වරක් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා සිටින රාජ්‍ය උත්සවයක ප‍්‍රවීණ ගායක එඞ්වඞ් ජයකොඩි ඔහුගේ ජනපි‍්‍රය ගීතයක් ගායනා කළා අපට මතකය. ‘‘අකුරු මැකී නෑ කොළ ගැල වී නෑ බොඳ වී නෑ සිතුවම් ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්’’ මේ එම ගීතයේ පදවැලින් කොටසකි. ජේ. ආර්. මෙම උත්සව සභාව ඇමතීමට නියමිතව සිටියේ එඞ්වඞ් ජයකොඩිගේ ගායනයෙන් පසුවය. එඞ්වඞ්ගේ ගීතයේ අරුත හා ඔහුගේ ළයාන්විත හඬ ජේ.ආර්. වුවද පී‍්‍රති ප‍්‍රමෝදයට පත් කළා විය හැකිය. නොඑසේ නම් ඔහු අතීතයට ගියා දැයි කියන්න දන්නේ නැත. ඔහු තම කතාවේදී එඞ්වඞ් ගැයූ ගීතය නැවත සිහිපත් කළේය. ”එඞ්වඞ් ජයකොඩි මහත්තයා ගීතයක් ගායනා කළා. ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම් කියල එතුමා කිව්වා. ඔව් අපටත් මතකයි හෝඩි පොතේ අපට  ඕන කොරන පාඩම්”. ජේ. ආර්. සභාව සිනාගන්වමින් එසේ පැවසුව ද මොනවා ද ඒ පාඩම් කියා කීවේ නැත. ඒ ටික පසුව බී. ඒ. සිරිවර්ධනයන් ”ඇත්ත” පුවත් පතේ කතුවැකියෙන් හෙළි කළේය. එදා ජේ. ආර්. කී ”අපට  ඕන කරන පාඩම්” පිළිබඳ මතකය නැවත අවදි වූයේ පෙරේදා පාර්ලිමේන්තු විවාදය පුවත්පත්වලින් කියවන විටය. පාර්ලිමේන්තුවේදී අමාත්‍ය මහාචාර්ය ජී.ඇල්. පීරිස් පෙරේදා පැවසුවේද ජේ.ආර්. කී ජාතියේ කතාවකි. ”ඔව්. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අපි පිළිගන්නවා. ඒ ගැන විවාදයක් නැහැ. එ්ත් අපි එහි සියලූ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමට බැඳිල නෑ.” වෙන විධියකට අමාත්‍යවරයා කොට වාසගමින්ම මේ කියන්නේ ”උගත් පාඩම්වලින්” අපට  ඕනෑකරන පාඩම් පමණක් කි‍්‍රයාත්මක කරන බවය. ‘‘ඒක හරි වැඩක්නෙ’’. සමහර කෙනකුට එසේ සිතිය හැකිය. එහෙත් මහාචාර්යවරයාගේ තර්කයට අනුව කිසිම වාර්තාවක නිර්දේශ සියල්ලම කි‍්‍රයාත්මක කළ යුතුය යන පිළිගැනීමක් නැත.        ”කොමිෂන් සභාවකින් කළ නිර්දේශ අකුරක් නෑර කි‍්‍රයාත්මක කළ කිසිම රටක් මා දන්නේ නැහැ. මේ කොමිෂන් වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. හැබැයි එ්කෙන් හැෙඟන්නේ නැහැ එහි සියලූම නිර්දේශ කි‍්‍රයාත්මක කරනවා කියල.” (05.04.2011 ලංකාදීප) මහාචාර්ය ජී. ඇල්. පැවසීය. ”එතකොට එහෙම නම් මොනවද කි‍්‍රයාත්මක නොකරන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය ලබා දීම” වගේ දේවල් ද? ඒක නම් කියන්න දන්නේ නැත. එහෙත් විපක්‍ෂයේ කෙනකුට එසේ ප‍්‍රශ්න කළ  හැකිය. කෝකටත් ටිකක් ඉවසන්න  ඕනෑය. තදියමට බැරිය. මොන නිර්දේශද කි‍්‍රයාත්මක කරන්නේ, මොනවාද නැත්තේ කියා