තේ බරපතළ අනතුරක
ලංකාවේ ප්රධාන අපනයන කෘෂිකාර්මික භෝග වර්ග තුනකි. තේ, රබර්, පොල් එම වර්ග තුනය. එදා පටන්ම අපේ ආර්ථිකයේ ශක්තිය වෙනුවෙන් සානුබල සැපයූ ප්රධානම අංශ තුනක් වන්නේ මේවාය. ඒ අනුව අපේ ආර්ථිකයේ පදනම බවට මෙම අංශ තුන පත්වූවා යැයි කීවොත් එය නිවැරැදිය. ඒ වගේම මෙරට ජනයාගෙන් සෑහෙන පිරිසකට ජීවනෝපාය සපයා දීමට ද මේ අංශ තුන සමත් වූ බව පැහැදිලිය. මේ අතරින් තේ වගාවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.