හිරාන් ප්‍රියංකර ජයසිංහ
ගඩොල් කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගැනීමට නොහැකි වීමෙන් තමන් බරපතල අසීරුතාවයකට ලක්ව ඇති බව ආණමඩුව මහකුඹුක්කඩවල වේලාසිය ගඩොල් කර්මාන්තකරුවෝ පවසති.
මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිවුල ග්‍රාම නිලධාරී වසමේ පදිංචි පවුල් 300ක පමණ පිරිසක් දශක ගණනාවක සිට තම ජීවිකාව ලෙස මෝඩ ගඩොල් කපා පුළුස්සා අළෙවි කිරීමේ කර්මාන්තයේ නිරතව සිටිති. ගඩොල් කර්මාන්තය සඳහා අවශ්‍ය මැටි සපයා ගීමට නොහැකි වීම නිසා තමන් බරපතල ගැටළු රැසකට මුහුණ පා ඇතැයි මොවුහු පවසති.
අතීතයේ තම ඉඩම්වලින් කර්මාන්තයට අවශ්‍ය මැටි සපයා ගත්තද මේ වන විට වෙනත් ප්‍රදේශ වලින් මැටි රැගෙන ඒමට සිදුව ඇති බවත් තමන්ට නියමිත බලපත්‍ර නොලැබීම හේතුවෙන් ගඩොල් කර්මාන්තය කරගෙන යාමට නොහැකි වී ඇති බවත් මොවුහු පවසති.
තම කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි වීම පිළිබඳව මහකුඹුක්කඩවල කර්මාන්තකරුවන් පවසා සිටියේ මෙවැන්නකි.
එන්. පී. ස්වර්ණලතා මහත්මිය මෙසේ පැවසුවාය.
“අපි දන්න කාලයේ ඉදලා ජීවත් වුණේ මෝඩ ගඩොල් කපලා. ඒ කාලයේ නීති රීති දමන්න කවුරුත් හිටියේ නැහැ. අපි ගඩොල් කපලා පුළුස්සලා දැන්නුවාම රට හැමතැනින්ම මෙහි ඇවිත් ඒවා අරගෙන ගියා. නමුත් මෑතක ඉදලා මේ කර්මාන්තයට නීති දාලා, ප්‍රශ්න ගොඩක් ඇතිකරලා. අපි අසරණයි. ජීවත් වෙන්න කරන සටන දන්නේ අපි විතරයි” යැයි ඇය පැවසුවාය.
මෙහිදී අදහස් දැක්වූ ඩබ්ලියු. පුෂ්පා මහත්මිය මෙසේ කීවාය.
“ මගේ දරුවෝ තුන් දෙනා පාසල් යන්නේ මේ ගඩොල් කර්මාන්තයෙන් සොයා ගන්නා මුදලින්. අද අපිව අන්ත අසරණ කරලා. ගඩොල් කපන්න උවමනා පස් ටිකවත් කපා ගන්න දෙන්නෙ නැහැ ” යැයි ඇය පැවසුවාය.
වේලාසියේ ඩබ්ලියු. ක්වින්ටස් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙවැන්නකි.
“ මේ ගම්මානය පරම්පරා ගානක් කළේ ගඩොල් රස්සාව. වෙන කරන්න රස්සා නැහැ. දැන් වර්ෂාව තිබුණට තව මාස කිහිපයක් යද්දි මේවා කාන්තාර බවට පත්වෙනවා. ගොවිතැන් කරන්න අවශ්‍ය ජලය අපිට නැහැ. ගඩොල් කපා ගන්න වතුර ටික කොහෙන් හරි හොයා ගෙන අපි අමාරුවෙන් කර්මාන්තය කරගෙන යනවා. ඒ රස්සාවට තමා මේ කටු ගහන්නේ . අපි මේ ගඩොලයක් කපලා මාළිගා හදා ගත්තේ නැහැ. එදා වේල සොයා ගන්නයි මේ සටන කරන්නේ” යැයි ඔහු කීවාය.
මේ පිළිබඳව කළ විමසීමේදී මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුනරත්න මහතා මෙසේ කියා සිටයේය.
“මේ ජනතාවගේ ප්‍රශ්නය පිළිබඳව මීට කලින් ඉදලාම අපි දැනුම්වත්. මෙහි බලපත්‍ර ලබාදීමට අවසරය තිබෙන්නේ භූ විද්‍යා අංශයටයි. නමුත් ඒ අංශවලින් ගැටළුවක් මතුව තිබෙන බවයි අපිට හැගෙන්නේ. මේ බව දිස්ත්‍රික් ලේකම්තුමාට දන්වලා මේ කර්මාන්තකරුවන්ට සහනයක් ලබාදෙන්න අපි උත්සහයක් දරමු ” යි ඔහු පැවසීය.
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
නිල සංචාරයක් සඳහා අප්‍රේල් මස 04 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට ශ්‍රී ලංකා රජය විදේශ පුරවැසියකුට පිරිනමන ඉහළම රාජ්‍ය සම්මාන
හෙළ සිනමාමේ වත්මන් නිළි රැජින ලෙසින් සැලකෙන මාලිනී ෆොන්සේකා අද 30 වැනිදා ජීවන ගමන් මගේ 78 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී බණ්ඩාර ඇහැළියගොඩගේ නිර්මාණ හා නිර්මාණ දිවිය අළලා ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචිත ‘නොනිමෙන පහන්සිළ - බණ්ඩාර ඇහැළ
1827 ජනවාරි 20 වැනිදා ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ දකුණු වෙරළබඩ නගරයක් වන හික්කඩුවේදී වලාකුලුගේ දොන් ජහානිස් අබේවීර ගුණවර්ධන මහ ලියනාර
ඉතිහාසයේ වඩාත්ම දරුණු ආර්ථික අර්බුදයට පසුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය යම් තරමක ස්ථාවර වීමක් අත්කර ගෙන ඇති අතරම, වර්ධනාත්මක ගමන් පථයක් ඔස්සේ වූ ප්‍රගතිය පැහ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මහකුඹුක්කඩවල ගඩොල්කර්මාන්තය අනතුරේ
Lasantha Saturday, 24 November 2018 05:46 AM
පව් අසරණ මිනිස්සු...දුක් විදින්නේ ජිවත්වෙන්නනේ.