඩක් ලොකු නයෙක්. ඌ ගොඩක් දරුණු පාටයි. ඌ එළියට ආවා විතරයි එතන හිටිය ගැහැනු ටික දුවන්න ගත්තා ගාල කඩාගෙන. සමහරු දොරවල් වහගත්තා. පස්සේ බොහොම අමාරුවෙන් ආයෙත් කට්ටිය එකතු කරගෙන මගේ රස්සාව කරගත්තා. එහෙම බය වුණු අවස්ථා රැුසක් තියෙනවා.

 

SLD_20140803_F005


තවත් දවසක් මං තව ගෙදරකට ගිහින් නයාව නටවලා ඉවරවෙලා පෙට්ටියේ දාගත්තා. මා දන්නේ නැහැ කොහොම හරි නයා පෙට්ටියෙන් එළියට ඇවිත්. ටික වෙලාවකින් මා යන්න පිටත් වුණාම මට තේරුණා නයා එළියට පැනලා කියලා. ඒ පාර ඔන්න සේරම එතන හිටිය අය කලබල වෙලා දුවන්න ගත්තා. පස්සේ හැම තැනම හොයල හොයලා බැලූවම මෙන්න නයා ගල් ගොඩක් අස්සට රිංගලා. සමහර වෙලාවට අප ළඟ ඉන්න නයි පැන යන වෙලාවල් තියෙනවා. තවත් සමහරු බාර ඔප්පු කරන්න නයින් නිදහස් කරන්න කියා නයින්  ඉල්ලනවා. මේවා පරම්පරාවෙන් ආපු රැුකියාවල් නිසා එහෙම අවස්ථාවල නයා දීලා දාලා වෙනත් නයෙක් හොයා ගන්නවා.DSCF7150

දවසක් අපි නයෙක් අල්ලගන්න පොල්ගහවෙල පැත්තේ ගියා. සාමාන්‍යයෙන් නයි වැඩිපුර ගැවසෙන්නේ වෙල් පැත්තේ.  නයා අල්ලන්න අප දෙන්නෙක් ගියා. වෙලේ නියරේ නයෙක් ඉන්නවා දැක්කා. මං වළිිගෙන් අල්ලා ගත්තා. මා සමග සිටි අනෙකා උගේ ඔළුවට ලීයක් තද කරලා බෙල්ලෙන් අල්ලගන්න ගියා විතරයි නයාගේ ඇඟ උඩට එයාව වැටුණා. හොඳ වෙලාවට දෂ්ට කළේ නෑ. ඌ ගියා. නයි අල්ලන්න ගියාම නයා ගහන අවස්ථාත් තියෙනවා. එහෙම වෙන්නේ කලාතුරකින්.

බාරයක් ඔප්පු කරන්න වුණාම නයෙක් දීලා අපි රුපියල් 3000 ක් විතර ගන්නවා. සුදු නයකුට ගන්නේ රුපියල් 6000 ක් වගේ. අපි මුදල් ලබා ගන්නා අරමුණින් නයි අල්ලන්නේ නැහැ. අපේ වෘත්තිය සඳහා පමණයි නයි අල්ලන්නේ.නයාට දත් හතරක් තියෙනවා. අපි අල්ලගත්ත නයාව පෙට්ටියට දාලා කූඩාරමට ගෙනත් උගේ උඩ දත් දෙක ගලවනවා. නයාගේ විෂ තියෙන්නේ උඩු ඇන්දේ තියෙන දත් දෙකේ.

