IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


අජන්තා ලෙන් සිතුවම්

මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයේ ඕරන්ගාබාද්  දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අජන්තා ලෙන් විහාර පුරාවිද්‍යාත්මක අතින් වැදගත් ස්ථානයක් සේම එහි ඇති ථේරවාද සහ මහායාන සම්ප්‍රදායන්ගේ ලක්ෂණ සහිත ලෙන් විහාර හේතුවෙන් බෞද්ධයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. ඊටත් වඩා මෙහි ඇති විශේෂ කරුණ වන්නේ අජන්තා ලෙන් විහාරයන් ඇතුලත චිත්‍රණය කර ඇති චිත්‍රයි. ඒ අතරින් ලාංකිකයන් වශයෙන් අපට   ඇති සමීප භාවය වන්නේ අජන්තාහි ඇති ඇතැම් චිත්‍ර සීගිරියේ ඇති අප්සරාවන්ගේ චිත්‍ර වලට ඉතා සමාන බවක් දැරීමයි.

අජන්තා හි ලෙන් විහාර 30 ක් හදුනාගෙන ඇත. අජන්තා ලෙන් විහාර කාලයත් සමග කැලෑවෙන් වැසී  ගොස් සැගවිණි. ඉන්දියාව යුරෝපීයන් විසින් යටත් කරගත් යුගයේදී ව්‍යග්‍රයන් දඩයමේ ගිය යුරෝපිය ආණ්ඩුකාරවරයෙක් මෙම ස්ථානය දැක ඇත. පසුව ඔහු විසින් මෙම ස්ථානය එළිපෙහෙළි කර අජනතා ලෙන් සංකීර්ණය 1819 දී මතුකරගන්නා ලදී. අද එම යුරෝපීය ආණ්ඩුකාරවරයා අජන්තා ලෙන් පද්ධතිය දුටු ස්ථානයේ ස්මාරකයක් තනා ඇත. අජන්තා ලෙන් විහාර යුනෙස්කෝ සංවිධානය මගින් ලෝක උරුමයක් බවට නම්කර ඇත.

අජන්තා ලෙන් විහාරවල ඉතිහාසය දෙවන සියවස තරම් අතීතයට ඇදී යයි. ලෙන් විහාර තුළ බුදුරජානන් වහන්සේගේ රූප ගලෙන් මුර්තිමත් කර ඇති අතර  චිත්‍ර නිර්මාණයන් ලෙන්විහාරය ඇතුලත දක්නට ලැබෙයි. බුද්ධ චරිතයේ විශේෂ අවස්ථා සහ ජාතක කතා මෙසේ චිත්‍රණය කර තිබේ. මෙම ලෙන්විහාර ඉදිකිරිම එකවරම සිදුවූවක් නොවෙයි. අධියට දෙකකින් ඉදිකර ඇති බව සදහන් වේ.එක් එක් රාජ්‍ය පාලන කාලවල බුදුදහමට ඇති රාජ්‍ය අනුග්‍රහය අනුව මෙය සිදුවී ඇත. පළමු අධියර ලෙස දෙවන සියවසේදී එක කොටසකුත් ක්‍රිස්තු වර්ෂ 480 - 650 කාලයේදී තවත් කොටසක් ඉදිකර තිබේ. මෙම ලෙන්විහාර වල ඇති විශේෂත්වය වන්නේ ස්වභාවික පාෂාණ පද්ධතිය පහළ සිට ඉහලට සහ පිටත සිට ඇතුලතට නෙලාගෙන ගොස් මේ සියල්ල ඉදිකර තිබීමයි. මීට ශතවර්ෂ ගණනාවකට පෙර මෙම ස්ථානය බෞද්ධ භික්ෂුන් වහන්සේලා භාවනා යෝගීව වැඩ වාසය කළ ප්‍රදේශය වුවද අද වන විට මෙය හුදෙක් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සංචාරක ස්ථානයක් පමණි. ලෙන් විහාර තුල බුද්ධ ප්‍රතිමා තිබුණද ඒවා වන්දනා මාන කිරීමක් සිදුකරන්නේ නැත.ලෙන්විහාර තුළට ඇතුළුවීමේදී පාවහන් ගැලවීම අනුවර්ය වේ ඒ ආගමික ස්ථානයක් වන නිසා නොව චිත්‍ර ආරක්ෂා කරගැනීම උදෙසායි.

