ඔබත් මමත් අපි සැවොම කුඩා කාලයේ අහසේ තරු ගණන් කිරීමට වෙහෙසුනෙමු. රාතී‍්‍ර අහස චමත්කාරජනකය. විශ්මය උපදවයි. දහස් ගණනින් විසිරී ඇති තරු ගනිද්දී මේවා කෙසේ ඇතිවූයේ දැයි අපි සිතුවෙමු.
සඳු, ඉරබට තරුව, උදා තරුව, වෙනත් තාරකා, ග‍්‍රහලෝක, වල්ගා තරු හා උල්කාපාත මේ සියල්ල අපේ ළමා ලෝකයේ අපූරු විශ්මයජනක වස්තූ වූවේය. ඒවා කවදා කෙසේ ආරම්භ වන්නට ඇත්දැයි සිතන සෑම මොහොතකම අපි අසරණ වූයෙමු.

නිශ්චිත පිළිතුරක් නැති මේ පැනයට පැරැණියෝ කියා සිටියේ එය සර්වබලධාරී දෙවියන් වහන්සේගේ මැවීමක් බවයි. එහෙත් දැන් විද්‍යාව දියුණු වී තිබේ. මේවා මැවීමක් නොවන බවත් විශ්වය පිළිබඳ අධ්‍යයනය කළ යුතු බවත් තේරුම් ගත් විද්‍යාඥයෝ දැන් විශ්ව විද්‍යාව නම් නවතම විෂය ඔස්සේ විවිධ අධ්‍යයන හා පර්යේෂණ කරති. විශ්වය ගොඩනැගී ඇත්තේ අප වැනි ග‍්‍රහලෝක, තාරකා ආදිය කෝටි ගණනක් එකතුවී සෑදුණු මන්දාකිණි රාශියකින් බව දැන් අනාවරණය වී තිබේ.

එක් ග‍්‍රහලෝකයක් වන අපි තවත් පරිවාර ග‍්‍රහයකු වන චන්ද්‍රයාද රැුගෙන සූර්යයා වටා ගමන් කරමින් සිටිමු. අප වැනි ග‍්‍රහලෝක අටක්ද  වාමන ග‍්‍රහයකු ලෙස හඳුන්වන ප්ලූටෝද තමන්ට ඇති චන්ද්‍රයන් ද රැුගෙන සූර්යයා වටා ගමන් කරයි. සූර්යයා යනු තරුවකි. මන්දාකිණියක් ගොඩනැගෙන්නේ එවැනි තරු කෝටි ගණනක් එක්වීමෙනි. අපේ සූර්යයා අයත්වන හෙවත් අප සිටින මන්දාකිණිය ක්ෂීරපථය ලෙස හඳුන්වයි.

විද්‍යාඥයන්ගේ නූතන සොයා ගැනීමට අනුව එවැනි මන්දාකිණි කිහිපයක් එකතුවී මන්දාකිණි පොකුරක් සාදයි. අප ක්ෂීරපථය ඇතුළු මන්දාකිණි 31ක් එකට එක්ව ඇත. එය හඳුන්වන්නේ ස්ථානීය කණ්ඩායම යනුවෙනි. විශ්වය එතැනින් කෙළවර වන්නේ නැත. මේ ආකාරයේ මන්දාකිණි කණ්ඩායම් කිහිපයක් එක්ව සුපිරි මන්දාකිණි පොකුර සෑදී තිබේ. විද්‍යාඥයෝ එම සුපිරි මන්දාකිණි පොකුරු දක්වා විශ්වයේ සැකැස්ම අනාවරණය කැරගෙන තිබුණ ද ඇතැම් විට විශ්වය තවදුරටත් සංකීර්ණ වීමට ඉඩ තිබේ. එහෙත් ඒ ගැන දැනට අවබෝධයක් නැත.

තෙරක් නොපෙනෙන මේ විශ්වය කවදා කෙසේ ආරම්භ වූයේ ද යන්න පිළිබඳ විද්‍යාඥයෝ අතීතයේ පටන්ම සොයා බැලූහ. එය මහා පිපිරුමකින් සිදුවූවකැයි එක් මතයකි. වර්ෂ 1948 දී ජෝර්ජ් ගැමෝව් නමැති ඇමෙරිකන් ජාතික තාරකා විද්‍යාඥයා මහා පිපිරුම් වාදය ඉදිරිපත් කළේය.