සොයා බැලීමට රජයට කාලයක් දිය යුතුය. දැනටමත් එහි සමහර නිර්දේශ කි‍්‍රයාත්මක කර අවසන්ය. එ්වා අතරින් පොලිස් කොමිසම පත්කිරීම එක් නිර්දේශයකි. උතුරු නැගෙනහිර පොලීසිවලට දෙමළ පොලිස් නිලධාරීන් පත්කරගෙන යමින් සිටී. ති‍්‍රවිධ හමුදා සේනාංකවලින් අත්වැරැද්දකින් හෝ හිතාමතා නොවී හෝ වැරදි සිදුවී තිබේ නම් ඒවා ගැන ද සොයා බැලීමට කමිටු පත්කර ඇත. මේ ආදී වශයෙන් උගත් පාඩම් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාවට නැඟෙමින් පවතී. එහෙත් එහි හැම දෙයක්ම කි‍්‍රයාවට නැඟීමට රජයේ බැඳීමක් නැති බවට විදේශ ඇමැතිවරයාගේ සඳහන කෙළින් ප‍්‍රකාශයකි. 2002-2003 රනිල් වික‍්‍රමසිංහ රජයේ සාම නියෝජිත කණ්ඩායමේ ප‍්‍රධානියා වූයේද වත්මන් විදේශ ඇමැතිවරයාය. එහෙත් මහින්ද රාජපක්‍ෂ රජය යටතේ එදා මෙන් නොව ඍජු ප‍්‍රකාශ කිරීමට ඔහු සමත්ව සිටී. මෙසේ අනම් මනම් නැතිව දේශපාලනඥයකු කෙළින් කතා කිරීම වැදගත්ය. ජලය භාජනයකට වත්කළ විට එහි ස්වරූපය ගන්නා සේ විදේශ අමාත්‍යවරයා නිවැරැදිව වත්මන් රජයේ ප‍්‍රතිපත්තියේ පිහිටා එදා පාර්ලිමේන්තුවේ දී මෙවන් ප‍්‍රකාශ කීපයක්ම කළේය. එසේම වත්මන් රජය ජනවාර්ගික ප‍්‍රශ්න විසඳන ආකාරයද ඇමැතිවරයා ඍජුවම ප‍්‍රකාශ කර ඇත. එය සිදුවන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහායි. ”මෙම ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් අවශ්‍යයි. සියලූ දේශපාලන පක්ෂ සමන්විත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා මේ ගැන සාකච්ඡා කළ හැකියි.” උතුරේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් සොයාගැනීම පිළිබඳ ආණ්ඩුවේ ස්ථාවරය අමාත්‍යවරයා සඳහන් කළේ එසේය. දැන්  ඕනෑම කෙනකුට කරුණු කාරණා පැහැදිලිය. ජිනීවා යෝජනාව සාධාරණ නැත. උගත් පාඩම් කොමිසමේ හැම නිර්දේශයක්ම කි‍්‍රයාත්මක කිරීමේ බැඳීමක් රජයට නැත. වෙන විධියකින් කියන්නේ කි‍්‍රයාත්මක නො කරන නිර්දේශ වුවද තිබිය හැකිය යන්නය. දෙවැන්න උතුරට දෙන දේශපාලන විසඳුම දැනට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හරහා ඉදිරිපත් විය යුතුය. එතකොට ටී.එන්.ඒ. එකත් එක්ක අවුරුදු එකොළහමාරක් තිස්සේ සාකච්ඡා නොකළේ මොනවාද? ද්‍රවිඩ සන්ධානය දැන් නඟන ප‍්‍රශ්නයට දෙන පිළිතුර කුමක්ද? උතුරේ සංවර්ධනයට හා පුනරුත්ථාපන කටයුතුවලට අදාළ බොහෝ ප‍්‍රශ්න ඔවුන් සමඟ සාකච්ඡා නොකළා කියා කිව නොහැකිය. දේශපාලන ප‍්‍රශ්නවලට කෙසේ වෙතත් අනෙක් ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමට ඒ සාකච්ඡා උපකාරීවීම නිසා එය නිෂ්ඵල කි‍්‍රයාවක් සේ සඳහන් කිරීම