අජන්තාහි එක් පසකින් කුඩා ගංගාවක් ගලාගෙන යයි. පායන කාල වලදී එම ගංගාව සම්පුර්ණයෙන්ම සිදී යයි. එම ගංගාව අජන්තා වෙත ප්‍රවේශ වන්නේ එම ලෙන් සංකීර්ණයේ දකුණු දෙසින් දිය ඇල්ලක ස්වරූපයෙනි. වියලි කාලවලදී මෙම දිය අල්ල දක්නට ලැබෙන්නේ නැත. වර්ෂා කාල වලදී ඉතා මනස්කාන්ත ලෙස  මෙම දිය අල්ල දිස්වෙයි. භික්ෂුන් වහන්සේලා උදෙසා ජලය රැස්කර ගැනීමට පහල තටාකයක් සකස් කර ඇත. එසේම වර්ෂාවේ දරුණු බව හේතුවෙන්ම බොහෝ ලෙන් විහාරවල චිත්‍ර විනාශ වී ඇත. ඊට හේතුව වර්ෂා ජලය ලෙන් තුලට පිවිසීමයි. ලෙන් පද්ධති සකස් කිරීමද කිසියම් ආකාරයකට සැලසුම් සහගත ලෙස සකස් කර තිබේ. වර්ෂා ජලය එක්රැස් කරගැනීම සදහා පර්වතයේ ඉහල සිට පහලට ගලා එන ජලය කානුවක් හරහා ලෙන් විහාර තුල ටැංකි වෙත එකතු කිරීමට කටයුතු යොදා තිබෙනු අදටත් දැකගත හැකිය.

අජන්තා ලෙන් විහාර පිලිබදව වොල්ටෙර් ස්පින්ක් සිදුකල පර්යේෂණ හරහා සිදුකළ සොයාගැනීම් වලට අනුව පළමු ලෙන් විහාර පද්ධතිය සකස්කර ඇත්තේ සටවහන අධිරාජ්‍ය සමයේදීයි. ඇතැම් දත්ත වලට අනුව මෙය මොර්ය වංශ සමයේ ඉදිවූ බවටද විශ්වාස කෙරේ. කැනීම් සිදුකිර්මට පෙර මෙම ස්ථානයේ ලෙන්විහාර අංක 9 සහ 10 ස්තුප ශාලා හෙවත් චේතිය ඝර වශයෙන් පවතින්නට ඇතැයි විශ්වාස කෙරේ. ලෙන් අංක 12,13 සහ 15 A විහාර ථේරවාද සම්ප්‍රදායට අනුව ඉදිවූ ලෙන්විහාර වේ. ඒවා මහායාන සම්ප්‍රදායට අනුව ඉදිවුණු ලෙන්විහාර වලට වඩා සරල බවකින් යුක්තව ඉදිකර තිබේ. මෙම ලෙන්විහාර ඉදිවුණු දෙවන අධියරේදී මහායාන ආභාෂය එම ලෙන්විහාර වල දක්නට ලැබේ. සටවහන අධිරාජ්‍ය සමයෙන් පසුව එනම් පස්වන සියවස මැද භාගය වන විට හින්දු බලපෑම වැඩි වීමත් සමග මෙම ඉදිකිරීම් නැවතී ඇත. මෙම ලෙන්විහාර ඉදිකිරීම නැවත ආරම්භ වන්නේ පස්වන සියවසේදී පමණය. එනම් වාකාටක සමයේදීය. වාකාටක අධිරාජ්‍ය සමයේ සිටි අධිරාජ්‍යය හරිශේනා විසින් ක්‍රිස්තුවර්ෂ 460 - 480 කාලයේදී ඉදිකිරීම් නැවත ආරම්භ කර ඇත. විවිධ කාල සීමාවල පැවති තත්වයන් මත ගල්ගුහා වල නිර්මාණයන් සිදුවී ඇත.