ඔහු පවසන්නේ විශ්වයේ සියලූම කොටස් අතීතයේ එක්ව පැවැති බවයි. අදට වඩා එය ඉතා කුඩාවට පිහිටි බවත් අධික උෂ්ණත්වයකින් යුක්තව තිබී පිපිරීමකින් කොටස් සී සී කඩ විසිරී ගොස් දැවැන්ත විශ්වය බිහිවූ බවත් ඔහු සිය මතය ඉදිරිපත් කරමින් කීය. විශ්වයේ ඇති හයිඩ‍්‍රජන්, හීලියම්, ලිතියම් වැනි සැහැල්ලූ මූල ද්‍රව්‍යයන්ගේ උපත සිදුවූ ආකාරය ද මහා පිපිරුම් න්‍යායෙන් පැහැදිලිව දක්වා ඇත. අධික උෂ්ණත්වය මෙවැනි වායු බිහිවීමට හේතුවූ බව පවසන ගැමෝව් මූලද්‍රව්‍ය බිහිවීමේ ප‍්‍රමාණ පිළිබඳ ඉදිරිපත් කැර ඇති වාර්තා ද සත්‍යයැයි පර්යේෂණ මගින් තහවුරු වී තිබේ. 1965 වර්ෂයේදී ආර්නොපෙන්සියාස් සහ රොබට් විල්සන් යන විද්‍යාඥයෝ දෙදෙනා නවතම සොයා ගැනීමක් කළහ. ඒ මු`එ මහත් විශ්වය පුරාම පැතිරී ඇති ක්ෂුද්‍ර තරංග විකිරණයයි. විශ්වයේ සිදුවූ මහා පිපිරුමේදී අධික උෂ්ණත්වය හේතුවෙන් විශ්වයම විකිරණ වලින් පිරී පැවති බවත් විශ්වය ප‍්‍රසාරණය වනවිට උෂ්ණත්වය අඩුවී ගියද විකිරණ විශ්වය පුරාම එකසේ පැතිර ගිය බවත් ඔවුහු විස්තර කළහ. මේ සොයා ගැනීම වෙනුවෙන් පර්යේෂකයෝ දෙදෙනා 1978 දී නොබෙල් ත්‍යාගය ද හිමිකැර ගත්හ.

1989 දී අභ්‍යාවකාශයට යැවූ කොස්මික් චන්ද්‍රිකාව කරන ලද පර්යේෂණ අනුව පැහැදිලි වූයේ ක්ෂුද්‍ර විකිරණ විශ්වයේ ඒකාකාරී ලෙස පැතිරී නොමැති බවයි. මේ සුළු වෙනස්කම් වලට හේතුව මහා පිපිරුම් න්‍යාය බව ද පර්යේෂකයෝ තේරුම් ගත්හ. එහි ප‍්‍රතිඵලය වූයේ ගැමෝව් ගේ මතය තවදුරටත් පිළිගැනීමට ලක්වීමයි.

මහා පිපිරුම් න්‍යායට එරෙහි මතවාදයක් ද තිබේ. ඉන් එකක් වන්නේ ස්ථාවර තත්ත්ව න්‍යායයි. ඔස්ටි‍්‍රයානු ජාතික විදයාඥයන් දෙදෙනකු වන තෝමස් ගෝල්ඞ් සහ හර්මන් බොන්ඞ් සමග බි‍්‍රතාන්‍ය ජාතික ෆ්‍රෙඞ් හොයිලි මෙම න්‍යාය ඉදිරිපත් කැර තිබේ. ඔවුන් පවසන්නේ අතීතයේ සිට වර්තමානය දක්වාම විශ්වය එකම ආකාරයෙන් පැවති බවයි. එමෙන්ම ප‍්‍රසාරණය වෙමින් පවතින විශ්වයේ එකිනෙකාගෙන් ඈත්වන මන්දාකිණි අතර පරතරය පියවීම සඳහා අ`එතින් ද්‍රව්‍ය ඇතිවන බව ද ඔවුහු පවසා ඇත.