සමහර මාධ්‍යවල අප ගැන වැරදි දේවල් ප‍්‍රචාරය වෙනවා. මේක අපේ සම්ප‍්‍රදායික රස්සාව. අපි හොරකම් කරන්නේ නැහැ. වැරදි දේවල් කරලා මුදල් හොයන්නේ නැහැ. අපේ කාන්තාවන් පවා එහෙමයි. ඔවුන් නොමග යන්නේ නැහැ. අප හැමෝම ගෞරවයකින් තමයි මේ රස්සාව කරන්නේ. නමුත් සමහර මාධ්‍ය මගින් අපි හොරකම් කරනවා කියා ප‍්‍රචාරය වූ අවස්ථා තියෙනවා. කුඩාගම තෙළිඟු ජනතාව එහෙම කරන්නේ නැහැ.

අපි වැදගත් විදිහට ජීවත් වෙනවා. අපේ දරුවන් තඹුත්තේගම හොඳට ඉගෙන ගන්නවා. අද අපේ දරුවන් අපේ මේ පාරම්පරික රැුකියාව කරනවට කැමති නැහැ. අද මම මේ ඇවිත් ඉන්නේ දරුවන්ට හොරෙන්. අපේ පැතුමත් ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී හොඳ රැුකියාවක් කිරීමට අනාගතය සකස් කර දීමයි.”

තෙළිඟු ජාතිකයන්ගේ බිරින්දෑවරුන් අත බලා සාස්තර කීමෙන් මුදල් හරි හම්බ කිරීමට හුරුවී ඇත. ”අපේ කට්ටිය පන්ති යන ළමයින්ට සාත්තර කියන්නේ නෑ. පේ‍්‍රම සම්බන්ධතාවක් හරි වෙනත් දෙයක් ගැන හරි අප කියන දෙයක් නිසා තරුණ ළමයින් අධ්‍යාපනය කඩා කප්පල් කරගන්න කල්පනා කර කර ඉන්න පුළුවන්. ඒ නිසා තමයි අපි ඔවුන්ට සාත්තර කියන්නේ නැත්තේ.” යැයි කීවේ එහි සිටි තෙළිඟු ජාතිකයෙකි.12-(3)

ඉන්පසු අපි තෙළිඟු ජාතිකයකුගේ බිරියක සමග කතාවට වැටුනෙමු. එම්. නදීකා 21 හැවිරිදි තරුණියකි. තරමක ලැජ්ජාශීලී තරුණියක වූ ඇය සෙස්සන් ඉදිරිපිට කිසිවක් කීමට නොහැකිව මැළි වූවාය. පසුව අපි ඇයව පසෙකට කැඳවා ගෙන ගියෙමු. ඇය සාස්තර කියන අතර පොත් පත් විකිණීම ද කරන්නීය. සාස්තරයක් කීම සඳහා ඇය රුපියල් 250ක මුදලක් අය කරයි.

”මම අල්ලේ රේඛා බලලා සාස්තර කියනවා. මම සාස්තර කියන්න ඉගෙන ගත්තේ අම්මගෙන්. දවසට පස් හය දෙනකුට සාස්තර කියනවා.  අපි බලෙන් සාස්තර කියන්න යන්නේ නැහැ. අපි පාරේ යන විට සාස්තර අහගන්න අවශ්‍යතාව තියෙන අය අප කැඳවනවා.

සාමාන්‍යයෙන් පස් හය දෙනකුට සාස්තර කියන්න ලැබුණම මට එදා දවසට හොඳටම ඇති. ලැබෙන ආදායම ගැන මා හොඳටම තෘප්තිමත් වෙනවා. සමහර අය හොඳට සාස්තරය හිතට වැදෙන්න කීවොත් තවත් දිගටම අහනවා. හොයාගෙන එන අය ගොඩක් ඉන්නවා.

අපි තරුණ අයට සාස්තර කියන්නේ නැහැ. ඔවුන්ගේ සිත් අවුල් වෙනවා. කොච්චර මුදල් නැති බැරි වුණත් අප එවැනි දේ කරන්නේ නැහැ.”
ඔවුන් පවසන්නේ ඔවුන්ගේ රැුකියා පහත් කොට සලකා වැරදි ප‍්‍රචාරයන් නොකරන ලෙසයි.


1