අජන්තා ලෙන් විහාර වල ඇති චිත්‍ර මෙහි ඇති සුවිශේෂී වැදගත්කමකින් යුක්ත අංගයකි. මෙහි ඇති චිත්‍ර වර්ණවත් කිරීම සදහා වර්ණ සංයෝජනය කළ ස්ථාන මෙම ලෙන් විහාර තුලම වලවල් වශයෙන් අදටත් දැකගත හැකි වේ. ස්වභාවික ශාක සහ පාෂාණ විශේෂ යොදාගනිමින් වර්ණ නිර්මාණය කරගැනීම අතීත චිත්‍ර ශිල්පින් විසින් සිදුකර තිබුණද නිල් වර්ණය සකස් කරගෙන ඇත්තේ පර්සියාවෙන් ගෙන්වන ලද අමුද්‍රව්‍ය මගිනි. නිල් වර්ණය හැරුනුකොට අනිත් සියලු වර්ණයන් ඉන්දියාවේම නිෂ්පාදනය කරන ඒවා විය. මුල් කාලීනව මෙම ලෙන්විහාර පුරාවට චිත්‍රවලින් වර්ණවත්ව තිබුණද කාලයක් කැලෑවෙන් වැසී යාමත් සමග වර්ෂා ජලය හේතුවෙන් බොහෝ චිත්‍ර විනාශ වී ඇත. මෙහි චිත්‍ර තුල දක්නට ලැබෙන තවත් විශේෂතා රැසකි. බුද්ධ චරිතය සහ ජාතක කතා මේවායේ චිත්‍රණය කර ඇත. ඇතැම් චිත්‍ර ත්‍රිමාන ස්වරුපයෙන් නිර්මාණය කර ඇත. නිදසුනක් වශයෙන් මෙම ලෙන්විහාර තුල ඇති අනින්නට සැරසෙන ගොනෙකුගේ චිත්‍රය කුමන දිශාවක සිට බැලුවත් තමන්ට අනින්නට පැමිණෙන විලාසයෙන් චිත්‍රණය කර ඇත. එමෙන්ම මේ චිත්‍ර මගින් එවකට පැවති විලාසිතා පිළිබද මනා අවබෝදයක් ලැබේ. ඇදුමේ වර්ණ සහ ඒවාට ගැලපෙන ලෙස ආභරණ පළන්දා තිබීම. අදුමද විලාසිතාවට අනුව වර්ණ ගැලපෙන අයුරින් සකස් කර තිබීම යනාදී වශයෙන් ඉතා හොදින් විලාසිතා පිළිබදව අවධානය යොමුකර තිබෙන බව මෙම චිත්‍ර මගින් මනාවට විද්‍යාමාන වේ. නිදසුනක් වශයෙන් සාරියට ගැලපෙන වර්ණයෙන් යුක්ත හැට්ටයක් සහ එම ඇදුමට සහ අවස්ථාවට ගැලපෙන ආභරණ ඇති අතර එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා ගේ අදුමද කාන්තාවගේ ඇදුමේ වර්ණ වලට ගැලපෙන වර්ණයන් ගෙන් චිත්‍රණය කර තිබේ. අජන්තාවේ  චිත්‍ර පිලිබදව පිටු ගණනක් වුවද ලිවිය හැක. සීගිරි ලලනාවන්ගේ චිත්‍ර සහ මෙහි ඇති චිත්‍ර කිහිපයක් ඉතාම සමීප සමානතාවයක් දරයි. මේ හේතුවෙන් අජන්තාව අපටද ඉතාම සමීප වෙයි.