මන්දාකිණි එකිනෙක ඈත්වෙමින් පවතින බව විද්‍යඥයන් විසින් තහවුරු කරනු ලැබ ඇති කාරණයකි. පොළොවේ සිට මෙගාපෙසක් 50ක් හෙවත් වසර කෝටි 163 ක් පුරා ආලෝකය ගමන් කරන දුරින් පිහිටි මන්දාකිණියක් තත්ත්පරයට කිලෝමීටර 5000ක වේගයකින් පොළොවෙන් ඈත් වෙමින් තිබේ. මෙය අතිවිශාල වේගයක් ලෙස සිතුන ද විශ්වයේ විශාලත්වය සැලකූ විට එය ඉතා මද වේගයකි. ස්ථාවර තත්ත්ව න්‍යායේ සඳහන් ඇතැම් කරුණු නූතන සොයාගැනීම් සම`ග එක`ග නොවූයෙන් එම මතය ප‍්‍රතික්ෂේප කැරුණි. අනතුරුව නව ස්ථාවර තත්ත්ව න්‍යාය ඉදිරිපත් කිරීමට ශී‍්‍ර ලාංකික විද්‍යාඥ චන්ද්‍රා වික‍්‍රමසිංහ, පේ‍්‍රඞ් හොයිලි, ජයන්ට් නාලිකාර් නම් විද්‍යාඥයෝ කටයුතු කළහ.
ඔවුන් පවසන්නේ විශ්වය යනු ආරම්භයක් නැති වයස අසීමාන්තික දෙයක් බවයි. විශ්වයේ තැනින් තැන සිදුවන කුඩා පිපිරුම් හේතුවෙන් විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බව ද ඔවුහු පවසති. මේ විද්‍යාඥයන් පවසන්නේ ක්ෂුද්‍ර තරංග විකිරණය ඇතිවීමට මහා පිපිරුමක් අනවශ්‍ය බවකි. සුපර්නෝවාර් යනුවෙන් හඳුන්වන තාරකා පිපිරීම් වලදී නිපදවන යකඩ කෙඳි ආදිය මගින් තාරකාවලින් නිකුත් කෙරෙන අධික ආලෝකය උරාගෙන ක්ෂුද්‍ර තරංග විකිරණක් ලෙස ආපසු නිකුත් වන බව ද ඔවුහු පෙන්වාදෙති.  

 

විශ්වයේ ඇති ශක්ති උත්පාදකය වන්නේ අපේ හිරු මෙන් වූ තාරකාය. නෙබියුලාවක් ලෙස හඳුන්වන වායු සහ දුවිලි වලින් සමන්විත අන්තරීක්ෂ වළාවන්හි ඇති වායු හා දුවිලි එක් කේන්ද්‍රයක් වටා භ‍්‍රමණය වෙමින් තිබේ. මේවා මන්දාකිණි සහ මන්දාකිණි අතර ආදී වශයෙන් විශ්වයේ විවිධ ස්ථානයන්හි පිහිටා තිබේ. මෙලෙස භ‍්‍රමණය වන දුවිලි සහ වායු වසර කෝටි ගණනක ඇවෑමෙන් ක‍්‍රමයෙන් සංකෝචනය හෙවත් හැකිළීමට ගනී. අනතුරුව එහි ඇතිවන අධික තාපය පදනම් කරගෙන මු`එ ගෝලීය පද්ධතියම අධික ලෙස රත්වේ. තවදුරටත් එය සංකෝචනය වනවිට හයිඩ‍්‍රජන් පරමාණු දෙක බැගින් එක්වී හීලියම් පරමාණු බවට පත්වීමේ ප‍්‍රතිකි‍්‍රයාවක් එනම් න්‍යෂ්ටික විලයනය හේතුවෙන් අති විශාල තාපයක් නිපදවේ. තරුවක උපත සිදුවන්නේ ඒ ආකාරයෙනි. මෙහි න්‍යෂ්ඨික ප‍්‍රතිකි‍්‍රයා සිදුවනතෙක් එහි එහි ශක්තිය නිපදවේ. තාරකා විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයාට තවත් වසර කෝටි 500 ට වඩා කාලයක් බල ශක්තිය නිපදවීමේ හැකියාව ඇති බවයි.

සූර්යයාගේ අභ්‍යන්තරය ඉතාමත් උණුසුම්ය බාහිරයට යද්දී එය ක‍්‍රමයෙන් සිසිල් වේ. විද්‍යාඥයන් පවසන්නේ අපගේ සූර්යයයාගේ උෂ්ණත්වය  වෙනස් වූ ප‍්‍රධාන කාණ්ඩ තුනක් හෙවත් වළලූ තුනක් තිබිණි. එයින් උෂ්ණත්වය බහුලවම තිබූ අභ්‍යන්තරය සිලිකේට් වලින් සෑදී තිබිණි. මේ කලාපයෙන් පසුව හමුවන්නේ ශීතල කලාපයකි. සිලිකේට් වලින් ද ශීතල කලාපයේ ඇති හිම වලින් ද ග‍්‍රහලෝක නිර්මාණය වූ බව විද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ශීත කලාපයේ පවතින සියලූම පදාර්ථ වල පැතිරීම ඉතාමත්ම දුහුල්ය. මේ දුහුල් බව කොතෙක් ද යත් ඒවාට ග‍්‍රහලෝකයක් නිර්මාණය කිරීමට එකතුවීමට නොහැකි තරම් වන බැවින් කුඩා ග‍්‍රහක සෑදී තිබේ.