එතරම් සාධාරණ නැත. එහෙත් රජය ද්‍රවිඩ සන්ධානය රස්තියාදු කරමින් කල් මැරුවාද? එහෙම ම කියන්නත් බැරිය. එහෙත්  කෙනකුට එවන් සාධාරණ තර්කයක් ඉදිරිපත් කළ හැකිය. කොහොමත් ද්විපාක්‍ෂික සාකච්ඡා වලට වඩා තේරීම් කාරක සභාවක් හරහා සිදුවන බහුපාක්ෂික සාකච්ඡාවකින් විසඳුමක් සොයා ගැනීම නිවැරදිය. වඩාත් යථාර්ථවාදීය. විශේෂයෙන්ම දකුණේ පක්ෂ ද පිළිගන්නා විසඳුමකින් තොරව උතුරට දේශපාලන විසඳුමක් සොයා ගැනීම රට වහා ගිනිගන්නා සුළුය. මේ නිසා ද්‍රවිඩ සන්ධානය අතීතය අමතක කර තේරීම් කාරක සභාවට පැමිණීම නම්‍යශීලීය. තර්කානුකූලය. යථාර්ථවාදීය. එහෙත් බටහිර කි‍්‍රයාත්මක වන එල්.ටී.ටී.ඊ. වාදී දෙමළ ඩයස්පෝරාව ඒ සඳහා ද්‍රවිඩ සන්ධානයට ඉඩක් නොදෙන බව පෙනේ. අවුල ඇත්තේ මෙතැනයි. මේ අතර ආණ්ඩුවේද සමහර කොටස් උතුරේ ප‍්‍රශ්නය දේශපාලන ප‍්‍රශ්නයක් සේ දකින්නේ නැත. ඔවුන් අනුව නම් දේශපාලන විසඳුමක් හෝ බලය බෙදාහැරීමක් උතුරට අවශ්‍ය වන්නේ නැත. එ් අය පළාත් සභා කි‍්‍රයාත්මක කරනවාටත් විරුද්ධය. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතීතයේ සිටියේ මේ සියල්ලටම වඩා ඉදිරියට ගිය ප‍්‍රගතිශීලී ස්ථාවරයකයි. එය පැහැදිලි වන්නේ 2000 ව්‍යවස්ථා කෙටුම්පතිනි. 2000 ව්‍යවස්ථා කෙටුම්පතට අනුව එක්සත් ශී‍්‍ර ලංකාවක බලය බෙදා හරිනු ඇත. ඊට බාධකයක්ව පවතින පළාත් සභාවල සමගාමී ලැයිස්තුවද ඉවත් කෙරේ. කෙටියෙන් සඳහන් කරන්නේ නම් සමගාමී ලැයිස්තුවද ඉවත් කරනු ලැබූ මීට වඩා පුළුල් වූ බලය බෙදාහැරීමේ කි‍්‍රයාවලියකට 2000දී මේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට එකඟ වී තිබුණි. පාර්ලිමේන්තුවට පනතක් එන්නේ අමාත්‍ය මණ්ඩලයේ පමණක් නොව පාර්ලිමේන්තු කණ්ඩායමේද එකඟත්වයෙනි. මේ නිසා එදා සිදු වූ (2000) බලය බෙදාහැරීමේ එකඟතාවට අද සිටින පැරණි ශී‍්‍ර ලංකාකාරයෝ සියල්ලම චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග ජනාධිපතිනිය අබියස එකඟතාව පළකළහ. එහෙත් එදත් සිහළ උරුමය පක්ෂය ඊට විරුද්ධ විය. එක්සත් ජාතික පක්‍ෂයේ මහා ලේකම් තිස්ස අත්තනායක සිය ”තිස්ස” නමැති චරිතාපදානයේ සඳහන් කරන පරිදි විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ උද්ධච්ච හිතුවක්කාරී මතය නිසා එදා එම පක්ෂය 2000 පනතට විරුද්ධ විය. රනිල් අදත් මේ පරිප්පුව කන්නේ ඒ නිසා යැයි කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් ”තිස්ස” කෘතිය එළිදක්වන දා පැවසීය. මේවා අතීත  ඕපාදූප නොවේය. අපේ දේශපාලනයේ නියැළෙන අයට යළි හැරවිය නොහැකි සේ වැරදුණු තැන්ය. ඒ අයට මෙන්ම මේ අයටත් එම