අජන්තාහි ලෙන් විහාර තුල ඇති ගෘහ නිර්මාණ ශිල්පය කෙරෙහිද අවධානය යොමුකළ යුතු වේ. මෙම ගල් ගුහා ඇතුලත විහාර ශාලාවන් ලෙස සකස් කර තිබේ. වන්දනාමාන කිරීම සදහාත් භාවනා යෝගීව වැඩවාසය කිරීම උදෙසාත් මේවා සකස්කර තිබේ. ඇතැම් ඉදිකිරීම් ආවාස ගෙවල් හැටියට නිර්මාණය කර ඇත. මෙම විහාර මන්දිර සෘජු කෝණාශ්‍රාකාර ලෙස සකස් අර ඇති අතර එහි කෙලවර විශේෂ කුටියක් ලෙස බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබේ. මෙම විහාර මන්දිර පැහැදිලිව හදුනාගත හැකි අයුරින් වර්ග දෙකක් ඇත. එක කොටසක් ථේරවාද සම්ප්‍රදාය සහ අනෙක් කොටස මහායාන සම්ප්‍රදාය අනුව ඉදිවුණු විහාර මන්දිරයි. මෙහි චේතියඝර ලෙස ඉදිවුණු ලෙන් ගුහාද දක්නට ඇත. ඒවා අඩු පළලකින් සහ වැඩි දිගින් යුක්තව නිර්මාණය කෙරුණු ලෙන් විහාර වේ. මිට අමතරව සැතපීම සහ වාසය කිරීම සදහාද ලෙන්විහාර කිහිපයක් සකස් කර තිබේ. මිට අමතරව තවත් විශේෂ දෙයක් ඇත. එනම් භාවනා කිරීම සදහා ඉදිකරන ලද ලෙන් විහාර තුල කුටි වශයෙන් දකුණු සහ වම් දිශාවන් වල පෙළක් සකස් කර ඇත. ඒවාට ඇතුළුවන ස්ථානයේ කණු විශේෂයක් දක්නට ලැබේ. සැබවින්ම මේවා ඉහලින් ඇතුළත කුහරයක් සිටින සේ සකස් කරන ලද කණු වේ. මේ කණු වල විවිධ ස්ථාන වලට අතින් පහර දීමෙන් කිසියම් හඩක් නිකුත්වේ. ඒ හඩ තරඟයක් ආකාරයෙන් ලෙන්විහාරය ඇතුලත රැව් දෙයි. භාවනා යෝගීව සිටින සංඝයා වහන්සේලා මෙය භාවිතා කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. විවිධ කණු විවිධ සංඛ්‍යාත වලින් සකස් කර ඇති බැවින් එක් එක් කණු මගින් නිකුත් කරන ශබ්දය වෙනස් වේ. එය නාදයක් ආකාරයෙන් කුටිය පුරාවට දෝංකාර දෙයි. එම ශබ්ධය ඇසීමෙන් කිසියම් ආකාරය චිත්ත ඒකාග්‍රතාවක් සහිත බවක් දැනෙයි. භාවනා කටයුතු සහ පුජා කටයුතු සදහා මෙය භාවිතා කරන්නට ඇත.

අජන්තා ලෙන් විහාර පිළිබදව එක් එක් ලෙන්විහාර ගෙන පැහැදිලි කිරීම් කළ හැකි තරම් එක් එක් ලෙන් විහාරයන්හි ඊට අනන්‍ය වූ සුවිශේෂී ලක්ෂණ රාශියක් දක්නට ඇත. අජන්තා යනු කාලයක් බෞද්ධයන්ගේ පුජනිය ස්ථානයකි. රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩවාසය කරන්නට ඇත. නමුත් එය දැන් පුරාවිද්‍යාත්මක වැදගත්කමකින් යුක්ත ස්ථානයක් පමණි. කිසිදු ආකාරයකින් පුදපුජාවක් හෝ භාවනා කිරීම සදහා හෝ මේ ස්ථානය භාවිතා කරන්නේ නැත. බොහෝ විට අජන්තාහි ඇති චිත්‍ර සහ සිගිරි චිත්‍ර අතර ඇති සමිපභාවය හේතුවෙන් මහාරශ්ට්‍රා ප්‍රාන්තයට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් අජන්තා දැකගැනීමට පැමිණුනද ඉන්දියාවේ වන්දනාවේ යන කණ්ඩායම් වලට අජන්තා වන්දනාව සදහා ප්‍රසිද්ධ ස්ථානයක් නොවෙයි. නමුත් මේ ස්ථානය බෞද්ධයන්හට සමීප සුවිශේෂී ස්ථානයකි.