බ‍්‍රහස්පති සහ අගහරු අතර ග‍්‍රහක පටියක් පිහිටා තිබේ. මෙය විශාල ස්කන්ධයකින් යුතු දැවැන්ත බ‍්‍රහස්පති ග‍්‍රහයා නිර්මාණය වීමේදී එහි බලපෑමට යටත්ව ඒ ආසන්නයේ ගොඩනැගෙමින් තිබූ ග‍්‍රහලෝකය දෙදරා විනාශ වී යාමෙන් ඇතිවූවක් බවට විද්‍යාඥයන්ගේ විශ්වාසයක් තිබිණි. එහෙත් මේ ග‍්‍රහකයන්ගේ ස්කන්ධය එකිනෙක සමාන නොවීම හේතුවෙන් දැන් විශ්වාස කරන්නේ අප සෞරග‍්‍රහ මණ්ඩලයේ උත්පත්තියට හේතුවූ නිහාරිකාව කැටිවී තනි ග‍්‍රහලෝකයක් ලෙස නිර්මාණය වීමට නොහැකි වූ කොටස් මෙලෙස ග‍්‍රහක වළල්ලක් ලෙස බිහිවන්නට ඇති බවයි.
පෘථිවිය ඇතුළු සෞරග‍්‍රහ මණ්ඩලය බිහිවී ගතවූ වසර කෝටි ගණනක කාලයේදී ජීවීන් බිහිවූ එකම ග‍්‍රහ ලෝකය වූයේ පෘථිවියයි. පෘථිවිය සම්භවය වූ ආකාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේදී වැදගත් වන්නේ ඒ පිළිබඳ වූ සාක්ෂි රැුසක් සුළං සහ වතුර විසින් වෙනස් කර ලැබ තිබීමයි. සාමාන්‍ය පිළිගැනීම වන්නේ පෘථිවිය අදින් වසර කෝටි 60 ට පෙරාතුව උපත ලබා ඇති බවයි. විද්‍යාඥයන් එයට සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්නේ පැරණිතම පාෂාණය වසර කෝටි 60 ක් පමණ පැරණි බව පවසමිනි. පෘථිවිය බිහිවී අද වර්තමානය දක්වා ගතවූ කාලයේදී ලෝකය විනාශවී යාම පිළිබඳ අද තරම් කතා බහට ලක්නොවූ වෙනත් වකවානුවක් නොමැති බව පැහැදිලිය. නමුත් එදා පටන් අද දක්වා ගතවූ කාලයේ අවස්ථා 60 දී පමණ පෘථිවියට අභ්‍යාවාකාශයෙන් දැවැන්ත ප‍්‍රහාර එල්ලවූ බව ද විද්‍යාඥයෝ පවසති.
2012 දෙසැම්බර් 21 වැනි දින විශාල ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් ලෝකය විනාශවන බවට පැතිර ඇති කතාවේ සත්‍යතාවක් නැතත් එවැනි ගැටීම් සිදුවූ අවස්ථා ගණනාවක් අතීතයේ වාර්තා වී තිබේ. ඒ අතරින් කුඩාම ගැටීමේ දී පවා පොළොව මත කිලෝමීටර 95 ක් පමණ පුළුල් වූ ආවාටයක් ඇතිවූවේයැයි නූතන විද්‍යාඥයෝ පවසති. එය අධි බලැති පුපුරණ ද්‍රව්‍ය මෙගාටොන් කෝටියක් පුපුරවා දැමීමකට සමාන ගැටීමකි.

