බලයද රටද
ලංකා දේශපාලනයේ පසුගියදා සිදු වූ පරිවර්තනය නැතිනම් බල පෙරැළිය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්රජාතන්ත්ර විරෝධී ක්රියාවකි. මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් වශයෙන්ද මෙය හඳුන්වාදීමේ වරදක් නැත. එජාපය සහ ශ්රීලනිප පාර්ශ්වයක් එක්වී ආරම්භ කළ යහපාලන ආණ්ඩුවේ ඉතිහාසය හා වර්තමානය කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ එජාපයේ දීගය ආරම්භයත්, එහි දික්කසාදයත් යන කරුණු ද්විත්වයම යම් ආකාරයක දේශපාලන කුමන්ත්රණයකි.