(ඡායාරූප සහ වීඩියෝ එච් ඒ ගයාන් මධුසංඛ)

DSC00127 DSC00221 DSC00229 DSC00246 DSC00254 IMG_5022 IMG_5024 IMG_5028 IMG_5045 IMG_5087 IMG_5090 IMG_5094

 

 

 



අදහස් (6)

අජන්තා ලෙන් සිතුවම්

වසන්ත Saturday, 13 August 2016 06:16 AM

ඉතාමත් වටිනා ලිපියකි. ගොඩක් ස්තුතියි ලංකාදීප! (නි)

:       3       1

ශශිකා Thursday, 11 August 2016 12:44 AM

ඉතා අනගි ලිපියක්. ස්තුතියි ලංකාදීප! (නි)

:       1       1

බණ්ඩාර -කැකිරාව Monday, 15 August 2016 06:58 AM

වටිනා හරවත් ලිපියක්. ඔබට ගොඩක් ස්තුතියි. අපේ දු දරුවන්ට තවදුරටත් මෙවැනි වටිනා ලිපි ඉදිරිපත් කරන්නේ නම් ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනීමට පිටුවහලක් වනු ඇත (නි)

:       1       1

චාමිනී නිසංසලා Wednesday, 26 December 2018 06:06 AM

ඇත්තටම ගොඩක් හොඳින් තොරතුරු ගොඩක් දැන ගන්න ලැබුණා..

:       0       1

සුපුන් ගයාන් - වැල්ලවාය Sunday, 07 April 2019 07:17 AM

බොහොම ස්තූතියි ලිපියට......

:       0       1

ඉනෝකා වාකොටුව-හුරැලු වැව Tuesday, 07 December 2021 07:17 PM

⁣වටිනා ලිපියක් වැදගත් තොරතුරැ ගොඩක් දැනගත්තා.බොහොම ස්තූතියි .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

විශේෂාංග

රටට නොමියෙන නමක් තැබූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක
2025 පෙබරවාරි මස 13 55 0

කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


සමාජ චින්තනය ක්ලීන් කරමු
2025 පෙබරවාරි මස 13 18 0

නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස


රටම අඳුරේ තැබූ විදුලියේ ජරමරේ
2025 පෙබරවාරි මස 12 209 0

විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින


එදා-මෙදා වී-සහල් සටන
2025 පෙබරවාරි මස 12 379 0

මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො


එෆ්.සී.අයි.ඩී. පත්‍රිකාවෙන් හෙළිවූ මිග්-27 ගනුදෙනුවේ සුලමුල
2025 පෙබරවාරි මස 11 2122 1

ශ්‍රී ලංකාවේ දේශපාලන භූ දර්ශනයේ ඔප දැමූ කොරිඩෝව පිටුපස ඇත්තේ බලයේ සහ බලපෑමේ වංකගිරියකි. මෙම වංකගිරියේ වඩාත් කැපී පෙනෙන චරිතයක් වූයේ ජනාධිපති මහින්ද ර


අධ්‍යාපන ගමන් මග කොතැනටද?
2025 පෙබරවාරි මස 11 145 1

ලබන වසරේ (2026) සිට සෞන්දර්ය සහ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනයට අදාළ විෂයන් ඉවත් නොකරන බවට පසුගිය සෙනසුරාදා අරලියගහ මන්දිරයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් පැවති සා


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 163 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 131 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 920 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site