 


එවැනි ගැටීම් හේතුවෙන් පෘථිවිය මත දැඩි බලපෑමක් සිදුවන්නට ඇති බවට සැකයක් නැත. පුරා පාරිසරික විද්‍යාව අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවියට විශ්වයෙන් එල්ලවූ ග‍්‍රහක ප‍්‍රහාර හේතුවෙන් සිදුවූ විනාශ පහක් පිළිබඳ පොසිල වාර්තා සාක්ෂි දරන බවයි. මේ පොසිල පරීක්ෂා කිරීමේදී එම ගැටුම් හේතුවෙන් පෘථිවියේ විසූ ජීවීන්ගෙන් හරි අඩකට වඩා විනාශවී ගොස් ඇත.

අදින් වසර කෝටි 25 ට පෙර පැවති පර්මියන් යුගයේ අවසානය සිදුවූයේ ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටීමෙන් බව පාෂාණමය සාක්ෂි අනුව තහවුරු කැරගත හැකිවී තිබේ. එම ගැටීමේදී පෘථිවියේ සිටි ජීවීන්ගෙන් සියයට 90 ක් පමණ විනාශ වී ගොස් ඇත. වසර කෝටි හයහමාරකට පමණ පෙරාතුව ඩයිනෝසරයන් මිහිමතින් තුරන් කිරීමට හේතුවූයේ ද එවැනිම තවත් ග‍්‍රහක ගැටීමක් බව දැන් තහවුරු කැරගෙන තිබේ. මේ සාධක මතුකැර ගත හැක්කේ පෘථිවිය මත දක්නට ලැබෙන ආවාට, පිපිරීම් වලින් විසිරීගොස් ඇති සුන් බුන් සහ පිපිරීගිය පාෂාණ ආදියෙනි. මේ භෞතික සාධක බොහොමයක් ඝන පාෂාණ තට්ටු මත වැළලී ගොසිනි. පිපිරීම් වලින් උණුවී ගිය හා බිඳී ගිය ඛණිජ ස්ඵටික ද මෙවැනි පර්යේෂණ වලදී වැදගත් සාක්ෂියකි. පිපිරීමේදී ආගන්තුක ග‍්‍රහකය සමග පැමිණෙන පෘථිවියේ දක්නට නොමැති වෙනත් සංඝඨක ද එවැනි පිපිරීමක් පිළිබඳ අධ්‍යනයේදී වැදගත් සාක්ෂියකි.

මෙවැනි පිපිරීම් පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පිපිරීමෙන් ඇතිවූ ආවාට සහ අවසාදිත තට්ටු අභ්‍යන්තරයේ කාබන් අණු සමග රැුඳුණු ඈත විශ්වයෙන් පැමිණි වායු වර්ග තවමත් දක්නට ලැබෙන බවයි.
පුරා පාරිසරික විද්‍යාව විෂය වඩාත් දියුණු වීමත් සමගම ඒ පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාඥයන් පවසන්නේ පෘථිවිය මත වෘක්ෂලතාදිය විනාශ වූ අවස්ථා පිළිබඳ ඇති සාධක වලට සමගාමීව පරිසර පද්ධති සියල්ලේම දැඩි කැළඹීමක් පිළිබඳ සාධක මෙන්ම සාගරයේ ජීව නිෂ්පාදන වල ක්ෂණික පහළ බැසීමක් පිළිබඳව ද සාක්ෂි දක්නට ලැබෙන බවයි.
ග‍්‍රහකයක් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වන්නේ ගල් කැබලි නැතහොත් ග‍්‍රහලෝක කැබලිය. අ`ගහරු සහ බ‍්‍රහස්පති අතර එවැනි ග‍්‍රහක රැුසක් පිහිටා තිබේ. මේවා වළල්ලක ආකාරයෙන් සූර්යයා වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරමින් සිටී. ග‍්‍රහක ලක්ෂ දෙකක් පමණ දැනට සොයාගෙන ඇත. මෙවැනි ග‍්‍රහක බිලියනයක් පමණ සෞරග‍්‍රහ මණ්ඩලයේ පවතින බව විද්‍යාඥයන්ගේ මතයයි. 1996 දී නාසා ආයතනය විසින් අභ්‍යාවකාශ ගත කරන ලද ෂූමාර්කර් යානය 1997 දී මැතිල්ඞ් නම් ග‍්‍රහකයට කිලෝමීටර 1212 ක් ආසන්නයෙන් ගමන් කර ඉන් පසු 2001 වර්ෂයේදී ඊරෝස් නම් ග‍්‍රහකයට ගොඩබැස්සේය. ග‍්‍රහක පටියේ ඇති ග‍්‍රහක වලට අමතරව සෞර ග‍්‍රහ මණ්ඩලයේත් විශ්වයේ වෙනත් ස්ථාන වලත් වරින් වර ග‍්‍රහක නිර්මාණය කරන්නේ වල්ගාතරුය. වල්ගාතරුවක් ගමන් ගන්නා අවස්ථාවේදී එහි වලිගයේ සිසිල් කොටස් වල්ගාතරුවෙන් වෙන් වී එම මාර්ගයේ අවශේෂ ලෙස ඒකරාශී වේ. ඒවා ග‍්‍රහක ලෙස ගමන් කරමින් තිබේ. ග‍්‍රහක පටියෙන් ගිලිහී ගිය ග‍්‍රහක කිහිපයක් ස්වාධීනව පෘථිවියට ආසන්නව සූර්යයා වටා පරිභ‍්‍රමණය වේ. එයින් ඇතැම් ඒවා පෘථිවි කක්ෂය හරහා ද ගමන් කරයි.

