IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යවස්ථා අර්බුදය සෙමෙන් විසඳුමක් කරා...

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත ස්ථාපිත කිරීමේ ප්‍රථම පියවර ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්විය. එහෙත් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුතුව තිබේ. 
 
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය සෙමෙන් විසඳුමක් කරා ගමන් කරන බවට ලැබුණු පළමු සංඥාවය. 
 
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් විවිධ මතභේද පවතී. වත්මන් අර්බුදය ඇති වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇති කරන ලද අර්බුදයේදී මහින්ද රාජපක්ෂ මහතා ද යම් භූමිකාවක් රඟ දැක්වූයේය. 
 
අනීතික උපදෙස් ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය මාස එකහාමාරකට දෙකකට ආසන්න කාලයේදී අවස්ථා කිහිපයකදීම දේශපාලනිකවත් තම පක්ෂය තුළත් විධායක බලතල භාවිත කළේය. ඔහු විසින්  ගන්නා ලද ඇතැම් තීරණ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි යැයි විවිධ පාර්ශවලින් දැඩි චෝදනා එල්ල විය. 
 
ඔක්තෝබර් 26 වැනි දා, හිටිහැටියේම, රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  සහ මහින්ද රාජපක්ෂ යන නායකයන් දෙදෙනාගේම පොදු සතුරා බවට පත්විය.  
 
කෙසේ නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතාටත් මහින්ද රාජපක්ෂ මහතාටත් සාර්ථක වීමට අවස්ථාවක් නොලැබුණු තරම්ය. ඔවුන් දෙදෙනාම පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූහ. අධිකරණ තීන්දු ද ඔවුන්ට හිතකර නොවීය. 
 
අවස්ථා කිහිපයකදීම පාර්ලිමේන්තුවේදී බහුතරය පෙන්වීමට අසමත් වුණු නමුදු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ රැඳී සිටියේය. විශ්වාසභංග යෝජනාව සම්මත වී තිබියදීත් අග්‍රාමාත්‍ය ධුරය නීත්‍යනුකූල නැතැයි ඇතැම් පාර්ශව චෝදනා කරන විටදීත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවූයේය. 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබීම නිසා ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයත් සමඟ රටේ දේශපාලනය පමණක් නොව ආර්ථිකය ද පසුබැසීමකට ලක්වූයේය. කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී බලය පෙන්වීමට නොහැකි විය. අකැමැත්තෙන් වුවත් කීමට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා එහිදි අසමත් විය වූ බවයි. 
 
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක් අවස්ථාවකදී පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහ මැතිවරණයක් කැඳවූයේය. කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව කැඳවීමට අවස්ථාව උදා කළේය. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේදී අවස්ථා කිහිපයකදීම ඡන්දය විමසූ අතර මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අවස්ථාව කිහිපයකදීම විශ්වාසභංග යෝජනා සම්මත කර ගන්නා ලදි. 
 
මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වෙන්නේ ඔහුට ප්‍රතිවිරුද්ධ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ‘ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක්’ නිකුත් කරමින් ඉල්ලමින් අභියාචානාධිකරණයේ පෙත්සම් ගොනු කර තිබියදීය යන්න රහසක් නොවේ. එබැවින් මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නොහැකි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 
 
නීත්‍යනුකූල ආණ්ඩුවක් තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් පැවැති පැහැදිලි අවිනිශ්චිත බව නිසා අනෙක් රටවල් සහ මූල්‍ය ආයතන කිහිපයක්ම කවුරුන් සමඟ ගනුදෙනු කරන්නේ ද යන අර්බුදයට මුහුණ පෑවේය.  එම තත්ත්වය නිසාම රටවල් කිහිපයක් සහ මූල්‍ය ආයතන කිහිපයක් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වූ සහ ලැබීමට නියමිතව තිබූ විදේශ ආධාර සහ ණය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්හ. 
 
මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම නිසා පාර්ලිමේන්තුවේ බහුතරය ඇති ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට දැන් අවස්ථාව උදා  වී තිබේ. 
 
මේ අතර නොවැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය නීතිවිරෝධී සහ ශූන්‍ය යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක්ද උද් ගත වී තිබේ. 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ , නව පාර්ලිමේන්තුවක ආරම්භයේ සිට වසර හතර හමාරක් ගත වූ පසුවය. ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ නම් පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයක් ඇතිව යෝජනාවක් සම්මත කරගත යුතුය. 
 
ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් මනාව පැහැදිලි වේ. 
 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති තමන්ට වාසිදායක වන අයුරින් අර්ථනිරූපණය කරමින් තමන් කරන ලද ක්‍රියාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල යැයි ප්‍රකාශ කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය අනවරත උත්සාහයක නියැළුණේය.  පාර්ලිමේන්තුවේ 225 දෙනාම කැමැති වුවද රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණයෙන් කීවේය.
 
මෙම සිදුවීම් තුළින් ඔහු පිටුපස අදිසි හස්තයක් ක්‍රියාත්මක වූ බව ද පෙනෙන්ට තිබේ. 
 
පාර්ලිමේන්තුවේ වත්මන් සංයුතියට ගරු කරමින් සහ රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමෙන් වත්මන් දේශපාලන අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත. 
 
 
‘ද හින්දු’ පුවත්පත ඇසුරිනි 
සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා
 



අදහස් (2)

ව්‍යවස්ථා අර්බුදය සෙමෙන් විසඳුමක් කරා...

vidya Sunday, 16 December 2018 06:15 AM

මේ ඔක්කොටම හරියට ඉංගිරිසිත් බෑ සිංහලත් බෑ. ව්‍යාවස්ථාව හරියට කියෝ ගන්න බැරිකම නිසානේ මේ අවුල සිදු වුනේ. ඔය සෙට් එකම අයෙත් එකතුවෙලා මගුල් කයි , උපන්දින සාදවලට හෝටල් වලදී හම්බ වෙයි. අපි තමයි අලයි පරිප්පුයි කකා බඩ නරක් කර ගන්නේ . කොච්චර ලොයර්ල හිටියද වැඩක් වුණේ නැනේ.

:       0       25

max Monday, 17 December 2018 10:26 AM

අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද මහතා පත් කිරීම නීති විරෝධී හෝ ව්‍යවස්ථා විරෝධී නොවේ. ඒ අරබයා කිසිඳු නඩුවක් අධිකරණයේ නොපැවතීම ඊට උදාහරණ ය. නමුත් පාර්ලිමේන්තුව විසිරවීම ගැටළු සහගතය. ඒ බව අධිකරණ තීන්දුවෙන්ද පැහැදිලි වුනි. රනිල් මහතා ගේ රටට නුසුදුසු ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට කාලය පැමිණ ඇත.

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site