යථාර්ථය පොදු ය. මේ නිසා උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් අද දේශපාලන මතයක් නොමැති ගානට සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අතීතයේ ඒ සම්බන්ධයෙන් හොඳ ස්ථාවරයක් පැවතුණි. එය හරි ද වැරදි ද යන්න වෙනම කතාවකි. එහෙත් තේරීම් කාරක සභාවක විවාද කිරීමට සුදුසු යෝජනා කීපයක්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සතුව පවතී. මේ කිසිවක් ගැන කල්පනා කිරීමෙන් තොරව යන්නන් වාගේ වුවද ආණ්ඩුවකට යා හැකිය. එහෙත් ජිනීවා යෝජනාවට සුබ පතමින් එය පිළිගැනීම ද්‍රවිඩ සන්ධානයේ වත්මන් ස්ථාවරය වී තිබේ. ඊටත් ඉදිරියට යමින් ඔවුහු ඉන්දියාවට හා ඇමෙරිකාවට ඒ සම්බන්ධයෙන් සුබ පැතුම් ඉදිරිපත් කරති. මේ ද්‍රවිඩ සන්ධානය උතුරු නැගෙනහිර බහුතර ජනමතය නියෝජනය කරන බවද අපට අකැමැත්තෙන් හෝ පිළිගැනීමට සිදු වී තිබේ. එහෙම නම් ජිනීවා යෝජනාවට දකුණ විරුද්ධයි. උතුර පක්ෂයි. ඒ කියන්නේ දකුණේ බහුතර සිංහල බෞද්ධ ජනමතය විරුද්ධ වනවිට උතුරේ ද්‍රවිඩ ජනමතය ”ඊට පක්ෂවීම ද” ඒ ගැන නම් නිවැරදිව කියන්න දන්නේ නැත. එහෙත් බැලූ බැල්මට වුවද බෙදීමක් තිබෙනවා වාගේ ය. මේ දේශපාලනික හෝ මානසික බෙදීම දීර්ඝ කාලීනව නම් හොඳ නැත. මේ ගැන වඩාත් සැලකිලිමත් විය යුත්තේ තවමත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණීමට කැමැත්ත පළකර නොමැති ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පෙරේදා පාර්ලිමේන්තුවේ කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විචාරාත්මකව බලන විටය. ”සන්නද්ධ ගැටුමට පෙර සිට ම දෙමළ ජනතාව වෙනුවෙන් අහිංසාවාදී ව්‍යාපාර ද තිබුණා. යුද්ධය අවසන් වී වසර තුනක් ගත වී තිබෙනවා. එහෙත් දෙමළ ජනතාවට සාධාරණය ඉටු වන කි‍්‍රයාමාර්ගයක් තවමත් පෙනෙන්නට නැහැ. මේ තත්ත්වය තවදුරටත් පැවතුණහොත් නැවත ප‍්‍රචණ්ඩත්වය ඇති විය හැකියි.” ”අපේ මන්තී‍්‍රවරුන්ට මුදල් ප‍්‍රතිපාදන දෙන්නේ නැද් ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන්නේ නැද්ද? එහෙම නම් මොන එහෙකට ද අපි ඔබතුමන්ලාට ගරු කරන්නේ? ඔබතුමන්ලා අපට මේ තරම් පීඩනයක් ඇති කරද්දීත් අප කරබාගෙන ඉන්නවා. අපි අතපල්ලෙන් වැටුණු විදියට කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. උතුරේ තිබෙන්නේ හමුදා පරිපාලනයක්. අපේ ජනතාවගේ ඉඩම් ඔවුන්ට දෙන්න. උගත් පාඩම් කොමිසම් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරනවා ද කියා පැහැදිලි ව කියන්න.” (ආර්. සම්බන්ධන් 4. 4. 2012 පාර්ලිමේන්තුවේදී)
වසන්තප‍්‍රිය රාමනායක
ජී.එල් සම්බන්දන්