මේ ආකාරයේ විශ්වයේ සැරිසරන ග‍්‍රහක, උල්කා හෝ වල්ගාතරු පෘථිවි ජීවීන්ගේ පැවැත්මට තර්ජනයක් වන ආකාරයෙන් ගැටේ ද යන්න පිළිබඳ තාරකා විද්‍යාඥයෝ නිරන්තරව අවධානය යොමුකැර සිටිති. අප ආසන්නයෙන් ගමන් කරන ග‍්‍රහකයක් දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ එය පෘථිවිය පසුකැර යාමට දින හතරකට පමණ පෙරාතුවය. සාමාන්‍ය ගණනය කිරීම් අනුව කිලෝමීටරයක පමණ විශ්කම්භයක් ඇති ග‍්‍රහකයක් පෘථිවිය හා ගැටුණහොත් ලෝක විනාශයක් විය හැකියැයි මතයක් තිබේ.

එවැනි ග‍්‍රහකයක් පෘථිවියට පැමිණෙන්නේ නම් කළ හැකි විනාශයෙන් වැළකී සිටීමට ගත හැකි කි‍්‍රයාමාර්ගය වන්නේ අදාළ ග‍්‍රහකය වෙත හැකිතරම් වේගයෙන් යානයක් යවා ඒ මත ප‍්‍රබල න්‍යෂ්ඨික අවි පිපිරීමක් කිරීම බව විද්‍යාඥයන්ගේ මතය වී තිබේ. එමගින් ග‍්‍රහකයේ ගමන් මග වෙනස් කළ හැකිය යන මතයේ ඔවුහු සිටිති.
දැනට හඳුනාගෙන ඇති ග‍්‍රහක අතරින් 2004 එම්.එන්.4 ලෙස නම්කැරුණු ග‍්‍රහකයක් 2029 වර්ෂයේ අප්‍රේල් මාසයේදී පෘථිවියට කිලෝමීටර 36,200 ක් පමණ දුරින් ඇදී යනු ඇතැයි නාසා ආයතනය පවසයි. මීටර 320 ක් විශාලත්වයෙන් යුතු මෙම ග‍්‍රහකය පෘථිවියේ සිට පියවි ඇසින් දකින්නට හැකි වීම ද විශේෂත්වයකි.

2012 දෙසැම්බර් මස 21 වැනි දින හෝ ඒ ආසන්න දිනයක ලෝකය විනාශ වේයැයි යන මතයේ කිසිදු සත්‍යතාවක් නැතත් විද්‍යාඥයන්ගේ මතය වී ඇත්තේ පෘථිවිය බිහිවූ දා සිට පෘථිවියට මුහුණ පෑමට සිදුවූ ආකාරයේ ග‍්‍රහක ප‍්‍රහාරයකට කවර හෝ මොහොතක පෘථිවිය ගොදුරුවීය හැකි බවයි. පෘථිවියට ඉලක්කවී පැමිණෙන ග‍්‍රහකයක ගමන් මාර්ගය නවීන තාක්ෂණයේ උපකාරයෙන් වෙනස් කළ නොහැකි වුවහොත් අතීතයේ වරින් වර ඩයිනොසරයන් ඇතුළු ජීවීන් වඳවී ගිය ආකාරයට පෘථිවියේ ජීවය යළිත් විනාශ වී නොයනු ඇතැයි කිසිවෙකුට ස්ථිරවම අනාවැකි පල කිරීමට හැකියාවක් නැත.

සජීව විජේවීර